.

.

Jul 8, 2024

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා ජූලී 9 දෙවර්ෂපූර්ණය


 

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා

ජූලී 9 දෙවර්ෂපූර්ණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ගෝඨාභය රාජපක්ෂට කෙලවූයේ රාජ්‍ය නිළධාරීන් දුන් ලණු කාපූ නිසාය. ටැක්ස් අඩු කළේත්, කොරෝනා වලට රට වැහුවේත්, ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණ භූමියක් දැම්මේත්, රසායනික පෝර නැවැත්තුවේත්, ණය ගැනීම නැවැත්වූයේත්, වාහන ආනයනය නැවැත් වූයේත්, රට වසා දමා මුදල් අච්චු ගැහුවේත් උන්ගේ උපදෙස් පරිදිය...


නැට්ටටම කෙලවුනායින් පස්සේ... මහ බැංකු අධිපතියා ගෙනත් රටටම පේන්න "ටූල්ස් පාවිච්චි කරපන් ඩෝ...."  කියා හමුදා පාට් දැම්මාට... මහ බැංකුවේ ඉන්නා මහා උගත් නිළධාරින් දන්නා ලබ්බක් නැති බව මුලු ලෝකයම දැක ගත්තේය. උන් හා රාජ්‍ය සේවයේ ඉන්නා මහ උන් හරියට වැඩ කලා නම්... රටට මෙහෙම වෙන්නේ නැති බව නොදන්නා ගොබ්බ හැත්ත.... වරද පටවන්නේ දේශපාලුවන්ට පමණය. 


උන් වැඩ කරන්නේ දේශපාලුවන් කියනා විදියට නොව.... රටට පිලිලයක්ව ඇති රාජ්‍ය සේවයේ AR, FR වලට අනුකූලවය. ඒ අනුව වැරද්දක් කලත්... උන්ව බේරා ගන්න හූනියන් කියා අටමගලයක් තියෙනවාය. මේ මාෆියාව කුඩු නොකර මේ රට ගොඩදැමිලි බොරුය. 


රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලවූයේ ජේ ආර්, මහ ප්‍රේමේ හා මහින්ද පමණමය. ජේ ආර් නීතියෙන් දුන් අතර, ප්‍රේමේ නම් දුන්නේ පාතාල මැතඩ් එකෙන්‍ය, මහින්ද මහත්තයා නම් ඊට වඩා මානුෂික වූ අතර, උන්නැහේ කළේ අරලිය ගහ මන්දිරයේ කාමරයට කැඳවා බඩ කට පිරෙන්නම කන්න දුන්න එකය.


දැන් රනිල් වික්‍රමසිංහද කමින් සිටින්නේ එම පරිප්පුවේ හොඳම එකෙන්මය.... 70% උද්ධමනයක් තිබුන රටේ හැම එකාටම ජීවත් වෙන්න අමාරු බව ගෝනා ඔනෙකුට තේරෙන කාරනයක්මය. එනයින් වැඩි පඩි ඉල්ලන එක ජහමනයාට පේන්නේ සාධාරණ දෙයක් ලෙසටය.


එහෙත් පඩි වැඩි කරන්න නම්... රජයේ ආදායම වැඩි කරගත යුතු බවත්, එසේ වැඩි කර ගැන්මට කළ හැක්කේ... එක්කෝ තව තවත් බදු  වැඩි කිරීම හෝ කොහෙන් හෝ ණයට ගැනිම බවත්.... (බංකොලොත් රටකට ආයෝජකයෝ හෝ ආයෝජන එන්නේ නැතිය) සාමාන්‍ය ජහමනයාට මෙන්ම උපාධිදාරී බුද්ධිමත් ජොස්තරලාට හා විධායක නිළධාරීන්ටවත් තේරුම් ගොස් නැතිය.


රාජ්‍ය සේවකයාටත් බදු ගැසූ නිසා .... රට හැර යන එකෙකුට යන්න දෙන්නෙයි කියා අප ලිව්වේ එනිසාය. මොකෝ ඒ රටවල ගහන්නේ පුපෙන් යන්න ගහන බදු ප්‍රතිශත බව අප දන්නා නිසාය. එමෙන්ම වෙනත් බංකොලොත් වූ රටවල මෙන් වැටුප් හෝ දීමනා කපා හැරිමක් හෝ.... රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් හෝ රාජ්‍ය ආයතන වසා දැමීමක් සිඳු වූයේ නැතිය.


▪️ (වසා දැමුවේ මා වැඩ කළ ආයතනය පමණක් වනාතර.... අද වන තෙක් අපට වන්දි මුදල් ලබා දී නැතත්... අප දේශපාලුවන්ට හෝ ආන්ඩුවට කිසිවක් නොකියන්නේ... සියල්ල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්... ඒවා නවතා තිබෙන්නේ.... ආන්ඩුව අපහසුතාවයට පත් කරනා මූසල රාජ්‍ය නිළධාරින් බව අප හොඳින්ම දන්නා නිසාමය)


බංකොලොත් රටේ සියල්ලන්ටම රුපියල් 10,000/= කින් පඩි වැඩි කරන කොටම අපි අනතුරු හැඟවූයේ මුන් මෙතනින් නවතින්නේ නැතෙයි කියලාය.


ඉන්පසු වෛද්‍යවරුන්ට පමණක් ඉස්ම බේරේන වැටුප් වැඩි කිරීමක් හා දීමනා ලබා දෙද්දී.... ළඟදීම හොඳ පරිප්පුවක් කන්න වෙන බව අප එදාම ලියුවේ.... ටැක්ස් වලට අහුවෙන්නේ උන්දැලා පමණක් නොවනා නිසාය. අනෙක ඔවුන් අමතර ආදායමක් පහසුවෙන් සොයාගත හැකි වෘත්තිකයින් පිරිසක් වීමය. ගුරුවරුන්ද එසේමය.


ඉන්පසු අනෙක් උන්ද මහ පාරට බැස්ස අතරේ.... රට බංකොලොත් වෙනකන් කට පුප වසාගෙන සිටි මහ බැංකුවේ උන්... කන පැලෙන්න පඩි වැඩි කර ගත්තා පමණක් නොව.... උන්ගේ අර්ථසාධකේ පොලියද වැඩි කර ගත්තේය.


එපමණක් නොව ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ පඩි වැඩි කරන්න නම්... වැට් එක වැඩි කරන්න ඕනෑ සෑර් කිව්ව උන්නැහෙත් ඊයේ පෙරේදා රුපියල් 25,000/= කින් පඩි වැඩි කර ගත්තේ.... කොහොමද කියා අහන්න රනිල්ටත් අමතක වෙන්නට ඇතිය.


ණයක් ගන්න බැරි තරමට බංකොලොත් වූ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 සිට ඩොලර් බිලියන 100 ක්ය කියා මඤ්ඤං රිපෝට් එකක් දුන්නේ මේ හාල්පාරුවෝය. දැන් ඒ වැරැද්ද හදන්න ලෝක බැංකුවේ මහ එකා ආවත් බැරිය.


කවදත් සිඳුවනාකාරයට මහ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්නා අස්සේ.... පොඩි උන් පාරට බැහැලා අපිටත් දියව් කියනා එක... එකාතකින් සර්ව සාධාරණය. මන්ද ආර්ථික පීඩනයෙන් වැඩියෙන් බැට කන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවකයා නිසාය. උන්ට ජරාව කෑමට ඉඩක්  හෝ වංචා හා දූෂණයෙන් ලාච්චුවලට සල්ලි වැටෙන්නේ නැති නිසාය.


එක්කෝ බදු ගසා හෝ මොවුන්ගේ ඉල්ලීම් ලබා දිය යුතුය... එසේ නැත්නම් දීපූ උන්ගේ ඒවා නැවත අකුලා ගත යුතුය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය...


.

29 comments:

  1. ඔවු මේ කතාව ඇත්ත කොහොම වුණත් මේ අවුරුද්ද හිත හොඳ චණ්ඩින්ට අපලයි. ලබන අවුරුද්ද ඔය දූෂිත නිලධාරීන්ට අපල වෙන්න ඉඩ තියෙනවා නේද?

    ReplyDelete
  2. නෑ මේකට තව හේතුවක් තියෙනවා මාතේ චීනය ඇමෙරිකා සීතල යුද්ධයත් එක හේතුවක්. චීනය තුල පැවති ඇමරිකන් යුරෝපීය ජපන් සහ ඔවුන්ගේ මිතුරු රටවල ව්‍යාපාර වලට අයත් manufacturing plants ගොඩක් ඉන්දියාවට රැගෙන ගිහිල්ලා usa විසින් එම නිසා ඒවාටත් නිෂ්පාදනය සහ වෙළදපොල සරිලන පරිදි සැපයුමක් කිසිසේත්ම දීමට නොහැකි වීම නිසා මේ අර්බුදය තීව්‍ර වී ඇත. මෙක්සිකෝවට ගියපු ඒවත් චීන ආයෝජන හැර අනික් ඒවා තාම සාර්ථක මදි.

    ReplyDelete
  3. ලංකාවේ තකතීරු සහ ජාතික ධනය විනාශ කරන කොල්ලකාරී ඉහල තනතුරු දරන නිලධාරීන්ට කියන්න තියෙන්නේ කොතරම් දක්ෂයෙක් වුවත් අධික මාන්නය සියල්ල මොහොතින් විනාශ කරනු ලබන බවයි ...වර්තමානයේ නම් එයට කදිම නිදසුන ක්‍රිකට්වල ඉන්න වනිදු හසරංඟයි.

    ReplyDelete
  4. මාතේ ජූලි නව වෙනිදා ගැන කියද්දී පහුගිය අවුරුදු තුන බැලුවොත් අරගලය සමග රට ගැන සමාජයේ ඇතිවු බොරු ප්‍රචාර නිසා තාවකාලිකව රෙජීමය මාරු කිරීමට ලංකාව තුල විදේශීය බළල් අත් හරහා ඇති කළ ව්‍යාජ ආර්ථික අර්බුදය සමයේ රැල්ලට හසුවූ බොහෝ දෙනෙක් ලංකාව දාලා ගියා. රටේ පාලනය හෙබවූ නන්දසේන උන්නැහේට පවා රටින් පැන යාමට සිද්ධ වුණා

    ලංකාවේ හිටපු හැමෝගෙම හිතමිතුරො, ඥාති සෑහෙන පිරිසක් ලංකාව දාලා ගියා.ඒ කාලේ නිකන් ලංකාවේ ඉන්න තෝරාගැනීමත් පාපයක් වගේ තිබුණේ.වඩා හොඳ ජීවිතයක් උදෙසා රටින් පිට වෙන්න කියලා බරපතල බලපෑම් තිබුණා.සෑහෙන පිරිසක් රට දාලා ගියා. ඒ වගේම සෑහෙන පිරිසක් රටේ ඉන්න තෝරගත්තා.ඒ හැමෝටම පුද්ගලික හේතු තිබුණා.

    ඒත් එක දෙයක් කියන්න ඕනේ, පුද්ගලිකව බොහෝ දෙනෙක් විඳින, ලංකාවේ ආතල් ජීවිතේ ලංකාවෙන් පිට නැහැ. ලංකාවේ අයට දරාගන්න අපහසු වෙනස් දේශගුණයේ ඉඳලා, තනියෙන් හැභදේම කර ගැනීමේ DIY ජීවිතය සෙට් නැහැ. ඒ වගේම නිදහස සහ ලංකාවේ සර්කල්ස් සහ ලයිෆ් ස්ටයිල් එක මිස්වීම ආතල් කැඩෙන වැඩක්. වැඩිදෙනා ලංකාවෙන් පිටත ජීවිතයක් තරයේ ප්‍රතික්ෂේප කරන හේතුව ඒක.

    ඒ නිසා ලඟදි ලංකාවේ ඉන්න මගේ මිත්‍රයෙක් කියනවා "අපි ඒ කාලේ හැමෝම රට දාලා යන්න කියද්දී, එහෙම යන්න පුලුවන්කම තියෙද්දිත් රට වෙනුවෙන් ෆයිට් කළා. කොටින්ම ගෙදර ගෑනි එක්ක පවා ඒ වෙනුවෙන් ෆයිට් කළා. රටේම හිටියා. අද අපිට දේවල් ලැබෙනවා නම් ඒ ෆයිට් එක නිසාය" කියලා. හැබැයි කල්පනා කරලා බැලුවම ඒකත් ඇත්ත.

    ලංකාවේ හිටියාය කියලා ඒ අයට නම් කිසිම වෙලාවක කිසිම තැනක වැරදුනේ නැහැ. ඒ වගේම අත තියන වැඩේ හරියනවා මිසෙක වරදින්නෙත් නැහැ. හේතුවක් නොතේරුණත් මට හිතෙන්නේ අර අසීරුම වෙලාවේ රට වෙනුවෙන් තමන්ගේම අභ්‍යන්තර සර්කල් එක්ක පවා ෆයිට් කරලා ගත්තු තීරණයත් ඒකට හේතුවක් වෙන්න ඇති. එහෙම නේද?

    ReplyDelete
  5. ඔය වෘර්තීය සමිති කාරයන්ග කන් අනිත්පැත්ත හරවන්න හිතෙන්නේ නැද්ද 😁

    ReplyDelete
  6. මාතේ වසන්ත අයියට කොකා ගස්සන්න නියම කරපු කැඳහට්ටි ඉමරානයාට ඇප ගන්න කතා කලේ කවුද? එතකොට කැඳයගෙ චෝදනා වෙනස් කරල ඇප ගන්න ලේසි කලේ කවුද වගේ කතා ගොඩක් තීනව ..කොහොමත් දැන් අහල පහල රටවල බුද්ධි අංස මෙහයවන ලංකාවෙ පාතාලෙ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලං පෙන්නයි..පෝය දෙකයි නේ ඒත් 😁

    ඇප දෙන්න ඕන ද නැද්ද කියන කාරණය තීරණය කරන්නේ ගරු මහේස්ත්‍රාත්තුමා. ඒකට දේශපාලන සම්බන්ධයක් නෑ. නමුත් ඊට අදාල නීති සම්පාදනය කිරීමට දේශපාලන පක්ෂ සියල්ලටම වගකීමක් තියෙනවා.

    හැබැයි දේශපාලන සම්බන්ධකම් තිබුණ ජවිපෙ කැංගරු උසාවිවල 1988/ 89 වගේ නම් වාම වලිප්පු සහෝදරවරු, නුගේගොඩ අධිකරණය අධිකරණයේ මහේස්ත්‍රාත්තුමාව මරලා ලෝගුව හරකෙක්ට දාල ටවුන් එකේ මහ දවාලේ ඇවිද්දෙව්වා.

    ලෝකයේ අවි ආයුධ තහනම් රටවල්වල, මිනිස්සු ආයුධ තියාගෙන නීති විරෝධී ජාවාරම් මිනීමැරුම් කරනවා. ඒක ලංකාවේ විතරක් අමුතු දෙයක් නෙවෙයි.

    මාතලන් කියන විදියට ඇත්තටම ලංකාව සාමකාමී රටක් කරන්න පුළුවන්ද බැරිද කියන එකනම් මම දන්නෙ නෑ. හැබැයි මෑත කාලීනව ලංකාවේ මිනිස්සු නීතියට තියෙන ගරුත්වය නැති වෙලා ගිහින් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු කියා ආයතනයක්වත් පාලනය කරගන්න බැරි මට්ටමට මිනිස්සුන්ගේ විනය අඩු වෙලා තියෙනවා.

    ඒකට ප්‍රධාන හේතුව, කිසිම දේකට ප්‍රමාණවත් දඩුවමක් ලැබෙන්නේ නැති යාන්ත්‍රණයක් ලංකාවේ මේ වෙනකොට බිහිවෙලා තියෙනවා. සියලු ඩිසිෂන් මේකින් පොයින්ට් වල ඉන්න රාජ්‍ය නිලධාරීන් යන්තම් ශේප් න්‍යායෙන් පණ බේරගෙන රස්සාව කරගන්න පුරුදු වෙලා තියෙනවා.

    මට හිතෙන තැනට ඒකෙ ටිපින් පොයින්ට් එක තමයි, ගෝඨාභය කියන ජනපතිවරයා රඹුක්කන තෙල් බවුසරේ ගිනි තියන්න හදපු ත්‍රස්තවාදීන්ට වෙඩි තියල දාපු පොලිස් නිලධාරීන් වෙනුවෙන් රාජ්‍යය වශයෙන් පෙනී නොසිටීම. මෑන්ගේ කැරියර් එකේ කරපු ලොකුම මිස්ටේක් එකක් තමයි ඒක. යහපාලන රජය කාලයේ වැඩිවෙමින් තිබිලා 2020 විතර වෙනකොට ටිකකට අඩු වෙලා ආපහු අන්න එතනින් තමයි මේ attitude එක ඕවර් යන්න පටන්ගන්නේ. ඒක අරගලයේදී මුදුනටම ගිහින් දැන් තරමක් දුරට පාලනය වුණත් තවම ඒක බහුතර ජනතාව අතර මූලිකම ආකල්පයක් බවට පත්ව තිබෙනවා.

    ReplyDelete
  7. අඩේ මාතේ අගමැති රනිල්ව ජනාධිපති කරන්න මිනිස්සු කොළඹ ඇවිත් අදට හරියටම අවුරුදු දෙකයි නේද..?

    ඡන්දෙන් ඇප නැතිවෙන්න පැරදිලා කූජීත වෙලා ගෙදර හිටපු රනිල්ව අගමැතිකම ගේන්න කට්ටිය ගෝල්පේස් එකේ කොච්චර කට්ටක් කෑවා ද?

    තව පෝය තුනකින් ඡන්දයක් තිබ්බොත් ඒකෙන් මොකා දින්නත් ඊට පස්සෙත් බොහෝම දුරට රනිල්ට තව අවුරුදු 5ට ජනාධිපතිකම දෙන්න මීට වඩා පෝලිම් හැදිලා කට්ටිය පූප ඉරාගෙන කොළඹට ඇවිත් අරගල කරාවි අනිවාර්යයෙන්ම 😅🤣😂

    ReplyDelete
  8. හොරුන්ට මනාපෙ දීලා උන්දැල ඉහළට යවන්නෙ මිනිස්සුය
    පඩි වැඩි කරන්න කියමින් අරගල කරන්න එන්නෙත් මිනිස්සුය
    ලණු දෙන- ලණු කන ඔක්කොම ඈයොත් සිරි ලංකාවෙම මිනිස්සුය
    රට හැදෙන්න නං, පළමුව හැදෙන්න ඕනෑ මේ අපි සේරමය!

    ReplyDelete
  9. සුනිල් හදුන්නෙත්ති මාලිමාවේ ඡන්ද ඝාතකයෙක්.

    - ඊලෝන් මස්ක්.

    ReplyDelete
  10. චිත්‍රපටයකට සත්‍ය සිදුවීම් ඇසුරින් තිර පිටපතක්...

    2017 ජනවාරි
    අතුරුගිරියේ රූපලාවන්‍යාගාරයක් තුළ දී පේෂල් එකක් කිරීමට පැමිණි අතුරුගිරියේ බණ්ඩා නැමැති අපරාධකරුවා වෙඩිතබා ඝාතණය කෙරෙයි. ඔහුව ඝාතණය කරන්නේ රණාලේ සමයං නම් අපරාධකරුවාගේ ගෝලයකු වූ අමිල නුවන් හෙවත් ආමි අසංක නැමැත්තාය. ඝාතණය කිරීම සඳහා ඔත්තුව ලබා දෙන්නේ එම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය කාන්තාව වූ මංජුලා සඳුනි බවට සැකපිට ඇයව අත් අඩංගුවට ගැනෙයි. කිසියම් පිරිසක් අදාළ රූපලාවන්‍යාගාරයට ගිනි තබා විනාශ කරති.

    2017 මාර්තු
    මීට පළිගැනීමක් වශයෙන් බන්ධනාගාරය බස් රථයකින් රැගෙන යමින් සිටි රණාලේ සමයං සහ තවත් ඔහුගේ ගෝලයන් පිරිසක් මාෆියා පන්නයේ වෙඩි තැබීමකින් ඝාතනය කෙරෙයි. ඝාතනය මෙහෙයවන්නේ අතුරුගිරියේ බණ්ඩාගේ කල්ලියේ නායක අංගොඩ ලොක්කා, මාකඳුරේ මදූෂ්ගේ සහායද ඇතුළුව බව හෙළි වේ.

    2017 දෙසැම්බර්
    දෙදරු මවක් වූ මංජුලා සඳුනි රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණි පළමු දිනයේදීම නිවස තුළදි වෙඩි තබා ඝාතණය වෙයි.

    2019 පෙබරවාරි
    ඩුබායි හි පැවති සාදයකදී මාකඳුරේ මදූෂ් ඩුබායි පොලිසියේ අත් අඩංගුවට පත් ව ලංකාවට පිටත් කෙරෙයි. සාදයට ක්ලබ් වසන්ත ද සහභාගි වීමට සිටියද ඔහු අවසන් මොහොතේ සහභාගි නොවීමෙන් ඔත්තුව ලබා දීම ගැන සැකය ඔහු දෙසට යොමු වෙයි. (ක්ලබ් වසන්ත මාකඳුරේ මදූෂ්ට රුපියල් කෝටි 75 පමණ ණයක් තිබූ බවද පසුව ආරංචි විය.)

    2020 ඔක්තෝබර්
    මාකඳුරේ මදූෂ් පොලිස් අත් අඩංගුවේ සිටියදී මිය යයි. ඔහු මිය යන්නේ සඟවා තිබෙන කුඩු පාර්සලයක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදි බව පසුව කියැවිණි.

    2020 අගෝස්තු
    අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අභිරහස් ලෙස මිය ගිය බව කියැවෙයි.

    2024 ජූලි
    යටකී අතුරුගිරියේ ගිනි තැබූ රූපලාවන්‍යාගාරය තිබූ ස්ථානයේම බලපිටිය ප්‍රදේශයේ තරුණයෙක් ටැටූ සාප්පුවක් ආරම්භ කරයි. විවෘත කිරීමේ උත්සවයට පැමිනි ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතණය වෙයි. ක්ලබ් වසන්ත ඝාතණය කිරීමේ අරමුණින්ම අදාළ ටැටූ සාප්පුව ආරම්භ කොට විවෘත කිරීමට ඔහුට ආරාධනා කළේ බලපිටියේ තරුණයා බව පසුව ඔහු පාපොච්චාරණය කරයි. ඔහුට ඒ සඳහා මුදල් ලබා දී මෙහෙයවා තිබුණේ අහුංගල්ලේ ලොකු පැටී නම් අපරාධකරුය.

    ප්‍රධාන චරිත...

    අතුරුගිරියේ බණ්ඩා
    මංජුලා සඳුනි
    රණාලේ සමයං
    අංගොඩ ලොක්කා
    මාකඳුරේ මධූෂ්
    අහුංගල්ලේ ලොකු පැටී

    ReplyDelete
  11. කොහොමද නන්දිකඩල් වලදී ආමි එකේ සෙට් එක කිව්වානම් පඩි වැඩිකරනකම් අඩියක්වත් ඉස්සරහට යන්නේ නෑ කියලා ... බඩුම තමයි නේ එහෙනං අද ඔය දවසට පැය 6 යි සතියට දවස් 5 යි වැඩකරන රජයෙ හැම නිවාඩුවක්ම හම්බෙන වසරකට මාස 3 ක් පඩි සහිතව නිවාඩු හම්බෙන රටේම දරුවන්ගෙ අධ්‍යපනය විනාශ කරන්න පාහර පටු දේශපාලන පක්ෂ වලට පූප දෙන පඩ ගුරුහොරුන්ට රඟන්න රටක් නැහැ අද..

    ReplyDelete
  12. මේ දවස් වල 'වරලත් ගණකාධිකරණ ආයතනයට එරෙහිව ගිම්හානී' නඩු තීන්දුවේදී අධිකරණය විසින් ලබාදුන් නියෝග වලට යටත්ව වරලත් ගණකාධිකරණ ආයතනයේ SAB උපාධි අංශය විසින් මගේ නැවත පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිනවා.

    අපි සොයා බලපු විදිහට නම්, එය මෙතෙක් ලංකාවේ සිදු නොවූ ආකාරයේ ක්‍රම වේදයක්. මා විසින් re-correction ඉල්ලා සිටි විෂයන් දෙකේම අචාර්යවරුන්ගෙන් සමන්විත හමුවක් ඉදිරියේ මා විසින් පිළිතුරු ලියා ඇති ආකාරය සහ ඒ සඳහා ලකුණු ලබාදී ඇති ආකාරය ගැන විමසා සිටීමටත් මට මෙහිදී අවස්ථාව හිමිවෙනවා.

    අපි දන්නා තරමින් මෙවැනි අවස්ථාවක් මීට පෙර ලංකාවෙ ඉතිහාසයේ කිසිවෙකුට හිමිවී නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවට මුහුණ දෙන්නෙ හරිම සතුටින්.

    මගේ GP ගණනය කිරීමට අනුව නම්, මට ප්‍රථම පංති සාමාර්ථයකට අඩු ලකුණු 0.4යි. මේ විෂයයන් දෙකම මම ගොඩක් හොඳට උත්තර ලිව්වා. ඒ වගේම continuous assessments පවා හුඟක් හොඳින් නිම කළා. ඒ නිසා මේ papers දෙකට ආපු ලකුණු ගැන මට ඇත්තටම සතුටු නැහැ. Re-corretion දෙන්න කියල ඉල්ලුව හේතුව ⁣ඒකයි.

    අන්තිමට ඒ ඉල්ලීම උසාවිය දක්වාම දුර දිග ගියා. මං වගේ පුංචි සිසුවියකගෙ පුංචි ඉල්ලීමක් ඉටු කරන්න උසාවි නියෝගයක් දෙන්න වුණා. ඒ උසාවි නියෝගය නිසා re-correction කියන අයිතිය සමස්ථ සිසු පරපුරේම අයිතියක් බවට පත් වුණා. ඒ ගැනත් මට ගොඩක් සතුටුයි.

    තවත් දෙයක්. මේ වෙච්ච දේවල් එක්ක මගේ papers වල ලකුණු වැඩි වෙයි කියල නං මම කොහොමත් විශ්වාස කරන්නෙ නැහැ. විෂයයන් දෙකට අදාළව අචාර්යවරු 4 දෙනෙක් මට කියල දේවි මට ලකුණු දීල නැත්තෙ ඇයි කියල. එහෙම නැතුව තමන්ගෙ අතින් වරදක් - අතපසුවීමක් වෙලා තිබුණත්, එහෙම දෙයක් වෙලා තියෙනව කියල මේ වගේ විවෘත තැනකදි පිළිගන්න තරම්, ඉතා ඉහළ අධ්‍යාපනයක් ලබපු අචාර්ය - මහාවාර්යවරු නිහතමානී වෙයි කියල හිතන්න බැහැ. ඒක මදි පුංචිකමක් කියල හිතාවි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔවුන් මට ලකුණු දුන්නෙ නැත්තෙ ඇයි කියල විතරක් පැහැදිලි කරල දේවි. ඒක හොඳින්ම දන්න නිසා මම හෙට යන්නෙ මට ලකුණු දුන්නෙ නැත්තෙ ඇයි කියල බලාගෙන එන්න විතරයි.

    කොහොම වුණත් මේ සිදුවීම් සමූහයට මුහුණ දීමෙන් මම ලබාගත්තු අත්දැකීම් සමූහය, දැනුම් සම්භාරය, ජීවිතේට එකතු කර ගත්තු ආත්ම ශක්තිය තමයි ඇත්තටම මගේ ප්‍රථම පංති සමාර්ථය. ඒක නැති කරන්න කාටවත්ම බැහැ. ඒ නිසා මම කොහොමත් දැං ඉන්නෙ ගොඩක් සතුටින්.

    මේ සටහන එක්ක පලකරන ඡයාරූපයේ ඉන්නෙ මම වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටි අධිනීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා. එතුමාගේ අති දක්ෂ තර්ක කිරීම් හමුවේ තමයි මගේ අයිතීන් දිනා ගන්න අපට පුළුවන් වුණේ. මේ ජයග්‍රහනයේ විශාල කොටසක් එතුමාටත් හිමියි. ඒ වගේම තව දුරටත් එතුමාගේ ශක්තිය හා ආශිර්වාදය මගේ අධ්‍යාපන කටයුතු වලට නොඅඩුව ලැබෙනවා.

    හෙට ගිහින් ඇවිත් මොකද වුණේ කියන එකත් මම ඔයාලට කියන්නම්.

    හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

    ©️ Study with Gimi

    Chrishmal සුමේධ Warnasuriya වර්ණසුරිය

    SAB Campus, CA Sri Lanka

    https://www.facebook.com/share/p/BAtKeZrp9RzprLZp/?mibextid=oFDknk

    ReplyDelete
  13. මහජනතාව දැඩි අසීරුතාවන්ට ලක් කරමින් සේවයට වාර්තා නොකල දුම්රිය දෙපාර්තමේන්තුවේ අයවළුන්ගේ සේවය අත්හිටුවීමේ ලිපි හෙට දිනයේදී නිකුත් කිරීමට යන බව වාර්තා වේ..

    ReplyDelete
  14. අර ව්‍යාපාරික ස්ථානය
    විවෘත කරන්න ක්ලබ් වසන්ත නැතුව කාලකණ්ණි ජෝසප් ස්ටාලින් පාහර බේසික පුතාටයි මාලිමාවේ නිකමා පින්පඩි ගන්න මහින්ද ජයසිංහ උත්තික පුතාටයි ආරාධනා කලා නම් හෙට ළමයි ටික ඉස්කෝලේ යනවා...
    🥺🥲

    ReplyDelete
  15. ලන්කාවේ ක්‍රිකට් දැන් 225 වගේම තමයි. වෙනසක් නැ. ඒක එලවන්නත් බැ දුං ගහලවත් , මේකත් බැ. සල්ලි ගලන උල්පත් දෙකක් නිසා.

    ඉස්සර ලංකාවේ හිටපු ප්ලේයර්ස්ලා ගැන තාමත් ක්‍රිකට් විචාරකයෝ කථා කරනවා ඒත් ඒකට දැන් ඉන්න ලොන්තයො, ග්‍රව්න්ඩ් එකට පිටින් රේප් කරනවා, ගහගන්නවා, ගෑණු උස්සනවා, එකාට එකා කෙළගන්නවා, හන්දි ගානෙ ඇටේ කහකහ බීඩි අදිනවා, මැච් එකට කලින් දවසෙ අඩි ගහනවා...

    එකෙක්ට ක්‍රිකටුත් බෑ ඩ්‍රයිවිනුත් බෑ. මිනිස්සු යටකරනවා. ඉංග්‍රීසිත් බෑ...🤣

    ReplyDelete
    Replies
    1. ලන්කාවෙ cricket ගැන දැන් කොච්චර විස්තර දක්වලා කොච්චර දිගට හෑලි ලිවත් වැඩක් නෑ ලන්කාවෙ තියන හැමදේටම කෙලවලා තියෙද්දි cricket විතරක් හරියට තියෙන් නැ 🤝 පමණට වඩා කිසිම දෙයක් මත හබා නොයන්න. කොටින්ම ලද දෙයි සතුටු වෙන්න

      Delete
  16. මාතේ ඇත්තටම 2023 LPL තරගාවලිය ජයග්‍රහණය කළේ වනිදු හසරංග විසින් නායකත්වය ලබා දුන් කැන්ඩි කණ්ඩායම වුණාට ඒ සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ කැන්ඩි නොම්මර තුන පිතිකරු දිනේෂ් චන්දිමාල්.

    තරගාවලිය තුල චන්දිමාල් වැඩිම ලකුණුලාභීන්ගේ ලයිස්තුවේ තෙවැන්නා වුණා.ඔහුට ඉහළින් සිටියේ වනිදු හසරංග සහ බාබර් අසාම් පමණයි.

    එම තරගාවලියේ ඔහු ලකුණු 259 ක් ලබා ගත්තා. තරගාවලියේ වැඩිම හතරේ පහර ප්‍රමාණයක් එල්ල කර තිබුණේද චන්දිමාල්. ඔහු හතරේ පහර 33 ක් රැස් කර තිබුණා.

    දත්ත වාර්තාවන්ගෙන් (𝖲𝗍𝖺𝗍𝗌) පමණක් නොවෙයි, බලපෑම (𝖨𝗆𝗉𝖺𝖼𝗍) අතින් ද එම තරගාවලියේ දී කැන්ඩි කණ්ඩායමේ නැංගුරම වූයේ ඔහු.

    කැන්ඩි කණ්ඩායමේ සම්පූර්ණ පිතිකරණය ගොනු වී තිබුණේ චන්දිමාල් වටායි.ඇතැම් අවස්ථාවන් හි ඔහු ඉනිම ගොඩනැගුවා. ඇතැම් අවස්ථාවන් හි ඔහු වේගයෙන් ලකුණු ලබා ගත්තා.බොහෝ තීරණාත්මක තරග වල ඔහුගේ පිත්ත කතා කළා. කැන්ඩි ජයග්‍රහණයට විශාල කාර්යබාරයක් චන්දිමාල් විසින් ඉටු කළා.

    කෙසේ වෙතත් ඔහු විශේෂඥ ටෙස්ට් පිතිකරුවෙකු ලෙසට ලේබල් වී සිටි නිසාත්, එවකට වඩා යොවුන් පිතිකරුවන් රැසක් T20 කණ්ඩායමේ සිටි නිසාත් ඔහුගේ දක්ෂතාවයන් එතරම් කතාබහට ලක් වූයේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ 2024 ලංකා ප්‍රීමියර් ලීගයේත් වැඩිම ලකුණුලාභීන් අතර දිනේෂ් චන්දිමාල් දැනට හයවෙනි ස්ථානයේ සිටිනවා.
      මේ තරගාවලියේ ඔහු ක්‍රීඩා කරන්නේ ආරම්භක පිතිකරණ ස්ථානයකයි.

      තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතර ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිත පිතිකරුවාත් චන්දිමාල්.ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 178.26 යි.

      ඔහු තරග පහකට ක්‍රීඩා කරමින් ලකුණු 205 ක් රැස් කර තිබෙනවා. ඊට අර්ධ ශතක දෙකක් ද ඇතුලත්.එමෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කර ඇති පිතිකරුවාත් දිනේෂ් චන්දිමාල්.

      ඔහු තරග පහක දී හයේ පහර 12 ක් එල්ල කර තිබෙනවා. මෙතරම් විශිෂ්ට දත්ත වාර්තාවක් සමග විශාල බලපෑමක් සිදු කළත් මෙවර තරගාවලියේදීත් චන්දිමාල් පිළිබඳව එතරම් කතාබහක් ඇති වූයේ නැහැ.

      ඔහුගේ වයස, මේ මොහොතේ ඔහු ටෙස්ට් පිතිකරුවෙකු වීම ඊට හේතුන් වන්නට ඇති.

      එනමුත් ලංකාවේ ප්‍රධාන T20 තරගාවලියේ මෙතරම් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු නොසලකා හැරීම බරපතල අසාධාරණයක්.

      විශේෂයෙන්ම චන්දිමාල්ගේ දක්ෂතා අතිශය ස්ථාවරයි. ඔහු සාර්ථක වූයේ ඉදහිට එක් තරගයක පමණක් නොවෙයි.

      2023 තරගාවලියෙත් ඔහු ලකුණු අතර සිටියා.

      මෙවරත් ඔහු ලකුණු අතර සිටිනවා.

      වැඩිම ප්‍රහාරාත්මක වේගයක් සහිත පිතිකරුවා ඔහු. වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කර තිබෙන පිතිකරුවා ඔහු.

      අවම වශයෙන් ඒ සඳහා හිමිවිය යුතු ඇගයීම හෝ ඔහුට හිමිවිය යුතුයි.

      කොහොමත් දිනේෂ් චන්දිමාල් මන්දගාමී පිතිකරුවෙක් නොවෙයි.

      ආරම්භයේ පටන් ඔහු ප්‍රවේගකාරී පිතිකරුවෙක්.

      අවශ්‍ය ඕනෑම මොහොතක, ඕනෑම පන්දු බල ඇණියක් ඉදිරියේ ගියර මාරු කළ හැකි පිතිකරුවෙක්.

      ඔහුගේ එක්දින ජීවිතයේ ඔහු ලබා ගත් මුල්ම ශතක ඊට උදාහරණයක්.

      2015 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සමග තරගයේ ඔහුගේ ඉනිම ඊට උදාහරණයක්.

      එදා ඔහු ආබාධයකට ලක් නොවන්නට තරගයේ ඉරණමත් වෙනස් වීමට තිබුණා.

      ශ්‍රී ලංකා T20 වංශකතාවේ නායකයෙකු ලෙස සාර්ථකම දත්ත වාර්තාව ඇත්තේත් චන්දිමාල්ට.

      ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මාස 35 ක කාලයක් T20 ශ්‍රේණිගත කිරීම් හි අංක එක ස්ථානයේ රැඳී සිටියා.

      මේ මොහොතේ ටෙස්ට් පිතිකරුවෙකු වූවත්, T20 ආකෘතිය යනු ඔහුට නුහුරු, නුපුරුදු ආකෘතියක් නොවෙයි.

      එබැවින් දිගින් දිගටම දක්ෂතා අතර සිටිය දී දිනේෂ් චන්දිමාල් නොසලකා හැරීම සාධාරණ නැහැ.

      කොටින්ම LPL තරගාවලියේ සාර්ථකම පිතිකරුවන් නොසලකා හරිනවා නම් එම තරගාවලිය පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කිසිඳු ප්‍රයෝජනයක් නැහැ.

      එසේ නම් එය හුදෙක් ව්‍යාපාරයක් පමණක් බව පිළිගැනීමට අපට සිදුවෙනවා.

      තරගාවලියේ දැනට පිතිකරුවන්ගේ දක්ෂතා සලකා බැලීමේ දී අසාර්ථකම පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ජැෆ්නා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්.

      ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ද නායකයා වන ඔහු තරග හයකට ක්‍රීඩා කරමින් ලබා ගෙන ඇත්තේ ලකුණු 89 ක් පමණයි.

      මේ ලකුණු තිබෙන, පිතිකරුවන්ට උචිත තනතීරු වල ක්‍රීඩා කෙරෙන තරගාවලියක්.

      මේ තරගාවලියේ දී බොහෝ දෙනා විවේචනය කළ ඉසුරු උදාන පවා අර්ධ ශතක දෙකක් රැස් කළා.

      මේ තත්ත්වයන් තුල ලකුණු රැස් කිරීම එතරම් අපහසු කර්තව්‍යයක් නොවෙයි.

      කුසල් මෙන්ඩිස් කණ්ඩායමක ආරම්භක පිතිකරුවෙක්.

      නමුත් ඔහු තරග හයකට ක්‍රීඩා කරමින් ලබා ගෙන ඇත්තේ ලකුණු 89 ක් පමණයි.

      ඔහුගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 15 යි.

      එකඳු අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට ඔහු සමත් වී නැහැ.

      මෙරට ප්‍රධාන 𝖳20 තරගාවලියේ දී දැනට ක්‍රීඩා කළ තරග වල ඔහු අන්ත අසාර්ථකයි.

      ක්‍රිකට් ක්‍රීඩාවේ මූල ධර්ම අනුව ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ දී ඔහුගේ කුසලතාවය මෙන්ම ආසන්න දක්ෂතා සහ ස්ථාවරත්වය (𝖥𝗈𝗋𝗆) අතිශය වැදගත්.

      එවැනි ස්ථාවරත්වයක නොමැති, අසාර්ථක ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් කණ්ඩායමකට තෝරා ගන්නේ නැහැ.

      එනමුත් ජාතික කණ්ඩායමේ ඉදිරි තරග වලදී කුසල් මෙන්ඩිස් ට අනිවාර්යෙන් ස්ථානයක් වෙන් කෙරෙනවා.

      ඔහු 𝖫𝖯𝖫 තරගාවලිය කොතරම් අසාර්ථක වූවත්, ජාතික කණ්ඩායමේ ස්ථාන වෙන් කිරීමේදි එය සලකා බැලෙන්නේ නැහැ.

      චන්දිමාල් පමණක් නොවෙයි,

      මේ තරගාවලියේ දක්ෂතා දැක්වූ ජාතික වරම් නොලැබූ යොවුන් දක්ෂයන් ද සිටිනවා.

      චමිඳු වික්‍රමසිංහ ඊට හොඳ උදාහරණයක්.

      නමුත් ජාතික තේරීම් වල දී ඔවුන්ට පෙර, කුසල් මෙන්ඩිස් සලකා බැලෙනවා නම් 𝖫𝖯𝖫 තරගාවලිය පැවැත්වීමේ කිසිඳු ප්‍රයෝජනයක් නැහැ.

      ජාතික කණ්ඩායමේ සෑම අසාර්ථක තරගාවලියකටම පසුව මෙරට තේරීම් කමිටු සහ කළමණාකාරීත්වය කියන එක් පොදු නිදහසට කරුණක් තිබෙනවා.

      එනම් ඒ තරගාවලියට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ හොඳම ක්‍රීඩකයන් 11 බවයි.

      නමුත් මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ ඔවුන්ගේ එම නිදහසට කරුණ පූර්ණ අසත්‍යයක් බවයි.

      මෙරට දක්ෂ ක්‍රීඩකයන් සිටිනවා.

      ඔවුන් සිය කුසලතාවයන් ප්‍රදර්ශනය කරනවා.

      නමුත් දිගින් දිගටම ජාතික කණ්ඩායමේ අවස්ථාවන් විවර වන්නේ සුපුරුදු එකම ක්‍රීඩකයන් පිරිසකට මිසෙක දක්ෂතමයන්ට නොවෙයි.

      පරාජය වන්නේත්, අසාර්ථක වන්නේත් ඒ ප්‍රියතම ක්‍රීඩකයන්ගේ කණ්ඩායම මිසෙක ලංකාවෙ දක්ෂතම කණ්ඩායම නොවෙයි.

      Delete
    2. මම හැමදාම ඔය කුසල් මෙන්ඩිස් කියන වනචරයාට එරෙහිව කතා කළා. මොකද ඌට ක්‍රිකට් ගහන්නත් බෑ, හැසිරෙන්න දන්නෙත් නෑ, කතා කරන්න දන්නෙත් නෑ, කත කරගන්නත් බෑ (සරළ ඉංග්‍රීසි ටිකක්වත් තාම බෑ දැන් අවුරුදු ගානක් ටීම් එකේ ඉඳලත්. ඒකෙන්ම පේනවා උගෙ යම් දේකට තියන කැපවීම්). හැබයි සමහර ගොබ්බ ලොන්තයො ටිකක් ඕක උඩ දාගෙන ඌව කෝලි කරන්න හදනවා.. ඌයි උගෙ ගොන් ෆැන්ස්ලයි හිතන් ඉන්නෙ පච්චෙ ගහ ගත්තම කෝලි වෙනවා කියල...;)..

      ඕකට් ක්‍රිකට් ගහන්න බෑ කියලා අපි කිව්වම උගෙ ලොන්ත ෆෑන්ස්ලා අපිත් එක්ක මර ගන්න එනවා,, හැබයි දැන් ඌම ඒක ඔප්පු කරලා ඉවරයි.. හැබයි ඔය මොකා හොඳට බැට කළත් ඔය නයිට් ක්ල්බ, බෙබදු මිනීමරුවා හෙටත් ටීම් එකේ ඉන්නවා. ඌ ඔය ටීම් එකේ ඉන්නකන් ජයග්‍රහණ් බලපොරොත්තු වෙන්න එපා.. මොකද ඕකා ටිම්ම් එකේ ඉන්නවා කියන්නෙ ටීම් එකේ සම්ඟියත් විනාශයි...

      Delete
  17. තමන් ඉන්න ක්ෂේත්‍රය අනුව හැමදේම වෙනස්. කාවවත් සන්සන්දනය කරන්න එපා. තමන්ටම ආවේණික life cycle එකක් තියනවා. හැමදේම සාපේක්ෂයි. හැමෝම එක වගේ නෑ. තව ගැඹුරට යන්න ඕන නෑ ඔය ඇති.

    (ඔය වගේ positive mind comment එකක් හෙව්වා හම්බුන් නෑ. ඒ නිසා මමම දැම්මා. එහෙම mind එකක් නෑ නවීන පරම්පරාවේ සහ වැඩිහිටි පරම්පරාවේ)

    ReplyDelete
  18. රාජ්‍ය සේවා වර්ජන මේ දවස්වල සෑහෙන ලොකුවට කෙරෙනවා මුලින්ම ජවිපෙ ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිති ව්‍යාපාර වල නායකයෝ ඇතුලු විශාල පිරිසක් බැහැලම වර්ජන ක්‍රියාත්මක කරන කොට බහුතර මධ්‍යම පාන්තික සහ පෞද්ගලික අංශ සේවකයන් වර්ජන වරට දැඩිව විරෝධය පළකර ඔවුන්ට තද විවේචන එල්ල වෙන කොට ෂේප් එකේ පැත්තක හිටපු පෙරටුගාමීන් මැද්දට පැනලා මේක අපේ වැඩක් කියනවා අනෙක පෙරටුගාමීන් කියන්නෙත් ජේවීපී එකෙන් කැඩිල ගිය පිරිසක් විදියට පෙනීසිටියාට ඔවුන් දෙගොල්ලොම මේ දවස්වල මොකක්හරි විදේශීය මෙහෙයවීමකින්දෝ කොහෙදෝ අන්‍යෝන්‍ය අවබෝධයකින් වැඩ කරනබව පේනවා. මාලිමාව නිල වශයෙන්ම නොකීවට වර්ජනයට බහුතර ජේවීපී අයත් උපරිම සහාය දෙන බව පේනවා අපි මාලිමාවට කියන අය වර්ජනය ගැන share කරන දේවල් වලින්

    තමන් තව මාස 3 කින් දිනනවා කියලා දන්නවා නම් ජේවීපී නායකයන්ට පුලුවන් තමන්ගේ මාලිමා ආණ්ඩුවකින් ඔය වර්ජනය කරන අයගේ ඉල්ලීම් ලබා දෙන්න තව මාස 3කට පස්සේ. නමුත් ඡන්දෙ කට උඩ තියාලා ජවිපෙ වෘත්තීය සමිති වල ප්‍රධානත්වයෙන් රට පුරා වර්ජන මෙහෙය වීමෙන්ම ඔප්පු වෙනවා NPP එක දිනන්නේ නැති බව JVP නායකයො පවා පිලි ගන්නා බව, ඔවුන් කරන්නේ බොරු රඟපෑමක් බව බොහෝම ලස්සනට පේනවා.

    මම හිතන්නේ දිනිති වල්ගමගේ තමයි බූරු සජියා පුතාණෝට ගැලපෙන අංක 01, ඒකිගේ බොරු පම්පෝරි බයිලා බූරු පුතානෝට හොදටම ගැලපෙනවා, අපරාදේ ජලනිව බැන්දේ. 😂🤣😂 ඒ වෙනුවට දිනිතිව කරගැහුවනම් පුතානෝ ගොඩ. අඩුමගානෙ ඇන්ටාක්ටිකාවෙි ජනාධිපති වෙලා ඇන්ටි පාරක් ගහගෙන ඉන්න එක හරි ඌට වෙන්න තිබුනා පම්පෝරි දිනිතිව සෙට් වුණා නම් 😂🤣😂

    ReplyDelete
  19. පෞද්ගලික අංශයට, පෙන්ෂනුත් නෑ, වරප්‍රසාදත්නෑ,
    පඩි වැඩිවීමකුත් නෑ,
    මාසෙට දින10-12 නිවාඩුත් නෑ 😭 ඒත් ඒ අය වැඩ...🤔

    ReplyDelete
  20. මාතෝ අඩේ අර ජිප්සීස් පෙරේරාගේ සුප්‍රකට කොත්තමල්ලි සින්දුවේ

    "රුමේනියාවෙලු තියෙන්නෙ හොඳම කොත්තමල්ලි
    ලංකාවට ගෙන්වන්නේ අපේ අමල් මල්ලි"

    කියා කොටසක් තියෙන්නෙ ඇයි?

    අතිරේක ප්‍රශ්න

    👉 සින්දුව අන්තිම හරියේ පාටියක "කොත්තමල්ලි" බීල කට්ටිය මත් වෙලා වගෙ දඟලන්නෙ ඇයි?

    👉 රොනි ලීච් සින්දුව අන්තිම හරියේ "කො...කො..." ගගා ගොත ගහගෙන කියන්න යන්නෙ මොකක්ද?

    👉 විස්කි බ්‍රැන්ඩි, වලට වඩා "කොත්තමල්ලි" හොඳයි කියන්නෙ ඇයි?

    👉 සින්දුව අන්තිමට සුනිල් පෙරේරා "මතට තිත" කියන්නෙ ඇයි?

    👉 සුනිල් පෙරේරා කියන "කොත්තමල්ලි" මොනවාද?

    ReplyDelete
    Replies
    1. @ Ano 6.15 AM

      ඔය අනුමානය හරියටම හරි.මාත් ඔය සින්දුව ආව කාලේ කල්පනා කලා මොකක්ද මේ කියන්නෙ කියලා..ඕකෙ ව්‍යංගයෙන් කියන්නෙ "කො"කෙන් ගැන.. ලංකාව කියන්නෙ මත්ද්‍රව්‍ය දකුණු සහ ගිණිකොණ දිග ආසියාතික රටවලට බෙදාගහරින වෙළද මද්‍යස්තානයක් .. පාතාල සාමාජිකයෝ. ලංකාවේ ජනප්‍රියම නළුනිලියෝ ගායකයෝ දේශපාලකයෝ. ව්‍යාපාරිකයෝ ඇතුලු ගොඩක් පිරිස් මේ ජාලයේ කොටස් කරුවෝ, මෙතන මේ කියන අමල් පෙරේරාත් ලංකාවේ අදාල ක්ෂේත්‍රයේ ප්‍රධාන නියෝජිතයෙක්

      රුමේනියාව ලෝකයේ ප්‍රධානතම කොකේන් හබ් එකක්, බලල තියෙනව ද French Connection ෆිල්ම් එකේ හෙන්‍'රි ඩෙවෙරෝ කියන ජන්ප්‍රිය ප්‍රංශ නළුව හෙරොයින් ගේන්නෙ නන් නොදැනුවත්ව, සුනිල් පෙරේරාගේ ජිප්සීස් ගාව සංගීතයක් තිබුනෙ නැහැ . එකම ඔරිජිනල් එක "ග්ලූකෝරස මාමේ"නම් වූ ජිංගල් එක පමණයි. එහි රචනය හා සංගීතය ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න. අනික් ඒව ඔක්කොම සම්ප්‍රදායික බයිලා තනු වලට වචන දාල හදපු විකාර සහ අමු අමුවේ කරපු කොල්ලකෑම් සහ බටහිර සහ දකුණු ඇමරිකන් තනු නිර්මාණ කොපි කරපුවා, ඒකයි ඇත්ත කතාව.

      Delete
  21. මේ වගේ සෝෂල් මීඩියා ගහලා තමයි ඇමරිකාව සදහම් හූසෙන්ව ඇත්තටම නැති කරේ. 🍄 රටේ මිනිස්සුන්ගේ ඔලු ටික සමාජ ජාල කැම්පේන් වලින් හදලා තමයි ජනාධිපති මන්දිරයට පැනලා ජනාධිපතිව රටින් එලෙව්වේ 🍄 රටේ මිනිස්සුන්ගෙ ඔලු ටික හදලා මූණු පොතෙන් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් කරපු එක හරි කියලා කිව්වේ 🍄

    ReplyDelete
  22. කලකට පෙර අප අතරින් සමුගත් විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ දයාරත්න වීරසේකර මහතාගේ සටහනක්

    //# **ශිෂ්‍යයෙකුගේ කුතුහලය නිසා කරන ලද විමසුමක් ඔස්සේ අලුතින් බොහෝ දේ ඉගෙන ගතිමි.**

    මා විද්‍යා අධ්‍යාපන නිලධාරිවරයෙකුව සිටියදී දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයෙන් ඈත පාසල්වලට ගොස් ඉගැන්වීමේ කටයුතු වලට අවශ්‍ය උපදෙස් ලබාදීමටත් විද්‍යා උපකරණ සපයා දීමටත් විශේෂ කැමැත්තක් දැක්වීමි. මෙසේ ගිය එක් අවස්ථාවකදී 10 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් ඉදිරිපත් කළ ගැටලුවකට තොරතුරු සෙවීමේදී මටද අලුතින් බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණු නිසා ඒ පිළිබඳව මෙසේ සටහනක් තැබීම ගැන සිත් යොමු කළෙමි.

    නගරයෙන් තරමක් ඈතින් පිහිටි එම විදුහල සම්පත් අතින් තරමක් අඩු තත්වයකින් පැවතින. එදින මා විදුහලට යන විට එහි සිටි එකම විද්‍යා ගුරුවරයා 10 ශ්‍රේණියේ විද්‍යාව පාඩම උගන්වමින් සිටියේය. එදින ඔහු උගන්වමින් සිටියේ කලින් ආරම්භ කරන ලද ‘ආහාර සහ පෝෂණය’ පාඩමේ අවසාන කොටසයි. ඔහු සමග ටික වෙලාවක් කතා කළ මම, පන්තිය පිටුපස ආසනයක හිඳගෙන ඉගැන්වීම නිරීක්ෂණය කළෙමි. ඔහු ආහාර වර් ග කිහිපයක්ද පන්තියට පෙන්වා, ඒවා වෙන වෙනම නම්කර, ආහාර ද්‍රව්‍ය වල අඩංගු සංඝටක හඳුනාගැනීම සඳහා සරල විද්‍යාගාර පරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කර, ඒවා සිසුන්ට නිරීක්ෂණය කිරීමටද සලස්වා, සාර් ථක පාඩමක් අවසන් කළේය.

    කිරිපිටි වැනි සැකසූ ආහාර දවටන (පැකට්ටු) කිහිපයක්ද ගුරු මේසය මත තිබිණ.

    පාඩම අවසන් කර පන්තියේ සිසුවෙකුද සමග මා වෙත පැමිණි ගුරු මහතා,

    “සර්, පසුගිය විද්‍යා පාඩමේදී මේ ළමයා ඉදිරිපත් කළ අපේ ආහාර වලට අදාල ප්‍රශ්නයකට මට පිළිතුරක් දෙන්නට බැරි උනා. ඒ ගැන දන්නවාද කියා බලන්න” කියා ප්‍රශ්නය මටද කියන ලෙස සිසුවාට කීවේය.

    එවිට ඒ සිසුවා, ඔහු අතේ තිබුණු ‘Nestle' සමාගමේ කිරිපිටි හිස් පැකට්ටුවක් මා වෙත දිගු කර,

    “මේ පැකට්ටුවේ තිබෙන Nestle කියන ඉංග්‍රීසි වචනයත් කුරුළු කුඩුවත් එකට සම්බන්ධ කර තිබීමේ තේරුමක් තිබෙනවා ද?”

    කියා මගෙන් ඇසීය. එය අතට ගෙන බැලූ මට එහි අමතර විශේෂ අමුත්තක් සොයා ගැනීමට නොහැකි විය.

    එම කිරි පැකට්ටුවේ මුද්‍රණය කර තිබුණේ කිරිල්ලිය, කුරුළු පැටව් දෙදෙනෙක්, කුරුළු කැදැල්ල සහ Nestle ලියා පදිංචි වෙළඳ නාමය සහිත මෙහි පහත දැක්වෙන ලාංඡනයයි.

    “මේක ඒ වෙළඳ සමාගමේ ප්‍රචාරක වෙළඳ ලකුණක්. සමහර විට මව් කිරිල්ලිය පැටවුන්ට කවන එකෙන් පෙනෙන්නේ මෙහි අඩංගු කිරි පිටි කුඩා දරුවන්ට ආහාරය සඳහා හොඳ එකක් බව නේද?”

    කියා මම ඔහුට කීවෙමි. එහෙත් සිසුවා මගේ පිළිතුරෙන්ද සෑහීමකට පත් නොවූ බව මට හැඟී ගියේය..

    📷

    මේ අවස්ථාවේදී ගුරුවරයාද,

    “ඔය Nestle කියන වචනය සම්බන්ධ කර ගැනීමයි සර් ගැටලුව” කියා නැවතත් මා හට පැවසීය.

    “කුරුළු පැටවුන්ට ඉංග්‍රීසියෙන් 'Nestlings කියා කියනවා. ඒ උනත් ඔය තැනට ගැලපීම ගැන නම් මටත් එතරම් තේරුමක් නැහැ, Nestlings වචනය කෙටිකර වෙළඳ නාමය ලෙස භාවිත කිරීම වෙන්නටත් හැකියි”

    කියා මම අවංකවම කීවෙමි.

    “කොහොම වෙතත් මේ ගැන තව තොරතුරු ටිකක් සොයා බලා, ලැබුනොත් මම විදුහල්පති තුමාට දන්වන්නම්”

    කියා මම පොරොන්දු වූවෙමි.

    ඒ කාලයේ මෙවැනි කරුණු ගැන තොරතුරු සොයා ගැනීමට අන්තර් ජාලය වැනි පහසු මාධ්‍යයන් තිබුණේ නැත. පුස්තකාලයක විමර් ශනය කිරීමේ පහසුකම් වුවත් ප්‍රධාන නගරවලට පමණක් සීමාවී තිබුණි. ටෙලිෆෝන් පහසුකම්ද හරිම අඩු තත්ත්වයක පැවතුණි. ටෙලිෆෝන් පණිවුඩයක් ගැනීම සඳහා ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්‌ථානයට කතා කර සම්බන්ධ කරන තුරු පැය ගණනක්‌ සිටීමට සිදුවිය. ඒ කාළේ මොබයිල් ෆෝන් ගැන හිතලාවත් නැත .

    මා අධ්‍යාපන කාර් යාලයයට පැමිණ, තව කිහිප දෙනෙකුද සමග කථාකර කිරිපිටි වැනි ළදරු ආහාර බෙදා හරින කොළඹ පිහිටි ආයතනයක ලිපිනය ඩිරෙක්ටරියකින් සොයා ගත්තෙමි. මේ බව මා අධ්‍යක්ෂක තුමාට පවසා, ඔහුගේද අභිමතය පරිදි, සිසුවාගේ ගැටලුව පිළිබඳව ලිපියක් සකස් කර, ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේද නිර් දේශයක් සහිතව එම ආයතන ප්‍රධානියාට තැපැල් කළෙමි. එකළ සියලුම රාජකාරි ලියුම් සකස් කරන ලද්දේ ඉංග්‍රීසියෙනි .

    සති දෙකකට පමණ පසු එම ආයතනයෙන් අධ්‍යක්ෂක තුමා නමට ලිපියක් ලැබී තිබුණි. ඔවුන්ගෙන් ලැබුණු ලිපියේ, එම ආයතනය Nestle නිෂ්පාදන බෙදාහරින ඒජන්සියක් බවත් අප අසා තිබුණු තොරතුරු කිසිවක් ගැන ස්ථිරව පිලිතුරක් දිය නොහැකි බවත් දන්වා, තොරතුරු ලබාගැනීම සඳහා ස්විට්සර් ලන්තයේ Nestle ප්‍රධාන කාර් යාලයෙන් විමසන ලෙස දන්වා එම ආයතනයේ ලිපිනයද එවා තිබුණි.

    මෙයින් පසුබට නොවූ මා, නැවත ලිපියක් සකස් කර, අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා මගින් ස්විට්සර් ලන්තයේ Nestle ප්‍රධාන කාර් යාලයට 'sea mail' මගින් විස්තරාත්මක ලිපියක් යැව්වෙමි. රුපියල් හතක්‌ අටක්‌ පමණ වූ තැපැල් ගාස්තුව අධ්‍යාපන කාර් යාලයෙන් ගෙවිය නොහැකි බව පරිපාලන නිලධාරි වරයා මට පැවසු නිසා, එය මට දැරීමට සිදු විය. ඒ කාලයේ රුපියල් අටක් පමණ වූ තැපැල් ගාස්තුව දැන් රුපියල් අට සියයක් පමණ විය හැකිය. මා පිට රටකට යවන ලද පළමු ලිපියත් මෙය වීම විශේෂත්වයකි.

    Cont'd

    ReplyDelete
    Replies

    1. Cont'd

      මාස කිහිපයක් යනතුරු ලිපියට කිසිම පිළිතුරක් ලැබුණේ නැත. විද්‍යා ගුරු මහතා මට හමුවූ කිහිප වතාවක්ම මගෙන් ඒ ගැන විමසීය. ඒ වන තුරු කිසිම තොරතුරක් නොලැබුණු බව මට කියන්නට සිදු විය.

      තවත් සති කිහිපයකට පසු බදාදා දිනයක මා කාර් යා ලයේ සිටියදී, අධ්‍යක්ෂක තුමා මා කැඳවන බවට පණිවුඩයක් ලැබුණි.

      මම අධ්‍යක්ෂක තුමාගේ කාමරයට ගියෙමි.

      අධ්‍යක්ෂක තුමා මට කතා කර,

      “මෙන්න ස්විට්සර් ලන්තයෙන් ලියුමක්”

      කියා ලිපි ගොනුවක් මගේ අතට දුන්නේය.

      එම ලිපි ගොනුවේ අප මාස කිහිපයකට පෙර කොළඹ ඒජන්සි ආයතනයට යැවූ ලිපියේ පිටපතක්, ඔවුන්ගෙන් අපට ලැබුණු පිළිතුරු ලිපිය සහ අධ්‍යක්ෂක තුමා විසින් ස්විට්සර් ලන්තයේ මව් සමාගමට ලිපියක් යැවීම සඳහා මා හට කරන ලද නිර් දේශයද** **විය. ලිපි ගොනුවේ උඩින්ම තිබුනේ ස්විට්සර් ලන්තයේ Nestle ආයතනයෙන් එවන ලද ලියුමයි.

      “අවශ්‍ය කටයුතු සඳහා මා හමුවන්න”

      යනුවෙන් අධ්‍යක්ෂක තුමාගේ කෙටි සටහනක්ද ලිපිගොනුවේ අමුණා තිබිණ. ලියුමත් සමග තවත් තොරතරු රාශියක් ගොනුවේ තිබුණි.

      අපගේ විමසුම ගැන ස්තුති කර, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව අදාළ සිසුවා සිටින විදුහලට ගොස් එම සිසුනට සියලු තොරතරු සපයන ලෙස, මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතනයට උපදෙස් දුන් බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

      අධ්‍යක්ෂක තුමාගේ උපදෙස් පරිදි, විද්‍යාලයේ විදුහල්පතිද සමග සාකච්ඡා කර, ඒ සඳහා දිනයක් නියම කරගෙන, දින කිහිපයකට පසු නියෝජිත ආයතනයට ලිපියක් යැව්වෙමු.

      නියමිත දිනයේදී නියෝජිත ආයතනයේ පිරිසක් අධ්‍යාපන කාර් යාලයට පැමිණියහ. ඒ පිරිසේ ස්විස් ජාතික කළමනාකරුවෙක්, භාෂා පරිවර් තකයෙකු සහ තවත් කිහිප දෙනෙක් සිටියහ. පැමිණි පිරිස සමග මමද විදුහලට ගියෙමි.

      විදුහල්පතිතුමා අප සැම සාදරයෙන් පිළිගත්තේය. පසුව එම පිරිසේ කිහිප දෙනෙකු අප සමග මුලික තොරතුරු කතාබස් කළහ. මෙහිදී විදුහලේ සියලුම දෙනාටම එම සන්නාමය සහිත කුඩා කිරිපිටි පැකට්ටුව බැගින් බෙදා දෙන බවත්, ඉහල පන්තිවල සිසුන් හමුවී කෙටි සාකච්ඡාවක් කළ හැකි බවත් අපට පැවසීය. .

      පන්ති භාර ගුරුවරු මගින් කිරිපිටි පැකට්ටු බෙදා දීම සාර් ථකව සිදු කෙරිණ.

      📷

      තේ පානයෙන් පසුව ප්‍රධාන ශාලාවට රැස්වූ, අටවන ශ්‍රේණිය සිට ඉහලට පන්තිවල සිසුන් සහ එම පන්ති භාරව සිටි ගුරු මහත්මා මහත්මීන් සඳහා කෙටි රැස්වීමක් පවත්වන ලදී. විදුහල්පතිතුමාගේ කෙටි හැඳින්වීමකින් පසු, මෙම රැස්වීමේ අරමුණ මා විසින් පැහැදිලි කර දෙන ලදී. විදේශීය අමුත්තා සිය කථාව කළේ ඉංග්‍රිසි භාෂාවෙනි. පැමිණ සිටි භාෂා පරිවර් තක අමුත්තා විසින් එය සිංහලට පරිවර් තනය කරන ලදී. ඔහුගේ කථාවේදී, මෙම සිසුවාගේ කරුණු සොයායාම ගැන ඇති උනන්දුව පිලිබඳවඉහලින්ම ඇගයීමක් කර ඔහුට සුබ අනාගතයක් ප්‍රාර් ථනා කළේය.

      එම දේශනයෙන් අනාවරණය වූ කරුණු මගින් සිසුවාගේ ගැටලුව සඳහා ඉතාමත් සාර්ථක පිළිතුරක් ලැබිණ.

      Cont'd

      Delete
    2. Cont'd

      එම තොරතුරු ඔහුට පමණක් නොව විදුහල්පතිතුමා ඇතුළු ආචාරය මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලු දෙනාටම ඉතා වැදගත් විය.

      එම කරුණු කිහිපයක් මෙසේය:

      1. හෙන්රි නෙස්ලේ (Henri Nestle) නම් ජර් මන්-ස්විස් ජාතික ව්‍යාපාරිකයෙකු විසින් මෙම ආයතනය 1886 වර් ෂයේදී ඉතාමත් සුළුවෙන් ආරම්භ කර ඇත්තේය. 'Nestle' ඔහුගේ නමයි. එය ජර් මන් භාෂාවෙන් 'කුඩා කුරුළු කැදැල්ල ' යන අරුත ගෙන දේ.

      1. එළකිරි සහ කිරි භාවිත කරන වෙනත් ආහාර ඔහුගේ නිෂ්පාදන වූ අතර, එම නිෂ්පාදන අලෙවිය සඳහා එම 'කුඩා කුරුළු කැදැල්ල' පින්තූරය සහිත සිය පවුලේ ලාංඡනයද භාවිත කරන ලදී.

      1. එමගින් පවුලේ එකමුතු බව, ලෙන්ගතුකම සහ සුහදතාව පිළිබිඹු කරන ලදී.එහෙත් මුල් අවස්ථාවේ එහි Nestle නාමය නොවීය.

      1. පසුව රජයේ නීතිගත කිරීමේදී එයට නිර් මාතෘ වරයාගේ ‘කුරුළු කැදැල්ල’, මව් කිරිල්ලිය සහ පැටවුන් සහිත, සිය පවුලේ ලාංඡනයට Nestle සන්නාමයද එකතු කිරීමට සිදුවී තිබේ.

      1. වසර කිහිපයකදීම මෙම කිරි ආහාර ඉතාමත් ජනප්‍රිය වීම නිසා අලෙවියද වැඩිවිය.

      කෙසේ වෙතත්, 'කුඩා කුරුළු කැදැල්ල' මුල් සංකේතය වරින් වර සංශෝධනය කර දැනට භාවිත කරන වෙළඳ ලකුණ නිර් මාණය කර තිබේ. නව වෙළඳ ලකුණෙහි සුවිශේෂී වෙනස් කම් දෙකක් ඇති බවද ඔවුන් විසින් පවසන ලදී.

      මුල් ලාංඡනයේ කුරුළු පැටවුන් තිදෙනෙක් සිටින අතර නව ලාංඡනයේ සිටිනුයේ දෙදෙනෙකි. මව් කිරිල්ලියගේ හොටෙහි රඳවා ගෙන සිටින පණුවාද දෙවැන්නෙහි නැත.

      මෙම වෙනස් කම් කිරීමට සුවිශේෂී හේතු තිබෙන බවද එදින සාකච්ඡාවේදී හෙළි කරන ලදී.

      එකළ, ස්විට්සර් ලන්තයේ පවුලක දරුවන් සංඛ්‍යාව දෙදෙනෙකු වීම ප්‍රශස්ත සංඛ්‍යාව බව තීරණය වී තිබීම නිසා, එයට ගරු කිරීමක් වශයෙන් කැදැල්ලේ සිටින පැටවුන් සංඛ්‍යාව දෙදෙනෙක් කරන ලදී.

      ඒ සමගම ළදරු ආහාරයක ලාංචනයේ පණුවෙකු පෙන්නුම් කිරීම අයෝග්‍යයයි සැලකු නිසා මව් කිරිල්ලියගේ හොටයේ රඳවා ගෙන සිටින පණුවාද ඉවත් කර ඇති බව ඔවුන් විශ්වාස කරන බව ප්‍රකාශ විය..

      එම වෙළඳ ලකුණෙහි දැක්වෙන්නේ ශීත රටවල බහුල 'thrush' නම් කිරිල්ලියයි. ශ්‍රී ලංකාවේත් මධ්‍ය කඳුකරයේ, හෝර්ටන් තැන්න ප්‍රදේශයේ දකින්නට ලැබෙන දේශීයව 'අරන්ගයා' යන නමින් හැඳින්වෙන්නේ මෙම ගණයේ කුරුල්ලෙකි. මිහිරි හඬින් ගී ගයන අරන්ගයාගේ විද්‍යාත්මක නාමය Myophonus blighi වන අතර රතු දත්ත පොතට අනුව අරන්ගයා ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති පක්ෂියෙකි.

      📷 **වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති අරන්ගයා**

      සිසුන් තුළ සහජයෙන්ම පවතින කුතුහලය හොඳින් අවබෝධ කර ගෙන ඒ ඔස්සේ ඔවුනට දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කර ගැනීමට සැලැස්වීමෙන් මහඟු ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්වීමට මෙම ක්‍රියාකාරකම හොඳ නිදසුනක් බව මගේ හැඟීමයි.

      එම සිසුවාගේ කුතුහලය ඔස්සේ තවදුරටත් කරුණු විමසීමට සිදුවූ නිසා, විද්‍යා අධ්‍යාපන නිලධාරියෙකු වූ මටද, එම විදුහලේ විදුහල්පති, ගුරුවරු සහ සිසුන් ඇතුළු තවත් විශාල පිරිසකට එම කිරි ආහාර වල දැක්වෙන කුරුළු කැදැල්ලේ සංකේතය භාවිතයේ පදනම සහ එහි වැදගත්කම ගැන බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබිණ.//

      නූතන මූසල ගුරුහොරුන් වැනි ඇතැමුන් විසින් නොසලකා හැරිය හැකි ගැටලුවක් වුවත් ඒ දරුවාගේ (තවම ජීවතුන් අතර නම් මේවනවිට 66 වියැති විය හැකි) කුතුහලයත් එම විද්‍යා ගුරුතුමන්ගේ මහත්මා ගුණයත් ඔ⁣බතුමන්ගේ දැනුම සොයා යාමේ පිපාසාවත් අධ්‍යක්ෂක තුමන්ගේ සහයෝගයත් වත්මන් පරපුරේ දරුවන්ට සහ වර්ජන කරන ගුරුහොරු නොව සීමිත වූ සැබෑ ගුරුවරුන්ට අධ්‍යාපන හා රජයේ සියලුම අංශවල නිලධාරීන්ට වටිනා ආදර්ශයක් 💓

      Delete
  23. ලංකාවේ වීරයොන්ගෙන් අඩුවක් නෑ. ඒත් සමාන්‍ය එකාගෙ ඉඳන් ව්‍යාපාරිකයා, මාධ්‍යවේදියා, වෙනකන්ම උන්, වීරයොන්ව වීරයෝ කියලා පිලිගන්නේ තමන්ගේ පක්ෂෙ එකෙක් නම් විතරයි. හරි සරලයි. අපි ඒක 2022 න් පස්සේ හොඳටම අත්වින්දා. දැන් ඔය සැබෑ වීරයෝ කියලා පක්ෂවල උන් කරේ තියාගෙන යන වීරයොත් ඔය උඩ ගොඩේ උන් වගේම තමා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න