.

.

Jul 19, 2024

අපාය සහායක ගොබ්බ පෝස්ට්


 අපාය සහායක

ගොබ්බ පෝස්ට්

➖➖➖➖🔹🔹


භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ආර්ථික විජ්ජාව තියා , දේශපාලන විජ්ජාවත් නොදන්න ජවිපේ ගොබ්බ වහල්ලු වගේම... උන් එක්ක සෙට් වෙච්චි ගොබ්බ රාජපක්ෂ බයියෝ උස්සන් දුවන පෝස්ට් එකක් ඔය පින්තූරේ තියෙන්නේ....


🔴 ලෝක ආර්ථිකයම කඩාගෙන වැටුන වෙලාවක් තම 2008 වසර කියන්නේ... ඒ වෙලාවේ වැටුනට... ඊට පිලියම් හොයාගෙන.... ඒ රටවල් සියල්ලම නැවත ගොඩගත්තෙත් උන්න පාලකයෝ මිසක්..... දර ලිපේ උයමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 මෑතක් වන තෙක් ලෝකයේ අංක එක දෙක ස්ථාන වල ආර්ථික වෙච්චි....ඇමරිකාව ජපානය කියන රටවල ආර්ථිකය ගොඩගත්තෙත් තිබ්බ පක්ෂ දෙකක නායකයෝ මිසක්ක....

සීනී නැතිව තේ බොමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 ඉන්දියාව නැට්ටටම වැටිලා IMF ලෝන් එකක් අරගෙන...  IMF උපදෙස් ක්‍රියාත්මක කරලා... හෙට අනිද්දා ලෝක බලවතා වෙන්න යන්නේ.... බලයේ උන්න පක්ෂ එක්කම මිස.... 

රට ඉන්න උන්ට තව ඩොලර් 500 ක් වැඩිපුර එවන්න කියලා ගත්ත ලෝන් පස්සේ ගෙවන්නම් මචං කියන ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ එක්ක නෙමේ...


🔴 මැලේසියාව ගොඩ දැම්මේ ඒ වැඩේ කරගෙන යන කොට ඒ යකා කම්බා හොරෙක් කියපු මහතීර් මොහොමඩ්ම මිසක්.... ග්‍රැෆයිට් වලින් මිනිරන් හදලා... මූදූ වතුරෙන් සල්ෆියුරික් හදලා රට ගොඩගන්නවා කියපු පිළිකා විශේෂඥ කොමියුනිස්ට් කාර ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ නෙමේ....


💀 මේ හීනමාන.... ගං කබර.... මෙලෝ හසරක් නොදන්න.... වෛරක්කාර.... කඩාකප්පල්කාරී.... කෲර.... සාහසික.... මිලේච්ඡ.... කොමියුනිස්ට් කාරයෝ ආපූ හැම රටකම සිද්ද් වුනේ....

මහා මිනිස් ඝාතන, කෲර වද හිංසා, දේපල ගිනි තැබීම් සහ පාලකයින් පමණක් මහා ධනවතුන් වී... රට හා මහජනතාව අන්ත අසරණ පීඩාවට පත් හිඟන්නන් වීම පමණමයි.....


🔵 ළිඳේ වැටිච්චි එකා ළිං කටෙන්ම ගොඩ ඒම මිස.... ළිං පතුලේ ඉඳන් හාරන වෙනත් උමං ඔස්සේ ගොස්.... 

විප්ලව හා සිස්ටම් චේන්ජ් කොරන්න ගිය.... කියුබාව.... රුසියාව.... උතුරු කොරියාව.... යූක්‍රේනය.... ලෙබනනය.... ලිබියාව.... ඉරාකය.... ආර්ජන්ටිනාව.... වැනිසියුලාව.... වැටුන නිරයට වැටෙන්න එපා...


🔸ඒවයෙන් ගොඩ එන්න..... චීනයට රුසියාවට වගේ පරම්පරා ගානක් ගත වෙයි...


🙏ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ ..!!!

.

16 comments:

  1. සුදුසුම මොහොත එළඹෙන තුරු බලා හිඳ
    නැණවත් විලස පෙන්වමු ඡන්දයේ තෙද

    ReplyDelete
  2. Communist Systems:
    Pros: In theory, communism aims for equality, eliminating class distinctions, and providing for all citizens' basic needs. Some see it as a way to ensure that wealth and resources are distributed more fairly.
    Cons: In practice, many communist systems have faced challenges such as lack of political freedom, economic inefficiency, and authoritarian governance. Historical examples often show significant human rights abuses.
    Democratic Systems:
    Pros: Democracy emphasizes individual freedom, political participation, and the protection of human rights. Citizens have the power to elect their leaders and influence laws and policies.
    Cons: Democracies can suffer from inequality, political polarization, and inefficiencies. Additionally, not all democracies effectively address social and economic disparities.
    So maathalan,what do you think about the individual freedom, political participation, and human rights in our country?

    ReplyDelete
    Replies
    1. 100% AI-generated content. So ask the question directed to Maathalan from Chat GPT

      Delete
  3. කථිකත්වයෙන් රටක් පාලනය කරන්න පුළුවන්නම් ඒකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු සුදුසුයි ඒ උනාට ආර්ථික පැත්තෙන් රටක් දියුණු කරන්න අවශ්‍ය දැනුම ඒගොල්ලන්ට නැහැ.

    හැබැයි කථිකත්වය ගත්තත් දැන් ඒකෙනුත් ඒ අය අසාර්ථක වෙලා, අනුර කුමාර දිසානායක සහෝදරයාත් මිනිරන් සහ ග්‍රැෆයිට් පටලවාගෙන විකාර දෙඩවීම, මෑතකදී හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය සහ සල්ෆියුරික් අම්ලය පටලවාගෙන රංඒම විහිළුවට ලක්වීම ආදී දේ රාශියක් වගේම මාලිමාවේ අනාගත මූල්‍ය හා ආර්ථික අංශයේ ප්‍රධානියා ලෙස අනුර සහෝදරයා විසින් බීබීසී එකට පැවසූ හඳූන්නෙත්ති සහෝදරයා විසින් ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් කියපු කථාව, අන්තර්ජාලය හොග් ගාල ගියොත් මළ කෙළියයි ඒ නිසා පොත් පත් පමණක්ම භාවිතා කරන්න ඕන, අන්තර්ජාතික ISB බැඳුම්කර හිමියන්ට "අපිට ගෙවන්න බෑ මචං" කිව්වම ඒ අය " හා කමක් නෑ මචං" වගේ කතා සහ මෑතකදී කලු සල්ලි සුදු කරන්න අවශ්‍ය පහසුකම්ද මාලිමාවේ ආණ්ඩුවකින් ලබා දෙන බව ප්‍රකාශ කිරීම වගේ දේවල් නිසා ඒ අතිනුත් ඒ වගේම අවාසනාවන්ත ඉරණමකට ලක්වීම ගැන අපට ගොඩක්ම කණගාටුයි. හරිනි අමරසූරිය සහෝදරියත් ගණිකා වෘත්තිය නීතිගත කිරීම, උතුරට ෆෙඩරල් ක්‍රමය ලබාදීම පිළිබඳව පැවසූ දේ වගේම මෑතකදී එකතු වූ සහෝදරියන් පැවසූ නුසුදුසු කතා විහිළුවට ලක්වීම නිසාත් ජාතික ජන බලවේගයේ මහත් අවාසියක් සිදුවුණා විශේෂයෙන්ම මධ්‍යම පාන්තික දැන උගත් පාවෙන ඡන්ද ගොඩක්ම ගිලිහීමට ඒක හේතු වී තිබෙනවා.

    ReplyDelete
  4. ජූලම්පටියේ අමරේ තංගල්ල බන්ධනාගාරය ඇතුලේ කැරැල්ලක් ගහපු වෙලාවේ සේරම අවුල් වෙලා තියෙන වෙලාවේ 2002 දී මල්ලි මම මහින්ද අයියා කියලා කිව්ව එක ජේවීපි එක නොදැන තමා එයාලා 2004 2005 දී මහින්ද මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න ගිහින් රෙදි නැතුව ඌට කඩේ ගිහිල්ල මැතිවරණ වේදිකාවල උගුර ලේ රහ වෙනකම්ම මහින්ද මාතියා දිනවමු කියලා ගෙයින් ගෙට පත්‍රිකා බෙදලා රට වටේ තාප්ප වැහෙන්න පෝස්ටර් ගහලා මැදමුලන වලව්වට කියලා ඌව දිනෙව්වේ, 2005 ජනපතිවරණයට මාස කීපයකට විතර කලින් හෙල්පිං හම්බන්තොට කියලා පෞද්ගලික ගිණුමක් ගහලා කෝටි අට හමාරක් විතර සුනාමි ආධාර ගසාකාපු ඒකා
    සුනාමි හොරා කියලත් එයාලා දැනගෙන හිටියෙ නැහැ.
    එයාලා ගොඩක් අහිංසක කට්ටියක්...❤

    රාජපක්ෂ පවුලට රනිල් තරම් ආරක්ෂකයෙක් තවත් නෑ . රාජපක්ෂ පවුලට බැලමෙහවරකම් කරන එක්ස්පීරියන්ස් උන් ඕනෑ තරම් පෝට්ටුවෙ ඉද්දි ධම්මික පෙරේරා මෝරා කරන් කැරට් අලේ පෙන්නල මේ ටෙම්පරියක් අද්දන්නෙ රනිල්ට පිටිය සකස් නොවුනොත් හෙණ ගහද්දි දානෙ යකඩෙ වගේ වීසිකරන්න.

    ඔවුනගේ පවුලේ රටගොං නාමල් කුමාරයට දෙදාස් තිහේ ඔටුන්න දීම තමයි ඔය පවුල් සමාගමේ එකම ප්ලෑන ඒ වෙනකල් රනිල්ට වහන් වෙලා ඉන්නව, ඌට බැරිඋනොත් කැසිනෝ කාරයට සොට් එක දෙවල නාමල් පුතා විපක්ෂ නායක වෙනව.ඕක තමයි වෙන්න වැඩිම සම්භාවිතාව.

    ReplyDelete
  5. ඕවා තෙරුම් ගන්න මාලිමා ඕඩියන්ස් එක උගත් මදි..එතන දැන් බහුතරයක් ඉන්නෙ මරලා හරි ගන්න ඕනා කියන ත්‍රී වීල් සෙට් එක, ත්‍රාඩ බස් කාරයො ඇතුලු සමාජ ස්තරයේ නූගත් කොටස..උන්ට දැන් අනුර කුමාරයා ඉර පෙන්නලා හඳ කිව්වොත් උන් ඒක පිළිඅරගෙන කිරි පොවපු අම්මව උනත් මරලා දාන්න පසුබට වෙන්නෑ "නෑ ඒක ඉර" කියලා කිව්වොත්..මෝඩ හැත්ත හිතන් ඉන්නෙ ජෙපි ගොන්නු ටික නෙලුම් මලෙන් මේ දැන් පහල වෙලා කියලා.. උන්ට මතක නෑ, ඒක්කො චූටි බබාලා ටික දන්නෙ නෑ, ජේවීපී කියන ත්‍රස්තවාදී සංවිධානය මේ රට අද තියන තැනට වට්ටන්න කොච්චර දායක වෙලා තියනවද කියලා.. ජේවීපී එකේ රටට හිතවත් භූමිකව තිබුනෙ විමල් වීරවංශ හා සෝමවංශ මරසිංහ ඉන්නකම් විතරයි... උන් අයින් වුනත් හරි ඒක අද බටහිර ගැති බලල් අතක්...

    ReplyDelete
  6. අපාය සහාය පිළිබඳව ඔබේ තර්කය හොදයි. පින සහ කුසලය අතර සම්බන්ධයක් වගේම වෙනසකුත් තියෙනවා. පහත දැක්වෙන කාරණා කියෙවුවාම ඔබේ තර්කයට පිලිතුර ලැබෙනවා.

    පැහැදිලි කිරීම;

    අකුසල් කියන්නෙ රාග, ද්වේශ, මෝහ නැමති කෙලෙස් සිත් මතු වීමට. කුසල් කියන්නෙ රාග, ද්වේශ, මෝහ නැමති කෙලෙස් සිත් ප්‍රහාණය කිරීමට.

    තදංග ප්‍රහාණය, විශ්කම්භන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහානය ලෙස කෙලෙස් ප්‍රහාණය කරණ ක්‍රම 3ක් ඇත. ඒ කියන්නෙ කුසල කර්ම කරණ ක්‍රම 3ක් තියෙනවා.

    1.) තදංග ප්‍රහාණය

    තාවකාලිකව කෙලෙස් යටපත් කරණ කුසල කර්මයන් මීට අයත්.
    - දන් දීම, පූජා පැවැත්වීම ආදී පින්කම් කිරීම මීට ඇතුලත්. පින්කම කෙරෙහි සිත අලවා වාසය කරණ කාලය තුල කෙලෙස් තාවකාලිකව ප්‍රහාණය වෙනවා. මෙහිදී ඇති වන්නේ පුන්‍යාභිසoඛාර නැමති සිත් වර්ගයයි. අන්‍යාගමිකයන්ටත් මේක කරන්න පුලුවන්. මේකෙන් නිවන් සැප ලැබෙන්නෙ නෑ. මේකෙන් මනුශ්‍ය, දිව්‍ය සැප ලබන්න පුලුවන්.

    විශේෂයි: මේවා පින්කම් බැවින් මේවා අන්‍යයන්ට අනුමෝදන් කරන්න පුලුවන්.

    2.) විශ්කම්භන ප්‍රහාණය

    තාවකාලිකව කෙලෙස් යටපත් කරණ කුසල කර්මයන් මීට අයත්.
    - ධ්‍යාන වැඩීම මීට ඇතුලත්.
    ධ්‍යානයට සමවැදී වාසය කරණ කාලය අතරතුර කෙලෙස් තාවකාලිකව ප්‍රහාණය වෙනවා. මෙහිදී ඇති වන්නේ ආනෙන්ජාභිසංඛාර නැමති සිත් වර්ගයයි. අන්‍යාගමිකයන්ටත් මේක කරන්න පුලුවන්. මේකෙන් නිවන් සැප ලැබෙන්නෙ නෑ. මේකෙන් බ්‍රහ්ම සැප ලබන්න පුලුවන්.

    3.) සමුච්ඡේද ප්‍රහාණය

    නැවත මතු නොවන ලෙස ස්ථිරවම කෙලෙස් ප්‍රහාණය කරණ කුසල කර්මයන් මීට අයත්.
    - චතුරාර්‍ය සත්‍ය අවබෝධය, විදර්ශනා වැඩීම, සතර සතිපට්ඨානය වැඩීම ආදිය මීට ඇතුලත්. මෙහිදී කෙලෙස් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වීමෙන් මාර්ගපලයන්ට පත් වෙනවා. මේකෙන් නිවන් සැප ලබන්න පුලුවන්.

    **************
    ඔන්න ඔය ආකාරයට ගත්තාම, පින් කියන්නෙ කෙලෙස් ප්‍රහාණය කරණ කුසල කර්ම වලින් කොටසක් පමණක් බව පැහැදිලියි. හරියට නිකම් කොලඹ යනු ලoකාවෙන් කොටසක් පමණයි වගේ. එහෙම උනා කියල කොලඹයි ලoකාවයි එකක් කියල කිවුවොත් ඒක අනවබෝධයෙන් කියන වැරදි කතාවක්.

    බුදු දහමේ දස පුන්‍ය ක්‍රියා සහ දස කුසල් යනුවෙන් දෙකක් දැක්වෙන්නේ මේ වෙනස නිසයි.

    ප්‍රායෝගික උදාහරණ:
    උපරිමයට පින් කරපු සත්වයන් පරනිම්මිත වසවර්ථිය නැමති ඉහලම දිව්‍ය ලෝකයේ ඉපදුනා මිසක් නිවන් දැක්කෙ නෑ. නිවන් සැප ලැබුවෙ නෑ. නමුත් අපට තරම් ආහාර ලැබීමට වත් පිනක් නොතිබූ ලෝසක තෙරුන්, කෙලෙස් ප්‍රහාණය කරල නිවන් දැක්කා.

    පින් තිබුනත් නැතත්, ඉහත 3 න් වන ක්‍රමයට කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරණ සත්වයන් නිවන් දකිනවා.

    ReplyDelete
  7. මාතා නිකම් පිනට කකා බොරු කයිවාරු ගහලා මිනිසුන්ට ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය වපුරන ජවිපෙ මාලිමාවේ නිකමුන් අපතයන් ගැන කතා කරන කාලයත් අපරාදේ ඒ නිසා ඒ වෙනූවට මනුස්සයෙක් දියුණු වෙන්නේ ලොකු උත්සහයකින් වගේම ප්‍රබල අරමුණකින් එහෙම දියුණු වෙච්ච මනුස්සයෙක්ගෙන් උපදෙසක් ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ලංකාවේ දේශීය සහ විදේශීය රටවල ප්‍රධාන පෙළේ නවෝත්පාදක ව්‍යවසායකයින් දක්ෂ කළමණාකරුවන් ගෙනැවිත් විශ්ව විද්‍යාල නවක සිසුන්ට ඔන්ලයින් සම්මන්ත්‍රණයක් වගේ එකක් කරන්න පුළුවන්ද කියල හොයල බලන්න පුළුවන්ද?

    ReplyDelete
  8. අඩෝ ළමාතන් ජපන් යන්න ජපන් ඉගෙන ගන්න ඕනි, කොරියා යන්න කොරියන් ඉගෙන ගන්න ඕනි. යූකේ ඔසී කැනඩා යන්න IELTS කරන්න ඕනි. හැබැයි ඔය මුකුත් නොදැන සිංහල විතරක් දැනගෙන මැදපෙරදිග අරාබි රටවලට ආපු එවුන් සිංහල, අරබී, හින්දි, දෙමළ, තෙළුගු, මලයාලම්, English , පිලිපීන් තගලොග් , බංගලි , කාෂ්මීර්, ඊජිප්තු අරාබි, African ස්වාහිලී වගේ භාෂාවල් කතා කරනවා වතුර වගේ. දැන් වැඩිපුර Project වල ඉන්නෙ චීන්නු නිසා දැන් ගොඩක් උන්ට චීනත් භාෂාවත් පුළුවන් ගොඩක් අයට. එහෙම බැලුවාම ඔයා සිප්පි කෑල්ලක්. භාෂා 13-14 යන්තම් ගොඩ දාගන්න පුළුවන් මැදපෙරදිග දිහාවට මංගැච්චුවොත් 🤭

    ReplyDelete
  9. මාතේ පහුගිය කාලේ ලංකාවේදී අනතුරට ලක්ව ගිනිගත් ඉතාම කුඩා නෞකාවක් වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ලංකාවේ යම් දේශපාලන කැම්පේන් කරුවන් පිරිසක් විසින් අති මහත් භයානක දෙයක් ලෙස බොරු මවා පෙන්වීමක් කර ජනයා මුලාකර මතකද? ඒ කෙසේ වෙතත් එබඳු කුඩා අනතුරකට වඩා දැනෙන තරමේ විශාල අනතුරු ලෝකයේ නිතරම සිදු වනවා, උදාහරණ ලෙස පසුගිය සතිය ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රයට සුබආරංචි තියන සතියක් නම් නෙවේ... ඒ UAE වල Al Hamriya වරායේ ඉඳන් යේමනයේ Aden බලා ගමන් කරමින් තිබුන M.T. Prestige Falcon තෙල් නැව ඕමාන් වෙරළ ආසන්නයේදී capsize වීම නිසා එහි කාර්යමණ්‌ඩලයේ සිටි 16 දෙනා අතරින් එක් ඉන්දියානු අයෙක් මියගොස් තවත් ඉන්දියානුවන් 12ක් සහ ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එයින් 9 දෙනෙකු බේරාගැනීමට ඕමාන් සහ ඉන්දීය වෙරළාරක්ෂක අංශ සමත්වී තිබෙනවා.

    මේ අනතුර නිසාම ක්ෂණිකව ක්‍රියාත්මක වී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ Mundra වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ බලා එමින් තිබූ M.V. Maersk Frankfurt කන්ටේනර් නැවේ ඉදිරි කොටසේ වූ IMDG cargo වල ඇතිවූ ගින්න නිවා දැමීමටත් Goa වරාය ආසන්නයේදී ඉන්දීය නාවික සහ වෙරළාරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

    ඕමාන් ආසන්නයේ අනතුරට ලක්වූ M.T. Prestige Falcon නැව සහ ඉන්දියාවේ Goa ආසන්නයේ ගිනිගත් M.V. Maersk Frankfurt නැව් දෙකම ලංකාවේ සිදුවු ඉතාම කුඩා නොගිනිය හැකි එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට වඩා ඉතාමත්ම භයානක මාරක අනතුරු වගේම පරිසරයටත් ඊට වඩා බෙහෙවින් වැඩි බරපතල හානි සිදුව ඇති අනතුරු, මේ පිළිබඳව ලංකාවේ බහුතර ජනතාව නිහඬව සිටීම ඉතාම ශෝචනීය තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවනි.

    ReplyDelete
  10. අද ගොඩක් අයගෙ මයික්‍රෝසොෆ්ට් පද්ධති ඇති පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.

    Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් එයාලගෙ මෘදුකාංගයක සිදු කරපු යාවත්කාලීන කිරීමක් නිසා මේක උනේ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ

    ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් අද මේ විදියට උනා නම් මේ ටික ට්‍රයි කරල බලන්න

    1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, එහෙම නැත්නම් live OS එක පාවිච්චි කරලා හරි කමක් නෑ

    2.system partition එකේ මේ තියෙන path එකට යන්න

    C:\Windows\System32\drivers\CrowdStrike directory

    මේකෙ C වෙනස් වෙන්න පුලුවන් ඔයාගෙ partition lable එක අනුව

    3.උඩ කියපු path එකේ තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන මෙන්න මේ නම තියෙන ෆයිල් එක හොයාගන්න

    “C-00000291*.sys”

    4. ඒක Delete කරලා දාන්න.

    5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න

    Safe mode එකට ගන්නෙ කොහොමද කියලා ඔයාගෙ computer එකේ model එක අනුව youtube එකේ search කරලා බලන්න. එකින් එකට ඒක වෙනස් වෙන්න පුලුවන් නිසා.

    Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ

    කාට හරි වැදගත් වෙයි කියල හිතාගෙන ලිවුවෙ, මාතෘකාවට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  11. මාතලන් මම පෞද්ගලිකව වෘත්තීය වශයෙන් රසායන ඉංජිනේරු විද්‍යාව හදාරා රසායනික කර්මාන්ත ශාලා වල නිෂ්පාදන ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන නිසාත් සල්ෆුරික් අම්ල නිශ්පාදනය සහ ලංකාවේ පරන්තන් රසායන කර්මාන්තායතනය ගැන බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබූ නිසාත්, ලංකාවේ සිටි කාලයේ රණාලේ පිහිටා තිබූ සල්ෆ්යූරික් අම්ල නිශ්පාදන කම්හලේ සහ පරන්තන් රසායනික සමාගම යන ආයතන දෙකේම ටික කලකට පෙර සේවය කල ඉන්ජිනේරුවකු වශයෙන් සුලු පැහැදිලි කිරීමක් කිරීමට සිතුවෙමි. සල්ෆුරික් අම්ල නිශ්පාදනය සදහා සල්ෆර් නොහොත් ගෙන්දගම් අවශ්‍යවේ. ඉන්දන පිරිපහදු වල අතුරු පලයක් වශයෙන් සල්ෆර් නිශ්පාදනය වේ. එවකට රණාලේ සල්ෆුරික් අම්ල කර්මාන්ත ශාලාව සදහා අප ප්‍රදාන වශයෙන් ක්වේට් රාජ්‍යයෙන් ගෙන්දගම් ආනයනය කලේ. මාසකට ටොන් 150 ක් පමන ගෙන්දගම් ආනයනය කරන ලදී. (කන්ටේනර් 8ක් පමණ) ගෙන්දගම් කියන්නෙ ඉතා මිල අඩු අමුද්‍රව්‍යක්, මොකද ඒවා මැද පෙරදිග තෙල් පිරිපහඩු වල ඉතා විශාල වශයෙන් නිශ්පාදනය වන අතුරු පලයක්. පරන්තන් සමාගම ගැන සදහන් කරොත්, හය්ඩ්‍රොක්ලොරික් අම්ලය පරන්තන් සමාගමේ අතුරු නිශ්පාදනයක්. ක්ලෝරීන්, කෝස්ටික් සෝඩා මෙම ආයතනයේ ප්‍රදාන නිශ්පාදන වෙන්නෙ. යුද්ධය නිසා මෙම කම්හල විනාශවී තිබූ අතර, අලුතින් කර්මාන්ත ශාලාව ගොඩ නැගීමට උත්සාහ කලත් මහා භාණ්ඩාගාරයෙන් ඊට මුදල් ලැබුණේ නෑ. මෙම භූමියේ යටිතල පහසුකම් දියුනු කිරීමට පමනක් මහා භාන්ඩාගාරයෙන් මුදල් වෙන් උනා. අක්කර දෙසීයකට ආසන්න භූමි ප්‍රමානයක් පරන්තන් රසායනික සමාගම සතු ඉඩම තුල තිබෙන නිසා, මෙම භුමිය තුල රසායනික කර්මාන්ත සදහා කර්මාන්ත පුරයක් පිහිටුවීමට සැලසුම් කලා. ඒකත් දැන් ඇන හිටල තියෙන්නෙ. එම යෝජිත රසායන කර්මාන්ත පුරය තුල කෝස්ටික් සෝඩා, ක්ලෝරීන්, හය්ඩ්‍රොක්ලොරික් කර්මාන්ත ශාලාවට අමතරව සල්ෆුරික් අම්ල නිශ්පාදන යන්ත්‍රාගාරයක් සහ වෙනත් රසායනික කර්මාන්ත කීපයකුත් පිහිටුවීම සදහා ආයෝජකයින්ට ආයෝජන අවස්තා ලබා දීමටත් සැලසුම් කරා. මෙයයි එහි සරල කතාව.

    ReplyDelete
  12. මාතා බංග්ලාදේශ අරගලය ගැන ඔබේ විග්‍රහය ඊළඟට දාන පෝස්ට් එකෙන් ඕනේ හරිද? ඇත්තටම බංග්ලාදේශයේ අරගලය බැලුවොත් තනිකරම කොපි කළේ ලංකාවේ මොඩ්ල් එකනේ. ඇමරිකන් සහ ඉන්දීය මෙහෙයවන්නන් ලංකාවේ තම අත්දැකීම් හොඳින්ම බංග්ලාදේශයේ චීන හිතවාදී හසීනා පාලනය පෙරලා දැමීමට මනාව භාවිත කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන අතර කොටින්ම උන් ලංකාවේ අරගල කරපු මීහරක් හැත්ත අර මන්දිර වල පූල් වල නාන ඒවාත් බුකියේ දාලා අපිත් මෙහෙම බංගලි අගමැති මැදුරේ පූල්වල කරමු කියලා රඟලා තිබුණා නේද?

    උනුත් ලංකාවේ වගේම හැම පේජ් එකකම කලු කොඩි දාගෙන, සෙලිබ්‍රීටිස්ලට කතා කරන්න කියලා ෆෝර්ස් කරලා, පිට රට පේජස් වල පවා කමෙන්ට් කර කර වෙනම මැච් එකක් ගහගෙන ආවා.

    වැඩක් නෑ එක දවසින් එකසිය පණහකට එලොව යන්නම වෙඩි තැබීමට නියෝග කරලා කපටි ශේයික් හසීනා රටේම ඉන්ටර්නෙට් කැපුවා!

    ෆේස්බුක් ලයිව් කරන්න බැරි වෙනකොට, ෆොටො ගහලා දාලා ලයික් ගන්න බැරිවෙනකොට, රට ඉන්න හාවෝ අන්දලා සල්ලි ගරන්න බැරිවෙනකොට අරගලයෙන් බාගෙකට වඩා හැලිලා යන්නැති 🥺 අපරාදේ උන්ට ටකා කෝටි ගණනක ආදායම් උපයාගන්න තිබ්බ චාන්ස් එක නැතිවුණා නේද?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ

      සාමාන්‍ය කලබලයක් තියෙනකොට පවා මෛත්‍රීපාල ෆේස්බුක් බ්ලොක් කලා.මැයි නමේ ජූලි 9 දවස් දෙකේම සිදුවූ අවාසනාවන්ත දේවල් වලක්ව ගන්න තිබ්බා
      අන්තර්ජාලය බ්ලොක් කරලා රූපවාහිනී සේවා නවත්තල ම පාරවල් හමුදාව දාලා බ්ලොග් කලා නම්.හැබැයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ රටේ ජනාධිපතිට හමුදාවේ ඉහල උන්ට ඇමෙරිකාවෙ පවුල්, දේපල නැත්තන්. ගොටගේ ඉඳන් සචේ වෙනකන්ම එහෙ ආරක්ෂා කරන්න ළමයි , බැංකු ගිණුම් තියෙන උන්. ඉතින් චන්ග් යෝදි හරහා පොඩි සද්දයක් දාපු ගමන් සුටුස් ගාල අතේ නැටවෙනව.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න