.

.

Jul 13, 2024

චන්ද පෙත්සම හා ජනතා අභිලාෂය පෙන්වා... නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

 


චන්ද පෙත්සම හා

ජනතා අභිලාෂය පෙන්වා...

නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

➖➖➖➖➖➖➖➖➖⭕➖➖


ජනාධිපතිවරණය පැවැත්වීම නවතා දමා ඒ පිලිබඳ ඇති ගැටළුව නිරාකරණය කර ගැන්මට ජනමතවිචාරණයට යා යුතු බව සඳහන් කරමින් තවත් පෙත්සමක් ඉදිරිපත් වී ඇති අතර, මීට පෙර ඉදිරිපත් කල පෙත්සම විභාගයට නොගෙනම විසිකරන ලද්දේය.


ජහමනයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලුවෝ එහි අසුන් ගැන්මට පෙර දිවුරා පොරොන්දු වනයේ, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් රකිනා බවය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් කර ඇත්තේ, එය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව ජවිපේ ලෝයර් වටගලයාගේ මේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය. (මේ සමඟ අමුනා ඇති පින්තූරය බලන්න)


ජනාධිපතිවරයාගේ ධුර කාළය වසර හයක් බව ව්‍යවස්ථාවේ සමහර තැන් වල තවමත් පවතින මුත්.... කර ඇත්තේ එවක පැවති ජනතා අභිලාෂය අනුව නීතිය නැමීමක් බව ඔහු  කියන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. 


එය සත්‍යයක් නම්, පාර්ලිමේන්තුව හා අධිකරණත් ගිනි තබා, රනිල්ටද තෝත් පල කියා මේ රටෙන් එලවීමේ හෝ නිවන් යැවීමේ ජනතා අභිලාෂයක්ද තිබුන බව ලාල් සහ හඳුන්නෙත්ති සඕදරයා පොල්දූව හන්දියේදී කළ ප්‍රකාෂයත් යතාර්ථයක් විය යුතුව තිබුනා පමණක් නොව එය නීත්‍යානූකූල හා ව්‍යවස්ථානූකූලද වන්නේය.


අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ උන් සියල්ලෝම නිදොස් කොට නිදහස් කළ යුත්තේ එය එවකට පැවති ජනතා අභිලාෂය වූ හෙයින් ව්‍යවස්ථානුකූල වන නිසාය.


එමෙන්ම ඔවුන්ගේ ජනතා අභිලාෂය අනුව මේ වන විට ජනාධිපති වරයා විය යුත්තේද, තඹුත්තේගම ගං කබරයාය. මන්ද යටත් විජිතට අනුව "ජනතා අභිලාෂයේ" ප්‍රතිශතය දැන් 90% ද ඉක්මවා ගොස් ඇත්තේය.


අනික නීතී විශාරද වටගලයා පමණක් නොව...


▪️ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ට අනුවද


▪️ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට ආවොත් පුපට වෙඩි තියපන් කියු... හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය උන්නැහේ අනුවද


▪️නීතිය පිළිබඳ පොත් හතක් අටක් ලියු නීතී විකාරද මහාචාර්‍ය ජී ඇල් පීරිස් වියතානෝ අනුවද


▪️නඩු කාරයනුත් හිරේ දමනා මහා ප්‍රාඥයෙක් වන වෙන්ට ජනපති විජේදාස රාජපක්ෂ ශ්‍රීමතානන්ට අනුවද


▪️නඩු බලවන කස්ටිය හෙවත් නීතීග්නයෝ වන දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙර්‍රා යන හාදයන්ට අනුවද


▪️සියල්ල ඔවුන්ගේ මතය අනුව විය යුතු යැයි කියා පාස්කු බෝම්බකාරයෝ පමණක් නොව කංජිපානී ඉම්‍රාන්ලාටත් ඇප ලබා දෙන නීතීඥ සංගමයට අනුවද


▪️ලෝ කොලේජ් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාවූ නාමල් රාජපක්ෂ අබ්බකාත් මහතානෝ පමණක් නොව...


▪️කොළඹ විස්ස විජ්ජාලෙන් ලද ලෝ උපාධියකුත් හිමි රනිල් වික්‍රමසිංහ උන්නැහේද පිලිගන්නා බව සඳහන් ලැටර් එකට අනුවද


සියල්ලෝ පිලිගන්නේ.... ජනමතවිචාරණයකින් අනුමත නොවී... නීතීවිරෝධී ලෙස නීතිය නමා සම්මත කොටගෙන ඇති ආකාරයට සියල්ල සිඳුවිය යුතු බවය.


ඒ... එය අනුමත කොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දූ කීපයක්ම දීලා තිබෙනා නිසාය.


එහෙත් මේ සියල්ලෝම වටහා ගත යුතු වැදගත් කරුණ නම්... ඔවුන්ගේ තර්කයන් සත්‍ය හා නීත්‍යානූකූල වන්නේ නම්....


වැරදිලා හෝ ජවිපේ ජනාධිපතිවරයෙක් බිහි වී, ඔවුන් කියනා පරිදි මේ ව්‍යවස්ථාව ගිනි තබා කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කොට... නඩු අසා තීන්දූ දීම ග්‍රාමසේවා වසමේ ජෙප්පාට දුන්නාම.... එය මේ මොහොතේ රටේ පවතිත අභිලාෂය වන හෙයින්, කිසිවකුටත් කට පුප ඇරිය හැකි කරුනක් නොවන්නේ..


එසේ කිරීමට නොහැකියැයි කියා ව්‍යවස්ථාව තුල සඳහනක් නොමැති වීම නිසාත්, ජනතා අභිලාෂය හා ඔවුන් වත්මනෙහි නගන තර්ක අනුව කිසි අවුලකුත් නැති නිසාය.


මාතලන්ට ඇති ප්‍රශ්ණය නම් මින් පෙර  ජනාධිපතිවරයාගේ ධුර කාළය වෙනස් කිරීමට හෝ අහෝසී කිරීම ලේසී පහසු කාර්‍යයක් නොවනා බවත්....


ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් පමණක් නොව ජනමතවිචාරණයකින්ද අනුමත විය යුතු බවට මහින්ද දේශප්‍රියලා ජී ඇල් පීරිස්ලා විජේදාස රාජපක්ෂලා අපට කිව්වේ පට්ට පල් බොරුවක්ම නොවේද කියලාය. ..


දැන් බලාගෙන ගියාම මේ රටේ නීතියක් ඇත්තේ නැතිය....


තිබෙනවා නම් තිබෙන්නේ...

නීතී හදනා තැන උන්ට මෙන්ම නීතී ක්‍රියාත්මක කරනා තැන උන්ගේ අභිලාෂයන් අනුව, ටිපෙක්ස් කිරීම්, කාක්කා පාදය දැමීම්, කොමා දැමීම්, කැටයම් දැමීම්, නැවීම් පමණක් නොව කැඩීම්ද කළ හැකි... පෙරටුගාමී නුවන් බෝපගේ බුවාගේ නීතිය ජාතියේ මළ විකාරයකි.


මුන් ඔක්කොම යාලුවෝ විතරක් නෙමේ මල්ලි...


මුන් ඔක්කොම උන් උන්ගේ හිතු මතය අනුව නීතිය නවන පට්ට බොරුකාරයෝ ඕයි.....


අල්ලාහූ අක්බාර්.....


May God have mercy on us !!!!

21 comments:

  1. මාතා ඔය ඡන්ද පෙත්සම් නාටකය මොන පැත්තට යයිද දන්නේ නෑ පේන විදිහට ජනාධිපතිවරණය තියන එක නොකර ඉන්න ගේමක් යනවා කියලත් පෙන්නනව, ඒ වගේම එක්සත් ජනපදයේත් තත්ත්වය ඒ වගේම තමයි Donald Trump ට වෙඩි තියලා අද. ඔහුගේ ජීවිතය අනූ නමයෙන් බේරිලා තිබෙන්නේ. ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අපේ රටෙත් සමහර නායකයන්ගේ ජීවිත නැති වුනා. සමහර නායකයන්ට දරුනු විදියට තුවාල වුනා

    බණ්ඩාරනායකට වෙඩි තිබ්බා. ප්‍රේමදාසට, ගාමිණී දිසානයකට , චන්ද්‍රිකාට, ගෝඨාභයට, ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ගැහුවා කොටි. මහින්ද කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ මුලින්ම හිටිය LTTE එක අවසන් වෙනකන්. ලංකාවේ එහෙම වෙන එකක් නෑ නේද?

    ReplyDelete
  2. දේසපාලුවන් උගතුන් වුණත් නැතත්
    ආත්මාර්තෙන් නං හරියට පොහොසත්
    තමන්ගේ පිලට- තමනට වාසි වෙතොත්
    අධෝමුඛෙන් හරි උන්දැල කියයි බණත්

    ReplyDelete
  3. දැන් මෙතන ගොං ගව අමෝනඥ පේප්පන් කමෙන්ට් කොටයි අනුරගේ ජීවිතයටත් අවදානම් තියෙනවා කියලා..ඒක කොහෙත්ම වෙන්න බෑ.. මාලිමාවට ෆුල් බැකින් එක දෙන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී මිනීමරු ජෝ බයිඩන් පාර්ශ්වය විසින්... ඔවුන් සැබැවින්ම ඩිමොක්රටික පක්‍ෂ අතකොලුවක් පමණයි. For one time use and thrashing.

    ReplyDelete
  4. ජාතික ජන බලවේගය මාලිමාවට දෙස් දෙවොල් තියමින් උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ සහෝදරයා සඳහන් කරයි.

    රට පැන්නද එම රටවල සිටින මාලිමාවේ සහෝදරවරුන් ඔවුන් ගැන නිසි පරිදී බලාගනු ඇතැයිද වසන්ත සමරසිංහ සහෝදරයා මාධ්‍ය වලට කියා සිටියේය.

    කිසිවකුට හැංගෙන්න ඉඩ නොතබන බවත් මාලිමාවට බලය ලැබුණාම නීතිය හමුවේ ඔවුන්ට කිසිදු ආකාරයක ගැලවීමක් නැතිවන බවත් පවසන ඔහු මුළු ලෝකයේම ලාංකිකයන් මාලිමාව සමග එක්වී සිටිද්දී හඩ්ඩලාට සිදුවන්නේ හඳට පැනයාමට බවද සිනාසෙමින් ඔහු තවදුරටත් පැවසීය.

    ReplyDelete
    Replies
    1. @ Anonymous

      තම පක්ෂයට විරුද්ධව දේශපාලනය කරන අය, වෙනස් මත දරන අය සහ තමන්ගේ ක්‍රියාවන් විවේචනය කරන අයට හඩ්ඩලා පඩ්ඩලා කියලා අපි බලයට ආවාම ඒ අය ගැන බලාගන්නවා කියන්නේ ඔවුන්ගෙන් පලිගැනීම ගැන නොවේද? බලය ගන්න කලින්ම බලය ලැබුණම පලිගැනීම ගැන කතාකරන පක්‍ෂයකට බලය දීම කොටින් උතුර පාලනය කල කාලයේ වගේ තත්ත්වයක් නිර්මාණය කිරීම නේද? මාලිමාව මෙහෙමද පාලන තන්ත්‍රය සැලසුම් කරල තියෙන්නේ….?

      Delete
  5. යහ පාලනය කියන්නෙ සාපයක්..
    1. රටේ ආරක්ෂාව බල්ලට දාලා ජනපති අගමැති කඹ ඇඳ ඇඳ හිටිය නිසා අහිංසක ජීවිත ගානක් විනාශ වුනා.
    2. රටේ ආර්තිකය බල්ලට දීලා, ඉවක් බවක් නැතිව ණය ගැනීම නිසා ආර්තික අර්බුදයක් ආවා.
    3. තමන් මහා ප්‍රජතන්ත්‍රවාදියි කියලා පෙන්වන්න ව්‍යවස්තා සංශෝධනයක් කරලා ජනාධිපති දූර කාලය අඩු කරලා, දැන් එතනත් හුට පටයක්.. ඒ අඩු කරපු එකෙක්ම එක එක බිල්ලන් ලව්වා දැන් කියනවා අඩු කරපු විදිහ වැරදියිලු. ජනමත විචාරනයකට යන්න කිව්වට ගිහින් නෑලු.. මන් අහන්නෙ අපිද ගියෙ නැත්තෙ?

    ඕකෙ ප්‍රතිවිපාක තව මොන මොන විධිහට ඉස්සරහට බලපායිද දන්නෑ..මම නම් කියන්නෙ ඔය යහපාලන අට මගලය අටවන්න සම්බන්ධ වෙච්ච හැම එකාටම රජ කාලෙ දඳුවම් දෙන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. Yes, agree with you 200%

      Not only that, the foreign geopolitical intervene has been substantially increased after the 2015 regime change and it has made chaos and instability in Sri Lankan government and the governance even after the changes made by GR regime in 2020. Future governments also face even worse issues which are effects of the causes made by the bloody Yahapalana regime.

      Delete
  6. මට මතක හැටියට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකු වීමට අපේක්ෂා කළ අයකු මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඝාතනයට ලක් වූ අවසන් අවස්ථාව ලෙස මතක තිබෙන්නේ 1968 දී රොබර්ට් එෆ්. කෙනඩි ඝාතනය වූ අවස්ථාවයි.

    ඒ වගේම පෙරදින ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට කළ උත්සාහය එවන් උත්සාහයක් ලෙසම ඉතිරි වූ බව පෙනෙන්නේ කෙස් ගසක තරම් දුරින්. මීට වඩා හුරු පුරුදු ඝාතකයකු වුණා නම් රොබර්ට් එෆ්. කෙනඩිගේ ලැයිස්තුවට ට්‍රම්ප් ද එක් වීමට තිබුණා. (කෙනඩි අපේක්ෂකයා වනු ඇතැයි නිසැකව තීරණය වී තිබුණේ නැහැ)

    දෛවයේ සරදමකට මෙන් රොබර්ට් එෆ්. කෙනඩිගේ පුත්‍රයා මෙවර තුන්වන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග කරනවා.

    වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ ප්‍රභූ ආරක්ෂක සේවයේ (US Secret Service) නිලධාරීන් ට්‍රම්ප්ව වේදිකාව මතට තල්ලු කර ඔහුට උඩින් වැතිරුණේ සාමාන්‍ය මෙහෙයුම් සම්ප්‍රදාය අනුවයි. වෙඩික්කරුවා මරාදැමුන ද තවත් වෙඩික්කරුවකු සිටී යැයි වන සැකය මත එවැනි පියවර ගැනීම සාමාන්‍ය දෙයක්. ඉන් අනතුරුව ඔවුන් ට්‍රම්ප්ව වේදිකාවෙන් ඉවත ගෙන යද්දී ට්‍රම්ප්ගේ විශිෂ්ටතම මොහොත එළඹුණා. ඔහු නිකම්ම එතැනින් නික්මුණේ නැහැ. සිය අත මිට මොළවා එසවූ ඔහු "ෆයිට්! ෆයිට්! ෆයිට්!" යනුවෙන් කෑගසනු දකින්න ලැබුණා.

    ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ එවාන් වුච්චි විසින් ගන්නා ලද මෙම ඡායාරූපය මේ අවස්ථාව මනාව පිළිබිඹු කරන ඓතිහාසික ඡායාරූපයක්. ජෝ බයිඩන්ගේ දුර්වල​, පැටලිලිසහගත හැසිරීම සමග මේ ඡායාරූපය යළි යළිත් සන්සන්දනය වනු නොඅනුමානයි.

    ට්‍රම්ප් සමග එක වේදිකාවේ විවාද කිරීම පිළිබඳ සිය අත්දැකීම් ගැන සඳහන් කරන ඩිමොක්රටික හිලරි ක්ලින්ටන් වරක් කියා සිටියේ ඔහුට "සතෙකුගේ ඉව​" තිබෙන බවයි. ට්‍රම්ප් සාමාන්‍යයෙන් සැලකෙන්නේ දුර්වලයන්ට ඔද තෙද පෙන්වන දාමරිකයකු ලෙසයි. නමුත් මේ දකින ට්‍රම්ප් නිර්භීත අයෙක්. මේ මොහොතේ, තවත් වෙඩික්කරුවකු සිටීමේ අවදානම තිබියදී, මෙසේ අත මිටමොළවා පෙන්වන්නට ඔහුට සිහි වූයේ ඒ දේශපාලන ඉව නිසයි.

    දැන් ඉතින්, ජනතාවට එපාවී ඇති ඩිමොක්‍රටික් පක්ෂයට ඉඩකඩ නොදී හොඳින් හෝ නරකින් හෝ සිසිකල්පනාවත් නැති වලපය ගොඩපය බයිඩන් මුත්තා යටතේ පවතින දූෂිත මිනීමරු ඩිමොක්රටික අපත පාලනය ගෙදර යැවිය යුතුයි. නැත්නම් මුළු මහත් ලෝකයටම මහත් විනාශයක් සිදුවනු නොඅනුමානයි.

    ReplyDelete
  7. අඩේ මාතේ Club වසන්ත had better PR and Crisis management team than ගවරංග

    ReplyDelete
  8. ලාල්කාන්ත පරක්කු වැඩියි මාතලන්. මම ජාතික ජන බලවේගය දැඩිව අදහන උග්‍ර මාලීමාවෙක් වුනත් මම ලාල්කාන්ත සහෝදරයාට ඔය දේ කලින්ම කිවුවා. ඔබ හැමතිස්සේම අගය කරන ස්ටාලීන්, මාලීමාවේ මහින්ද ජයසිංහ වගේ අය මීට මාසෙකට කලින් ගුරු වර්ජනය කරනකොට එය වැරදි දෙයක් එයින් වාසිය ගන්නේ ආණ්ඩුව බවත් කිවුවා. මාතලන් වර්ජන කරනවා කියලා පෙරටුගාමීන්ට බැන්නට ඇත්තටම මාලීමාවම තමයි මෙයට වගකියන්න ඕනේ. පෙරැට්ටෝ කලේ ඇත්තටම මාලිමාව කරපු වර්ජනයට මැදින් පැනලා ඔවුන් එහි වගකීම භාරගෙන මාලීමාව බේරීමයි. ඇත්තටම මාලීමාව හා ඔබ ඔවුන්ට ස්තූතී කරන්න ඕනේ. වර්ජනය හරහා මාලීමාවට ඕනේ වුණේ රනිල් හරහා රජයේ සේවකයන්ට පඩි වැඩි කරගෙන ඒ හරහා රාජ්‍ය නොවන පෞද්ගලික අංශයේ වල සහ ස්වයං රැකියාවල නිරත ජනතාව කුපිත කරවීම සහ එහි ප්‍රතිඵල ලෙස පෞද්ගලික අංශයේ හා සාමාන්‍ය මිනිස්සුගෙන් රජයට එරෙහිව අරගලය ආකාරයෙන් වූ දැඩි බලපෑමක් ආණ්ඩුවට විරුද්ධව කරගන්න. හැබැයි එය කිසිසේත්ම සාර්ථක වුණේ නැහැ. ඒ අසාර්ථක වර්ජනය හරහා වුණු පාඩුව කවර් කරගන්න තමයි ලාල්කාන්ත මැදිහත් වෙන්නේ. මෙයින් පේන්නේ ඇත්තටම මාලීමාව රාජ්‍යය ගැන නොව මොනවා හෝ දෙයක් කර මොකකින් හෝ බලය ගන්න හදන බවයි. ඒ ක්‍රියාවලිය තුල සමස්ත රාජ්‍යයම බිදවැටීම ගැන පවා ඔවුන්ට ඇත්තටම කිසිම අවුලක් නැහැ.

    ලංකාවේ මෑතකාලීන වර්ජන ගැන ගත්තොත් නිර්මාල් දේවසිරිලා 2014 පැවති රාජපක්ෂ රෙජීමය එරෙහිව ක්‍රියාත්මක කල නොනවතින සීයයට 6 වර්ජනය ඉතා වැදගත් එකක්. ඒ හරහා කරපු බලපෑම ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දාන්න ප්‍රධාන හේතුවක් වුණා. හැබැයි මෙවර 2024 වර්ජන රැල්ල මෙහිදි එය මාලීමාවේ දැඩි පසුබෑමකට හේතු වුණා. මේ නිසාම වහාම මාලිමාවේ අපි නැවත සංවිධානය වීම අත්‍යවශ්‍ය කාරණයක්.

    ReplyDelete
  9. මාතලන් අධිකරණ ස්වාධීනත්වය ගැන නීතිය නැවීම වගේ දේවල් පිළිබඳව මොනවා කිව්වත් පොදුවේ ගත්කල සියලුම දේශපාලන ව්‍යාපාර ඇතුලේ එකිනෙකට පරස්පර වන වෙනස් අදහස් විවිධ සමාජ දේශපාලන ආර්ථික ආදී වෙනස් මතවාදයන් තියෙන්න පුළුවන්.. සහ මේ මොහොත කියන්නේ සංකීර්ණ දේශපාලන මොහොතක්... රනිල් කියනවා වගේම Politics is a chess game.. ඒක ඒ සමහරවිට අනුර ඇත්තෙත් හැඟීම් බර දේශපාලනයේ පරණ ඉත්තෝ දිනන දේශපාලනයේ. පෙරටුගාමී කණ්ඩායම නම් සම්පූර්ණ ඒකෙ..... මාතලන් මෙතන කියන විදිහට විග්‍රහ කරලා තියෙන්නෙත් ඒ නිසා..

    මාතලන් රජයේ තීරණ ගැන කියද්දී දැනට අර්බුද පවතින අංශවල, විශේෂයෙන්ම දුම්රිය ස්ථානාධිපති විදුලි බලමණ්ඩලය වගේ ඒවායේ අවුල් හරියට ලිහා ගන්නේ නැතිව.. රාජ්‍ය බලය ඇති මොහොතක් නොවුනත් සහය දෙන්න ඕනි නැහැ.

    පොදුවේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර වලට වැඩ වර්ජනයක් කිව්ව ගමන් පුදුම සුරාන්තයක් එන්නේ.. දුම්රිය සේවා නම් අතිකාල දීමනා විතරක් කෝටි 101ක් වෙනවා..කෝටි විසි හතයි සමස්ත දළ ලාභය.. ජවිපෙ නෙවෙයි ලෙනින් නැවත ඉපදිලා ආවත්.. ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ අකාර්යක්ෂම ඒවගේම තක්කඩි රැලක් ඉන්න තැනක්.... ඒකට අදාළ කරන විවේචනයක් ජවිපෙ මාලිමාවේ නම් අංශු මාත්‍රයක් වත් ගෑවිලාවක්වත් නැහැ, ඒක ලංකාවේ වාමාංශික ව්‍යාපාර වලට පොදු කරුණක්..... ආණ්ඩු විරෝධී සටන් පාඨ තියෙනවා නම් ඕනිම කුණු ගොඩකට උදව් කරනවා..... ඒකෙදි ගුරුවරුන්ගේ වැටුප් වැඩි වීමේ අරගලයට එකඟ වුණාට... රාජ්‍ය සේවකයෝ කරන වැඩ වර්ජන වලට වුණත් සහය දෙන්න ඕන ඉදිරි ගන්වන්න ඕනි නිශ්චිත බරපතල විවේචනයක් සහිතව.. මේ නිදහස් අධ්‍යාපනයෙන්ම හැදිච්ච බඩු ටිකක් නේ.. රාජ්‍යයට දේවල් පුද්ගලීකරණය කරන්න මාවත් ජන මතය නිර්මාණය කරන්නෙම ලංකාවේ රාජ්‍ය සේවයේ තක්කඩි රැල.. ඒ නිසා වර්ජන වල බරට එහා.. ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ මොකක්ද කියන සංවාදය ලංකාවේ ඇති වෙන්නම ඕනි.. රාජ්‍ය බලය කරුණාව පැත්තක තිබ්බත්.. ජවිපෙ ඉන්නෙ රාජ්‍ය බලයක් ආසන්නයේ.. රටක් මෙහෙයවන සිහිනයකවත් නැති කාලයේ විරුද්ධ පක්ෂයට වෙලා සටන් පාඨ කියෙව්ව දේශපාලනය දැන් කරන්න බැහැ.. දැන් ජවිපෙට වගකීමක් තියෙනවා... ඔය අඛණ්ඩ වැඩ වර්ජන කතා කියන ගොඩක් හාදයො.. දේශපාලනය කියල මුළු ජීවිතේම ආණ්ඩු විරෝධී සටන් පාඨ කියන්න සහ මොනවා හරි බෝට් ටිකක් උස්සන් ටවුන් හොල් එකේ උද්ඝෝෂණ කරන්න ආස කණ්ඩායමක්..එයාලගේ වාමාංශික දේශපාලනය එය පමණයි..... ලංකාවේ කිසිම තේරුමක් නැති දුම්රිය ස්ථානාධිපතිවරු නම් ගන්න පඩියට සාපේක්ෂව කරන වැඩේට සාපේක්ෂව සත පහක් තව පඩි වැඩිවීම වෙන්න ඕනි නැහැ කියන එකයි මගේ මතය.

    ReplyDelete
  10. වැඩක් කරන මිනිහෙක්ට වැඩ පුළුවන් තව එකෙක් මඩක් ගහන්න කින්ඩියක් දාන්න විතරයි බලන්නේ ඒක තමයි ලංකාවට වෙලා තියෙන එකම හෙනෙත් මේකමයි. වැඩ පුලුවන් එකා ඒව හොඳදේකට පාවිච්චි කරන්නෙ නෑ. මෝඩ ආතල් ගන්න එක විතරයි කරන්නෙ. උගේ හැකියාවෙන් අන්තිමට ඌට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. කොහෙවත් ඉන්න දෙකයි පනහෙ රසියකෝ ටිකක් චූන් වෙනව විතරයි.

    ReplyDelete
  11. ඔක්කොම කරන්නෙ ප්‍රවෘත්ති මවලා මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහන එක, ආණ්ඩුව ඒ අස්සේ දවස ගෙවා ගන්නවා...!

    ReplyDelete
  12. අයිසේ මාතලන්, ලංකාවේ දේශපාලනය දිහා පිටින් බැලුවම අපට පේන විදියට බොහෝ දුරට තව ටික දවසකදි නිදහස් පක්ෂයයි.. පොහොට්ටුවෙ කට්ටිය ඔක්කොමයි.. අන්තිමට රනිල් එක්ක එක පෙලට හිටගන්නව.. රාජිතයි පොන්සේකයි පස්සෙන් තව ඒවි රනිල් ලඟට.. පාටලී වගේ තව අටවං ඉන්න පොඩි පොඩි සෙට් හේත්තු වෙනව.. සජබටයි ජාජබටයි එතකොට ලේසි නෑ.. සර්වජන බලය වෙනම ගමනක් යයි ජනපතිවරණය කෙසේ වෙතත් ඊට පසුව එන්නට නියමිත මහමැතිවරණය ඉලක්ක කරගෙන... රාජපක්ෂ පවුලට උපරිම ලෙස කරන්න පුළුවන් දේ සමහරවිට රනිල් එක්ක එකඟතාවයකට එයි රාජපක්ෂ කෙනෙකුට අගමැති දෙන්න කියල.. එච්චරයි. ඕක තමයි දැනට වෙන්න තියෙන්නෙ, බොහෝ දුරට දේවල් ඔය විදියට පෙළ ගැහේවි.. අපි බලමු තව වැඩි කලක් නෑනේ.

    ReplyDelete
  13. මාතා ලංකාවේ රිකට් පිලේ නව කෝචා විදියට සනත් බඩුසූරිය පත්වෙලා අසලංකයාට ටී20 නායකකම දීලා, ඌ ටිකක් බුකියේ ජනප්‍රිය නිසා ඌ ලව්වා ටීම් එකෙන් කපනවා කියලා බොරුවට තාවකාලිකව ඉවත් කරපු කුසල් මෙන්ඩිසාව ආපහු ටීම් එකට ගන්න ෂම්මි ද සිල්වලා ගේමක් ගහලා වගේ නේද පේන්නේ? අනික සනත් කෝච් වුණා කියන්නේ ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති බවට ඉබේම අසාම් අමීන් පත් වෙනවා.

    තේරීම් කමිටු සාමාජිකයන් බවට ෆේස්බුක් පත්වෙනවා. මොකද මෑතකාලීන සනත් හැමදේම කරන්නේ අසාම් අමීන්ගෙන් අහලා සහ ෆේස්බුක් බලලා. මතකනේ 2017?

    ReplyDelete
  14. ජාතික ජනබලේ කියන්නෙ ලැජ්ජාවට JVP කියාගන්න බැරි පිරිස්සවෙනුවෙන් හදපු අටමගලක්.
    මුං කාවුරුත් යල්පැනගියමාක්ස්වාදී බෙස් එකෙ තමයි ඉන්නේ..

    එතන. තමයි ඔය ජනබලේයි JVP එකෙයි පැපැත්ම තියෙන්නේ..

    ලෝක නියාමකයන්ට. අනුව රටක්. ජාතියක් හදන්න විවෘත ආර්තික ප්‍රතිපත්ති පිලිගන්න ගියොත් අනිත් ජාතිis පක්ශත්. මුනුත් අතර පෙනසක් නෑ... එතකොට
    හොරකම. දූශනය. ගැන විතරයි කතාකරන්න තියෙන්නේ.

    ඒකෙත් රාජපක්ශ ගැන සහ 225 ම. හොරු. අපි. විතරයි සුදු කියන. එක. විතරයි ..

    ඕකට විතරක් මිනිස්සු චන්දෙ දෙන්නේ. නෑ. ... නේ 😂

    ReplyDelete
  15. අනුර කුමාරටයි හඳුන්නෙත්තිලා ඇතුලු ගෝලයෝ රොත්තටයි ගණිතය බෑ. භෞතික විද්‍යාව බෑ.රසායන විද්‍යාව බෑ ආර්ථික විද්‍යාව බෑ.බුද්ධාගම බෑ. දේශපාලන විද්‍යාව බෑ .හැබැයි එක සැරයක් දීල බලන්නලු
    😂 දෙන උන් ඊට වඩා ගොන්නු හැත්තක් 🤣

    ReplyDelete
  16. ලංකාවේ විද්‍යා ක්ෂේත්‍රයෙන් විශිෂ්ට නව සොයාගැනීමක් සිදුකර තිබෙන අතර එනම් ලංකාව තුල ඉතාම තරගකාරී මිලකට සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරන නව ක්‍රමයක් ලටකාවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් බිහිවුණ ලෝකප්‍රකට විශිෂ්ට භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය ඒ. කේ. දිසානායක මහතා විසින් සොයා ගෙන තිබේ. සල්ෆියුරික් අම්ලය (H2SO4) නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් සල්ෆර් අවශ්‍ය වේ. නමුත් ලංකාවේ සල්ෆර් නිධි නොමැත. නමුත් දිසානායක ක්‍රමය (Disanayaka Method) යොදා ගැනීමෙන් ඉතා පහසුවෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කළ හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

    *පියවර 1*

    ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්ය (H2S). මිනිස් අන්ත්‍රයේ ජීවත් වන බැක්ටීරියා විසින් ආහාර ජීර්ණය කර නිපදවන හයිඩ්‍රජන් සල්ෆයිඩ් අධෝවාතය සමග පිට වේ. කුණු බිත්තර ගඳකින් එන්නේ එම හයිඩ්‍රජන් සල්ෆයිඩ්ය.

    *පියවර 2*

    H2S වායුව ඔක්සිජන් තුළ අධික උෂ්ණත්වයක සහ පීඩනයක දහනය කිරීමෙන් සල්ෆර්ඩයොක්සයිඩ් (SO2) නිෂ්පාදනය කර ගනී.

    *පියවර 3*

    එසේ නිපදවන SO2 ජලයේ දියකර ගැනීමෙන් සල්ෆියුරික් අම්ලය නිපදවේ. එහිදී පිටකරන තාපය H2S දහනය සඳහා යොදා ගනී.
    NPP සාමාජිකයන් දිනපතා සිය අධෝවාත හරහා හයිඩ්‍රජන් සල්ෆයිඩ් ටොන් ලක්ෂයක් පමණ වාතයට මුදා හරී. ලෝකයටම අවශ්‍ය සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමට එය ප්‍රමාණවත් බව දිසානායක මහතා ප්‍රකාශ කරයි. එසේ පිටකරන අධෝවාත එකතු කර H2S වෙන් කරගැනීමේ නව නිෂ්පාදනයක් සොයා ගෙන ඇති දිසානායක මහතා ඒ සඳහා දැනටමත් පේටන්ට් බලපත්‍රයට අයැදුම් කර ඇත.

    ලංකාවේ ආර්ථිකයට විශාල පිටුබලයක් විය හැකි මෙම අදහස ඔහුට ලැබුණේ කෙසේදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එස්ලෝන් බට සහ විශ්ව විද්‍යාල නවක සිසුන් යොදාගෙන දිගු කාලයක සිට ඉතාම වෙහෙසකර ලෙස සිදු කළ පර්යේෂණ රාශියක ප්‍රතිඵලයක් ලෙස මෙම ක්‍රමය සොයා ගත් බවයි.

    ReplyDelete
  17. සමස්ත රජ්‍ය සේවකයො සදුදා සහ අඟහරුවාදා වැඩවර්ජනයක්ලු..

    ඔවුන්ගේ ඉල්ලීම් වෙන්නේ මූලික වැටුප 20,000න් වැඩි කිරීම සහ නවත්වා තිබෙන බඳවාගැනීම් යලි ක්‍රියාත්මක කරන්න කියන එක..

    ඔක්කටම කලින් අපි බලන්න ඕනෙ මේ ඉල්ලීම් සාදාරණයද කියලා.

    ලංකාවෙ සමස්ත රාජ්‍ය සේවය ලක්ශ 15යි. රු.20,000 ක පඩි වැඩි කිරීමක් කලහොත් මසකට දැරීමට සිදුවන අමතර වියදම බිලියන 30ක්.
    වසරකට බිලියන 360ක්.

    මත්තල ගුවන්තොටුපළ සඳහා වැයවී ඇති සමස්ත මුදල රු.බිලියන 52යි.

    මොවුන්ගේ මේ ඉල්ලීම සඳහා වසරකට වැයවන මුදල ආසන්න වශයෙන් මත්තල වැනි ගුවන්තොටුපලවල් 7ක් හැදීමට වැය වන පිරිවැයට ආසන්නයි..

    ඊට අමතරව දැනටමත් ලංකාවට විශාලම පිලිකාව වී තිබෙන දරාගත නොහැකි රාජ්‍ය සේවය තවත් වැඩිකිරීම ප්‍රායෝගිකද කියලත් අපිට අහන්න වෙනවා..

    රට බංකොලොත් වූ වෙලාවෙත් පෞද්ගලික අංශයට නැති රු.10,000ක දීමනාවකුත් ලබාගෙන ඇති මේ රාජ්‍ය අංශයේ තක්කඩි නිළධාරීන් ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් මේ විනාශ කරන්නෙ රටේ අනාගතයයි..

    දැනටමත් රටේ පවුල් ලක්ශ 55න් පවුල් ලක්ශ 15ක් නිසා සමස්ත රටටම දුක් විඳීමට අවශ්‍ය නැත.

    බදු ගෙවන ජනතාවක් ලෙස මේ සුලුතරයක් වූ රාජ්‍ය සේවයේ අවශ්‍යතා වෙනුවෙන් බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවට එරෙහිව තීරණ නොගන්නා ලෙසත්
    මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගතකර රටට අවශ්‍ය සහ දැරිය හැකි රාජ්‍ය සේවයක් පවත්වාගෙන යන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිනවා..

    මීට බදු ගෙවන පුරවැසියෙක්

    ReplyDelete
  18. මීට කලින් අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් හිටිය ඩී බී විජේතුංග කියල....මිනීමැරුවෙත් නෑ...රටේ මිනීමැරුනුත් නැවතුනා..., ඡන්ද කල්දාන්න දැගැලුවෙත් නෑ, ව්‍යවස්ථාවෙ හිල් හෙව්වෙත් නෑ. නියම කාලෙ ඡන්දෙ තිබ්බ එයා ඉල්ලුවෙත් නෑ....නිවුනු සාමකාමී මිනිහා....මේ කොටේ අදින එකා වගෙ මරු විකලෙන් වියරුවෙන් බල තන්හාවෙ වැලලෙන්න ගියෙ නෑ......

    ReplyDelete
  19. ලංකාවේ සුප්‍රසිද්ධ කණ්ඩලම විරෝධය මෙහෙයවූ ප්‍රධාන බලවේගය ඉනාමළුවේ හාමුදුරුවෝය.

    විරෝධතා ඔස්සේ ගෙන ආ ප්‍රධාන තර්කය වූයේ හෝටලයට වතුර සැපයුමෙන් කණ්ඩලම වැවේ ජල මට්ටම අඩුවන බවය. එමගින් ගොවීන්ට හානිවන බවය.

    හෝටලය ජලය ලබා ගන්නේ නල ලිං මගින් බව පැවසුනද‍, විරෝධතා කරුවන් පෙන්වා දුන්නේ එකී නල ලිං සඳහා වැව් පත්ලෙන් ජලය ඇදී එන බවකි. මෙය තහවුරු කිරීම උදෙසා විද්‍යාත්මක රූප සටහන් පවා යොදා ගැණිනි.

    මේ අතරවාරයේ ඒ කාලයේ ජනප්‍රියව තිබුණු විකල්ප සඟරාවකට ( විවරණ..?) ලිපියක් සම්පාදනය කරමින් ආචාර්ය ජයදේව උයන්ගොඩ අවධාරණය කළේ මෙතැන ඇත්තේ ජලය පිළිබඳ ගැ⁣ටළුවක් නොවන බවය.

    තමන්ගේ ඉඩම්වල කඹුරන ප්‍රවේණි දාසයින් තමන්ට අහිමි වෙතැයි බියෙන් ඉනාමළුවේ හිමියන් මේ විරෝධය මෙහෙයවන බවට ඔහු තර්ක කළේය.

    මේ අව්අස්සේ තවත් කරුණක් හෙළිදරව් විණි.

    හාමුදුරුවෝ කොකාකෝලා සමාගමේ නිෂ්පාදනාගාරයක් තැනීම සඳහා තමන්ගේ ඉඩමක් බදු දී ඇති බවය.

    බීම නිපදවීම සඳහා දිනපතා දඹුලු ඔයෙන් ජලය ලීටර දස දහස් ගණනක් ලබා ගැනීමට ද සැලසුම් කර තිබිණි.

    කණ්ඩලම වැවට ජලය ලැබෙනුයේ දඹුලු ඔයෙනි. වැව් පතුලෙන් නල ලිං සඳහා කාන්දු වන වතුර නිසා ගොවිතැනට බාධා සිදුවන්නේ නම්; කෙලින්ම දඹුලු ඔයෙන් ලීටර දස දහස් ගණනක් වතුර ගැනීම අවුලක් නොවන්නේ කෙසේදැයි තර්කයක් මතු විණි.

    විරෝධය දියාරුව ගියේ ඉන් පසුවය.

    කොකාකෝල නිෂ්පාදනාගාරය හකුලා ගැණිනි.

    හෝටලය මුල් සැලසුමේ ආකාරයටම ඉදිවිණි..

    කණ්ඩලම හෝටලය ජාත්‍යන්තර හා දේශීය පරිසර සම්මාන ගණනාවකින් පිදුම් ලබ ඇත. කණ්ඩලම නිසා ම මෙරටට එන සංචාරකයෝද සිටිති.

    මම එදා සිටම හෝටලයට පක්ෂව සිටියෙමි. ජීවිතයේ අවස්ථා දෙකකදී එහි නවාතැන් ගෙන ඇත්තෙමි.

    ඒ කාලයේ විරෝධතා දැක්වූ සමහරු නම් පරිසරය විඳින්නට මාස දෙක තුනකට සැරයක් එහි යන බව මම දනිමි,

    නමුත් මෙය හොඳ අධ්‍යයනයක් වේවි ලංකාවේ දේශපාලනය හදාරන්න, මොකද ලංකාව කවදාවත් නොදියුණු වට හේතුව ඕකයි හැම දේකටම විරුද්ධ වෙන කාලකන්නින් ඉන්නවා හැබැයි උන් අවු.ගානක් ගියාම ඒකම හොඳයි කියනවා පෝට් සිටියත් එහෙම එකක් තව ගොඩක් දෙවල් තියෙනවා

    ඔය විදියටම අවුරුදු දොළහකට විතර ඉස්සර හෝටලයක් හදන්න ආවා හල්දුම්මුල්ල පැත්තෙ.... නොයිඳුල් වනයක් කපලා හෝටලේ හදන්න දෙන්න බෑ කියලා පන්සලේ ලොකු තැන දැවැන්ත උද්ඝෝෂණයක් කරා... වේලිඔයෙන් වතුර ගන්න කල්තොට ගොවීන් ඇවිල්ලා කැලේ තිබ්බ ගස් මහණ කරා.... ලොකු අඩව්වකට පස්සෙ හාමුදුරුවෝ එකඟ වුනා.... හෝටලේ හදන්න... ගමට රැකියා දහස් ගණනක් එන නිසා එකඟ වුනා කිව්වා..... එ එක්කම 2015 ආනඩුව පෙරලුනා..... හෝටලේ හැදුනේ නෑ අන්තිමට....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න