චතුර අල්විස්,ක්ලබ් වසන්ත
ජාතික අජ්ජාපනය සහ Z ඉස්කෝර්
➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖
මේ දවස් ටිකේ මේ රටේ සමාජය, මාධ්‍ය හා ජනතාව ගැන විචක්ෂණශීලීව හදාරන කෙනෙක්ට හරි සුවිශේෂී කාළයක්ය. ඊට හේතු ගනනාවක් තිබුනත් කරුණු කාරනා දෙකක් ගැන පමණක් කතා කොරන්න හිතුවාය.
මේ රට මේ තත්වයට පත් වූවාට ගොබ්බ ජහමනයා හෙන ඉල්ලන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ටය. මේ 225න් කොයි කොලේ ඇදලා ගැහුවත් එන්නේ ඩොන්කියෙක් බව කිව්වෙත්, ඒකේම ඉන්නා.. ජනාධිපති වෙන්න පෙරුම් පුරනා හද්දා ගං කබර ඩොන්කියෙක්මය. කරුමය නම් ඒ ඩොන්කියා හිතන්නෙත් එසේම නම්... ඌ බලයට පැමිණ, මේ රටේ සිස්ටම් චේන්ජ් කොරන්නේ කොහොමද කියනා එකය.
ඌ ඇවිත් මේ රට ගොඩගන්නේ නැති බව අප ලියන්නේ, උන්ගේ ඉතිහාසය අප දන්නා නිසාත්, රාජ්‍ය සේවය කබාසීනියා කළේ උන්ගේ මානසිකත්වයේම ඉන්නා පට්ට ගං කබර නිළධාරී පැලැන්තිය නිසාත්ය. මුන් උසස් නිළධාරීන් වූවාට. උන්ගේ ඇඳුම් පැලදුමෙන් හා විශේෂයෙන් ටයි එකෙන් හා ගෑණියෙක් නම් හැට්ටයෙන්, මුන් පට්ට ගං කබරුන් බව ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.
රාජ්‍ය සේවයට පසු මේ රට කබාසීනීයා කර දැමීමේ වගකීම ඒ හා සමානවම හිමි වන්නේ පඩත්තල ජඩමාධ්යවේදයට හා ජඩමාධ්යවේදීන්ටය.
චතුර අල්විස් කියන්නේ මේ රටේ ජනප්‍රියම මාධ්‍යවේදියාය. හැබයි, චතුර මෙන්ම සංඛත්, එම නාලිකාවේම කලිඳු දිල්කා හා සමන්ති තරම් හෝ සමාජය ගැන අවබෝධයක් නොමැති දෙදෙනෙකු බව මේ දිනවල ප්‍රදර්ශනය කරමින් සිටින්නේය.
මාතලන් බොහෝ කළකට පෙර ලියූවේ සංඛ අමරජිත් ගැලපෙන්නේ ලෝකයා හා ලෝකයෝ වැඩසටහනට බවත්, චතුර අල්විස් ට්‍රැවල් විත් චතුර සඳහා බවත්ය. මොකෝ සංඛ අමරජිත් කියන්නේ අටපට්ටමේ බුවා වගේ ජෝකර් කෙනෙක් නිසාමය.
සමහරවිට ඔවුන් මෙසේ පිස්සු කෙලින්නේ තමන්ගේ බොසා ජනාධිපති කොරන්නට යන නිසා වෙන්නත් ඇතිය. එය එසේ නම්... ඔවුන්ට දොස් කීමත් වැරදිය.
එසේ නොමැතිව ඔහු ජනප්‍රිය මෙන්ම පරිනත ජනමාධ්‍යවේදියකු වූවා නම්, මේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමේ නොමැතිවීම ගැන සුසිල් ප්‍රේමජයන්තට පමණක් දොස් කියන්නේ නැතිය.
තම දරුවන් ටියුෂන් පන්ති යවනා කුර හා අං සහිත දෙමව්පියෝ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවාට අදටත් විරුද්ධය. අධ්‍යාපනයේ නවීකරණය, සුහුරු අජ්ජාපනේ මෙන්ම ක්වොන්ටම් ලීප් ගැන කතාකරනා අම්බරුවෝ, මීට වසර 40 කට පෙර ජේ ආර් ජයවර්ධන විසින් අධ්‍යාපානය නවීකරණය සඳහා ගෙන ආ ධවල පත්‍රිකාවට අදටත් විරුද්ධය. සයිටම් ආයතනය පටන් ගත් උන් හා එක්ව එය වසා දැමුවේ අද මේ ක්වොන්ටම් ලීප් ගැන කතා කරන පට්ට ගං කබර ත්‍රස්තවාදියෝය. හතේ පොතට සෙක්ස් දැම්මා කියා සංඝයෝ යමා මහා පෙලහර පාන්නෝය.
එවන් රටක මේ වසර දෙක තුල රාජ්‍ය සේවය, ආයතන මෙන්ම සිස්ටම්, නීතී රීතී හා අනපනත් තුල මෙන්ම පාසල් අධ්‍යාපනය තුලද සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් රාශියක් සිඳු වූ බව පිලිගන්නේ නැත්තේ පට්ට කුහකයෙක්ම පමණය.
තත්වය එසේ තිබියදී... ඊයේ පාර්ලිමේන්තුවට, ඩලස් අලහප්පෙරුම නම් අමු ගං කබර දේශපාලුවා Z ස්කෝර් පිළිබඳ යොජනාවක් ගෙනෙනුයේ... තනිකරම රාජ්‍ය සේවයට තව තවත් පිරිස එකතු කිරීමටය. මෙවන් අම්බරුවෝ ජනාධිපතිවරු වූවහොත් නම් රටට අබ සරණමය.
කොච්චර දුන්නත් කෙරුවත් ඒවායින් සෑහිමකට පත් නොවනා.... අගයකිරීම් හෙවත් ඇප්රිශේෂන් නොදන්නා... ඩීප්ලී ඩිප්‍රෙස් ඩිප්රිශේෂන් ජාතියකට, කොමිෂන් සභාවලට ගෙනත් හෝ ඒවා අමු අමු පට්ට ගෝත්‍රික අදහස් හා හැසිරීම් බව අවබෝධ කරවන්නේ නම් එය ඉතා අගනේය.
සමාජ මාධ්‍ය නියාමනයට වලිකන දේශපාලුවෝ.... ඊට පෙර මේන් ඉස්ට්‍රීම් ජඩමාධ්‍ය නියාමනයට පියවර ගත්තේ නම්... ක්ලබ් වසන්ත වැනි පාදඩ මිලේච්ඡ මිනීමරු පාතාල උද්දික පුතෙකුටත් නිවන් සුව පතනා කුර හා අං සහිත අම්බරුවන් රැලක් මේ රටේ බිහිවන්නේ නැතිය.
අනුර හොරේෂෂ් විසින් ආරම්බ කළ මහා සමාජයෙන් සැඟව තිබූ පාතල චරිත වීරයෝ කිරිම මේ වන විට සුදාලා හා චූ ටියුම් කාරයෝ විසින්, "වසන්ත අයියා" වන්දනාමාන කරනා මුණිවරුන් බවට පත් කොට අවසානය. එමෙන්ම හො ම ත ග යු අනෙක් කරුන නම් මොවුන්ද පාතාලයේ ගොඳුරු බවට පත්ව උන්ගේ මුදලට හා යෝනිවලට යටත් වූවන් බවය.
ටැටූ බුවාගෙන් පොලීසියේදී කට උත්තර ගෙන ඒවා ප්‍රචාරය කිරීමට කින්ඩිය දානා චමුදිත... උගේ බඩකඩුත්තුවට නිදහස් ජඩමාජ්ජවේදීන් ගෙනවිත් කරන්නේත් පොලීසිය කළදේම බව කියා දෙන්නට ජනමාධ්‍ය ගැන අවබෝධයක් නැති එකෙක් රටේ නැති වීමත් ඒ සඳහා නීතියක් නැතිවීමත් හේතුවෙන් නුදුරු දිනයකදීම මේ රට තවත් චිකාගෝවක් නොව මැක්සිකෝවක් වන බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.
ඉස්ධූතී... නන්ඩ්‍රෙයි... ටෑම්ක්ස් හොඳේ....
ඒ වගත් මෙසේය... ..
.
සිය ප්‍රතිවාදීන්ට උණ්ඩයේ නම කොටා වෙඩි තබනු අප දැක ඇත්තේ බටහිර චිත්‍රපටයක හෝ ඉන්දියානු චිත්‍රපටවල පමණි. දසක ගණනාවක් තිස්සේ ගිනි අවි සමඟ මෙරට පාතාල අපරාධකරුවන් සෙල්ලම් පෑව ද උණ්ඩයේ නම කොටා කිසිවිටකත් වෙඩි තබා තිබුණේ නැත. දැන් එයත් සම්පූර්ණය. කැරොකේ වසන්ත නැත්නම් බඩුපොට් වසන්තයාව ඉලක්කරගෙන අතුරුගිරියේ තැබූ සෑම වෙඩිල්ලකම කංජිපානි ඉම්රාන් සිය නම සටහන්කර තිබුණේය. ඒ KPI යැයි පෑනකින් සටහන් තබාය.
ReplyDeleteකැරොකේ වසන්ත ඉලක්ක කරගෙන වෙඩික්කරුවන් දෙදෙනෙක් පසුගිය 08 වෙනිදා උදෑසන වෙඩි තබන්නේ ටී 56 අවි දෙකක් යොදාගෙනය. එතැන බිම වැටී තිබී සොයාගත් පතොරම් හිස් කොපු 27ම සටහන්ව තිබී ඇත්තේ KPI කියාය.
මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ කංජිපානි ඉම්රාන් යැයි කියන්නේ කංජිපානි ඉම්රාන් මත්කුඩු ජාවාරම සිදු කිරීමේදී ඔහුට පාකිස්ථානයෙන් ලැබෙන මත්කුඩු පාර්සල්වල KPI යැයි කියා ඔහුගේ ප්‍රවර්ධන නාමය සටහන් කරන නිසාම නොව වසන්තව මරා දැමීමට කංජිපානිට ඇති හේතූ ගණනාවක්ම හෙළි වෙමින් පවතින බැවිනි. එහෙත් ඇතැම් උදවිය එය පිළිගන්නට එතරම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඔවුන් කංජිපානිගෙන් යැපෙන උදවිය නිසාද? එසේත් නැතිනම් කංජිපානිගේ පිහිටෙන් යම් දවසක ප්රංසය වැනි රටක ජීවත් වන්නට ඇති කැමැත්ත නිසාදැයි යමකුට ප්‍රශ්න කළ හැකිය. ඒ කංජිපානි සම්බන්ධයෙන් වූ විමර්ශන ගොන්නක්ම සිදු කළ පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විට පාතාල තර්ජන කංජිපානිගෙන් ඇතැයි පවසමින් ලංකාවෙන් පලාගොස් දැන් ප්‍රංසයේ කංජිපානිගෙන්ම යැපෙමින් ජීවත් වෙන බැවිනි. පාතාල අපරාධ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2019 2020 වසරවලදී සිදුවූ ආණ්ඩු මාරුවත් සමගම රටින් පැන්න එම පොලිස් පරීක්ෂකවරයා මෑතකදී කිහිප දෙනකුට දැකගන්නට පවා ලැබී ඇත්තේ ඉතාලියේ දී කංජිපානි සමඟ එකට සිටියදීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩිල්ලකින් මරුමුවට පත්වූ ප්‍රබල පාතාල අපරාධකරුවකුගේ මාමා යැයි කියැවෙන තවත් ප්‍රබල පාතාල අපරාධකරුවෙක් ජීවත් වෙන්නේ ඉතාලියේය. අපරාධ ලෝකයෙන් ඈත්ව ජීවත් වෙන ඔහු ඉතාලියේදී සාදයක් සංවිධානය කර ඇත්තේ සිය උපන්දිනය වෙනුවෙනි. එම සාදයේ ආරාධිතයන් අතර කංජිපානි ද සිට ඇත. කංජිපානි එම සාදයට පැමිණ ඇත්තේ පොලිස් පරීක්ෂකවරයා සමඟිනි.
මෑත කාලයේ පසුගිය යහපාලන රජය සමයේ කොළඹ සිදු වූ පාතාල අපරාධ ගොන්නක්ම පරීක්ෂණ කිරීමට නියම වී සිටි මෙම නිලධාරියා මාකඳුරේ මධුෂ් අබිරහස් වෙඩි පහරකින් මරුමුවට පත්වන විටත් සිට ඇත්තේ පාතාල අපරාධ විමර්ශනවල නිරත වෙමිනි.
සිය දියණියගේ උපන්දින සාදය පැවති හෝටලයට ඩුබායි පොලිසිය පැන මධූෂ් ඇතුළු 31 දෙනෙක් අල්ලා ගෙන ඒ අයව විටෙන් විට ලංකාවට පිටුවහල් කරන්නේ 2019 වසරේදීය. ඒ අතර කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාලයේ අපරාධකරුවන් රොත්තක්ද, ජනප්‍රිය ගායකයෙක් ද ඔහුගේ පුතා ද බන්ධනාගාර නිලධාරියෙක් ද, රංගන ශිල්පියෙක් ද සිටියේය. මාකඳුරේ මධුෂ්ව ලංකාවට ගෙන එන්නේ අවසානයටය. ඒ ඩුබායි පොලිසියේ ඉල්ලීම පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ඩුබායි ගොසිනි. ඒවන තෙක්ම ලංකාවේ එවකට ජනපති වත් විකාබ ප්‍රධානී ලතිෆ් වත් මේ ගැන කිසිවක් නොදැන සිට ඇති අතර 2019 පෙබරවාරි 05 වෙනිදා ඩුබායි පොලිසිය විසින් අල්ලාගත් මධුෂ් ව ලංකාවට කුදලා ගෙන එන්නේ හරියටම මාසය තුනකට පසු මැයි 05 වෙනිදාය. අනතුරුව වසරට වැඩි කාලයක් රැඳවුම් නියෝගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කළ ද ගිනි අවියක් දෙකක් හැරුණු කොට වෙන කිසිවක් මධුෂ්ගෙන් සොයා ගැනීමට ඉඩක් නොවීය. අඩුම තරමින් මධුෂ්ගේ දේපොළවලට වූ දෙයක් ද අනාවරණය නොවීය. ඩුබායි සිට මධුෂ්ව ලංකාවට රැගෙන ඒමට පෙර ඔහුට ඇතැයි කියා පොලිසිය පැවසූ තරු පහේ පන්තියේ සුපිරි හෝටලයට පවා වූ දෙයක් නැත. අවසානයේදී සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාසයට භාරගැනීමෙන් කෙටි දිනක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගන්නට නොහැකි වූ කිලෝ ගාණක මත්කුඩු තොගයක් ද සොයාගෙන ඉතිරි මත්කුඩු තොගය සොයා ගැනීමට යමින් සිටියදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්වන්නේ මාළිගාවත්තේ තට්ටු නිවාස සංකීර්ණයක් තුළදීය. පොලිසිය බලා සිටියදී මධුෂ්ට වෙඩි තැබූ ඒ වෙඩික්කරු අදටත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත. ඒ වෙඩික්කරුවන් හොඳින්ම දන්නා කියන අයෙක් වන්නේ ප්‍රංශයට පැන්න පොලිස් පරීක්ෂකවරයාය. බුද්ධි අංශ නම් විශ්වාස කරනු ලබන්නේ ඔහු ප්‍රංශයට පැන්නේ කංජිපානි සමඟ සම්බන්ධකමක් ගොඩනඟාගෙන බවය. දැන් ප්‍රංශයේ රැඳී සිටින ඔහුව නඩත්තු කරන්නේ යැයි කියැවෙන්නේ ද කංජිපානිය. කැරොකේ වසන්තගේ ඝාතනයත් සමඟ පොලිස් නිලධාරීන් රැසකට ජීවිත තර්ජන එල්ලවී ඇති බව පවා කියැවෙන්නේ ඒ නිසාය.
Deleteඩුබායි සිට ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු කංජිපානි ඉම්රාන් නැවත ඇප ලබාගෙන රටින් පනින්නේ 2023 වසරේදී ලංකාවේ නීති සංගමයේ ලොක්කකුගේ මැදිහත්වීම මත සුවිශේෂී ආකාරයකට වන අතර මේ කාලය තුළ ලොකු ගේමකට කංජිපානි ඉම්රාන් අත තබා තිබුණේ නැත. මෝදර මට්ටක්කුලිය ආශ්‍රිතව පමණක් ඔහුගේ පාතාල ක්‍රියාකාරකම් සිදු විය. ඒ සිය පියා මරා දැමීමට තැත් කළ අයට පහරදෙමිනි. එය කංජිපානිට පාතාලයේ ලොකු හයියක් නැවත ගොඩනඟා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. උණ්ඩයේ නම ගසා හිතා ගන්න බැරි ගේමක් කංජිපානි ගස්සවන්නේ පොලිස් පරීක්ෂකවරයා ප්‍රංසයට පැන ගිය පසු බව අමතක නොකළ යුතුය. භයානක තත්ත්වය වන්නේ ඔහු දැන් කංජිපානි ඉම්රාන් සමඟ සිටින බව කියැවෙන බැවිනි. පොලිසියේ ඇතැම් උදවියට පවා තර්ජනයක් එල්ලවී ඇත්තේ ඒ නිසාය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් පරීක්ෂකවරයාගේ මඟ යමින් ඇතැම් තවත් පොලිස් නිලධාරීන් දෙතුන් දෙනෙක් වැඩිකල් නොගොස් ප්රංසයෙන් මතු වුවහොත් ඒ ගැන පුදුම විය යුතු ද නැත.
මන් මේ සිද්දිය ගැන කියවපු එකම වැදගත් පොස්ට් එක , ලංකාවෙ මිනිස්සු හිතනවානම් ජනාධිපතිවරණයේන් පස්සේ ලංකාව වෙනස් වෙයි උන්ට පට්ට මොංගල්. වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ගේ ආකල්ප.
ReplyDeleteParameters that indicate the economic development of a country and the well-being of its people include (You cannot express the full picture by one parameter):
ReplyDelete#Economic Development Indicators:
Gross Domestic Product (GDP): The total value of all goods and services produced in a country within a specific period. It indicates the economic performance and size of an economy.
#GDP per Capita: GDP divided by the population, providing an average economic output per person, often used to gauge the standard of living.
#Unemployment Rate: The percentage of the labor force that is unemployed and actively seeking employment. Lower rates indicate better economic health.
#Inflation Rate: The rate at which the general level of prices for goods and services is rising. Moderate inflation is typical in a growing economy, while high inflation can indicate economic instability.
#Foreign Direct Investment (FDI): The net inflows of investment to acquire a lasting management interest in an enterprise operating in an economy other than that of the investor.
#Balance of Trade: The difference between the value of a country's exports and imports. A positive balance indicates a trade surplus, while a negative balance indicates a trade deficit.
#National Debt: The total amount of money that a country’s government has borrowed. High national debt can be a sign of economic distress.
Industrial and Agricultural Output: Measures of production in the industrial and agricultural sectors, indicating the economic activity in these key areas.
#Technological Advancements: The level of technology development and adoption within the country, influencing productivity and economic growth.
Well-Being Indicators:
#Human Development Index (HDI): A composite statistic of life expectancy, education, and per capita income indicators, which are used to rank countries into different tiers of human development.
#Life Expectancy: The average number of years a person is expected to live, reflecting the overall health of the population.
#Education Levels: Literacy rates, average years of schooling, and higher education attainment rates, indicating the educational status of the population.
#Poverty Rate: The percentage of the population living below the poverty line, showing the level of income inequality and economic hardship.
#Access to Healthcare: The availability and quality of medical services, indicating the population’s health and well-being.
#Income Distribution: The equality or inequality in the distribution of income across the population, often measured by the Gini coefficient.
#Employment Quality: The prevalence of stable, well-paying jobs with benefits, as opposed to underemployment or informal employment.
#Housing Quality and Availability: The quality and availability of housing, reflecting living standards and economic security.
#Environmental Quality: The state of the natural environment, including air and water quality, which affects health and quality of life.
#Social Safety Nets: The availability of social welfare programs, such as unemployment benefits, health insurance, and pensions, which provide economic security.
##These indicators collectively provide a comprehensive picture of a country’s economic development and the well-being of its people##
රටක ආර්ථික සංවර්ධනය සහ එහි ජනතාවගේ යහපැවැත්ම පෙන්නුම් කරන පරාමිතීන් ඇතුළත් වේ (ඔබට සම්පූර්ණ පින්තූරය එක් පරාමිතියකින් ප්‍රකාශ කළ නොහැක):
Delete#ආර්ථික සංවර්ධන දර්ශක:
දළ දේශීය නිෂ්පාදිතය (GDP): නිශ්චිත කාල සීමාවක් තුළ රටක නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකම. එය ආර්ථිකයක ආර්ථික කාර්ය සාධනය සහ විශාලත්වය පෙන්නුම් කරයි.
# ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය: GDP ජනගහනයෙන් බෙදනු ලැබේ, පුද්ගලයෙකුට සාමාන්‍ය ආර්ථික නිමැවුමක් සපයයි, බොහෝ විට ජීවන තත්ත්වය මැනීමට භාවිතා කරයි.
#විරැකියා අනුපාතය: රැකියා විරහිත සහ සක්‍රීයව රැකියා සොයන ශ්‍රම බලකායේ ප්‍රතිශතය. අඩු පොලී අනුපාත වඩා හොඳ ආර්ථික සෞඛ්‍යයක් පෙන්නුම් කරයි.
#උද්ධමන අනුපාතය: භාණ්ඩ හා සේවා සඳහා සාමාන්‍ය මට්ටමේ මිල ඉහළ යන අනුපාතය. වර්ධනය වන ආර්ථිකයක මධ්‍යස්ථ උද්ධමනය සාමාන්‍ය දෙයක් වන අතර ඉහළ උද්ධමනය ආර්ථික ස්ථාවරත්වය පෙන්නුම් කරයි.
#විදේශීය සෘජු ආයෝජන (FDI): ආයෝජකයාගේ ආර්ථිකය හැර වෙනත් ආර්ථිකයක ක්‍රියාත්මක වන ව්‍යවසායක කල්පවත්නා කළමනාකාරීත්වයක් ලබා ගැනීම සඳහා ආයෝජනයේ ශුද්ධ ගලා ඒම.
#වෙළඳ ශේෂය: රටක අපනයන සහ ආනයන වටිනාකම අතර වෙනස. ධනාත්මක ශේෂයක් වෙළඳ අතිරික්තයක් පෙන්නුම් කරන අතර සෘණ ශේෂයක් වෙළඳ හිඟයක් පෙන්නුම් කරයි.
#ජාතික ණය: රටක රජය විසින් ණයට ගෙන ඇති මුළු මුදල් ප්‍රමාණය. ඉහළ ජාතික ණය ආර්ථික අර්බුදයක ලකුණක් විය හැකිය.
කාර්මික සහ කෘෂිකාර්මික නිමැවුම්: මෙම ප්‍රධාන ක්ෂේත්රවල ආර්ථික ක්‍රියාකාරකම් පෙන්නුම් කරමින් කාර්මික සහ කෘෂිකාර්මික අංශවල නිෂ්පාදන මිනුම්.
#තාක්ෂණික දියුණුව: ඵලදායිතාවයට සහ ආර්ථික වර්ධනයට බලපෑම් කරමින් රට තුළ තාක්ෂණික සංවර්ධන මට්ටම සහ අනුගමනය කිරීම.
යහපැවැත්ම දර්ශක:
#මානව සංවර්ධන දර්ශකය (HDI): මානව සංවර්ධනයේ විවිධ මට්ටම්වලට රටවල් ශ්‍රේණිගත කිරීමට භාවිතා කරන ආයු අපේක්ෂාව, අධ්‍යාපනය සහ ඒක පුද්ගල ආදායම් දර්ශකවල සංයුක්ත සංඛ්‍යාලේඛනයකි.
# ආයු අපේක්ෂාව: ජනගහනයේ සමස්ත සෞඛ්‍යය පිළිබිඹු කරමින් පුද්ගලයෙකු ජීවත් වීමට අපේක්ෂා කරන සාමාන්‍ය වසර ගණන.
#අධ්‍යාපන මට්ටම්: සාක්ෂරතා අනුපාත, පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය වසර සහ උසස් අධ්‍යාපන ලැබීමේ අනුපාත, ජනගහනයේ අධ්‍යාපන තත්ත්වය පෙන්නුම් කරයි.
#දරිද්‍රතා අනුපාතය: දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනගහන ප්‍රතිශතය, ආදායම් විෂමතා මට්ටම සහ ආර්ථික දුෂ්කරතා පෙන්නුම් කරයි.
#සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය: ජනගහනයේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පෙන්නුම් කරන වෛද්‍ය සේවාවන්හි පවතින බව සහ ගුණාත්මකභාවය.
#ආදායම් බෙදා හැරීම: බොහෝ විට ගිනි සංගුණකය මගින් මනිනු ලබන, ජනගහනය පුරා ආදායම් බෙදී යාමේ සමානාත්මතාවය හෝ අසමානතාවය.
#රැකියාවේ ගුණාත්මකභාවය: ඌන සේවා නියුක්තිය හෝ අවිධිමත් රැකියාවලට ප්රතිවිරුද්ධව ප්රතිලාභ සහිත ස්ථාවර, හොඳ වැටුප් සහිත රැකියා බහුල වීම.
#නිවාස ගුණාත්මකභාවය සහ ලබා ගත හැකි බව: ජීවන තත්ත්වයන් සහ ආර්ථික සුරක්ෂිතභාවය පිළිබිඹු කරමින් නිවාසවල ගුණාත්මකභාවය සහ ලබා ගැනීමේ හැකියාව.
#පාරිසරික ගුණාත්මය: සෞඛ්‍යයට සහ ජීවන තත්ත්වයට බලපාන වාතය සහ ජලයේ ගුණාත්මකභාවය ඇතුළු ස්වභාවික පරිසරයේ තත්ත්වය.
#Social Safety Nets: විරැකියා ප්රතිලාභ, සෞඛ්‍ය රක්ෂණ සහ විශ්‍රාම වැටුප් වැනි සමාජ සුබසාධන වැඩසටහන්, ආර්ථික සුරක්ෂිතභාවය ලබා දීම.
##මෙම දර්ශක සාමූහිකව රටක ආර්ථික සංවර්ධනය සහ එහි ජනතාවගේ යහපැවැත්ම පිළිබඳ පුළුල් චිත්‍රයක් සපයයි##
විවරණ කෙරෙන තරමට එක එක දේවල්
ReplyDeleteඑළියට ඒවි හැංගිල ඇති ගොඩක් කචල්
සමාජයක අපගේ වැනි- තියෙන අවුල්
මෙහෙම සිද්දි නොවෙතොත් නෙව ඇබ්නෝමල්