කොළඹ වට කරන්නට විත්
මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..
➖➖➖➖➖➖➖➖➖😭➖➖
රණසිංහ ප්‍රේමදාස කියන්නේ සමාජයේ පහළම පන්තියේ සිට පැමිණ, රටේ විධායක ජනාධිපති ලෙස පත් වූ "පොරක්‍ය". ප්‍රේමදාසට ජනාධිපති වීමට පෙර, පාර්ලිමේන්තුවේ හෝ සප් එකට කණ්ඩායමක් උන්නේ නැතිය. සප් එකට උන්නේ මැද කොළඹ ජනතාව හා වතු ආශ්‍රිත ජනතාවය.
ප්‍රේමදාසට පොඩි මිනිස්සුන්ගේ නායකයා කියා කිව්වේ ඒ නිසාය. 1988/89 භීෂණ යුගයේ ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගන්නේ මේ පීඩිත පන්තියේ පිරිසගේ බලය පෙන්වා දැමූ තගරිය හේතුවෙනි.
එසේ බලයට පත් වූ ළොකු ප්‍රේමේ වෙනත් දේශපලුවන් මෙන් පොඩි මිනිහා අමතක කළේ නැතිය. ඔහු කොළඹ නාගරික ජනතාවගේ පමණක් නොව රටේම පොඩි මිනිහාගේ නායකයා වුනේය.
එහෙත් සජිත් ප්‍රේමදාස මුලින්ම අමතක කළේ මැද කොළඹය. මේ දුප්පත් පීඩිත ජනතාව සමඟ ගැටෙන්නට ඔහු අකමැති වූයේය. මැද කොළඹ සුචරිතය පාලුවට ගියේය. එහි වෙසන ජනතාවද ඔහු ප්‍රතික්ෂේප කලේය. එයාට තිබෙන කැලෑ පිස්සුව නිසා එයා තෝරාගත්තේ යාලට කිට්ටුව ප්‍රදේශයය.
සජිත් ප්‍රේමදාසට දේශපාලන උපදෙස් දෙන්නේ මොකාදැයි කියා අප දන්නේ නැතිය. සමහර විට තිබෙනා උද්දච්ඡ කමට එහෙම උන් නැතිවත් ඇතිය. එහෙම දෙනවා නම් ඌ හෝ උන්, අමු අම්බරුවන් විය යුතුය.
ලංකාවේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්න එකා යුනියන් කාරයෙක්ගේ උද්ඝෝෂණයක එක් චරිතයක් කරන්නට තරම් අමණයන් රැලක් හෝ එකෙක්, උපදේශකයින් ලෙස සිටින්නේ නම්, එය පක්ෂය නගාසිටුවීමක් නොව පක්ෂය විනාශ කිරීමක් විතරමය.
එහෙත් පියානෝ හෙවත් රණසිංහ ප්‍රේමදාස උපදේශකවරුන් ලෙස පත්කර ගත්තේද සුපිරි බඩුය. පාස්කරලිංගම්, සුසිල් සිරිවර්ධන, දයාන් ජයතිලක වැනි බුලට් බඩුය. ඔවුන් මහ ප්‍රේමේට මේ වාගේ ලණු දුන්නේ නැතිය. අනික කලින් කී පරිදි, ඔහු ජනාධිපති වන තෙක් ඔහු වටා කණ්ඩායමක් උන්නේ නැතිය. ජේ ආර්ගේ මිනිසුන්ගෙන් ඔහු හා එකතු වූයේ රන්ජන් විජේරත්න පමණි.
ඊයේ ඇත්තටම සිඳු වූයේ උද්ඝෝෂණයක් නොව සජිත් පච කිරීමේ කුමණ්ත්‍රණයකි. සජිත් ඒ ළණුව නියමෙටම කෑවේය. සජබයේ ප්‍රභලයකු වූ පාඨලී සජබයෙන් ගැලවී ගියේය. පාඨලී මෙන්ම ෆොන්සේකාද සිටින්නේ පොදු අපේක්ෂක සිහිණයකය.
අරගලයෙන් පසු දේශපාලන මැර බලය රාජපක්ෂ බයියන්ගෙන් ගිලිහී පෙරටුගාමීන් ලබාගෙන අහවරය. පෙරටුගාමීන් හා කිසිවකුට හෝ බබා හුකුං දේශපාලනය තවදුරටත් කරගෙන යා නොහැක.
මේ බව මුලින්ම අවබෝධ කරගන්නේ සරත් ෆොන්සේකාය. පක්ෂයක් ලෙස අවබෝධ කරගෙන ඇත්තේ ජවිපේ පමණි. තමන්ගේම පිරිසක් බැවින් ඒ අවබෝධය ඔවුන්ට ඇත. එමෙන්ම මේ අවබෝධය ලද තවත් පිරිසක්ද වේ. ඒ ජඩමාජ්ජවේදීන්ය.
මුලු රටේම චන්ද 8000 ක් වත් නැතිව මහ රෑ කුකුලන් කෙටවීමේ වැඩසටහන් වලට අන්තරේ උන්, පුබුදු ජාගොඩ, දුමින්ද නාගමුව වැනි පෙරට්ටෝ ඇවිත් තගරිය දමන්නේ ඒ නිසාය.
මේ විකාර සිඳුවන්නේත් මේ රටේම විතරය. පෙරටුගාමීන්ට තබා 3% ක් ඇති ජෙප්පන්ටත් වෙන රටක නම් මාධ්‍යයක් පැත්ත පලාතේ ගන්නේ නැතිය. එය ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ භංකොලොත්භාවය හා අරුන්ගේ දක්ෂතාවයය.
එහෙත් අනෙකුත් පක්ෂවල න්‍යායාචාර්‍යවරුන්ට හෝ හූනියන් සංගම්වල නායකයින්ටවත් මෙය අවබෝධ වී තිබුනේ නැත. ඊයේ සජිත්ලා දයාසිරිලා ජෝසප්පුවාලා මයික් ටයිසන්ලා වෙන්නට ගොස්, පෙරට්ටන්ගෙන් නොකවුට් වෙන්නම කා හූ හඬ මැද්දෙ ඇම්බියුලන්ස් වලින් ගාඩ් දමාගෙන ගෙනියන්නේ ඒ නිසාමය.
එහෙත් වැඩේ ඕගනයිස් කළ ෆොන්සේකා හෙමීට මාරු වූයේ ඇයි කියා සෙවීමටවත් මොළයක් සජිත්ට හා ඔහුගේ සුකිරි බටිල්ලන්ටත්, ට්විටර් ජෝකර්ලස්ටත් නැති බව බොහෝ පැහැදිලිය.
ප්‍රේමදාසලගේ බලකොටුව වූ මැඳ කොළඹදීම ප්‍රේමදාසලා පීචං වූයේ එසේය..
ඒ වගත් මෙසේය.....
.
