රනිල්ගේ අවසානය ළඟදීම
අධ්‍යක්ෂනය - නන්දලාල් වීරසිංහ
නිශ්පාදනය - සැන්ට්‍රල් බෑන්ක්
➖➖➖➖➖➖➖➖➖💀▪️
වජිර අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවේදී,
බංකොලොත් ආරච්චිලාගේ නන්දලාල් වීරසිංහගේ රෙදි ගැලවීම, සුභවාදී ලකුණකි.
මූසලයා හා ඉහළ පුටුවල සියළුම නිළධාරින් ඉවත් කොට,
IMF නියෝජිතයකු එම තනතුරට වහාම පත් කළ යුතුය. අනිවාර්‍යයෙන් ඔහු විදෙශිකයකු විය යුතුය. ඒ සඳහා නීතී අවශ්‍ය නම් පාර්ලිමේන්තුවෙන් ඒවා ගෙන ආ යුතුය.
එසේ නොමැතිනම්, මාලදිවයින් හිටපු ජනපති හා නෝර්වේ සෝල්හයිම් මෙන්, විදෙස් ආර්ථික පන්ඩිත් කෙනෙක් වහාම ජානාධිපති උපදේශකයකු ලෙස පත් කර ගත යුතුය.
රජයේ මුදල් ප්‍රතිපත්ති තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව මිස මහ බැංකුව නොවන බව පාර්ලිමේන්තුවේ ඉන්නා අම්බරුවන්ට කියා දිය යුතුය.
මේ ආකාරයට සල්ලි අච්චු ගසමින්, රාජ්‍ය සේවය පවත්වාගෙන යාමෙන්, රට සිම්බාබ්වේ වන දින වැඩි ඈතක නොවේ.
මෙය අවබෝධ කොටගෙන ඇත්තේ පාඨලී පමණි.
අයවැයේ ආදායමට වඩා වියදම දෙගුණයකි.
එය ලබා ගැන්මට යන්නේ දේශීය කර්මාන්තකරුවන්ගේ හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරකයින්ගේ වෘෂණ කෝෂ දෙකද අල්ලා මිරිකීමෙනි.
රනිල් විනාශය ළඟාකරනු ඇත්තේ මහ බැංකුව විසිනි. එය සියුම් උත්ප්‍රාසයක් ගෙනෙනා දෛවපෝගත සිඳු වීමක්ද වනු ඇත.
මහ බැංකුවේ සිටින්නේ දේශපාලුවන්ටත් වඩා සොරකම් කළ කම්බා හොර නිළධාරීන් පිරිසකි.
ආර්ථිකය නිසි ලෙස නියාමනය කලේ නම්, මහ බැංකුවේ සිට පයින් යා හැකි දුරකින් පිහිටි කොටස් වෙළඳ පොළ පවතින ගොඩනැගිල්ලේ සිට, තිලිණි ප්‍රියමාලීලා කළු සල්ලි වලින් බූරුවා ගහන්නේ නැත. ෆිනෑන්ස් කොම්පැනි බංකොලොත් වන්නේද නැත.
කඩා වැටුනු ෆිනෑන්ස් කොම්පැණි ගරහා මහ බැංකුවේ උන් ගසා කෑ මුදල රුපියල් බිලියන ගනනක් බවද ඊයේ පාර්ලිමේන්තුවේදී හෙලි විය.
මේවා ගැන සොයන්නේ මොකාද?
කතා කරන්නේ මොකාද?
පරීක්ෂණ කරන්නේ මොකාද?
විගනනය කරන්නේ මොකාද?
සියල්ල රාජපක්ෂ ගිණුමට බැර කොට..
මහ බැංකුවේ උන් මහ දවාලේ හොරා කා රට බංකොලොත් කලේ එසේය.
විගනකාධිපති කෝප් කමිටුවේ
බයිලා ගසති.
අනේ තොපේ විගනනේ
ගහ ගනියව් රෝල් කරලා අධෝ මාර්ගය කොනේ....
.
