.

.
Showing posts with label piyumi hansamali. Show all posts
Showing posts with label piyumi hansamali. Show all posts

Jun 3, 2021

ෂැන්ග්‍රිලා පියුමිලා හා මැන්ටල් බුවාලා

 


ඇත්තටම මට ලියන්නට ඕනෑ ෂැන්ග්‍රිලා කල්ට් එක ගැනය. නමුත් ඊට කදිම උදාහරණයක් දැන් මතු වී තිබෙනවාය. ඒ ප්‍රස්තුතයත් ෂැන්ග්‍රිලා කල්ට් එක අතරත් අපූරූ සහසබඳතාවයක් තියෙනවාය.

පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ දැන් ඉන්නා සුන්දරම, ප්‍රියකරුම, සරාගීම හා ජනප්‍රියම ගැහැණිය බව ටින්කරින් ධර්මේ හෙවත් චින්තන ධර්මදාසද ලියා තිබිනි. ඒ ගැන කිසිවකුත් වාද කිරීමට එන එකකුත් නැතිය.

තරු පහේම හෝටල්වලම බැරිනම් ඉහළ පන්තියේ රෙස්ටුරන්ට් වලින්ම කන්න හොයන උන්, මූනිච්චාවට අපේ අම්මගෙ කෑමට ගහන්න කෑමක් නෑ.. වයිෆෙගේ කෑමට ගහන්න කෑමක් නෑ කියන්නා සේ...

අනේ යන්න අනේ ඕවත් කෑලිද, මගේ වයිෆ් තමා ලස්සනම කියා ස්වයං වින්දනයේ යෙදී සිත සනසා ගත්තද, ඇත්ත කතාව චින්තන කියපු එකය.

ෂැන්ග්‍රිලා හෝටලය කියන්නේ අද ලංකාවේ ජනප්‍රියම හෝටලයය. අනෙක් හෝටල් වලට එක එකා යැව්වට සහරාන් එන්නේත් ඒකටය. ඕක හදන කොට පලු යන්න බැනපු සම-හරක් උන් ඕකේ ඩෙඟා නටනවාය. හරියට හෙරිටේජ් කන්ඩලම, සදර්න් එක්ස්ප්‍රස් වේ යනවා වාගේය. 

ඇත්තටම මේවා රටේ ජනතාවට ලබා දුන් රාජ්පක්ෂලාට මල් තියලා වැන්දත් පාඩු නැතිය. දැන් සිංගප්පූරු ඩුබායි යන්නේ නැතිව ඒ පරිසරය ඔවුන් කොළඹ නඟරයේ ගොඩ නගමින් තිබෙනා නිසාය.

ගෝල්පේස් එක ගාවට ගියාම ෂැන්ග්‍රිලා එක පෙනුනාට හැම එකාටම ඔතෙනට යන්නට බැරිය. ඒ නිසා එතන මාළු පාන් ගෙඩිය කන එකාට අම්මමෝ නැතිව බනිනවාය. හරියට පෝට් සිටියට කෑ මොර දෙනවා වගේය.

එක්කෝ උන්ට ෂැන්ග්‍රිලා එකට යන්නට බැරිය, නැතිනම් ආසාව තිබ්බාට යන්නට බයය. ඒ නිසා ගෝල්පේස් ඇවිත් නොමිළේ රැල්ල පාගා පවුල් පිටින් වඩයක් කා පඩයක් ඇරලා ගෙදර යනවාය. අඩුම ගානේ ගෝල්පේස්සෙක කෙලවරේ බැරකුඩා බ්‍රීස්සෙකටවත් යන්නේ නැතිය. යන්නට බැරිය. ඒ උනාට ඒවායේ කන උන් දෙස බලා බඩ පැලෙන්න කෙල ගිලලා කියන්නේ, ඕවයෙ තියෙන දහ ජරාවට වඩා ගෙදර කන සම්බෝලෙයි බතුයි රසයි කියලාය.

පියුමි හංසමාලි කේස් එකත් එසේමය. එයා කරපු දේ හරිය කියා අප කියන්නේ නැතිය. එහෙත් ඇයගේ පෞද්ගලිකත්වයට ගහනා එක හරි කැතය. 

හංගලා ගහන්න දෙයක් නැතිය. බුදුන්ගේ සමයේත් අම්බපාලිලා උන්නෝය, හිත හොඳ ලලක්කලාත් ඉන්නට ඇතිය. කිසිවකුටත් වරදක් නැති, වැරදිකාර ළඳුන්ද ඉන්නට ඇතිය. ඒ ඒ එකාගේ වත්කම් අනුව ලොව උතුම්ම සැප විදින්නට ඇතිය.

ඔවුන් පමණක් නොව, ලෝකප්‍රසිද්ධ ගායිකාවන්ද නිලියන්ද කරන්නේ බුදු පුදයට මල් ගෙනයන කෙනාම කරනා දේය. එය ගැරහිය යුතු වෘත්තියක් නොවේ. මාතලන්ට අනුව නම් එය ලෝකයේ සුන්දරම රැකියාවය. 

සමාජ තත්වයන් අනුව ඒ ඒ සමාජය තුල ප්‍රසිද්ධියට පත් දෙපාර්ශවයේම පිරිස් අද ලංකාවේ මේ වෘත්තියේ නිරත වෙනවාය.

බොහෝ පිරිස් නොදන්නේ වුවද, වෙනත් උසස් රැලියාවල යෙදෙන පිරිස්ද ඉහළ ආදායම් ලැබෙනා මේ වෘත්තියේ පාට් ටයිම් යෙදෙනවාය. තරු පන්තියේ හෝටල් ගැන, සුපර් ලක්සිරි එපාර්ට්මන්ට් ගැන දන්නා උන් ඒ ගැන දන්නවාය. නොදන්නා එකෙක්ට ඕවායේ ඩෝර්මන්ලාගෙන් ඇහුවා නම් දැන ගත හැකිය.

කව්දෝ හාල්පාරුවෙක් සංචාරකයින් ලංකාවට එන්නේ අහවල් දේකටදැයි අසා තිබිනි. ලංකාවට ගරහනා ලංකාවේම උන් ඊට උඩගෙඩි දෙමින් කොමෙන්ටු දමා තිබිනි. මුන් ලංකාව ගැන, කොළඹ ගැන නොදන්නා හිනමාන ගං කබර බයියෝය.  උන් නොදන්නා දේනම් ඩුබායි මෙන්ම අහවල් දේ කරන්නට මේ රටේ ලෝකේ ඉන්නා ඕනෑම ජාතියේ ඒවා ඉන්නවා කියනෙකය.

පියුමිට අපහාස කිරීමට තවත් හේතුවක් කරගෙන තිබුනේ ඇයගේ වාචාල කමය. ඔය වාචාල ගැන කතා කරනා උන් වාචාලයන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යවා උන් ගැන ප්‍රසස්ති ගායනා කරනා උන්‍ය. දහදුරා ටෙලි නාට්ටි පවුල් පිටින් බලනා උන්‍ය. 

බුදුන් වදින ළඳත් අවුස්සාගත්තා නම් අහන්න වෙන්නේ නාට්ටාමි වාගේ වැදගත් කතා නොව ජාතකේ ගැන හා සංසර්ග ක්‍රියාවලිය පිළිබඳ පාලි සඟිස්කෘත දේශනාවක්‍ය.. ගෙවල් වල අය ගැනත් අමුතුවෙන් කියන්නට දෙයක් නැතිය. පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් බෙලි කටු මල්ල හෙලෙව්වා වාගේය. 

කාන්තා පාර්ෂවය පියුමිට ගහන්නේ ඉරිසියාව නිසාය. එමෙන්ම, නෂ්ඨකාමය තිබෙනා උන්  හා බිජු හීනතාවයෙන් පෙලෙනා උන්ගේ විවේචනද සාධරනයි කියා කියන්නට පුලුවන්‍ය. ඒ උන්ගේ උපන් ගෙයි දෝෂයක් කියලාය.

එහෙත් බුදුන් වඳින ළඳුන් හා ලලක්කා එක්ක හැමිනිලා පියුමිලාට කුණුහබ්බෙන් බනිනා උන්ට කියන්නට තියෙන්නේ. ඉඳලා හිටලා ෂැන්ග්‍රිලාම නැති උනත් ගෝල්පේස් එකේ කෙලවරේ "බ්‍රීස් බැරකුඩා" එකෙන්වත් එක දවසක් හෝ කාලා බීලා පලයන් කියලාය.

එතකොට ඔය ඉරිසියාව, හීනමානය, ගං කබර භාවය ටිකක් හෝ නැති වෙනවාය.


ඒ වගත් මෙසේය....