තිලෝගුරු බෝසතුන්,
සසර සැරි සැරූ මෙන්,
නිබඳ සැරි සරමි මම,
යමි බුකියෙ උඩ පහළ....
ඒ අමා බෝ සතුන්,
සසර කළකිරුණු මෙන්,
කළකිරුණි මා සිතද.
සතර පෙර නිමිති දැක....
ෂෙයාර් කර පිය, කියා වද දෙන
ලයික් හිඟනා, සල් වන - ලෙඩුන්
මහා වංශය, පෙරලමින් එය,
අනුස් මරණා - මහල්ලන්
එළොවටත් නැති, මෙළොවටත් නැති,
ප්‍රාණයන් හිමි - මළකඳන්
අමතකව ඇත, දෙසූ බුදු බණ
ලේම ඉල්ලති - පැවිද්දන්
තන්හාද, රති රඟා පරදා,
බවුන් වඩමින් ඇසටු රුක් මුල,
සැනසුනා හිමියනේ,
නිවනින්....
කෙලෙස් දුරු කොට,
නිවන් යමි මම.
නිබඳවම,
බුකි ගත වෙමින්...
-x-

.jpg)