නලීන් ද සිල්වා නම් මහා ප්‍රාඥයා
උතුම් වූ බෝධියකින් නිවන් යෑම
➖➖➖➖➖➖➖➖➖➖➖⭕
නලීන් ද සිල්වගෙ මතවාදයක් හෝ දර්ශණවාදයක් කියලා සුවිශේෂී එකක් තිබුනේ නෑ.. එයා ප්‍රාමාණික උගතෙක් නිසා... එයාට විරුද්ධ ඇකඩිමික් පොරවල් පවා.... එයා එහෙම කෙනෙක් කියලා පෙන්වන්න උත්සාහ කළා. හේතුව ඔහු විස්ස විජ්ජාල ආචාර්යවරයෙක් වීම.
ඒ කියන්නේ ලංකාවේ විශ්ව විජ්ජාලවලින් බුද්ධිමතුන් බිහි නොවනා නිසා මුන්නැහේට හෝ ඒ තත්වය ආරුඩ කර දී සතුටු වෙන්න.
උන්නැහේ ඇවිල්ලා දේශීය නිදහස් අධ්‍යාපනයෙන් හා රෑ 10 වෙනකන් ඉර පායලා තියෙන රටෙන් ලබාගත් විශයානුබද්ද දැණීම් පද්දතිය පැත්තකින් තියලා.. නැෂනල් අඳින 56 බයියොන්ට එකතු වුනා. ඒ බයි සෙට්ටෙක ලීඩ් කලේ ගුණදාස අමරසේකරලා, හරිස්චන්ද්‍ර විජේතුංගලා, සූරිය ගුණසේකරලා.. ඒත් ඔවුන් උපාධිකාරයෝ වුනත් කැම්පස් ගුරාලා නෙමෙයි. ඊට පස්සේ ගණුදෙණු කළේ ගෝඩ් නාථ සමඟ.
පසුකාළිනව මේ සියල්ලෝම. බයියන්ගේ රජ දහන වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි මුදුන් මල්කඩ වන සාටකේ එල්ලුනා.
හැබයි මහින්ද ඔය එකෙක්වත් ගනන් ගත්තේ නෑ. මේ සෙට්ටෙක නෙමේ, මල්වතු අස්ගිරිත් මහින්දට එහෙයි හාමුදරුවනේ කිව්වා... මහින්ද ඔය හැම එකාගෙන්ම ගන්න ඕන දේ ගත්තා මිසක්... එයාලට ඕන දේවල් කරන්න ගියේ නෑ. එයා කළේ ශිරන්තිටයි දරුවන්ටයි ඕන දේවල් විතරයි. දළඳා වැන්දෙත් ලැම්බෝගිනි වට වන්දනා කරලා. රශියන් කෑලී නටවලා.
ඔය නලීන් ද සිල්වා කලාය කියන චින්තන විප්ලවයට වඩා විශාල දායකත්වයක් ඒ මතවාදය හා චින්තනය වෙනුවෙන් විජේවීර, විමල් වීරවංශ, පාඨලී, සෝම හාමුදුරුවෝ වගේම නානසාර සාධුලා කලා.
දැන් මහින්ද මහත්තයා තල්ලු ඉස්ටාට් එකෙන් යන අස්සේ... නලීන් ද සිල්වා නිවන් පුර වැඩියාම... සිහළ බෞද්ධ බලවේගය අවසන් කියලා ආතල් ගන්න බෞතීස්මවාදීන්ට මට නම් කියන්න තියෙන්නේ...
ඔයාලා මහා බලවේග කියලා උඩදාපූ අය නැති වුනා කියලා... ඒ බලවේගය එහෙම නැති කරන්න නම් ලේසී වෙන්නේ නෑ කියනෙක විතරයි. ඒක තියෙන්නේ ඇකඩමික් සුලුතරයේ අතරේ නෙමෙයි.. කැළණි නයා වඳින සාමාන්‍ය ජනතාව අතරේ. ඒ අස්සේ ඇකඩමික් ඒවුනුත් ඉන්නෙක වෙනම කතාවක්.
ඔය නලීන් ද සිල්වත්, රොහාන් පෙරේරා වගේම සමාජ මාධ්‍ය ඇතුලේ ඉතා කුඩා කල්ට් මේන්ටේන් කළ සිප්පි කෑලී විතරයි.. එයාලා මහා සමාජයට කරපු ලබ්බක් ඇත්තේ නෑ. ඒක... ප්‍රධාන මාධ්‍ය දිහා බැලුවාම ඉතා පැහැදිලියි.
අනික් ලස්සනම දේ තමා .... අනුන්ගේ දරුවෝ දේශීයකරණය කරන්න හදපු රෙද්ද අස්සේ මහත්තයා.... බටහිර රටක ජීවත්වෙන තම දරුවන් ළඟ නිවන් දැකීම. ඉදින් මොවුන්ගේ දෙබිඩි ජීවිතේ අවසානයේ හෝ හෙලිවෙනවා...
කරුමේ කියන්නේ නිවන් දකින්න තරම් උතුම් බෝධියක් ඇමරිකාවේ තියෙනවද කියනෙක.
අනික ඉතින් ශ්‍රී මහ බෝධිය ළඟ වුනත් නිවන් දකින්න බයයි නේ. මොකෝ ඔතන ඩ්‍රින්ක් එකක් දාන ඩබ්ලිව් ජයසිරි ලොක්කා නිවන් යන්න ඔන්න මෙන්න තියෙද්දි... නලියා මචං මේ ෂොට් එකත් දාලා පලයන් කිව්වොත් නිවන් ගිහින් හමාරයි නේ .
ඇත්තටම මේවා පට්ටම ආතල් කේස් ඕයි...
මම මේ රටට... මගේ පණටත් වඩා ආදරේ මේ නිසාමයි.
නොවේ මෙවන් ආතල් රටක් ලොවේ...
නිවන් පැතු ඔබට..
නිවන් සුවයම ලැබේවා...!!!!
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
.
නලීන් ද සිල්වා
➖➖➖➖⭕
රූපවාහිනී විවාදයන් තුල දත් මිටි කකා තම ප්‍රතිවාදියාට දරුණු ලෙස ප්‍රහාරය එල්ල කරන දෙදෙනෙක් උන්නා...
එක්කෙනෙක් නලීන් ද සිල්වා... අනිකා පාඨලී චම්පික රණවක... දෙන්නම පට්ට ජාතිවාදීන්... හැබයි ඔවුන්ගේ කතා බහ නීරස වුනේ නෑ... ඊටාමතරව නලීන් ඩි සිල්වා දේව මණ්ඩලය එක්කත් සබඳතා තිබුන කෙනෙක්....
හැබයි එයා බටහිර විද්‍යාවට පහර ගැහුවෙත්... ඒවාත් දේව සංකල්පම... විජ්ජාත්මක මත ලෙස ඉදිරිපත් කිරීම් කියලා....
උන්නැහේ ගැන ඒ කාළේ ජෝර්ජ් කාලීන්ට වගේ තිබුන යම් කිසි ගෛරවයක් තිබ්බා නම්.... මේ නාථ දේව මණ්ඩල වැඩෙන් අවුට් ගියා. උන්නැහේ ජෝක් එකක් වුනා..
ඒ බටහිර විජ්ජාව ඉස්මුදුනින් පිලිගන්න අය අතරේ... හැබයි ඔහුගේ ගණිතය පිළිබඳ තිබුන දැණීමට අභියෝග කරන්න කිසිවෙක් ඉදිරිපත් වුනෙත් නෑ..... කිසිවෙක් මේ වනතෙක් බිහිවෙලාත් නෑ.
එයාට කින්ඩි දාපූ අය... නාථ දෙයියන්ටත් කින්ඩිය දැම්මට... බිග් බැන්ග් තියරි, බ්ලැක් හොල් තියරි, ගැලක්සීස වගේම පරිනාමවාදයත් කිසි අවුලක් නැතිව හිස් මුදුනින් පිලිගන්නේ.....
දැන් ඔය ඇමරිකාවේ ලස් වේගාස් වල ඒරියා 51 වල පිටසක්වල ජිවීන් එක්ක ගණුදෙනු සිඳු වෙනවය... ටෙක්නොලජි ගොඩක් එන්නේ ඒ හරහාය කියලත් ඒ අයම කියනවා නේ...
ඉතින් ඒ වගේ... අනාගතේ දවසක... නාථ එක්ක කොමියුනිකේට් කරන්න පුලුවන් වුනොත්... ආයේ නලීන් ද සිල්වා ගැන... චන්න ජයසුමනලා වගේ අය ගැන නැවත කතාවෙයි.. එයාලත් විශ්වය එක්ක ගණුදෙණු තිබුන අය බව හෙලිවෙයි.
කෙසේ හෝ උන්නැහේ යන බවට ඉඟියකුත් ඊයේ දීලා තිබුනා... දැන් එයාගේ ගෝලයන්ට තියෙන්නේ
... හැකි ඉක්මනින් මේ දේව මණ්ඩලය සමඟ පවතින සබඳතා තුලින් ඔහු දරූ මතයන් නිවැරදි බවට සනාත කිරීම..
සුබ ගමන්
නලීන් ඩි සිල්වා....
.