.

.
Showing posts with label Siriseana. Show all posts
Showing posts with label Siriseana. Show all posts

Sep 26, 2023

චමුදිත කටු ඉඹුලට


 

චමුදිත කටු ඉඹුලට

➖➖➖➖➖➖💀▪️


චමුදිත කෙලින්ම අපායට යනවා...


යම රජ්ජුරුවෝ බුවා දැක්ක ගමන් කටේ ප්ලාස්ටර් එකක් දාන්න කියනවා...


යමපල්ලෝ අහනවා ඇයි සර් ඒ කියලා...


නැත්තන් මට මූ කතා කරන්නවත්.... ඌ මෙහේ එව්වේ  ඇයි කියලාවත් කියන්න දෙන්නේ නෑ.... ඒ නිසා දැන් මූ මෙහේ ආවේ  ඇයි කියලා ඌට කියලා  දෙනවා....


යම පල්ලෙක් පව් පොත අරගෙන ඇවිත්..... සිරිසේන කියලා කෙනෙක් තමා රෙකමන්ඩ් කරලා තියෙන්නේ.... කටු ඉඹුලේ යවන්න කියලා...  හැමදාම උදේට... පත්තර කියවනවා කියාලා අමු බොරු කියනවය හිටන්....

මිනිස්සුන්ට මඩ  ගහනවය හිටන්... සමාගම් වලට මඩ ගහනවය හිටන්... පවුල් කඩාකප්පල් කරානව හිටන්.... ඒවට එහේදිම ගූ පාර කෑවට ඒ මදිය හිටන්.... 

ඒ නිසා අපට යුෂ්මතා කටු ඉඹුලේ අරින්නම වෙනවාය හිටන්.... කියලා....


ඒත් චමුදිත හස්ත මුද්‍රාවෙන් එකම එක දෙයක් කියන්න දෙන්නෙයි කියලා .... කඳුළු පෙරාගෙන අඬනවා දැකපූ යම රජ්ජුරුවෝ ...

ඕන්න ඕක පොඩ්ඩක් ගලවනවා.... හැබයි එකම එක දෙයක් කියපු ගමන් වහන්න ඕනේ හරිය...


රජතුමනි මම නම් අහලා තියෙන්නේ බොරු කිව්වම කටේ ලෝදිය දානවා කියලා..... කිව්වා විතරයි යම පල්ලා ආයේ ප්ලාස්ටරෙන් කට වහනවා...


ඔව් ඔව්... අපේ පනිෂ්මන්ට් එක නම් ඒක තමා... ඒත් එතන පෝලිම හෙන දිගයි... පාස්කු ප්‍රහාරය ගැන ගල් පැලෙන බොරු නේ ඕයි තමුසෙලා කියලා තියෙන්නේ.... ආන් දැන් සෙට්ටෙකම පොලීමේ ඉන්නවා....

යුෂ්මතාට කටු ඉඹුලට යන ගමන් බලාගෙන ගියෑකී....


අනේ ඉතින් චමුදිත ප්ලාස්ටරෙත් දාලා දැන් කටු ඉඹුලට අරගෙන යනවා...


ඒ යන අතරේ... යම පල්ලෙක් චමුදිතට කියනවා... ආන් ඉන්නවා එහෙන් ආපු සෙට් එක පෝලිමේ... දවසට තුන් සැරයක් ලෝදිය දෙනවා බොන්න....


චමුදිත බලනවා පෝලිම දිහා... රවී සෙනෙවිරත්න, නිලන්ත, පූජිත, සිරිල් ගාමිනී, කාදිනල්, සජිත්, කසිප්පුවා, ෆොන්සේකා ඊට ඉස්සරහන් පොලීමේම වළඳකුත් අරගෙන ශානී...


ඊට ඉස්සරහා ඉන්න එකාට කටට ලෝදිය වක්කරන ගමන්... අඳුරගන්න බෑ...


ඒත් පෝලිමේ උන්න ශානී... චමුදිත දැකලා ... බුවාගේ ඉස්සරහා ඉන්න එකාට ... ජනාධිපති කමේ දිවුරුම් දුන්න වෙලාවේ නිදහස් මන්දිරේදී රන්ජා ඇන්නා වගේ... ඉලපත්තට ඇන්න ගමන්... 


ඉස්සරහා හිටපු සිරිසේන ... ටහුක්... ගාගෙනම ශානී දිහාට හැරුනා.... ශානී වළඳ දික් කරලා චමුදිතයා පෙන්නුවා..... 


ආ .... ඇද්ද මම උඹට කිව්වේ බොරුද.... ඔය යන්නේ කටු ඉඹුලට නේ හිටන්.... කියපු සිරිසේන...


සරම උස්සාලා චමුදිතට පුප පෙන්නුවා....


▪️අපායේ සිට මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ මාතලන් යකා වන මා විසිනි....

.

Sep 28, 2021

හිඟන්නන් හා රමණය නිමාවන්නේ, ඛේදාන්තයකිනි. (රාජපක්ෂලා සිරිසේනලාට පැරදීම)


ඔය පිටරට සෝ බලන අය දැකලා ඇති, පාරේ ඉන්න හිඟන ගෑණු අයට ලව් කරලා බැඳලා පස්සෙ ඉල්ලගෙනම කන සෝ.


ඒ වගේ සෝ ඉස්සර මෙහෙත් හරියට හැදුනා. එක්කෝ කෙල්ල දුප්පත්, එක්කෝ කොල්ලා දුප්පත්, කොටින්ම "හිඟන කොල්ලා" කියන W A සිල්වා ශූරීන් (ශූරින් කියන්නේ නමේ කෑල්ලක්ද දන්නේ නෑ. ඒ කාළේ ගොඩාක් අයගෙ වාසගම ශූරීන්) ලියූ නවකතාවකුත් ෂෝ එකක් ලෙස ආවා.


මේ ගොඩක් ඒවල පෙන්නන්නේ හිඟන්නන්ට සප් එක දෙන්න ගිහින්, ඉල්ලගෙනම කාපුවා. මේ ඊයේ පෙරේදත් සොයාගත් කෝටිපතියකුගේ අභිරහස් මරණයක් පිටිපස්සෙ ඉන්නෙ අරන් හදා ගත්ත එකෙක්.


උන් කන්න දුන්න අත හපා කාලා නිකං ඉන්නේ නෑ. ගතත් අප්‍රාණික කරලා තමා නවතින්නේ. ඒ නිසා හිඟන්නෝ එක්ක ආස්සරේ තියාගන්න ඕන බොහෝම දුරින්.


මේ ආන්ඩුව එන්නත් කලින්ම අපි කිව්වා මේ හිඟණ වී වගාව නවත්තලා දාලා, ඒ මිනිස්සුන්ට වෙනත් ආර්ථික භෝග වවන්න යොමු කරලා උනුයි පාරිභෝකයොයි දෙගොල්ලම ගොඩ දාන්න කියලා.


මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි කියලා සුද්දෙක් කිව්වට, හැමදාම රජ වුනේ වෙනත් උන්..


දැන් ඉන්නේ රජවරු නෙමේ මාෆියාවක්, උන් අරුන්ගේ අන්තේවාසිකයෝ, වහල්ලු. උන් පුප ඉරාගෙන ගන්න අස්වැන්න කුණු කොල්ලෙට අරගෙන අරුන් ප්‍රකෝටිපතියෝ වෙනවා.


මතක තියාගන්න, ඔය ආන්ඩුව එක්ක ගේමට මාෆියාව වෙනුවෙන් වැඩ්ඩ සංඝයෝ එන්නේ, සඟිස්කුරුතියවත් ෂිට්ටාතාරේ රකින්නවත් නෙමේ, කුඹුරු කරන මහා ඉඩම්වල අයිතිකාරයෝ උන්නාන්සෙලා. 


උන් කොහොමත් නිකං කන්න උපන් පිරිසනේ. උනුත් ඔය මාෆියාවෙම කොටසක්.


ආන්ඩුව පුරන් කුඹුරු අස්වද්දනයි, හාල් වලට ඉහළ මිළක් දෙන්නයි ගිය එකෙන් ගොයියන්ට ඉහළ මිළක් ලැබුනමයි කියලා හිතමු.


ඒත් උන්ගේ ජීවිත ගොඩ යනවද?


කිසි දවසක වෙන්නේ නෑ.


මොකෝ හාල් වැඩි උන ගමන් ඊට සාපේක්ෂව අනිත් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිලත් ඉබේම වැඩි වෙනවා. 


අඩේ.... 35 ට ගත්ත වී වලට 65 ලැබිලා ගොයියගෙ කරල පැහිලා තියෙන්නේ කියලා.... බුලත් විඩ විකුණන එකත් 25 ට තිබ්බ විඩේ කෙලින්ම 50 කරනවා. 


මුන් 50 ක් දීලා විඩ කනවනවා නම්...., හිටපිය දෙන්නම් වැඩේ කියලා, ආන්ඩුව ගල් බෝතලේටයි සිකැරට්ටෙකටයි කෙලිනවා. එතකොට බීඩියත් ඉබේම වැඩි වෙනවා.


ඊට සාපේක්ෂව ෂැන්ග්‍රිලා එකේ මාළූ පාන් එකයි, කකුළු අමාත්‍යංශයේ (Ministry of Crabs) කකුළුවයි ඔක්කොම ගනන් යනවා.


ඉතින් ඉකොනොමිස්ට්ලා ටයි කෝට් ඇඳගෙන ඇවිත් කකුලක් පිට කකුලක් දාගෙන කියනවා කොරෝනා මැදත් "අවර් ඉකොනොමි ඉස් ඩුයින්ග් වෙල්... අපි මෙච්චර ලාබ ගත්තා අච්චර ලාබ ගත්තා කියලා"


බොරු. ... අමු බොරු... පට්ට පල් ගල් පැලෙන බොරු... එමවුන්ට් එක ළොකු උනාට, රුපියල බාල්දුයි...  ඩොලර් නෑ.. ක්‍රය ශක්තිය අඩු වෙලා... ආර්ථිකේ අඤ්ඤ කොරොස් වෙලා චප්ප චොහොරු වෙලා මුඛ පුට්ටූ වෙලා රෙවිලා ඉන්නේ...


ආන්ඩුව කියන්නේ උද්ධමනය 13% කියලා ඒත් මම දැක්කා මොකක්ද සංවිධානයක් කියලා තියෙනවා අපේ උද්ධමනය 71% කියලා...


ඒක තමයි සහතික ඇත්ත.


ආන්ඩුව නා ගත්තේ ආර්ථිකය හැන්ඩ්ල් කරන්න ගිහින්, මහ බැංකුව, රජය, රාජ්‍ය නිළධාරින්, රාජ්‍ය සේවකයින්, රාජ්‍ය ආයතන කියන්නේ පට්ට ෆේල් ගල් යුගයේ තියරි ඇප්ලයි කරන බංකොලොත් කාළකන්නි පද්දතියක්.


ඒවයේ උන්න නාකී හැත්ත කියපු උපදෙස් අහලා මේක සංවෘත ආර්ථිකයක් කරලා, වී මිළ වැඩි කරලා, ආනයන තහංචි දැම්මයින් රේගුවේ ආදායම කොච්චර අඩු උනාද කියලා කියලා ඔය එකෙක්වත් හෙව්වද?


දේශිය කහ හැදුවා. දැන් කිරි හොද්ද සුදු පාටයි. කහ වල ගාන ඇහුවාම, මතක් වෙන්නේ එක එකාගේ අම්මලා.


පෞද්ගලික අංශය නිසා ඉබේ දුවන ආර්ථිකයක් තිබුන නිසාත්, ඒකට පැලැස්තර නීතී රීතී සීමා නොදාන්න ගිය නිසා තමා, යුද්ධයක් තිබෙද්දිත් මෙලෝ රහක් නැති චන්ද්‍රිකාගේ කාලෙත්, පට්ට ෆේල් පඹයෙකුයි සමනල්ලුයි උන්න යහපාලන කාළෙයි මෙච්චර ප්‍රශ්ණ තිබුනේ නැත්තේ.


මාෆියාවට කෙලින්න ගිහින් අන්තිමට ගොඩ ගියෙත් මාෆියාව, ඇත්තටම මේවයින් බන්ධුලලට, මහින්දානන්දලට, අලගියවන්නලටත් ගානක් එනවද, උනුත් මාෆියාවේ කොටසක්මද කියන සැකය තහවුරු වෙන්නේ, උන් රටින් හාල් ගෙනත් දෙනවා කියලා කටින් බතල කොල විතරක් හිටවපු නිසා.


ඝෝඨා ඇවිල්ලත් තාම සුළු කාළයක් නිසා දැන් උනත් ඔහුට චේන්ජ් වෙන්න පුලුවන්. 


ඔහු හොයන්න ඕන, දෙසැම්බරයේ වාහන ආනයන නීතී ඉවත් කරන්න යනවා කියලා කබ්‍රාල් කියපු ප්‍රකාෂය අකුල ගන්න බලපෑම් ආවේ කොහෙන්ද කියලා.


කවුරු මොකා මොනවා කිව්වත්, මහින්දගේ කාළේ තමා මේ රට මොඩර්න් වෙන්න පටන් ගත්තේ ඉකොනොමි එජේ ග්‍රෝව්ත් එකක් තිබ්බේ...


කබ්බා වැඩේ හරියට කරලා උනුත් ගොඩගියා.


මාතලන් තාමත් ස' ෆේල් නොකියන්නෙ, ස' දන්න ආර්ථිකයක් නෑ නේ. ස' දන්නේ යුද්ධ කරන්න. 


එතකොට සර්ගේ වම් පැත්තේ ඉඳගෙන ස' ට ආර්ථික උපදෙස් දෙන උන් ෆේල්, ෆේල් නෙමේ පට්ට ෆේල්. 


උන් එක්ක නම් සව් භාගේ නෙමේ රාජපක්ෂලත් ඉවර වෙන සයිසෙකක් දැන් තියෙන්නේ.


ඇත්තම කතාව මෙතනදි රාජපක්ෂලා සිරිසේනලාට පරාදයි නේ.


කබ්බට දෙන්නෙයි කියන කොට, එතකොට ගොබ්බ ගං කබර බයියෝ කියයි ණයට අරගෙනද වං ගෝහේ රටවල් දියුණු කරන්නේ කියලා..


මට උන්ට කියන්න තියෙන්නේ ඩුබායි හා සිංගප්පූරුවේ විදෙස් ණය ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයා ගනිල්ලා කියලා.


ඒ ගනන්ම යුගදනවි විකුණගෙන කනවෝ කියලා කෑ ගහන කුර හා අං සහිත ජීවීන්ට කියන්න තියෙන්නේ ඒ රටවල විදෙස් ආයෝජනවල වටිනා කමත් සොයා ගනිල්ලා කියලා...


ජේ ආර්ලා, ප්‍රේමේලා, මහින්දලා දන්න අර්ථ සාත්තරයක් නෑ නේ...


හැබයි උන්දලට උන්නා සුපිරි ආර්ථික උස්තාද්ලා...


ජේ ආර්ට උන්නා රොනී, ඇතුලත්මුදලි හා ඇන් යූ ජයවර්ධන 


ප්‍රේමෙට උන්නා පාස්කරලිංගම්


මහින්දට උන්නා කබ්‍රාල්....


එතකොට ඝෝඨට...


ඝෝඨට ඉන්නවා චන්ද්‍රිකාටයි රනිල්ටයි වගේ සෙට් එකක්....


ඒ වගත් මෙසේය...


.

Jul 2, 2020

සිරිසේන කොඩිවිනේ පෝට්ටුවටත් වදියිද...?




බිත්තර ආප්පයක්ද කා රාජපක්ෂලාට පස්ස පෙන් වූ සිරිසේන උන්නැහේ හැංගිලා උන්න පොල් වත්තෙන් එලියට ඇවිල්ලා කිව්වේ, රාජපක්ෂලා මහ පාරේ ඇවිද්දනවා කියලාය. කිව්වා වගේම උන්නැහේ රාජපක්ෂලා නුවර ඉඳන් කොළඹටම ඇවිද්දුවේය. ඊයේ දිනයේ මංගල සමරවීර ස්වර්ණවාහිනියේ වැඩ සටහනකට සහභාගී වෙමින් කියා සිටියාක් මෙන් සිරිසේන ගොනාට අඳින්න පටන් ගත්තේ ජපානයේ පැවති ඝ්7 සමුළුවෙන් පස්සේය. ඒකේ නම ඝ්7 වූ නිසාමදෝ එදින ඉඳන් උන්නැහේ ඝ් හත් පොලේම ගාගෙන ඇදගෙනම නෑවේය. පොරට උනේ නිල් බාල්දියට වැටුන නරියාට වූ දේමය.


Aug 11, 2018

එජාපය ගැන රචනාවක් _ Essay about UNP




ගරු අජිත් පී පෙරේරා මැතිතුමා
සිරිකොත
පිටකෝට්ටේ


විදුලි බල මන්ඩලයේ රැකියාවක් ලබා ගැනීම සඳහායි

මා දුටු එජාපය

එජාපය කියා කියන්නේ යූ ඇන් පී පාටියටය. අපේ සීයා හෙන සම සමාජ කාරයෙක් නිසා, ඔය පක්ෂයට කිව්වේ උන්ගේ නෑදෑයින්ගේ පක්ෂය කියලාය. සීයා එහෙම කියන්නට ඇත්තේ, ජාතියේ පියා කියන හාදයා හෙවත් ඩී ඇස් සේනානායකගෙන් පස්සේ, ඩඩ්ලි මහත්තයා ආපු නිසා වෙන්න ඇතිය. ඒ සීන් එක කලින් දැකලා පක්ෂෙන් මාරු උන බන්ඩාරනායක මහත්තයත්, හොඳ යූ ඇන් පී කාරයෙක්ය. අපේ තාත්තා නම් කියන්නේ පක්ෂය බැබලවූයේ ජේ ආර් උන්නැහේ කියාය.

තාත්තා කියන්නේ, පක්ෂය ඉතරක් නොව රටත් ගොඩ ගියේ උන්නැහේ නිසා කියලාය. ඒ කතාව නම් සහතික ඇත්තය. අදත් එන හැම එකාම ජේ ආර් උන්නැහේට ඉතරක් නොව උන්දැගේ අම්මාටත් බැනලා බලය ගත්තාට, ඉන් පස්සේ ජීවත් වෙන්නේ, ජේ ආර් උන්නැහේගේ සිස්ටොන් එකටමය.

ඒ ව්‍යවස්ථාව දළදාවටත් වඩා වටිනා එකක් නිසා, මල්වතු හා අස්ගිරි පාර්සොවයෙන් පමණක්ම නොව, ගැටඹේ පාර්සොවයෙයෙන්ද අනුමත කොට, ත්‍රිපිටිකයටද අමුනා අවසානය. අම්මට සිරි ලංකාවට එයින් තොර ව්‍යවස්ථාවක් ඇත්තේම නැතැයි කියා දැන් හැම එකාම දන්නවාය.

ජේ ආර් පප්පා 5/6 ක බලයකුත් එක්ක ආවත්, දෙසරයක් රජකන් කොරලා, ලැවරියා විකුණා, සැන් ජෝසප් ගිය ප්‍රේමදාස මහත්තයාට රජකම දී ගෙදර ගියේය. උන්නැහේ දෙකොන පත්තුවෙන විලක්කුවක් එක්ක ඩාන්ස් දමා, විලක්කුවේ දෙකොනම නිවා, ආමර් වීදියෙන් නිවන් ගියේ, උන්නැහේගේ ගාමන්ට් සංකල්පේ රටේ ප්‍රධානම ආදායම් මාරගය කොරලාය. බලේ ඉඳිද්දී නිවන් ගිය නිසා, ඩී බී විජේතුංග නම් මී හරකෙක් ඉඹේම පක්ෂයේ නායකත්වයට පත් උනේය.

එදා ඉඳන් මේ පක්ෂයට අත් උනේ අබ සරණ ඉතරමය. උන්නැහේ රජකම සැටලයිට් නෝනාට සන්නසකින් බාරදී, කඩුගන්නාවේ තපස් රකින්නට ගියේ, ගාමිණී දිසානායකත් පරලෝකාප්ප්‍රාප්ත කොරමින්ය. මේ අස්සේ පිනා චැන්ස් එකක් පත්තු උනේ, කොහේවත් උන්න රනිල් ගොයියාටය. කස්ටිය කීවේ එයා නළුවෙක් නොව මොළයක්ය කියලාය. මොළේ කෙසේ වෙතත්, පිරිමි ඇඟත් අහිමි සැටලයිට් නෝනා, එයාට බටර් නැතිවම පෂචාත් භාගයේ ඇරලා ගෙදර යැව්වේ, ප්‍රභා එක්ක එකතු වී සැටලයි නෝනාට හා 56 බූරූ පුත්තුන්ට කෙලින්න ගිය නිසාය.

රිකට් ටීම් එකේ ඇන්ජෙලෝ මැතිව්ස් වගේ, රන්ල් ලොක්කාත් කොච්චර පේල් උනත්, තාමත් එයාගේ ඉනින්ග්ස් එක එයා ගහනවාය. එයාට කෙලින්න ගිය කරූ උන්නැහේ, ඒවා පටිසන් දීලාද කොහෙදෝ, විපක්ෂයේ උන්ගෙන් අම්මමෝ නැතිව අදටත් අහ ගන්නවාය.

කොහොම හරි රටේ තිබුන ප්‍රධානම පක්ෂය අද නිකන් පින්නවල අලි අනාතාගාරයටත් එහා අනාථම පොට් එකක් වෙලා අහවරය. පක්ෂයේ ලොකු තැන්වල ඉන්නේ, එහෙට මෙහෙට පැනලා අන්තීමට පක්ෂෙට ආපු උන් ටිකක් හා රනිල්ගේ මස්ටෑන්ග්ස්ලාය. .

සිරිකොතට ගල් ගහන්නේ පුංචි ප්‍රේමදාසමය. ඇතුලේ මොන මොන සෙල්ලම් දැම්මත්, තාමත් එජාපේ නායකයා රනිල් විකුම්සිංහමය. එයා ගේමට එන්නේ නැතිය. 2010 සරත් පොන්සේකා දාලා ඇඟ බේරා ගත්තේ, එයා ඉල්ලුවොත් වැඩේ නෝන්ඩි වෙන නිසාය.

2015 කොහේදෝ යන හාල්පාරුවෙක් ඉස්සරහට දමාගෙන රජ වෙන්න ගියත්, අද ඒ හාල්පාරුවාත් බටර් නැතිවම අලි සෙට් එකට අරිනවාය. රනිල් ආවෝත් හැදෙන්වාය කී ආර්ථිකේ, දැන් දුවන්නේ හොම්බෙන්ය. කොල්ලෝ චුයිං ගං වෙනුවට හපන්නේ දත් මිටිය. කාර් වල යන්න හිටපු උන්ට වව්ලා වගේ එල්ලීගෙන යන්න කෝච්චිත් ඇත්තේ නැතිය.

පක්ෂ දෙකක නායකයින් දෙදෙනෙක් යහපාලන හවුල් ආන්ඩුවද මොකක්ද බඩකඩිත්තුවක් කොලාට, අදටත් රටේ නායකයා මහින්ද රාජපක්ෂය. බඩු වැඩි වෙන්නේත්, මහ වැසි ඇද වැටෙන්නේත්, සුළං හමන්නේත්, මූදේ රැළ නැගෙන්නේත්, හිරු උදාවෙන්නේත, බුදු පිළිම ඇස් ඇරලා බලන්නේත්,  ගෑනුන්ට ළමයි හම්බ වෙන්නේත් මහින්ද මහත්තයා හන්දාය.

මහින්දගේ හොර අල්ලන්න ආවාට, උන් ඔක්කෝම එලියේ ඉඳිද්දි , ඇතුලේ ඉන්නේ මහ බ්ංකුවට ගේම් දුන් රනිල්ගේ ගෝලයෝ සහ සීනී සමාගමෙන් කප්පන් ඉල්ලූ සිරිසේනගේ ගෝලයෝය. සිරිසේන රනිල්ට අරිනවාය. රනිල් සිරිසේනට අරිනවාය. දෙන්නාටම මහින්ද අරිනවාය.

රනිල් කිව්වේ දින සීයෙන් රට හදනවා කියලාය. එයිට පස්සේ 2017 හදනවා කියා කීවේය. ඊට පස්සේ පුංචී ප්‍රේමදාස තරුණ කමිටුවක්ද මොකක්ද රෙද්දක් දාගෙන කිව්වේ දවස් තුනෙන් ඇහැට කනට ඇඟට පතට පඩට කටට දැනෙන මාරම වෙනසක් කරනවා කියලාය. අර කියපු එවාට දැනුනේ නැති උනාට පුකට දැනෙන ඒවා නම් හැමදාම කරනවාය. ජහමනයාට කොච්චර අරිනවාද කියනවා නම්, දැන් ඇරියත් දැන්නෙනේම නැති සයිස් එකට බෝර් වෙලාය.

දැන් ගන් පෙරලියද මොකක්ද එකක් ගෙනත් 2020 උදාවෙන යුගාන්තා දක්වා මක්කදෝ විගඩමක් නටනවාය. අර රූකඩේ වගේ නටවන්න හිතාන බලේට ගෙනාපු එකා ඒ හැමෑකටම ලෙඩේ අදිනවාය. එයා ග්‍රාම ශක්ති එක්ක අවුරුදු 1000 කට පෙර අතීතයකට අපව කැඳවා ගෙන යනවාය.

කෙටියෙන් කියනවා නම් රනිල්ට බැරිය. ඇත්ත කතාව ඕකය.

ඉතින් ඔහේලා කැමති නම් මට රස්සාවක් දෙන්නය. දුන්නත් නැතත්, 2020 දී මහින්ද මහත්තයාගෙන් රස්සාවක් ඉතරක් නොව මෝටර් බයික්කෙකත් හම්බ වෙන නිසා අපි දැන් වැඩ කොරන්නේ පොහොට්ටුවටය.

එජාපයට අබ සරණය...!!!!

Jul 23, 2018

මොරගහකන්දට උඩින් මලේ හොඳම එකෙන් පැනීම - Flower Jump over Moragahakanda





සිරිසේන මාධ්‍ය නිදහසක් දුන්නය කියනවා නේ
සිරිසේන දුන්න ලබ්බක් නෑ
එතන තිබුනේ ජනතා අපේක්ෂාවන්
ඒක ජනතා ජයග්‍රහණයක්
ඉතින්, ඒ දේට පිටුපාන්න බැරිකමක් තියෙන්නේ
එයා එන්නේ පොදු අපේක්ෂකයෙක් විදියට
එයා ඒ විදියටම උන්නා නම්,
අද රටේ ඉතරක් නෙමෙයි, මුලු ලෝකෙම පිලිගැනීමක් තියෙන රාජ්‍ය නායකයා.

Mar 5, 2018

බයිලා ගසා සංහිදියා ඇති කළ නොහැක - Swansong of Sirisena


Cartoon By - Awantha Artigala 


තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම්, තනි ඇහැට කඳුළු එන තරම් දුකක්ය. ඒ අනාවැකි එසේ පලකලේ එතෙක් මෙතෙක් අම්මට සිරි ලංකාවේ පහළවූ කිසිඳු දෙයක් කළ නොහැකි අසාර්ථකම රාජ්ජ නායකායාගෙන්, සංහිදියාව තබා කිසිඳු දෙයක් බලාපොරොත්තු වීම එකම විකාරයක්ම පමණක්ම නිසාය. එම ළිපියේ මාතලන් මෙසේ කීවේය.

Feb 15, 2018

රනිල් අස්වෙන්නේ රෙද්දටද...? - Why should Ranil Go Home?



සිරිසේන හිතාගෙන උන්නේ ලක්ෂ 62 ක් ඡන්දය දුන්නේ උන්නැහේටය කියලාය. ඒ නිසා පොලොන්නරුවේ ගොවි ගෙදරින් ආ, බෙලෙක් පිඟනේ බත් කෑ සරළ මිනිසාගේ ඔළුව ඉඳිමි, අලි ඔළුවෙන් හැම එකාටම කෙලින්නට ගියේය. ඇත්තම කතාව නම්, ඒ, 2015 මහින්ද මහත්තයාට කොහොමත් කෙල වෙන එක කෙලවෙලාම යනවා. උන්නැහෙත් උන්නැහේට වඳින පුදන ආදරය කරන ජනතාවට කොකා පෙන්නා ගජ් මිතුරු පවුල් වාදී කුප්ප දේශපලනයක් ගෙන ගිය නිසාය.

Feb 9, 2018

සංහිදියාවෙන් බෙල්ල කැපීම හා ඩිප්ලෝමැට්ටලා - Diplo Mattos & Intractable Coexistence




නන්දිකඩාල් වලින් ඉවර කරපු යුද්දේ ආයෙත් ලන්ඩන් වලින් පටන් අරන්.. කලින් වගේම, අපේ අපේම උන් මරා ගන්නවා... මහින්ද මහත්තයගෙ මොන ජාති ආලෙද... එයා මහ ලොකු වීරයා උනාට ඉලැක්ට්‍රික් චෙයාර් එකේ තියයි කියලා බයේ රෙද්දේ ගූ ගිහින් හිටියේ.. එයැයි ඒකෙනුත් බේරලා, ළෝකෙම දිනලා ඉන්න, සිරා පොරක් අපිට ඉන්නවා.. පොරට ගහන්න ඩිප්ලොමැට්ටෙක් දැන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...

මේ දවස්වල රැල්ලට යමින්, පරණ කවියක් පොඩි ඇඩිට් පාරක් දාලා බුකියේ දැම්මා.. 
ඒකයි, බුකියේ දාපු තා මයික්‍රො බ්ලොගින් කෑලි ටිකකුයි, 
ඔබේ හිත සුව පිණිස මෙතනත් එල්ලුවා..

හදවතින්ම සිරි ලාංකිකයි ඩෝ..

අම්මගේ රෙද්ද...!!!

Jan 31, 2018

දේශපාලන සත්තු හා මහත්වරු - Gentlemen of the Political Jungle




මොන ප්‍රශ්න තිබ්බත් කන්න දුන්න අත හපා කන්න එපා කියා කතාවක් තියෙනවාය. නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියා එකකුත් තියෙනවාය. බොරු කිව්වොත් අවීචී මහා නරකාදියේදි කට ලෝදිය වත්කරනවා කියා අපේ ආච්චි අම්මා කියා තියෙනවාය. ඒ නිසා මාතලන්, පත පච ඇද බාන්නට අදටත් පොඩි බයක් තියෙනවාය. පොඩි පොඩි ඒවා ඇදලා අරින්නේ, අපායට ගියත් පොඩි ඩ්‍රින්ක්ස් එකක් ඕනා නිසාය. මොකෝ ආපායේදීවත් අමද්‍යප සංගමේ සාමාජිකයෙක් වනවාට වඩා, බාර් ඇසෝසේසන් එකේ මැම්බර් කෙනෙක් වෙන එක වඩා හොඳෙයි කියා, මාතලන් ආච්චි අම්මාටත් කියලා තියෙනවාය.  

Jan 9, 2018

ජනාධිපති තාත්තා සහ මහරජ තාත්තා - My Father is a King



මෙය කියවනා ඔබ දැනටත් පියකු වන්නට පුළුවන. (පින්පියකු නෙමෙයි යකෝ, පියෙක්.... පියෙක්... ඒ කියන්නේ තාත්තා කෙනෙක්)

එසේ නොමැති නම් ඔබ එවන් පියකුගේ දරවකු වීම අනිවාර්යය.

මෙවන් සිද්දීන් ඔබට අනන්තවත් මතක ඇතුවාට සැක නැත..


Jul 28, 2017

දැන් නම් බුදු සිරා ඕයි...!!! - Be on right track Sira....




ජනවාරි 8 විප්ලයවට දායකත්වය දෙමින් හෙවත්, රෙදි නැතිව කඩේ යමින් උන් හැම එකාම උන්නේ නන්න පෝල් වෙලාය. අපට පාරේ බැසයාම කෙසේ වෙතත්, ගෙවල් වලවත් කනක් ඇහිලා ඉන්න උන්නේ නැතිය. හැම එකාම කිව්වේ, පොන්නයෝ දෙන්නෙක් රට පාලනය කරනවා කියලාය. එහෙම කිව්වේ මිලේඡ්ච පාලනයක් පෙරලූ උන්ට, එම පාලනයම ඉදිරියට ගෙන යාම අපහසු නිසාය. ඇත්තම කතා කරනවා නම් නිදහස ඕනාවටත් වඩා ලැබුනේය. හොරුන්ට ඇප ලැබුනේය. මේ හොරු ඇල්ලීම එකම විකාරයක් වුවත්, එය ඉවසාගෙන සිටිය හැකි දෙයක් උනත්, ඡන්දේ දිනපු උන් පවා අන්තීමටම කළකිරිලා උන්නේ, මේ ආන්ඩුව කිසිවක්ම නොකරනා බැවින් හා හිටපු උන් තාමත් රට පාලනය කරනා බව හැම අතින්ම පෙනුනු නිසාවෙන්මය.