.

.

Dec 1, 2018

සිරිසේන පිස්සෙක්ද? - Is it Siresena or The constitution



රාජපක්ෂ පාලනයෙන් මිනිසුන් හෙම්බත්ව උන්නේ, ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් ඝාතන නිසාවත්, හොරකම හා දූෂණය නිසාවත් නොව, ජීවන වියදම අහස උසට ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවගේ බඩට කෙල වී ගිය නිසාවෙන්මය. කළු සල්ලි ආර්ථිකයක් පැවති ඒ වකවානුව තුල ව්‍යාපාරික ප්‍රජාව හා ඉහළ පන්තිය සුපිරි ජීවිතයක් ගත කළද, සාමාන්‍ය ජනතාව උන්නේ, ජන ජීවිතයට හොඳම එකෙන් කෙලවෙලාය. ඝාතන හා හොරකම් චෝදනා ඉස්මතු වූයේ, පොදු අපේක්ෂක සොයාගැනීමෙන් පසු වේදිකා වටා රැසවන මිනිසුන්ගේ ආතල් ඇති කිරීමටම ඉතරය. පොදු අපේක්ෂකයෙක් සොය සොයා උන් පිරිස බලාපොරොත්තු වූයේ, සිරිසේන ජනපති පුටුවේ තබා, ගොනාට අන්දා, තමන්ට කැමති ආකාරයට රට කරවන්නටය. (කරවන්නට නොව කන්නට බව අද ඔප්පු වෙලා අහවරය)