ගාල්ල යනු ක්‍රිකට් පිස්සන් ජීවත් වන නඟරයකි. එහි පැවැත්වෙන රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟය එහි උච්ඡතම අවස්ථාවයි. ගාළු නඟරයේ මෙන්ම අනෙකුත් කුඩා ටවුන් වල පවා මහා ගස්වල, කණුවල පාසල් දෙකේ කොඩි ලෙලදෙන්නේ මේ කාළයේය.
ගාළු ක්රීඩංගනයද ලෝකයේ සුන්දරතම ක්‍රිකට් ක්රීඩංගන අතරේ පෙරමුණේම සිටී. ඒ ගාළු කොටුපවුර හේතුවෙනි. අනෙක් කාරනය නම් ලාංකීය සියළුම ක්‍රිකට් පිස්සන් ගාළු ක්‍රිකට් ක්‍රීඩාංගනය සලකනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාසනාව ගෙනෙනා ක්‍රීඩාංගනයක් ලෙසය.
එහෙත් වසර කීපයක් තිස්සේ සෑම තරඟයකින්ම කන පැලෙන්න කන.., කාළකන්නි ක්‍රිකට් තේරීම් කමිටුවක්.., නිළධාරීන් පිරිසක් සමඟ ක්‍රිකට් ගහන්න බැරි උනත් බූරූවා ගසන.., තරඟ අතරේ රති ක්‍රීඩාවේ යෙදෙන.. කන පැලෙන්න බීලා ගොස් මිනිසුන් මරා දමන.., කාළකන්නි ක්‍රීඩකයින් පිරිසක්…, පිට පිටම තරඟ දෙකක් පැරදි ඒ ගෞරවයද නැතිකර දමා අවසන්ය..
ලංකාවට ටෙස්ට් වරම් ලැබෙන්නේ හදවතින්ම බටහිරකරණයට ලක් වූ යැංකී ඩිකී හෙවත් ජේ ආර් ජයවර්ධන මුත්තාගේ කාලයේ ගාමිනී දිසානායකගේ සභාපතීත්වයෙනි. මුල්ම නායකයා වූයේ බන්දුල වර්ණපුරයි. ඒ කාළයේ සිටී සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අර්ජුණ රණතුංගද ටෙස්ට් වරම් ලබාගන්නේ පළමු තරගයෙන්මය. අර්ජුණලා ටෙස්ට් ගහන්නට ආවේ රේන්ජ් රෝවර් ජීප්පූ වල නොවේ ක්‍රිකට් ආම්පන්න බෑග් එකත් කරේ දමාගෙන අර්ජුණ ටෙස්ට් ගහන්නට ආවේ කෝච්චියෙනි.
ඒ කාළේ ටෙස්ට් ගහපු උන්ටවත් බඩෙ බත් දමා ගැනීමට තරම්වත් ගතමනාවක් නොලැබුන නිසා සෙට් එකක් ද්කුණු අප්‍රිකානූ සංචාරයකට යන්නේ ලැබුන සල්ලි කුට්ට්ය නිසාමය.
එතෙක් ගහන ගහන මැච් පරදින ක්‍රිකට් කන්ඩායම ජයග්‍රාහී කණ්ඩායමක් කලේ අර්ජුණ රණතුංගය. ඔහු ඒ වෙනුවෙන් තමන් ගැන නොසිතා කණ්ඩායම් හැගීමෙන් ක්‍රියා කළේය. ඔහුගේ එම නායකත්වය වඩාත් කැපී පෙනුනේ.., ඔස්ට්‍රේලියාවේදි ඩැරල් හෙයාර් නම් ගොන් නාම්බෙක් මුරලිදරන් බෝලය චක් කරනවා කියා ලෙඩේ ඇද්ද වෙලාවේය. අර්ජුණ නියම නායකයකු ලෙස ඩැරල් හෙයාර්ගෙන් ගේම ඉල්ලු අතර වසානයේ ඩැරල් හෙයාර් බල්ලා මක්ම වෙලා ගියේය.
අර්ජුණගේද වැරදි නොතිබුනේ නොවේ… 1996 ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු අර්ජුණගේ ඔළුවේ ඉඳිමීම සනීප වූයේ.., ඊළඟ ලෝක කුසලානයේදීමය. එහිදි අපි පළමු වටයෙන්ම හැලී ගිය අතර අද මෙන්ම ගහන ගහන් තරඟය පරදින්නට පටන් ගත්තේය.
අර්ජුණ සාර්ථක කාලයේ අර්ජුණ මෙන්ම, අරවින්ද, මහානාම, අසංග ගුරුසිංහ, සනත් ජයසූරිය, කළුවිතාරණ මෙන්ම මුත්තයියා මුරලිදරන්ද කැපී පෙනෙන ක්‍රීඩකයින් විය…
නැවතත් ක්‍රිකට් වලට ආලෝකයක් ගෙන ආවේ මාවන් අතපත්තුගේ කාළයේය. ඔහු සමඟ එක් වූ මහේල, සංඝා හා ලසිත් මාලිංග මුලු ලෝකයේම ආදරය දිනාගත් වාර්ථා පිට වාර්ථා තැබූ ලෙජන්ඩ්ලාම විය..
එහෙත් මේ සියල්ලන්ම ක්‍රීඩා කලේ තම රට වෙනුවෙන් කණ්ඩායම් හැඟීමකින් නොව තම තමන්ගේ පෞද්ගලික වාර්ථා වෙනුවෙන්ය. මෙහිදි ලසිත් මාලිංග මෙවන් ක්‍රියා හේතුවෙන් සමාජ මාධ්‍යවල, ප්‍රධාන මාධ්‍යවල මෙන්ම, ක්‍රිකට් ක්‍රීඩකයින් හා විචාරකයින්ගේද විවේච්නයට බඳුන් වූයේ වරක් දෙවරක් නොවේ…
එමෙන්ම මහේල හා සංඝා යන දෙදෙනාම තම තමන්ගේ වාර්ථා වෙනුවෙන් ක්‍රිඩා කලා මිස තමන් ක්‍රීඩා කරන ස්ථානයන් නවක ක්රීඩයක්යින් වෙනුවෙන් කැප කිරීමට කටයුතු කලේ නැතිය. සාමාන්‍යයෙ ක්‍රිකට් ක්‍රීඩාවේ එතික්ස් යනු මෙවන් ක්රියාවන්ය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයින් පවා නවක ක්‍රීඩකයින් වෙනුවෙන් ඉහළ ස්ථානයක් ලබා දීමෙන් පහළ ස්ථානවල ක්‍රීඩා කරනුයේ පසුව පිතිකරණයට එකතුවන ජෙෂ්ඨ ක්‍රීඩකයා හා එක් වීමෙන් ඔවුනට ලැබෙනා වූ මානසික ශක්තිය වෙනුවෙනි.
අප කන්ඩායමේ පිරිහීම පටන් ගන්නේ මහේල හා සංඝා නික්ම යෑමෙන් පසුය. ඔවුන් නික්ම ගියද ලසිත් මාලිංග කණ්ඩායමේ සිටියේය. ඇන්ජෙලෝ මැතිව්ස් අසාර්ථක නායකයෙක් විය. ඔහු කිසිම කණ්ඩායම් හැඟීමක් නැති ක්‍රීඩකයෙකි.
ඒ වන විට මුළු ලෝකයම ජයගත් ලසිත් මාලිංගගේ චරිතය නවක ක්‍රීඩකයින් විසින් ආරුඩ කර ගැන්ම, ලංකාවේ ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමට, කණ්ඩායම් හැඟීම නැති වීමට මෙන්ම ක්‍රිකට් ක්‍රිඩාව නැත්තටම නැති වීමට ප්‍රධාන හේතුවය යන්න මගේ විශ්වාසයයි.
මේ වන විට මාලිංග ක්‍රිකට් ගැහුවත් එකයි නැතත් එකයි යන තත්වයට පත් වී සිටීමෙන්, ඔහු කළමණාකරු හෝ කළමණාකරණය සත පහකට මායිම් කලේ නැතිය, ක්‍රීඩා මුහුණුවීම් කටයුතු මගහරිමින් විනය කඩ කලේය. එහෙත් ඔහුගේ දක්ෂතාවයන් හේතුවෙන්, ක්ණ්ඩායමට එක් වීමට ඔහුට වාසනාව ලැබිනි. ලස්ති මාලිංගගේ මේ අමන ක්‍රියා වලට විරුද්ධව හඬක් නැගුවේ දයාසිරි පමණි, එහෙත් සියල්ලෝම හිට ගත්තේ දයාසිරි සමඟ නොව ලසිත් සමඟය.
කන්ඩායම තව තවත් ආගාදයට ගියේ ක්‍රීඩා ඇමතියාවත් ගනන් ගන්නේ නැති නිළධාරීන් හා ක්‍රීඩකයින් එක්ව, මෙය මාෆියාවක් කර ගැනීමෙන් අනතුරුවය. ඒ අතරේ “බෝනගේන්” චෝදනාවක්ද ඇත. කළමණාකරණය ක්‍රීඩකයින්ගේ මුදලින් කොටසක් කප්පම් වශයෙන් ගනිමින් පවති.
මැච් දින්නත් පැරදුනත් ශ්‍රී ලංකට් ක්‍රිකට් සමඟ ගිසුම් ගත වීමෙන් අනතුරුව වසරක් යනතෙක් තරඟ දිණුවත් නැතත් මහා මුදල් කුට්ටියක් සෑම ක්රීඩයකුටම ලැබේ. ඒ මුදලින් කොටසක් කළමණාකරනයට පූජා කිරීමෙන්, ඊළඟ වසරේද කණ්ඩායමට තේරී පත්වීමේ වාසනාව මේ සියල්ලන්ටම හිමි වේ..
කෙතරම් ෆේල් උනත් කණ්ඩායම ඇතුලේ ඉන්නේ මේ හේතුවෙනි. ඒ ICC රෙගියුලේෂන් අනුවද ලැබෙනා වාසියකි. කාළයක් ICC වලින් ලැබෙන මුදලද ක්‍රීඩකයින් වෙත ලබා නොදෙමින් බලධාරින් විසින් එවා යටිමඩි ගසා ගත් බව අද බොහෝ දෙනෙකුට අමතකය. පසුව ICC මඟින් එල්ල කළ බලපෑම් හමුවේ ක්‍රීඩකයින්ගේ හිඟ මුදල් ගෙවා දමන ලදී..
අද ශ්‍රී ලංකන් ක්‍රිකට් යනු අමු හොර ගුහාවකි. තනිකර මාෆියාවකි. පළමු තරඟය කෑමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ වෝනීන් හමුවේ දෙවන තරඟයේ පළමු ඉනිමේ යම් සාර්ථකත්වයක් පෙන්නුවද ඒ කනා බල්ලන්ට ගැසීමක් බව අද වන විට ඔප්පු වී හමාරය.
මගේ මතය නම් ඇඹුල්දෙනිය හැර අනෙක් සියළුම ක්‍රීඩකයින්, කළමණාකරුවන්, නිළධාරින් සියල්ලම එලවා දමා සියල්ලෝ අළුතෙන් පත් කළ යුතුය යන්නය. එවන් නවක ක්‍රිකට් කණ්ඩායමක් අද හෙට තරඟ ජයග්‍රහණය නොකලද, අර්ජුණලා මෙන්, බංගලාදේශ ක්‍රිකට් කණඩායම මෙන්, අළු ගසා දමා නැගී සිටින ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් වසර තුන හතරක් තුලදී නැගී සිටිය හැකිය…
බෝනගේන් අශාන්තද මෙල් ඉවත් කර ඒ වෙනුවට පත් කර ඇත්තේ ජයරත්න කෙනෙකි. ජයරත්න නාමය ලංකාවේ ප්‍රසිද්ධ “ජයරත්න නම් මල්… මල් නම් ජයරත්න..” ලෙසද ප්‍රසිද්ධ.., “ජයරත්න අවමංගල අධ්යක්ෂවරුන්” නිසාය.. ඔවුන් VVIP පොරවල්ගෙ අවසන් කටයුතු ඉතා ගරු ගාම්බීර ලෙස කිරීමට ඉතා ප්‍රසිද්ධ වේ.
තම පවුලේම කෙනෙක් වන “ජයරත්න” පත් කර ඇත්තේ.., වඩාත් විශවාස කෙනෙක් ඒ සඳහා පත් කළ යුතු යැයි ගන්නා තීරණයක් නිසාද විය හැකිය.
ඒම නිසා අපට දැන් බලා සිටීමට සින්දුව ඇත්තේ.., ජයරත්න අවමංගල අධ්යක්ෂවරුන් අවමංගල කටයුතු ඉතා සාර්ථක අයුරින් නිමාකොට ඉවත් වෙයිද..? එසේ නොමැති නම් කෙතරම් වයසට ගියත් අදටත් ඉතා ජනප්‍රිය, ටී එම් ජයරත්න මෙන් ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් ජනප්‍රිය තත්වයකට ගෙන ඒදැයි කියාය..
නව කළමණාකරුට අපගේ සුභ පැතුම්…!!!