එකෝමත් එක රටක, එකෝමත් එක කාළයක, යක්ෂයෝ සහ නාගයෝ කියා දෙගොල්ලක් උන්නෝය. ඉන්දියාවේ ඉඳන් ආපු විජේට හම්බ උනේ යකෙක්ය. මොකෙක්වත් නැති එකේ, යකෙක් උනත් මොකෑ කියපු විජේ යකා සහේට ගත්තේය. ඒ උනාට විජේට බොලිවුඩ් කෑලි මතක් වෙන කොට දුක හිතෙන්න ඇතිය.
ඒ නිසා එයා බොලිවුඩ් වලින් කෑල්ලක් ගෙන්නගෙන, යකා එලවලා දැම්මෝය. විජේ ඇවිත් සිංහයෙක් එක්ක මොකක්ද හුට පටයක් කරගත්ත කෙනෙක්ගේ එකෙක්ය. විජේගේ අය කෙසේ වෙතත්, යක්කු සෙට් එකයි, නයි සෙට් එකයිනම් මේ රටේ තාමත් යහතින්ම ඉන්නවාය. අර සිංහයාගේ සෙට් එක අතීතයේ දවසකම ආයෙත් යන්න ගියා වෙන්න ඇතිය.



