.

.

Dec 31, 2015

2015, මැට්ටෝ සහ යාං හෑලී - Good Bye 2015



2015 මොකෑ උනේ, ඇත්තටම බලාගෙන ගියාම මක්කත් උනේම නෑ වගේය. ජනවාරි 8 නිහඬ විප්ලවයෙන් හිටපු ලොක්කා ගෙදර යැව්වාට, තාමත් හොල්මන හැම තැනම කරක් ගහනවාය. ටැලිවිසොන් කාරයන්ට නම් තාමත් ජනාධිපති උන්නැහේය. සෑම ඉන්සිඩොන්ට් එකක් ගැනම එතුමාගේ අදහස විමසනවාය. එතකොට අර උගුර බල්ලෝ කාපු, ගාම්බීර වොයිස් එකෙන් එයා තවුසන් ටෝක් වගේ ලොරි ටෝක් දෙනවාය. එයා කියන්නේ එයාගේ කීර්තිය නැති කරන්න මේ ආන්ඩුව කරන්න පුළුවන් හැම එකක්ම කොරනවා කියලාය.


Dec 29, 2015

මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාටද...? - Who should be whipped with toxic stingray tails



ජනාධිපති තුමා අපේ ආච්චි අම්මාට වඩා ඉදිරියෙන්ය. මොකෝ..., උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා, මඩු වල්ගයෙන්...." කියා නෙමේය. උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා..., ගූ ගාපු ඉලපතෙන්.." කියාය. අපේ පවුලේ නොසන්ඩාල වැඩ කරන උන්, මා(තලන්)ද ඇතුලුව බොහෝ පිරිසක් උන්නේය. වැඩියෙන්ම පැමිණිලි ලැබුනේ, "බලන්නකෝ..., ඔහේලයි කොල්ලා අපේ කෙල්ලත් එක්ක පැටලිලා නේ..." කියනා පැමිනිල්ලය. එතකොට ආච්චි අම්මා උන්නේ අපේ පැත්තේය. උන්දෑ පැමිනිලිකරුට කිව්වේ, "ඔහේලයි කෙල්ලෝ හරි විදියට හදාගන්නෙයි...." කියලාය.

Dec 25, 2015

එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaa



එන්රිකේ ඇවිල්ලා ගියේය. පාර්ලිමේන්තුවේ ඉන්න කාළකන්නි, පැමිණීමේ දීමනාව සුපියල් 500 සිට 20000 දක්වා වැඩි කොර ගන්න යන එක පැත්තක තියලා, අපේ උන් කතා කොරන්නේ එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ගෑල්ලමයා ගැනයි, එයාට විසිකරපු බැසියරේ ගැනයිය. ඔක්කෝම ඒ ගැන කතා කොරන නිසා මාතලනුත් ඒ ගැන කතා කොරන්න ඕනා කියා සිතුවේය.

Dec 23, 2015

නත්තල් පප්පගේ ජින්ගල් බැල් එක.. (අතිශයින් වැඩිහිටියන්ට පමණමයි) - Santa Looked a Lot Like Daddy (13+)




දැන් ඉතින් මේක කියවලා මාව මරාගෙන කන්න එපා. ඉස්සෙල්ලා කයිය වගේ එක කියවලා.. ඊට පස්සේ තියෙන පල් හෑල්ලත් කියවලා ඉන්නකෝ..

Dec 22, 2015

බිරිඳ හැර ගියාද...? - Hirunika Dewa Meniyo



බිරිඳ ඔබ හැර ගියාද..?

තවත් පසු තැවෙන්න එපා.

නඩු හබ, පොලිස් පොත්,

කිසිවත් උවමනා නැත.

ආන්ඩු බලයෙන් කරනා

ඇඟ කිලිපොලා යන 

අති ප්‍රභළ ගුරුකම්.

කැපීම්, පැන්නිම්, මැතිරීම් නැත.

ඉස්සිම් පමණි..!!!

වරු තුනෙන් ඩිෆෙන්ඩරයෙන් ගෙන්වා දෙමි.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.


විමසන්න..

පාරම්පරික ගුරුකම් විශේෂඥයෝ

නැගෙන හිරු මෙන් විශ්වාසයි, අවංකයි

ජනතා විශ්වාශය දිණූ..

හිරුනිකා සුදු මෑණියෝ..!!!

කොළොන්නාව.

ශාඛා - දෙමටගොඩ, මුල්ලේරියාව, අංගොඩ.

-x-

Dec 20, 2015

සිංහ ලේ සහ තුවා ලේ (23+) - Zoophilia & Narcissistic (13+)



අළුත් පනතක් ඇවිත් බයියෝ බය වෙලා හරි කල බො                   ලේ
හැමි නෙන්න සිං හයෝ සොය මින් ගෑණු ටික ඇත එක පෙ          ලේ
ඇෆ්‍ රිකන් සිං හයෝ සැඟ වෙති ගල් ගුහා තුල මහ කැ                  ලේ
පරික් සොන කොට හොයා ගෙන ඇත ඇඟේ ඇත් තේ සිංහ          ලේ

Dec 19, 2015

අමුඩ ගහං කොටුවට රිංගීම හා ඇන්දීමට දස්ස ජෙප්පෝ - Farmers in battlefield & JVP Fashion show



අම්මට සිරි ලංකාවේ කාලෙන් කාලෙට එක එක ආතල් එනවාය. ප්‍රජාතන්තර වාදේ දෝරේ ගලනා මේ කාළේ තියෙනා ආතල් එක නම්, හැමදාම වාගේ කොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා තිබෙනා, ජනරංජන මනරංජනගේ වැඩ වර්ජන හා උග්ගෝසනය. ආයෙත් බලය ඩැහැගැනීමේ කාළකන්නි සැබෑ නොවනා සිහිනයක ජීවත් වෙන රාජපක්ෂ රෙජිමයේ ගොන් බයියලාගේ මන දොල පුරවන්නට එන දොල පිදෙනී කන මළ පෙරේතයන්ය. එයිටාමතරව මක්කත් කොරේ නැත්නම් කක්කත් කොර ගන්න බැරි වේය කියනා ෆෝබියාවකින් පෙලෙනා, ජෙප්පන් හා පසුගාමි සැට් එකය.

Dec 18, 2015

නිමී...!!! - All Over...!!!




Hi Wicha & Mathe,

THANK YOU VERY MUCH both of you graciously agreeing to close the episode

We are planing to arrange a meet in next few days.

Let's have a good laugh about it. Shall get back with the date.

Ian & Pra Jay

*******************************************************************

Thanks Guys,

To respect lovely friends like u.

I will delete the post ASP

*******************************************************************

To Ian, Pra, Chefaki, Wicha and all of my good friends.

BLOGING IS A WONDERFUL PLACE WITH A FRIENDS LIKE YOU......!!!



දැන් ඉතින් කුලියට කහින උන් නාපියව්...



-x-



Dec 16, 2015

ආර්ථික විජ්ජාව නොදත් බැංකු කරුවෝ - Stupid Bankers of Siri Lanka



අය වැය ගැන මාතලන්ගේ බොක්කක් මෙන්ම බෑන්කර් කෙනෙක් වන, "විසිටර් වී" නොහොත් "මදාවියා" විසින් ලියනා ලද අපූරු විග්‍රහයක් "විසිටර් වී" බොගේ පල උනේය. සමහර විට ඌ ඒක ලියන්න ඇත්තේ අය වැය ගැන ලියන්නෙයි කී ඉල්ලීම නිසා වෙන්නත් පුළුවන්ය. ඒ ළිපිය කැමති එකෙකුට <<මෙතනින් බලා ගන්න පුළුවන්ය.>>

Dec 15, 2015

ජෙයපාලන් පයිත්තියමා...? - Please don't come Jeya



ජයපාලන්
පයිත්තියමා ඩා
එන්න කරච්චල් ඩා
මේක අස්සේ
රිං ගන්ඩා


Dec 10, 2015

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka



නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.

Dec 8, 2015

දූෂණය, ඇවිදීම, සිනාසීම හා ඇදගෙන නෑම - Fight Against Corruption



මහින්ද මහත්තයාගේ කාළේ, මහින්ද මහත්තයාගේ බඩ මිරීකීම්, දරුවන් වඩා ගැනීම්, කොටහලු ගෙවල් වල යාම්, බෝත් ඩේ පාටි වලට යෑම්, විවාහ රෙජිස්ටාර් කාර්යයන් වගේ, ඉතා බාරදූර රාජකාරීන් කොරනා අතරේ, ජනතාවට ආතල් දීම සඳහා වෙනම අන්දරේලාද පත් කර තිබුනේය. ආචාර්ය මර්වින් සිල්වා සහ මහාචාර්ය බන්ධුල ගුණවර්ධනණ මුල් පෙලේ එන්ටර්ටේන්මන්ට් පොරවල් විය.

Dec 5, 2015

බයිපෝලා, ගල් කේස් හා නෝ ප්ලේස් - Bipolar, Stoning & House Maids




පොලිටික්කන්ට බයිපෝලා (Bipolar) හැදිලාය කියා කිව්වාම එක පාරටම හිතුනේ,මහ බයියා ප්‍රමුඛ කම්බා හොර රැලට හැදෙනා ලෙඩක්ය කියලාය. ඒත් වත්මන් ඇමති මන්ඩලේ උන්ටත් තියෙනවා කියා කිව්වාම, මාතලන් කවදත් කියන්නේ ඇත්ත නේද යකෝ කියලා පොඩි මෙව්වා එකක් ආවේය. ඒ කියන්නේ යහපාලන ටොයියෝ අතරෙත් බයියෝ ඉන්නවාය කියා එදා ඉඳන් කියනා කතන්දරේය.

Dec 3, 2015

දොස්තර, පහිද කොකෝ? - Doctor. Who?



දොස්තරලා ඉට්ටැයි කලේය. ලෙඩ්ඩුන්ට කෙල වෙලාම ගියේය. ඒ දුප්පත් ලෙඩ්ඩුන්ය. හැන්දෑවට චැනල් ඉට්ටැයික් එකක් නැතිය. එතනින් ඇඟට පතට, හිතට ගතට මෙන්ම, පෝස් වොලට් වලටත් දැණෙන, බෙහෙත් ගන්න පුළුවන්ය. එච්චරටම නැති උන්ට, කණකර බැංකුවේ තියා හෝ හන්දියේ ඩිස්පැසරියේ නෝනාගෙන් හෝ මහත්තයාගෙන් බෙහෙත් ඩිංගක් ගන්න පුළුවන්ය. ඕනෑම නම් පාමසියෙන් ගන්න බෙහෙත් ඩිංගක් ඉල්ලා ගන්නත් පුළුවන්ය. එහෙම දුන්නේ නැත්නම් ඩොකා අවුල්ය.

Dec 1, 2015

බස්සිගෙ හීන, ඇහිඳින්න එන්න - An Interview with Bassi



යසෝධා සම්මානි.. අළුතෙන් බයිලා ගහලා හඳුන්වලා දෙන්න ඕන නෑ.. මේ නමින් දන්නේ නැත්නම් "බස්සි" කියන නම කිව්වම සයිබරේ ඉන්න ඕන එකෙක් දන්නවා. ලියන්නේ අමුතුම ඒවා. හිතන්නෙත් අමුතු විදියට. මාතලන්ගේ දැක්ම අනුව නම් දැනට බොග දාන උන්ගෙන් ඉන්න හොඳම බ්ලොගර් කිව්වට කිසි අවුලක් නෑ. එයාට චැලේන්ජ් එකකට උන්නේ "අපූර්වී ඔමාය". ඒත් දැන් ඒකී ලියන්නෙ නෑ. ලියනවා නම් කිසි අවුලක් නැතිව ජාත්‍යන්තරයටම යන්න පුළුවන්.