සෑහෙන කාළයක් යනකන් මේ අර්බුධයෙන් ලේසියෙන් ගොඩ ඒමට නොහැකි නිසා, ජෙප්පන් දැන් කළ යුත්තේ, ඉම්පීරියල් මොනෑක් දේශපාලනය නොව අර්බුධය තුල බිහිවිය හැකි හිඟන පන්තියේ හිත සුව පිණිස වන දේශපාලනයකැයි කියා නිර්මාල් දේවසිරි ලියමින් කියමින් සිටිනවාය.
එයා ඉතරක් නොව එයාගේ දායක සභාවද, තියරිය පමණක් දන්නා ලංකාවේ ආර්ථික උස්තාද්ලත් කියන්නේ, රටට කෙලවූයේ, ජනතාව අධිපරිභෝජනවාදී රටාවකට හුරු වූ නිසාවෙන් බවත්, දැන් දේශීය සරළ ජීවිතයකට හුරුවිය යුතු බවත්‍ය. ඇත්තටම මොවුන් අධිපරිභෝජනවාදී ජීවන රටාව කියන්නේ මිනිසුන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගෙන ජීවත් වෙන එකටය.
එහෙත් ඇත්ත කතාව නම්, මේ රටට කෙළවූයේ නිර්මාල් මෙන් රටේ ආර්ථිකයට, ජාතික ආදායමට කිසිඳු දායකත්වයක් නොදක්වන, එහෙත් රජයේ ආදායමෙන් ජීවත් වූ රාජ්‍ය සේවකයින් හා විශේෂයෙන් වැටුප් වලට අමතරව, විශේෂ දීමනා, රට සවාරි, ශිෂ්‍යත්ව, බදු රහිත සුඛෝපභෝගී රථ මෙන්ම, රජයේ වාහන පවුලේ කටයුතු සඳහාත් භාවිතා කරනා රාජ්‍ය නිළධාරී මාෆියාව නිසා බව මොවුන් දැන උන්නත්, කිසිදා එය කියන්නේ නැතිය.
රාජ්‍ය ආදායමෙන් 80% ක පමණ මුදලක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීමට වැය වන්නේ නම් ඒ රටට සම්මා සම්බුදු සරණමය.
අපේ රටේ 15% පමණ වන රාජ්‍ය සේවය ලෝකයේ විශාලම රාජ්‍ය සේවයකි. අද අපටත් ණය දෙන බංගලාදේශයේ එය 6% ක් පමණය.
හමුදාවේ රථ වාහන අවභාවිතා ගැන ලියූ නදීෂා චන්ද්‍රසේනට එලව එලවා ගහන්නේ මේ ඇත්ත ලියන නිසාමය. මෑතක මේ, මාතලන් යකා එක බ්ලොක් වූයේ සිරසේ වැදි බණ දෙසනා විජේවර්ධන නැමැති බක පන්ඩිතයා ණය ප්‍රතිව්‍යූහගතකළ කිරීම පිලිබඳව දැන් කියනා බයිලා විවේචනය කළ නිසාවෙන්‍ය. ඒ නිසා මේ ලිපියෙන් පසු දායක සභාවල් විසින් රිපෝට් කර, මේ එකවුන්ට එක නැවත බ්ලොක් වීමේ වැඩි සම්භාවිතාවයක්ද තියෙන්නේය.
ඒ ගැන අප පුදුම විය යුතු නැත්තේ, වමේ උන්ගේ මෙන්ම, ජෙප්පන් පෙරට්ටන්ගේ තියරියද, මර්ධනය, තර්ජනය, ඔවුනට එරෙහි සියල්ලන් මෙලොවින්ම චුත කිරීම හා ඇවිලවීම නිසාය. නැවත වරක් රට අවුලුවන්න දත කන්නේ ඒ නිසාය.
නිර්මාල්ලා මොන බයිලා ගැහුවත්, දැන් ජීවත් වන හැම එකාටම ඕන නාමල්ලා යෝෂිතලා චිචිලා වෙන්නටය...
සිරිසේනගේ පුත් දහම්ලා අනුර කුමාරගේ පුත් කසුන්ලා, නාමල්ලා වෙන්න ගිහින් හත්පොලේ ගාගෙන නෝන්ඩි වෙන්නේ ඒ නිසාය. ඇත්තටම ලංකාවම ඉන්නේ රාජපක්ෂ ෆැන්ටසියේය. ඔවුන් කෙරේ ඇති වෛරයට හේතුවත් වෙන කිසිවක්ම නොව එයමය.
නිර්මාල්ට අවශ්‍ය නිර්මාල්ගේ දරුවොත් එහෙම කරන්නටය.. අනුරගෙ දරුවා, ලාල්ගේ දරුවා, විමල්ගේ දරුවා, සියල්ලෝම කැමති එවැනි ජීවිත ගතකිරීමටය.
අරගලය පෝට් සිටියටයි ෂැන්ග්‍රිලා එක මැද්දටයි එන්නෙත් එම නිසාය.. මේ දෙකම රාජපක්ෂලාගේ නිර්මාණයන්‍ය...එයාලා අර කූඩාරම් ඇතුලේ ඉඳන් අරගල කරන්නේ ෂැන්ග්‍රිලා එකේ ඉන්නටය... චූ කරන්නට හෝ වන් ගෝල්ෆේස් එකට යන්නටය... ගෝල්ෆේස් හා හෝ ගානා පොකුණත් ලාංකිය ජන සමාජයේ ෆැන්ටසියන්‍ය.
නිර්මාල්ට ජෙප්පන්ට පෙරට්ටන්ට පමණක් නොව, ලංකාවේ සියලුම දේශපාලුවන්ට හා රාජ්‍ය නිළධාරී පැලැන්තියේ සියල්ලන්ටම කෙලවුනේ ජනතාවගෙ මේ සිතුම් පැතුම් ආකල්ප හා ලැදියාවන් තේරුම් ගන්න බැරි වෙච්චි නිසාය... අවසානයේ අරගලයේ උන්ටත් ඔස්ට්‍රේලියානූ ක්‍රිකට් කණ්ඩායමට සුභ පතා කහ පාට විප්ලවය වැළඳගන්න වෙන්නේ ඒ නිසාය.
අද වතුකරයේ දරුවෝ, විශේෂයෙන් තරුණ කෙල්ලො, ජීන්ස් ගගලා කොළඹ ජොබ් කරන්නේ ඇයි කියා මුන්ට තේරෙන්නේ නැතිය.. අඩුම ගානේ උන්ගේ ඇති ධෛර්‍යය හා චින්තනය නිර්මාල්ලාට, නන්දලාල්ලාට තිබුනා නම්, රටට මෙහෙම වෙන්නේ නැතිය.
මෙයින් ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව පෙල ගැසී උන්නද, නිර්මාල්ලට අවශ්‍ය වන්නේ සහනාධාර මත යැපෙන හිඟන මානසිකත්වයක් සහිත සුභසාධන රාජ්‍යයක් බිහි කොට එම රාජ්‍යයේ න්‍යායාචාර්‍යවරුන් වෙන්නටය.. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතනය.
ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ දුක වේදනාව ගැටළු හා අර්බුධය විකුණාගෙන ජීවත් වීමටය. ඊට එක්වන ජෙප්පෝ පෙරට්ටෝ පමණක් නොව, සජිත් ප්‍රේමදාසලා, විමල් වීරවංශලා, දයාසිරිලා, සියත, සිරස, දෙරණ, හිරු හා ජඩමාධ්‍යවේදී හැත්තද කරන්නේ ඒ දේමය.
එහෙත් අවුරුදු හතක් සත් අවුරුදු සාපයෙන් ගතකල ජනතාව, වසරක් යාමටත් මත්තෙන් ලෝකය හා එක් කල ජේ ආර් මෙන්...
වැටිච්ච රට ගොඩ ගන්න බාර ගත්ත රනිල් වගේ මිනිස්සුත්...
අතින් කයිට් කරගෙන මේක හදන්න පුලුවන් කියන ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයොත් අභියෝගය බාරගෙන ඊට මුහුණු දීමට පැමිණිම ජනතාවගේ වාසනාවය.
රට ගොඩගැනීමට ඉදිරිපත් වන්නැයි කී වෙලේ පණ බයේ පැන ගිය ආසයි බයයි ඩොන්කිලා මෙන්ම, ප්‍රාදේශියක් තියා කුකුල් ගොවිපලක් හදලා ජනතාවට බිත්තරයක්කත් දී නැති, මාස 6 න් රට හදන්නට ඉල්ලන අන්දරේලා මෙන්ම,
නිර්මාල් වගේ න්‍යායාචාර්‍යවරුන්ට හැමදාම ඉන්නට වුනේ ඉතිහාසයේ කුණු කූඩේයේම පමණක් වීම අනාගත පරපුරේ වාසනාවය...
ඒ වගත් මෙසේය.....
.
