.

.

Jun 23, 2018

පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්




By - Maathalan

මින් පසු පාතාලයින් ඔබ ආයතනය මංකොල්ලකෑමට පැමිනියහොත්

  • කිසිසේත්ම බියට පත්ව කළබල කිරීමට හෝ ඇඳි වතේ රී ගැන්මට හෝ හුජ්ජා කර ගැන්මට යාමෙන් වලකින්න.
  • ඔවුන්ද මානව හිමිකම් සුරකින, උතුම් වූ මනුෂ්‍යයින් බව සලකන්න.
  • ආයතනේ සියලුම ගණුදෙනු කරුවන් පසුව පැමිනෙන ලෙස දන්වා පිටත් කර හරින්න.
  • සිකුරිටි කරුවන්ට හදිසි නිවාඩු ලබා දී ඔවුන්ට සැලකිය යුතු මුදලක් ලබා දී ළඟම ඇති තැබෑරුමක් වෙත පිටත් කර හරින්න. 
  • CCTV රැකොඩින් හා සිස්ටම් එක Off කර තබන්න (පසුව අධිකරණය , පොලීසිය හා රක්ෂණ ආයට්තන වලින් ඔබට හිරි හැර සිඳු විය හැක.)
  • ඔවුන්ගේ නායකයාට ආයතන්යේ මුල් පුටුවේ ඉඳ ගැනීමට සලස්වන්න (ප්‍රාදේශීයේ එකා පොලීසියේ පුටුවේ ඉඳ ගන්නවාක් මෙන්.)
  • ඔවුන් කෑමට ප්‍රිය දෑ කාරුණිකව විමසා, ළඟම ඇති ඉහළම රෙස්ටුරන්ට් එකෙන් වහා ගෙන්වා දෙන්න.
  • ඔවුන් පානයට කැමති බීම වර්ග ගැන විමසා, වහාම ඒවාද සමග ෂන්ඩි හා බයිට්ද ලබා දීමට කටයුතු කරන්න.
  • ඔවුන් කුඩු ගංජා වැනි දෑ භාවිතා කරයි නම් කෙසේ හෝ ඒවා සපයා දෙන්න.
  • ඔවුන් සමඟ ඔවුන් කැමති ගීතයක් ගායනය කරමින් ඔවුන් උද්ධාමයට හා විප්ශික්තභාවයට පත් කරන්න. (කොර කරන්න.)
  • කා බී සතුටු වූ පසු ඔබ ආයතනයේ සේවිකාවන් දූෂණය කිරිමේ පහසුකම් සලසා දෙන්න
  • එම ක්‍රියාවන් අගයන්න. එය ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම් ලබා දීමක් බව සේවිකාවන්ට වටහා දෙන්න.
  • ආයතනයේ ඇති භාන්ඩ මුදල් හා අවශ්‍ය නම් සේවිකාවන් වුවද රැගෙන යන ලෙස දන්වන්න.
  • ඔවුන් එයින් සෑහීමකට පත් වන්නේ නැත්නම්, ඔබ නිවසේ හා බැංකුවල ඇති මුදල් සියල්ල ඔවුන් වෙත ලැබීමට කටයුතු කරන්න.
  • වහාම රථ වාහන කුලියට ලබා දෙන ආයත්නයකට කතා කොට, අධි සුඛෝපව්හෝගි බස් රථයක් ගෙන්වා දෙන්න. (ඔවුන් බීමත්ව සිටිනා බැවින් රථ වාහන පොලිසීයෙන් ඔවුන්ට කරදර හිරිහැර පැමිණිය හැක.)
  • ඔවුන් පැමිණි යතුරුපැදි රැගෙන යාම සඳහා වෙහිකල් කැරියර් පහසුකම් සලසා දෙන්න. 
  • බස් රථය පැමිනෙන කාළය අතර තුරදි, පන්සලේ හාමුදුරුවන්ට කතා කොට, උන්වහන්සේ වැඩමවා, පාතාල සාමාජිකයින්ගේ ආරක්ෂාව පතා, පිරිත් නූල් ගැට ගසා, පිරිත් පැන් ඉස, ඔවුන්ගේ රැකියාව තව තවත් වැඩි දියුණු වීමට ප්‍රාර්ථනා කරන්න.
  • ස්තූතී කතාවක් පවත්ව ඔවුන්ගේ ක්‍රියාව පසසන්න.
  • නැවතත් ආයතනයට පැමිණිය යුතු නොවන බවත්, දිනපතා, සති පතා , මාස් පතා හෝ ඔවුන් කැමති ආකාරයකට ඔවුන්ට අවශ්‍ය දෑ ලබා දෙන ලෙස ද්වීපාර්ශවීය ගිවිසුමකල එළඹ අත්සන් කර පිටපත් හුවමාරු කර ගන්න. 
  • වහාම තොග වෙළඳ ආයත්නයකට කතා කොට, හාල් පොල් සිල්ලර අඩංගු කන්ටේනරයක් ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කරන්න.
  • මෙමගින් ඔබේ ජීවිතයද අනි සියළු අයගේ ජීවිතද වැනසී යාම වලකිනාතර..
  • උතුම් වූ බුද්ධ ධර්මයේ සඳහන් ආකාරයට තමන් උපයනා දෙයින් එක කොටසක් නොව, කොටස් සියල්ලම දන් දී ඇති බැවින්...,
  • ඒ උතුම් බෝධියකින් සසර කෙලවර පත්න්නා වූ උතුම් වූ නිවනින් සැනසීමට මේ කර ගත් මහා පුණ්‍යකර්මය හේතු වේවා... වාසනා වේවා කියා... පැන් වඩා නමස්කාරය කියා... දෙවියන්ට ඒ පින් අනුමෝදම් කොට, හන්දියේ ඇති බුදු හාන්දුරුවන්ට මල් පහන් සුවඳ දුම් පුදා ප්‍රාර්ථනා කරන්න..

    ස්වස්ථි සිද්ධම්...!!!
      මේ බුදුන්ගේ දෙශයයි....!!!
        අපි මානව අයිතිවාසිකම් සුරකිමු...!!!
          පුක නෑ යකෝ...


          Jun 13, 2018

          සිරිසේන, 2020 ආයේ එන්ඩනන් හිටන්... - To play the Second Innings




          සාමාන්නියෙන් ලංකාවේ ජනපති වෙන එකෙකුට, ඉනින්ග්ස් දෙකක් ක්‍රීඩා කිරීමේ චෑන්ස් එක තියෙනවාය. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදි, ටර්ෆ් එක මත ඇද වැටි මළ ප්‍රේමදාස හැර, අනෙක් ඔක්කෝම ඉනින්ග්ස් දෙකම ක්‍රීඩා කලේය. ක්‍රිකට් වල තුන් වෙනි ඉනිමක් නැතත්, එහෙම එකක් ප්ලේ කරන්න ට්‍රයි කොරපු හාදයා විකට් පොල්ලක නොව ජනෙල් පොල්ලේ එල්ලුවේ එයැයිට වඩා ජනතාව ක්‍රිකට් දන්නා නිසාමය.

          Jun 8, 2018

          මිනිසුන් ඇන්දීමද සහගහන අපරාදයකි.. (කුමාර තිරිමාදුර සමඟ මා නොවන මම)





          ඇන්දීම යනු කලාවක් නම්, එහි පිකාසෝලා සිටින්නේ පැරිසීයේවත්, ලන්ඩන්වලවත්, නිව් යෝක් වලවත් නොවේ, අම්මට සිරි ලංකාවේමය. අපි වාගේ අමු ගොබ්බයන්ට අනේ ඔයා හරි හැන්සොන් අනේ කියනා ඉස්තිරි පරානයන්ද, බුකියෝ පොටෝ දානා පට්ට කැත කාන්තා පරානයන්ට, අනේ ඔයා මාර ලස්සනයි අනේ.. සුන්දරයි.. අනේ කියා අන්දනා කොල්ලන්ද, මක්කා හෝ කලාම... ෂා ඔයා ඒක නියමෙට කලා අනේ කියා ඇන්දීමටද, අපේ රටේ උන් තරම් පොරවල් අප දන්න තුන් ලෝකේයේම මෙන්ම, කළු කුහරයෙන් එපිටවත් ඉන්නට නම් බැරිය. 

          Jun 3, 2018

          ජැකාගේ දෝනී ඉන් ඇක්සොන් ඇන්ඩ් ගල් වැද්දන්ගේ රියැක්සොන්





          මාධවී වත්සලා, දැඩි ලිංගික අසහනයකින් හා ලිංගික අප්‍රානිකත්වයෙන් පෙලෙනා ගල් යුගයේ ගෝත්‍රික ජනතාවට, ස්වයං වින්දනයේ යෙදිමේ මහඟු අවස්ථාවක් යලි සකසා දී ඇත. සෙක්ස් (Sex) සොයා මුලු ලෝකයෙන්ම කප් ගසා සිටිනා මේ කාලකන්නින්, මෙවර ආතල් ගන්නේ මාධවී වත්සලා විසින් මෑතක පැවත්වූ උපන්දින සාදයකට ඇඳගෙන ගිය පාට් ඩ්‍රෙස් එක දැකලාය. කොළඹ ඉහළ සමාජයේ විලාසිතා දැක්මවල් තුල මෙවැනි වස්ත්‍ර සාමාන්‍යම දෙයක් වූවද, මේ වස්ත්‍රය හා එය පැලඳි සුරූපී තරුණිය කතා බහට ලක්වන්නේ, ඇය ජැකාගේ දුව වන නිසාය. ජැකා යනු අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී නම් ප්‍රවීන නළුවාය.

          Jun 1, 2018

          කල් ඉකුත් වූ භාන්ඩ, විකිණීම තහනම් - Not for sale - Date expired




          සාමාන්නියෙන් අම්මට සිරි ලංකාවේ කෙනෙක් මිය ගිය පසු, එකපාරටම උස්සාගෙන ගිහින්, ගිනි තියලා හෝ වලකට උසික්ක කොරලා එන්නේ නැතිය. මිනීයෙන් උනත් කරන්නේ ආතල් ගන්න එකය. මිනීය එම්බාම් කොරලා සාලේ මැද්දේ තියාගෙන මාරම ආතල් එකක් ගන්නවාය. දවල් වරුවේ නෙස්කැෆේ බොනවාය, ළිඳ ළඟ සංගමය මළ ගෙදර රැස් වෙනවාය, අහල පහළ ගෙවල් වලින් එන එවා කාලා බීලා පෝඩ්ඩක් ඇලවෙනවාය. අලුත්ම ට්‍රැන්ඩ් එක වෙන්නේ මිනීයේ පොටෝ ෆේස්බුක් ගත කොරනා එකය. එතකොට මැරුණේ ක්‍රිස්තියානි කාරයෙක් උනත්, කස්ටිය මැරිච්ච එකා කෙලින්ම නිවන් යවනවාය. එයිටත් ආතල් එක මිනීයත් එක්ක සැල්පියක් ගහනා එකය. ඒකත් බුකියේ දානවාය. මැරිච්ච එකා බුකියෙන් ඒවා බලනවා ඇතිය.