ඝෝඨාගේ පමණක් නොව රාජපක්ෂලාගේ අනාගතයද තීරණය කරන වසර වෙන්නේ මේ වසරය.
ජෝතිෂය අනුව ගත්තද 2022 අප්‍රේල් අග දක්වා ආන්ඩුව භාහිර මෙන්ම අභ්‍යන්තර අර්බුධවලට මුහුණ දුන්නද, ඉන් අනතුරුව ගොඩ ඒමේ තත්වයක් පෙන්වන්නේය.
ජෝතිෂය පැත්තකින් තැබුවද, ඝෝඨාභය රාජපක්ෂ තදබල තීන්දූ තීරණ ගැනීමට තීරණය කිරීම රටේ මෙන්ම ජනතාවගේද වාසනාවය.
මිනිසුන්ට හෝ සත්වයින්ට පිලිකා සමඟ ජීවත් වන්නට බැරිය. එක්කෝ සැර ඖෂධ ලබාදීමෙන් හෝ අධි බල ලේසර් ට්‍රීට්මන්ට් වලින් ඒවා පාලනය කළ යුතුය. නැතිනම් කපා ඉවත් කළ යුතුය.
මේ වසර ආරම්බ වන්නේ සුසිල් ප්‍රේමජයන්ත නම්, නම් ගොම්බාට කෙලීමෙන්ය. දැන් උකුස්සෝ ඉන්නේ පිස්සු වැටිලාය. ඕකුන්ට නාම යෝජනා දෙන්න එපා කියා අප කියපුවා ඇසුවා නම් සිරිසේනලාට අත් වන්නේ රනිල්ටත් එහා ඉරණමක්ය.
එහෙත් අප වැනි උන් කියන ඒවාට වඩා, පොලිටික්ස් දන්නවැයි කියන උස්තාද්ලා දුන් ලණු කෑ අය ඉතරක් නොව, එසේ දුන් උස්තාද්ලත් දැන් ඉන්නේ ගලේ රුන්න පූචෝ වගේය.
සංධාන ගැහුවා කියා උන්ට බයේ ඉන්නවාට වඩා, එකාධිපති බලයක් ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ඩාන්ස් කළ යුත්තේ ලක්ෂ 69 පදයටත් නොව රටේ ජනතාවගේ පදේටය.
විමල් වීරවංශලා වගේ අය දන්නේ ආන්ඩු ගෙනයන්නට හෝ රකින්නට නොව, ආන්ඩුවලට විරුද්ධව වැඩ කරන්නටය. දුන්නු වැඩේ නොකර කන පතේ රෙන්නේ ඒ නිසාය.
ඝෝඨාට හා රාජපක්ෂලාට දැන් නැති වෙන්නට දෙයක් ඇත්තේ නැතිය. රට ජාතිය බේරා ගත් අප්පච්චිද අද විහිළුවක් වී අවසානය. දැන් නාමල් ඉදිරියට දැමිය යුතු කාළය පැමිණ ඇත. දැන් ඔවුන් කටයුතු කළ යුත්තේ, නැති වූ ජන ප්‍රසාදය නැවත ඇති කර ගැනීමටය.
ඒ වෙනුවෙන් එක එක හාල්පාරුවන්ගේ වෝනින් හා ඇඩ්වයිස් පස්සේ නොයා ජනතාවගේ හඬට කන් දිය යුතුය.
ජනතාව පමණක් නොව, ආන්ඩුවේ ඉහළම පිරිස් ඉන්නේද ඒ මතයන් වලය. ඒ මතයන් අනුව ක්‍රියා කිරීමට ඔවුන්ට ඇත්තේ මේ වසර පමණමය.
ආන්ඩුවට දැන් Play කිරීමට ඇත්තේ Do or Die ගේමක්ය.
තම දෙවන ධූර කාළයේදී රනිල් ප්රමුඛ ආන්ඩුව එලවා දැමීමට චන්ද්‍රිකාට තිබූ කොන්ද දැන් රාජපක්ෂලාට තිබිය යුතුය.
එසේ කලා කියා ශ්රීලනිපය වැටුනේ නැතිය. නැවතත් බලයට ආවේ ශ්‍රිලනිපයේ මහින්ද රාජපක්ෂ මිස රනිල් වික්‍රමසිංහ නොවේය. රනිල්ට කෙලවෙලාම ගියේ එදා සිටය.
ඒ නිසා ජනතා මතය කුමක්දැයි කියා ලියා තබා මේ පල් හෑල්ල මෙතනින් නවතා දමනවාය.
⭕ ආන්ඩුවට විරුද්ධව එලියේ බයිලා ගසන ඕනැම එකෙක් එදිනම එලවා දැමිය යුතුය.
⭕ පට්ට ෆේල් සීනියෝ රොටි නාකි හුචක්කු කැබිනට් ඇමතිකම් වලින් ඉවත් කොට, පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ට කැබිනට් හා රාජ්‍ය ඇමතිකම් ලබා දිය යුතුය. ඇමතිකම් තිබෙන්නේ බැකප් දමාගෙන හෝන් ගසාගෙන රෝන්ග් සයිඩ් යෑමටවත් බයිලා ගැසීමටවත් නොව, ලලිත්, ගාමිනී, ජොනී, කාංචන, ප්‍රසන්න රණවීර වාගේ වැඩ කරන්නටය.
⭕ පට්ට ෆේල් අමාත්‍යංශ ලේකම්වරුන් හා සංස්ථා සභාපතිවරුන් සියල්ල එලවා දැමිය යුතුය.
⭕ කාබනික ගොවිතැනෙහි යෙදෙනා ගොවීන්ට පමණක් යම් සහනධාරයක් ලබා දී කෘෂිකර්මාන්තය පෞද්ගලීකරණය කළ යුතුය. ආන්ඩුව සහනාධාර දීමෙන් හා කළමණාකරනයෙන් සංපූර්ණයෙන් ඉවත් විය යුතුය.
⭕ ඩොලරය පාවිමට ඉඩ හැරිය යුතුය.
⭕ ආනයන අපනයන වෙළඳාම ආන්ඩුව කරගෙන ගියද පෞද්ගලික අංශයේ වෙළදාම්වලට මැදිහත් වීමෙන් ඉවත් විය යුතුය.
⭕ පෞද්ගලික අංශයේ වෙළදාම් ක්ෂෙත්රයේ ඇති මොනෝපොලි බලපත්‍ර සිස්ටම් අහෝසි කොට ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යවසායකුට ආනයන අපනයන වෙළදාමට අවසර ලබා දිය යුතුය.
⭕ සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීමට ජනතාව උනන්දු කරලිය යුතු අතර. ඒ උපකරණ සියල්ල බද්දෙන් නිදහස් කරලිය යුතුය.
⭕ විදෙස් රැකියාවල නියුතු අයට තව තවත් වරප්‍රසාද ලබා දිය යුතුය.
⭕ පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කළ යුතුය. රූපවාහිනිය, නයි ටී ඇන්, ලේක් හවුස් හා හුළන් විදුලියද ඊට අදාලය.
⭕ පොහොට්ටුවේ ක්‍රියාකාරීන්ට කොන්ත්‍රාත් ලබා දීමේදී ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර ඒවායේ රැකියා සඳහා පොහොට්ටුවේ ක්‍රියාකාරී සාමාජිකයින්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. (මාතලන් පොහොට්ටු බයියෙක් නොවේ.එහෙත් සිඳුවිය යුත්තේ මෙයයි. රාජපක්ෂලා රකින්නේ මොවුන් මිස අප නොවේ.එහෙත් අද ඔවුන් සිටින්නේ පට්ට කළකිරීමකින්ය)
⭕ මුදල් ඒකකය රුපියල් වලින් පවත්වාගෙන ගියද දැනට බලපත් හිමි පුද්ගලයින් කීප දෙනෙකු හා බැංකු සතුව ඇති ඩොලර් එක්ස්චේන්ජ් සෙන්ටර් දීප ව්‍යාප්තව ඕනෑම කෙනෙකුට ආරම්බ කොට පවත්වාගෙන යාමට අවසර දී, ඩොලර් වලින් ගණුදෙණු කිරීමට අවසර ලබා දිය යුතුය.
(මෙය සිඳුකලහොත් උන්ඩියල් ක්‍රමය ඉබේම අහෝසී වනු ඇති අතර, විදෙස් ශ්‍රමිකයින්ගෙන් හා ඩයස්පෝරාවෙන් මෙරටට ලැබෙනා ඩොලර් ප්‍රමාණය සැන්ට්රල් බැංකුවේ ආර්ථික උස්තාද්ලාටත් හිතා ගන්නට බැරි වනු ඇතිය.
⭕ කොරෝනා වැක්සීනය රථ වාහන ඉන්ෂුවරන්ස් එක් මෙන් අනිවාර්ය කළ යුතුය. (තර්ඩ් පාටී ඉන්ෂුවරන්ස් එකක් හෝ නොමැති වාහන පාරට දැමීම සපුරා තහනම්ය)
ස්වස්ථි සිද්ධම්...!!!!
.