බංගලි අරගලියන්ස් දෙන ආතල්...
මරු ඕයි....
➖➖😁➖
ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ කියලා ඉස්සර කිව්වට..... දැන් නම් කියන්න වෙන්නේ... "ආතල් තිබෙන්නේ කොයි කොයි දේසේ..... ඒවා තියෙන්නේ බංගලි දේසේ..." කියලාය.
දැන් එහේ රට පාලනය කරන්නේ... රටක බුද්ධිමත්ම ප්‍රජාව වන කැම්පස් ශිෂ්ණ ශිෂ්ණාවෝය. පාලනය ග්‍රාමීන් යූනූස්ට දුන්නාට.... යූනුස් නටන්නේ ඒ ශිෂ්ණ ශිෂ්ණාවන්ගේ පදේට බව සනාත වී අවසානය... උන්දෑ වොයිස් කට් දිදී හොටු පෙරාන අඬනා විට....ඔහු වටේ හොටු පිහිදාන්නට ඉන්නේත්.... අර රටක බුද්ධිමත්ම කොට්ඨාසයය.
එයාලා දැන් රාජ්‍යයේ පාලනය මෙන්ම, මාර්ගයේ පාලනයද අතට අරගෙන අහවරය. එමෙන්ම මිළ පාලනය කරන්නේද ඔවුන්‍ය. ලාබයක් තබාගෙන බිස්නස් කරන්න බැරිය. ඒවා කඩ කරනා උන්ට නඩු අසා දඬුවම් දෙන්නේද එයාලාය.
එපමණක් නොව කාන්තාවන්ගේ ඩ්‍රෙස් කෝඩ් එක තීරණය කරන්නේ ඒ ප්‍රජාවය.
මේ වැඩෙන් පසු අධිකරණයක් හා මහ බැංකුවක් අම්මගෙ රෙද්දටද කියා ඔවුන්ගේ ශූර බුද්ධියට වැටහෙන්නට වැඩි කල් නොගියේය. ඒ නිසා පැයක් ඇතුලත අධිකරණයේ මහ එකාටයි මහ බැංකුවේ මහ එකාටයි කීවේ හෙලිවැල්ලෙන් පාලමක එල්ලෙනවාද නැත්නම් තොපි දෙන්නා මාරු වෙනවාද කියාය.
රටේ නීතිය, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒකිය භාවය හා බව් බව්මික අන්ඩවාතයට වඩා උන්ගේ උන්ඩුකපුච්ඡය වටිනා බව තේරුම් ගත් උන් කලේ... වහාම ඉල්ලා අස්වී මේ බුද්ධිමත් ප්‍රජාවට ඒ "උක්තේරීතර ආයතනත් බාර දීමය.
හෙටානිද්දා වෙන විට... එයාර් ට්‍රැෆික් කොන්ට්‍රෝල් රූම් එකත් අනිවාර්‍යයෙන් ඔවුන් අතට පත්වනු ඇත්තේය.
පොලීසියට වැඩේ දී අහවර නිසාත්.... පොලීසියේ තිබූ වෙපන් ඔක්කොම ටික උන් ළඟ නිසාත්... මුන් මීළඟට ගේම ඉල්ලන්නේ හමුදාව එක්කය.
සමහර විට ඔවුන් බුද්ධිමත් කොට්ඨාසය නිසා... කුමන්ත්‍රණය පටන් ගත්තේ අධිකරණය හා හමුදාව බවත් ඔවුන්ට අවබෝධ වන්නට ඇතිය.... ඒ නිසා උන්ටත් ෂොට් එක දුන්නායින් පස්සේ..
සමස්ත බංගලාදේශයම කැම්පස් එකක් කොට... ගිනස් වාර්ථා පොතේ නම සඳහන් වෙන කොට.... මෙහේ අරගලයේ වුන් බුද්ධිමත්ම කොට්ඨාසයට විලි ලැජ්ජාවක් ඇති වී.... ලාල් සහෝදරයා අදටත් කියන්නේ ඇත්ත නේ ඕයි කියා හිතෙනෙක අනිවාර්‍යය.
ඒ උනාට අනෙක් පිරිසට.... අනේ අපිටත් මෙහෙම ආතල් නෑ නේ ඕයි කියා... ඉච්ඡාභංගත්ව මානසික තත්වයකට වැටී හිත් නරක් කර ගැනීමට අවශ්‍යතාවයක් නැත්තේ....
සැප්තැම්බර් 22 වනදායින් පස්සේ ගව පාලනයටවත් සුදුසු නැති පිරිසක් විසින්..... මේ සෙල්ලම මේ ලෙසම ක්‍රියාත්මක කරනූ බලාගන්නට පුලුවන් වන නිසාත්... ගමේ ත්‍රී වීල් පාක් එකේ නඩු බලවා... තීන්දූ තීරණ දී... දඬුවම් පැමිණවීමෙන් ඉක්බිති... හෙල්මට් බලකාය විසින් ඒවා ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්‍ය....
එකම කනගාටුවට කරුණ නම්.... බංගලිදේසේ මෙන් රටේ බුද්ධිමත්ම ප්‍රජාවට ඒ ක්‍රෙඩිට් එක හිමි නොවීමත් උන්ටද වින්දිතයින් වීමට සිඳුවීමත්‍ය.
මේ බව තේරුම් ගත් මාතලන් කළේ.... ෆුල් ෆේස් හෙල්මට් එකක් වහ වහාම මිළ දී ගත්තෙකය... ඒ ඇයි කියා සැප්තැම්බර් මස 22 වනදා ඔබට අවබෝධ වනු ඇත්තේය...
ඒ වගත් මෙසේය...
.

.gif)