.

.
Showing posts with label Agriculture. Show all posts
Showing posts with label Agriculture. Show all posts

Feb 6, 2025

තෙල් බෙහෙත්, මාගරින්, බුලත් කෙළ නැතිව, පන් ගොයියන්න්ගේ ගැට්ට කඩාගෙනම යන්න ඇරිය.... මරිසි කොටා, කප්පම් වසන්ත බුරම්පියා හා මිනීමරු ජෙප්පෝ

 




පන් ගොයියන්ගේ දෙයියා වූ බුරම්පියාට කෘෂිකර්ම ඇමතිකම දුන්නේ නැතිය. ඒක දුන්නේ ලාල්ටය. දුන්නේ නැත්තේ ඇයිකියා දැන් ගෝන ඔනෙකුට තේරෙනවාය. ඌ පට්ට කොමිඩියක් හා පැණියෙක් පමණමය. 


මේ රටේ වැඩිම ජාතික ධනයක් විනාශ කරන සත පහක ආදායමක් නොසොයන මෙන්ම.... මෝල් කාරයන්ගෙන් හා තෙල් බෙහෙත් කාරයන්ගේ ජරාව කන රජයේ විශාලම කාළකන්නි සේවකයින් පිරිස සිටින්නේ මේ කෘෂිකර්ම අමාත්‍යශයේය.


රටේ ප්‍රධාන ආහාරය වන බත සපයන වී වගාව ගැන නිසි දත්ත..... සුපිරි වාහන වලින් යනෙන නිළධාරින් ළඟ ඇත්තේ නැතිය.... උන් ඒවා ගැන මෙලෝ අලබෝලයක් නොදන්නවා උනාට.... ලංකාවේ හිඟන කැම්පස් වලින් ලබාදෙන සුද්දාගේ කාලේ දැණුම සහිත ඩිග්‍රියකින් උන්ගේ රැකියාව ආවරණය වී ඇත්තේය.


ලංකාවේ හාල් මාෆියාවේ ගෝඩ් කිං ඩඩ්ලි සිරිසේනය. අනෙකුත් මෝල් කාරයන් සියල්ල ඉන්නේ උගේ සාක්කුවේය. ධනවාදී ආර්ථිකයක් වෙනුවෙන් පෙනි ඉන්නා අපට ඊට වරදක් කීමටද නොහැක්කේය. 


ඒ ධනවාදී වෙළඳ පොළ ක්‍රමය හැඩ ගැසි ඇති ආකාරයය. පෞද්ගලික අංශය වෙළඳාම් කරන්නේ ලාබ ලැබීමට මිස... ආන්ඩුවේ මෙන් අයිස් ගැසීමට... හොරකම් වංචා කිරීමට.... වංගු ගැසීමට හෝ ජරාව කෑමට නොවේ. එහෙත් ඒවාද සිඳු නොවන්නේද නොවේ. නමුත් ගේම් දෙන එකා දෙන්නේ... මහ එකාගේ ප්‍රොෆිට් ටාගට් එකට අමතරව නිසා.... මහ එකා උන්ට ෂොට් එක දෙන්නේ සෙමෙනි. 


හොරා කන එකා මොකාද යන ඉව නැතිනම් බිස්නස් කිරිල්ල බොරු බවත්... රියල් බිස්නස් කාරයා බිස්නස් එකේ A - Z දන්නා නිසාත්.... මරිසි දැමිල්ල ලේසි වෙන්නේ නැතිය.


ඔය හාල් මුලු ලංකාවේම කිසි අවුලක් නැතිව වගා කළත්... පන් ගොයියන්ගේ ප්‍රශ්ණයක් මවා තිබුනේ පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කයන්ගේ පමණි. 


මේ මිනීමරු ජවිපේ විසින් පන් ගොයියන් අම්බරුවන්ට අන්දවා... ඉතාමත් සංවිධානාත්මකව පැලවත්තෙන්ම මෙහෙයවන දේශපාලන ගේමක් බවත්.... උන් සියල්ලම අමුඩ ගස්වා නොව.... අමු හෙලිවැල්ලෙන් වුනත් පාරට දැමිය හැකි අම්බරුවන් රැළක් ලෙස පාලනය කළේ ජනතා විමුක්ති පෙරමුණ බවත් දේශපාලනය ගැන දන්නා උන් දැනගෙන උන්නේය.


අනෙක් පලාත් වල වී ගොවීන් ඇසට නොපෙනන තරමේ මහා ගොවිබිම් වලින් අස්වැන්න නෙලා.... පාරිභෝගිකයාටද සාධාරන මිළකට සහල් ලබා දී... සතුටු ජීවිත ගතකරන ව්‍යවසායකයෝ වෙද්දි....


පොලොන්නරුවේ හා අනුරාධපුර මී හරකුන්ට සිඳුවූයේ ඩඩ්ලිගෙන් කප්පම් කෑ වසන්තගේ අනින්... බුරම්පියාගේ තිරපිටපත් අනුව රඟා.... අන්තීමට කුණු කොල්ලයට වී ටික ඩඩ්ලිලාට දෙන්නටය.

මරිසි කොටා ඉලෙක්ෂන් කැම්පේන් කළේ ඒ රේන්ජ් රෝවර් වලින් වනාතර, කළගුණ සැලකුවේ කිලෝවකින් රුපියල් දහයක් මේසෙටත් ගසා ප්‍රොෆිට් එකට එකතු කිරීමෙන්‍ය.


ඩඩ්ලිලා එතනින් නික්ම යන්නට ඇත්තේ හිකෙන් පුනා වෙමින්‍ය......


ඩඩ්ලිලාට නිපුනලාට මහා මෝල් කාරයන්ට ඊට අවශ්‍ය වන වාතාවරණය සැදුවේද ජෙප්පෝය.... 88/89 උන් ‍රජයේ සියළු වී ගබඩා සියල්ල ගිනි තැබුවේය. ගොවි නියාමකයින් නායකයින් මරා දැම්මේය. එසේ කොට උන් ඩඩ්ලිගේ සේල්ස් රෙප්ලා වුනේය. 


ගොයම කපන කොටම කුණු කොල්ලෙට තෙත වී ගන්නට....නයින්ටියේ... ලෑන්ඩ් මාස්ටරයේ... කැන්ටරේ එන්නේ ජෙප්පන්ගේ සිංහල රෙප්ලාය. උන්ට එවේලේම දෙන්න සල්ලි දෙන්නේ ඩඩ්ලිලාය. ඩඩ්ලිලාට දෙන්නේ බැංකුවෙන්‍ය.


උන් රුපියල් පහ දහය කිලෝ එකකින් තියාගෙන ඩඩ්ලිලාට වී ටික දුන්නේය. ඒවාට සල්ලි දුන්නේ රජයෙන්‍ය. වී අලෙවි වී මිළදී ගැන්මට හා මණ්ඩලේ අවුට්ලට්වලට කෙලෙව්වේ සල්ලි එවෙලෙම ගොවියාට දෙන වැඩේ නවතා දැමීමෙන්‍ය.


ඊයේත් ආන්ඩුවෙන් හාල් ගන්නවා යැයි කීවද.... එකඳු වී කිලෝ එකක් ආන්ඩුවට දෙන්නට ගොයියෝ ආවේ නැතිය.... අනික ඒ වෙන්කර ඇති මුදල අස්වැන්නෙන් 1% ක් ගන්නවත් බැරි ඔළුබක්කෝ සංදර්ශනයක්‍ය. ඒ වෙනුවෙන් මුදල් තියෙනවාද නැද්දයි කියා කියන්න මාධ්‍ය සාකච්ඡාවට ආ උප ඇමතියා තියා ඇමතියාවත් දන්නේ නැතිය. වී අලෙවි මණ්ඩලේ මහ එකා මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ පුටු සියල්ලට කෑම බීම ලෑම ඇතුලු සුර සැප දෙන්නේ ඩඩ්ලිලාගේ මාෆියාවෙන්‍ය.


ඒ නිසා..... 3% ක අම්බරුවන් පිරිසකුත් තවමත් ඉන්නා නිසා... වී ටිකක් රූපවාහනීයට... නයි ටී ඇන් එකට හා සියතේ පෙන්වීමට... ටෙලි නාට්ටියක් මේ වන විට සකසා තිබෙනවාට සැකයක් ඇත්තේ නැති අතර මොල් හේමන්ත මාවලගේ ඒ සඳහා අන්දභූත ජාතකයක්ද ලියලා ඇත්තේය. එය අද හා හෙට දිනයන් වල හෙඩ් ලයින් නිව්ස් එක වියද හැකිය.


එහෙත් ඒවා ප්‍රවාහනයට තියෙන්නේ එක ලොරියකැයි කියාද.... කොටන්නට ආන්ඩුවට මෝල් ඇත්තේ නෑ කියා ඇමති මෝල් කාරයෝ කිව්වේය.... සමහර විට පාර්මේන්තුවේ ඉන්නා මෝල් කාරයන්ට අයිති මැෂින් වලින් ඒවා කරන්න ඉන්නවාදැයි දන්නේ ටින් ටින් උන්නැහේය.


පන් ගොයියන්ට දැන් තියෙන්නේ දවසක් දෙකක් පරිප්පුවක් කා වැඩි මිළකට තෙත වී ටික වේලා විකුණා දමන එකය. මක්කා කලත් වෙනදාට වඩා සහතික මිළ මුන් වැඩි කරලාය කියනෙක ලාල් කාන්තට රැස්පෙක්ට් එකක් ලෙස ලියා තැබිය යුතුය. 


මෙතෙක් කළක් තමන් රවටා ඩඩ්ලිලාගෙන් කෑ මරිසි කොටාට, කප්පම් වසන්තට, බුරම්පියාට පමණක් නොව, ඩඩ්ලිලාටත් පාඩමක් උගන්වන්න නම් ඔය පන් ගොයියන්ට කළ හැකි ක්‍රියා පිලිවෙත් දෙකක් ඇත්තේය.


1. පළමු දේ අම්පාර මඩකළපුව කල්මුණේ පැත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින් හා බිස්නස් එක කරනා එකය. 


2. එසේ නැත්නම් කන්න හතරක් වී වගා නොකොට ගොවි සමාගම් හා එක්ව වෙනත් වගාවන් කරනා එකය.


එවිට ඩඩ්ලිලාට නොව ආන්ඩුවටත් යන්න වෙන්නේ හොම්බෙන් නොව පුපෙන්‍ය. මොකෝ මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් නිසාත්, ලෝකයේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වැඩිම රටත් මේක නිසාය.


මේ ගොබ්බ ක්‍රමය නැති කිරීමට වන්නකු කාරයා වන්නකු මැතඩ් එකක් ගෙනාවාට.... ඒවා රාජ්‍ය ප්‍රතිපත්ති නොකරන්නේ.... ජනතාව එක් වී... ඩිල් ස්කූප් එකක් ගහපු එකාත් ජනාධිපති කරන්න සෙට් වෙන නිසාත්....., වන්නකු කාරයාටත් ඒ ලෙඩේ හැදෙනා නිසාය.... ඒක කරා නම් ප්‍රශ්ණයෙන් 50% ක ප්‍රමාණයක් මාසෙන් දෙකෙන් අහවරය. එහෙත් ගොබ්බ රටේ ඒවා සම්සාරේ වෙන්නේ නැති සිස්ටම්‍ය.


මේ අළුත් අවුරුද්දට රතු කැකුළු කිලෝව 350 ට නොගියොත් මම මාතලන් නෙමේය.


මුන් හාල් ගේනවා කියා ගෙනාවේ මුං ඇට රටකජු හා ජම්බෝ පීනට්ස්ය. ඒවායෙන් ලැබෙනා කොමිස් එක හාල් වලට වඩා වැඩිය.


ජෙප්පෝ කියන්නේ 77 වසරක් තිස්සේ මේ රට හොරා කෑ උන් හොරකම් කළ සියල්ල....දින 77 ක් ඇතුලත කන්ටේනර් 323 කින් හොරා කෑ ලංකාවේ ළොකුම හොරුය. 


ඕකුන් පක්ෂය පටන් ගත්තේද බත් මුට්ටියට ගේම දීලාය.... එදා සිට කළේ හොරකම් කිරීම.... මිනීමැරීම.... කප්පම් ගැනීම.... බොරු කීම... කොම්පැනි, ආයෝජන හා සංවර්ධන ව්‍යාපෘති වලට එරෙහිව උසාවී යමින්.... උද්ඝෝෂණ වැඩ වර්ජන කරමින්... රට ගිනි තබමින් මේ රට විනාශ කිරීම පමණමය.


හිඟබ පන් ගොයියන්ට දැන් හෝ එය අවබෝධ වීම උන්ගේ වාසනාවය.


බොරු කයිවාරුකාරයන් චෙක් කර ගත හැක්කේ ඒ වගකීම් උනගේ බාරයට දුන් විටය. 


තඹුත්තේගම කෝච්චියේ තේ විකුණු... ඩිග්‍රියත් බොරුවක් වූ තෙල් බේත් වෙළෙන්දෙකුට... ලංකාව ගොඩගන්න දුන් ගොබ්බ හැතිකරය.... දැන් උගේ අම්මා මතක් කර කියන කතා ඇසුවාම ඇස් වලට කඳුළු එන්නේ... ඒ අම්මා එතරම්ම අහිංසක අම්මා කෙනෙක් නිසාය.


මම නම් දෙස් තියන්නේ ඕකුන්ට බලය දුන් උන්ගේ තාත්තලාටය.. ඒ මේ ගොබ්බයන් සංසේචනය වීමට ඉඩ නොදී සරමේ පිහිදා නොදාපු එකටය. බයියන් කියන්නේ එතරම්ම සාපයක්මය.


ජවිපේ කියන්නේ ඊට එහා සාපයක්මය.

ඒ වගත් මෙසේය....

.

Jun 4, 2022

බුද්ධියක් නැති මාරඹේ හා කෘෂිකර්මයේ පෙලහර පානා සමන්තබද්‍ර

 

ඊයේ ටින්කරින් ධර්මේ නොහොත්, ජංගි චින්තා නොහොත්, චින්තන ධර්මධාසයන් ( Chinthana Dharmadasa )  විසින් අපූරූ ලිපියක් ලියා තිබින. ඒ අපේ උපාධිධාරීන් ගැනය. චින්තා උන් හඳුන්වන්නේ නූගත් උපාධිකාරයෝ කියාය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තමය. 

උපාධි කබාය ඇඳගෙන, සහතිකේ අතේ රෝල් කරගෙන ගන්නා පොටෝ එක, රාමු කරලා එල්ලා ගෙන පැන්සින් එකත් සහිත ආන්ඩුවේ ජොබ් එක ගත්ත ගමන්, උන් හිතන්නේ උන් ඔක්කොම සියල්ල දත් උස්තාද්ලා කියලාය.

ඊට පස්සේ උන් දෙසනා ඕන වඳුරු කුණුහබ්බයක් දොහොත් මුදුන් දී පිලිගැනීමට මාධ්‍යකරණයේ හෝ කිසිඳු විශයයක් ගැන අවබෝධයක් නැති, ගිරව් වගේ කියවන, සිවිල් බලයක් ගොඩ නගාගෙන ඇති, මයික් අතින් ගත් හා කැමරා ඉදිරියේ චන්ඩීන් වී ඇති ජඩමාජ්ජවේදීන් සැදී පැහැදී සිටිනවාය.

මුන්ට කිසිඳු ඇකඩමික් කොලිෆිකේෂන් එකක් නැති නිසා අරුන් උන්ට ආකිමිඩිස්ලාය, ඇරිස්ටෝටල්ලාය, ඇල්බට් අයින්ස්ටයින්ලාය, සර්ව බලධාරි දෙවියන් වහන්සේලාය.

ඉන් පසු, උන්ගේ වාහිනිවලින් පත්තරවලින් හා වෙබ් වලින් ඇද අරිනා අමු කෙප්ප, පරම සත්‍ය සේ පිලිගන්නට පට්ට ගෝත්‍රික ජනතාව සැදි පැහැදි සිටිනවාය.

මුන් දන්නේ, කටපාඩම් කර වනපොත් කර ලබාගත් තියරොටි දැණුම පමණය. එය හරිද වැරදිද කියා සොයන්නට, මුන්ට කොන්දක් හෝ බුද්ධියක් නැත්තේය.ලෝකය, දියුණු තාක්ෂණය, නව නිශ්පාදන, නව ක්‍රමවේද, ආටිෆිසල් ඉන්ටලිජන්සි සමඟ දිනෙන් දින ඉදිරියටම යද්දි, මුන් ඉන්නේ, උන් විස්ස විජ්ජලේ ඉගෙනගත් යුගයේමය.

මුන් දැන් අරගලේ නිසා යලිත් එලියට බැස, පොරවල් වෙන්නට ගොස්, හත්පොලේ ගාගෙන නාලා, අම්බානට නෝන්ඩි වෙලා යනවාය. මේ ලියන්න යන්නේ තවත් එවන් අම්බරුවෙක් හා ඌට සමාන පිරිසක් ගැනය.

පී බී නැමැති අමු 1/4 කන්නියා, රට 70-77 යුගයට ගෙනියන්නේත්, ඉන් පසු ඒ යකා ගෙන ආ කාබනික පිස්සුව වෙත සියල්ලෝම වරද පටවා පොරවල් වෙන්නට යන්නේත් ඒ නිසාමය.

උගත් උනත් බුද්ධියක් නැති මාරබේ ඉගෙනගෙන තියෙන්නේ රසායනික පොහොර හා කෘමිනාශක නැතිනම් සාගත එනවා කියලාය. එහෙත් මේ තර්කයේ කිසිඳු සත්‍යතාවයක් නැත්තේ, මේ වන විට රටේ කිසිඳු අහාර හිඟයක් නොමැති වීම නිසාත්, යල කන්නයේ අස්වැන්නෙන් මාස 9  කට සහල් ලැබුන බව සියල්ලෝම පිලිගත් නිසාය.

කාබනික පිස්සුව වැළදි දැන් වසර දෙකක් වෙනවාය. මේ බක පන්ඩිතයින් කියනාකාරයට, වසර දෙකකින් පසු අස්වැන්න ලැබෙන මොකක් හෝ බෝගයක් නැති වී සාගතයක් එන්නට ඕනෑය.

මුන් මේ ලොක්කෝ වගේ කියවන්නෙ, ලෝක ආහාර වැඩසටහනෙන් දෙන අනතුරු ඇඟවීම වමාරන එකය. සුද්දා කිව්වොත් අපේ වැද්දාට ඉන් එහා දෙයක් නැතිය. චිත්‍රයක් ඇඳලා මේන් ඩෝ කළු කුහරේ කිව්වොත් ආයේ දෙකක් නැතිය. ඒ කළුකුහරේම තමයිය.

ලෝක ආහාර වැඩ සටහන එය පවසන්නේ, යූක්‍රේන යුද්ධය නිසා බවත්, යූක්‍රේනය ලෝක තිරිඟු අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනා රට නිසාත්‍ය. ලෝක ආහාර වැඩ සටහනේ උන් තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් ජීවත් වූවාට, පුනක්කු කන මේ ගොබ්බයන් ලංකාවේ හා ආසියාවේ ප්‍රධාන ආහාරය බත් කියලාවත් නොදන්නේය.

මේ වාගෙම කොරෝනා කාළයේ හොං කොං වල සිටි වයිරස් විජ්ජාග්නයෙන් කියනා ගල් මූසලයෙක්, ලංකාවම කොරෝනා වලින් මැරෙනවා කියා රට බය බිරාන්ත කොට මුලු රටම ලොක් ඩවුන් කර, රටේ ආර්ථිකය කාබාසිනියා කර දැම්මේය. ඒ කාළේ ඌට එහා උගතෙක් විශ්වයේම උන්නේ නැතිය.

මුන්, මුන්ට ලැබෙනා කොමිස් වලට රසායනික පෝර හා කෘෂිරසායන ප්‍රමෝට් කරනවා හැර, රටට කරපු දෙයක් කියන්නෙයි කිව්වොත්, කරපු කිසිම දෙයක් නැතිය. ආන්ඩුවේ ආදර්ශ ගොවිපලක් ලෙස පෙන්නන්නට ඇත්තේ සුද්දා හදලා දමලා ගහලා ගිය ගන්නෝරුව විතරය.

මුන්ට වඩා දෙයක් හමුදාවේ කොල්ලෝ රට පුරාම කරලා තියෙනවාය. නගර සභාවල උන් කරලා තියෙනවාය. උන් කාබනික ගොවිතැනෙන් සාර්ථක අස්වනු ලබාගෙන විකුණලාත් ඉවරය.

තේ, පොල්, රබර්, වී පර්‍යේෂණ ආයතන රටපුරා තිබුනද, ඒවායෙන් ඒ බෝග වර්ග වැඩි දියුණු කිරීමට කරපු මෙලෝ අලබෝලයක් නැතිය.

මුන්ගේ ගෝත්‍රික මානසිකත්වය හා හිඟන උපාධිය තුල මුන්ගේ චින්තනයේ තියෙන්නේ වී වගාව පමණමය. එහෙත් ලංකාවේ වී වගාව කියන්නේ වැහි නැති හෙන ගහනා නාස්තිකාර වගාවක්‍ය. ඒ වෙනුවෙන් විනාශ කරන්නාවූ ජල සම්පතෙහි වටිනාකම මේ වන තෙක් කිසිවකු හෝ ගනනය කර නැත.

පොඩි වතුර බෝතලයක් රුපියල් 50/= නම් කුඹුරු අක්කරයකට අස්වැන්න ලබා ගන්නා තෙක් වියදම් කරනා ජල සම්පත කොච්චරක්ද කියා ගණිතය හා ගොවිතැන දන්නා එකෙක් රටට කියනවා නම් බොහෝම හොඳය.

එවිට රටේ කුඹුරු අක්කර 1,750,000 කට වැය කරනා ජල සම්පතේ වටිනාකමත් එක් කල විට හාල් කිලෝවක් කොපමණ වේදැයි කියා ඕනෑම 🐄 කුට වටහා ගත හැකිය.

අනික මුන් කියනා විදියට රසායනික පොහොර භාවිතයෙන් මාර අස්වනු අරගෙන තිබුනා නම්, මේ රටේ ඉන්නට ඕනා ඇමරිකාවේ, ජර්මනියේ හා ජපානයේ ගොයියෝ වගේ ගොයියන් පිරිසක්‍ය.

එහෙත් අපට ඉන්නේ, හැමදාම ආන්ඩුවෙන් සියල්ල නොමිලේ ලබාගෙන, හරියට වවන්නේත් නැතිව, ඒවාට ආන්ඩුවෙන් වන්දිත් ඉල්ලන, අමු හිඟන පන් ගොයියෝ පිරිසක්‍ය.

වාසනාවකට, රටේ ඩොලර් නැති නිසා දැන් රසායනික පෝර ඇත්තේත් නැතිය. ඒ නිසා අර පන් ගොයියෝ නාමල් කරුණාරත්න එක්ක හංදියක් හංදියක් ගානේ එක එක ඒවා ඉල්ලා මර ලතෝනී දෙද්දී, පිරිසක් රසායනික පෝර නැතිව වී ගොවිතැනින් ඉවත්ව, වෙනත් භෝග වගාවලටද යොමුවී තිබෙනවාය.

උන් ඒ බෝගවලට අමතරව තමන්ගෙ පරිභෝජනයට පොඩි කුඹුරු කෑල්ලකුත් කරනවාය. දැන් අපට අවශ්‍ය, උගත් නමුත් බුද්ධියක් නැති මාරඹේලා වාගේ අඬෝවැඩියා හාල්පාරුවෝ නොව, ලෝකයටම ආදර්ශයක් දෙමින් සුපිරි පන්නයේ ගොවිපලක් පවත්වා ගෙන යන සමන්තබද්‍රලා වාගේ මුණිවරුය.

දැන් මෙය කියවන 🐄 සම්පත හා රෝන්ග් ජැනරේසොන් එක, සමන්තභද්‍ර පෙලහර පාන්නේ ආමි එකේ උන් නිසා නේ ඩෝ ගාගෙන මාතලන්ගේ සායම් අරින්නට එන්න ඉඩ ඇති නිසා , මාතලන්ට කියන්න තියෙන්නේ, 

ඕකුන්ට පුලුවන් නම් ගොවිපලක් දමා, මාරඹේ ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා කප්පරක් වූ 🐄 සම්පත යොදවාගෙන අඩු ගානේ අඹේවල වගේ ෆාම් එකක්වත් කරලා පෙන්නපන් කියලාය.....

පට්ට ආතල් එක කියන්නේ මෙහෙව් පඬියාද දැන් කියන්නේ ජනාධිපති කියපු එකමය. 

ඇත්තටම වැරද්දක් උනා කිව්වාට, වැරද්දක් වෙලා නැතිය. 

දැන් මාරඹේ කියන පඬියාත්, කාබනික පෝරෙන් ගෙවතු වගා කරන්නෙයි කියා ජනතාවට උපදෙස් දෙනවාය.

සමහර විට එයලා දාන ගොමවලින් කාබනික පෝර සාදා, ටැලිවිසනෙන් ජනතාව ඉදිරියට විත්, අපේ පෝර ඔය ජනාධිපතිගේ මාළු පෝරවලට වඩා හොඳයි, හරි සුවඳයි කියා කියන්නත් ඉඩ තිබෙනවාය.

.


ඒ වගත් මෙසේය.......


.



Feb 20, 2021

අවුරුද්දට ලාබෙට බත් වෙනුවට පාන් පුඩින් කාපල්ලා

බන්ධුල ගුණවර්ධන හා මහින්දානන්ද අළුත්ගමගේ කියන්නේ ඇමතිකම් ගත්තාට මෙලෝ දෙයක් නොකරපු කයිවාරූ කාරයෝ දෙන්නෙක්ය. දෙන්නාටම මේ වතාවේ දුන්නේ ඇදගෙන නානා ඇමතික්ම් දෙකක්ය. බන්ධුල නම් කොහොමත් විහිළු කාරයෙක් වී අවසානය. දැන් අපිට තවත් ජෝකර් කෙනෙක් ලැබී ඇත. ඒ මහින්දානන්ද අළුත්ගමගේ මහත්තයාය

මහින්දානන්ද නියම පරිප්පුවක් කන බව මාතලන් කිව්වේ ඔය පත්වීම ලැබුන දා ඉදලාය. ලංකාවේ තියෙන්නේ හාල් මාෆියාවක් බවත් මහින්දානන්දට තබා ගෝඨාභයටවත් ඒ මාෆියාවට එහා යාමට නොහැකි බවත්, එසේ ගියහොත් එය මහා විප්ලවයක් බවත් මාතලන් ලියූවේය. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යනු පට්ට සුදු අලියෙකි. උන්ට භවභෝග ගැන හෝ අස්වැන්න ගැන හෝ පසු අස්වැන්න ගැන හෝ වගා සීසන් ගැන හෝ අතිරෙක භෝග ගැන හෝ යටි වගාවන් ගැන හෝ මිශ්‍ර භෝග ගැන හෝ පශු සම්පත් ගැන හෝ මෙලෝ දෙයක් ගැන  කිසිඳු අවබෝධයක් නැති..., නවීන වගාක්‍රම පිලිබඳ පර්යේෂණ පිළිබඳ කිසිඳු දැනීමක් නැති.., කිසිඳු දත්තයන් නැති..., අමු කාළකන්නි නිළධාරීන් පිරිසක් හා සේවකයින් පිරිසක් ඉන්නා කාළකන්නිම ආයතනය බව මනාව ඔප්පු වෙන්නේ.., පෞද්ගලික කෘෂි ආයතන සියල්ල අධික ලාබ ලබන ඔවුන්ගේ ගොවීන් සුපිරි ජීවිත ගතකරන පිරිසක් බවට පත්කර අවසන් වීමෙන්මය. 

ඕකුන් සමඟ කරන්න පුළුවන් මෙලෝ දෙයක් නොමැති බව මාතලන් කීප වරක්ම ලියලා තියෙනවාය. කිව්වා වාගෙම උන් ටික එකතු වී මේ වතාවේත් මහින්දානන්ද නාවමින් සිටින්නේය. එයත් ඇදගෙනම  නාමින් සිටී. 

හාල් මාෆියාවට රැකවරණය ඇත්තේ දේශපාලනය තුලමය. මාෆියාවේ නායකයින් දෙදෙනාම වත්මන් ආන්ඩුවට සම්බන්ධය. ඒ ඩඩ්ලි සිරිසේන හා සිරිපාල ගම්ලත්ය. සිරිපාල ගම්ලත් වත්මන් ආන්ඩුවේ ඇමතිවරයෙකි. ඩඩ්ලි සිරිසේන මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ එක කුස උපන් සහෝදරයාය. ඒ මාෆියාවේ නායකයාය. 

වී අලෙවි මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම්වරුන්. කෘෂි උපදේශකවරුන්, අධ්‍යක්ෂකවරුන් සියල්ලම ඉන්නේ උන්නැහේගේ සාක්කුවේය. මහින්දානන්දත් ඉන්නේ එයාගේ සාක්කුවේද කියා කියන්න අපි දන්නේ නැතිය. කෙසේ හෝ ඝෝඨාභය මහත්තයා විසින් කෘෂිකර්ම අමාත්‍යශයේ ලේකම් ලෙස පත් කරන ලද විශ්‍රාමික හමුදා නිළධාරි මහතා නම් ඉල්ලා අස්වෙලා තිබෙනවාය. උන්නැහේට තනතුරට වඩා උන්නැහේගේ ආත්ම ගෞරවය ඊට වඩා වටිනවා විය හැකිය.   

ජනාධිපතිතුමාට සහල් මිළ අඩු කිරීමේ අවංක චේතනාවක් තිබුන බව අප පැහැදිලිවම දුටුවේය. මැනිං වෙළඳ පොලේ අහිංසක වෙළෙන්දෙක්ගේ කන පලන්න ගිය මේජර් උන්නැහේ ඩඩ්ලි වෙත යැව්වේ ඒ නිසාය. එහෙත් මැනිං මාර්කට් එකේ මේජර් කෝඩ් ප්ලේ කල මේජර් උන්නැහේ, ඩඩ්ලි ගාවදි ප්ලේ කලේ මයිනර් කෝඩ් එකෙන්ය. "අනේ පුළුවන් නම් මක්කා හරි කරන්නෙයි...." කියා නැට්ට පුකේ ගසාගෙන උන්නැහේ කොළොන් තොටට ගොඩ බැස්සේය. දැන්නම් උන්නද මළාද කියා හොයා ගන්නත් නැතිය. 

ඝෝඨා එක්ක සෙල්ලම් බැරි බව දුටු මාෆියාව අල්ලා ගත්තේ.., හිත හොඳ මහින්ද මහත්තයා හා බිස්නස් කාරයන්ට ආදරේ කරනා බැසිල් රාජපක්ෂ උන්නැහේය. අන්තිමේ පාලන මිල බල්ලාට ගියේය. හාල් මිළ අභ්‍යාවකාෂයට ගියේය. පාරිභෝගිකයාට තරු පෙනුනේය.

එයාලාට 69 ලක්ෂයට වඩා එයාලා බලයට එන්න මුදල් විසිකල මාෆියා කාරයෝ ලොකුවිය. දහසක් පොරොන්දු දී චන්දය වෙනුවෙන් කඩේ යැවූ කුඩා හාල් මෝල් හිමියෝද අමතක කරන ලදි. සහල් මාෆියාවට හා පොලොන්නරු උකුස්සාට එරෙහිව පෝට්ටුවේ රොෂාන් රණසිංහට ශක්තියක් උනේ මේ පිරිසය. අද රොෂාන් රණසිංහ මාළු බාන්නේ උකුස්සෝ එක්කය. කන්නෙ බොන්නේ ඩඩ්ලි එක්කය. කුඩා සහල් මෝල් හිමියන්ට මෝල් කලන්තේය. උන්ට කන්න වෙන්නේ දෙයියන්ගේ හාල්ය.  

ගිය කන්නයේ වී අස්වැන්න එන කොටම මහින්දානන්ද හා බන්ධුල පොර ටෝක් දුන්නේය. ඒ සැරේ බන්ධුල පොලොන්නරුවේ ගොස් අයියා  පාට්දමා ආවේය. වැඩි මිළට හාල් විකුණන උන්ට බඩු බනිස් යැයි කිව්වේය. බන්ධුලට නැට්ට පුකේ ගහගනින් කියා ඩඩ්ලි කරේ තවත් හාල් මිළ වැඩි කරනා එකය. හාල් මිළ වැඩි නම් විකුණන එකා අල්ලා හිරේ දාලා හරියන්නේ නැතිය. හිරේ දාන්න ඕනා මිළ වැඩියෙන් තොග නිකුත් කරනා එකාය. හැබයි ඔක්කොම අයියලා ඉන්නේ පොරගේ හිර කූඩුවේය. 

මේ සැරේ අස්වන්න එන කොටම මාෆියාව හා එක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උන් එක ගුලියක් නොව ගුලි දෙකක්ම මහින්දානන්දට දුන්නේය. පැලවෙනි එක මිළ වැඩි කරනා එකය. දෙවනි එක ආන්ඩුවට කිලෝ 1000 විකුණන්නේ නැත්නම් තොපිට පෝර දෙන්නේ නැතෙයිය කියලාය. දැන් සිරිසේනලා සිරිපාල ගම්ලත්ලා ගිනා වෙන්නේ පුකෙන්ය. ගොයියෝ කිව්වේ තොගේ පෝර මල්ල රෝල් කරලා තොගේ පුකේ ගහහනින් කියලාය. කඩේට පෝර දාපන් අපි සල්ලි දීලා කඩෙන් ගන්නම් කියලාය. ඒකෙන් පෝර සහන මිළට දෙන එක හෝ නොමිළේ දෙන එකටත් ලබුනේ මරු පහරකි. 

ආන්ඩුවට කිලෝ දාහක් ආන්ඩුවේ මිළට දෙන්න පුකේ අමාරුවක් ගොයියාට ඇත්තේ නැතිය. කෝල් එකක් දුන්න ගමන් මාෆියාව කමතටම ගෝනිත් අරගෙන ඇවිත් කිලෝ එකට ආන්ඩුවෙන් ගෙවන ගානට වඩා රුපියල් 5 - 10 ක් වැඩිපුර සල්ලිවලින් අතටම දී අරගෙන යනවාය. වාහන කුලියට ගෙන වී අලෙවි මණ්ඩලේ උන්ගේ ගෝ ප්‍රාදේශීය ලේකමාගේ පාට් බලන්න යන්න ඕනා නැතිය. 

මේ සැරේ හැම එකාම වවලා තියෙන්නේ නාඩුය. ඒකත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උන්ගේ මරිමෝඩ තීන්දු නිසා අත්වූ ඉරණමකි. ඕනෑම වර්ගයේ වී කිලෝ එකක් මිළදී ගන්නේ එකම මිළකටය. නාඩු වැව්වත් සම්මා වැව්වත් කීරී සම්බා වැව්වත් ලැබෙනා මිළ එකමය. එහෙත් ඕවායෙන් අස්වැන්න වැඩියෙන් ලැබෙන්නේ නාඩු වලින්ය. ඉතින් නාඩු වවනා එක ගොයියන්ට ලාබය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ගේ මොළ අප ආරක්ෂා කළ යුත්තේ මේ නිසාය. 

දැන් මාෆියාව නාඩු මිළදී ගන්නා වැඩේ පටන් ගෙන අවසානය. කොහොමත් මේ සැරේ වෙළඳ පොලට නාඩු එන්නේ කොට කිළෝව රුපිට්යල් 125 - 130 ක් වූවත් අප කලබල වෙන්න ඕනා නැතිය. බන්ධුල වැඩි මිළට හාල් විකුණන උන් ඇල්ලුවොත් උන් හාල් විකුණන එක නවත්තලා දානවාය. දැනටත් වෙළඳපොලේ සම්බා ඇත්තේ නැතිය. ඇනික් හාල් වර්ග වලත් හිඟයක් තියෙනවාය. 

ඒ හන්දා අළුත් අවුරුද්දට මහින්දානන්දගේ අඩු ඉළට හාල් වලින් කිරිබත් කන්න උන්ට අපට කියන්නට වෙන්නේ පොල් කිරි හොද්දක් හදාගෙන පාන් කාපන් කියලාය. 

කොහොමත් අපි එදා ඉඳන් කියන්නේ වී වගාව ලංකාවට ගැලපෙන්නේම නැති වගාවක් කියලාය. ජනතාවගේ ප්‍රධානම ආහාරය නිසා ඩඩ්ලිලාත් සත පහකට බයක් ඇත්තේත් නැතිය. උන් ආන්ඩුව පිටරටින් හාල් ගෙනෙනා එකත් නවත්තලාය. පිටරටින් හෝ ගෙනත් අඩුවට දෙන්නට ආන්ඩුවේ ප්‍රතිපත්තිය අනුවත් බැරිය. වී වගාව නතර කරන්නත් ආන්ඩුව බයය. 

ඔය වගාවට විනාශ කරනා මහා ජළ කඳ අති විශාලය. ජළය අඩුවෙන් හෝ නොමැතිව වගා කළ හැකි වී වර්ගයක් හොයාගන්න අවුරුදු 73 ක් ගිහිල්ලත් බතලේගොඩ වී පර්යේෂණාගාරයේ ඉන්නා හරකුන්ට බැරිය. ඒ නිසා කුඹුරුවල තනකොළ වවා කිරි වලින් රට ස්වයංපෝශිත කිරීමේ වැඩ කටයුත්ත කලොත් මහින්දානන්දගේ ඒ සිහිණය හෝ සැබෑ වනවා ඇතිය. 

එමෙන්ම අතිරික්ත තණකොල අස්වැන්නක් ලැබොනොත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා උන්ටත් දෙන්නට පුළුවන්ය. එහෙම නැත්නම් මෙඩිකල් කැනබීස් වගා කොට පිරට පටවා ගොවියාත් රටත් ආන්ඩුවත් ඔක්කෝම ගොඩ ගන්නට පුලුවන්ය. එහෙත් එවන් තීරණ වලට යන්න ආන්ඩුව බයය. 

අභ්‍යන්තර කැරළිත් එක්ක ආන්ඩුව ඉන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත් වෙලාය. ආන්ඩුව විමල්ටත් බයය. ඩඩ්ලිටත් බයය. හැබයි ඔය ඔක්කෝටම වඩා බලවත් මහජනතාවට නම් රාජපක්ෂලා බය නැතිය. එයාලාගේ රිටර්න් එක ඔය ඩඩ්ලිලාගේ පාරවල් වලට වඩා සැරය. 

අපිට ආන්ඩුව ගැන මාරම දුකය...
විශාල බලාපොරොත්තු තබා ගෙනා.. ඝෝඨාභය ගැනත් දුකය..
චන්ඩි කියා හිතාගෙන උන් රාජපක්ෂලා ගැනත් මාරම දුකය..
කයිවාරූ කාරයෝ වන බන්ධුලලා මහින්දානන්දලා ගැනත් දුකය


ඒ වගත් මෙසේය...



Jul 17, 2018

සහල් මාෆියාව සහ නාමල් කරුණාරත්න.. - Rice Mafia & Namal Karunarathne



ලංකාවේ ප්‍රසිද්ධියට පත් නාමල්ලා කීප දෙනෙක් ඉන්නවාය. එක්කෙනෙක් අපි කාගෙත් අප්පචිගේ ජේෂ්ඨ පුත් කුමරු නාමල් රාජපක්ෂය. අනෙක් එක්කෙනා නාමල් උඩුගමය. එයා ප්‍රසිද්ධ ගායකයෙක් වගේම අළුත් වී ජාතියක් සොයාගත් පර්යේෂකයෙක් ලෙසත් ලක් ඉතිහාසයට එකතු වෙනවාය. ඒ වී ප්‍රබේදය හඳුන්වන්නේ "තනි වී" කියලාය.

Feb 28, 2018

තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get ready for the next Revolution




ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

Oct 5, 2017

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාරාන්තික විය හැක - Direct Democracy can be Deadly




"ලෑන්ඩ් ඔෆ් ෆ්‍රී" හෙවත් ප්‍රජාතන්ත්‍රවාදි නිදහසෙ මහ ගෙදර, "ලස් වේගාස්" වල උන්, "ස්ටීවන් පැඩොක්" අයියා, ඇමරිකාවේ සුපිරි නිදහසෙන් පට්ට ආතල් එකක් අරගෙන නිවන් ගියේය. තනියෙන්ම නිවන් යන්න තරම් උන්නැහේ ආත්මාර්තකාමියෙක් උනේත් නැතිය, ඇමරිකන් "කන්ට්‍රි මියුසික් ෆෑන්සාලා" 58 දෙනෙකුටත් නිවන් අත් කර දුන් අතර, තවත් පන්සීයක් පමණ, රහත්, අරහත්, සකෘදාගාමී, අනාගාමී තත්වයටද පත් කලේය. එයා නිවන් ගියාදැයි නිවන් දැක්කුවාදැයි තාමාත් හරියට කියන්න බැරි උනාට, පොර ට්‍රයි එක දීලා තියෙන්නේ නම් අනෙක් අය නිවන් යවා, පොර තව ටික කලෙකින් නිවන් යන්නට බවත් දැන් දැන් කියවෙන්නේය. 

Feb 12, 2017

හාල්, හාල්පාරූවෝ, මෝල් කාර්යෝ හා මෝල් ආන්ඩු




හාල් මිළ ඉහල ගිය එකට ආන්ඩුව කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ උන් හාල් තම්බා බත් කන මිනිසුන් වෙන්නට බැරිය. බොහෝ විට තනකොළ කා පුනක්කු බොන, මිනිසුන්ට වඩා බුද්ධිමත් පිරිසක් වෙනඩ ඕනාය. මොකෝ පාලන මිළක් තීරණය කරන්න මාසයක් ඉතර ගියේය. බුද්ධිමත් අය එහෙමය. අපි වාගේ පිස්සන් මෙන් කඩි මුඩියේ තීරණ වලට එළඹෙන්නේ නැතිය. කෙසේ හෝ ඒ බුද්ධිමතුන්ගේ කමිටුවට හාල් මිළ අධික බව තේරුනේය. ඒක අපි බත් කන ජාතියක් වසයෙන් මාර විදියට ඇප්‍රිසේට් කොරන්න ඕනාය. ඉදින් ඒ මහා බුද්ධිමතුන් හාල් මිළට පාලන මිළක් දැම්මාට. කඩ කාරයෝ මුන්ව පයිසෙකට මායිම් කළේ නැතිය. ඒ මුන් පාලකයෝය කියා කඩ කාරයෝ පිලි නොගන්නා නිසාය. 

Jan 25, 2017

කොස් කොළ වහළු කවනා අම්බරුවෝ හා නින්දෙන් ඇහැරුනු බෙල්ලන්විල හාන්දුරුවෝ...



ඒ කාළේ පොදු අපේක්සොකයා ලෙස සෝභිත හාන්දුරුවෝ ගෙන එන එකට මාතලන් තදින්ම විරුද්ධව ලිව්වේය. ඒ හාන්දුරු කෙනෙක් රජ උනොත් සිද්ධ වෙන දේ කලින්ම දුටුව හින්දාය. ඒත් දැන් ඉන්න උන්නැහේගේ මළ විකාර හැසිරිම් දුටු විට නම් හිතෙන්නේ, අපේ ගලගොඩ අත්තේ ඥානසාර හාන්දුරුවන් වහන්සේ රජා උනා නම් මීට හොඳ යැයි කියාය.

Oct 6, 2016

සිකැරට් වලින් ජීවත් වන ආන්ඩු - Governments depend on tobacco tax revenue



සුද්දා ගියයින් පස්සේ අපේ හාල්පාරුවන් මේ රටට කොරලා තියෙන සංවර්ධනේ දෝරේ ගලමින් තියෙනවාය. දිස්තිරික්ක 20 ක ජනතාවට නාන්න තියා බොන්නවත් වතුර ඇත්තේ නැතිය. ආපදා කළමණාකරනේට හැමදාම දාන්නේ ගොන් වස්සෙක්ය. මිනිස්සු පිස්සෝ වගේ වතුර හොයමින් දුවද්දි, ඌ ටයි කෝට් දාගෙන පාර්ලිමේන්තුවේ කියන්නේ කිසි අවුලක් නැතෙයිය ලක්ෂ 181 ක් දීලා තියෙනවා කියලාය. බොන්න වතුර නැති උනත්, මේක ලෝකේ තියෙන උතුම්ම රටය. අම්මගේ රෙද්දේ සංවර්ධනය කියන්නේ මේවාටය.

Jun 11, 2016

වී වෙනුවට ගංජා වවමු...! - Lets plant Ganja instead of Rice Cultivation

 
මාතලන් මේ කතන්දරේ ලියන්න උන්නේ, බොහෝ කලෙක පටන්ය. ඒත් අපි වගේ හාල්පාරුවෙක් මේවා කිව්වාට ගනන් ගන්නෙ නැති නිසා, ඉවසීමෙන් බලාගෙන උන්නේ, ටිකක් පරසිද්ද එකෙක් මේ ගැන හඬක් නගනා තෙක්ය. මේ ගැන ඉස්සෙල්ලාම හඬක් නැගුවේ රාජිත සේනාරත්න උන්නැහේය. එයා කිව්වේ දේශිය වෙදකමට අවශ්‍ය කරන ගංජා වවන්න පටන් ගන්න ඕනා කියාය. ඒත් ඊයේ මේ ගැන කතා කොලේ, මාතලන්ගේ හිත් ගත් විප්ලව කාරයෙක්ය. ඒ ලාල් කාන්ත සහෝදරයාය. උන්නැහේ "ත්‍රෛලෝක විජය පත්‍ර" නොහොත් ගංජා ගැනත් කතාවක් පවත්වමින් අපූරූ කතාවකුත් කිව්වේය.

Apr 24, 2016

බස්සිගේ චැලෙන්ජ් එක, පාරේ වඳින තම්බි, කැළෑ පාලුවෝ හා Go Green Challenge


 
වී ගොවින්ගේ පෝර සහනාධාරෙත් එක්ක වැවිල්ල ගැන උනන්දුවක් ආයෙත් වතාවක් රටේ ඇති වෙලාය. ඒ මාතෘකාවටම අදාලව, කාබනික පොහොර හා රසායනික පොහොර ගැනත් විවාදයක් මතුවෙලා තියෙනවාය. රසායන පොහොර ගැන වික්ටර් අයිවන් පෙනි සිටිද්දි, බ්ලොග් ලියන "ලංකා සිතිවිලි" වික්ටර්ට පිළිතුරක් ලෙස ලියූ ළිපිය සංවාදයට ලක් විය යුතු නිසාවෙන්ම, "මාතලන්" අඩවියේද පල කළේය. ඒය බොහෝ සාර්ථක වූ අතර, ලැබුන ගල් පහරවල් අතරේ මල් කළබද බොහෝ විය.

Apr 14, 2016

වික්ටර් අයිවන්, රසායනික සමාගම් වෙනුවෙන් හෙළුවෙන් යනවද...?



!! ලංකා සිතිවිලි !! ගෙන්


මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අයිවන් ගේ මේ ලිපිය කියවන්න

 http://ravaya.lk/?p=13095

දැන් මම ඔහු කරන මුලා කිරිම  පෙන්වා දෙන්නම්

01.
රාවය උපුටාගැනීම "හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "

Dec 19, 2015

අමුඩ ගහං කොටුවට රිංගීම හා ඇන්දීමට දස්ස ජෙප්පෝ - Farmers in battlefield & JVP Fashion show



අම්මට සිරි ලංකාවේ කාලෙන් කාලෙට එක එක ආතල් එනවාය. ප්‍රජාතන්තර වාදේ දෝරේ ගලනා මේ කාළේ තියෙනා ආතල් එක නම්, හැමදාම වාගේ කොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා තිබෙනා, ජනරංජන මනරංජනගේ වැඩ වර්ජන හා උග්ගෝසනය. ආයෙත් බලය ඩැහැගැනීමේ කාළකන්නි සැබෑ නොවනා සිහිනයක ජීවත් වෙන රාජපක්ෂ රෙජිමයේ ගොන් බයියලාගේ මන දොල පුරවන්නට එන දොල පිදෙනී කන මළ පෙරේතයන්ය. එයිටාමතරව මක්කත් කොරේ නැත්නම් කක්කත් කොර ගන්න බැරි වේය කියනා ෆෝබියාවකින් පෙලෙනා, ජෙප්පන් හා පසුගාමි සැට් එකය.