.

.

Feb 29, 2012

රුපියල උඩ යනවෝ - Floating Rupee


ගෙදර කොටු කරන් හදනා හොඳ කොල්ලෝ
අත ඇරියම අල්ලනවා නම් බොරුය
කොටු පැනලා පවුලේ නම්බුවත් කති
ගමම කකා රස්තියා පාරම දමති

Feb 28, 2012

මාතා බැලිල්ල - Maatha (A True Story)


මන්ද පෝෂනේ හැදිච්ච එකා වගේ ඉන්න විදේශ ඇමතියා මෙළෝ මළදානයක් නොකරන නිසා ජිනීවා වල කතා කරන්න මහින්දට පැවරු ලොක්කා.. මහින්දගේ බුරිය කරකවන ගමන් කීවේ මහින්දලා ඉතින් කොහොමත් වැඩ කාරයෝනේ කියාය. හරි ලොක්කා මම ඒක ගානට කරන්නම් කියූ මහින්දට ලොක්ක කිව්වේ. ගේම ගහලා එනවකෝ ඊට පස්සේ මම ඔහේ ගැන සලකලා බලන්නම්කෝ කියාය. දුප්පත් කමත් නැතිවෙලා, ඉන්කම් එකත් වැඩිවෙලා, ආර්ථිකේ ශක්තිමත් කියා, තෙල් ගනන් දැම්මේ අහවල් එකටදයි මල පැන සිටි ලොක්කා ලලිත්ට කිව්වේ කබරාලටයි ජයසුන්දරයටයි එන්න කියන්න කියලාය. කඩාගෙන ආපූ බූරූ පුත්තරයන් දෙන්නාගෙන් ලොක්කා ඇහුවේ ඇයි ඕයි ආර්තිකේ හොදනන් බූමීතෙල් එකටත් කෙලියේ කියාය. දෙන්නා ඇඹරි ඇඹරී කිව්වේ ඔව් සෑර් දැන් දුප්පත් කම අඩුවෙලා හැම එකාම අවුරුද්දකර ඩොලර් දෙදාහක් ඉතර ගන්න නිසා අපි පාඩු විඳගෙන බූමිතෙල් දෙන්න ඕන නෑ, සහනාධාරේ කපලා දැම්මා කියාය. අනිත් උන්ගේ කපලා දැම්මට මුන් දෙන්නාගේ කපලා දාන්න බැරි උන එක ගැන දුක් උන ලොක්කා හිතුවේ. මුන් ෂේප් එකේ මගේ එක කපන්න හදනවද දන්නේ නෑ කියාය.

Feb 27, 2012

බූමිතෙල් ලාම්පු - Kerosene lamps


බූමීතෙල් ලාම්පුව
විහිදනා එළියෙන්ම
ඝනදුරෙන් මිදුන උන්
නැගී හිමගිර මතට
සිනහසෙයි වියරුවෙන්
බලා පාමුල ගිරෙහි

Feb 25, 2012

පාන් කයිය.. - Inflation Poems # 2


මාළු පාන් කයිය, දෙවන කොටස "පාන් කයිය".. "මාළු කයිය" මෙතනින් බලන්න..

ජාතික ආහාරය වන පාන් වලට නැවතත් කෙළලාය. මෙය දේශද්‍රෝහීන්ගේ ප්‍රධාන ආහාරය මිස දේශප්‍රේමීන්ගේ පුධාන ආහාරය නොවේ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය කුරහන්ය. නමුත් ඒවා ගෙනෙන්නෙද පිට රටවලිනි. සම හරක් වී ගොවිතැන් කොට, සහල් වගා කර, පාන් කියා ගන්නට නොහැකිව, ඒවා පොළොන්නරුවේ සත් ගුණවත් මුදලාලිලා දෙදෙනෙකුට අඩු මිළට දී, රූපවාහිනියට පුක පෙන්වති. මේ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරය පුනක්කු කරලීම සඳහා ළෝක නායකයන්ගේ පවා ගෞරවාදරයට (බයම නිසා..) පත්වූ රාජ්‍ය නොවන දේශීය සංවිධානයක් වන ජා.නී.පේ... අමරසේකර නම් ළෝ පතල දොස්තර මහතෙක් හා නාථ දෙවියන්ගේ දේශීය නියෝජිත මහාචාර්ය ඇන්ද සිල්වා හා පර්යේෂණ පවත්වමින් සිටී.

Feb 24, 2012

මාළු පාන් කවි - Inflation Poems



මාළු කයිය.. 

කන්න දීලා ඇති කරලා වගෙයි මුන්ගෙ ගනන්
නටයි ඇඟේ මාළු මුන්ගේ ගනන් අහල බොලන්
හෙට්ටු කරල පීචං වී කන්න මාළු ගෙනෙන්
එහෙම ගෙනත් කාපු එකට කෙලපි බූමී තෙලෙන්

Feb 22, 2012

පයිරට්ස්, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව - Pirates, Somalia and Sri Lanka


පයිරට්ස් කියන්නේ මුහුදු මංකොල්ළකාරයන්ටය. ඉතිහාසයේ ඔය වැඩේට කප් ගසා තිබුනේ අරාබීකාරයෝය. දැන් ඒකට ප්‍රසිද්ධ ඒ කිට්ටුවම ඉන්න කස්ටියක්ය. ඒ සෝමාලියාවේ පයිරට්ස්ලාය. දෙන්නේ නියම ගේම්ය. ඒ රටේ නීතියක් නැතිය. රටම ජිවත් කරවන්නේ පයිරට්ස්ලාය. තුවක්කු, කඩු, පොලු අරගෙන බෝට්ටුවල නැගලා ගොස් නැව් මංකොල්ලකනවාය. නැවියෝ, මාළුකාරයෝ ප්‍රාණ ඇපේට අරන් කප්පම් ඉල්ලනවාය. නියම ඉන්කම් එකය. උන්ව මතක් උනේ මෙහෙත් වෙන්නේ ඒකම නිසාය. ආචාරියෙක් හා ගෝලයෝ රොත්ත රඟපෑ අලිබබා සහ හොරු හතලිහ, එකිනෙකා මරාගත්තේ ඊයේ පෙරේදාය. එකෙකුටවත් අනතුරක් නැතිය. එසේ වන්නත් බැරිය. මොකෝ නඩු අහන උනුත් කරන්නේ ඒකමය. ආචාරියා ප්‍රසිද්ධියේ කොරන දේ අනික් උන් කරන්නේ මාට්ටූ නොවෙන්නය. රට සාසනේ ආරක්සා කරන බුද්ධ පුත්‍රයෝ උන් සම්මාන වලින් පුදනවාය. අවුලකුත් නැත්තේය. උන්වහන්සේලාත් කරන්නේ ඒකමය.

Feb 21, 2012

මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) - Men's Underwear


ජොක්කු ගැන ඕන තරම් පෝස්ට් ලියවිලා ඇති. නමුත් ජොක්කු මුක්කුද (දෙමළ ෂෝ එකක නමක් වගේනේ) කියලා සමහර අය හරියට දන්නේ නැතුව ඇති. ඒ ලියපු ගොඩක් පොස්ට් රස කතා. මමත් ලිව්වා වගේ මතකයි. නමුත් ජොක් විශේෂඥ්ඥයා තමයො කතා. ජොක්කු ඈත අතීතයේ ඉඳන් පරිනාමය වෙලා දැන් නිකන් රෙදි කෑල්ලකට විතරක් සීමා වෙලා. සමහර විට නැතුවම යන්නත් පුළුවන්. ජොකා නැතුව ඉන්නවා තරම් සැපක් මේ ළෝකේ නැතු උනත්. ජොකා අවශ්‍යම කාළයකුත් තියෙනවා. ඒ තමයි මල්ලි කියන දෙයක් නාහන කාලේ. ඒ කියන්නේ මදන විසේ තියෙන කාළේ.

Feb 19, 2012

අතරමං වූ ශෂී සොයුරියට - Dear Shashi



නොහැකි විය සිත හදා ගන්නට
ඇසූ ඒ පුවතින් අසුබ
සිත කඩා වැටුනේය
දෙපා ළඟ උඩුකුරුව
වැටුනු සිත විමසුවා
වෙව්ලමින් මුමුනමින්
විය හැකිද මෙවන් දෑ
තනිවමද කොහිද ඇය....

Feb 17, 2012

විය යුත්තේ කුමක්ද....? - What do we do...?


විපක්ෂයක් නැත්තේය. ඉන්න හාල්පාරූවෝත් ලැබෙන පඩිය මදි යයි කියමින් අඬන්නේය. ජේප්පෝද නාන්නේය. ඒත් ක්‍රමය ගැන වචනයක් නොකියන්නේය. උනුත් ජීවත් වන්නේ පප්පාට පින්සිදු වෙන්නටය. පප්පා මේ ක්‍රමය ගේන කාළයේ මේවාට විරුද්ධ උන උන්, අද මේකට වඳිනවාය. නිකන් නෙමේය. මල් පහන් තබාය. මේ සියළු දෙයම වැඩිවන්නේ. කාළකන්නීන් පිරිසක් නඩත්තු කිරීම සඳහාය. රටකට නායකත්වයක් අවශ්‍යය. ඔහුට ආරක්ෂාවක්ද අවශ්‍යය. එහෙත් යුද්ධයක් නැති රටක ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වෙන් කිරීම කිසි සේත්ම සාධාරන නැත. කාළකන්ණියන් කීව්වේ සත පහක වැඩක් නැති ලොව විශාලතම ඇමති මණ්ඩළය. බලෙන් පටවපු පලාත් සභා, නහුතයක් වූ ජනාධිපති උපදේශකවරු. සංස්ථා ගිලින සභාපතිවරු. විදේශ තානාපතිවරු, ජැකක් ගහන් කොව්වීයේ ඇවිත් නිදාගෙන සිට හවස ජැකක් ගහගෙන යන ආන්ඩුවේ සේවකයෝ, වැනි පිරිස්ය.

Feb 14, 2012

තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ... - Oil Price Hike



සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා කියාය. ගෑණු නෙමේය. පොන්නයෝය. ශ්‍රී ලංකා කරයෝ ඉස්සෙල්ලාම කර අඹා දැම්මේය. ඒ උන්නැහේගේ කර අඹින්න ඒ කස්ටිය 2005 සෙට් උන නිසාය. වමේ යෝධයෝ කියනා කස්ටියගේ ඊළඟට කර ඇඹුවේය. උන් ශ්‍රී ලංකා එක නැත්නම් කොහෙද කියා හොයා ගන්නට හම්බ වෙන්නේ නැතිය.

Feb 7, 2012

මීයා - Mice


මීයා කුඩා සතෙකි. මීයාට කේන්ති ගියාම පුම්බනවාය, එක එක පාට මීයෝ සිටිති. මීයා කුඩා කාළයේදි ලොම් නැත. ලොකු වෙන කොට ලොම් ඇවිත් ලස්සන වෙනවාය. ලස්සන මීයෝ මෙන්ම කැත මීයෝද ඇත. එක එක පාට මීයෝත් ඉන්නවාය. ඔය කොයි මීයාටත් පූසෝ කැමතිය. මීයෝ ගිලින්න පූසා මනාපය. ගිලින්න කලින් මීයා එක්ක සෙල්ලම් කරන පූසොත් ඉන්නවාය. මීයා ජීවත් වන්නේ ගුල් වලය. ගුල් නැත්නම් මීයෝත් නැතිය. සමහර මීයෝ හැම ගුලටම රිංගනවාය. එහෙම රිංගන එක හොඳ නැතිය. එක එක ලෙඩ හැදෙනවාය. මීයන්ට කැමති කොල්ලෝත් ඉන්නවාය. ඒ උනාට වැඩියෙන් කැමති කෙල්ලෝය. කොච්චර කැමතිද කියනවානම් කටෙත් දාගන්නවාය. කිසිම අවුලක් නැතිය. මීයාත් කොල්ලන්ට වඩා කෙල්ලන්ට කැමතිය.

Feb 6, 2012

ඕන් බලාගනිං මගේ තුන - # 3




වට වන්දනාවේ උඹ කැන්දන් යන්නම්
හැම පෝයෙම අනුරපුරේ
රතු කැට නිල් කැට කරේ බදින්නම්
නොගොහින් රත්නපුරේ
අම්මප බඳිනව උඹගේ කරේ.....//

Feb 5, 2012

උත්තම පුරුෂ - Faithful Hubby


එකවර මියගිය මිතුරන් තිදෙනා කෙලින්ම දිව්‍යා ළෝකයටම් ගියේය. එහිදි සාදරයෙන් පිලිගත් ඔවුන් සක් දෙවි වෙත කැඳවා ගෙන ගියේය..

ආ හොඳ යාළුවෝ තුන්දෙනෙක් වගේ දැන් බලමු කට්ටියගේ කෙරුවාව කොහොමද තම තමන් තමන්ගේ බිරිඳට අවංක උනේ කියලා ඒ අනුව තමයි මෙහේ වාහනයක් ලැබෙන්නේ.

Feb 3, 2012

නිදහස - Independence


ඉල්ලන්නෙත් නැතුව සුද්දා දුන්නා නිදහ                        ස
ඉන්දීයාව දාලා යද්දි ලැබුනා නිදහ                                  ස
හම කළු උන සුද්දෝ විඳිති උපරිම නිදහ                         ස
ඒත් අනේ අපට නැතේ තාමත් නිදහ                              ස

Feb 2, 2012

පුරුෂාධිපත්‍ය - Women's Rights


ළෝකේ තියෙන සුපිරිම වාහනේ ගියත්, හොඳම රැකියාවක් කළත්. සමාජයේ පිළිගැනීමක් තිබුනත්. අපේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ ගල් යුගයේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ රටේ උගත්තු හිටියට බුද්ධිමතුන් අඩුයි කියලා. ගැහැණිය ගැනත් තවම තියෙන්නේ හනමිටි අදහස්ම් තමයි. පිරිමි මොන වරද කරලා ගෙදර ආවත් නාවලා ගෙට ගන්න කොට. අවුරුදු ගානක් පෙම් කරපු කෙල්ලගේ පතිවත හොයනවා. බිරිඳ ගැනත් තවම තියෙන්නේ පරණ අදහස්ම තමයි. මට මේ දේවල් මතක් උනේ මේ ජෝක් එක දැකලා. මේකේ දෙගොල්ලන්ටම ඉගෙන ගන්න යමක් තියෙනවා.

Feb 1, 2012

ටැටූ කතා සහ ටැබූ කතා - Tattoo


ටැටූ ගැන සියල්ලොම වගේ දන්නවාය. ඒ දැන්ය. ඉස්සර එහෙම නෙමේය. පච්ච කෙටුවේත්, කොටාගත්තේත් අයියලාය. දැන්නම් මල්ලිලා පමනක් නොව නංගිලාත් පච්ච කොටනවාය. ඉස්සර පච්ච කොටපු පොරවල් සැලකුවේ දාමරික කස්ටිය හැටියටය. හිරි වාතෙටත් පච්ච කොටන අය සිටියේය. එහෙම කොටපු එකක් අපේ පොඩි සීයාගේ අතෙත් තිබුනේය. ඒ කිනිස්සක්ය. පිටෙත් එකක් තිබුනේය ඒ කොටි මූනක්ය. හොඳ වෙලාවට කොටි ප්‍රශ්න ඒන්න කලින් උන්දෑ නිවන් ගියේය. නැත්නම් කොටි සාමජිකයෙක් කියා හමුදාවෙන් නිවන් අරින්නට පුළුවන්ය.