.

.
Showing posts with label Pettah. Show all posts
Showing posts with label Pettah. Show all posts

Sep 13, 2012

බන්ඩා ආශ්චර්යේ බලන්න කොළඹ එයි - Yaman Bando Colomba Balanna

පිටකොටුවේ ආශ්චර්යය
බන්ඩා කොළඹ යන්නේ කළාතුරකින්ය ඒ උනාට හින්නි එකා කාළේ, එඩී ජයමාන්න මහත්තයා "කොළොම් පුරේ ශ්‍රියා" ගැන කියපු සිංදුව අහපු දවසෙ ඉඳලා, කොළඹ බලන්න ආසාවෙන් හිටියේය. හංදියේ මුදලාලි කොළඹ ගැන කියන කතා අසා, බන්ඩා දිවිය ළෝකේ හිතෙන් මවා ගත්තේය. බන්ඩාටත් ආසාව තිබුනේ මුදලාලි කෙනෙක් වෙන්නය. ඉතින් බන්ඩා ගෙදරින් පැනලා කොළඹ ආවේය. කාළයාගේ ඇවෑමෙන්, බන්ඩාත් පොඩි මුදලාලි කෙනෙක් උනේය. කොළඹට ටිකක් ඈතින් ගෙයකුත් හදාගෙන, පවුල් පන්සල් වෙලා දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන්ය. ඒත් මහ බැංකුවේ කබ්රාල් ළොකු මහත්තයා, ආශ්චර්යේ බලන්න කොළඹ එන්න කියලා බන්ඩාට ලියුමක් එවා තිබුනේය. ඒ නිසා බන්ඩා සයිමාත් එක්කම උදේ පාන්දර කොළඹ එන බස් එකකට ගොඩ උනේය.