.

.

Aug 28, 2011

අලි මුදලාලී - Elephant Trader


අලිය කියන්නේ අමුතුම සතෙකි. බැලුවහම ලස්සනය. නමුත් භයානකය. පොඩි කාළේ මහ එවුන් පොඩි එවුන් අලිය පිටේ තියන් ඇවිදිනවාය. සල්ලි තියෙන අය හබරණ ගොස් ඇත්ත අලියා පිටේ යවනවාය. එහෙ සුද්දොත් අලි පිටේ යනවාය. බලන්න ලස්සනය. අලියට අන්දලාය. පෙරහැරේ යන කොටත් අන්දනවාය. ඒ ඇඳගෙන හරි ආඩම්බරෙන් යනවාය. අලින්ට ඇඳුම් මහන්නේ පිලිමතලාවේය. මහත අයට ඇඳුම් මහන්න සමහරු එහේ යන්න කියනවාය. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නැතයි කියනවාය. ඒ නිසා කශ්ටිය අලි බලන්න මින්නේරි යනවාය, යාල යනවාය, දෙහිවල යනවාය, පාරේ ගියත් වාහන නවත්වා බලනවාය. දැන් අලියාටද ට්‍රාන්ස්පෝට් ඇත. එහෙම ට්‍රාන්ස්පොට් ෆැසිලිටි දෙන්න ගොස් දල ඇතෙක් මළේය. සමහර නොසන්ඩාලයෝ දල ලබා ගන්න ඇතා මැරුවායයි කිවේය.

Aug 27, 2011

හදිසි නීතීය හදිසියෙන්... - Lifting off Emergency Law


ගෙවුණු පුර සඳට පෙර
ලොඹු කටින් කෙලපු පච
කප්පරක්, මෙච්චරක්
කියා නිම කළ හැකිද

කවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගිරව් මෙන් දෙසාලන
මේත් අගමැතිවරුද

Aug 26, 2011

නීතිය රජවීම - The day of Justice


ඊයේ දවස අප කාටත් සැනසුම් සුසුම් හෙලීමට හැකිවූ දිනයක් විය. දිනපතා අසන්නට දකින්නට ලැබෙන අප්‍රසන්න හා කාළකන්නි සිඳුවීම් රාශියක් මධ්‍යයේ එවැනි ප්‍රවෘත්තියක් සිතට ප්‍රීතියක් මෙන්ම නැවුම් බලාපොරොත්තුවක්ද ඇතිකරයි. අඟුලාන ද්විතව ඝාතනයේ සැක කරුවන් සියළුම දේනාට මරණ දඬුවම නියම වීම එක් කාරණයක් වන අතර අනෙක නම් 2005 දී නැවත බල පිහිටවූ හදිසි නීතිය ඉවත් කිරීමයි.

Aug 25, 2011

මාතලන්ගේ කවි ... - Poetry by Maathalan


මාතලන් කවි වගේ ඒව ලියන බව ඔහෙලා දන්නවනේ.. ඒ නිසා මම හිතුවා වෙනම කවි බොගකුත් දාන්න, නම " පද්‍ය - කවි - ඒ වගේ ඒවා ". ඒ නම යොදන්න හිතුවේ මට මේව කවි උනාට, වෙන කෙනෙකුට වෙන මොනව හරි වගේ පේන්න පුළුවන් නිසා. බොගේ තියෙන නවතම කවියේ, පද කීපයක් එක්ක පින්තූරේ "මාතලන්" බොගේ වම් අත පැත්තේ උඩම තියෙනව, එතන තියෙන පින්තූරේ උඩ කෙටුවහම, මාතලන්ගේ නවතම කවිය බලාගන්න පුළුවන්. සමහර අය දැනටමත් ආවට, ගොඩක් අය මේ ගැන දන්නේ නෑ මගේ හිතේ. ඒත් මේකට අනුග්‍රහය දෙන, ලාංකීය සිතුවිලි, හත්මාළුව, අඹ ගහ, කොත්තූ යන සියළුම සින්ඩි වලට මගේ ස්තූතියත් මේ වෙලාවේ පිරිනමන්න කැමතියි. කියවලම බලන්නකෝ....

Aug 23, 2011

පැන පැන හපනා බල්ලො මරාපිය - Who let the Dogs Out



කොලුවෙක් මරලා වෙළඳ කලාපේ
ළොකු, පොලොස්ට එරෙහිව නගපු විලාපේ
පොඩි, කොස්සෙක් මරලා අනෙ මගෙ අප්පේ
මොකෑ කොරන්නේ පොලිසියෙ චොප්පේ

Aug 21, 2011

සංඝ ආඥාවක් - Action against Maathalan


මාතලන් පන්සල් යන්නේ නොගිහින්ම බැරි උනොත්ය. මන්ද...? දිවිය භවන වගේ තිබුනත් එහි අඩුපාඩූ බෝහෝමයකි. බ්‍රේස්ලට් උපාසක මහතුන් ඉන්ස්ටන්ට් නිර්වාන ලබා ගැනීමේ උතුම් පරමාර්ථයෙන් මර්සඩීස් දන් දුන්නද එහි අඩුපාඩූ තවත් ඇත. හාමිනේ පන්සල් යනවාට මාතලන් කොහෙත්ම කැමති නැත. ගමේ කාළකන්නි,... හාමුදුරුවන්ට එක එක කතා කියනවාය. ඒ නිසා ඇහට කනට පේන බවලත් උදවිය හා ගැහැණු දරුවන් තනි පංගලමේ එහි යවන්නට දායකයන් කැමති නැත. ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන කියා උන්වහන්සේම අපට කියා දී ඇත.

Aug 19, 2011

දෙයියා...!!! - God...!!!


අපේ ඇමතිතුමා හිටපු ගමන් පිස්සුම කෙළිනවාය. මාතලන් අපේ ඇමතිතුම කිව්වේ මාතලන්ද කැළණියේ නිසාය. එපමණක් නොව මාතලන්ගේ ප්‍රියතම දෙශපාලණ සෙට් එකෙන් කෙනෙක් නිසාය. එතුමා ප්‍රසිද්දියේ කොරන වැඩ අනෙක් උන් අප්‍රසිද්දියේ කරයි, නමුත් උන්නැහේ කරන්නාවූ සියළුම වැඩ කරන්නේ එළිපිටමය. අනෙක ජනාතාව ඉල්ලන්නේ මේ ජාතියේ බඩුනම්, අපිට කොරන්නට දෙයක් නැත. ලක්ෂ ගනනින් මනාප ගන්නේ ඒ නිසාය.

Aug 11, 2011

ළමා අපචාරද...? ජාතික අපරාධද..? - Is this a Child Abuse or Criminal Act.?.


අපේ පොඩී මහත්තයා යන්නේ ප්‍රධාන පෙලේ පාසලකටය. මාතලන්ද ගියේ මේ පාසලටමය (දන්නෝ දනිති.) පාසල ගැන සඳහන් කළේ මෙය සින්දුවන්නේ මේ පාසලේ පමණක්නම් අනෙක් පාසල්වලට අසාධරණයක් වන බැවිනි. මේවා ගුරුවරුන්ගේ වැරදිද, පාසලේ වැරදිද, කළාපේ වැරදිද, අමාත්‍යංශයේ වැරදිද, ඇමතිගේ වැරදිද, ආන්ඩුවේ වැරදීදයි කීමට මා නොදනිමි. එහෙත් මෙය කවුරුන් කළද, වැරද්දක් බව කිව යුතුමය.

Aug 10, 2011

අනේ සීයේ කතන්දරයක් කියන්නකෝ - Grandpa Jokes


ආච්චිල ගැන කතාවක දෙකක් ලිව්වහම මේකේ ඉන්න සීයල අමනාප වෙලාලූ. අද කියන්න යන්නෙ සීයා කතා.. අපේ සීයල ගැන නම් දැන් දැන් ඇහෙන කතා අති හයානකයි. අබුද්දස්ස කාළේ ලබුත් තිත්ත වෙනවලුනේ බොලව්.. ඉතින් තව කතාද....???

Aug 8, 2011

බංගලා හංදියේ.. උඹ හිටින් නංගියේ.. - Lyrics from Maathalan


මාතලන්ට හිතුන සිංදුවක් ලියන්න.. මොකද ඒයා මාර ආසයි නේ සිංදු වලට, ගොඩක් ආසයි නව පරපුරේ සරළ ගීත වලට.. ඕන් මාතලන් එකක් ලිව්වා.. මේක හොඳයි කියල හිතෙනවන්ම් කියන්න.. මාතලන් ආසයි මේක ඩැඩී බෑන්ඩ් එක හරි, සුරේන්ද්‍ර හරි, සීනා හරි කියනවනම්, කවුරු හරි එයාල දන්න කෙනෙක් ඉන්නවනම් එයාලට ලැබෙන්න සලස්වන්න.. ස්තූතියි..

Aug 4, 2011

මණ්ඩලේ කචල් - Kachal Board


ඉස්සර වල කක්කුස්සි කියල කක්කුස්සි වර්ගයක් තිබුනේය, කක්ක කතාවක් නිසා වැඩි දුර විස්තර කරන්නට අපහසුය. ඒවා අතුරුදහන් කලේ, අතුරුදහන් වැඩි කාළයක රටේ රජතුමා වූ පොඩි මිනිහගේ නායකයා වූ දුවන ලයන් ලව් සර්වන්ට් තුමා බව තිසරණී ගුණසේකර පත්තර වලට ලියා තිබුනි. කතාව සහතික ඇත්තය. එතුමා ගැන පොතක් උනත් හොඳ නරක දෙකම ලිවිය හැකිය. එතුමා ඒවා නැතිකලේ ඇමති කාළයේය. ජනාධිපති වීමට පෙරය. මේව හදල තියෙන්නේ මැතිනිගේ කාළේ ඉතින් ඒව නැතිකරන එක මගේ වැඩක් නොවේ කියා එතුමා අත පිහිදා ගත්තේ නැත. එහෙමනම් මාලිගාවත්තේ ෆ්ලැට් හැදෙන්නෙ නැත ලැට් හැදෙන්නේත් නැත. මැරෙනකම්. මැතිනිට බැන බැන ඉන්න තිබුනේය.

Aug 3, 2011

අත්තම්මගේ රස කතා - Funny Stories of Grandma


ටික දවසකින් විහිළු කතාවක් දෙකක් කිව්වෙ නැති නිසා මටත් නිකන් මොකක්ද වගේ, ඒක නිසා මේ කතන්දර දෙක කියන්න හිතුන. සමහර වෙලාවට ඔයාල අහලත් ඇති, නමුත් අපේ බසින් නම් නෙවෙයි. කියවල බලන්නකෝ. මේ ජාතියේම කතාවක් කලිනුත් ලිව්ව ඒක මෙන්න මෙතනින් බලන්න.

Aug 2, 2011

හත් පොලේ ගාගෙන නා පිරිසිඳු වීම - Clean up after a mess


ක: ලි:
මේ මොකක්ද යකෝ මේ.. මේ තමයි කලින් ලිවීම. මොකෝ මේ පොස්ට් එක ලියල දවස් දෙක තුනක් වෙනව. මම ලිපියෙන් යෝජනා කරපු කාරනාව ඒක දාන්නත් ඉස්සෙල්ල ඉටු උනා. ඒ ගැන සන්තෝෂයක් වගේම දුකකුත් තියෙනව. සතුට තමයි තමන්ගේ රාජකාරිය හරියට කරන ගෝඨාභය මහත්තය අනුන්ගේ වැඩේ තමන් බාර අරගෙන චැන්ල් ෆෝ වීඩීයෝවට පිළිතුරක් සැපයීම, (පොඩ්ඩක් මල පැනල හිටියේ, අර කූල් ගතිය තිබුනනම් ළකුණු 100 ම දෙන්න තිබුන.) දුක තමයි ඒක ළෝක ප්‍රජාවට ගෙනයන්න ජී ඇල් මහත්තයට දීපූ එක. ඔච්චර තමයි ආයෙත් නෝ කතා නෝ සිනා.

Aug 1, 2011

ජාතිවාදය දිණුම් - Racism Won


පළාත් පාළන ආයතන කිහිපයක් සඳහා පැවති ඡන්දය නිමාවිය. ජය පැරදුම ගැන පක්ෂ විපක්ෂ අය විවිධ මත පල කරති. සමහරෙක් මෙය ආන්ඩුවේ අවසානයේ ඇරඹුම බවත්, ජවිපේ සහ එජාපයේ අවසානය බවත් එකිනෙකට නොගැලපෙන මතවාද ඉදිරිපත් කරයි. තවකෙක් පවසන්නේ මෙය මහින්දට දෙමල ජනතාව එල්ල කළ කනේ පහරක් බවයි. තවකෙක් ප්‍රජාතන්ත්‍රවාදය දිනූ බව සදහන් කරන අතර ප්‍රජාතන්ත්‍ර විරෝධි මැතිවරණයක් බව අනෙකා කියයි. මේ මොන මත ඉදිරිපත් වුවද මට සිතෙන ආකරයට මෙය ජාතිවාදය ජයගත් සහ ජාතින් අතර විශ්වාශය පරාජය කළ මැතිවරණයකි.