.

.
Showing posts with label Polical Crisis. Show all posts
Showing posts with label Polical Crisis. Show all posts

Jun 8, 2022

පාඨලීගේ නිවැරදි තීරණය.

 


පාඨලී සිටියේ කිසි ලෙසකින් හෝ තමන්ට ගැලපෙන තැනක නොවේ.

මා පාඨලීගේ දේශපාලනයට වැඩිමනක්ම කැමති වන්නේ, ඔහු වෙනස් විය හැකි, වෙනස් වන දේශපාලකයකු වන නිසාමය.

දිනෙන් දින වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට යන ලෝකයේ, වෙනස් වීම් වලට බියෙන් අප අද හිඟන රාජ්‍යයක් වී අවසානය. ලෝක බලවතෙකු වූ ඉන්දියාවේ ජනතාව සමච්ඡලයට ලක් කරනා අප උන්ටත් අන්ත ගෝත්‍රිකයෝය. අප තරම් වෙනස්වීම් වලට වැද්දන්ටත් වඩා බිය ජාතියකි.

2009 සිට ගෙන එන පුනර්ජනනීය විදුලි බල පනතක්, 2022 දීත් පැය ගනන් කළුවරේ සිටියදීත්, මාෆියාවකට බයේ, දින කීපයක බ්ලැක්ව්ට් එකකට බයේ, තවත් කල් දමන්නැයි කියන 1/4 කන්නි විපක්ෂ නායකයෙක් හා මාෆියාවේ මුදලට වහල් වූ දේශපාලුවන් හා පූජකයින් ඉන්නා රටකට, ඉදිරියේදී හෝ ගොඩ යා හැකියයි සිතන්නේ නම්, එය සිහිණයාක්ම පමණි.

පාඨලීගේ දේශපාලන ඉතිහාසයේ ඔහු නොයෙක් පිල් හා කණ්ඩායම් සමඟ දිගටම වෙනස් වෙමින් පැමිනියද,  හැමවිටම වෙනස් වූයේ ඔහුට අවාසියක්, අවැඩක් සිඳුවන ආකාරයෙනි.

එජාපයේන් වෙන්ව සජිත් පිල හා එක්වීම ඔහු ගත් අමනෝඥම දේශපාලන තීන්දුව බව මගේ මතයයි. ඒ ඔහුට කිසිසේත්ම නොගැලපෙන දේශපාලන අම්බරුවන් පිරි දේශපාලන මඩුවකි.

ඒ බව ජනතාවද ඔහුට ඉතා අඩු මනාප ප්‍රමාණයක් ලබා දීමෙන් ඔප්පු කරන ලදි.

ඔහු එජාපයේ උන්නේ නම්, අනාගතයේදී එහි නායකත්වය ඉතා පහසුවෙන් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව පැහැදිලිවම තිබින. ඔහු වටා සිටිනා පිරිසද කිසිසේත් සජිත් වැනි බොළඳ දේශපාලකයෙක් හා එක්විය යුතු පිරිසක් නොවේ.

ඔහු වටා සිටිනුයේ, ඔහු මෙන්ම, ලාංකිය දේශපාලනය පමණක් නොව, ලෝක දේශපාලනය ගැනද දැණුමක් සහිත, උගත් බුද්ධිමත්, රට පිලිගත් වෘත්තීයවේදීන් පිරිසකි. එමෙන්ම ඔවුන් විප්ලවවාදීන් පිරිසකි.

එහෙත් මා ඔහුගේ අඩුපාඩුවක්ද විශේෂයෙන් දකිමි. ඒ ඔහු අඩුම තරමින් එක් ප්‍රදේශයක් හෝ තෝරගෙන, ජනතාවට වඩාත් සමීප, ජනතාවාදී දේශපාලකයකු ලෙස ක්‍රියා නොකිරීමයි. මෙය ඔහුගේ මෙන්ම විමල් වීරවංශගේද අසුපාඩුවකි. ඔවුන් ජාතික දේශපාලකයන් යැයි සිතා ක්‍රියා කරනා උඩඟු ප්‍රතිපත්තියකි.

ජනතාව මෙන්ම අනෙක් දේශපාලකයින්ද සිතන්නේ, ඔවුන් තමන් නියෝජනය කරනා අය නොව, කිසියම් මාන්නයකින් යුත් විශේෂිත පිරිසක් යැයි කියාය. 

රණසිංහ ප්‍රේමදාස අගමැති වන තෙක් ලංකාවේම ජනතාව ඔහු දැන උන්නේ නැත. ඔහු සුචරිතය හා කෙසෙල්වත්ත අවට ජනතාවගේ මහත්තයා විය. පසුව මැද කොළඹ ජනතාවගේ ප්‍රේමදාස මහත්තයා විය. මහින්දගේ ගමන වුවද එසේමය.

ජනතාව සමඟ දේශපාලනය නොකොට රටේ නායකයා වීමට කුමන හෝ වාසනාවක් තිබුනද, ඔවුන් අසාර්ථක නායකයෝම වෙති.

චන්ද්‍රිකා, සිරිසේන, රනිල් හා ඝෝඨා ඊට උදාහරණ සපයයි. මන්ද ඔවුනට ජනතාව වෙනුවෙන් වගකීමක් හෝ වගවීමක් නොමැතිව වාසනාවට ධූරන්දර වූ පුද්ගලයන් වීමය.

දැන් ඔහු ස්වාධීන වී සිටියද, හැකි ඉක්මනින් එජාපය හා එක් වී කොළඹ ප්‍රදේශයේ සංවිධායකයකු විය යුතුය.

සිංහළ බෞද්ධ නායකයින්ට කොළඹ ඉඩක් නැතයි යන බොරුව විමල් වීරවංශ මෙන්ම සරත් වීරසේකර විසින් බොරුවක්ම කොට අවසානය.

ඔහුගේ දේශපාලන අනාගතය වඩාත් සුභදායි එකක් වී,

ඔහුටත්, රටටත්, ජනතාවටත් වඩාත් දියුණු බුද්ධිමත් රාජ්‍යයක ජීවත් වීමට ලැබේවායි පතමි.

මන්ද, පාඨලි යනූ..

"බුද්ධිමත් ජනතාවගේ දේශපාලන නියෝජනය"

ඔහුම පමණක් වීම හේතුකොට ගෙනය.

.