"රැස" පත්තරේ ඉන්න, මාතලන්ගේ බොක්කක් වන මංජුල සමරසෙකර බොහෝම කළබලයෙන් මාතලන්ට කෝල් එකක් ගන්නවා. මාතලන් ඒ වෙලාවේ ඩ්‍රයිව් කර කර උන්න නිසා, ගමන අහවර වෙලා මංජුලයට කෝල් එකක් ගත්තාම, ඌ පොඩි ආරාධනාවක් කරනවා ටුවර් ගයිඩ්ලා ගැන කොලමක් සති පතා කරමු කියලා. අපරාදේ කියන්නේ ඒකට ගානක් ගෙවනවයි කියලත් කියනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ සතිපතා ඒ දේ කරන්න වෙලාවක් නැතිකම නිසා. ඒත් ආරාධනය මගේ හිතේ තියෙන නිසාත්, ලෙසටර් ජේම්ස් පීරිස්ට හා රේඛාවට සම්බන්ධ ගයිඩ් කතාවකුත් තියෙන නිසා ,මේ ලිපිය ලියලා දාන්න මාතලන්ට හිතෙනවා.
