.

.

Dec 31, 2012

2013 ඔහේට කොහොමෙයි...? - New Year Wishes


වසරක් ගෙවි වසරක් උදාවෙමින් තිබෙන්නේය. කස්ටිය සුභ පතා ගත්ත ගමන්ය. මොකෝ ආන්ඩුව කියන්නෙත් සුබ අනාගතයක් කියාය. එහෙම එකක්නම් පෙනෙන තෙක් මානයකනම් නැතිය. මා කියන්නේ, සාමාන්‍ය ජනයා ගැනය. සමහර විට එයාලා කියනවා ඇත්තේ, එයාලාට "සුභ අනාගතයක්" කියා වෙන්ට ඇතිය. එහෙම දෙයක් නම්, සමාව භාජනයකට දා, පත අට එකට සිඳවා, හත්තටගේට දුන්නාට අපේ අමනාපයක් නැතිය. මනාපයකුත් නැතිය. සාමාන්නිය ජනයාට, ඒ කියන්නේ අපි වගේ අයට නම්, ගිය වසර අඤ්ඤකොරොස් වසරක්ම විය.

Dec 27, 2012

ගල් (18+) - Extra Special (18+)



ගල් කිව්වම වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්. ඒ ගල් වලත්, එක එක ගල් වර්ග තියෙනවනේ. කෙල්ලො නම් කැමති මැනික් ගල් වලට, ආච්චිලා කැමති මිරිස් ගල් වලට ඔය ආදි වශයෙන් ගල් ගැන මහා කතන්දර ගොඩක් සිරිකොතට ගල් ගහපු වෙලාවේ.... රනිල් ගලක් උස්සගෙන දඟලපු වෙලාවේ මම පෝස්ට් එකකින් දැම්මා. ඒක ඕනම නම් මෙතනින් බලන්න. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි.... ගල් අරක්කු ගැන..

Dec 25, 2012

සාපේ සිසුන්ට බන්දුල මාමාගෙන් නත්තල් තෑගී - Christmas Presents From Santa Bandula

සංස්කරණය කරණ ලද ඉන්දික දිසානායකගේ කාටූනයකි...

දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය...

Dec 22, 2012

අධ්‍යාත්මවේදීයෝ, විදෙස් ශ්‍රමිකයෝ සහ බූරුවෝ... - Meditative s, Foreign Workers & Bloody Fools


බුවාට, මාතලන්ට මල පනින එක සාධාරනය. ඒ මොකෝ අපි පුරුතග්ජනයෝය. ඉතින් චින් එක නොහොත් හොස්ස ලඟින් මැස්සෙක් ගිය ගමන් මල පනිනවාය. අනික දේවල් සිද්ධ වෙන ආකාරය දැක්කාම, කාගේ කාගෙත් මල පනිනවාය. පබා වගේ උන්නාට.... සමාවන්න බබා වගේ උන්නාට මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ මල පැනලාය. අධිකරණයේ අයගෙත් එසේය. පාන්ඩුවේ අයගේත්... සමාවන්න ආන්ඩුවේ යනුවෙන් නිවැරදි විය යුතුය.. අන්න එයාලාටත් මල පැනලාය. අපේ ඩිලාන් සහෝටත් එසේමය. ඒ රන්ජන් රමණ යකා එක්කය. රන්ජන් රමණ යකා කියන්නේ, ඩිලාන් සහෝදරයා විදෙස් ශ්‍රමිකයන්ට "රට විරුවෝ" කියා නම් පට බැන්දාට. "රට විරුවෝ" අපා දුක් විඳිනවා කියලාය. ඩිලාන් කියන්නේ "රණ විරුවන්ටත්" වඩා අති උතුම්, "රට විරුවන්ට" අපහාස කොරන්න එපා කියලාය. ඒ මදිවාට රමණ යකා කියන්නේ ඩිලාන් සහෝ කන්නෙ තුන් වන පවුල කියාය. ඩිලාන් කියන්නේ එයා කන්නේ හොරෙන් නෙමෙයි කියාය. ඒ උනාට රමණ යකා යන යන තැන හොරෙන් කනවා කියාය. එකම හෝටලෙන් කන අය, මෙහෙම කථා කියන කොට අපිට මල පනින්නේ නැතිය. හිනා යනවාය.. මුඛෙන් නෙමේය... පුකෙන්ය...

Dec 19, 2012

අනේ අපව බේර ගන්න කවුරුත් නැද්දෝ....? - Help....Help.....Help....!!!


සමාන්‍යයෙන් මට එකම වෘත්තිකයකුවත් උසස් නැතිය, පහත්ද නැතිය, හැම රස්සාවම රස්සාවක්ය. ඒත් අපේ රටේ උන්ට මාරම ලෙඩක් තියෙනවාය. ඒ තමන්ගේ ජොබ් එක ඇර, අනෙක් ඒවා පහත් කියනා හැඟීමය. තමා මොකෙක්ද යන බව පෙන්වීමට වාහනයේ ස්ටිකරුත් ගහගෙන යනවාය. ඩොක්ටර්ස්ලා, ඉංජලා, දිසාපතිලා, එහෙම ගහගෙන යනවාය, එහෙම නැත්නම් නලාව කරේ දාගෙන ෂොපින් යනවාය, ලෝයර්ලා කළු ටයි දාන් යනවාය. එ මුකුත් නැත්නම් පොඩි එකා යන ඉස්කෝලේ, ඉස්ටිකර් එකක් හරි ගහගෙන යනවාය. එහෙම උන් මට නම් පේන්නේ හන ගහපු හරක් වගේය.


ආයෙත් පරිප්පු කන්න වෙයිද....? - Indian Warning



මේ ගැන අපේ W3Lanka ලියා තිබෙන්නේය. ඔහු කියන්නේ, රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. රටේ එවන් මතයක් පතුරුවන්නට තැත් කලද ඇත්ත එයද.....? නැත. ඔවුන් කෙලිනා පිස්සු එකසිය ගානට කෙලි. බඩු වැඩි කිරීමේත් නිමක් නැත. තෙල් බාලා, නඩු බලවා අවසානයේ, පැස්ටෝල් වලටත් කෙලියේය. කොළඹ ලස්සන වෙයි. ගහන්න යන බිල්ඩින් වල තට්ටු ගනන් කරන්න වෙනෙම ඇමතියෙක් දාන්න වෙයිය. නයිට් රේස් යයි. ඉඳගෙන බලනවානම් 5000 ය. 50 ටිකට් ගත්තොත් සද්දේ විතරක් අහගෙන ඉන්න පුළුවන්ය. හැබයි අපරාදේ කියන්නේ රටේ තත්වයට ගැලපෙන්න සයිකල් රෙසුත් යනවාය. ත්‍රී වීල් රේසුත් යනවාය. ලැම්බෝගිනි බලන්න උන්නාට, ගල් ෂොට් එකේ පවර් එකට එහෙමම නින්ද ගිහිල්ලාය.

Dec 13, 2012

කළු පෙට්ටිය (16+) - Black Box (16+)


මේක පට්ට පරණ ජෝක් එකක්. කතන්දෙරේ මතක් උනේ, කොටියා පවර්ෆුල් කාළේ, ගහල වට්ටපු ඇන්ටනොව් එකක් ගොඩ දාන්න, හෙන මෙහෙයුමක් යන නිසා. සමහර උන් නම් කියන්නේ, මාතලේ වලට කේස් එකක් තියෙනවය, ඒක කවර් කරන්නෙයි මේ උතුරෙ බීච් එක එකසිය ගානට හාරන්නෙ කියලා. වල් කොල්ලෝ ඉතින් මොනවටද කතා හදන්නෙ නැත්තේ. ඔය වල් කොල්ලො වගේම සෙට් එකක් තමයි ජෙප්පොත්. උනුත් මේ කන්න බොන්න විදියක් නැතුව ඉන්න කාළේ, මාතලේ වලක් ගැන කතා කරනවා. අනේ මන්දා අර කව්ද කිව්වා වගේ මේවා ආන්ඩුවේම කොන්ත්‍රාත්තුද කියලා.

Dec 10, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් - Derana Dream Star

The Best Talent Ever

එකෙක් හෝ මොනවා හෝ ලියනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෙමි. මොකෝ, බ්ලොග් ලෝකයේ වැඩිපුරම ඉන්නේ තරුණ කස්ටිය නිසාය. එහෙත් එකෙක්වත්, මක්කාවත් ලියන පාටක් පේන්න නැතිය. ඒ කියන්නේ තරු සංකල්පෙට කෙලවෙලා වගේය. සමහර විට මේක ඇස්. ඇම්. ඇස්. වලින් හම්බ කරන් කන කෙලියක් කියා හැම එකාටම තේරිලා වගේය.ඒ නිසා කවදත් මේ ගැන ලියන මම, මේ වර අවසාන තරඟය හා ජයග්‍රාහකයා ගැන මෙන්ම, තරු සංකල්පය ගැනත් ලියන්නට හිතාගත්තේය. අද තිබෙන රූපවාහිනී නාලිකා අතරින්, අපුලක් නැතිව නැරඹිය හැකි නාලිකාවක් වන දෙරණද, කෙමෙන් කෙමෙන් අප්පිරිය වන්නට පටන් ගනිමින් පවතී.

කොලවරි තීන්දූ - Instant Justice





මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි.

"මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.
------------------------------x---------------------------------

Dec 6, 2012

ගෝල්ඩන් සිරප් ඌරුමස් හා ප්‍රජාතන්ත්‍රවාදය..... - Golden Syrup, Pork & Justice



තීරණය පැහැදිලිය. ගෙදර යාම අනිවාර්යය. සියළු වරප්‍රසාදයන් අහිමිවීම අනිවාර්යය. සමහර විට තීන්දුව හෙටම ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට ඇය වීරවරියකි. මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය. මන්ද ඇයද ශ්‍රී ලාංකික පුරවැසියකු නිසාය. එහෙත් සාධාරණයක් නැත ඇත්තේ ඒකපාර්ශවික තීන්දුවකි. ඇය බොහෝ අයට වීරවරියක් වනු ඇත. එහෙත් මට නම් ඇය වීරවරියක් නොවේ. 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තීන්දුවක් දුන්නේ නම් ඇය මට වීරවරියකි. දිවි නැගුමට එරෙහිව දුන් තීන්දුව පලි ගැනීමක් ලෙස පෙනිම සාධාරණය......

-x-

Dec 4, 2012

විරුද්ධ ලිංගිකයන්ට වඩා, නත්තල් ගහ හොඳ ඇයි...? (16+) - Why A Christmas Tree Is Better Than The Opposite Sex (16)


නත්තලත් එක්ක ඉතාම සම්බන්ධ දෙයක් තමයි, නත්තල් ගහ, ඕනෑම දුප්පත් ගෙදරක උනත්, පොඩි නත්තල් ගහක් හෝ තියෙනවාමයි. නත්තල් සීයා... එහෙම නැත්නම්, "සැන්ටා", රෑට ඇවිත්, නත්තල් තෑගී,  තියලා යන්නේ නත්තල් ගහ පාමුල. එක එක රටේ තෑගී බෙදන ආකාරයේත්, බොහෝ වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත්, වෙසක් එකට වෙසක් කූඩූ හදනවා වගේම, කැපවීමකින්, ආසාවකින්, ආදරයකින්, නත්තල් ගහක් ගෙනත්.. සරසන එක අනිවාර්ය අංගයක්. ඉස්සර නම් මේ තත්වය අඩු උනත්. දැන් නම් හැම ගෙදරම, පාර පුරා විකුණන්න තියෙන "පයිනස්" ගහක් ගෙනත්, නත්තල් ගහක් නිර්මාණය කරනවාමයි.

Dec 2, 2012

මහරාජාගේ සිරස කුඩු...!!! - I. O. Maharaja !!!!


කන එක අම්බානක කෑවේය. තව පොඩ්ඩෙන් කන පැලෙන්නම කනවාය. අපේ රටේ ජනමාද්දියවේදියා කියන එකා, හිතාගෙන ඉන්නේ ඌට එහා එකෙක් නෑ කියලාය. ඔය උන්ටම වෙන්වූ රෝගයක් නොවේය. ගොඩාක් අයට තියෙන දෙයක්ය. දොස්තරගේ පටන් කොන්දොස්තර දක්වා තිබෙන රෝගයක්ය. සමාන්‍යයෙන් අදීන මාද්දියවෙදියෙක් කියන්නේ, බුද්ධිමත්ව මැදිහත් සිතින් බලා යම් දෙයක් ගවේශනශීලීව අධ්‍යයනයක් කොට සමාජය දැණුවත් කරන්නාය. දේශපාලකයාගේ විනය ගැන කතා කරන්න ඉස්සර, තමන්ගේ තනය විකා ගත යුතුය. සමාවෙන්න විනය තකා ගත යුතුය.