.

.
Showing posts with label Law. Show all posts
Showing posts with label Law. Show all posts

Sep 4, 2026

නාමල්ට මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට කෙලෙවෙලාම යන්නේ ඇයි?

 


නාමල්ට මෙන්ම විරුද්ධ පාක්ෂිකයින්ට 

කෙලෙවෙලාම යන්නේ ඇයි?

➖➖➖➖➖➖➖➖➖➖😁😁😁➖


ඕනෙම නම් "අයි ඩෝන්ට් නෝ වයි" කියා කියන්නට හැකිය. එහෙත් මේවා වෙන්නේ ඇයි කියා දන්න නිසා.... ඒ ගැනත් නොකියා බැරිය. 


ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි කියා කතාවක් තියෙනවාය... ඒ වගේම පණ්ඩිතයන්ට ඒ දණ්ඩේ යන්නට බැරිය කියා කතාවකුත් තියෙනවා... එමෙන්ම කට කෑවත් ඇත්ත කියන්න ඕනා කියලා කතාවකුත් තියෙනවාය. 


ඒක නිසා දන්නා ඇත්ත කියලා දාන්නට ඕනෑ කියා සිතුනේය... දේශපාලකයින්ගේ හොඳ වගේම නරකත් තියෙනවාය.  ඒ වගේම.... හොඳ වැඩ වගේම අමු ගොන් වැඩත් කරනවාය...  මේ කියන්නට යන්නේ එහෙම කරපු ගොන් වැඩක් ගැනය...  නාමල් ඇතුළට දාන්නේ බ්‍රයිබරි කොමිෂන් එකෙන්ය... බ්‍රයිබරි කොමිෂන් එකට පොලිස් බලතල ලබා දුන්නේ අති පණ්ඩිතයින් දෙන්නෙක්ය.  ඒ විජයදාස රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන සර්ලා දෙන්නාය. ....


රට ආර්ථික වශයෙන් වැටුණායින් පස්සේ අයි ඇම් ඇෆ් එක රට ගොඩ ගැනීමට මෙන්ම රාජ්‍ය පාලනයේ විනයක් ඇති කිරීමට එක එක උපදෙස් දුන්නේය... ඒ... ආර්ථිකයට අදාලවය.... එහෙත් ඉන් උද්දාමයට පත් සමහර බක පණ්ඩිතයින් කරේ... ඉල්ලගෙනම කන වැඩය.


ඉල්ලගෙන කෑමේ හොඳම එකක් වෙන්නේ.  2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතය (Anti-Corruption Act)


එමගින් කොමිසමේ නිලධාරීන් සහ විමර්ශකයන් වෙත මීට පෙර නොතිබූ ආකාරයේ අති විශාල සහ ස්වාධීන පොලිස් බලතල මෙන්ම විශේෂ විමර්ශන බලතල (Special Investigation Techniques) නීත්‍යානුකූලව ලබා දුන්නේය....


බක පණ්ඩිතයෙක් වන විජේදාස රාජපක්ෂ උන්නැහේ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ..... 2023 අප්‍රේල් 27 දාය.... ඒ අනුව.... 2023 අගෝස්තු 08 දින සිට මේ ඉල්ලගෙන කෑමේ පනත සම්මත වුණේය. ....


හිකෙන් පුනා යන්නේ.... මේවා ගෙනාපු එවුන්ටම මේ මේවායේ ඵලවිපාක විඳින්නට වූ නිසාය..... රනිල් වික්‍රමසිංහ මෙන්ම,  විජයදාස රාජපක්ෂගේ පුතාත් අත්අඩංගුවට ගත්තේ බ්‍රයිබරි කමිෂන් එකට එයාලාම ලබා දුන් පොලිස් බලතල යටතේය....


කරුමය කියන්නේ.... ඕනෑම එකෙක් ඕනෑම වෙලාවක මේ කොමිසමට පැමිණ ලබා දෙන කට උත්තටේ ඇත්ත හෝ බොරු හෝ වේවා චූදිතයා බෙල්ලෙන් අල්ලා ඒසී වෑන් එකේ දාගෙන අලුත්කඩේට හෝ කොටුවට ගෙන ගොස්... නිල්  පාට බස්සෙකේ වැලිකඩ යැවීමේ බලයක් මේකේ ඉන්නා මහත්වරුන්ට තියෙනවාය.... 


ඊට අමතරව....  ඕනම නම් චූදිතයාට සියදිවි නසා ගැනීමේ පහන් හැඟීමක් ඇති කර ගැනීමට කටයුතු යෙදීමටත් හැකි බවත් මෑතකදී ඔප්පු වුණේය.... 


හරි නම් කරන්නට තිබුණේ.... නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල මීට පවරන එකය. එහෙම වුණා නම් ඒකට නීතිමය තත්ත්වයක් ඇති වන්නේය.... එහෙම වුණා නම්...  පරීක්ෂණ පවත්වා.... සාක්කි සහිතව අධි චෝදනා ගොනු කිරීමේ බලය මීට පැවරෙනවාය....


එහෙත් දැන් සිදුවෙන්නේ... අපි පොඩි කාලේ කලාක් මෙන්.... හොරා පොලිස් සෙල්ලමක්ය....  ආණ්ඩුවට හිතෙන හිතන එකා  අල්ලාගෙන ගොස්  කූඩු කරන්නට දැන් රට පාලනයට එන ඕනෑම ගොනෙකුට පුළුවන්ය. ...


කොරෝනා තිබුණු කාලයේ PHI මහත්වරුත්....  පොලිස් බලතල ඉල්ලුවා මට මතකය.... මේ ගොන් බාස්ලා දෙන්නා වගේම.... ඒ කාලේ හිටපු පාලකයෝත් කුණු ඉනිස්පැට්ටර් මහත්තයලට පොලිස් බලතල ලබා දුන්නේ වී නම්...  වත්තේ එක මදුරු කීටයෙක් හිටියත්.... ගේ අයිති එකාට හිරේ යන්නට වෙන්නේය.... 


මේකේ හොඳම ආතල් එක වෙන්නේ.... බෙදුම්වාදීන් විසින් ඉල්ලන උතුරු නැගෙනහිරටත් පොලිස් බලතල ලබාදීමය.  ඒකත් ලඟදීම සිදුවෙන බවට පෙරමග සලකුණු පෙනෙනවාය.... ආන් එදාට ලංකාවට අබ සරණය. 


පණ්ඩිතයින්ට ඒදණ්ඩේ තබා වැල් පාලමේවත් යන්නට බෑ කියා.  අලුත් ආත්තෝපදේශයක් හැදුවා නම් හොඳයි කියා අද උදේ මට සිතුනේය. 


විසි දෙකත් සම්මත වූ එකේ.  විරුද්ධ පාක්ෂිකයින් සියලුම දෙනාටම ඒ කියන්නේ සතුරාට.....  ජල්බරි බ්‍රයිබරියේම සරණයි කියා පතනවා ඇරෙන්න... වෙන කියන්නට දෙයක් නැත්තේය....  


ඒ වගත් මෙසේය......


.

May 9, 2024

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රිවරියකි...... (මේ රටට ආයේ එන්න කිව්වට , දහස් වරක් හිතලා වරෙල්ලා....)


ඩයනා ගමගේ

පාර්ලිමේන්තුවේ සිටිය යුතුම

මන්ත්‍රිවරියකි......

(මේ රටට ආයේ එන්න කිව්වට ,

දහස් වරක් හිතලා වරෙල්ලා....)

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු මන්ත්‍රිවරියක් බව උසාවියෙන් තීරණය කළා...  ඒ පවතින නීතිය අනුව..

ඒ ගැන විවාදයක් නෑ... මොකෝ මේ තීන්දුව ගීතා කුමාරසිංහටත් ලැබුනා. ඉතින් ඩයනටත් තියෙන්නේ...  ගීතා කළ දේ කරන්න විතරයි.


අපි බලන්න ඕන ඩයනට ඇයි මෙහෙම වුනේ කියලා.. ඩයනා අදත් සජිත්ට කඩේ ගියා නම්... එයාලත් එක්කම උන්නා නම්... අදත් එයා පාර්ලිමේන්තුවේ... හැබයි එයා ඉන්න ඕන විපක්ෂයේ නෙමෙයි ආන්ඩු පක්ෂයේ කියලා... එයා මේ කෙටි කාළයේ භාවිතයෙන්ම පෙන්නුවා.


හැබයි... එයා පාර්ලිමේන්තුවේ ඉන්න එක... පාර්ලිමේන්තුවේ ඉන්න බිජු හීනතාවයෙන් යුත් පිරිමින්ට ළොකු අවුලක් බව තීන්දුවට පසුදා කසිප්පුවා මෙන්ම කතානායකත් පෙන්නුවා. 


ඌ කිව්වේ... ඒක පාර්ලිමේන්තුවට මෙන්ම කතානායකටත් විශේෂ සහනයක් කියලා. කතානායකත් හිනා වෙලා ඒක අනුමත කලා. ඔව් බිජු හීනතාවයෙන් යුත් තොපි වගේ උන්ට ඒක විශාල සහනයක් වුනාට, සිස්ටම් චේන්ජ් ඉල්ලන මිනිස්සුන්ට ඒක විශාල පාඩුවක්.


පාර්ලිමේන්තුවේ එක පිරිමියෙක් කතා කළේ නෑ ඩයනා වෙනුවෙන්. උන්ගේ තියරිය අනුව පාර්ලිමේන්තුවේ ඉන්න ඕනත් උන්ගේ ගෑණූ වගේ... සාම්ප්‍රදායික ගෑණු. පාර්ලිමේන්තුවේ ලොබියෙදි උන් කියන හැම කුණුහබ්බෙටම  ඔළුව නමාගෙන ගිහින්... පස්සේ කතානායක ළඟ අඬන ගෑණූ. හැබයි ඉතින් කතානායකත් ඉන්නේ උන්ගේ බෝට්ටුවේ. නිතිය හදන තැන ඉන්න උන්ගේ තත්වේ ඒක නම්... ඉතින්.... උන් හදන නීතී ගැනත් හිතා ගත්ත හැකි නේ.


වම්බොට්ටා...  කවිරත්නට අපහාස කළ වෙලේ නහින්න හදපු නලීන් බන්ඩාර... අනිත් පැත්තට... ඩයනට පාර්ලිමේන්තුවේ ලොබියෙදි ගහපු එක සදාරනීකරණය කරන්නේ ඒ නිසා... 


මහ ළොකුවට කාන්තාවෝ පාර්ලිමේන්තු එන්න ඕන කිව්වට කතානායකගෙ ඉඳලා බිජු හීනතාවයෙන් යුත් හැම එකාටම ඕන සාම්ප්‍රදායික ගෑණූ.


එතනින් එහාට... ලංකාව ලෝකෙට ගෙනියන්න... කංසා වවලා ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් කියන... සංචාරකයින්ට නයිට් ලයිෆ් දාන්න ඕන කියන..., ගල් බෝතලේ අඩු කලාම මිනිස්සු කසිප්පු බොන්නේ නෑ කියන... විප්ලවීය මොඩර්න් ගෑණු... උන්ට අනුව පාර්ලිමේන්තුවේ සිටිය නොයුතු... කරදරකාර... වනචර... නොහොබිනා... නොහැදිච්ච ගෑණූ.


දැන් ඩයනා අදින ගේමත් මරු... 

හොරකම වංචාව අල්ලස ප්‍රතික්ෂේප කරන සජිත් ප්‍රේමදාසලා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ පුරවැසිභාවයවත් නැති කෙනෙක්ගේ පක්ෂය සල්ලි වලට අරගෙන. එතනම වැරදි දෙකක්.. එතකොට ඩයනාට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් දීම පට්ට අල්ලසක්. 

මේවට අධිකරණය දෙන තීන්දු මොනවද කියලා බලාන ඉන්න එකත්... පට්ට ආතල් එකක්.


ඒක කෙසේ වෙතත් ඩයනා හිරේ දාන්න තමා මේ බිජු හීනතාවයෙන් යුත් පුරුෂාධිපත්‍ය රජකරන ආයතන වල ඉන්න හැම එකාම දැන් වලි කන්නේ. 


ඒ අස්සේ මාතලන්ට තියෙන විශාල ප්‍රශ්ණයක් තමා... 


▪️විදේශ වල ඉන්න වෘත්තිකයින්ගේ සේවය රටට ලබා දෙන්න නැවත එන්න...

▪️ඔවුන්ගේ මුදල් රටේ ආයෝජනය කරන්න එන්න.

▪️ව්‍යාපර ලංකාවේ ආරම්බ කරන්න එන්න.

▪️හම්බ කරන එකෙන් වැඩිපුර ඩොලර් 500 ක් එවන්න.. 


කියලා ආරාධනා කරලා. ඒ කතා අහලා ලංකාවට එන උන්ට නීතියෙන් අත්වෙන ඉරණම මේක නම්...


එහෙම එන උන්ට අන්තීමට ඒ රටයි... උපන් රටයි... හරි හම්බ කර ගත්ත දේයි... ඔක්කෝම නැති කර ගන්න එක නම් වෙන්නේ.


එහෙම එන්න හිතාගෙන ඉන්න එකෙක් ඉන්නෝ නම්... මෙහේ එන්න කලින්.... දෙපාරක් නෙමේ දහස් වාරයක් හිතලා බලලා වරෙල්ලා..


මොකෝ.... මේක වැඩක් පුලුවන් එකාට, යමක් කාමක් පුලුවන් එකාට... ෆුක නැතිවෙන්නම අරින පිස්සෝ රැලක් හා ආයතන තියෙන පට්ට ගෝත්‍රික රටක් නිසා...


උන් එකෙක්ටවත් තේරෙන්නේ නෑ... උන් ඔක්කෝම ජීවත් වෙන්නේ උඹලා ෆුක ඉරාගෙන නොකා නොබී ඉතිරි කරගෙන එවන දෙයින් කියලා. මේ රටේ ප්‍රධාන ආදායම විදෙස් ඩයස්පෝරාව හා විදෙස් ශ්‍රමිකයින්‍ය කියලා.


මේ රට විස්තර මෙව්වා

අහගෙන හිතට ගනිල්ලා

දෙවරක් හිතලා බලලා

එන්නලා හිතලා ඔහෙලා...//


.

 

Jul 29, 2023

දීප්තිලාට වෙනස් විය හැකි මුත්, ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

 


දීප්තිලාට වෙනස් විය හැකි මුත්,

ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට එසේ විය නොහැක.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖


ඊයේ පත්තරෙන් එහා වැඩ සටහනට එනවා ඉරාජ්. පැයක වැඩ සටහන පැය දෙකකට ආසන්න වෙලාවක් යනවා දැනෙන්නෙත් නැතිව. එතනදි ලංකාවේ ඉන්න ඊනීයා ලිබරල් ගෝත්‍රික ත්‍රස්තවාදීන්ට දීප්ති හා ඉරාජ් දෙන්නම කුඩු වෙන්නම ගහනවා.


ඒ ගෝත්‍රික ත්‍රස්තවාදීන් කව්ද කියලා අද බුකිය හා අනෙකුත් සමාජ මාජ්ජ දිහා බැලුවාම ඔයාලට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. 


අද මීඩීයා කියන්නේ සල්ලි මවන උල්පතක්... ඕන නම් ඉතා සුළු කළෙකින් කෝටිපතියෙක් වෙන්න පුලුවන්...

හැබයි හෘද සාක්ෂියට එකඟව නෙමෙයි...

ඇත්ත කියලා ලියලා නෙමෙයි..

ප්‍රොපගැන්ඩා වලින්...

මේක කැලණි නයාගේ ඉඳන්, බැංකු කඩාගෙන වැටීම දක්වා ගලා යනවා

ඔය අනුර කුමාර දිසානායකගේ ලැම්බෝගිනි කතා වගේ...

විමල් වීරවංශගේ බටහිර කුමන්ත්‍රණ වගේ..


මේ දේවල් කරන්නේ මීඩියා කාරයොයි (මීඩියා කාරයෝ කිව්වම පත්තර, ටී වී, සඟරා, වෙබ්, බ්ලොග්, යූ ටියුබ් ඇතුලු සමාජ මාජ්ජ සියල්ල අයිතියි) දේශපාලුවොයි ඉතරක් නෙමෙයි... වෘත්තිකයිනුත් ඇතුලත්. නැත්නම් එයාලටත් කොනට වෙලා ඉන්න වෙනවා නේ.


කොරෝනා මිනී වලලන්න නොදීම. අම්පාරේ මන්ද පෝෂණේ, බාල බෙහෙත්, පාන් ගේන්න විල්බැරෝ එකේ සල්ලි අරගෙන යාම, කොරෝනාවෙන් ඔක්කොම මිය යාම, ගැස් බ්ලාස්ට් ඒ වගේ සාර්ථක ප්‍රොපගැන්ඩා. ඒව බිඳින්න හරි අමාරුයි. 


කරුමය වෙලා තියෙන්නේ බෙල්ලේ පාලුවට ඔළු තියෙන ජීවීන් පිරිසක් ඉන්න රටක, පැන්ෂන් ගිය මයිනෝ පවා ඒ සුරංගනා කතා ඇත්ත කතා වගේ පිලිගන්නවා විතරක් නෙමේ, ඒවා වමනය කර කර අයෙත් කන එක. හරියට 🐄🐄 වගේ. 


මොකෝ... මොලේ තිබුනට හිතන්න බුද්ධියක් නැති නිසා, අර නිර්මාණකරුවෝ අඹරලා දෙන ගුලි, උන් ඕසෙට කාලා, ඊට පස්සෙ අපිවත් බය කරනවා.


ඉතින් අද මිනිස්සුන්ට නිව්ස් කියලා එන්නේ ඇත්ත නෙමෙයි අර කෝටිපතියෝ විසින් නිර්මාණය කරපු ප්‍රොපගැන්ඩා...


ඒක අද මාෆියාවක්, ත්‍රස්තවාදයක්, ව්‍යසනයක්, ඒවට ලීඩර්ස්ලා ඉන්නවා.. බොරු නම් තරිඳු බේරගන්න උසාවී ආපු පිරිස අතරේ ඉන්න හරක් කටා වෙනුවෙනුත් පෙනී ඉන්න පොදු සාධක කව්ද කියලා තමුන්ම හොයා ගන්න. අමතක කරන්න එපා තරිඳුත් මේවා වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක් කියලා.  හරියට අර මල් වට්ටිය යටින් පිස්තෝල අරගෙන ගිය සිස්ටම් වලට දෙවනි නෑ.


මේක අති භයානක තත්වයක්..

මොකද හැම එකාම ජනප්‍රියත්වය වෙනුවෙන් අර මාෆියා කාරයෝ පස්සෙ යන නිසා... රටේ විපක්ෂ නායකත් උන්ගේ දායකයෙක්... ජෙප්පොත් මේ ළණු කන්න රුසියෝ.. මොකෝ, කොහොමත් උන්ගේ මොළ සෝදලා ඉවත් කරලා, ඒ වෙනුවට ටොයිලට් එකක තිබුන ච්ප්ස් වගයක් දාලා තියෙන නිසා.


අරගලය ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ..

උන් එක එක තර්ජන කරන්නේ නිකමට නෙමෙයි...

ඒක අළු යට ගිනි පුපුරු වගේ තියෙන්නේ...

ඉතින් පොඩ් ගිනි අඟුරු කෑල්ලක් දැක්කත් නිවලා දාන්න ඕන..

මොකෝ ඇවිලුනොත් නිවන වැඩේ කරන්න ගිනි නිවන හමුදාව දාලා කරන්න බැරිව..

අනෙක් හමුදාවල් පවා කැඳවන්න වෙන නිසා.


මේක දීප්තිලාට දැන් අවබෝධ වෙලා තියෙනවා... සුදර්ශණ ගුණවර්ධන ඒක පාලකයන්ට පෙන්නලා දෙන එක ළොකු දෙයක්.


එතනදී ඒ ක්ෂේශ්ත්‍රයේම ඉඳගෙන (මීඩීයා ඇන්ඩ් සෝෂල් මීඩීයා) ඇත්ත කියන ඉරාජ්ට හා තම මතය වෙනස් කර ගත්ත දීප්තිට අනික් උන් ඔක්කෝම (ඊනියා ලිබරල් ත්‍රස්තවාදීන්) එකතු වෙලා ගහන්නේ ඒකයි...


වඩා වැදගත් වන්නේ 

පුද්ගලයකුගේ අතීතය නොව

මේ මොහොතේ තමන් සිටිනා මතයයි.


- මාතලන් යකා -


.

Oct 6, 2021

ඖෂධ මාෆියාවේ දත්ත මැකීමෙන් රටට පෙන්වන නීතිඥ සංගමයේ නිරුවත.

 


(මාතලන්ගේ හිතවත්, මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලනා අවංක අබ්බගාත් "මහත්වරුන්" මේ වෙනුවෙන් මා හා උරණ විය යුතු නැත)


මේ රට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හොරුන්ගේ මිනීමරුවන්ගේ හා මාෆියාකාරයන්ගේ පාරාදීසයක් වීමට වග කිව යුත්තේ දේශපාලුවන් පමණක්ම නොවේය.


ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන් අපේ රටේ නීතිය හා අධිකරණයද, ජඩමාධ්‍යද, ‍රාජ්‍ය නිළධාරී මාෆියාවද හරි හරියට වගකිව යුතු බව ලියන්නේ, මාතලන්, වික්ටර් අයිවන් හා අජිත් පැරකුම් ජයසිංහ  පමණක් වීම ඉතා කනගාටුදායකය.


පාතාලයේ මහ උන් මෙන්ම මිනීමරුවෝද, ත්‍රස්තවාදීන්ද, එලියේ ඉන්නේ හොරෙන් නොව, අම්මට සිරි ලංකාවේ නීතියේ හා අධිකරණයේ ආශීර්වාදය අනුව ඇප මත නිදහස්ව නීත්‍යානුකූලවය.


පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඇතුලේ ඉන්නා අබ්බගාත් ටෙරා එලියට දාන්න යැයි කියනා නීතීඥ්ඥ සංගමයද හෑම එකෙක්මද මට අනුව නම් ටෙරාලාමය.


ලෝකයේ දියුණු යැයි සම්මත රටවල මෙවන් අපරාධයකරුවන් සඳහා නීතීඥ්ඥයින් ඉදිරිපත්වන්නේ නැති අතර, බොහෝ විට ඉදිරිපත් වන්නේ කොරිඩෝ ලෝයර්ලා හෝ රජයේ නීතීඥ්ඥයෙක්‍ය.


එහෙත් අප වැනි මාෆියාවලින් රන් වෙන රටවල අති විශාල අයකිරීම් යටතේ කුප්‍රකට අබ්බගාත්ලා ඉදිරිපත්වීම දැන් සාමාන්‍ය තත්වයක් වී තිබීම ඉතාම කනගාටුදායකය.


වඩාත්ම ලොල් සහගත කාරනය නම්..., මෙහේ සිඳුවන හැම මළහත්තිලව්වකටම...., "දියුණු රටවල් වල නම් එහෙම නෑ අනේ...පනේ... තනේ... වැනේ..." කියනා ලිබරල් හිකනල්ලුන්ද නීතියේ ඇති ශික්ෂා පද උලුප්පා පෙන්වමින් මේවා සාධාරණීකරණය කරනා එකය.


දත්ත මැකූ මාෆියා කාරයන් වෙනුවෙන් කලින් සඳහන් කල කුප්‍රකට අබ්බගාත් කෙනෙක් ඉදිරිපත් වූවා නම්, අනේ සංසාරේ කියා අපටද හිත සනසාගත හැකි වුවත්, නීතීඥ්ඥ සංගමයේ මහ එකාම මාෆියා චෝදනා එකෙක් වෙනුවෙන් පෙනී සිටීම රටේ නීතියේ ඇති විකාර තත්වය මොනවට කියා පාන්නේය.


නීතීඥ්ඥ සංගමයේ මහ එකාත්, ඊයේ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිනිලි දාන්න ගිය උන්ගේත් කොන්ෆිල්ක්ට් ඔෆ් පොලිටිකල් ඉන්ටරෙස්ට් කොහොමද කියලා ඕන එකෙක් දන්නවාය.


ලැජ්ජාවට කරුණ නම් මාෆියා කාරයන් වෙනුවෙන් ඉදිරිපත් වීම හෝ එය වැරදීමකින් සිඳු වූවක් යැයි කීම නොවේය. මේ 21 වන සියවසේ "රජය සතු දත්ත" මකා දැමීම රාජ්‍ය දේපලවලට හානී කිරීමක් නොවනා බවට ගෙන එන තර්කයය.


එක්කෝ මුන් අඩු ගානේ සයිබර් ක්‍රයිම් ගැන අහලාවත් නැති උන් වෙන්න ඕනෑය.


මෙතෙක් රජයේ පාර්ෂවයටද දත්ත මකා දැමීම ගැන චෝදනා එල්ල වූවත්. දැන් වැඩේ කරේ මොකාද කියනා එක ඉතා පැහැදිලිය. 


එහෙත් රජය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරීස් කියා සිටියේ....


ඖෂධ වල නියම ප්‍රමිතිය පිළිබඳ කරුණු අඩංගු ලේඛන 1,100,000 (දත්ත එකොළොස් ලක්ෂයක් )  කට අධික ප්‍රමාණයකට ගේම දීම අත්වැරදීමකින් සිඳු නොවූවක් බවත්, එය ඉතා සැලසුම් සහගතව කරනා ලද උසාවියේ නඩු ෆයිල් වලට ගිනි තැබීමක් හා සමාන වන බවය.


සාමාන්‍යයෙන් මෙවන් මාෆියා කාරයන් හා නඩුහබ කීමේදී..., බොහෝවිට රාජ්‍යා අංශය පරාජයට පත්වීම සිරිතක් ලෙස පැවතියද, 


එය උඩු යටිකුරු කරමින් අධිකරණයට හා නීතීපති දෙපාර්තමේන්තුවට ගෞරවයක් අත්කර දුන් දප්පුල ද ලිවේරා මෙන් කටයුතු කිරීමට දිලීප පීරිස්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා යන්න මේ රටේ යුක්තිය හා සාධාරණය පතනා හැම එකාගේම බලාපොරොත්තුව විය යුත්තේය.


කරපු එකා මොකාද කියා ජනතාවට හෙලිකිරීම, උත්තරීතර යැයි කියනා අධිකරණයේ වගකීමය ..


ඒ වගත් මෙසේය....


.

Sep 27, 2017

ඉරාජ්, විකී, රොහින්යා හා ලිබරල් වමක අවශ්‍යතාවය - Iraj, Vicky, Rohingya & place for left wing liberal




විකි අළුත් කසාදයක් බැන්දම, විකීව මරාගෙන කන්න ගියපු උන් දැන් ඉරාජ් මරාගෙන කන්න යනවා. ඉරාජ් කරලා තියෙන්නේ, අර කලින් විකීව මරාගෙන කන්න ගියපු උන් කියපු කතාව ටිකක් පරක්කු වෙලා කියන එක. කොහොමත් පරණ ඒවා අමුවෙන් ගැහුවාම ටිකක් තදින් වදිනවා. ඒ වගේම සෙමත් ඇවිස්සෙනවා. ගල් හැහුවට එහෙම අවුලක් නෑ. මම කිව්වේ අරක්කු ගැන. ඉතින් පරක්කු වෙලා අරක්කු වගේ වදින දෙයක් ගැහුවාම සමහර උන් හරක්කු වගේ කුලප්පු වෙනවා. අරක්කු ගඳයි කියලා සමහර උන් කියනවා නේ. ඒ බීපූ නැති උන්. බොන එකාට අරක්කු රහයි. ආයේත් කියනවා. මම මේ කිව්වේ අරක්කු ගැන.

Sep 10, 2017

ලලිත් හා අනූෂ හා උගෙ අම්මාගේ නීතිය - Pray for Real Justice





දෙන්නගේ සිල් රෙදි කේස් එක ගැන මක්කත්ම ලියන්න නැත්තේ ඇයි කියලා බෝ දෙනෙක් අහනවාය. බුකියේ කෙටි සටහනක් තබා මා කියූවේ, මේ තීන්දුව පිළිබඳව මෙන්ම, මේ දෙදෙනා ගැනද මාතලන් අවංකවම කනගාටු වෙනවා කියලාය. මා මේ ප්‍රශ්ණය දෙස බලන්නේ ලලිත් හා අනූෂගේ සපත්තුවට බැහැලාය. 

Aug 23, 2017

අළුත්කඩේ ඩීල් මාළු කඩෙන් කෙලවර වීම - Deal or No Deal


Cartoon by Susil (Web Buwa)

සම හරක්ට පින ඵල දෙන්නේ නිකං ස්වීප් ටිකට ඇදෙනවා වාගේය. සිරිසේන උන්නැහේට මෙන්ම ඩීල්දාසට ලැබුනේ එහෙම පිනා චෑන්ස් එකක්ය. බඹරේ වැල්ලේ ගැහුවත් කැරකෙන කාළ එනවා වාගෙම, කලාවට වැඩේ කලේ නැත්නම් ඊට පස්සෙ ඔළුව කැරකෙන්න පටන් ගන්නවාය. ඩීල්දාස උන්නැහේට ලැබුනේ ඒ දෙකටම වඩා ඉබ්බා දියේ දැම්මා වාගේ චෑන්ස් එකක්ය. තනිකර ඩීල් ගේම් යන ආයතනයකට ඩීල් කාරයෙක්ම දැම්මා කියන්නේ ඉතින් ඒ යකා සංසාරයටම ගොඩ යන කේස් එකක්ය. 

Nov 19, 2016

අධිකරණ ඇමති සිහිණෙන් ඇවිදීම - Sleepwalking Towards Justice



ලංකාවේ අධිකරණ ඇමතිවරයා අත ගහන හැම වැඩේම අඤ්ඤකොරොස් වෙලා, හත් පොලේ ගාගෙන, අකුල ගන්නා බව අප කවුරුත් දන්නවාය. එයා මහා ප්‍රාඥ්ඥයෙක්ද මොකෙකද කියලා කියන්නෙත් එයාමය. අපි නම් ලෝයර්ලාට කියන්නේ ගල් ආඳෝ කියලාය. සමහර උන් නම් කියන්නේ ඩීල් කාරයෝ කියලාය. ලංකාවේ අධිකරණ ක්‍රමය ගැන දන්නා ඕනම එකෙක් ඒ කියනා කාරනය ඇත්තයි කියලාත් දන්නවාය. මොකෑ කියනවා නම්, ඒ වාගේ ඩීල් කාරයෙක් බලවපු නඩුවකින්, දුමින්ද සිල්වාට මරණ දඬුවම හිමි වීම, මිනිසුන් හොල්මන්ද බේරේ කොරනා තීන්දුවක් වීම නිසාය.  

Aug 15, 2016

නීතියට ඇඟිලි නොගසනු...!!! - Please obey the law !



ආන්ඩුව පත් කිරීමට ක්‍රියාකාරිව සහභාගී වූවන් මෙන්ම, එහෙන් මෙහෙන් සප් එකෙක් දී ටොයියන් බවට පත් වූ පිරිසද ආන්ඩුව විවේචනය කිරීම, වහල් බයියන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති බව පෙනෙන්නේය. මහින්ද මහත්තයාගේ අන්තේවාසිකයින් සිතන්නේ නැවත් ඡන්දයකට ගියහොත් අ(හ)වුල් ආන්ඩුව කෙරේ කලකිරි ඇති ටොයියන්ගේ බහුතරයක්ද නැවත් මහින්ද මහත්තයාට ඡන්දය දෙනු ඇත කියාය. එහෙත් සත්‍යය එය නොවේ. අවුල් ආන්ඩුවට ඡන්දය ප්‍රකාෂ කළ පිරිස ආන්ඩුවේ පිස්සු කෙලීම් හමුවේ කලකිරී ඇති මුත්, ඒ එකෙක්වත් නැවත මහින්ද මහත්තයාට බලය දී මේ රට ලේ විලක් කිරීමට කිසිසේත්ම තම ඡන්දය භාවිතා කරන්නේ නැති බව, මහින්ද මහත්තයා ඉල්ලගෙන කෑවා සේම ඉස්තිරය.

Mar 16, 2016

රෙද්ද ගලවලා ගනින් බං.... - It is not Money Laundering

 
අලි හොරුන් ඇපේ මත,
මහ දවල් රහත් වෙයි .
රජ පැටවු ගෙදර යයි.
පොලීසිය නෝ කතා.
මීඩීයා කිරි සිනා...

Jan 25, 2016

නපුංසක රටක් - Country without law and order


  
අපි බොහෝ දෙනෙක් කියන්න ඕනා දේ, නානසාර මහ රහතන් වහන්සේ හෝමාගම උසාවියේදී දේශනා කොරලාය. එහෙම දේශනා කොරලා තියෙන්නේ විත්තිය වෙනුවෙන් අති විසේස දේශනාවක් කොරලාය. උන් වහන්සෙ නඩු කාරයාගේ මූණටම දෙසා වදාරා ඇත්තේ, මේ රටේ තියෙන්නේ නපුංසක ආන්ඩුවක්ය. ඒකේ ඉන්නේ නපුංසක නිළධාරින්ය කියලාය. එහෙම දෙසලා එක්නැලිගොඩ නෝනාටත් පාට් එකක් දමා, උන් වහන්සේ ආරාමයට වැඩියෝය. කේස් එක යන්නේ ඉන් පස්සේය.
 

Oct 2, 2015

කොන්ඩයා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය - Justice should not only be done but should manifestly



සේයාගේ ඛේදවාචකය මැකී යාමටත් මත්තෙන් නැවතත් කොටකෙතන වෙත පඩත්තල ජනමාද්දියවේදින් කෙල පෙරාගෙන මිනී මස් කන්නට දුවමින් සිටී. දැන් මෙය ධර්මද්දීපයක් නොව නොම්මර එකේ මිනී කන්නන්නේ දේශයක් වී ඇත. මිනී කන්නන්ගේ දේශයකටත් වඩා, මළමිනී කන්නන්ගේ දේශයක් යැයි කීවොත් වඩාත් නිවැරදිය.

Mar 31, 2015

ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police

 
පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න..

අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන එකය. කරුමේ කියන්නේ අල්ලලා දෙන්න එකෙක් නැති වීමය.

Feb 15, 2015

කුඩ්ඩන්ට බය පොලිස් දෙපාර්තමේන්තුව - Cops & Drug Dealers


වෙලේ සුදාගේ අම්මා..., වෙලේ සුදා බබා කාළේ, නලවපු ගීතය, එකෙක් බුකියේ ලියලා තිබුනාය.. "රස කර ගී ගයන "වෙලේ."... සැනසෙන්න නැලවෙන්න "සුදෝ"..." ඒ ගීතයය. මුන් නම් පට්ට ටැලන්ට් බුවාලාය.

මේ ආන්ඩුවේ හොරු ඇල්ලිම, අපි පොඩි කාළේ හොරා පොලිස් කොලා වාගේය. ඔන්න කට්ටියක් හොරු වෙනවාය. කට්ටියක් පොලිස් වෙනවාය. පොලිස් කාරයෝ උණ බට තුවක්කුවේ දාපු තෙත පත්තර කොල බුලට් වලින්, හොරුන්ට වෙඩි තියනවාය. සමහර උන් ගාව සෙල්ලම් පිස්තෝලත් තිබුනේය. ඒවාට දාන වෙඩි බෙහෙත් රොල් වගේකුත් තිබුනේය. රෝල ඉවර උනා කියා වෙඩි තැබිල්ල නතර වන්නේත් නැතිය. ඊට පස්සේ කටින් වෙඩි තියනවාය.

Oct 4, 2014

බට්ටිලාගේ කතාව - "Batti"..!!!


මේ පිළිබඳව ළිපියක් ලිව්වත්, හිතට මදි.. ඒ තරම් තුඡ්ච කාළකන්නි මිනිස්සු පිරුණ දේශයක් මේක. අනික ළිපිය ලිවීමෙන් පසු සිඳුවන ගරු රඟපෑම්, සිත් ගන්නා සුළුයි. කට කොනට සිනාවක් ගෙන එයි. පොලීසියට විත් පැමිණිල්ලක් කරන්න කියා ආරාධනා කරනා විට, තුන් කොනින් සිනා පහල වෙයි. කපුගේ ගේ අමරසිරි ගේ ගී අසා, අනේ අපොයි කියා හඬන වැලපෙන, ශෝක වන, ජාතියේ දූ පුතුන්ගේ සළු පිලි උනා දමා, නියම නිරුවත සමාජයට පෙන්වූ බට්ටියේ. උඹේ සටනට අපේ ආචාරය..

Jul 3, 2014

ජීවහරණ එපා එන්න - Hon. Hangman


වන අලි, රටවිරු,
අතිගරු, මැතිවරු පැමිණ.
තරඟයක් පවත්වති.
"අළුගෝසුවා" එලවති.
"ජීවහරණ" පැමිණෙති...!!!

Mar 11, 2014

අළුගෝසුවාගේ අස්වීමේ ළිපිය... - Hangman's Resignation


රාජකාරියට වාර්ථා කර නොමැති අළුගෝසූවා විසින්, බන්ධනාගාර කොමසාරිස් වෙත යොමු කල අස්වීමේ ළිපියේ පිටපතක් මා වෙත ලැබී ඇත. පහත් පළවන්නේ ඒම ළිපියයි..

Jun 6, 2013

නඩුකාරයෝ හා බඩුකාරයෝ (18+) - Mental disorder judges (18+)



කලින් පෝස්ට් එක ලිව්වේත්, නීතිය හා ඩෙංගු ගැනය. අද ලියන්න වෙලා තියෙන්නේ, නීතිය හා කලවා මිරීකීම ගැනය. අපේ රටේ නීතියක් නැත. නීතීය හා සාමය රකින්න ඉන්න උන් කුලියට මිනි මරණ රටේ. නීතියේ දෙව්දුව වැඩවසන අධීකරණයේ, නඩුකාරයාගේ චේම්බර් එක ඇතුලේ, විත්තිකාරයාගේ බිරිඳ දූෂණයට ලක් කලේ අද ඊයේ නොවේ. ඒ නොම්මර එකේ බඩු කාරයෙකුට, අධිකරනය බාරදුන්න කාළයේය. ඒවා ගැන එදා කතා කලේ වික්ටර් අයිවන් විතරය. අද එතුමාට ඒවා කතා කරන්න වෙලාවක් නැතිය. මිලියන 200 ක් නැතුව පිස්සු වැටිලා ඇමරිකන් බයිලා ගහනවාය.

Jun 5, 2013

ඩෙංගු හා ගොන්නු - Dengue and Inefficient Officials


අපේ රටේ නීතී ක්ෂේශ්ත්‍රයට ලබලා තියෙන්නේ කරුම දසාවක්ය. "චීෆ් ජස්ටිස්' නෝනා, "චීප්" වෙලාම ගෙදර ගියේය. ඊට පස්සේ හීනෙන්වත් නඩු අහලා නැති මහත්තයෙක්, "චීප් ජස්ටිස්" වෙලා ආවේය. ඊයේ පෙරේදා, විත්තිකාරයාගේ ගෙදර, මේසන් බාස් කෙනෙක් හොයන්න ගියපු නඩුකාර හාමුදුරු කෙනෙක්, මහ උළුගෙදර ගියේය. එහේදිවත් උන්නැහේට බාසෙක් හොයාගන්න පුළුවන් උනොත්, එලියට ඇවිත් හරි ගේ හදාගන්න පුළුවන්ය. නීතී විජ්ජාලේ අවසන් වසරේ ගෑල්ලමයෙක්ගේ අත කපලා දැම්මේත් මෑතකය. හැම එකාම අත දෙන්න ගියත්, කෙල්ල තවම අතක් නැතුව ඉන්න බවත් පත්තර පිටු පුරවලාම තිබුනේය.

Jan 20, 2013

ඇට නැති ලෝ....!!! - Attorney at Law....!!!



අනේ සෑර් අපි ආ.............වේ........
කරන්නෙ මක්කැයි ඉස්සරහට....
කියලා දැනගෙන යන්නයි......
වලියටනම් නෙමෙයි සෑ...........ර්.
(කරන්නෙ කොහෙමෙයි මක්කත්
ඉස්සරහට මුකුත් නැතුව.)