.

.
Showing posts with label Rajitha. Show all posts
Showing posts with label Rajitha. Show all posts

Apr 1, 2022

සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් රට ගිනි තැබීම

 


සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් 

රට ගිනි තැබීම

මංගල තවම මිය ගොස් නැත.

රාජිතද ජීවතුන් අතරය.

➖➖➖➖➖➖➖➖➖


ලොකු ලොකු කොම්පැණි හා බැංකු මගින් මහ පාරේ ලීෆ්ලට් බෙදන "ටවුන් ස්ට්‍රෝම්", "ස්ට්‍රීට් මාකටින්" ඔබ කොතෙකුත් දැකලා ඇතිය. ඒවා මාකටින් වලදි වැටෙන්නේ "ගරිල්ලා මාකටින්" කැටගරියටය.

එහිදි පාරේ ලීෆ්ලට් බෙදන්නේ මැනේජර්ලා, ඇක්සැකටිව්ලා හා මාකටින් කොල්ලෝ කෙල්ලෝ උනාට, ටොප් ඩිෂිෂන් එක එන්නෙ ඉහළ කළමණාකරණයෙන්‍ය. උන් ඉන්නේ තිරෙන් පසු පසය. මේ ස්ට්‍රීට් මාකටින් වලින් පස්සේත් කොම්පැනිවල රෙවෙනියු එක වැඩි උනේ නැත්නම්, පාරට බැහැපු උන්ට කන්න වෙන්නේ රෙවෙන්නය.

ලාංකිය දේශපාලනයේද මෙහෙම ගරිල්ලා මාකටින් කාරයෝ ඉන්නවාය. ඒ උනාට ඊට ප්‍රසිද්ධියක් උසුලන්නේ මංගල හා රාජිතය.

මංගල පරලෝ සැපත් වූවත්, මංගලගේ මඩ බලකාය තවමත් සක්‍රීයව බුකියේ ඉන්නවාය. ඒකට හේතුවත්, පොලිටික්ස්, පොලිට්‍රික්ස් හා මිඩීයා දන්න උන් විතරක් දන්නවාය.

ඊයේ මිරිහානේ සිද්දියට හේතු වූ ""සාමකාමී උද්ඝෝෂණය" පිටුපස උන්නේත්, මංගල මඩ බලකායේ පුරෝගාමී සාමාජිකයෝය. ඔවුන් ගේම ගහන්නේ, අර ටොප් මැනේජ්මන්ට් එකේ ක්‍රමයටය. එහෙත් පාරේ ගේම් වලට බහින්නේ කුරුඳු පොලු හමුදාවය. රාජිතගේත් එසේමය. 

3 වනදා සවස 3 ගේම පිටුපස ඉන්නේ රාජිත හා චතුර සේනාරත්න බව දැන් ඔප්පු වී අවසානය. එහිද සමාජ මාධ්‍ය මෙහෙයුමට ඇත්තේ වෙනම පිරිසකි. ඔවුන්ගේ සබඳතා ඇත්තේ චතුර සමගය. එය ප්‍රජාතන්ත්‍රවාදී විදි ක්‍රමයය. ප්‍රා සෙට් එක ඉන්නේ රාජිත ලඟය, කිඹුලෝ කෑවා කියා හත් පොලේ ගාගත්තේ උන්‍ය.

මේ සමාජ මධ්‍ය සියල්ලම එජාපයේ මව් කුසින් බිහිවූවෝ වනාතර, බොහෝ විට උන්ට පාතාල මාෆියා ගේම් ගැන දැණීමක් නැති, දේශපාලන නොදරුවෝ බව සමාජ මාධ්‍ය තුල සැරිසරනා ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය.

අඤේ එඤඤ තිබ්බේ සාමාකාමී උග්ගෝඤයක් නේ අඤේ. ඇයි ඒ මිනිඤ්ඤුන්ට දොඤ් ඤියඤ්ඤේ ගගා බුකියේ අඬා වැලපෙන්නේ මේ නොදරුවෝය. පිටරටවල් වල ඉනා තොත්ත බබාලාය.

83 රට ගිනි තැබූ ගේම් වලට උන්නේ සිරිල් මැතිව් හා ගාමිනී දිසානායකය. 83 කළු ජූලීයේ කමර්ඩාන, කලුවාදේවගේ සිරිල් මැතිව් උන්නැහේය. ගිනිකූර ගැහුවේ ඇල්ලේ වට තුන ස්ථවිර උනාට, ඉන් පන්දම් දල්වා රටම ගිනි තැබුවේ උන්නැහේගේ මාෆියාවය. මේ මාෆියාවට ඉතිහාසයක්ද ඇත්තේය. ඒ පුරන් අප්පු සමඟ රට ගිනි තැබූ ගොංගාලේ ගොඩබංඩාගේ පරපුරේ උන් වීමය.

ඉන් පසු යාපනයේ පුස්තකාලයට ගිනි තබා මේ රට "මිලේච්ඡ රාජ්‍යයක්" කලේ ඒ සෙට් එක හා එක් වූ ගාමිනී දිසානායකගේ කණ්ඩායමය. එපමණක් නොව අදටත් ඇමතිවරුන්ගේ අධි සුඛෝපභෝගී කාමසුඛන්නිකානූ ලයිෆ් ඉස්ටැයිල් කල්ට් එකේ නිර්මාතෘද ඒ තුමාය.

මංගල මඩ බලකාය පෙරේදා රෑ වික්ටෝරියා පාක් එක වටේ කළේ ටෙස්ටින් වැඩක් උනත් වැඩේ සාර්ථක උනේය.

ඉන් උද්දාමයට පත් එම පිරිස ඊයේ මිරිහානට යන්නේ වීරයන් ලෙසය. එහෙත් සිඳුවූයේ කුමක්ද? වැඩේ සක්සෙස් බව සිරසෙන් සජීවීව ප්‍රචාරය වීමත් සමඟ මාෆියාව ගේමට බැස්සෙය. අරුන් හොල්මන් වී පැත්තකට උන් ඇත්තටම අහිංසකයින් නිසාය. උන් IRC චන්ඩීන් නොව යුනිකෝඩ් අයියලා විතරය.

එතනින් පැත්තකට විසිවූ උන් කළේ ආයෙත් බුකියෙන් ලයිව් දෙන එකය. නමුත් වැඩේ දුරදිග යන බව තේරුම් ගත් මඩ බලකාය හා සිරස, ලයිව් බ්‍රෝඩ්කාස්ටින් සියල්ල නවතා දමා පැන ගියේය.

ඇත්තටම මේ පරම්පරාව, මේ රට මෙවන් මිලේච්ඡ ක්‍රියාවලින් දශක ගනනාවක් ලේ මත පරිප්පු කෑ බව දන්නේ නැතිය. අප ඔවුන්ට අනුකම්පා කළ යුතුය. අඩු ගානේ මේ රටේ අති දරුණු ත්‍රස්තවාදී යුද්ධයක් තිබූ බවවත් මුන් දන්නේ නැතිය.

අමු ඩොන්කියකු වන සජිත්, රාජිත හා පාඨලී හැර, අනෙක් දේශපාලකයින් සියල්ලෝම, මෙවන් නායකත්වයක් සැලැස්මක් නැති, පුහු විරෝධතා තබා රට නැවත ගිනි තැබීම් වලට ගොස් ආන්ඩු විරෝධි උද්ඝෝෂණ හෑල්ලූ කරන්න එපා යැයි කීවේ ඒ නිසාය.

ඒ පිරිස අතර, මින් පෙර රට ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණද සිටීම අප අගය කළ යුතුය.

මාතලන්ට සිතෙනාකාරයට මේ ගේම් අස්සේ සජිත්ට කෙලීමේ ගේමක්ද යනවාය. එජාපයේ මැර කණ්ඩායම් දැන් ඉන්නේ සජබයේය. යම් කිසි ආකාරයකින් රට ගිනි තබා, කඩ සාප්පු කොල්ල කා රට නැවත අරාජික කළ හොත්, ලෝකයෙන් බ්ලැක් ලිස්ට් වෙන්නේ රාජිත හෝ පාඨලි නොව සජිත් ප්‍රේමදාසය.

සජබ ඇතුලේ සජිත්ට එදිරිව යන ගේමද සක්සෙස් වූ පසු, රාජිත එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බාගන්නේය. ඒ එයාගේ පුතාගේ අනාගතය වෙනුවෙන් මිස, පාඨලී රජ කිරීමටයි කියා පාඨලි සිතන්නේ නම්, පාඨලීත් හරි පව් කියා අපට කියන්නට වෙනවාය.

පපරේ විප්ලවයේදී චේ ගුවේරා කැප් එකක් දමා, වෙඩින් සූට් අන්දා, පෙරහරෙන් වැඩැම්මෙව්වේ නිකමට නෙමේය.

මිරිහානේ ගිනි තියාපු උන් සොයා ගන්නා එක ආන්ඩුවේ හා බුද්ධි අංශවල වැඩක් හා වගකීමය. නැත්නම් මුන් ඊළඟට පෙරලන්නේ ලොක්කාගේ තාප්පයය.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතිය.

ප්‍රජාචන්ච්‍රවාදයද ඒ කැටගරියට අයත් බව මහින්ද අයියාගෙන් හෝ අසා දැනගැනීම සව්භාගේ දැක්මට හොඳය..

මෙහෙම උන්නොත් සව් භාගේ නොව හත්මුතු පරම්පරාවටම කැඳත් නැතිවෙන බව උන්නැහේ කියනවා නොඅනුමානය.


ඒ වගත් මෙසේය.....