.

.

Dec 31, 2015

2015, මැට්ටෝ සහ යාං හෑලී - Good Bye 2015



2015 මොකෑ උනේ, ඇත්තටම බලාගෙන ගියාම මක්කත් උනේම නෑ වගේය. ජනවාරි 8 නිහඬ විප්ලවයෙන් හිටපු ලොක්කා ගෙදර යැව්වාට, තාමත් හොල්මන හැම තැනම කරක් ගහනවාය. ටැලිවිසොන් කාරයන්ට නම් තාමත් ජනාධිපති උන්නැහේය. සෑම ඉන්සිඩොන්ට් එකක් ගැනම එතුමාගේ අදහස විමසනවාය. එතකොට අර උගුර බල්ලෝ කාපු, ගාම්බීර වොයිස් එකෙන් එයා තවුසන් ටෝක් වගේ ලොරි ටෝක් දෙනවාය. එයා කියන්නේ එයාගේ කීර්තිය නැති කරන්න මේ ආන්ඩුව කරන්න පුළුවන් හැම එකක්ම කොරනවා කියලාය.


Dec 29, 2015

මඩු වල්ගෙන් තැලිය යුත්තේ කාටද...? - Who should be whipped with toxic stingray tails



ජනාධිපති තුමා අපේ ආච්චි අම්මාට වඩා ඉදිරියෙන්ය. මොකෝ..., උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා, මඩු වල්ගයෙන්...." කියා නෙමේය. උන්දෑ කිව්වා නම් කියන්නේ, "ඕකුන්ට ගහන්න ඕනා..., ගූ ගාපු ඉලපතෙන්.." කියාය. අපේ පවුලේ නොසන්ඩාල වැඩ කරන උන්, මා(තලන්)ද ඇතුලුව බොහෝ පිරිසක් උන්නේය. වැඩියෙන්ම පැමිණිලි ලැබුනේ, "බලන්නකෝ..., ඔහේලයි කොල්ලා අපේ කෙල්ලත් එක්ක පැටලිලා නේ..." කියනා පැමිනිල්ලය. එතකොට ආච්චි අම්මා උන්නේ අපේ පැත්තේය. උන්දෑ පැමිනිලිකරුට කිව්වේ, "ඔහේලයි කෙල්ලෝ හරි විදියට හදාගන්නෙයි...." කියලාය.

Dec 25, 2015

එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaa



එන්රිකේ ඇවිල්ලා ගියේය. පාර්ලිමේන්තුවේ ඉන්න කාළකන්නි, පැමිණීමේ දීමනාව සුපියල් 500 සිට 20000 දක්වා වැඩි කොර ගන්න යන එක පැත්තක තියලා, අපේ උන් කතා කොරන්නේ එන්රිකේගේ බෙල්ලේ එල්ලුන ගෑල්ලමයා ගැනයි, එයාට විසිකරපු බැසියරේ ගැනයිය. ඔක්කෝම ඒ ගැන කතා කොරන නිසා මාතලනුත් ඒ ගැන කතා කොරන්න ඕනා කියා සිතුවේය.

Dec 23, 2015

නත්තල් පප්පගේ ජින්ගල් බැල් එක.. (අතිශයින් වැඩිහිටියන්ට පමණමයි) - Santa Looked a Lot Like Daddy (13+)




දැන් ඉතින් මේක කියවලා මාව මරාගෙන කන්න එපා. ඉස්සෙල්ලා කයිය වගේ එක කියවලා.. ඊට පස්සේ තියෙන පල් හෑල්ලත් කියවලා ඉන්නකෝ..

Dec 22, 2015

බිරිඳ හැර ගියාද...? - Hirunika Dewa Meniyo



බිරිඳ ඔබ හැර ගියාද..?

තවත් පසු තැවෙන්න එපා.

නඩු හබ, පොලිස් පොත්,

කිසිවත් උවමනා නැත.

ආන්ඩු බලයෙන් කරනා

ඇඟ කිලිපොලා යන 

අති ප්‍රභළ ගුරුකම්.

කැපීම්, පැන්නිම්, මැතිරීම් නැත.

ඉස්සිම් පමණි..!!!

වරු තුනෙන් ඩිෆෙන්ඩරයෙන් ගෙන්වා දෙමි.

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.


විමසන්න..

පාරම්පරික ගුරුකම් විශේෂඥයෝ

නැගෙන හිරු මෙන් විශ්වාසයි, අවංකයි

ජනතා විශ්වාශය දිණූ..

හිරුනිකා සුදු මෑණියෝ..!!!

කොළොන්නාව.

ශාඛා - දෙමටගොඩ, මුල්ලේරියාව, අංගොඩ.

-x-

Dec 20, 2015

සිංහ ලේ සහ තුවා ලේ (23+) - Zoophilia & Narcissistic (13+)



අළුත් පනතක් ඇවිත් බයියෝ බය වෙලා හරි කල බො                   ලේ
හැමි නෙන්න සිං හයෝ සොය මින් ගෑණු ටික ඇත එක පෙ          ලේ
ඇෆ්‍ රිකන් සිං හයෝ සැඟ වෙති ගල් ගුහා තුල මහ කැ                  ලේ
පරික් සොන කොට හොයා ගෙන ඇත ඇඟේ ඇත් තේ සිංහ          ලේ

Dec 19, 2015

අමුඩ ගහං කොටුවට රිංගීම හා ඇන්දීමට දස්ස ජෙප්පෝ - Farmers in battlefield & JVP Fashion show



අම්මට සිරි ලංකාවේ කාලෙන් කාලෙට එක එක ආතල් එනවාය. ප්‍රජාතන්තර වාදේ දෝරේ ගලනා මේ කාළේ තියෙනා ආතල් එක නම්, හැමදාම වාගේ කොටුවේ ඉට්ටේසොන් එක ඉස්සරහා තිබෙනා, ජනරංජන මනරංජනගේ වැඩ වර්ජන හා උග්ගෝසනය. ආයෙත් බලය ඩැහැගැනීමේ කාළකන්නි සැබෑ නොවනා සිහිනයක ජීවත් වෙන රාජපක්ෂ රෙජිමයේ ගොන් බයියලාගේ මන දොල පුරවන්නට එන දොල පිදෙනී කන මළ පෙරේතයන්ය. එයිටාමතරව මක්කත් කොරේ නැත්නම් කක්කත් කොර ගන්න බැරි වේය කියනා ෆෝබියාවකින් පෙලෙනා, ජෙප්පන් හා පසුගාමි සැට් එකය.

Dec 18, 2015

නිමී...!!! - All Over...!!!




Hi Wicha & Mathe,

THANK YOU VERY MUCH both of you graciously agreeing to close the episode

We are planing to arrange a meet in next few days.

Let's have a good laugh about it. Shall get back with the date.

Ian & Pra Jay

*******************************************************************

Thanks Guys,

To respect lovely friends like u.

I will delete the post ASP

*******************************************************************

To Ian, Pra, Chefaki, Wicha and all of my good friends.

BLOGING IS A WONDERFUL PLACE WITH A FRIENDS LIKE YOU......!!!



දැන් ඉතින් කුලියට කහින උන් නාපියව්...



-x-



Dec 16, 2015

ආර්ථික විජ්ජාව නොදත් බැංකු කරුවෝ - Stupid Bankers of Siri Lanka



අය වැය ගැන මාතලන්ගේ බොක්කක් මෙන්ම බෑන්කර් කෙනෙක් වන, "විසිටර් වී" නොහොත් "මදාවියා" විසින් ලියනා ලද අපූරු විග්‍රහයක් "විසිටර් වී" බොගේ පල උනේය. සමහර විට ඌ ඒක ලියන්න ඇත්තේ අය වැය ගැන ලියන්නෙයි කී ඉල්ලීම නිසා වෙන්නත් පුළුවන්ය. ඒ ළිපිය කැමති එකෙකුට <<මෙතනින් බලා ගන්න පුළුවන්ය.>>

Dec 15, 2015

ජෙයපාලන් පයිත්තියමා...? - Please don't come Jeya



ජයපාලන්
පයිත්තියමා ඩා
එන්න කරච්චල් ඩා
මේක අස්සේ
රිං ගන්ඩා


Dec 10, 2015

රට ගොඩ ගැනීමට නව පක්ෂයක් - New Party to build Sri Lanka



නිදහසින් පසු බිහිවූ කිසිඳු රජයකින් මේ රටට කිසිඳු යහපතක් සිඳු නොවූ බැවින්. කඩිනමින් මේ රට දියුණු කිරීම සඳහා නවමු පක්ෂයක් බිහි කිරීමට ගරු බුහුමුනට ලක්වූ ශ්‍රේෂ්ඨ ලක් පුතුන් රැසකින් සමන්විත පිරිසක් කටයුතු කර ගෙන යන බව ප්‍රකාෂ කරමින්, අති විශේෂ පුවත් පවත් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.වාර්ථාවේ.

Dec 8, 2015

දූෂණය, ඇවිදීම, සිනාසීම හා ඇදගෙන නෑම - Fight Against Corruption



මහින්ද මහත්තයාගේ කාළේ, මහින්ද මහත්තයාගේ බඩ මිරීකීම්, දරුවන් වඩා ගැනීම්, කොටහලු ගෙවල් වල යාම්, බෝත් ඩේ පාටි වලට යෑම්, විවාහ රෙජිස්ටාර් කාර්යයන් වගේ, ඉතා බාරදූර රාජකාරීන් කොරනා අතරේ, ජනතාවට ආතල් දීම සඳහා වෙනම අන්දරේලාද පත් කර තිබුනේය. ආචාර්ය මර්වින් සිල්වා සහ මහාචාර්ය බන්ධුල ගුණවර්ධනණ මුල් පෙලේ එන්ටර්ටේන්මන්ට් පොරවල් විය.

Dec 5, 2015

බයිපෝලා, ගල් කේස් හා නෝ ප්ලේස් - Bipolar, Stoning & House Maids




පොලිටික්කන්ට බයිපෝලා (Bipolar) හැදිලාය කියා කිව්වාම එක පාරටම හිතුනේ,මහ බයියා ප්‍රමුඛ කම්බා හොර රැලට හැදෙනා ලෙඩක්ය කියලාය. ඒත් වත්මන් ඇමති මන්ඩලේ උන්ටත් තියෙනවා කියා කිව්වාම, මාතලන් කවදත් කියන්නේ ඇත්ත නේද යකෝ කියලා පොඩි මෙව්වා එකක් ආවේය. ඒ කියන්නේ යහපාලන ටොයියෝ අතරෙත් බයියෝ ඉන්නවාය කියා එදා ඉඳන් කියනා කතන්දරේය.

Dec 3, 2015

දොස්තර, පහිද කොකෝ? - Doctor. Who?



දොස්තරලා ඉට්ටැයි කලේය. ලෙඩ්ඩුන්ට කෙල වෙලාම ගියේය. ඒ දුප්පත් ලෙඩ්ඩුන්ය. හැන්දෑවට චැනල් ඉට්ටැයික් එකක් නැතිය. එතනින් ඇඟට පතට, හිතට ගතට මෙන්ම, පෝස් වොලට් වලටත් දැණෙන, බෙහෙත් ගන්න පුළුවන්ය. එච්චරටම නැති උන්ට, කණකර බැංකුවේ තියා හෝ හන්දියේ ඩිස්පැසරියේ නෝනාගෙන් හෝ මහත්තයාගෙන් බෙහෙත් ඩිංගක් ගන්න පුළුවන්ය. ඕනෑම නම් පාමසියෙන් ගන්න බෙහෙත් ඩිංගක් ඉල්ලා ගන්නත් පුළුවන්ය. එහෙම දුන්නේ නැත්නම් ඩොකා අවුල්ය.

Dec 1, 2015

බස්සිගෙ හීන, ඇහිඳින්න එන්න - An Interview with Bassi



යසෝධා සම්මානි.. අළුතෙන් බයිලා ගහලා හඳුන්වලා දෙන්න ඕන නෑ.. මේ නමින් දන්නේ නැත්නම් "බස්සි" කියන නම කිව්වම සයිබරේ ඉන්න ඕන එකෙක් දන්නවා. ලියන්නේ අමුතුම ඒවා. හිතන්නෙත් අමුතු විදියට. මාතලන්ගේ දැක්ම අනුව නම් දැනට බොග දාන උන්ගෙන් ඉන්න හොඳම බ්ලොගර් කිව්වට කිසි අවුලක් නෑ. එයාට චැලේන්ජ් එකකට උන්නේ "අපූර්වී ඔමාය". ඒත් දැන් ඒකී ලියන්නෙ නෑ. ලියනවා නම් කිසි අවුලක් නැතිව ජාත්‍යන්තරයටම යන්න පුළුවන්.

Nov 25, 2015

ISIS ලාත් අරිනකම්ම බලාගෙන ඉමුද - දැන්ම ළෝගූ ගලවමුද ? - ISIS Crisis


සෝභිත හිමියන්ගේ මරණය කන වැකී, වතුර බෝතල් දන් දීමට පැමිණි විදේශිකයින් පිරිසක්...
ළිපිය සෑහෙන දිගය. ඒ ගැන කමා කොට මුල සිට අග දක්වා කියවා පමණක් කොමෙන්ට් කොරන්න.

මාතලන්ගේ පල් හෑල්ල කියවීමට පෙර, "සත්හඬ" වෙබ් අඩවියේ පලවූ මෙම ළිපිය කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවාය. මේ ගැන කලින් දන්නවා නම්, කෙලින්ම මාතලන්ගේ පල් හෑල්ල කියෙව්වාට අවුලක් ඇත්තේ නැතිය.

Nov 23, 2015

වෙනස මාරයි, බීලා හමාරයි - ගල් බලකායේ තේමා ගීය (23+) - New Version



ගල් බෝතලේට කෙලලාය. එක සැරයක් කෙලියාට අවුලක් නැතිය. ඒ ප්‍රී බජට් හුට පටේට අපි රෙඩි වෙලා ඉන්නේ, මේ අවුරුද්දේ වැඩි කරපු දා පටන්ය. මුන්ගෙ අම්මලාට හැමිනෙන්න, මේ සැරේ දෙසරයක්ම කෙලලා ඇරලාය. ගල් ගහන්නේ උන් වගේ රට බීම බීලා ආතල ගන්නා සෝසල් ඩ්‍රින්කින් පොරවල් නෙමේය. මාතලන්ලා වාගේ එදා වේල ටුවරිස්ලාය. හැන්දෑවට ඇඟේ පතේ අමාරු ඇර ගන්න මිස, වෙන රෙද්දකට නෙමේය.

Nov 21, 2015

අය වැය හා පරණ කාර් එකක් විකිණීමට තිබේ - Budget 2016 & Car For Sale



ඒ කාළේ අපේ වැඩිහිටියෝ පොඩිහිටියන් නින්දට දාන්නේ, සුරංගනා කතා කියලාය. කොහේවත් නැති පිච්චු පීකුදු ළෝකයක් ගැන කියනා කතා, බොක්කටම දාගෙන, ඉබේම නින්ද ගියාම, අර කතාවේ තිබුන ළෝකයේ හීනෙන් ජීවත් වෙන්නට පුළුවන්ය. ඊට පස්සේ වැඩිහිටියෝ උනාම, පූජේමී බුද්ධං කුසුමේන නේන කියා, මල් පූජා කිරීමෙන් ඒවන් ළෝක වල සැරිසැරීමේ භාග්ගිය උදා වෙනවාය.

Nov 19, 2015

රණ තිසරු - Big Breasts



"තනුජා ලුම්බිනි", බුකියේ ඉන්න, පට්ට ටැලන්ඩට් ගෑල්ලමයෙක්. කයි පද පඳිනවා හිටු කියලා. නව පරපුරේ අපූරූ පද පෙල ගැසීම්, කාලීන මතවාද, සංවාද ගැනත් මේ ගෑල්ලමයා බොහෝම සංවේදීයි. මේ අපූරූ නිර්මාණය මම කලින් රස විඳලා තිබුනා. මේකට එයැයිට සම්මානෙකුත් හම්බෙලා. 2011 යූත් ඇවෝඩ් එක හම්බෙලා තියෙන්නේ මේකට. ඉතින් මේක බොගේ දාන්නද ඇහුවාම කිසිම ලෝබ කමක් නැතිව, අනේ දාන්න මෙයා කිව්වා.

Nov 15, 2015

සූර පප්පලා මොනවා කරයිද...? - asterix & obelix take on ISIS

ලාංකීය සමාජය තරමටම බිඳෙන-සුළු (fragile), ලාංකීය සමාජය තරමටම මරි මෝඩ සමාජයක් තවත් ඇතිනම් ඒ ප්‍රන්ස සමාජයයි. 9/11 සිද්ධීන් ගෙන් පසුව ඇමෙරිකාවේ හෝ 7/7 සිද්ධීන්ගෙන් පසුව ලන්ඩනයේ දක්නට ලැබුණු සාපේක්ෂව පරිණත හැසිරීම ප්‍රන්සයෙන් බලාපොරොත්තු වීම මෝඩ කමකි. ප්‍රන්සයේ වෙසෙන්නේද (ලංකාවේ මෙන්ම) තොප්පියක් බිම වැටුණද එකිනෙකාගේ බෙලි මිරිකා ගන්ට සූදානම් පිරිසකි. "වගකීමෙන් යුතුව හැසිරීම" කියා දෙයක් ලංකාවේ සේම ප්‍රන්සයේද නැත. පසුගිය දින දෙකක කාලය තුළ ඔවුන්ගේ හැසිරීමම ඊට මනා නිදසුනකි.

Nov 11, 2015

එක්ස්ප්‍රස් වේ බස් එක යට ආදරේ - I love you under the Expressway Bus



පිඳුම - පින්තූරය ලබා දුන් "ප්‍රා ජේ" මහතාට...

මාතරින් කොට්ටාව,
පැයයි අධි වේගයෙන්..
සුදෝ මුන් ඉගිල යයි, 
විදුලි සැර වේගයෙන්..

මගේ පන ළඟට වර..
බදාගෙන මගේ කර ..
වරෙන් සුදු තව ළඟට,
ලිප්ස් වලට කිස් දෙන්ට..


Nov 10, 2015

ටීචර්ලාගේ බුරිය වැනුම හෙවත් ටීචලාංකාරය - Teacher's Belly Button



ප: ලි:

පසුව ලියමි කලින් ලියන්න උනේ මේකයි... මේ කවි පෙල මාතලන්ට හොඳට හුරු පුරුදුයි.. ඒත් හරි මතකයක් තිබුනේ නෑ.. සයිබරේ හෙව්වහම ආපු එක තමයි ඔය පෝස්ට් එකේ දාලා තියෙන්නේ.. ඒත් කකා තමයි කිව්වේ මේක පොඩි මෑන්ගේ කියලා.. එතකොට තමයි මතකෙට ආවේ.. පොඩි මෑන් මේවා ගනන් ගන්න එකක් නෑ.. ඌ කොහේ ගියාද කියලා දන්නෙත් නෑ.. << මෙන්න තියෙනවා ඔරිජිනල් එක...>>

එළ හරක්ගෙයි මී හරක්ගෙයි ආන්ඩුවේ මහ ඇමතිවරුන්ටත් තියෙන්නේ මාර පුරස්නය. අජ්ජාපනය, බල්ලගෙ ගූ බෙට්ටටත් එහා ගිහින් තියෙන වෙලාවේ, මහ ඇමතියෙකුට පුරස්නේ වෙලා තියෙන්නේ ටීචර්ලා බුරිය පේන්න අඳින එකය.

Nov 8, 2015

තැටිය නිමුනා, රොටිය කර උනා.. සුබ ගමන් හාන්දුරුවනේ..!! - RIP (Return If Possible) Sobitha Thero



ලංකාව කියන්නේ, කොයි තරම් ගෝත්‍රික රටක්ද කියන එක ආයෙත් ඔප්පු උනා හාන්දුරුවනේ.
ඔබ වහන්සේලා උදේ ඉඳන් මහ රෑ වෙනකන් බන කිව්වත්, බුද්ධාගම කියන්නේ අහිංසාවාදි දර්ශණයක්ය කිව්වත්, කෙනෙක් මැරුණම, කෙනෙක්ගේ විපතකදි ඒ ගැන සතුටු වෙනවා නම්. ඒ ආගම සත්‍යවාදි එකක් වෙනවද හාන්දුරුවනේ.
මුන් තමන්ගේම නායකයෙක් වෙච්චි ප්‍රේමදාස මල වෙලාවේ රතිඤ්ඤා දාපු උන් හාන්දුරුවනේ.
ප්‍රභා මලාම කිරි බත් කන එක අහන්න දෙයක්ද හාන්දුරුවනේ. ඌ දෙමළා නේ හාන්දුරුවනේ.
ඌ කමක් නෑ කියමුකෝ, ඌ ටෙරා නේ හාන්දුර්වනේ.

Nov 7, 2015

මගේ පන.. මගේ මාර පන - My Life, My Soul, Your Money, My Petrol




බයිලා, විරිඳු හෝ ඕන මළදානෙක තාලෙට කියා සැනසෙන්න... වෙන කොරන්නට දෙයක් නැතිය...

අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
පිස්සු කෙලති ආ..න්ඩු පෙර ලෙනවා බලාලා
අයියෝ මේ පොලෝසියේ පිස්සු බුවාලා

පන පන පන මගේ පන, උඹ නම් මාරයි පන ....//


Nov 4, 2015

වෙපන් ට්‍රේනින් ලබා දිය යුතුමය - Weapon Training for Donkeys


අර අනාවැකි කියන අන්ධ කොලුවා කියනා විදියටම, රනිල්ට මේ පාරත්, අම්බානක කාලා, හත් පොලේ ගාගෙන, ළඟදීම ආයෙත් විපස්ස නායක රෝල් එක රඟපාන්නට ලැබෙනා එක නම්, ඉර හඳ මෙන් විස්වාසොය. ඊළඟට පත්වන් ආන්ඩුවේ අගමැති මහින්ද වූවද, ටොයියෝ නිකං අපරාදේ පපුවේ අමාරු හදා ගන්න ඕනා නැතිය. සිරා සහ මරා යන්නේ ඒ ගේමටය. රනිල් වාගේ අයට ඒවා නොවැටහීම, ඇත්තටම මේ රටේ අවාසනාවය. කොහොමත් රනිල්ගේ ඉල්ලා ගෙන කෑම, අත් අරින්න බැරි හැබිට් එකක් ගානය.

Nov 2, 2015

අවම බලය, යහ පාලනය හා ගව පාලනය - Yahapaalanaya, Cowboys & Minimum Force


යහ පාලනේට අවුරුද්දක් යන්නත් කලින්, සිසු උද්ගෝසනේකට පොරි හැලෙන්නම දුන්නේය. ඒ අතින් නම් මේ ආන්ඩුව පට්ට ග්‍රේට්ය. දැන් ඉතින් ඊළඟට එන එකාට කන්න වෙන්නේ, රීප්ප පටි වලින් බැටන් පොලු වලින් නොව, මීගමුවේ ඇන්ටනී කාපූ, කටුනායක රොෂේන් චානක කාපු, රතුපස්වල රවිශාන් හා අකිලලා කාපූ ඒවා වලින්ය. ඒවායෙන් කෑවාම, ඇක්සිඩන්ට් වෝඩ් ගිහින් කෑ ගගහා අම්මලාට කතා කොරන්න ඕනා නැතිය. කෙලින්ම මෝචරියට ගිහින්, ආන්ඩුවෙන්ම දෙන පෙට්ටියක සැතපිලා, නිවනේ සැනසෙන්න පුළුවන්ය.

Oct 29, 2015

රුවන්ගිගේ තනේ...., රට පුරාම වැනේ... (23+) - Ruwangi's Cleavage



යුරේනිගේ පෑන්ටී කේස් එකේ රස්නේ නිවෙන්නත් කලින් අම්මට සිරි ලංකාවේ සදාචාරවාදී (අමු වනචර) සත් ගුණවත් මහත්වරුනට (ගෝත්‍රික රැලට) තවත් ටොපික් එකක් මාට්ටු වෙලාය. යුරේනිගේ පෑන්ටිය අස්සේ රිංගු මේ ගෝරිල්ලන් රැල, මේ වර එල්ලෙන්නේ නව පරපුරේ සුන්දර නිලියක් වෙන රුවන්ගිගේ තන් දෙකේය. එහෙම එල්ලෙනා උන් රුවන්ගිගේ මේ පොටෝ එක දැකලා නැති උන් වෙන්න ඕනාය. ඕකේ නම් ඊටත් වඩා එව්වා මාතලන්ට නම් පේනවාය.

Oct 28, 2015

චන්ද්‍රිකාව කඩා වැටීම බටහිර කුමන්ත්‍රණයක් - Satellite falls is a western conspiracy


නුදුරේදි ලංකාවට කඩා වැටීමට නියමිත චන්ද්‍රිකාව, බටහිර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ජාතික නිදහස් පෙරමුණේ බුද්ධි අංශ මගින් බොහෝ කළකට පෙර තහවුරු කරගෙන ඇත. මේ පිළිබඳ මුලින්ම කරුණු අනාවරනය වී ඇත්තේ රාජපක්ෂ පාලන සමයේදීමය. 

Oct 26, 2015

සේයා, දරුවන් පණ මෙන් සුරැකුම හා පිස්සෝ - Seya & Our Political Children


මේ පින්තූරයට මාතලන් පට්ට ලයික්ය. මොකෝ අපේ රටේ පිස්සෝ සෙට් එකක් පහුගිය දොහක, නිදහස් චතුරස්‍රයේ අමු පිස්සුවක් කෙලියේය. මේ පින්තූරේ ඉන්නේ, ඒ උත්සවයට ආපු පිස්සන්ගෙන් හොඳම සැට් එකය. පිස්සුව කෙලියේ, "දරුවන් පණ මෙන් සුරකිමු" කියලාය. අපේ රටේ පොඩි උන් පවා, මේ වාගෙලාට හොඳටම පිස්සු කියා දන්නවාය. ඔය පිටිපස්සේ පින්තූරවල ඉන්නා පොඩි උන් මුන් දිහා බලාගෙන හිනා වෙන්නේ, මුන්ගේ මේ මඤ්ඤං දැකලාය.

Oct 24, 2015

ටැපික් පොලිස් හා වැස්ස - Bloody Rain



චිහ්...!
මේ කුණු වැස්ස...

දැන් දවස් කීයක්ද..?

ජීවත්වනු කෙලෙස, 
එදිනෙදා
 (ගතමනාව)
සොයන් රැකියාවක්
කරනා
අසරණ
මිනිසුන්...!!!

-0-

Oct 23, 2015

සෙංකෝළය උස්සාගෙන දුවන සුනඛයෝ - Bullshit in Parliment



අනේ ගොනෝ..!!!
දැන් කී සැරයක් නම්,
තෝ...
ඉල්ලා අස් උනාද?
සෙක්කුව ළඟට ගිහින්,
කාපිය පුනක්කු.
තනියෙන් බැරිනම්,

වයිමත් එක්ක...

Oct 21, 2015

මාධ්‍යට බිය වීම හා යහපාචනය - Social Networking Phobia & Yahapaachanaya



මේ ආන්ඩුව, බයියන් කී ලෙසම එකම කැඳ හැලියකි. පිස්සු විකාරයකි. තිබූ ඒකාධිපති වියරුවේම දිගුවකි. දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, ඥාතී සංග්‍රහ එලෙසමය. ජෝකරයන්ද වැහි වැහලාය. එකම වෙනස නම්, පසුගිය සමයේ, රජා රජකම් කළ අතර, කවටයන් කවට කම් කලද, මේ පාන්ඩුවේ, මහ රජාද නොම්මර එකේ කවටයකු වී සිටීමයි. රජ්ජුරුවන්ද චාල් චැප්ලින්ට ඇඳ ඇත. ජැක්සන්ගේ නවතම සිනමා නිර්මාණ ප්‍රචාරක පටයේ මෙය අපූරුවට විග්‍රහ කර ඇත. ජැක්සන්ගේ භූමිකාව ගැන කුමන මතයක් තිබුනද , ජැකා කියලා තියෙනේ සහතික ඇත්තය. ජනපතිවරයා දක්ෂ කතිකයකු වුවද, කියන්නේ මොනවාද කියා එතුමා දන්නේ නැත.

Oct 18, 2015

කරුණා අම්මාන් අත් අඩංගුවට...? - Karuna Arrested...?


මෛත්‍රී මරා දැමීම සඳහා බෝම්බ තැබූ බව පිලි ගත්තේ රහස් පොලීසිය තමන් නිර්වස්තරයෙන් එල්ලා පහර දී එසේ ප්‍රකාෂ කරන ලෙස බල කල නිසා බවත්, ඇත්තටම බෝම්බේ තිබ්බේ කරුණා බවත් පිල්ලෙයාන් විසින් ප්‍රකාෂ කිරීමෙන් පසු, විශේෂ අධිකරණ නියෝගයක් යටතේ කරුණා අම්මාන වහාම අත් අඩුංගුවට ගෙන ඇත.

Oct 17, 2015

Oct 15, 2015

වෙලේ සුදා, කොළොන්නාවේ සුදා, මීගමුවේ සුදා හා රටේ වෙදා...



වෙලේ සුදා ගැන නොදන්නා එකෙක් අද මේ රටේ නොඉන්නට කොහොමවත් නොහැකිය. කොළොන්නාවේ සුදාද පොරසිද්ද් පොරකි, මීගමුවේ සුදාද ඉස්සර සිට ගේමේ ඉඳ දැන් තද පොරක් වී සිටිති. ඒත් කව්ද මේ රටේ වෙදා? සාමාන්නියෙන් රටේ වෙදා කියන්නේ නොම්මර එකේ ගල් ආඳන්ටය. 

ආඳෝ කියන්නේ එකසිය ගානට ලිස්සන මාළු වර්ගයක්ය. ඕනම දේකින් හීන් නූලෙන් ලිස්සලා යන උන්ට කියන්නේ ආඳා කියලයා. ගල් ආඳා කියන්නේ ඒකේ හොඳම එකය. රටේ වෙදා කියන්නේ ඕනම දෙයකට බෙහෙත් දන්නා ඒ වගේ නොම්මර එකේ ගල් ආඳාන්ටය. ඉතින් කව්ද මේ ගල් ආඳා. වෙනේන් කවුරුවත් නොව අපේ ජනාධිපති තුමාමය.

Oct 12, 2015

ඇත්තටම ලංකාවට නිදහස ලැබුණේ කවදාද? - When we achieved independence?



- චානුක වත්තේගමයන්ගේ ළිපියකි - 

සියයට 99 ක් අපේ රටේ 'පොඩි මිනිහාට' නම් තරමකට හෝ සිය හිස කෙළින් කොට ගෙන දෙපයින් නැඟී සිටීමේ නිදහස මුල් වරට ලැබෙන්නේ 1833 දීය.

එතෙක් ඔහු කළේ තමන්ට කියා බිම් අඟලක් වත් නැතිව පාලකයින්ට දිවි ඇති තුරා නිවට නියාලුව කඹුරන එකය. රදළයා රැගත් අසු කුර හඬ ඇසුණු සැණෙකින් කස පහරට බියෙන් සාළුව කරින් ගෙන ලැහැබට රිංගන එකය. නිවසේ හුණු පිරියම් කර ගැන්ම පිණිස "පස්වාන් දහසකට බුදුවන්ඩ දෙයි හාන්දුරුවනේ..." කියා රදළයාගේ දෙපාමුළ ඇද වැටී අවසර ලබා ගන්නා එකය. දෙවුර වසන්ට අවසර නැති ගැමිලිය රුවැති දියණියන් රදළයාට බන්දේසියක තබා පිදීම තම ඉරණම සේ තකන්ට පුරුදු වූ ගැහැණියකි.

Oct 11, 2015

යුරේනිගේ පෑන්ටිය, සමන්තාගෙ ජංගිය හා සීයාගේ අමුඩය (23+) - Brief, Thongs & Grandpa's Amude (13+)


හැමදාම කලටිපොල් නොහොත් පොලිටිකල් නොහොත් දේසපාලනේ ලිය ලියා ඉන්නේ, වෙන එකක් ලියන්නෙ නැද්ද ඕයි කියා කීපදෙනෙක්ම ඇහුවේය. එකෙක් මේල් එකක් දාලා තිබ්බේ ඉස්සර වගේ පඩ කතා, චූ කතා, ජොක්කු කතා, ලියන්නේ නැද්දෝයි කියලාය. ඇත්තටම ඌට මල හොඳම එකෙන් පැනලා තිබුනේය. ඒ උන්නැහේට කියන්න තියෙන්නේ, මා(තලන්) ඔය වගේ ජරා කතා කවදාවත් ලිව්වේ නැතෙයි කියලාය. ඒවා ලිව්වේ මා(තලන්)ගේ ගුරු ජී නොහොත්, කතන්දර නොහොත්, රසිකලොජිස්ට් මහතාය. අපි කලේ, එයා ලියපු ඒවාට උල්පන්දම් දීම පමණක්මය.

Oct 9, 2015

මහින්දාගමනයෙන් අප ලද දේ.... - Mahindanism


අම්මට සිරි ලංකාවේ බොහෝ දේට නම් තබා තියෙන්නේ නිවැරදි ලෙස නොවේය. වත්මනේ රටේ ජාතියේ පිනට පහලවනා, උගත් බුද්ධිමත් සම හරක් පාලකයන් ඒවා වෙනස් කිරීමෙන්ම ඒ බව පැහැදිලිව පෙනෙන්නේය. උදාහරණයක් නම්, මෙතක් කල් වනයේ සිටින අලින් හැඳින්වූයේ වල් අලීන් ලෙස බව පෙන්වා දිය හැකිය. වල් අලි ඉන්නේ හිරිකිතේය. සමාවෙන්න හිරිකොතේය. වන අලි ඉන්නේ වනයේය. ඒ අතරේ ධර්මද්වීපය නම් නම් ලද පින් බිමක, සල් වන අලි කියා අලි වර්ගයක් ඉන්නා බවටද වාර්ථා ලැබෙමින් පවතින්නේය.

Oct 2, 2015

කොන්ඩයා මෙන්ම පොලිස්පතිද එල්ලා මැරිය යුතුය - Justice should not only be done but should manifestly



සේයාගේ ඛේදවාචකය මැකී යාමටත් මත්තෙන් නැවතත් කොටකෙතන වෙත පඩත්තල ජනමාද්දියවේදින් කෙල පෙරාගෙන මිනී මස් කන්නට දුවමින් සිටී. දැන් මෙය ධර්මද්දීපයක් නොව නොම්මර එකේ මිනී කන්නන්නේ දේශයක් වී ඇත. මිනී කන්නන්ගේ දේශයකටත් වඩා, මළමිනී කන්නන්ගේ දේශයක් යැයි කීවොත් වඩාත් නිවැරදිය.

Sep 30, 2015

පොළොන්නරුවේ නයිට් රේස් - Pulathisi Night Race



යහපාල මහත්මයා නොහොත් ළොකු සිරා තුමාගේ පුත්, පොඩි සිරා නිව් යෝක් ගිහින් හෙන ගිනි විජ්ජුම්බරයක් වෙලාය. ඒ අස්සේ යහපාල තුමා සමුළුව ඇමතුවේ හින්ගලෙන්ය කියා මහින්ද මහත්තයාගේ කෑල්ලක් වන අපේ හාමිනා පත කින්ඩියක් දැම්මේය. අපේ හාමිනාට, මහින්ද මහත්තයා ඕකේ හින්ගලෙන් ඉතරක් නොව, දෙපැත්තේ වීදුරු දෙකෙන් බලාගෙන දෙමළෙනුත් පොරි හැලෙන්න දුන්නා අමතක වෙලාය. ඕක එයාගේ වැරැද්දක් නෙමේය. අපේ හින්ගලයාගේ හැටිය.

Sep 21, 2015

එල්ලුම් ගහේ තීරණය බූරුවන්ට - Donkeys will take a desision !!!



යහපාල තුමා අපිට බෝලේ පාස් කොරා කියා අජිත් පෙරේරා නියෝජ්ජ ඇමති තුමා කියා තියෙනවා දැකලා හනිකට ගොහින් නිව්ස් එක බැලුවේ, මේ හොරු අල්ලන එකක් හරි කොන්ස්ටිටියුසොන් එකේ ගේමක් හරි කියලාය. ගිහින් බැලුවාම පුකෙන් හිනා යන සීන් එක කියන්නේ, බෝලේ පාස් කොරලා තියෙන්නේ එල්ලා මරණ එක පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් පිරිසට බාර දීලා තියෙන කේස් එකක් ගැනය. හැබයි ඉතින් ඔය වැඩේට ගමේ නම් කියන්නේ බොලේ පාස් කොරනවා කියලා නෙමේය. බල්ලාගේ වැඩේ බූරූවාට කියනවා කියලාය.

Sep 18, 2015

සාහිත්ත මාසෙට පොත් - Books to Read



සාහිත්ත මාසෙට හැම අවුරුද්දේම දාන පොත් ලයිස්තුව මේ පාර දැම්මේ නැත්තේ ඇයි කියා කීප දෙනෙක් අහලා තිබුනාය. ඒ නිසා මේ සාහිත්ත මාසෙට බන්ඩාරනායක සම්මන්ත්‍රොන සාලාවෙ තිබෙන පොත් මංගල්ලෙන් ඔහේලාට තෝරා ගන්න පොත් ටිකක් කියනා එක මාතලන්ගේ යුතු කමක්ය. ඒ නිසා මේ පොත් අමාරුවෙන් හෝ හොයාගෙන කියවන්න කියලා ආදරයෙන් මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවාය.

Sep 15, 2015

පට්ට රටක් ඕයි.... - What a Country...!!!



අන්බානක් බිසි වූවද එහෙ මෙහෙ යනාතරේ වයර්ලැස් එකේ අපූරු වැඩ සටහනකට එහෙන් මෙහෙන් කන් දෙක ඔබාගන්න ලැබුනේය. මොකක්දෝ බඩකඩුත්තුවක යන වැඩ සටහනේ නම "රට යන අත"ය. වැඩසටහට ඕනම එකෙකුට කතා කරන්න පුළුවන්ය. අද කතා කරේ කොටදෙනියාවේ කිරි දරුවාගේ ඝාතනය ගැනය. කවුරුන් හෝ ඒ අහිංසක දරුවා අති අමානුෂික ලෙස ඝාතනය කොරලා අවසානය. 

Sep 11, 2015

ලැයික් කොරන්න... - Please Click Like



මෙන්න මගේ පික්චැර් එක,
ලැයික් කොරන්න..
පවුලට පොඩි එකෙක් ඇවිත්,
ලැයික් කොරන්න..
ආච්චිගේ මල ගම අද,
ලැයික් කොරන්න..
අම්මා අප්පා මලා උනත්,
ලැයික් කොරන්න..


Sep 7, 2015

මහා නා යකුනේ... රකින්නේ මෙහෙමදෝ සාසනේ - Child abuse in the name of religion



- නිමිත්ත - 

කිරි දරුවකුගේ හැඩිම තරම් අමිහිරි නාදයක් මාතලන්ගේ සවනට තවත් නැත.. මේ කිරි දරුවාගේ හැඬිම දරාගත නොහැකිව අතිශය වේදනාවෙන් සහ ආවේගයෙන් ලියමි...



අනේ බුදු හාමුදුරුවනේ !
සතර වරම් දෙවි වරුනේ !
මහා නා යකුනේ,
රකින්නේ මෙහෙමදෝ 
සාසනේ...!!!

Sep 5, 2015

කොකා කෝලා, දෙමළා සහ බයියලා - Coca Cola, Tamils & Barbarians



හැමදාම කියනවා වාගේ, අම්මට සිරි ලංකව මහා අමුතු රටක්ය. ඉන්නෙත් අමුතුම ජාතියේ පොරවල්ය. කරන්නෙත් අමුතු ජාතියේ වැඩය. මෙහෙම රටක් තියෙනවා කියා, ඉන්දියාවේ උන් දන්නෙත් නැතිය. ඒ උනාට මේක ළෝකෙන්ම උතුම් රටය. මේ රටේ නැති දෙයක් නැතිය. ඒ උනාට ඇති දෙකුත් නැතිය. ඔක්කෝම අනුන්ගේය. ජාතියත් ඉන්දියාවේ සිංහයකුගේය. ආගමත් එහෙන්ය ධර්මාශෝකගේය. දෙයියොත් එහෙන්ය. කොටින්ම රාවණාත් වාල්මිකිගේය. වාල්මිකිත් ඉන්දියාවේය.

Sep 4, 2015

අයියෝ විමලේ....!!! - I O Wimale....!!!



අයියෝ විමලේ,
පට්ට යහපාලනේ නේද විමලේ,
දැන් ඉතින් බූරුවන්ට තප්පුලන්න බෑ නේද විමලේ,
වඳුරන්ට රිලවුන්ට පිණුම් ගහන්න බෑ නේද විමලේ,
රජා උඹට කඩුව දීලා කෙලව ගත්තා නේද විමලේ,
උබ මැස්සන්ට දෙන්න කියලා දීපූ පාරෙන් රජා මළා නේද විමලේ,
බල්ලෝ මලාම මැක්කොත් මැරෙනවලු විමලේ,
රජාගේ උන් දැන් කියන්නේ උබයි ගොනයි නැත්නම් උන් දිණුම් කියලා විමලේ,