.

.
Showing posts with label Presidential Election 2024. Show all posts
Showing posts with label Presidential Election 2024. Show all posts

Sep 23, 2024

අන්‍රයියා වෙත ලියමි....

 


2024 - 09 - 24


අන්‍රයියා වෙත ලියමි

➖➖➖➖➖➖❤️➖


තෙරුවන් සරණයි !


මුලින්ම අන්‍රයියාට ස්තූතීවන්ත වන්නේ.... ඔහේ හා එක්වීමට පැමිණි ඩලස් කොටා, රිලාසිරි හා පාඨලී වැනි දේශපාලනික වශයෙන් අනාත.. වදකහ ගොබ්බයන් පැලවත්ත පැත්ත පලාතේ වැද්දා ගන්නේ නැතිව... තනිවම ගහපු ගේමටය. එය එදා මෙදා තුර ලංකාවේ කිසිම වාමාංශිකයකුට හෝ ලබාගැන්මට නොහැකි වූ සුවිශේෂී ජයග්‍රහණයක්මය.


අනික් ඉල්ලාගෙනම කෑ හාල්පාරුවෝ... මේ මූසල කොඩිවින හැත්ත ඔඩොක්කුවේ දාගත්තේ උත්සව තියලා ඇග්‍රීමන්ටුත් ගසලාය. ඒ ඇග්‍රීමන්ට් ගහන්නේ මක්කටෙයි කියා ඔහෙයි මායි දැනගත්තාම හොදටෝම ඇතිය. ඕකුන්ට ඕනා රට ගොඩගැනිම නොව ඕකුන්ගේ බෑන්ක් එකවුන්ට් ගොඩගැනීමය.


ඒ නිසා සංධාන අරදාන මේදාන මළදාන නැති ඒ ජය.... මාවර්ලැස්මය, ඇක්සලන්ට්‍මය, ග්‍රේටස්ට්ය.


ආදරේට අන්‍රයියා කිව්වාට ඔහේ මට වඩා බාලය.. හැම පක්ෂයේ වගේම ජෙප්පෝ අතරේත් මගේ ප්‍රියතමයෝ සිටියේය...  ලාල්, සමන්ත විජ්ජාරතන හා අන්‍රයියා ඒ අතර හෙටත් ඉන්නේය.. ජනපතිවරණය හැර අනෙක් චන්ද වලදි ඔහේලාට චන්දෙත් දී තිබුනාට.... ඔහේලා අපට එපාම කරලා දැම්මේ ඔහේගේ බුකි බලකායය. 


ඔහේට ඔවුන්ගේ Coprophagia රෝගයට පිළියම් කළ හැකියාවක් තිබුනේ වී නම්..... ඔහේගේ චන්ද පෙතිසතේ මීට වඩා වැඩි කර ගන්නටද හැකියාවක් තිබුනේය.


කෙසේ හෝ ඔබ ජනා වේ යැයි කියා මා කිසි දිනක සිතුවේ නැතිය. අවංකවම මා හිතුවේ ලක්ෂ 25 ක උපරිමයක් ලැබේය කියලාය. එහෙත් ඔහේට වගේම අපටද ගණිතය බැරි බව අද ඔප්පු වී අවසානය. වැඩේ හරියටම කළේ යූ ටියුබ් සුදා විතරය. හැමෝම ඌට බැන්නාට මම ඌට මක්කත්ම නොකීවේ එනිසාය. ඌ පෙන්නුවේ මහපොලොවේ පැවති යතාර්තයය.


එහෙත් ඔහේ මේ ඔක්කෝටම වඩා.... මේ රටේ කුහකයන්ගේ සිත් දිනාගැනීමේ රහස දැන හුන්නේය. ඒක අර සත්තු එක්ක කතා කොරනා සාස්තරේ දැන හුන් දොස්තර හොඳ හිතගේ දක්ෂතාවයටත් එහා ගිය දස්කමක් බව මා කිහිප විටක්ම ලියා තැබුවේය.


එය ඔබ තනිව අධ්‍යයනට කොට ලබාගත් හැකියාවක්ද, දේශපාලන බල මණ්ඩලේ හැකියාවක්ද, එසේත් නැතිනම් දේශීය හෝ විදේශීය මනෝ විශ්ලේෂකයින් ඔබට ලබා දුන් දෙයක්ද යන්න මා දන්නේ නැති මුත්, වැඩේ 100% ක්ම සාර්ථක බව ඔප්පු වී අවසානය.


එහෙත්, ලංකාවේ චන්ද දායකයින්ගෙන් 39% ක කුහකයින් පිරිසක් ඔබ වෙත චන්දය දී ඇත්තේ මේ රට ගොඩගැන්මට නොව... තමාට ඉහළින් ඉන්නා තම අසල්වැසියා, හිතවතා, මිත්‍රයා, ඥාතියා, සහෝදරයා, සහෝදරිය තමා සිටිනා තත්වයටත් වඩා පහළට ඇද දැමීමේ.... පරම වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්ම පමණක් බව ඔවුන් ඉතාමත් හොඳින් කියවා ගත් ඔහේත් දන්නවා ඇතිය.


ඒ නිසා ඔබ වඩාත් පරෙස්සම් විය යුත්තේ අප වැනි ඔබගේ පසමිතුරු පාර්ෂවයෙන් නොව... ඔය කුහක හැත්තගෙන් බව ඔබේ යහපතට ලියා තබනවාය.


විරුද්ධ මතධාරීන්ට හා ඔවුන්ගේ අදහස්වලට ඔහේගේ පාලනය තුල ඉඩක් තිබෙනවාය කියා ඔහේ කිව්වාට... බුකියේ නම් එහෙම තත්වයක් ඇති බවක් පෙනෙන්නට නැත්තේ දාන දාන පෝස්ට් එකට කෙලවෙන නිසාය.


කෙසේ හෝ මේකටත් එම ඉරණමම අත්වේදැයි කියා දන්නේ ඔහේගේ මඩ බලකාය හා Coprophagia රෝගීන් පිරිස පමණමය.


ඔහේ පොඩ්ඩක් බය වෙලා වගේ පේනවාය. එහෙම වෙන්නට ඕනේ නැතිය. දැන් ඔහේ මේ රටේ විධායක ජනාධිපතිය. සියල්ලෝ ඔහේට යටත්ය. රනිල් ලොක්කා කළ දේම ඉදිරියටම කරගෙන යන්නේ නම් කිසිඳු අවුලක් වන්නේ නැතිය. ඒවාට ඉතිහාසයේ පාඩම් තියෙනවාය.


ඔහේට සුපැතුම් එක්කල සැටලයිට් නෝනා හොඳම උදාහරණයය. උන්දෑ වමට සිග්නල් දමා දකුණට හරවා ගෙදර ගියේ ඉනින්ග්ස් දෙකම ගහලාය. අනික ඕනාවට වඩා සිම්පල් වෙන්නත් යන්න එපාය. ගෝටා පරිප්පු කෑවේ අහක යන නයි ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලටම ගෙනත් දමාගෙනය. ඒ නිසා තනතුරේ වරප්‍රසාද මෙන්ම ගෞරවයද පාච්චල් නොකළ යුතුමය.


කුහකයන්ගෙන් මිදී.... නිවිසැනසිල්ලේ... මේ රට මේ තත්වයෙන් ඉහළට ඔසවා තැබීමට.... කැම්පස් එකේදී අරවින්දයක් වූ ඔහේට.... රාජ්‍ය පාලනයේදී ඉන්ද්‍රජිත් කෙනෙක් වේවායි ඉත සිතින් පතන්නේ.... 


රාජ්‍යයට, ප්‍රජාතන්ත්‍රවාදයට, ධනවාදයට, ලිබරල්වාදයට මෙන්ම... ඔහේටත් කවදත් හිතැති....


මහාචාර්‍ය මාතලන්


.

Aug 15, 2024

ඔබට මතක නැති මට අමතක නැති තඹුත්තේ ගමයාගේ ඩිජිටල් සමිට්

 


ඔබට මතක නැති මට අමතක නැති

තඹුත්තේ ගමයාගේ

ඩිජිටල් සමිට්

➖➖➖➖⭕➖


නොදන්නා මළහත්තිලව් කතා කරන්නට ගොස් නා ගැනීමේ පිකාසෝලා බවට ජෙප්පෝ පත් වී බොහෝ කල් වෙනවාය....


උන් ත්‍රීකුණාමලෙන්, මිනිරන් ගැෆයිට් කිරීමෙන්, සල්ෆියුරික් අම්ලයෙන් රට ගොඩගන්නවා කියා.... හත්පොලේම ගාගෙන නාගෙන අවසානය. උන්ගේ බයිලා දෙවනි වන්නේ... සියල්ල දෙන බවට පොරොන්දු දෙන සක්කරයාගේ පුතා වයිමා හෙවත් පුතානෝට විතරමය.


අන්තර්ජාලේ හොග් ගාලා ගියොත් ඔක්කොම විනාසයි කියූ... ඉලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් යැයි කියූ ගං කබර හාල්පාරුවෝ... ඊයේ පෙරේදා තාජ් සමුද්‍රා හෝටලයේදී තොරතුරු තාක්ෂණවේදී වෘත්තිකයින්ගේ සමුළුවක් පවත්වා.. ඊට පැමිණි වෘතීයවේදියෙක්ගෙන්ම එම සමුළුව පට්ට ෆේල් විකාරයක් බවට අසාගෙන.... හත් පොලේ ගා ගැනිම මේ දිනවල ගෑස් ටැංකියටත් වඩා ජනප්‍රිය මාත්තුරුකාවක් වී අවසානය.


මුලින්ම කිව යුත්තේ.... මේවාට එන බෙල්ලේ පාලුවට ඔළුවක් ඇතු අමු වදකහ ගොබ්වයන්.... මේවාට පැමිණීමට කලින් තම තමන්ගේ ඔළුව හා යටි පතුල් අතගා... කුර හා අං මතු වී ඇද්දැයි සොයා බලන ලෙසටය. උපතින් ලද පර්සනල් ඉෂුස් මේ කබරයන්ගේ මීටිමකට ගියාම අහෝසි වනවාට වඩා වෙන්නේ විනාශ වීම බව දැන් හෝ වටහා ගත යුතු වන්නේය....


අනුර කුමාර නම් හද්ද ළිං මැඩි ගං කබර තඹුත්තේ ගමරාල පාර්ලිමේන්තුව ඩිජිටල්කරණයට පමණක් නොව... රාජ්‍ය අංශයේ.... ආදායම් බදු දෙපාර්තමේන්තුව... රේගුව වැනි ආයතන  ඩිජිටල්කරණයට විරුද්ධව කතාකලා පමණක් නොව... තම වෘත්තීය සමිති ඊට විරුද්ධව මෙහෙයවු සතා බව අනෙක් ඩොන්කියන්ට අමතක වූවාට අපට නම් අමතක වන්නේ නැතිය.


එපමණක් නොව.... එම සමුළුවේ කතා බහට ලක් වූ ඩිජිටල් හැඳුනුම්පතට විරුද්ධ වූයේ... අපේ කුරවැසියන්ගේ ජීව දත්ත සියල්ලම ඉන්දියාව හොරා ගන්නවා යැයි කියාය. එය ඉන්දියාව නොමැතිව කලත්....  වර්ල්ඩ් වයිඩ් වෙබ් යන්නෙහි තේරුම නොදත් මෙවැනි ගං කබරුන්ට බියේ ඒවා අකුලා ගන්නා පාලකයෝද අමු ගවයන්මය.


මේ සමුළුවලට ආර්ථිකය ගැන පෙනී ඉන්න එකා ගේන්න බැරි නිසා.... ගෙනාවේ ජොස්තර නලින්ද ජයතිස්සය.... මෙලෝ අලබෝලයක් නොදන්නා ඒ යකාට කියන්න ඕනා ටික අර බුවා කිව්වේය.... මුන් සමාජයේ පිලිගැන්මක් ඇති වෛද්‍ය වෘත්තියටත් නිගාවකි.


ටැක්ස් ගැන කතා කොරන්න ගියේ.... මෙවැනි සංවාද වලදි හත්පොලේ නොව සර්වාංගයේම ගාගෙන නාගෙන හඬාගෙන පච වී යන චතුරංග අබේසිංහ මහා බුද්ධිමතානෝය. බුවාත් බ්ලා බ්ලා බ්ලැක් ෂීප් කියන්නට ගොස් වෘත්තියවේදියාගෙන් කන පැලෙන්නම අසා ගත්තේය.


මුන් නම් හද්ද ගං කබරු නිසා මේවා ගැන හිත හදාගත්තත්... ලංකාවේ ඔක්කොම පාසල් දරුවන්ට ටැබ් දෙන්න යන කොට විරුද්ධ වුනේ.... රෙන්න යන කොටත් ටැබ් එක අරගෙන යන දැන් දිලිත් එක්ක ඉස්මාර්ට් රටක් හදන්නට යන මංගොනාපිල වියතානෝ බවත් ලියා...


අෂීක්ලන්තේ ඩිජිටල්කරණ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......


.

Aug 12, 2024

කුමාරවරුන්ට මක්කා වේවිද? (පුතානෝ, පියානෝ හා මයිනෝ)

 


කුමාරවරුන්ට මක්කා වේවිද?

(පුතානෝ, පියානෝ හා මයිනෝ)

➖➖➖➖➖➖➖➖➖➖🔵➖


මෙවර ජනාධිපතිවරණය සඳහා කුමාරවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින්නේය.. දෙදෙනෙක් පිය උරුමයෙන් කුමාරවරුන් වනාතර.... අනෙකා දේශබන්දු තෙන්නකෝන් මෙන් "බර්ත් සැටිපිකේට්" කුමාරයෙක්‍ය... ඇත්තටම එයා රාජ කුමාරයෙක් නොව... ගමේ කොල්ලෙක්‍ය... ගම තඹුත්තේමය.... අනෙකා උපතින්ම රජ පරපුරේ වුනත් කුමාරයෙක් නොව බෑනා කෙනෙකි...


අප මේ පල් හෑල්ලේදී සලකා බලන්නේ... කුමාරවරුන් දෙදෙනා වන සජිත් හා නාමල් ගැනය. එනම් පුතානෝ හා පොඩි මයිනා ගැනය.... දෙදෙනාගේම පියානෝලා රටේ මහ රජ්ජුරුවෝ වූ අතර... දෙදෙනාම දක්ෂ හා දරුණු ඝනයේ පාලකයන්ද විය... එකෙක් දකුණේ ත්‍රස්තවාදය විනාශ කල අතර... අනෙකා ඊට වඩා දස දහස් ගුණයකින් බලවත්.... එවකට ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිනුපුටා දැම්මේය.


නාමල් දේශපාලනයට එන්නේ පරදින බව දැන දැනත් දේශපාලන අනාගතයක් ගොඩනගා ගැන්මටය යන්න දේශපාලන විස්ලේසොකයින්ගේ මතයය... එහෙත් ඔහුට එය කළ හැකි වේද යන්න අවිස්වාසබල්‍ය.


ඔහුගේ වන්දිභඨ්ඨයන්, කේවට්ටයන් හා සට්ටැම්බිරාළ වරුන් ඔහුට කරන්නේ විනාශයක්ම මිස සුගතියක් නොවේමය.

දේශපාලන විකාරකයින්ට අනුව මේ පෙන්නන්නේ බයිස්කෝප් එකක් නම් ඒක මහා ප්‍රචාරයක් දී පෙන්වූ මයි රෙඩ් කොම්‍රෙඩ් ජාතියේ බංකොලොත් බයිස්කෝප්පෙකක් බව කියන්නේ බොහෝ කනගාටුවෙන්‍ය.


සජිත්ගේ පියාද රටේ ජනාධිපති වූ මුත්... පියානෝ රජ කළ සමයේ ඔහු උන්නේ එංගලන්තයේය. එබැවින් ඔහු රටේ දේශපාලනයට කිසිඳු අයුරකින් සහභාගී නොවුනාක් මෙන්ම... එම නිසාම බලයෙන් මත් වී පිස්සු කෙලින්නට නොගියේය. නිධන් කතා හා ගෑණූ කේස් එකක් දෙකක් ගැන ගොසිපක් ගියද... ඒවා කිසිවක් වැදගත් මාතෘකා වූයේද නැතිය.


එබැවින් රනිල්ගෙන් පසු ලෙහෙසියෙන්ම පක්ෂයේ නායකත්වය ලබා ගැනීමේ හැකියාව ඔහු කොහොමත් ගොඩ නගා ගත්තේ ... පාක්ෂිකයන් අතර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ නිසාත්... නායකත්ව ගුණාංග වඩ වඩාත් ප්‍රකට කළ නිසාත්මය. 


ඔහු දේශපාලන වශයෙන් කෙතරම් බලවත් පුද්ගලයකුද යන්න ඔහු පෙන්නුවේ පක්ෂය කඩාගෙන ගොස් සජබය ගොඩනගා පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීය.


නාමල්ටද එවන් තත්වයක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුනද... රාජපක්ෂලාගේ මෙන්ම නාමල්ගේද උද්දච්ඡ කම හේතුවෙන් එම අනගි අවස්ථාව ඔහු අහිමි කරගත් බව මාතලන්ගේ මතයය.


ධම්මික පෙරේරා ඉදිරිපත් නොවන බව ප්‍රකාෂ කිරීමෙන් ඉනික්බිති මොළ හතක් ඇති උන්නැහේට මෙන්ම හිටපු රජාටද කරන්න තිබුනේ.... අඩි එකක් නොව දහයක්ම පස්සට ගෙන.... කට පුප වසාගෙන මැදමුලනට වී කුරහන් තලපයක් විකාගෙන.... මේ ආතල් එක දිහා බලාගෙන ඉන්නා එකය.


එහෙත් ඒ වෙනුවට රාජපක්ෂලා කළේ.... තම ගෝල බාලයො සියල්ලෝම තරහා කර ගන්නා එකය. 


ඇත්තටම ඔවුන්ට මහින්ද හා බැසිල්ගේ ගෙම්බර් බල බලා මැදමුලන වහලුන් මෙන් ඉන්නට සිඳු වූවත්.. මහින්ද මහත්තයාගේ මනුස්ස කම නිසා ඔවුන් එය ඉවසාගෙන උන්නේය.


එහෙත් බලය ඇති කාළයේ පිස්සු කෙලිමින්... පක්ෂයේ වැඩිහිටි මන්ත්‍රිවරුන්ටද අයියා පාට් දමමින්.... මහින්ද මහත්තයාත් විනාශ කළ නාමල් සමඟ.... පක්ෂය වෙනුවෙන් කට්ට කෑ පමණක් නොව මැයි 9 වනදා තම තමන් හරි හම්බ කරගත් දේපලද අහිමි කරගත් වුන් සිටියේ මලෙන් බවත් ප්‍රසිද්ධ රහසක්මය. ඒ බව කියන්නේ අප නොව රජපක්ෂලා වානා කියූ අයමය....


උනුත් බල බලා උන්නේ.... රාජපක්ෂලාට මෙන්ම විශේෂයෙන් නාමල් හා බැසිල්ට පාඩමක් උගන්වන්න අවස්ථාවක් ලැබෙනා තෙක්‍ය....


සාමාන්‍යයෙන් දේශපාලුවන්ට මොළේ නැතෙයි කියන්නේ බලය ඇති වෙලාවේය. එහෙත්, මහින්ද බැසිල් මෙන්ම නාමල්ද පෙන්නුවේ.... ඔවුන්ට බලය නැති වේලාවේත් මොළේ කළඳක් හෝ නැති බවය.


එම නිසා සජිත් සෙමෙන් සෙමෙන් ආ ගමන.... නාමල්ට පැමිණිය හැකි වේයයි මාතලන් නම් සිතන්නේ නැතිය.... එය, සෑම අතින්ම සජිත්ට වඩා දේශපාලනය හා අනෙකුත් විශයයන් පිළිබඳව පරිචයක් තිබූ තරුණ නායකයකුට කළ අපරාධයක් බවද නොකියා සිටිය නොහැකිය...


ඒ වගත් මෙසේය...

.

Aug 7, 2024

රට තවත් බංගලාදේශයක් වුවහොත්, සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

 


රට තවත් බංගලාදේශයක් වුවහොත්,

සියළු දක්ෂිණාංශික පක්ෂ ඊට වගකිව යුතු අතර, රටේ අවසානයද එයම වේ.

➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖


අප දේශපාලන මතවාදමය වශයෙන් කුමන මතයක් දැරූවද... මහපොලොවේ යතාර්ථය හා රියැලටිය ලියා තැබීම පුරවැසියකු වශයෙන් මාතලන්ගේ යුතුකමක් වන්නේය. 

එය දේශපාලුවන්ට පච දෙසමින් ආතල් දෙනවාට වඩා....කටුක හා අප්‍රසන්න දෙයක් වුවද... මාතලන් අදහන පරිදි, එය සත්‍යවාදී පුරවැසියකුගේ යුතුකම වන්නේය.


ජවිපේ සමඟ අපේ කිසිඳු ආරෝවක් නැති මුත්... ඔවුන්ට මේ රට තබා තිස්ස ප්‍රාදේශීයවත් පාලනය කිරීමට නොහැකි පිරිසක් මෙන්ම... කිසිඳු විශයයක් ගැන ප්‍රාමාණික දැණීමක් හෝ කියවීමක් තබා.... සාමාන්‍ය දැණීමක් හෝ නොමැති තවත් ජනප්‍රියවාදි දේශපාලුවන් පිරිසක් පමණක්ම බව ඔවුන් විසින්ම ඔප්පු කොට අවසානය.. 


එහෙත්.... යම් හෙයකින් ජවිපේ පාලනයක් පැමිණියහොත්.... එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය බව මාතලන් කිහිප වරක්ම ලියා ඇති අතර, ජවිපේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ මෙන්ම බුකිවාසීන්ගේ ප්‍රකාෂ තුලින්ද ප්‍රත්‍යක්ෂ වී අවසානය. 


ඔවුන් බලයට පැමිණි විගසම.... බංගලාදේශයේ මේ මොහොතේ සිඳුවෙමින් පවතින මිලේච්ඡ කෘරත්වය.... මෙරට දේශපාලන විරුද්ධවාදීන්ටද අත්වන බවට සහතික කොට අවසානය. 


එය කිසිසේත් සුළුවෙන් සැලකිය යුතු නැති අතර, සිඳුවීමට නියමිත එම ක්‍රියාදාමයම බව ඔවුන් විසින් මැයි 9 වනදා කළ පෙරහුරුව මගින්ද ප්‍රත්‍යක්ෂ කොටද අවසානය.


කරුමය නම්.... දක්ෂිනාංශික දේශපාලන පක්ෂවල නායකයන්ට මෙන්ම... ජවිපෙට සහාය දක්වන මානව හිතවාදී සිවිල් ක්‍රියාකාරීන්ට හා සංවිධානවලට... මෙය තේරුම් ගැනීමට නොහැකිවීමය . එය මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවාසනාවක උරුමයය.


මොකා මොන බයිලා ගැහුවත්... කුමන කැම්පේන් කලත්.... අනුර කුමාර දිසානායක හා ජවිපේ වටා ඇති වූ ජනරැල්ල... බිඳුවකින් හෝ අඬු වී නැති බව... සාමාන්‍ය ජනතාව අතරේ ජීවත් වන ගෝනා ඔනෙකුට වුවත් තේරුම් ගත හැකි කාරණයක්‍ය.... අහන අහනෙකා කියන්නේ උන් දෙන්නේ ජවිපෙට බවය... මෙහි වඩාත්ම අනතුරුදායක තත්වය නම්... හමුදාවේ හා පොලීසියේ මතයද මෙයම වීමය. ඒ ඔවුන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ හා සංවිධානයේ ශක්තිය හා දක්ෂතාවයය. මා දන්නා පරිදි රාජ්‍ය බුද්ධි අංශ විසින්ද මේ පිළිබඳව අදාල අංශ දැණුම්වත් කොට අවසානය.


එම ජනතාවට.... රට අස්තාවර වූ මොහොතේ  අනුර හෝ සජිත් හෝ රටේ හා අර්ථිකයේ වගකීම බාර නොගෙන මාරුවී පලා යාම්  මෙන්ම.... එදිනෙදා ජන ජීවිතයේ පැවති දුෂ්කරතා හෙවත්, තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ලයිට් කැපීම්, කොවිඩ් හා අධි උද්ධමනය ගැන.... දැන් වගේ වගක් ඇත්තේ නැතිය.


ඒ.... එම  ගැටළු සියල්ලටම... රනිල් වික්‍රමසිංහ හා ඇමති මණ්ඩලය විසින් මේ මොහොත වන විට විසඳුම් දී අවසන් නිසාය. ජහ මනයා හිතන්නේ දැන් තව දුරටත් ඒවා දැවැන්ත ආර්ථික ප්‍රශ්ණ නොවේ කියාය. ඔවුන්ට දැන් අවශ්‍ය වන්නේ 2019 තිබුන ගානට කොත්තු කෑමේ දොලදුකක් පමණක්මය.


ජෙප්පන්ට තබා සක්කරයාටවත් ඒ ගානට කොත්තු දිය නොහැකි වුවත් උන් හිතන්නේ අනුර කුමාර සහෝදරයා ආවාම තව්තිසාව ඉබේ පහල වේ යැයි කියලාය. මේ තත්වය නම් උන්නැහේලාටත් අනතුරුදායක මුත් බලය රඳවා ගන්නේ මර්ධනය තුලින් බවද ඔවුන් ප්‍රකාෂ කොට අවසානය.


උන් හිතන්නේ රනිල් ඒවා විසඳුවේ ජනතාවටම බදු ගසා එකතු කරගත් මුදලින් සහ ඩොලර් බිලියන 80 ක්ව පැවති ණය කන්දරාව... ඩොලර් බිලියන 100 ක් දක්වා වැඩි කිරීමෙන් කියලාය. ජවිපේ විසින් පැතිරූ මේ බොරු දැන් පයිත්තියම් වී අවසානය.


ඊට හේතුව මේවාට උත්තර දීමට ආන්ඩුවේ ප්‍රචාරණ අංශයට කිසිඳු වැඩපිලිවලක් නොමැති වීමත්... ඒ සඳහා එවන් විශ්වාසවන්ත පිරිසක් නොමැති වීමත්‍ය. 


මෙතෙක් සජිත් හා රනිල් අතරේ බෙදුන ජවිපේ විරෝධී දක්ෂිණාංශික චන්ද ගොඩ... නාමල්ගේ පැමිණීමත් සමඟ දැන් තිදෙනෙකු අතරේ බෙදියාමද අනුර කුමාරගේ ජයග්‍රහණය තවත් තහවුරු කරනා සාධකයක් බව තේරුම් ගත හැකි එකෙකුට තේරුම් ගැනීම සඳහා ලියා තැබිය යුතුමය. මන්ද යත් මොවුන්ට චන්දය ප්‍රකාෂ කරනා උන්ගේ දෙවන මනාපයද ජවිපේ නිසාය.


එම නිසා.... දක්ෂිණාංශික දේශපාලුවන්ට තම ජීවිත හා දේපල බේරාගැනීමට අවශ්‍ය නම්... මේ මොහොතේ කළයුතු වඩාත්ම නිවැරදි දේ නම්... සියළු වාද බේද පසෙක තබා මේ අර්බුදයෙන් ගොඩ ඒමට කටයුතු කිරීම මිස... එකිනෙකාගේ රෙදි ගලවා ගනිමින්.... තම තමන්ගේ පෞද්ගලික ඇරියස් කවර් කර ගනිමින්.... ජනතාවට හා මයික් වලට අන් ගෝතල් දෙමින්.... වාමවාදි කඳවුරේ චන්ද ප්‍රතිශතය තව තවත් වැඩි කොට අමරකීර්ති අතුකෝරාල ගිය මඟ යෑම නොවේය...


මොවුන්ට එය තේරුම් ගැනීමට තරම් ශක්තියක් නොමැති හෙයින්... ඔවුන් වටා එක් වී ඇති බලවේග හා සංවිධාන විසින් හෝ මේ බව ඔවුන්ට අවබෝධ කර දීම... මේ මොහොතේ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන්ද කළ හැකි මහඟු යුතුකම වන්නේය....


ඒ වගත් මෙසේය.....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ 


.

Jul 31, 2024

ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා, මහින්ද චින්තනය සහ සිහල බෞද්ධ බලවේගය


 ජේම්ස් පැකර්, ධම්මික පෙරේරා,

මහින්ද චින්තනය සහ

සිහල බෞද්ධ බලවේගය 

➖➖➖➖➖➖➖⭕➖


යුධ ජයග්‍රහණයෙන් පස්සේ රටේ දළ දේශීය නිශ්පාදනය 100% වැඩි කරපු මහින්ද මහත්තයා තමයි අද ඔය කොළඹ ඇස් දෙකට පේන මහා සංවර්ධනය ඇති කළේ. ඒවා අමතක වෙන්න නම් දේශපාලන කුහකයෝ වෙන්න ඕන.


හැබයි ඔය නෙළුම් කුළුණ තියෙන ඩී ආර් විජේවර්ධන පාර කැසිනෝ පුරවරයක් කරන්න, කැසිනෝ රජෙක් වෙච්චි ඔට්ටේලියාවේ ජේම්ස් පැකර් මෙහේ ආයෝජනය කරන්න ලෑස්ති වෙන කොටම.... මහා සංඝයාගෙන් ආපූ විරෝධතාවය හමුවේ ලොක්කා වැඩේ අකුලා ගත්තා. 


ඒ සූදූ කාරයොන්ට මෙහේ එන්න දෙන්න බැරියෙයි කියලා සි බෞ බලවේගයට බයේ.


එහෙම කලා නම් මේ ආර්ථික අර්බුධ ඇති වෙන්නේ නෑ කීයටවත්. දැන් ඔය ජෙප්පොත් කළු සල්ලි සුදු කරන්න ලෑස්ති වෙන්නේ.


හැබයි ඉතින් ධම්මිකටම වැඩේ ගෙඩිය පිටින් කර ගන්න දීලා... ලොක්කම ඒ වැඩේ කලාද කියන්නත් බැරි.. ලොක්කා එහෙමට බුවා නිසා... ලොක්කටත් වඩා බැසිල් අයියා එහෙම බුවා නිසා...


මේ රටේ ආර්ථිකය මේ බව සසරෙදි ගොඩ දාන්න නොදෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා.


1. සිහල බෞද්ධ බලවේගය -

මේකට අති ගෞරවනීය මහා සංඝ රත්නය, විමල් වීරවංශ, මංගොනාපිල වගේ බුවාලා මෙන්ම දිලිත් ජයවීර හා මෑතක ඉඳන් නාමල් රාජපක්ෂත් අයිතියි. එයාලා "ජාතික සම්පත්" කියලා පාඩු ලබන බංකොලොත් ආයතන විකුණගෙන කන්න එපා කියන්නේ ඒවට තියෙන ආදරයකට නෙමෙයි... එයාලගෙ අයව ඒවට දාගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන කන්න පුලුවන් නිසා.


2. ජවිපේ

එයාලා හැම එකටම විරුද්ධයි... හැබයි ඒකම එයාලා කලාට කිසි අවුලක් නෑ....


කෙසේ හෝ අර මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි උන්නැහේ වගේම... කාදිනල් ඕමල්පේ සෝභිත උන්නාන්සේ කියනවා වගේ... සිහල බෞද්ධ බලවේගය දැන් නැතිය, සිහල බෞද්ධ බලවේගය කියන්නේ සෙලවෙන මනසය වගේ හැඟීමක් පොහොට්ටුවේ දේශපාලන බල මණ්ඩලය වෙන.... රාජපක්ෂ පවුලටත් අවබෝධ වෙලා වගේ.


නැත්නම් සූදූ කෙලින කැසිනෝ රජා වෙච්චි ධම්මික පෙරේරා.... එයාලගෙ ජනාධිපති අපේක්ෂකයා කරයිද අප්පා....


අන්‌තෝ ජටා බහි ජටා 

ජටාය ජටිතා පජා

තං තං ගෝතම පුච්‌ඡාමි 

කෝ ඉමං විජටයේ ජටන්‌ති 


“පෝට්ටුව ඇතුළෙ තියෙන්නෙ අවුලක්. 

පිට තියෙන්නෙත් අවුලක්. 

මේ සත්ව ප්‍රජාව, අවුලෙන් අවුල් වෙලයි ඉන්නෙ. 

පින්වත් ගෞතමයන් වහන්ස, 

මං ඔබ වහන්සේගෙන් විමසන්න කැමතියි, ඇත්තෙන්ම මේ අවුල ලිහාගන්නෙ කවුද?”


.

Jul 29, 2024

බේකින් නිව්ස්... මහින්ද හරි පව්...

 

බේකින් නිව්ස්...

මහින්ද හරි පව්...

➖➖➖➖➖😭➖


🔹මාතලන් තවමත් සිතන්නේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නැතෙයි කියලාය. ඒ සඳහා අවශ්‍යවන අඩුම කුඩුම රාශියක් මේ මොහොතේ ක්‍රියාත්මකය.


🔹මහින්දගේ රැස් වලල්ල දැන් පත්තු වෙන්නේ නැති බව ඊයේ පැහැදිලි විය... මහින්ද මහත්තයා දැන් යන්නේ නෙවිල්ගේ ජැනරේටර් බලයෙන් බව මා කලින් ලීවේය. බැහැපු බැස්ටි කෑලි දෙක ශිරන්ති මැඩම් ළඟය.


🔹පොහොට්ටුව දිව්වේ මහින්ද මහත්තයාගේ ආනුභාවයෙන් මිස...ශිරන්ති, නාමල්, බැසිල් හෝ පවුලේ අනෙක් අයගේ පවර් වලින් නෙමේය. හැබයි එයාලා කරන තරමක් පිස්සු කෙලියේද ඒ ආනුභාවයෙන්මය.


🔹ඔවුන් මහින්ද මහත්තයාට කෙලියේ ඊයේ නොව, මැයි 9 වනදාය. බහුතරයක් බයියෝ මහින්ද හැර ගියේ එදාය. ඒ වැඩේ කළේ මහින්ද නොව ශිරන්ති යෝශිත හා බැසිල් ප්‍රමුඛ කණ්ඩායමය.


🔹ඒ බව දැනගෙන සිටී ගෝටා කළේ තොපි ඉල්ලගෙන පරිප්පු කන්න ආවා නම් හොදිත් එක්කම කාපියව් කියා... ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න කියා... ඇඳිරි නීතියවත් පනවන්නේ නැතිව බයියන්ගේ ගෙවල් ගිනි තියන ඒවා බල බලා හිකෙන් පුනා වෙන එකය. ඇත්තටම ගෝටාටත් අවශ්‍ය වුනේ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් අතු ගා දමන්ටය. ගෝටා කෑවේ සුපිරිම ළණුවක් කියනා එක වෙනම කතාන්දරයක්‍ය. 


🔹ඊයේ දිනයේදී පොහොට්ටුවේ "දේශපාලන බල මණ්ඩලේ" කියා "රාජපක්ෂ පවුල" සහ ඔවුන්ගේ සට්ටම්බිරාළලා විජේරාම පාරට රැස්වුනේ, ශ්‍රී ලංකා දේශපාලන කතාවේ, රාජපක්ෂ පරිච්ඡේදයේ, අවසන් පිටු කිහිපය ලියන්නටය.


🔹හැබයි පොහොට්ටුවේ 90% උන්නේ රනිල් වික්‍රමසිංහගේ මල් පාරේ පිහිටි පක්ෂ කාර්‍යාලයේය. එයාලා කාගේ වත්තෙ මල් කඩන්නේ... කියා කලින්ම තීරණය කර තිබිනි. මල් තියෙන්නේ මල් පාරේ බවත්... නැට්ට තියෙන්නෙ නාමල් ළඟ බවත් දිළුම් අමුණුගම කීවේ ඒ නිසාය.


🔹සාගර කාරියවසම්, ටුවෙන්ටි පර්සන්ට් බන්ඩාර හා මොළ හතානෝට දැන් වෙන්නේ විනය තකා ගන්නටය. මොකෝ මනුස්ස කමට "දේශපාලන බල මණ්ඩල" රැස්සිමටත් ගිය ඇස් බීන් මහතා, සවස් වරුවේ මල් පාරේ මල් නෙලන්නට පැමිණ උන්නේය. ඒ රනිල්ගේ වැඩය.


🔹කොහොමත් අනෙක් පක්ෂ වල සහාය අවශ්‍ය නම්... ඒ පක්ෂ වල මහ උන් මුල සිටම රනිල්ට කිව්වේ... රාජපක්ෂ හොරු ටික හලලා එන්නටෙයි කියලාය. රනිල් උන්නේ මුන් ටික හලාගන්නේ කෙසේද කියලාය. ඒ නිසා බැසිල්ගේ හා නාමල්ගේ ඩිමාන්ඩ්ස් උන්නැයේ පඩේකට මායිම් කළේ නැතිය.


🔹76% වන ජනතාවද කියා ඇත්තේ, රනිල් හොරු රැක්කොත් එයාලාගේ චන්දය රනිල්ට දෙන්න බැරියෙයි කියලාය. සමීක්ෂණ ප්‍රතිපලය, අද ඩේලිමිරර් පත්‍තරේ තිබුනාට... කලින් සිටම මධ්‍යස්‍ත චන්ද දායකයින් පිරිස උන්නේ එම මතයේය.

🔹 පොහොට්ටුවේ උන්නේ ජනතාව සමඟ ඉතා සමීපව දේශපාලනය කරනා ජනතා නියෝජිතයින්‍ය. දැන් උන් සියල්ලෝම ඉන්නේ රනිල් සමඟය. සජිත් එක්ක ගියේ එහෙව් ජනපදනමක් නැති වියත් මඟ දිගේ ආ හාල්පාරුවෝය. උන් මුලින්ම ට්‍රයි කලේ ජේවීපී රැල්ලේ පීනන්නටය. හැබයි ජෙප්පෝ උන්ට පුප පෙන්නුවේය.


🔹ඇත්තටම මේ එකෙක්වත් අගමැති රනිල් දැකලා තිබ්බාට, විධායක ජනාධිපති රනිල් දැකලා තිබ්බේ නැතිය....


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය....


කපුටු කක්... කාක් කාක්...

ගොරක දේන්... දේන් දේන්...


.

Jul 23, 2024

ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය පොහොට්ටුව නොව, මහින්ද රාජපක්ෂය.

 


ජනාධිපතිවරණයේ 

තීරණාත්මක සාධකය

පොහොට්ටුව නොව, 

මහින්ද රාජපක්ෂය.

➖➖➖➖➖⭕➖


අරගලකාරයෝ මැයි 9 වනදා මහින්ද මහත්තයා හෙව්වේ... බදාගෙන උම්මා දෙන්න නෙමේය. හැබයි බැසිල්ලා නාමල්ලා හා එයාලාගේ පස්සෙන් යන මැක්කෝ ටික හිතාගෙන ඉන්නේ එදා තිරිකුණාමලේ මුහුද පිරෙන්න බෝට්ටූ බස්සා මහින්ද මහත්තයා හෙව්වේත්.... එයාර්පෝට් පාරේ ගාඩ් දාගෙන මහින්ද මහත්තයා හෙව්වේත්.. අමරකීර්තී අතුකෝරාල යැව්ව දිහා යවන්නට නොව, බදාගෙන උම්මා දෙන්නෙයි කියලාය.


එහෙව් රාජපක්ෂලා අද ජීවත් වෙන්නේ රනිල් වික්‍රමසිංහට පින් අත්වන්නටය. එහෙත් ප්‍රසන්න රණතුංග වටා එක්වූ බයි කඳවුර හැර සෙසු බයියන්ට දැන් ඒවා අමතකය.


ඒ අපේ ජාතියේ හැටිය. මේ තරම් ගුණමකු ජාතියක් තා ඉන්නවා නම් ඉන්නවා ඇත්තේ... බංගලාදේශයේ... ලිබියාවේ හා ඉරාකයේ වෙන්නැතිය. ඒකට... පාට පක්ෂ කුල මල ජාති ආගම් බේද කිසිවක් අදාල වෙන්නේත් නැතිය. 


දකුණේ ත්‍රස්තවාදය නිමාකොට රටට විශාල ආර්ථික වර්ධනයක් ගෙන ආ රණසිංහ ප්‍රේමදාස... ආමර් වීදියෙන් නිවන් ගිය දවසේ... පාර පුරා රතිඤ්ඤා දමා කිරිබත් කෑවේ අපේ ඒ ශ්‍රේෂ්ඨ ජාතියය.


ලෝකයේ එතෙක් මෙතෙක් පැවති මහා ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ, එදා රණවිරුවන් වූ හමුදාව අද වාතයක් වෙලා තියෙන්නේ එහෙව් ජාතියකටය. 


ආරක්ෂාව සඳහා මෙතරම් මුදලක් වියදම් කරන්නේ ඇයි කියා අසන්නේ ජහමනයාම නොව, උන්ගේ නායකයන් යැයි කියා ගන්නා... රටේ බලය ඉල්ලන පාර්ලිමේන්තුවේ ඉන්නා මී ගවයෝය. මහින්ද මහත්තයා කලේ මොනවාද කියා අසන්නෙත් ඒ වගේම නරුමයෝය.


තත්ත්වය එසේ වුවත්, ඔවුන්ටද ආදරය කරන පිරිසක්ද සිටිනා බවත් කිසිසේත් අමතක කළ යුතු නැතිය. අද සජිත් ප්‍රේමදාස වටා රොක් වී සිටින්නේ... එදා රණසිංහ ප්‍රේමදාසට ආදරය කළ පොඩි මිනිසාය. ආන් ඒ වාගේ...  මහින්ද මහත්තයාටත් ආදරය කරන බයියෝ සැට්ටෙකක් තවමත් සිටිනවාය. මහින්ද මහත්තයා නිසා උන් අනාගතයේදී නාමල්ටත් ආදරය කරන්නට ඉඩ තියෙනවාය.


එහෙත්... ගුණමකු රාජපක්ෂ බයියෝ.. ජෙප්පෝ හා එක් උනේය. උන්ටත් වරදක් හෝ දොසක් කියන්නට බැරි හේතුවත් රාජපක්ෂලාමය. 


මැයි නම වන දා රාජපක්ෂලා  හිතුවේ එයාලගේ ජීවිත ගැන විතරය. බංගලාදේශයේ මෙන් රට පුරාඇඳිරි නීතිය දමා බංගලාදේශයේ මෙන් සිද්ධාලේප අසමෝදගම් දී බයියෝ ටික බේරා ගත්තා නම්, අදටත් මේ රටේ සුපර්මෑන්ලා වන්නේ රාජපක්ෂ බ්‍රදර්ලාය. එහෙනම් එක බයියෙක්වත් ගෙම්බෙක් වී ජෙප්පෙක් නොවනාතර ජෙප්පෝ මෙච්චර චන්ඩි වෙන්නේත් නැතිය.


බයියෝ ජෙප්පෝ හා එකතු වෙලා ඉන්නේ පාක්ෂිකයින් වශයෙන් තමන් අන්ත අසරණව ඇති නිසාත්... තම ජීවිතවලට හා දේපළවලට ඇති ආදරය නිසාවෙන් මිස වෙන හේතුවක් නිසා නොවේය. තවමත් ඒ මර බිය පහව ගොස් නැත්තේය.


ප්‍රේමදාස මහත්තයා කළ කී දෑ මතක, ඔහුට ඉතා ආදරය කළ පුංචි මිනිසුන්ගේ සිතේ කොනක ඇති ආදරය අද භුක්ති විඳින්නේ, සජිත් ප්‍රේමදාස උන්නැහේය.. කලින් කීවාක් මෙන් නාමල් බේබිටද අනාගතයේදී එසේ ලැබිය හැකිය.


ඒ කෙසේ වෙතත්... මේ මොහොතේ රනිල් නැවත බලයට පැමිණිය යුතු නම් එහි තීරණාත්මක සාධකය වන්නේ පොහොටුවේ ඉතිරි වී ඇති චන්ද ගොඩය. ඒ චන්ද ගොඩ මේ මොහොතේ ඇත්තේ බැසිල්වත් නාමල්වත් ළඟ නොව මහින්ද මහත්තයා ළඟය.


එමෙන්ම මේ මොහොතේ රාජපක්ෂ පවුලේ අනාගතය රැඳී ඇත්තේද රනිල්ගේ බලය යටතේය. ඉඳින් ඔහුට නැවත බලය ලබා දෙන්නේද නොදෙන්නේද යන්න දේශපාලන බුද්ධියක් ඇති මහින්ද මහතාගේ තීරකයක්‍ය.


එසේ නොවුනහොත් රාජපක්ෂලාට සිඳුවන්නේ නැවත නැව් නැගීමටය. මන්ද සිර ගෙවල් තුල හෝ නිවනේ හැර... නැවත වරක් හමුදා කඳවුරු වල හෝ මේ රටේ කිසිම තැනක ඔවුනට තව දුරටත් රැකවරණයක් හෝ ආරක්ෂාවක් නොමැති නිසාය. ඔවුනට පමණක් නොව තවමත් ඔවුන් පස්සේම යන මැක්කන්ටද අත්වන්නේ ඒ ඉරණමමය.


කරුමය නම් ප්‍රසන්නලාට මහින්දානන්දලාට මේක තේරුම් ගතහැකි වුවත් බැසිල්ට හා නමල්ට මේ සරළ සත්‍යයය තේරුම් ගැනීමට නොහැකි වීමය.


ඒ වගත් මෙසේය......

.

Jul 19, 2024

අපාය සහායක ගොබ්බ පෝස්ට්


 අපාය සහායක

ගොබ්බ පෝස්ට්

➖➖➖➖🔹🔹


භෞතික විජ්ජාව, රසායන විජ්ජාව, ආර්ථික විජ්ජාව තියා , දේශපාලන විජ්ජාවත් නොදන්න ජවිපේ ගොබ්බ වහල්ලු වගේම... උන් එක්ක සෙට් වෙච්චි ගොබ්බ රාජපක්ෂ බයියෝ උස්සන් දුවන පෝස්ට් එකක් ඔය පින්තූරේ තියෙන්නේ....


🔴 ලෝක ආර්ථිකයම කඩාගෙන වැටුන වෙලාවක් තම 2008 වසර කියන්නේ... ඒ වෙලාවේ වැටුනට... ඊට පිලියම් හොයාගෙන.... ඒ රටවල් සියල්ලම නැවත ගොඩගත්තෙත් උන්න පාලකයෝ මිසක්..... දර ලිපේ උයමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 මෑතක් වන තෙක් ලෝකයේ අංක එක දෙක ස්ථාන වල ආර්ථික වෙච්චි....ඇමරිකාව ජපානය කියන රටවල ආර්ථිකය ගොඩගත්තෙත් තිබ්බ පක්ෂ දෙකක නායකයෝ මිසක්ක....

සීනී නැතිව තේ බොමු කියන කොමියුනිස්ට් කාරයෝ නෙමෙයි...


🔴 ඉන්දියාව නැට්ටටම වැටිලා IMF ලෝන් එකක් අරගෙන...  IMF උපදෙස් ක්‍රියාත්මක කරලා... හෙට අනිද්දා ලෝක බලවතා වෙන්න යන්නේ.... බලයේ උන්න පක්ෂ එක්කම මිස.... 

රට ඉන්න උන්ට තව ඩොලර් 500 ක් වැඩිපුර එවන්න කියලා ගත්ත ලෝන් පස්සේ ගෙවන්නම් මචං කියන ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ එක්ක නෙමේ...


🔴 මැලේසියාව ගොඩ දැම්මේ ඒ වැඩේ කරගෙන යන කොට ඒ යකා කම්බා හොරෙක් කියපු මහතීර් මොහොමඩ්ම මිසක්.... ග්‍රැෆයිට් වලින් මිනිරන් හදලා... මූදූ වතුරෙන් සල්ෆියුරික් හදලා රට ගොඩගන්නවා කියපු පිළිකා විශේෂඥ කොමියුනිස්ට් කාර ගොබ්බ කොමියුනිස්ට් කාරයෝ නෙමේ....


💀 මේ හීනමාන.... ගං කබර.... මෙලෝ හසරක් නොදන්න.... වෛරක්කාර.... කඩාකප්පල්කාරී.... කෲර.... සාහසික.... මිලේච්ඡ.... කොමියුනිස්ට් කාරයෝ ආපූ හැම රටකම සිද්ද් වුනේ....

මහා මිනිස් ඝාතන, කෲර වද හිංසා, දේපල ගිනි තැබීම් සහ පාලකයින් පමණක් මහා ධනවතුන් වී... රට හා මහජනතාව අන්ත අසරණ පීඩාවට පත් හිඟන්නන් වීම පමණමයි.....


🔵 ළිඳේ වැටිච්චි එකා ළිං කටෙන්ම ගොඩ ඒම මිස.... ළිං පතුලේ ඉඳන් හාරන වෙනත් උමං ඔස්සේ ගොස්.... 

විප්ලව හා සිස්ටම් චේන්ජ් කොරන්න ගිය.... කියුබාව.... රුසියාව.... උතුරු කොරියාව.... යූක්‍රේනය.... ලෙබනනය.... ලිබියාව.... ඉරාකය.... ආර්ජන්ටිනාව.... වැනිසියුලාව.... වැටුන නිරයට වැටෙන්න එපා...


🔸ඒවයෙන් ගොඩ එන්න..... චීනයට රුසියාවට වගේ පරම්පරා ගානක් ගත වෙයි...


🙏ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ක්ස් හොඳේ ..!!!

.

Jul 13, 2024

චන්ද පෙත්සම හා ජනතා අභිලාෂය පෙන්වා... නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

 


චන්ද පෙත්සම හා

ජනතා අභිලාෂය පෙන්වා...

නීතිය නැමීමට සැරසෙන ජෙප්පන්ට ආවඩන අම්බරු දේශපාලුවෝ

➖➖➖➖➖➖➖➖➖⭕➖➖


ජනාධිපතිවරණය පැවැත්වීම නවතා දමා ඒ පිලිබඳ ඇති ගැටළුව නිරාකරණය කර ගැන්මට ජනමතවිචාරණයට යා යුතු බව සඳහන් කරමින් තවත් පෙත්සමක් ඉදිරිපත් වී ඇති අතර, මීට පෙර ඉදිරිපත් කල පෙත්සම විභාගයට නොගෙනම විසිකරන ලද්දේය.


ජහමනයා කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ ඉන්නා දේශපාලුවෝ එහි අසුන් ගැන්මට පෙර දිවුරා පොරොන්දු වනයේ, ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිවි හිමියෙන් රකිනා බවය. එහෙත් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් කර ඇත්තේ, එය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව ජවිපේ ලෝයර් වටගලයාගේ මේ ප්‍රකාශයෙන් ඉතා පැහැදිලිය. (මේ සමඟ අමුනා ඇති පින්තූරය බලන්න)


ජනාධිපතිවරයාගේ ධුර කාළය වසර හයක් බව ව්‍යවස්ථාවේ සමහර තැන් වල තවමත් පවතින මුත්.... කර ඇත්තේ එවක පැවති ජනතා අභිලාෂය අනුව නීතිය නැමීමක් බව ඔහු  කියන්නේ කිසිඳු හිරිකිතයකින් තොරවය. 


එය සත්‍යයක් නම්, පාර්ලිමේන්තුව හා අධිකරණත් ගිනි තබා, රනිල්ටද තෝත් පල කියා මේ රටෙන් එලවීමේ හෝ නිවන් යැවීමේ ජනතා අභිලාෂයක්ද තිබුන බව ලාල් සහ හඳුන්නෙත්ති සඕදරයා පොල්දූව හන්දියේදී කළ ප්‍රකාෂයත් යතාර්ථයක් විය යුතුව තිබුනා පමණක් නොව එය නීත්‍යානූකූල හා ව්‍යවස්ථානූකූලද වන්නේය.


අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ උන් සියල්ලෝම නිදොස් කොට නිදහස් කළ යුත්තේ එය එවකට පැවති ජනතා අභිලාෂය වූ හෙයින් ව්‍යවස්ථානුකූල වන නිසාය.


එමෙන්ම ඔවුන්ගේ ජනතා අභිලාෂය අනුව මේ වන විට ජනාධිපති වරයා විය යුත්තේද, තඹුත්තේගම ගං කබරයාය. මන්ද යටත් විජිතට අනුව "ජනතා අභිලාෂයේ" ප්‍රතිශතය දැන් 90% ද ඉක්මවා ගොස් ඇත්තේය.


අනික නීතී විශාරද වටගලයා පමණක් නොව...


▪️ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ට අනුවද


▪️ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමට ආවොත් පුපට වෙඩි තියපන් කියු... හිටපු මැකෝ මහින්ද දේශප්‍රිය උන්නැහේ අනුවද


▪️නීතිය පිළිබඳ පොත් හතක් අටක් ලියු නීතී විකාරද මහාචාර්‍ය ජී ඇල් පීරිස් වියතානෝ අනුවද


▪️නඩු කාරයනුත් හිරේ දමනා මහා ප්‍රාඥයෙක් වන වෙන්ට ජනපති විජේදාස රාජපක්ෂ ශ්‍රීමතානන්ට අනුවද


▪️නඩු බලවන කස්ටිය හෙවත් නීතීග්නයෝ වන දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙර්‍රා යන හාදයන්ට අනුවද


▪️සියල්ල ඔවුන්ගේ මතය අනුව විය යුතු යැයි කියා පාස්කු බෝම්බකාරයෝ පමණක් නොව කංජිපානී ඉම්‍රාන්ලාටත් ඇප ලබා දෙන නීතීඥ සංගමයට අනුවද


▪️ලෝ කොලේජ් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාවූ නාමල් රාජපක්ෂ අබ්බකාත් මහතානෝ පමණක් නොව...


▪️කොළඹ විස්ස විජ්ජාලෙන් ලද ලෝ උපාධියකුත් හිමි රනිල් වික්‍රමසිංහ උන්නැහේද පිලිගන්නා බව සඳහන් ලැටර් එකට අනුවද


සියල්ලෝ පිලිගන්නේ.... ජනමතවිචාරණයකින් අනුමත නොවී... නීතීවිරෝධී ලෙස නීතිය නමා සම්මත කොටගෙන ඇති ආකාරයට සියල්ල සිඳුවිය යුතු බවය.


ඒ... එය අනුමත කොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දූ කීපයක්ම දීලා තිබෙනා නිසාය.


එහෙත් මේ සියල්ලෝම වටහා ගත යුතු වැදගත් කරුණ නම්... ඔවුන්ගේ තර්කයන් සත්‍ය හා නීත්‍යානූකූල වන්නේ නම්....


වැරදිලා හෝ ජවිපේ ජනාධිපතිවරයෙක් බිහි වී, ඔවුන් කියනා පරිදි මේ ව්‍යවස්ථාව ගිනි තබා කොමියුනිස්ට් රාජ්‍යයක් බිහි කොට... නඩු අසා තීන්දූ දීම ග්‍රාමසේවා වසමේ ජෙප්පාට දුන්නාම.... එය මේ මොහොතේ රටේ පවතිත අභිලාෂය වන හෙයින්, කිසිවකුටත් කට පුප ඇරිය හැකි කරුනක් නොවන්නේ..


එසේ කිරීමට නොහැකියැයි කියා ව්‍යවස්ථාව තුල සඳහනක් නොමැති වීම නිසාත්, ජනතා අභිලාෂය හා ඔවුන් වත්මනෙහි නගන තර්ක අනුව කිසි අවුලකුත් නැති නිසාය.


මාතලන්ට ඇති ප්‍රශ්ණය නම් මින් පෙර  ජනාධිපතිවරයාගේ ධුර කාළය වෙනස් කිරීමට හෝ අහෝසී කිරීම ලේසී පහසු කාර්‍යයක් නොවනා බවත්....


ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් පමණක් නොව ජනමතවිචාරණයකින්ද අනුමත විය යුතු බවට මහින්ද දේශප්‍රියලා ජී ඇල් පීරිස්ලා විජේදාස රාජපක්ෂලා අපට කිව්වේ පට්ට පල් බොරුවක්ම නොවේද කියලාය. ..


දැන් බලාගෙන ගියාම මේ රටේ නීතියක් ඇත්තේ නැතිය....


තිබෙනවා නම් තිබෙන්නේ...

නීතී හදනා තැන උන්ට මෙන්ම නීතී ක්‍රියාත්මක කරනා තැන උන්ගේ අභිලාෂයන් අනුව, ටිපෙක්ස් කිරීම්, කාක්කා පාදය දැමීම්, කොමා දැමීම්, කැටයම් දැමීම්, නැවීම් පමණක් නොව කැඩීම්ද කළ හැකි... පෙරටුගාමී නුවන් බෝපගේ බුවාගේ නීතිය ජාතියේ මළ විකාරයකි.


මුන් ඔක්කොම යාලුවෝ විතරක් නෙමේ මල්ලි...


මුන් ඔක්කොම උන් උන්ගේ හිතු මතය අනුව නීතිය නවන පට්ට බොරුකාරයෝ ඕයි.....


අල්ලාහූ අක්බාර්.....


May God have mercy on us !!!!

Jul 8, 2024

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා ජූලී 9 දෙවර්ෂපූර්ණය


 

පඩි වැඩිකොට ඉල්ලන් කන ආන්ඩුව හා

ජූලී 9 දෙවර්ෂපූර්ණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕➖


ගෝඨාභය රාජපක්ෂට කෙලවූයේ රාජ්‍ය නිළධාරීන් දුන් ලණු කාපූ නිසාය. ටැක්ස් අඩු කළේත්, කොරෝනා වලට රට වැහුවේත්, ගෝල්ෆේස් එකේ උද්ඝෝෂණ භූමියක් දැම්මේත්, රසායනික පෝර නැවැත්තුවේත්, ණය ගැනීම නැවැත්වූයේත්, වාහන ආනයනය නැවැත් වූයේත්, රට වසා දමා මුදල් අච්චු ගැහුවේත් උන්ගේ උපදෙස් පරිදිය...


නැට්ටටම කෙලවුනායින් පස්සේ... මහ බැංකු අධිපතියා ගෙනත් රටටම පේන්න "ටූල්ස් පාවිච්චි කරපන් ඩෝ...."  කියා හමුදා පාට් දැම්මාට... මහ බැංකුවේ ඉන්නා මහා උගත් නිළධාරින් දන්නා ලබ්බක් නැති බව මුලු ලෝකයම දැක ගත්තේය. උන් හා රාජ්‍ය සේවයේ ඉන්නා මහ උන් හරියට වැඩ කලා නම්... රටට මෙහෙම වෙන්නේ නැති බව නොදන්නා ගොබ්බ හැත්ත.... වරද පටවන්නේ දේශපාලුවන්ට පමණය. 


උන් වැඩ කරන්නේ දේශපාලුවන් කියනා විදියට නොව.... රටට පිලිලයක්ව ඇති රාජ්‍ය සේවයේ AR, FR වලට අනුකූලවය. ඒ අනුව වැරද්දක් කලත්... උන්ව බේරා ගන්න හූනියන් කියා අටමගලයක් තියෙනවාය. මේ මාෆියාව කුඩු නොකර මේ රට ගොඩදැමිලි බොරුය. 


රාජ්‍ය නිළධාරී මාෆියාවට කෙලවූයේ ජේ ආර්, මහ ප්‍රේමේ හා මහින්ද පමණමය. ජේ ආර් නීතියෙන් දුන් අතර, ප්‍රේමේ නම් දුන්නේ පාතාල මැතඩ් එකෙන්‍ය, මහින්ද මහත්තයා නම් ඊට වඩා මානුෂික වූ අතර, උන්නැහේ කළේ අරලිය ගහ මන්දිරයේ කාමරයට කැඳවා බඩ කට පිරෙන්නම කන්න දුන්න එකය.


දැන් රනිල් වික්‍රමසිංහද කමින් සිටින්නේ එම පරිප්පුවේ හොඳම එකෙන්මය.... 70% උද්ධමනයක් තිබුන රටේ හැම එකාටම ජීවත් වෙන්න අමාරු බව ගෝනා ඔනෙකුට තේරෙන කාරනයක්මය. එනයින් වැඩි පඩි ඉල්ලන එක ජහමනයාට පේන්නේ සාධාරණ දෙයක් ලෙසටය.


එහෙත් පඩි වැඩි කරන්න නම්... රජයේ ආදායම වැඩි කරගත යුතු බවත්, එසේ වැඩි කර ගැන්මට කළ හැක්කේ... එක්කෝ තව තවත් බදු  වැඩි කිරීම හෝ කොහෙන් හෝ ණයට ගැනිම බවත්.... (බංකොලොත් රටකට ආයෝජකයෝ හෝ ආයෝජන එන්නේ නැතිය) සාමාන්‍ය ජහමනයාට මෙන්ම උපාධිදාරී බුද්ධිමත් ජොස්තරලාට හා විධායක නිළධාරීන්ටවත් තේරුම් ගොස් නැතිය.


රාජ්‍ය සේවකයාටත් බදු ගැසූ නිසා .... රට හැර යන එකෙකුට යන්න දෙන්නෙයි කියා අප ලිව්වේ එනිසාය. මොකෝ ඒ රටවල ගහන්නේ පුපෙන් යන්න ගහන බදු ප්‍රතිශත බව අප දන්නා නිසාය. එමෙන්ම වෙනත් බංකොලොත් වූ රටවල මෙන් වැටුප් හෝ දීමනා කපා හැරිමක් හෝ.... රාජ්‍ය සේවකයින් ඉවත් කිරීමක් හෝ රාජ්‍ය ආයතන වසා දැමීමක් සිඳු වූයේ නැතිය.


▪️ (වසා දැමුවේ මා වැඩ කළ ආයතනය පමණක් වනාතර.... අද වන තෙක් අපට වන්දි මුදල් ලබා දී නැතත්... අප දේශපාලුවන්ට හෝ ආන්ඩුවට කිසිවක් නොකියන්නේ... සියල්ල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබියදීත්... ඒවා නවතා තිබෙන්නේ.... ආන්ඩුව අපහසුතාවයට පත් කරනා මූසල රාජ්‍ය නිළධාරින් බව අප හොඳින්ම දන්නා නිසාමය)


බංකොලොත් රටේ සියල්ලන්ටම රුපියල් 10,000/= කින් පඩි වැඩි කරන කොටම අපි අනතුරු හැඟවූයේ මුන් මෙතනින් නවතින්නේ නැතෙයි කියලාය.


ඉන්පසු වෛද්‍යවරුන්ට පමණක් ඉස්ම බේරේන වැටුප් වැඩි කිරීමක් හා දීමනා ලබා දෙද්දී.... ළඟදීම හොඳ පරිප්පුවක් කන්න වෙන බව අප එදාම ලියුවේ.... ටැක්ස් වලට අහුවෙන්නේ උන්දැලා පමණක් නොවනා නිසාය. අනෙක ඔවුන් අමතර ආදායමක් පහසුවෙන් සොයාගත හැකි වෘත්තිකයින් පිරිසක් වීමය. ගුරුවරුන්ද එසේමය.


ඉන්පසු අනෙක් උන්ද මහ පාරට බැස්ස අතරේ.... රට බංකොලොත් වෙනකන් කට පුප වසාගෙන සිටි මහ බැංකුවේ උන්... කන පැලෙන්න පඩි වැඩි කර ගත්තා පමණක් නොව.... උන්ගේ අර්ථසාධකේ පොලියද වැඩි කර ගත්තේය.


එපමණක් නොව ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ පඩි වැඩි කරන්න නම්... වැට් එක වැඩි කරන්න ඕනෑ සෑර් කිව්ව උන්නැහෙත් ඊයේ පෙරේදා රුපියල් 25,000/= කින් පඩි වැඩි කර ගත්තේ.... කොහොමද කියා අහන්න රනිල්ටත් අමතක වෙන්නට ඇතිය.


ණයක් ගන්න බැරි තරමට බංකොලොත් වූ රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 සිට ඩොලර් බිලියන 100 ක්ය කියා මඤ්ඤං රිපෝට් එකක් දුන්නේ මේ හාල්පාරුවෝය. දැන් ඒ වැරැද්ද හදන්න ලෝක බැංකුවේ මහ එකා ආවත් බැරිය.


කවදත් සිඳුවනාකාරයට මහ උන් උන්ගේ ගොඩ වැඩි කර ගන්නා අස්සේ.... පොඩි උන් පාරට බැහැලා අපිටත් දියව් කියනා එක... එකාතකින් සර්ව සාධාරණය. මන්ද ආර්ථික පීඩනයෙන් වැඩියෙන් බැට කන්නේ සාමාන්‍ය රාජ්‍ය සේවකයා නිසාය. උන්ට ජරාව කෑමට ඉඩක්  හෝ වංචා හා දූෂණයෙන් ලාච්චුවලට සල්ලි වැටෙන්නේ නැති නිසාය.


එක්කෝ බදු ගසා හෝ මොවුන්ගේ ඉල්ලීම් ලබා දිය යුතුය... එසේ නැත්නම් දීපූ උන්ගේ ඒවා නැවත අකුලා ගත යුතුය. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන යාමයටය...


.

Jul 7, 2024

පෝට්ටුවට මක්කැයි වුනේ


පෝට්ටුවට මක්කැයි වුනේ

➖➖➖➖➖➖➖🔷🔷🔷


පොහොට්ටුව හැදුවේ එයාලගෙ බලය පෙන්නලා රනිල් බය කරන්න... විශේෂයෙන් බැසිල් සහ බැසිල්ගෙ ගෝලයෝ.... මුලින් කැබිනට් ඇමතිකම් ලැයිස්තු යවලා තගෙන් රනිල් කන්ට්‍රෝල් කරන්න ගිය බැසිල්... අවසානෙදි රාජපක්ෂලා හලන බව කියනකන්  පාට් දාන්න ගිහින් කිචම වෙලා ගියා.


දැන් බයත් නෑ ණයත් නෑ කියන්නේ බයටම තමා... ඩන්ඩි කවදාවත් ඔය කතා කියන්නේ නෑ... බයම උන් තමා මම බය නෑ ඩෝ කිය කියා අඬන්නේ....


එයාලා ආන්ඩුවට බොක්කෙන් සප් එක දෙන ලංසට.. ප්‍රසන්නට... කංචනට... රිදෙන්නම ගැහුවා.... කැබිනට් මංඩලේ ඉන්න පිරිසට සහ රනිල්ට හිතවාදී අයට කරන්න පුලුවන් හැම දේම කලා.. හැබයි උනුත් අත ඇරියේ නෑ... 

එකක් විධායක බලය... අනෙක උන් හැම විටම කියන කෙලෙහිගුණය... 


රනිල් නොවන්නට රාජපක්ෂලා හා ඔය පරණ කම්බා හොර ඇමති සෙට්ටෙක හිටිය තැන් සොයාගෙන අමරකීර්ති අතුකෝරාල ඇරිය දිහාවේ අනිවාර්‍යයෙන් අරිනවා...


ඒවා දැන් රටෙත් නොයිද පැනලා ගිය බැසිල්ලට නාමල්ලට අමතකයි...

බොරු බොරු සෙල්ලම් දදා රනිල් පාලනය කරන්නයි ඒ දෙන්නා ට්‍රයි කලේ... හැබයි එයාලා නොදැන උන්න දේ තමා.... මේ ඉන්නේ නිකන්ම නිකන් රනිල් නොව, විධායක ජනාධිපතිවරයෙක්ය කියනෙක.


කාරියවසම් කියන දේශපාලන ළදරුවා රනිල්ට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කියන්නේ ඒකයි... හැබයි රනිල් නෙමෙයි ඌව පයිසෙකට මායිම් කළේ. ඒ කංචනගේ රැස්වීමට බය වෙලා.


රාජපක්ෂලා තමන් ගැන බලන්නේ නැති බව රාජපක්ෂ බයියෝ මැයි 9 වෙනිදා තේරුම් ගත්තා... හාඩ්කෝ බයියෝ ඔක්කොම ජවිපෙට සෙට් වුනා... ඒ ජෙප්පන්ගෙන් මැරුම් කන්න වෙන නිසා... මොකෝ උන්ගේ ජීවත බේරුනාට... උන්ගේ බිස්නස් වලට ෂොට් එක දීපූ නිසා...


උන් නැතුව අනික් බයියෝ ගේන්න රාජපක්ෂලාට ස්පොන්සර්ලා නෑ.... රාජපක්ෂලා කවදාවත් එයාලගෙ සල්ලි හොල්ලන්නේ නෑ... අමාරුවෙන් අමාරුවෙන්... රට වටේ බලේ පෙන්නන්න තිබ්බ සංදර්ශන සියල්ල ෆේල්.. මැයි දිනේ අඩුම ජනම් එක උන්නේ පෝට්ටුවට. සෙනඟ ටිකක් උන්නේ ජොනීගේ එකට විතරයි.


රනිල් ගාව ඉන්න පෝට්ටුවේ සොලිඩ් බඩු වෙනුවට නාමල්ට ඉන්නේ වාචාලයෝ ටිකක් විතරයි. අවසානේ එයාලා තේරුම් ගත්තා ජනතාව දැන් එයාලා සමඟ නැති බවත්... රනිල්ට හේත්තු වෙනවා හැර වෙන එකෙක්වත් තමන් සෙට් එක පැත්ත පලාතේ වැද්දගන්නේ නැති බව.


මහින්ද හදපු රාජපක්ෂ නාමය...

ඝෝඨා එක දවසෙන් ව්නාශ කළා....

ඉතිරි වෙලා ඉන්න ටිකත් බැසිලුයි නාමලුයි නැති කරගන්න බව දැනගත්තු මහින්ද චීනේ ගිහින් ඇවිත් එහේ උපදෙසුත් එක්ක ගත්ත තීරණය තමා මේක...


මක්කා කලත් චන්දෙ දවසට මහින්ද මහත්තයට සලකලා සද්ද නැතිව රාජපක්ෂලාට චන්දය දෙන ලක්ෂ දහයක් විතර තාම ඇති.... 


හැබයි ඒකත් සෑහෙන බලපෑමක් කරන්න පුලුවන් චන්ද කුට්ටියක් බව රනිල් මෙන්ම සියල්ලන්ම දැන ගත යුතුයි....


ස්වස්ථි සිද්ධම් !!!

.

 

Jul 5, 2024

තඹුත්තේගම ගවරාලගේ නෝ පොලී... හරි ජොලී.... සංවර්ධන බැංකුව


 

තඹුත්තේගම ගවරාලගේ

නෝ පොලී... හරි ජොලී....

සංවර්ධන බැංකුව

➖➖🔷🔷🔷➖➖➖


හොම්බෙන් ගිය රට යාන්තමින් ගොඩ දැමූ රනිල් වික්‍රමසිංහ උන්නැහේ... "උරුමය" නමින් නොමිළේ ඉඩම් ඔප්පු සින්නක්කර ලබා දෙන එකට පහර ගහන්නේ හිඟන ජෙප්පන්‍ය....


ඊට හේතුව ලෙස උන් කියන්නේ... මේවා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින.... උන්ගේම පන්තියේ උන්ට නිසා... උන් ඒවා විකුණා කසිප්පු බොන නිසාය කියලාය.


එහෙත් අර්ථ සාස්තරේ අනුව නම් ඒකේ ඇති වරදක් මාතලන් නම් දකින්නේ නැතිය... ඉන් සිඳුවන්නේ කසිප්පු කාරයාගේ බිස්නස් වැඩි වී... ඒ හාදයා ඉලෝන් මස්ක් හාදයා වාගේ... ධනපතියෙක් වෙන එකය.


වරද ඇත්තේ කසිප්පු ලීගලයිස් කොට.... උන්ට කන පැලෙන බද්දක් නොගහන ආන්ඩුවේය. 


ඇත්තටම කසියා කියන්නේ ඉස්කොට්ලන්තයේ විස්කි වගේ.... ජපානේ සකේ වගේ... ජාත්‍යන්තරයට යවන්න පුලුවන් ප්‍රොඩක්ට් එකක්‍ය. ගංජා ටික වවා ගොඩ එන්න බැරි වී තටමන ගොබ්බ පාන්ඩු වලට මේවා කියා වැඩක් ඇත්තේ නැතිය.


තඹුත්තේගම ගවරාල මේ කියන්නේ අලුත් දෙයක් නෙමේය... රාජ්‍ය අනුග්‍රහයෙන් අළුත් සංවර්ධන බැංකුවක් පටන් ගන්නා බව රනිල් ව්‍යවසාකයන් පිරිසක් ඉදිරියේ පොරොන්දු වුනේ ඊයේ පෙරේදාය. ඒ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් සඳහාය.


දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් බැංකු ලෝන් අරගෙන ඒවා නොගෙවූ කෝටිපතියන් අල්ලා වැලිකඩ බත් කන්න යවනවා කියන්නේද හිඟන ජෙප්පන්‍ය...


එහෙව් ජෙප්පන්ට.... එහෙම සිස්ටම් එකක් දැනටමත් තියෙනවාය යන්න අමතක වෙලාය.


සියල්ල නොමිළේ හා සහනාධාර ලෙස ලබා දෙන බව කියා.. මඩකලපුවේදී ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්‍යාහුටත් පාට් දානා.... ආධාර සමුළුවක් තියා රට ගොඩ ගන්නවෝ කියා සජිත් කියද්දී.....


ත්‍රිකුණාමලයෙන්, මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙන්, රට ඉන්න උන්ගේ ඩොලර් 500 න් මෙන්ම කැන්සර් විජ්ජායග්නයෙන්ගෙන් ආර්ථිකය ගොඩ දානවෝ කියපු තඹුත්තේගම ගවරාලලා එක පාරටම සංවර්ධන බැංකුවක් ගැන කතා කරන්නට ගන්නේ.... රනිල් උන්නැහේ ඒ ගැන කීවායින් පසුවය.


මේ හෙමින් හෙමින් එලියට එමින් තිබෙන්නේ.... මේ හිඟන්නන් බලයට පැමිණි පසු දෙන්නට යන ගේම් මිස වෙන කිසිවක්ම නොවේය. ඇත්තටම උන්ට මක්කත් කියලා වැඩක් ඇත්තේ නැතිය. මුනුත් අනික් දේශපාලුවෝ වාගෙමය.

ඒ ගැන කිව්වේද තඹුත්තේගම ගවරාලමය. 


ඒ හාදයා කිව්වේ.... පාර්ලිමේන්තුවේ ඉන්නා 225 ම බූරුවෝ කියලාය. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඒකටය.


88/89 ත්‍රස්තවාදී භීෂණ සමයේදී... ග්‍රාමිය බැංකු, සම්පාකාර, තේ ෆැක්ටරි, ගොවි ජන සේවා මධ්‍යස්ථාන මංකොල්ල කෑ මේ චේ ගුවේරා කාරයෝ දැන් කරන්නට යන්නේ.... 


සියළු බැංකුවල තිබෙනා මුදල් ටිකට වැඩේ දෙන්නට යන එකය. මෙතෙක් බලයට පැමිණි දේශපාලුවන් වැඩේ දුන්නේ රාජ්‍ය බැංකුවලට වුවද... මුන් ආ පසු සියලු වානිජ බැංකුවලටත් අත්වන්නේ ඒ ඉරණමය.


මුන්ට ලාබය කියන දේ ඇලජික්‍ය. අරහංය. උන් රට හදන්නට යන්නේ සම්පාකාර සිස්ටම් එකටය. සියල්ලෝ හිඟන්නෝ කිරීම ඒ ඉකොනමි තියරි එකය. උදාහරණ ලෙස කියුබාව හා උතුරු කොරියාව දෙස බැලුවාම හරිය.


එහෙම නැත්නම්..... පොලී නැති බැංකු පටන් ගන්න වෙන්නේ සල්ලි අච්චු ගගලාය. ගොබ්බ ගෝටා කොරෝනා කාළේ නැටුවේ ඒ නාඩගමය. ඒකේ රිසාල්ට් එක සියල්ලෝම දැක්කේය.


 පොලියක් නොගෙන බැංකුව දුවන්නේ කොහොමද කියා අසන්නට තරම් බුද්ධියක්.... උන් පසුපස යන අම්බරු රැලට ඇත්තේ නැතිය. 


කලින් කීවාක් මෙන්.... උන්ට දොස් කියා ඇති වැඩක් නැත්තේමය. මේ ඇවිල්ලා.... ඇට අට, හඳෙන් හාල්, පේසාලේ තෙල්,මන්නාරමේ ගෑස්, මෝදර මෝය කටේ මැණික්... කතාවේ තවත් චන්ද මගඩියක්මය.


දොස් කිව යුත්තේ... අනුන්ගෙන් ඉල්ලාගෙන කන බොන සුකනා හිඟන්නෝ පිරිසක්... රට ගොඩ දමයි කියා හිතාන.... පුපෙත් ඉස්ටිකර් අලෝගෙන උන් පස්සෙ යන අම්බරු රැලටය.....


ඒ වගත් මෙසේය......


.

Jul 4, 2024

ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ බලය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.


ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ  බලය  හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම.

➖➖➖➖➖🔹🔹🔹➖➖➖➖➖


ජනාධිපතිවරණට දින නියම කිරීම කට ළඟ තිබියදී... "ලෙනව" නම් හාදයෙක් අධිකරණයට පෙත්සමක් ඉඳිරිපත් කරමින් කියා සිටින්නේ... ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ වසර 5 කට වරක්ද 6 කට වරක්ද කියා අධිකරණයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසත්..... එතෙක් ජනාධිපතිවරණයක් පැවැත්වීම කල් දමනා ලෙසත්‍ය.


පෙස්සම සලකා බැලීම සඳහා සඳුදාට දින නියම කොට ඇති අතර එදිනට පෙස්සම විභාග කරන්නේද... එසේ නැතහොත් කුණු කූඩයට දමන්නේද යන්න තීරණය කරණු ඇත.


මොකා මොන දේ කීවත්... බුවා ගෙන එන තර්කය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලය... නිවැරදිය. අනික් උන් මොන බයිලා ගැහුවත්... ඒ බව තේරුම් ගත්තේ ගොම්මන්පිල උන්නැහේ ඉතරමය.


ලෙනව බුවා කියන්නේ... හිටන්ගේ කාළයේ ජනාධිපතිවරයාගේ ධූර කාළය වසර 6 සිට 5 දක්වා අඩුකර ගැන්ම නීතී විරෝධී බවය.


මන්ද ව්‍යවස්ථාවට අනුව... ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය පමණක් නොව ජනමතවිචාරණයක් තුලින්ද අනුමතය ලබා ගත යුතුය.


ඒ අනුව යහපාලනය විසින් කර ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූල නොවන නීතී විරෝධි ක්‍රියාවකි.


නීතියට අනුව මෙය දරුණු නීතිය උල්ලංගනය කිරීමක් වනාතර... යුක්තිය පසිඳලීමේ ප්‍රධානම ආයතනය වන ස්වාධීන අධිකරණයද මේ නීතී විරෝධී ක්‍රියාව අනුමත කරයිද නොකරයිද යන්න දෙස සියල්ලෝම බලා සිටී.


අධිකරණය මෙය ප්‍රතික්ෂේප කරන්නේ නම්..... එහි වාසිය හිමි වන්නේද පාර්ලිමේන්තුවටය. මන්ද මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා කී පරිදි....


ජනතාවට පමණක් නොව..

ජනතා නියෝජිතයින්ටද....

ව්‍යවස්ථාව උල්ලංඝනය කළ කැකිය...


එහි වැඩිම වාසිය ලැබෙන්නේ ජවිපෙටය.

මන්ද.... 

ඔවුන් බලයට පැමිණ පැය 24 ක් යාමට මත්තෙන්... පාර්ලිමේන්තුව විසුරුවා හැර කොමියුනිස්ට් රාජ්‍යය පිහිටුවා....

අධිකරණ බලයද ග්‍රාමසේවක වසම දක්වා විමධ්‍යගත කොට ජනසතු කළ හැකි බැවිනි.


ස්වස්ථි සිද්ධම්....!!!!

.

 

Jun 21, 2024

බැසිල්ගේ සුරතාන්තය හා රාජපක්ෂලාගේ අවසානය


 

බැසිල්ගේ සුරතාන්තය හා
රාජපක්ෂලාගේ අවසානය
➖➖➖➖➖➖➖➖🔴➖

රාජපක්ෂලාට කෙලියේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාමය. ගෝටා බැලුවේ රාජපක්ෂ පවුලටම ෂොට් එක දී.. සීරෝ වන් ගේට්ටුව ගාව උන් ත්‍රස්තවාදීන් එක්ක රට කරගෙන යන්නටය.

රාජපක්ෂලා ඉල්ලාගෙනම කෑ මැයි 9 වනදා, මහගෙදර හා අම්මා තාත්තාගේ සොහොනත් ගිනි තබා.. තංගල්ල කාල්ටන් නිවස ඉදිරියේ විරාජමානව වැඩ හුන් කළක් ජාතියේ පියාව වුන්... ඩී ඒ රාජපක්ෂ ශ්‍රීමතානෝ බෙල්ලෙන් ඇද පොලොවේ ගසන්නටත් ඉඩ හැර... තම පාක්ෂිකයින්ගේ නිවෙස් ගිනි තබා විනාශ කරනායුරු ටැලිවිෂන් එකෙන් ආතල් එකේ බලාන උන්නේ ඒ නිසාය.

එහෙත් ගෝටා කෑ ළණුවේ තරම උන්දැට තේරුනේ ඉන් මාස 2 කට පසු බැසිල් හාමූ එක්ක බව්වෝ වගේ ජීවිත බේරාගෙන රටිනුත් පැන ගිය දිනයේය. රනිල් වික්‍රමසිංහ නොවන්නට එදා රාජපක්ෂලාට හා බයියන්ට කන්නට වෙන්නේ මැයි 9 වනදා කෑ පරිප්පුවටත් එහා ගිය පරිප්පුවකි. දැන් උන්ට ඒවා මතක නැතිය.

එමෙන්ම කිසියම් ආකාරයකින් ජෙප්පන්ට බලය ලැබුනහොත්... රාජපක්ෂලාට හා බයියන්ට අත්වන ඉරණම ගැන අනාවැකි දැනටමත් ජේවීපී නායකයින්ගේ මුඛරි කටවල් වලින් එලියට පැන අහවරය.

මේ බව තෙරුම් ගත් මොළේ කළඳක් හෝ ඇති බයියන් වැඩිම පිරිසක් ජෙප්පන් සමඟද, තා පිරිසක් සජිත් හා ජලනි බලවේගය සමඟද, ඉතිරි පිරිස රනිල් සමඟද එක් වී අවසානය. දැන් බැසිල් හා නාමල් වටා ඉන්නේ... ශිරන්ති හා යෝෂිතගේ දිරච්ච ළණුව කා .. මැයි 9 වනදා අරලිය ගහ මන්දිරයට පැමිණ... ඉල්ලාගෙනම පරිප්පු කෑ.... කුර හා අං සහිත අමුම අමු ගොබ්බයන් පිරිසක් පමණි.

බැසිල් හිතන්නේ උන්නැහේ මාර පොරක් කියලාය. ඒත් රාජපක්ෂ පවුලේ එකෙක්වත් නොදන්නා දෙය නම් මුන් සියල්ලෝම රැකුනේ... මහින්ද රාජපක්ෂගේ රැස් වලල්ලේ එලියෙන් බවය. මොළ හතක් තිබෙනවා යැයි කීවාට උන්නැහේ දන්නේ කෙලවී ගෙන එන කොට පැනලා මාරුවෙන එක පමණයි කියා දැන් බයියෝ දන්නවාය.

මේ වන විට, නිහාල් විසින් තල්ලු කරගෙන එන මහින්ද මහත්තයාගේ රැස් වලල්ල නිවී ගොස් ඇති බව ගෝනා ඔනෙකුට තේරෙනවාය. තව කාළයක් ෆුල් ෆිට් එකේ ඉන්න සිටී ආතල් බුවා... අරලිය ගහ මන්දිරයේ කකුල් දෙකෙන් එල්ලා යොගී කරන්නට ගොස් ලෙඩෙක් කළෙත් මේ මැට්ටන් පිරිසම හැර වෙන කවුරුවත් නොවේය. තවමත් ඩයි නාවා, සැන් පවුඩර් දමා, නිහාල් විසින් තල්ලු කරගෙන විත් වෙඩින් කේක් එක වගේ ප්‍රදර්ශනය කලාට, ඇතුලේ කේක් නැති බවත්, ඇත්තේ රිජිෆෝම් බවත් දැන් සියල්ලෝම දන්නවාය.

රටක් ගෞරවය කළ.. ආදරය කළ.. මහින්ද මහත්තයාට මේ සියල්ල නැති කළේත් සතුරන් හෝ මිතුරන් නොව හාමු නෝනා සමඟ දරුවෝ තිදෙනා හා විශේෂයෙන් බැසිල් බ්‍රෝ බවත් දන්නෝ දන්නවාය. මහින්දගේ මිතුරන් සියල්ල ඔහුගෙන් ඉවත් කොට, ප්‍රාදේශීය මැරයන් හා කම්බා හොර අන්තේවාසික වහල් බයියන් පිරිසකගේ නායකයෙක් බවට මහින්ද මහත්තයා පත් කලේ මොවුන්ය.

තවමත් නෙළුම් මාවතේ රංඟනයේ යෙදෙන්නේ මොවුන්‍ය. ඔවුන් කිසිඳු පක්ෂයකට හෝ සංධානයකට වැද්ද ගන්නේ නැතිය. තනියෙන් ගමනක් හිතන්නටවත් බැරිය. කරපු කරපු රැස්වීම්... සම්මන්ත්‍රණ... කුමන්ත්‍රණ... වැඩ මුලු සියල්ල... පට්ට ෆේල්‍ ප්‍රොජෙක්ට්ස්‍ය. ඉන්නේ අර හාල්පාරුවෝ ටික පමණය.

එකම පිහිට හා ආරක්ෂාව ඇත්තේ රනිල් ළඟ පමණය. තත්වය එසේ තිබියදි... උන්නැහේට හා උන්නැහේ වටා එක් වූ පිරිසට පාට් දාන්නේ... මොළ හතක් ඇති නිසා නොව, මොළේ පුපේවත් නැති නිසාවෙන් බව ලියා තබා මේ පල්හෑල්ල මෙතනින් අකුලා දමනවාය...

ඉස්ධූතියි... නන්ඩ්‍රෙයි.... ටැම්ක්ස් හොඳේ...

Jun 13, 2024

කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන.. ඉටිකොල ජෙප්පන්ගේ... අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.



 


කිරි තේ එකත් අධි සුඛෝපභෝගි භාන්ඩයක් වන..
ඉටිකොල ජෙප්පන්ගේ...
අනාගත කොමියුනිස්ට් රාජ්‍යය.
➖➖➖➖➖➖➖➖➖➖➖⭕

70-77 යුගයේ සිරිමාගේ මැයි පෙලපාලියේ ගිය බයි කම්කරුවන්ගේ සටන් පාඨය වූයේ....

සීනී නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපේ කියනවා නම්
පිඳුරු වුනත් අපි කන්නම්

කියලාය..... ඒ කාළයේ නොව... මේ කාළයේද ඒ විදියට ගියා නම් රට ගොඩ යනවා කියන අමන අම්බරු බයියෝ ඕනෑ තරම් තවමත් ඉන්නවාය.

ගොබ්බ ගෝටා ගෙනෙගිය වැඩ පිලිවල වර්ණනා කරන්නේ එහෙව් ඔල්මොරොන්දම් මොරි මාඩ අම්බරු වහලුන්‍ ය. ඒ වහලුන් අති බහුතරය දැන් පෙරුම් පුරමින් ඉන්නේ... අනුර කුමාරයා රජ කරවා ඒ පරිප්පුව නැවතත් ඉල්ලාගෙනම කන්නටය.

මේ බව දන්නා ජෙප්පෝ... මේ මොහොතේ කිරි තේ එකක් බොන ජනතාවට අනතුරු අඟවමින් කියා සිටින්නේ... උන් ආ දා පටන්... නෝ කිරි තේ කියලාය.. ප්ලේන්ටිය බොන්න වෙන්නේත් සීනී නැතිවය. මන්ද උන්ගේ ප්‍රතිපත්තිය අනුව කිරි තේ එක අධි සුඛෝපභෝගී භාන්ඩයක්‍ ය.

බලය ලබා ගැන්ම බඩේ බත් වගේ විශ්වාසයෙන් උන් ජෙප්පෝ... දැන් බහුතරය 90% විතර යැයි කියූ ජෙප්පෝ... දැන් බලය ගත්තාට තොපිට සුර සැප දෙන්න වෙන්නේ නෑ... පරිප්පු කන්න රෙඩි වෙලා හිටපියව් කියා කිසිඳු පැකිලීමකින් තොරක කෙලින්ම කියන්නේය. ඒ උනට චන්දය දෙන්නේ අමු ගොබ්බ අම්බරුවෝ බව උන් අවබෝධ කොටගෙන අවසාන නිසාය.

උන්ගෙන් 2019 මිළට ගෑස් ගන්න බලාගෙන ඉන්නා උන්ට සම්මා සම්බුදු සරණය. පුප නමාගෙන ලිපට පිඹ පිඹ දර ළිපේ උයන කොට රනිල් ගෙදර යැවූ එක කෙතරම් අපරාධයක්දැයි කියා... එදාට උන්ට තේරෙනු ඇතිය.

ධනපති පන්තියට හා ප්‍රභූන්ට වෛර කිරීමේ පාපය මේ පරිප්පු කන දිනට උන්ට අවබෝධ වනු ඇත්තේය.

එහෙත් උන්ට තියා කිසිවෙකුටත්... ජේවීපි කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව කටක් හොල්ලන්න වෙන්නේ නැති බව ලාල් අයියා කියා අවසානය.

දේශපාලන බලය සමඟ රාජ්‍ය බලයද ලැබුන පසු ඒවා ක්‍රියාවේ යොදවන ආකාරය ඔවුන් දන්නා බවත්... ෂොට් එක දෙන්න ඕන සෙට් එක දැනටමත් මාක් කරලා ඇති බවත්... ෂොට් එක දීම සඳහා කණ්ඩායමක් ඉන්නා බවත්..  ලාල් මෙන්ම හඳුන්ද දැන් කෙලින්ම කියන්නේය.

අධි සුඛෝපභෝගි ජීවිත ගත කරනා රටේ බදු ගෙවනා ව්‍යවසායකයින් හා පෞද්ගලික බැංකු පද්දතියට මෙන්ම.... සුපර් මාකට් සංස්කෘතියේද අවසානය ඔවුන්ගේ පැමිණීම බව.... හඳුන්ගේ කතා තුල මෙන්ම චතුරංග අබේසිංහගේ සටහන් තුලද ඉතා නිරවුල්ව විග්‍රහ කර අවසානය.

උන්ට මේ රට දියුණු කිරීමේ කිසිඳු වැඩපිලිවලක් හෝ ප්‍රතිපත්තියක් ඇත්තේ නැතිය. උන් එවෙලෙට කටින් කියන දේ උන්ගේ ප්‍රතිපත්තිය බව කීවේ නලින්ද ජයතිස්සය.

ජනතාවට සිඳුවන්නේ... උන්ගේ පන්තියේම පිරිසක් අධි සුඛෝපභෝගි ජීවිත ගතකරනාකරය දෙස බලාගෙන.... සදාකාලිකව කියුබාවේ හා වැනිසියුලාවේ ජනතාව මෙන් ජීවත් වන්නටය.

නමුත් උන් එක දෙයක් කරනා බව විශ්වාසය. එනම් උන්ගේ ආර්ථික උස්තාද්ලා අනාවැකි පලකල ආකාරයට ඩොලර් එක රුපියල් 600 ට ගොස් සමස්ත ජනතාවම.. සම්පාකාර පෝලිමේ සිට පාන් ගෙඩියක් ගන්නා හිඟන්නන් පිරිසක් බවට පත් කරනා බවය.

ඇති නැති පරතරයක් නැති සමාජවාදී රටක 1970 - 77 දක්වා අප ඒ ජීවිතය අත්විඳ තිබුනද... සිස්ටම් චේන්ජ් ඉල්ල්න Z පරම්පරාවට ළඟදීම ඒ වාසනාව ජවිපේ විසින් ලබාදෙන බවත් දැන් ඔවුන් ප්‍රකාෂ කොට අහවරය....

දීලා බලන්න
ආස හිතෙයි......

Jun 10, 2024

ලාහෙට ගෙම්බන් එකතු කරමින් පොදු අපේක්ෂකයා විය හැකිද


 

ලාහෙට ගෙම්බන් එකතු කරමින්

පොදු අපේක්ෂකයා විය හැකිද

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් නම් තවමත් කියන්නේ... පවතින තත්වය අනුව ජනාධිපතිවරණයක් නොතියා... රනිල්ට තව වසර පහකට බලය පවත්වාගෙන යා හැකි ක්‍රමයක් සකසා ගන්නවා නම් එය රටට මෙන්ම ජනතාවටද සෙතක් කියලාය.


එය කළ හැකි ක්‍රමයක් ව්‍යවස්ථාවේම තිබියදි.... එය භාවිතා නොකරන්නේ නම්... එය රටේ හා ජනතාවගේ අවාසනාවය. රංගේ බන්ඩාර එලියට දැම්මේ ඒ ක්‍රමයය. ඒ ජනමත විචාරණයක්‍ ය. ජේ ආර් මේවා ව්‍යවස්ථාවට ඇතුලත් කළේ ඔහු තුන් කල් දුටු දේශපාලුවෙක් නිසාය. ඒවා ඇත්තේ මෙවන් විශේෂ අවස්තාවන් වලදී භාවිතා කිරීමට මිසා පොත් ගුල්ලන්ට කන්නට නෙමේය.


යහපාලන සමයේ සිරිසේන නම් පිස්සා එලවා දැමීමට දෝෂාභියෝගයක් ගෙනාවේ නම්... එය පහසුවෙන් ජයගත හැකිව තිබියදි, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර වසර පහම පිස්සෙක් හා පිස්සු කෙලීමෙන් සිඳු වූ දේ මුළු ලෝකයම දැක්කේය. පිස්සා තවමත් පිස්සු කෙලිමින් සිටිනා අතර... අංගොඩ සිටිය යුතු පිරිසක් ඌ වටේ තවමත් කැරකෙමින් සිටීම මාර ලොල් සහගතය.


ජනමත විචාරණයකට යන්නේ වුවද, එහිදීද... දක්ෂිණාංශික පක්ෂ සියල්ල රනිල් වෙනුවෙන් පෙලගස්වා ගැන්මට රනිල් සමත් විය යුතුය. නැතිනම් ජවිපේ ජයග්‍රහණය ස්ථිර වන්නේ, ජනමතවිචාරණයද තම වාසියට හරවා ගැන්මට ඔවුන්ගේ ප්‍රචාරක ජාලය සවිමත් හා ප්‍රභල නිසාය.


රනිල් රට වැටුන අගාධයෙන් ගොඩ ගත්තාට...  සාමාන්‍ය ජනතාවට ඒ ගැන දැණුමක් ඇත්තේ නැතිය. එපමණක් නොව ජනතාවගේ ඇඟට දැනෙන වෙනසක්ද තවම ඇති වී නැතිය. උන් භාන්ඩ හා සේවා ඉල්ලන්නේ 2019 පැවති මිළටය. දන්සැල් දැම්මත් ඒ ගානට දෙන්න බැරි බව කියන්නට ආන්ඩුවේ එකෙක් ඇත්තේ නැතිය.


රජයට හා ආන්ඩුවට ඒ ගැන දැණුම්වත් කිරීමේ නිසි වැඩපිලිවලක් ඇත්තේම නැතිය. ඒ සඳහා ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යවේදීන් සමඟ ඇයි හොඳයියක් ඇත්තේම නැති අතර... ඔවුන් සියල්ල ආන්ඩු විරෝධි කඳවුරුවල සුවච කීකරු ගෝලයින් වී අවසානය.


එමෙන්ම රනිල් පොදු අපේක්ෂකයා යැයි කීවද... ඔහුගේම අලි ගාලේ හෙන අලි වලිය... ඊට හේතුව... ඉන්නේ ඇපත් නැති වූ අලි නිසා... උන් තවමත් ඉන්නේ පිස්සු වැටිලා වෙන්නට පුලුවනිය. සජිත් ළඟ ඉන්න අලි... ඕන් එනවා... මේන් එනවා කිව්වාට... අරගලේ එක්කම සජිත්ගේ ගාල කඩාගෙන ආ... හරීන් හා මනූෂ හැර... වෙන එක අලියෙක්කත් තමන්ගේ ගාලට ගන්නට රනිල් අසමත් වුනේය.


ඔහුට මේ වන තෙක් කිසිඳු පක්ෂයක හෝ සභාගයක හෝ සංධානයක සහාය කෙලින්ම ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කොට නැතිය. එවන් ප්‍රකාෂයන් පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්ව ලැබී ඇත්තේ කැබිනට් මන්ඩලේ ඉන්නා පෝට්ටුවේ මැති ඇමති කම් කරනා උන්ගෙන් පමණය.


එමෙන්ම පනත් සම්මත කර ගැන්මට තවම ලැබෙන්නේද පොහොට්ටුවේ චන්ද පමණය. 


ලංසා මුල සිටම රනිල් හා උන්නද එම කඳවුරටද යම් ශක්තියක් ගෙන ආවේ.... මහින්ද අමරවීරලාය. එය සිඳුවන්නේද පිස්සා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිකරණ ඇමතියාට විකුණූ නිසාය. එහෙත් ඔවුන්ද මේ වන තෙක් ඔවුන්ගේ සහාය රනිල්ට ලබාදෙන බව කෙලින් ප්‍රකාෂ කොට නැතිය.


එමෙන්ම ඒ කණ්ඩායම තුලද දැකගන්නට ලැබුනේ අනාත වූ සිරි ලංකා කාරයන් පමණි. රනිල්ට සහාය දෙන බව ප්‍රසිද්ධියේ කී ප්‍රසන්න ඇතුලු කැබිනට්ටුවේ තරුණ දක්ෂයින් රැල උන්නේ නැතිය.


දැන් හැම එකාම කියන්නේ මේ වැඩපිලිවල ඉදිරියට යා යුතු බවය.... සජිත් හා අනුර කියන්නේත් ඒකමය. අනුර කිව්වේ වැල් පාලමේ ඉතිරි භාගේ යන එක මහ දෙයක් නෙමේ කියලාය.


ඉදින් මේ රනිල් වටේ ඉන්න අයත් මේ වැඩපිලිවල ඉදිරියට ගෙන යන කෙනෙකුට සහාය දෙනවා කියන්නේ.....


අවසාන මොහොතේදී... දැන් යන රැල්ල අනුව... වළං ශානී වගේ අනුර සහෝදරයාට සහාය පලකිරීමට ඉන්නවාදෝ කියා සැකයක්.... මාතලන් වන මා හට තියෙන්නේය.


මන්ද යත්... රැල්ලේ සැරට... තඹුත්තේගම බන්ඩා ලන්ඩන් ගොස් පැමිණි පසු... ග්‍රෑන්ඩ් මොනෑක් එකේ පවත්වන ජවිපේ මීළඟ සමුළුව... ජවිපේ හා එකතුවන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා මැති ඇමතිවරුන්ගේ සමුළුවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාය.


ගෙනියන්නේ රනිල්ගේ වැඩපිලිවලම නම්.... රනිල් ලොක්කාත් ඒකට ගියාම.... අපිටත් අවුලක් නැතිව ජවිපෙට සප් එකක් දීලා....


ඔවුන් බලයට ආවාම අපිට වෙන දේ බලාගනින් කියා තර්ජන කරනා එම පක්ෂයේ උගත් බුද්ධිමත් අනුගාමිකයින්ගෙන් අප වැනි හාල්පාරු අශූචී අනුභව කරනා වගලුන්ගේ ජීවිත බේරාගත හැකි වන්නේය...


ඒ වගත් මෙසේය.....

May 28, 2024

පාලිත රංගේ බණ්ඩාර, මුට්ටිය දමා ඇදගෙන නෑම.


 පාලිත රංගේ බණ්ඩාර,

මුට්ටිය දමා ඇදගෙන නෑම.
➖➖➖➖➖➖➖➖➖⭕➖

රංගෙ බණ්ඩාර කියන්නේ පොඩි බඩුවක් නොවේය. ඇපත් නැතිව ගෙදර ගිය බුවාලා වුවද, දැන් උන්නැහේ, වත්මන් විධායක ජනාධිපති තුමාගේ පක්ෂයේ ලේකමාය. හොයාගන්නවත් නැතිව කැලෑ වැඳුන අලි... ආයේ එලියට ආවේ රාජපක්ෂලාට පින්සිඳු වෙන්නටය.

පාර්ලිමේන්තුවේ උන් තනි අලියා විධායක ජනාධිපති වුයේ... රාජපක්ෂලාගේ 69 ලක්ෂයේ චන්ද කුට්ටියෙන්‍ය. ඒ නිසා අරගල හාල්පාරුවෝ මක්කා කිව්වත්... එයාට මැන්ඩේට් එකක් නැති වුනාට පෝට්ටු බයියන්ගේ මැන්ඩේට් එක ආයේ චන්දයක් තියන්කන් ව්‍යවස්ථානුකූලය. උන්නැහේ ජනාධිපති කොරලා බැසිලස්ලා බලාපොරොත්තු වුනේ... රනිල් පෝට්ටු බයියන් කියන විදියට ඉඳීය කියලාය.

බැසිල් ගාමිනි දිසානායක ළඟ උන්නාට... රනිල් ළඟ උන්නේ නැතිය. රනිල් කියන්නේ... ජේ ආර් උන්නැහේගේ බෑනාය. ජේ ආර් කිව්වේ... විධායක ජනාධිපති ධූරයෙන් කරන්නට බැරි ගෑණියෙක් පිරිමියෙක් කරනෙකත්... පිරිමියෙක් ගෑණියෙක් කරන එකත්‍ය කියලාය.

ඒ කිව්වාට මහින්ද මහත්තයා උන්නැහේගේ දෙවනි ඉනිමේදී... පිරිමි ගෑණු කිරීම කෙසේ වෙතත්... පිරිමි ඔක්කොම නපුංසකයෝ කරන ආකාරයත් රනිල් ලොක්කා දුටුවේය.

ඒ දෙවන ඉනිමේදී මහින්ද මහත්තයා ඇක්සෙකටිව් ප්‍රසිඩන්ට් ප්ලස් දුටුගැමුණුත් වෙච්චි නිසාය. හැබයි ඉතින් ධාතු කරඬුව වගේ නෙවිල් ලවා හැම තැනම උස්සාගෙන ගියාට දැන් උන්නැහේ පැන්ෂන් ගිය පොලිස් කාරයාගේ සයිස් එකේය.

දැන් උන්දෑගේ සැළුන් දොරෙන් එලියට යන උන් මිසක්... ඇතුලට එන උන් නැත්තේය. ඉන්න උන් ටිකත් බැසිලස් හා නාමල් කුමාරයා පුපට පයින් ගසමින් එලවනවාය. එයාලාගේ මැයි දිනේ මෙන්ම අනුරාධපුර රැස්සීමත් පට්ට ෆේල්‍ ය.

මේ සියල්ලත් රනිල් උන්නැහේ නරඹම්න්, විඳිමින්, ඉස්ටඩී කරමින් සිටිනා දේවල්‍ය. ඒ අස්සේ සජබෙත් මණ්ඩලේ කචල්‍ය. හමුදාවේ හාල්පාරුවේ රෙද්ද අස්සේ දාගන්න නිසා ෆොනී යන්න ගියේය. ජී ඇල්ලා ගොඩහෑවලා දාගත් නිසා හර්ෂලා කබීර්ලා එරාන්ලා අවුල්‍ය. ඒ අස්සේ පුතානෝ මැතිතුමා කරන්නේ ජලනි ආර්‍යා තොමෝ කියන දෑ කියා... මනෝ හා හකිම් යන්න බඩු පැක් කරනවාය.

මෙහෙම අවුල් අස්සේ ජනාධිපතිවරණයක් මක්කටෙයි කියා අලින්ට නොව අපිටත් හිතෙනෙක සාධාරණය.

ඇත්තටම ආර්ථිකය ගැන යම් අවබෝධයක් තියෙන හැම එකාම කියන්නෙ රනිල්ට තව කාළයක් ඉන්න දෙන්න ඕනෑ කියලාය. මහ බැංකුවේ ලොක්කාත් කෙලින් නොකියා කියන්නේ ඒකමය.

වැඩේ තියෙන්නේ එහෙම ඉන්නට ව්‍යවස්ථාවෙන් බලයක් නැති එකය. කයියනායක තුමා හා විප්ලවවාදී සහෝදර නඩය, එයාලා බලයට ආපූ ගමන් ව්‍යවස්තාව විසි කරනවා කියන්නේ මේ නිසාය. එහෙම නොකර එයාලාට චීනයේ, කියුබාවේ හා උතුරු කොරියාවේ සිස්ටම් එක ගෙනියන්නට බැරිය.

කරුමය කියන්නෙ... ආර්ථිකේ දන්න උන් රනිල්ම ඕනෑ කිව්වාට... රටේ අති බහුතරය තියා බලේට එන්න වලිකන ජනාධිපති අපේක්ෂක සැට්ටෙකටත් ආර්ථිකය ගැන මළපොතේ අකුරක් නොදන්නා එකය.

ඒ කරුණු සළකා බලන කළ රංගේ බංඩාර කියන්නේ මේ මොහොතේ කළ යුතු වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය හා නිවැරදිම තීන්දුව ගැනය.

ඒ හේතුවෙන්... මාතලන් වන මා විසින් රංගේ බන්ඩාරගේ යෝජනාව අත් දෙකම ඔසවා අනුමත කරන ලද බවත්, එය ව්‍යවස්ථාවට අනුකූල බවත්, සියළු ලක් වාසීන් වෙත මෙයින් දන්වා සිටිමි.


ස්වස්ති සිද්ධම්....!!!