මිලේච්ඡත්වය වන්දනා කරනා
රෝන්ග් ජෙනරේෂන් එක
➖➖➖➖➖➖➖🔴➖
රිට්ටා මුණිවරයා ( Ritigala Jayasena ) (ඔව් එයා එයාගේ දේවාලේ මහ කපුවා කිව්වට.. ඇත්තටම එයාලා ඔවුන්ගෙම අනුගාමිකයින් ඉන්න මුණිවරු) මරු පෝස්ට් එකක් දාලා තිබුනා.
ඒකේ තියෙන්නේ බුකියේ ඉන්න එකෙක් පෝස්ට් එකක් දැම්මාම, බුකි නොදරුවෝ කරන්නේ පෝස්ට් එකේ face value එක ගන්නේ නැතිව, ලියපු එකාගේ පැටිකිරිය දිග අරින එකය කියලා.
ඒ කියන්නේ අදාල ප්‍රස්තුතය පැත්තක තියෙද්දි ලියපු එකාගේ පෞද්ගලිකත්වයට ගහන එක කරන්නේ. සම 🐄 එතනින් නවත්තන්නේ නැතිව බ්ලොක් කරලා රිපෝට් කරලා දානවා. ඒ විතරක් නෙමේ උන්ට පුලුවන්නම් උන් ලියපු එකා වැලිගම්පිටි යවන්න තරම් විශම මානසිකත්වයෙන් හෙබි ජෙනරේෂන් එකක් ඉන්නේ.
ඒකේදී උගත් උන්ද නූගතුන්ද කියන දේ අදාලා නෑ.මහා ලොකු පොරවල් කියන ජොස්තරලා ඉන්ජිනියැර්ලා අතරෙත් චීත්ත අඳින අය ඕන තරම්. මේවට වග කියන්න ඕන වම කිව්වොත් ඒක අසාධාරණයි.
මොකෝ ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පටන් ගත්තේ සුද්දගෙ කාළේ ඉහළ පන්තියට ගිය ඔක්ස්වර්ඩ් ක්‍රේම්බිජ් උගත් වැදගත් ඉංග්‍රීසි දන්න බුද්ධිමත් පිරිස්. ඔවුන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්. ලේ හලන විප්ලව කලේ නෑ.
ඒත් 1965 බිහිවන ජවිපය කියන්නේ පීඩිත කුල හීන පන්තියෙන් බිහි වූ, වෛරය හා විනාශය වපුරපු මානසික රෝගීන් පිරි දේශපාලන ව්‍යාපාරයක්.
දැන් තියෙන වමේ සියලුම පක්ෂ එහෙමයි. සියළුම කැම්පස් වල බලයත් උන් අරගෙන ඉවරයි. අචාර්‍ය මණ්ඩලවල බහුතරයත් මේ පෞර්ෂවය අහිමි හීනමාන පිරිසක්. රාජ්‍ය නිළධාරී පැලැන්තියත් එසේමයි. උන්ගේ එකම පැතුම රුධිරය දැකීම හා විනාශය. ඒකේදී සෙන්ට්‍රල් බෑන්ක් ගවනර්ද, උපකුලපතිද කියන දේ අදාල නෑ.
එයාලට මේක තේරෙන්නේ පේරාදෙනියේ වගේ ප්‍රශ්ණය තමන්ගේම වෙලා මිලේච්ඡත්වය තමන් කරා පැමිණිය පසුයි.
මේ ළඟදි හරිනි නෝනා කියලා තිබ්බා එයා නේස් නෝනා කෙනෙක් නූනේ, ලේ දකින්න බය නිසා කියලා. හැබයි දැන් එයා ඉන්නේ අමරවීර අතුකෝරාල මිලේච්ඡ විදියට ඝාතනය කල පිරිස සමඟ බව එයාට අමතකයි..
පාතාලයයි මුනුයි අතරේ වෙනස උගත්කම පමණයි.
ඇත්තටම දැන් ඉන්නේ රෝන්ග් ජෙනරේෂන් එකක් තමා....
එහෙම නොවේනම් මෙතරම් මිලේච්ඡ ඝාතනයක් සාධාරණීකරණය කරපු සමාජයක් මෙතුවක් කාළයකට මේ රටේ තිබුනේ නෑ.
හැම එකාම ජාති ආගම් කුල මල පන්ති බේද පැත්තක තියලා දින ගනනක් කම්පා වුනා. මේ මෑතක වේල්ල වීදියේ දාලා ගිය කාන්තා හිසසුන් මළකද තියෙන බෑග් එක දැකපු වෙලෙත් එහෙමයි.
මේ සියල්ල වෙනස් කළේ අරගලය. දැන් කියයි උන් ඒක පටන් ගත්තේ පාතාල බයියෝ නිසයි කියලා. එහෙම කියන අයට මට කියන්න තියෙන්නේ..
උඹලා ඊටත් එහා මිලේච්ඡ වනචාරීන් පිරිසක් කියලා විතරමයි...
.
