.

.

Sep 17, 2020

තකතීරූ මං තීරූ

 


මක්කා කලත් ප්‍රමුඛතා මං තීරූ ක්‍රමයක් දමා පිලිවලකට පාරේ ගමන් කරන්න පුලුවන් සිස්ටම් එකක් හැදුවේ මෙලෝ රහක් නැති ගිය ආන්ඩුවය. පිලිවලකට ගමන් කරනවාටත් වඩා එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ වැඩි මගී පිරිසක් ගමන් ගන්නා බස් රථ සඳහා ප්‍රයෝරොටි ලබාදීමය. මුල් දවස්වල වැඩේ නැගලාම ගියේය. පිස්සු බල්ලෝ වගේ පාරේ යන උන්ට දඩ කොලේකුත් දුන්නේය.

ඒ අතරේ සම හරක් කිව්වේ, බොරුවට පාරේ අළුත් ඉරක් ඇඳලා, ඇඳපු උස හාදයා කෝටි ගානකට කෙලින්න කරපු වැඩක් කියලාය. අර කිව්වා වගේම මංතීරූ ක්‍රමය ඒ කාළයේම අභාවයට ගියේය. ඔය කොරෝනා නිසා ඇණයක් හිටලා නැවතුනාය කියනා කතා බයිලාය.

කෙසේ වෙතත් නව පාලනය යටතේ වැඩේ ආයෙත් පටන් ගත්තේය. ට්‍රයල් පීරියඩ් එක දින තුනක් කියා කීවෝය. රෝඩ් සයින් බෝඩ් වලට කණු වෙනුවට පොලිස් කාන්තාවෝ හිටුවා පොලිසියේ අභිමානය (එහෙම එකක් ඇත්තේ නැතිය) මෙන්ම, කාන්තාවන්ගේ අභිමානයද බල්ලාටම දම්මේය. සමාජ මාජ්ජ වලින් කොක්ක ඇදපු නිසා තුන්වන දින වෙන කොට ඒක අකුලා ගත්තේය.

පළමු දිනයේ තිබූ තද බදය දෙවන දිනයේ තිබුනේ නැතිය. දෙවන දිනයේ තිබූ තද බදය තුන්වන දින තිබුනේ නැතිය. පොලීසියේ පුක චූන් උනේය. මේ ආන්ඩුව ආපු පසු ඕවර් ඇක්ටින් දඟලානා පොලිස් ලොක්කෝ කීප දෙනෙක් තවත් ගොන්ම ගොන් තීරණයක් ගත්තේය.

ඒ යතුරු පැදි හා ත්‍රී රෝද රථත් බස් මං තීරුවේ ධාවනය කරනා එකය. ඒ මදිවාට උන් කීවේ බස් එක නැවත්තුවායින් පස්සේත් බස් එක පිටිපස්සටම වී ඉන්නවා විනා දකුණු පස ලයින් එකට දමා ඕවර්ටේක් වානා කියලාය.

(හැබයි වෙනදා මෙන් පේමන්ට උඩින්, වාහන අස්සෙන්, හරක් වගේ යන එකත් නැවතිලා තිබුනේය. උන් නොයන්නේ අනෙක් වාහන යටින් පමණමය. සමහර විට එහෙමත් යන්න ට්‍රයි කරන ඒවාත් රූපවාහිනි නිව්ස් වලත් පෙන්නනවාය.)

පොලෝසිය කියන්නේ මොළයක් නැති අමු පිස්සෝ රැලක් කියා අපි දනගෙන උන්නත්, මේ තරම් හරක් බව නම් දැන ගත්තේ ඊයේය. අනෙක් ලයින් එකේ යන උන් කාර් රේස් යනවා වාගේ ගිහින් ලයින් තුනම හිස්ව තිබූ අතරේ, ප්‍රමුඛතා මං තීරුවේ යන උන්ට උනේ, පැය ගනන් එකම තැන ලැග, මුන්ගේ අමන කම් පොටෝ ගසා බුකියේ එල්ලන එකය.

පොලෝසියට ට්‍රැෆික් කොන්ට්‍රෝල් තියා රටේ වාහන කාන්ඩයන් හෝ ඒවායේ ගමන් කරනා මගී පිරිස් ගැන හෝ කිසිම දැනුමක් නැත්තේය. උන් දන්නේ සයිරන් ගහගෙන, ග්ලව්ස් දමාගෙන, අත වන වනා එන, ජීප්පු මැදිකර ගත් වෙහිකල් පැරේඩ් දැක්කාම නැට්ට පුකේ ගහගෙන පඳුරක් අස්සේ හෝ කණුවක් අස්සේ හැංගී සිට, පොඩි මිනිහෙක් ගියොත් චන්ඩි වාගේ පාරට පැනලා දඩ කොලයක් දීම හෝ දඩයක් දැමීමය.

ඔය ලොකු වාහනවල යන්නේ බොහෝ විට එකම එක මගියෙක් පමණමය. එහෙත් මෝටර් සයිකල් බොහෝමයක දෙන්නෙක් ඉන්නවාමය. එසේනම් ප්‍රමුඛතාවය දිය යුත්තේ එකෙක් යන එකටද, දෙන්නෙක් යන එකටද කියනා සිම්පල් දේ තේරුම් ගන්න බැරිනම්, පොලීසිය නොව මේවා ගැන වෙනම ඉස්ටඩී කරනා ප්‍රොපාලත් මෙලෝම රහක් නැති උන්ය. මන්ද මේ තීරණ ගන්නේ පොලීසියම විතරක් නෙවේ කියා අපි දන්නවාය.

කොළඹ නඟරයේ ලොකු වාහනයක් නවත්වා දඩ කොලයක් දෙනවා දැක්කොත්, අනිවාර්යයෙන් අට පට්ටමට කියන්නම ඕනෑය. දඩ කොල දෙන්නේ මෝටර් සයිකල් වලට හා උන්ම දඩ කොල ලියනා තැනට ගෙනත් බස්සා, ආයෙත් පොලීසියට ගෙනිහින් බස්සන ත්‍රී වීල් කාරයන්ටය. මෙයින් කියන්නේ ඒ දෙගොල්ලෝ මාර විනයක් ඇතිව පාරේ යනවා කියලා නෙමේය.

ඒ දෙගොල්ලෝ තියා රටේ ජනාධිපති අගමැතිවත් පාරේ විනය රකින්නේ නැතිය. ඉතින් ජනතාවත් ට්‍රයි කරන්නේ රජා යනවා වගේම පාරේ යන්නය. වාහන නොව පදිකයාද එසේමය. අපේ රටේ විනය හදනා එක නම් ලේසි පහසු කටයුත්තක් නොවේය.

සම හරක් නම් බයිසිකල් ත්‍රී වීල් කට්ට කන කොට, ඕකුන්ට ඔහොම වෙලා මදි කියලා කීවේය. ඒ ඉන්නේ බයියෝය කියා මාර ස්වයං වින්දනයක යෙදුනේය. එකාතකින් ආයේ කිසිදා බලයක් නොලැබෙන බව දන්නා උන්, එසේ හෝ සතුටු වීම සර්ව සාධාරණය.

ඕවා ඔහොම තමයි ටික දවසක් යනකොට ඉබේම හරියයි කියා තවත් පිරිසක් කීවේය. අප නම් කීවේ මේක අමුම අමු ගොන්ම් ගොන් මෝඩ තකතීරු තීරණයක් කියලාය.

කෙසේ හෝ වැඩේ උන්ටම තේරිලා අද ඉඳන් මෝටර් සයිකල් සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට ගත් තීරණය කර තිබීම අප අගය කළ යුතුය. මන්ද යරියන්න හෝ වැරදෙන්න කරලාම බලන්න ඕනෑය. පරීක්ෂණ ඔනෑ තරම් කරාට අවුලක් ඇත්තේත් නැතිය. ඒත් නිගමනය හා අවසාන තීරණය බහුතරය සතුටු කරන්නක් විය යුතුය.

ජනාධිපති තුමාට මොකා මක්කා කිව්වත්. මා නම් සිතන්නේ එදා මෙදා තුර පහල වූ වඩාත්ම ජනතාවාදී නායකයා අපට ලැබී තිබෙනවා කියලාය…

හැබයි මේ තාක් රට කෑ නිළධාරින් දෙන ලණු කෑවාම නමයි හමයි දෙකම යන්නේ නිළධාරින්ගේ නොව තමන්ගේය කියා සිහි ණුවනින් වැඩ කටයුතු කිරීමත් බොහෝ වටිනවාය.

මේ තාක් රට ගොඩ ගැනීමට නොහැකි වූයේ උන් දෙන ගුලි කෑ නිසා බවත්, රටට දෙයක් සිඳු වූයේ නම් ඒ සාම්ප්‍රදාය කඩාගෙන ගිය තීන්දූ තීරණ නිසා බවත් කිව යුතුමය.

ඒ වගත් මෙසේය……..


Sep 15, 2020

විදුලි මාෆියාවේ හා ඇමතියාගේ කලිසම් ගැලවීම

 



Picture – http://www.dailymirror.lk/expose/Mafia-Groups-Rule-The-Roost-at-CEB/333-151529

අලුත් ඇමතියා ආපු ගමන් ඩලස් ගා රටේම කරන්ට් එක ගියේය. කොමිටියක් දැම්මේය. ඇමති කමෙන් යනවා කිව්වේය. මණ්ඩලේ එකෙක් වරද පිලිගත්තේය. ඇමතිවත් ඌවත් ගෙදර ගියේ නැතිය. රඹ ටෝක් දීමට සුප්‍රසිද්ධ ඇමතියා නැට්ට පුකේ ගහගෙන ඇවිත් කිව්වේ මාෆියාව ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලාය. මාෆියාව විසින් ඇමතියාගේ ඔළුව අත ගා පස්ස පැත්තේම රමණය කොට තිබිනි. එසේ නැත්නම් පැනමාවේ එකවුන්ට් එකක් ඕපන් උනාදැයි කියන්න අපි දන්නේ නැතිය.

හැබයි ඝෝඨා එක්ක මේ සෙල්ලම් දාන්නට බැරිය. ඊයේ ජනාධිපහි ලේඛම් කාර්යාලයට ආපු ඇමති ප්‍රමුඛ මාෆියාවට ඉන් පිටත් වීමට සිඳු වූයේ කලිසම් නැතුවම යන්නය.

ලංකාවේ තියෙන දරුණුම මාෆියාව විදුලි මාෆියාව කියා අප කියන්නේ අද ඊයේ සිට නෙමේය. මහ වැසි ඇද වැටුනාම ජලාශවල පිරෙනා ජලය රඳවා ගනීම කෙසේ වෙතත් මුන් කරන්නේ හේතුවක් නැතිවම ජලාශ වල දොරවල් ඇරලා ජලාශ ටික හිස් කර දමන්නේය.

ඉන් කෙලවෙන්නේ ජල විදුලියට ඉතරක් නෙමේය. වී ගොවිතැනටත් වගාව කරනා කාළයේ අවශ්‍ය වතුරත් නැතිව යනවාය. ඉන් පස්සේ මාෆියාවේ ඩීසල් බලාගාර ටික ඉස්ටාට් කොරනවාය. මාෆියාවේ බැංකු ගිණුම් තර වෙනවාය.

පුණර්ජනනීය බල ශක්තිය කියනා එක ඕකුන්ට වහ කඳුරුය. මොකෝ හමනා සුළඟෙන්වත්, හිරුගේ එළියෙන්වත් මුන්ට කොමිස් එන්නේ නැති නිසාය.

එන එන හැම ආන්ඩුවෙන්ම පුණර්ජනනීය බල ශක්තිය ප්‍රමෝට් කරන්න කියන්නේ අද ඊයේ සිට නෙමේය. එහෙම ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න එකා එන්කරේජ් කරනවා වෙනුවට කරන්නේ ඌට මේවා පාට ෆේල් වැඩ බව කියා එපා කරවීමය. මෙය මා පෞද්ගලිකවම අත් විඳ තියෙනවාය.

මාෆියාව ක්‍රියාත්මක වන්නේ මණ්ඩලේ තුල ඉතරක් නෙමේය. උන් සමාජ මාජ්ජ ජාලවලද ගේම දෙන්නේය. කියන්නේම ඕවා පට්ට ෆේල් වැඩ කියලාය.

උන් කියන්නේ රෑට ඉර නැති නිසා රෑට ලයිට් නෑ කියලාය. මුන් හිතන්නේ මුන් හැර අනෙක් සියල්ලෝම හරක් කියලාය. බැටරියක් හෙවත් විදුලි කෝෂ තියෙන්නේ ඒකටය. සමහර විට උන් ඒ ගැන දන්නේ නැතිවත් ඇතිය.

ඒ ගැන කිව්වාම කියන්නේ…. සූර්ය කෝෂ මෙන්ම පැනලද බාල බඩු කියලාය. ඒකට කරන්න තියෙන්නේ, මළ ජරාව ආනයනය තහනම් කොට ඒවා ප්‍රමිති කාර්යන්ශයේ නියාමනයට යටත් කිරීමය.

හැබයි ඊයේ වැඩේ වරදුනේය. ඝෝඨා එක්ක ඔය බබා හුකුං හරියන්නේ ඇතිය. උන්නැහේ මුන් ගැන හොඳ අධ්‍යයනයක් කර ඇති බව හොඳින්ම දුටුවේය.

උන්නැහේ කිව්වේ, ව්‍යාපෘතිවලට දින 14 ක් තුල විදූලි මාෆියාවෙන් ඇපෘවල් එක නැත්නම්, ව්‍යාපෘති ආයෝජකයාට තියෙන්නේ වැඩේ පටන් ගන්නා එකය.

තවත් දෙයක් කීවේය. මහා පරිමාණ ව්‍යාපෘති මාස තුනක් ඇතුලත පටන් ගන්න බරි නම්, ඊට දුන් ඇනුමතියත් ඉවත් කර ගන්නා ලෙසය.

එමෙන්ම රජයේ කාර්යාලවල, ඉස්පිරිතාල, පාසල්, ආගමික ස්ථාන සියල්ලටම පුණර්ජනනීය බලශක්තිය ලබාදෙන ලෙසය.

මාෆියාව ඔතනින් පසුබැස රිවර්ස් එකයට යයි කියා සිතනවා නම් ඒක නොම්මර එකේ ගොන් කමය.

ඝෝඨාගේ තීරණවලට ගහන්න පටන් ගත්තේ ජනාධිපති ලේඛම් කාර්යාලයෙන් එලියට ආපු වෙලේ පටන්ය. ඝෝඨාගේ තීරණය ගැන ඇමතියා මේ වෙනකන් වචනයක් කීවේ නැතිය.

දැන් මුන් හදන්නේ ඔය තීරණය රිවර්ස් කර ගන්නටය.

ගත්තු තීරණය ර්වර්ස් කරලා, මාෆියාවේ ගොදුරක් වෙනවාද…? නැතිනම් තමන්ගේ ඉලක්කවලට යනවාද…? කියනා තීරණය තියෙන්නේ ඝෝඨාභය සර් අතේය.

අපි නම් කියන්නේ මෙය ලංකාවේ ප්‍රධානම පෙලේ ප්‍රොජෙක්ට් එකක් කර සෑම නිවසකටම සූර්ය කෝෂ පද්දතියක් සවි කර ගැනීම අනිවාර්ය දෙයක් කරනා ලෙසය. ඒ සඳහා ණය පහසුකම් ලබා දෙන එකය.

ඒ වගත් මෙසේය……


Sep 13, 2020

මේ 225 ත් එපා

 

බොහෝ අය ඝෝඨා ගෙන ආවේ ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් වෙයි කියලා හිතාගෙනය. අනෙකුත් පාලකයින්ට වඩා ඝෝඨාභය රාජපක්ෂ නම් පාලකයා වෙනස් බව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේය. දැනටත් දිනපතා ඔප්පු කරමින් පවතින්නේය.

කොරෝනා වසංගතයෙන් රට බේරාගත් නිසාත්, පාට පක්ෂ කුල මල බේද නොසලකා සෑම පවුලකටම රුපියල් 10,000 ක්ම දුන් නිසාත්, එජාපයට චන්දය දාන්න හිටි උන්ගෙන් භාගයක්ම චන්ද පොලට නොගියේ, අපේ රටේ මිනිස්සුන්ගේ ගුණ යහපත් කම හා කෙලිහෙගුණය නිසාමය.

එහෙත් මෙය තමන්ගේ ජයග්‍රහණයක් යැයි කියා පාර්ලිමේන්තුවේ පිස්සු කෙලින්නේ, මේ කරුණු හරි හැටි අවබෝධ කර නොගත් පිරිසය.

ඝෝඨාගේ සිස්ටම් එක චෙන්ජ් වුවද, පාර්ලිමේන්තුවේ අති බහුතරය පෙර පරිදිම කරන්නේ කාළය කා දැමීමය. එක්කෝ මහාවංශය හා දීපවංශය ගැන මරාගනිති. උතුරෙන් පැමිනි උන් හැමදාමත් වාගේ නිජබිම හා උන්ට විතරක්ම විශේෂිත වූ ප්‍රශ්ණයක් යැයි සිතනා දෙමළ ජනයාගේ අයිතිවසිකම් ගැන පමණක්ම කතා කරති.

නම කීවොත් සමාජ මාධ්‍ය තුල බ්ලොක් වන ජනම් එක සද්දේ වහලා ඉන්නේ, පාස්කු ප්‍රහාරය නිසා එයාලාගේ රෙදි ගැලවිලා තියෙන හේතුව නිසාවෙන් මිස, වෙන කිසි හේතුවක් නිසා නොවේ. ඒ නිසා, පාර්ලිමේන්තුවේ ඉල්ලන්න බැරි ඒවා හකීම් මහත්තයා ඉල්ලන්නේ එලියේය.

සජිත් ජන බලවේගයට උන් කරපු දෙයක් කියන්න නැති නිසා, ආයෙත් කියන්නේ 2015 ගහපු බයිලා ටිකමය. අනුර කුමාර දිසානායක කරන්නේද එයමය. ඒවා මාරම කතා ලෙස වහල් ප්‍රජාවේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ හරියට මේ කතා කලින් අහලා තිබුනේ නෑ වගේය.

කරුමය කියන්නේ, උන් ඔක්කෝම ඇතුලට දාන්න, රනිල් වික්‍රමසිංහ උන්නැහේ වෙනම ඔෆීස් එකකුත් අරලිය ගහ මන්දිරේ දමා, සුවා දීන අධිකරණ කොමිසමකින් රන්ජන් රාමනායක විසින් මෙහෙයවන විනිසුරුවනුත් දමා දී තිබියදිත්, අඩුම ගානේ ඒ වැඩේවත් හරියට කරගන්න බැරි උනේ, සියල්ලෝම මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් බැරි උන් බව මොනවට ඔප්පු කරමිනි.

එහෙත් ජේ ආර්ලා සිරිමාවෝන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කළේ මේ හාල්පාරුවෝ වගේ උන් නොව, සුපිරි බුලට් බඩු සෙට්ටෙකක්ම උන්නැහේට උන් නිසා බවත් මේ ගොන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස ලියා තැබිය යුතුමය.

අනුර කුමාර දිසානායකට බලයක් තියෙනවා නම් ඔක්කෝම ඇතුලට දානවා කිව්වාට, සියල්ලම දැනගෙන සද්දේ වහලා විජේදාස රාජපක්ෂලා වාගෙම ඩීල් වලට ගිය බව, මේ කතාවලින් අපට පැහැදිලිවන දේය. ඒවාට ලැබුනු මිළ මුදල් හා වරප්‍රසාද කිසි දින එලියට එන්නේ නැත්තේ ඒවා දේශපාලන ඩීල් නිසාමය.

ආන්ඩුවේ අය ගැනද කීමට ඇත්තේ එයමය. ඝෝඨා නියෝජනය කරමින් පැමිණි පිරිසගේ යම් කිසි හැදියාවක් පෙනුනද, කබ්‍රාල් පවා ඇදගෙන නෑවේ මහත්මා දේශපාලායෙන් බැහැරව ජනප්‍රිය දේශපාලනය මාරම එකක් කියා සිතනා නිසාය.

තවත් පසකින් ඇසෙන්නේ, අර ගායක තරු බිහි කරනා රියැලටි වඩ සටහන් වල ඇසෙන මළ අඬෝවැඩියාවන්ය, නොමිනේසොන් දුන්නාට රාජපක්ෂ හත්මුතු පරම්පරාවටම කරනා ස්ත්‍රෝත්‍ර ගායනාය. නැත්නම් උන්ගේ දුකය, අම්මා තාත්තා ජෙප්පෝ මැරුවා කියා නාහෙන් අඬන ඒවාය. භීෂණ සමයේ කෑ ටකරන් හා ටින්කිරි ගැන පැරණි රසංගය.

ඒසෙ නොමැති නම් මෙතෙක් දුර එතෙක් පැමිණි ජීවන ගමන් මගේ දුක් කම්කටොලුය. ඊයේ එකියක් හස්බන්ඩාටද ඉස්තූතී කලේ ඉන්ගිරිසියෙන්ය. එයාම මදර් ටන්ග් එකෙන් විග්නේශ්වරන්ගෙන් ගේම ඉල්ලලා, කාළය අවසාන වූ නිසා ඉඳගත්තේය. වැඩක් ඇති කතාවක් මෙතෙක් ඇසුවේ හරිනි අමරසූරියගෙන් පමණය.

මේ ගොන් කතා මහින්ද මහත්තයාට නම් පට්ට ආතල් බව පෙනෙන්නේය. හැබයි උන්නැහේ නොදන්නේ, එයැයි මැදමුලන ජනෙල් පොල්ලේ එල්ලුවෙත් මේ පිස්සු වාහේලාගේ ගොබ්බ කතා හා දැනටත් ආරම්බ කර ඇති අමු ගොන් තකතීරූ වැඩ නිසාවෙන් බවය.

දැන් ජනතාව ඉන්නේ මේවා දැකලා දැකලා එපා වෙලාය. දියන්නාව මැද තිබෙනා ගවගාලට බෝම්බ ගහපියව් කියන්නේත්, ගහනා හෙනයක්, ගලනා ඟං වතුරක් සුනාමියක් ඕකටම වැදියන් කියන්නේත්, 225 ම එපා කියන්නේත් ඒ නිසාමය. කරුමයක මහත නම් මෙවරත් ලැබි තිබෙන්නේ එහෙම මළදානයක්මය.

මක්කා කලත් ජෙප්පන්ට මඩ ගැසීම් අස්සේ වූවත් විමල් වීරවංශ කතා කලේ පොයින්ට් එකටය. එයැයි කිව්වේ ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම දුන්නේත්, පාර්ලිමේන්තුවට එව්වේත් තමුසේලාගේ නල්ලමලේ සුවා දීන අධිකරණයෙන් නිසා, සාටක එල්ලගෙන ගේම ඉල්ලිය යුත්තේ අළුත්කඩේය කියලාය. සහතික ඇත්තය. මේ ටිකවත් තේරෙන්නේ නැත්නම් මුන් සියල්ලෝම අමු ගොන්නුමය.

සිරිසේන කඹයක් ගෙනත් මරණ දඬුවම දෙන්න යන වෙලේ, මිනිමරුවන්ගේ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙනුත් කවී ගී කෙටිකතා නවකතා නිසඳැස් ලියමින් හඬා වැටූනු ලිබ්බෝ, ප්‍රේමලාල් ජයසේකරගේ මානුෂික අයිතිවාසිකම් ගැන ලියනා හටි දැක්කාම නම් සිතෙන්නේ, උන් කිසිදා ලිබ්බෝ නොවනා බවත් අමු කබ්බෝ වන බවත් පමණමය.

මේ වගේ පාර්ලිමේන්තුවක් තිබෙනවාට වඩා, 19 වන සංශෝධනයෙන් මේ මුදල් නාස්තිය නවතා දානවා නම් වඩා හොඳ බව මාතලන්ගේ මතයය. මොකෝ ඉදිරි අවුරුදු ටිකේත් ඝෝඨා කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව නම් සත පහක වැඩක් ඇති තැනක් වේ යැයි කියා සිහිනයෙන් වත් සිතෙන්නේ නැති නිසාමය.

උන්ට දෙන සී ඩී පට පාර්ලිමේන්තුවේ කුණු බක්කියේ කියන්නේ, අප නොව උන්මය. උන් එන්නේ වරප්‍රසාද භුක්ති විඳිමට මිස නීති හදන්නට නොවනා බව ඉන් ඉතාමත්ම පැහැදිලිය. එකෙක් බඩ ඉරිඟු කිලෝ දයහක් ගෙනල්ලා කාපු කතාවකුත් කීවෙය. ඔය එන ගමන් තණකොල මිටි කීපයකුත් ගෙනාවා නම් කස්ටියටම සෙට් වෙලා හප හපා ඉන්න තිබුනේය. ඕකුන්ට තවත් ටැබ් දෙනවා නම්, සියල්ලටම පෙර අංගොඩ මානසික රෝහලෙන් දෙන එකාගෙ මොළේ ඉස්කෑන් එකක් කර ගන්නා එක වඩා හොඳය.

ඒ වගත් මෙසේය…..



Sep 10, 2020

හරක් මස් ආනයනය කර හොරෙන් කහ ගමු

 


අපේ පොඩි කාළය ගතවුනේ සිරිමාගේ හත් අවුරුදු සාපය කාළයේය.

(දැන් එන්න යන්නේත් ඒ වගේ එකක්දෝ කියා සැක හිතෙනා තරමට ජීවන වියදම ඉහළ ගිහින් තියෙනා බව ඝෝඨාභය සර්ට කියන්න එකෙක්කත් ඇත්තේ නැද්දෝ කියා වෙලාවකට හිතෙනවාය… කොහොමත් බලේ තියෙනා කොට මොළේ නැතිවෙනවා කියන කතාව නම් ඇත්ත බව නැවතත් ඔප්පු කරමින් පවතිනවාය.)

ඒ කාළේ හාල් පොලු දමා, බත් කන එකත්, දවස් දෙකකට නවතා දමා තිබුනත්.

“මන්දපෝෂණය” කියා එකක් තිබුන බවක් නම් මතක ඇත්තේ නැතිය.

කෙසේ හෝ එහෙම එකක් තිබ්බා නම්, ඇමරිකාණු රජයෙන් ඉස්කෝලේදි නොමිලේ ලබා දුන් ඇඳිහස ඉස්කෝතු හයෙන් බඩගින්නේ ඉන්න උන් ගොඩ ගියේය.

මට ලැබුන ඉස්කෝතු හය, දිනෙන් දින වෙනත් වෙනත් හය දෙනෙකුන් අතරේ බෙදා දුන්නේ, එකක්, දන් දී ලබනා ඉහ වහා යන ප්‍රීතියය. අනෙක ක්‍රෂ් එකක් තිබුන මල් වාගේ කෙල්ලෝ මගෙම කර ගැනීමය.

කෙසේ හෝ ඒ කාළයේ සෑම නගරයකම හරක් මස් වෙළඳ සැලක් තිබුනේය. මේ කඩයද ඕනෑම ප්‍රදේශයකදි ලේසියෙන්ම හඳුනා ගත හැකි ආකාරයට සෑම කඩයක්ම එකම ඉට්ටැයිල් එකකට සාදා තිබුනි.. කඩය තුල කොක්කේ එල්ලා තිබූ මස් පිටතට පෙනුනේ වෙළඳ සල ඉදිරියේ ඇති ඉඩසැක් තබා හරහට දමා තිබූ රීප්ප පටි අතරින්ය. කුකුල් මස් මිළ අධික කෑමක් වූ අතර ගෙරි මස් ඉතා ලාබයට ගත හැකි විය.

ගහල කොල වල ඔතා ගෙනෙනා මස් කුට්ටිය, කුඩා කෑලීවලට කපා, තුනපහ මිරිස් දමා හදනා හොද්ද, දිව්‍ය භෝජනයක්ම විය. ඔනෑම හෝටලයක හරක් මස් දීසීයක් වැරදුනේ නැත.

කුකුල් මස් ඒ කාළයේ ලක්සිරි කෑමක් වූ අතර, චිකන් ගෙවල් වලට ආවේ සුළු හෝ මහා පරිමානයේ උස්සව අවස්ථාවකදී ඉතරය.

අපේ රට දිගා බලාගෙන මැරෙන්නේවත් නැතයි කී ධර්මපාල නම් උත්තමයෙක් සුද්දාගෙ කාළයේ ගෙරි මස් කන්න එපා කිය කියා රට වටේ ගියද, ඉන් පලක් නොවූයේ, ඒ උන්නැහේ ආමන්ත්‍රණය කල විදියට හරකා මොකාද කියා මිනිස්සුන්ට තේරුම ගන්න බැරි උන නිසා වෙන්න ඇතිය.


අද අපේ රට මන්ද්පෝෂනයෙන් පෙලෙනා රටක් බව නොදන්නා එකෙක් නැතිය.

හින්දු ආගමේ ඇති විගඩමක්, අපේ උන්ට ආවේ කෙසේදෝ කියා මතකයක් නැතත්, බොහෝ අය කියන්නේ කාළයකට පෙර ආ ඊශ්වර විංසතිය නම් පට්ට පල් බොරුවකට රැවටුන සිංහළ බෞද්ධයෝ අමු ගුලියක් ගිලලා තියෙනා බවය.

දැන් කලකට පෙර චීවරයක් ඇඳි බුදු පුතෙක් දළඳා මාලිගාව ඉදිරිපිට සෙල්ෆ් බාබේකිව් එකක් දමා, උන්ගේ මස් කන්නට එපා කියා අපායට වැඩි සේක.

මා නම් හිතන්නේ,

හරක් මස් වලට කෙලින්න යන්නේ, නම සඳහන් කළහොත් බුකියේ මාසයකට තහනම් වන ප්‍රජාවේ ප්‍රධානම ආහරයක් හා වෙළඳාමක් වන නිසාමය.

මන්ද හරක් මස් වලට විරුද්ධව කතා කරනා අය සියල්ලම වාගේ ඒ ජන කොට්ඨාශයට විරෝධි කඳවුරේද මුල් පෙලේ සිටිනා උන්නැහේලාය.

චීවරයට මුවා වී මේ බුදු පුතුන් කරනුයේ නිර්මළ බුදු දහමද කාබාසීනියා කර දැමීමය.

එ ප්‍රජාවේ උන් හරක් මස් කොටාබා ජෝර් එක වැඩි වී. පෝලිමේ පැටව් දමා, ජනම් එක වැඩි කර ගන්නවා නම්,

අපි කළ යුත්තේ, චිකන් කකා පුස් බට්ටෝ වෙන්නේ නැතිව, ඒ සෙට් එක වාගේම හරක් මස් ඇදලා අරින එකය. ඒ වෙනුවට බීෆ් ෆ්ලේවර් සෝයා හෝ පිඳුරු වාගේ දඩයම් බට්ටෝ කෑවා කියා ජෝර් එක නගින්නේ නැතිය.

මොකෝ මරන්නේත් එයාලාම නිසා, අපිට පව් ඇත්තේත් නැතිය.

නමුත් පෝෂණය ලැබෙනවාය.

පොඩි උන්ට හරක් පීකුදු කියන්නේ.., ලේ හා බුද්ධිය වඩනා ආහාරයක්මය.

අප පොඩි කාළයේ පීකුදු වෙනම රැගෙනාතර, ඒවා විවිධාකරයට සකසා කන්න දුන්නේ, පොඩි උන්ට ඉතරමය.

හාන්දුරවන්ගේ පද වලට නටනා පාලයකයන්ද මේවාට සපෝට් එක දීම විහිළු සහගතය.

ලංකාව නැවුම් එළකිරි වලින් පෝෂණය කළ යුතු නම්,

අනිවාර්යයෙන් හරක් මස් වෙළඳාමද ප්‍රවර්ධනය කළ යුතුමය.

එවිට දැනට ඉහළ අගයක තිබෙනා හරක් මස් මිළද, පහළ යනු ඇත.

කුඩා දරුවන්ගේ මන්ද පෝෂණයද නැති වෙලාම යනවා ඇතිය.

බෞද්ධ ගම් වල ගවයින් ඇති කිරීමේ මොකක් හෝ එතිකල් මෙව්වා එකක් තියෙනවා නම්,මහා පරිමානයෙන් අර විශේෂ ප්‍රජාව බහුලව වෙසෙන ප්‍රදේශවල හෝ එළකිරි කර්මාන්තය හා ඒ හා අනුබද්ධිත ගව මස් වෙළඳාම ප්‍රවර්ධනය කල යුතුය.

එහෙම නැතිව

එක එක පිරිස් සතුටු කිරීමට මේ ප්‍රෝටීන් බහුල ආහාරය තහනම් කිරීම හෝ පාරිභෝගිකයා වැඩි මිළක් දී මිළදී ගන්නා තත්වයකට පත් කරන්නේ නම් ඉන් සිඳුවන්නේ අප රටේ මන්දපෝෂණය තව තවත් ඉහළ යන එකම පමණි.

ඊයේ පාර්ලිමේන්තුවේදි නළුවෙක් කියා ඇත්තේ බඩ ඉරිඟු කන්නය කියලාය.මිනිස්සු චන්ද දීලා එයාලා ඔය ගවගාලට එවන්නේ එයාලා කන බොන දේවල් අපිට කන්න උගන්වන්න නෙමේය. එයා හිතනවා ඇත්තේ කතානායක තුමා පාපිස්සකුත් ඔළුවේ දාගෙන ඔතන ඉඳගෙන ඉන්නේ එයා සිනමා පත්තරවලට කියනා ගොන් ආතල් අසන්නටෙයි කියලා වෙන්න ඇතිය.මිනිස්සු එයාලා එවන්නේ ඒවාට නොව මිනිස්සු කැමති දෙයක් කාලා බීලා හැමිනිලා නිවී සැනසිල්ලේ ඉන්නය.

ඔය කියනා බඩ ඉරිඟුවල තියෙන්නේ පරිප්පු වලටත් වඩා අඩු ප්‍රෝටීන ප්‍රමාණයක් බව ඒ උන්නැහේ දන්නේ නැතිව ඇතිය. ඒ වාගේම හරක් මස් වෙනුවට කුකුල් මස් කන්න ඒකෙත් ඒ ප්‍රෝටීන් ප්‍රමාණයම තියෙනවා කියා කෙනෙකු කියන්නට පුළුවන්ය.

එහෙත් කුකුල් මස් කියා අපට කවන්නේ ඔරිජිනල් කුකුල් මස්ද එහෙම නැත්නම් පිලිකා කාරක අඩංගු හෝමෝනද කියා එකෙක්වත් මේ වෙනතෙක් පරීක්ෂණයක් පවත්වා ඔප්පු කර නැතත් ජනතාව අතරේ එහෙම මතයක් තියෙනවාය.

ආන්ඩුව, රට කිරිවලින් ස්වයංපෝශිත කරන බව බැසිල් මහත්තයා කිව්වේ ඊයේ පෙරේදාය. ආනයනය කරනා ආහාර සියල්ලම මෙහේ හදන්නෙයි කියා ජනාධිපති තුමා හැමදාම කියනවාය. මිනිස්සු ඒ නිසා කහ ගන්න විදියක් නැතිව පුක කහ කහ ඉන්නවාය.

කිරි සඳහාම පමණක් ගවයින් ඇති කරනා රටක් මා නම් ලෝකයේ දන්නේ නැතිය. ගවයා ඉන්දියාවේ දෙවියා වූවද, ලෝකයේ ගවමස් අපනයන කරන රවල් අතර ඉන්නේ 3 වන ස්ථානයේය. එය ඒ රටේ ප්‍රධානම අපනයන්ගෙන් එකකි.

කිරි සඳහා ඇති කරනා හරක් අපනයනය සඳහා කටයුතු කරන්නේ නම් ආන්ඩුවේ වැඩ පිලිවල අප අගය කළ යුතුය. මන්ද දේශීය වෙළඳ පොලට වඩා ජපානය හා වෙනත් රටවල් ඉලක්ක කරගෙන බටර් හා කිරිපිටි නිශ්පාදනය කරනා බව පැලවත්ත සමාගම පැවසුවේ ඊයේ පෙරේදා නිසාය.

එහෙත් පැවති මිළට වඩා ගවමස් ප්‍රිය කරනා පාරිභෝගිකයාට මස් මිළදී ගැනීමට සිඳුවන්නේ නම් එය ආන්ඩුව අප්‍රසාදයට පත්වන කාරනයක් බව අමුතුවෙන් ලියන්නට ඕනා නැතිය.

අවසාන වශයෙන් කිය යුතුව ඇත්තේ, මේ රට බෞද්ධ රාජ්‍යක් වුවද සියල්ලෝ පරම විඥ්ඥාර්ථවාදී බෞද්ධයෝ නොවේය කියලාය.

Sep 8, 2020

මාගරට්, වෙස්සන්තර අප්පුහාමි හා රෝහිණි

 



පසුගිය කොටස

බොහෝ දෙනෙක් පියාගේ ගේ අසල කිරි පාට ලාන්සර් බොක්ස් එකක් පාන්දර කාළයේ පාක් කර තියෙනවා දැක්කත් එච්චර ගානක් ගත්තේ නැත්තේ ඒ වෙනකොට වරාගොඩ පාරේ කීප දෙනෙක්ම වාහන හිමියෝ බවට පත් වී උන්න නිසාය. එහෙත් දික්වැල්ලේ මුදලාලිගේ හා ටැක්සි ජිනයාගේ රහස් ඔත්තු සේවයට මේ කාර් එක විශේෂයක් උනේ දෙන්නාම නිශාචරයෝ හෙවත් රෑ වව්ල්ලු දෙන්නෙක් වූ නිසාය. 

ජිනයා මුදලාලී හා සෙට් උනායින් පස්සේ නුවර පාරේ නවතා තබා එන ටැක්සිය ගේ ගාව පාරේ පාක් කරේ දෙසරයක් තුන් සෑරයක් රේස් කරලාය. ඒ.. පොර ගෙදර ආපු බව අසල්වාසින්ට මෙන්ම ජිනයාගේ නෝනාටත් සිග්නල් එකක් ලෙසය. සමහරක් කීවේ රෝහිණී ආවායින් පස්සේ මුගේ රේස් කිරිල්ල තවත් වැඩි උනා කියලාය. ජිනයා නම් කිව්වේ බැස්ටිය බහින නිසා ඕනෑම කාර් එකක් නවත්තන්න කලින් එහෙම රේස් කොරන්න ඔනෑ කියලාය. හැබයි ඒ කතාව බොරු උනේ, අර අද්භූත ලාන්සර් බොක්ස් එක ආවාද ගියාද කියා ජිනයාගේ ගෑණී පවා දික්වැල්ලේ මුදලාලි කියනකන් ඒ ගැන හාංකවිසියක් නොදැන උන් නිසාය. 

ටික දවසක් යන කොට කිරි පාට ලාන්සර් බොක්ස් එකේ එන්නේ ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ ප්‍රසිද්ධ මුදලාලි කෙනෙක් උන මාළු විල්මට් හෙවත් විල්මට් මුදලාලී බව සහසුද්දෙන්ම සියල්ලෝම දැන ගත්තේය. 

ඒ තොරතුරු නිශ්චිතවම දැනගෙන තිබුනේත් දික්වැල්ල මුදලාලිගේ රහස් ඔත්තු සේවයේ සමාජිකාවක වූ මාගරට් නෝනාගෙන්ය. මාගරට් නෝනාගේ මහත්තයාත් කරේ පියාගේ රස්සාවමය. ඔහුත් පියා මෙන් මාළු වෙළෙන්දෙක් හෙවත් මාළු කාරයෙක්ම විය. ඔහුගේ කස්ටමර්ලා උන්නෙ වරාගොඩ එස්ටේට් එක හෙවත් වරාගොඩ වත්ත පැත්තේය. 

මාගරට් නෝනාත් වැල්ලේ මාළු කෑල්ලක්ම වූ අතර. රෝහීණී තරම්ම නැති උනත් හොඳ කඳක් තිබූ මැදි වයසේ ළඳක් වුනත් ගමේ රස්තියාදුකාරයෝ එයාට කිට්ටු කරන්න නොගියේ කඳ හොඳ උනත් කට ඒ තරම් හොඳ නැති නිසාය.  මාගරට් නෝනා දිනක් කඩේට ගොඩ වී වට පිට බලා හඬ අඩුවෙන් අහන්නේ ... 


මුදලාලී දන්නවද.... පියාගේ ගෙදෙට්ට එන එකා මොකාද කියලා....? 

මං කොහොමෙයි බං දන්නේ....? 
ඇත්තටම මුදලාලී හොඳින් දන්නා දෙයකට උනත් දෙන්නේ ඔය පිළිතුරය... හේතුව සමහර විට දන්නවාට වඩා දෙයක් නිව්ස් එක ගේනා රිපෝටර්ගෙන් දැනගන්ට පුළුවන් වෙයි කියනා පවිත්‍ර චේතනාවෙන්ය. 

මුදලාලිට කියන්න පියාට නම් පලදීලා තියෙන්නේ පෙර පිනක්... 

ඒ මොකෝ ඔහේ එහෙම කියන්නේ.....? 

ඇයි මුදලාලි ජිනයාවත් කිව්වේ නැද්ද....? ඒ යකාත් පිටකොටුවේ ඉන්න එකා නේ....? ඔය එන්නේ සල්ලි කඳක්....
 
නෑ.... 

නෑ නෙමේ ඔව්.... මාළු කඩේ විල්මට් මුදලාලී කිව්වාම ඕන කෙනෙක් දන්නවලු... මම හිතන්නේ මුදලාලිලගේ ගම් පලාතේ... ඕන් ඔය මොකක්ද වැල්ලක් තමා කිව්වේ... මට හරියට මතක නෑ.... බෝට්ටු හිටන් තියෙනවලු.... ඒක නෙමෙයි.... 

මොකෝ.... ඒ පාර එකපාරට උඹට මක්කා උනයි ඇඹරෙන්න ගත්තේ... 

මුදලාලී හෙන කුකුළාලූ... රට වටේම ගෑණුත් ඉන්නවා කියන්නේ... 

ඒක නම් ඇත්ත වෙන්න ඇති..... 

ඒ මොකෝ මුදලාලි එහෙම කිව්වේ...?

නෑ ඉතින් ඔය යකා හැමදාම එන්නේ නෑ නේ..... 
අනිත් දවස්වලට අනෙක් ගෑණූ ගාවට යනවා ඇති.....
දික්වැල්ලේ මුදලාලි විල්මට් මුදලාලිට "යකා" කියා කිව්වේ ඒ මිනිහා හා තිබෙනා ඉරිසියාව හා කෙන්තිය නිසා බව මාගරට්ට තේරුනේ නැතිය.
මක්කා කොලත් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති...

ගෑණූ රට වටේම ඉන්න එකා කොහොමද මුදලාලි හොඳ මනුස්සයෙක් වෙන්නේ..? 

ඇයි මාගරටෝ පවුල් කීපයක වියහියදම් දරාගෙන... ඒ අයගේ දුක සැප බලනවා කියන්නේ කොයි තරම් පින් අතේ වැඩක්ය.... 

තවත් ටිකක් කඩි කෑවා සේ ඇඹරුන මාගරට්......
අනේ යන්න මුදලාලී.... කියා කිව්වේ කඩේ දොර ලෑල්ලක් හූරන ගමන්ය. 

කඩේට එන ගෑණූ වැඩියෙන් ඇඹරෙන තරමට ණය පොත පිරී යන බව දන්නා මුදලාලී.... ඊළඟ ප්‍රශ්ණය දමා ගැසුවේ මාගරට් එක්ක හුරතල් වනවාට වඩා... රෝහිණි ගැන දැන ගන්නා එක ඊට වඩා වටිනා නිසාය...

එතකොට බං.... රෝහිණී ඉන්නේ පියා එක්ක නේ.....? 

මුදලාලි දන්න තරම තමයි.... කව්ද කිව්වේ පියා එක්ක ඉන්නවය කියලා...? පියා නිදාගන්නේ එලියේ.... 

උඹ කොහොමෙයි දන්නේ.... ?

රෝහිණී නංගිමයි කිව්වේ.... 

එතකොට පියා....?

පියාට මොන ගෑණුද මුදලාලී...  ඒ යකාගේ ගෑණිත් ඒ යකා දාලා ගියේ.... මේ යකා කසිප්පු බීලා ගොරව ගොරව නිදා ගන්න නිසා නේ... 

ජිනයත් කිව්වා ඕකා රෑට ඉන්නේ එක්කෝ පිලිකන්නෙය එහෙම නැත්නම් ඉස්තෝප්පුවේය කියලා... උඹ ඔය කිව්වට උන්ට එච්චර වාසියක් නැතිව ඇති... ඔය රෝහිණි කඩේට ආවත් මක්කා හරි පොඩි දෙයක් තමයි ගන්නේ... හැබයි සල්ලි දීලා ගෙනියන්නේ..... 

මුදලාලී ඒක කිව්වේ හිතා මතා නොවන බව තේරුනේ... 
ඒ කතාවෙන් මාගරට්ගේ මූණේ තිබූ සිරියාව එහෙම්මම නැති උනා කියා දැන ගත්ත වෙලාවේය...

අපිත් වෙලාවට සල්ලි බේරනවා නේ මුදලාලී.... 
අපිට කොහෙද පිනක් එහෙම මුදලාලිලා ලබන්න..... 
කියා මුදලාලි චක බ්ලාස් කරලාම දැම්මේ, දික්වැල්ලේ මුදලාලිගේ හින්ට් ගැහිලි වලට වඩා මාගරට් නෝනාගේ කැපිලි කවදත් බලවත් වූ නිසාය...

විල්මට් මුදලාලී එන කොට සතියකට දෙකකට හරියන්න ඔක්කෝම ගෙනත් දානවලු.... පියා බිස්නස් එකේ යන්නෙ නැත්තෙත් ඒක නේ.... අපිට කොහෙද එහෙම වෙස්සන්තර මුදලාලිලා.... අපිට ඉන්නේ ඉල්ලිස සිටානෝලා නේ..... කියූ මාගරට් නෝනා රෙද්දත් හදාගෙන දමලා ගහලා යන්න ගියේ ආයෙත් කඩේ පැත්ත පලාතේ එන්නේ නැති ගානටය.... 

ඔය ගියාට ඕකුන් ආයේ පුරු පුරු ගාගෙන පූසෝ වගේ මෙතනටම එන්න එපාය අග හිඟ උනාම....
කියා තමාටම කියා ගත් මුදලාලී හිතා ගත්තේ මේ ගැන වැඩිදුර තොරතුරු හවසට ජිනයා හා රැස්වීමේදී සාකච්ඡාවට ගත යුතු බවය... 


Sep 1, 2020

විල්මට් මුදලාලි, ලාන්සර් බොක්ස් හා රොකට් රෝහිණි

 


අද කාළයේ මෙන් නොව ඒ කළේ රූපවාහිනි තිබ්බේ නැතිය. රේඩියෝ හෙවත් වයර්ලස් එකේ උනත් ගියේ කතා දෙකක් තුනක් වගේය. මුවන්පැලැස්ස ජනප්‍රියම ගුවන්විදුලි නාට්ටිය විය මොණරතැන්න ලව් ඉස්ටෝරියක් විය. වජිරා කියා හුටපටයක්ද ගියා කියා යාන්තන් මතකය. අද කාළේ වාගේ රටම බේබ්දුකරණයට ලක් වි තිබුනේ නැති අතර. බේබද්දන්ගෙන් මේ වාගේ ගුරුහස්ත ප්‍රචන්ඩත්වය කියනා ඒවා වාර්ථා උනේ නැති තරම්ය. ඊට හේතුව ජීවිතය හා පරිභෝජන රටාව සරළ වීමත්, මිනිසුන් සැහැල්ලුවෙන් මෙන්ම සතුටින් සිටීමත්, වෙන්නට ඇතිය. මේ කියන්නේ ඕපන් ඉකොනමි නැත් අපි පොඩි කාළය ගැනය. 

ඒ කාළේ අද කතාවෙනවා වාගේම සංවෘත හෙවත් ක්ලෝස් ඉකොනමි හෙවත් දේශීයකර්ණය වූ ආර්ථිකයක් හදන්නට වමේ සෙට්ටෙක මොකක්දෝ දහ අට සන්නියක් නැටුවාට, අපේ තාත්තලා බාප්පලා, දේශපාලන සංවාදවලදි නම් කිව්වේ, මේ වෙසී අපිට කන්න නොදුන්නාට, උන්ගේ උන්ට ඇපලුයි මිදියි චීසුයි කන්න දීලා ලන්ඩන්වල ඉස්කෝලවල දාලා උන්ටත් රට කන්න උගන්වනවා කියලාය.  

ඒ ගොල්ලෝ ඔක්කෝම වාගේ ජේ ආර් උන්නැහේගේ පක්ෂේ සාමාජකයින් වූ නිසා එසේ කීවද, ඇන් ඇම් පෙරේරා වාගේ වාමාන්සිකයකු වූ මාමා නම් කිව්වේ, මැතිනි කොරන දේ තොපි වාගේ ගොබ්බ ගොන් හරක්ට තේරෙන්නේ නෑ කියලාය. රුසියාව වගේ වෙනවාට ඉරිසියා කරන්න එපා යකෝ කිව්වේ එයත් ලෙනින් වාගේ රැවුලක් හෙම වවාගෙන උන් නිසා වෙන්නට ඇතිය.ඒ අතරේ කුණුහබ්බ එක දෙක මෙහාට වූවද, අන්තීමට ඔක්කෝම ඩාන්ස් එකක් දමා අප්පුඩියක් ගසා, "යාල යාල යන්න සතුන් බලන්න.... සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න..." කියා, වනෝද්‍යානයේ සිටිනා සත්තුන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කලේය. 

ඉන් පස්සේ සී ටී ප්‍රනාන්දු හා  සුනිල් ශාන්ත නොමරා මරා, චිත්‍රා සෝමපාල නෝනා එක්ක සීගිරි නැගලා, දඹුලු ගලත් වැඳ, අන්තීමට ගාලු පුරේ සිරී බලන්න ගියේ, කස්ටියම වැඩ බැරි උනත් බෙන්තර ගගෙන් එහා ගම ගාල්ලේ පුක ලෑල්ලේ සෙට් එකක් වූ නිසාය.

රෑට රෑට සෙට් වෙන අය සෙට් උනේ බොහෝම රහසිගතවය. පොඩි උන්ට පේන්න වැඩේ කරේම නැතිය. හරියට කොම්පැනිවල බෝඩ් මීටින් වගේය. ටැක්සි ජිනේ හා දික්වල්ලේ මුදලාලී ගල් බෝතලේට ප්‍රේම කලේ කඩේ වැහුවාට පස්සේ කඩේ පිටිපස්සේ බව අප දැන ගත්තේ, අපිත් ගල් වඳින්න පටන් ගත්ත කාළයේ ඒ සමාජය ගැන ඉගෙන ගන්නා කාළයේය. 

පියසිරි අයියාගේ පොට් එකේ අවුලක් නැතත් එතන සෙට් උනේ හදිසියට සෙට් වෙන එකෙක් ඉතරය. ගොඩාක් උන් එතනට යන්න බය උනේ, පියසිරි අක්කාගේ තට්ටමේ මට්ටම බලන්න ගිය රෙගියුලර් කස්ටර්මස්ලා දෙන්නෙකුට තුන්දෙනෙකුට පියසිරි අයියා මෙන්ම පියසිරි අක්කා හා අක්කාගේ අම්මාත් බඩ කට පුරා සංග්‍රහ කරා කියනා කතාව නිසාමය. ඒ නිසා අපි උනත් හදිස්සියකට එතනට ගොඩ උනත්, පියසිරි අක්කා දිහා හෝ දෝණියැන්දා දිහා නම් ඇහක් ඇරලා බලන්න තියා, එක ඇහැක් වහලාවත් බැලුවෙ නැතිය.  

කෙසේ හෝ රොකට් රෝහිණි කතාවට වස්තු වෙන්නේ මේ ක්ලෝස් ඉකොනමි හා ඕපන් ඉකොනමි අතරේ, 70 දශකය අග හා 80 දශකය මුල් කාළය අතරේය. රෝහිණි අක්කා ආවයින් පස්සේ පියාගේ ගෙදරද මොඩිෆයි උනේය. දියසෙවෙල් කා තිබූ පරණ සිංහල උළු වෙනුවට අළුත් සිංහල උළු සෙවිලි උනේය. බිත්ති පුරා උලා තිබූ සමර වෙනුවට රබර් පෙන්ට් ගෑවුනේය. ගේත් පාරත් අතර තිබූ වැටකෙයියා කටුකම්බි වැට වෙනුවට කිරි සුදු තාප්පයක් බැඳුනේය. උනබම්බු ඉඳිකඩ වෙනුවට පොඩි ගේට්ටුවක් ආවේය. 

මේවා එසේ වෙද්දි අහල පහළ උන්ගේ ඇඟේ මාළු නටන්න පටන් ගත්තේය. ඇස් වල කටු ඇනෙන්න පටන් ගත්තේය. පුහ් ඒ හුත්තිගෙ ආඩම්බරේ කියා රෝහිණිගේ ගුණ වැනුනේය. සමහරක් කිව්වේ පියා රෝහිණි ගෙනල්ලා තියෙන්නේ පත දෑවැද්දකුත් එක්කෙයි කියලාය. සම හරක් පියාගෙන් මූණටම අසා තිබුනේ ඈ යකෝ තොට සුවිප් එකක්කත් ඇදුනාද කියලාය. ඒ වෙලාවට පියා කලේ හිනාවෙලා මාරු වෙන එකය. 

කොහොමත් පියා බජාර් කාරයෙන් නොවුනේය. පොර ගියේ සුනන්දයාගේ කසිප්පු පොට් එකට ඉතරමය. ඒ ගියත් කසියා වීදුරුව දිවිය ලෝකය දෙස බලා එක උගුරට උන්ඩුක පුච්ඡයටම දමාගෙන මාරු උනේ සුනන්දයාට වැඩියෙනුත් කීයක් හරි දීලාය. 

අලි කලසමයාගේ වෙලේ ළිඳ ළඟ සංගමේ හා නඟර සභා පයිප්පේ ගාව කාන්තා සමිතියේ උන් කියලා තිබ්බේ මක්කා තිබ්බත් ඒකිට දරුවෙක් නෑ කියලාය. කුළඟන සමිතිවල නෝනලා කතා වූයේ ගෑණී රෑට රෑට වෙන රස්සාවක් කරනවා ඇති කියලාය. රෝහිණි අක්කාට සිතින් ඉතරක් පෙම් කල උන් නම් කිව්වේ පියාගේ පින ඵල දීලාය කියලාය.

පලදි ඇති පින මොකක්ද කියා මුලින්ම හොයාගෙන තිබුනේද ටැක්සි ජිනේය. ටැක්සි ජිනේ දික්වැල්ලේ මුදලාලිට නිව්ස් එක දුන්නාම, මුදලාලි ඒකට අඬුම කුඬුම දමා වර්ණනා කොට කිව්වේ ඒ ගෙදරට දේව බැල්මක් තියෙන බවත්, මහසෝනා ගහනා වෙලාවට, දෙයියා වඩින්නේ කිරිම කිරි පාට බ්‍රෑන්ඩ් නිව් මිට්ෂුබිසි ලාන්සර් බොක්ස් එකකින් කියලාය.