බූරුවාගේ කතු වැකිය අංක තුන
➖➖➖➖➖➖➖➖➖➖⭕➖➖
ඇයි මම මෙහෙම කියන්නේ.... අපේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කියලා තියෙනවා..... පබ්ලික් සිකුරුටි සහ නැෂනල් සිකුරුටි කියන්නේ සංකල්ප දෙකක් බව..... ප්‍රාඥයින්ට මතක් කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේද කියලා....
මෙයා මේ ප්‍රාඥයින් ලෙස හඳුන්වන්නේ ලාංකීය ජනමාධ්‍යවේදය හඳුන්වන විදියට කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකික බුද්ධිමතෙක්
ඒ සමිල මුතුමුණි කියන ප්‍රාඥයා.. ඒ මහත්තයා ඉස්සර මහින්ද රාජපක්ෂට කඩේ ගියා.... ඊට පස්සේ තඹුත්තේගම මරිසි කොටා ගේන්න කඩේ ගියා... ඒක ඉතින් ඒ මනුස්සයගේ දේශපාලන අයිතිය...
ඒක හරි... ඒක වෙනම කතාවක් කියමුකෝ.... නිර්මාල්ට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කඩේ යන්න පුළුවන් නම්... සමිල මුතුමුණිටත් ඌට කැමති එකෙකුට යන්න පුළුවන්නේ.
හැබැයි මෙතන එයා ප්‍රාඥයෙක් කියලා නිකං කින්ඩියට කියන්නේ.... නිර්මාල්ට තියෙන්නේ.... ඉතිහාසය ගැන මහාචාර්ය කමක් උනාට අර යාකා ඇවිල්ලා මම දන්න විදියට ෆිසික්වලට ඉහළම පෙළේ ඩිග්‍රියක් තියෙන මනුස්සයෙක්...
ඒ ප්‍රාඥා කතාවෙන් නිර්මාල්ගේ තියෙන අර ග්‍රාමීය හීනමාන බව වගේම පට්ට කුහක කම ඒ පෝස්ට් එකෙන් කදිමට පෙන්නනවා.
නිර්මාල් දන්නේ නැතුව ඇති.... ජාතික ආරක්ෂාව කියන්නේ... ඒ රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සපයන එකෙයි කියන එක.
එතකොට දැන් මේ අදාල සිදුවීම සිදුවෙන්නේ උසාවියක් ඇතුලේ.... වෙඩි තියලා මරලා දාන්නේ විත්තිකූටුවක් ඇතුළේ ඉන්න මනුස්සයෙක්.... ඌ අපරාධකාරයෙක් වුණත් මේ රටේ පුරවැසියෙක්...
අපි හිතමුකෝ නඩුකාර නෝනට වෙඩි තිබ්බා කියලා... එතකොට ඒක ජාතික ආරක්ෂාවට ගැටළුවක් වෙන්නේ නැද්ද මහාචාර්යතුමා...
මොකද මේ රට පාලනය තියෙන්නේ කුළුණු තුනක් උඩ කියලා කියනවනේ.. ඒ කියන්නේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය...
එතකොට දැන් විධායකය කියන්නේ අනුර කුමාර අර පළවෙනි සිග්නල් කණුව ගාව හිටපු තඹුත්තේගම හාදයා....
ව්‍යවස්ථාවේදායකය කියන්නේ පාර්ලිමේන්තුවට... එතන ඉන්නවා රටේ බූරුව පත් කරලා එවපු බූරුවො එකසිය පනස් නවයක්ම....
එතකොට පාර්ලිමේන්තුවේ ඉන්නේ අර බූරුවන්ගෙයි අපෙයි නියෝජිතයෝ...
එතකොට රටේ අධිකරණය තමයි අර බූරුවන්ගෙයි අපි වගේ ජනතාවගෙයි යුක්තිය ඉටු කිරීමේ ආයතනය. එතනදී ජනාධිපති අගමැති බූරුවොයි අපි වගේ වුනුයි ඔක්කොම එක විදියටට සලකන්නේ...
දැන් මේ මහාචාර්යවරයා හිතනවා ඇත්තේ... සාමාන්‍ය මිනිස්සු අර සාමාන්‍ය සිකුරුටි කාරියක් දාගෙන හිටියාම ඇති... විධායකයට තමයි එස්.ටී.එෆ් ගාඩ් එකයි.... පොලිස් ගාර්ඩ් එකයි... ආමිගාඩ් එකයි... උන්ගේ හෙල්මට් බලකායයි... ගල් කටස් බලකායයි...... ඕන කියල
ඇයි මම මේ ජෙප්පොන්ට බූරුවෝ කියන්නෙ... දැන් කොහොමත් ජනතාව විමුක්ති පෙරමුණේ ඉන්නේ බූරුවොය කියලා..... අර වටගල කියන බූරුවා පෙන්නලා ඉවරයි නේ... උගේ ඩ්‍රයිවර් බූරුවෙක් නම් ඌත් ඉතින් පට්ට බූරුවෙක් වෙන්ඩ එපාය නේද...
එතකොට ආරක්ෂක ඇමතිද පොලිස් ඇමතිද මොකාද එකා පාර්ලිමේන්තුව ඇවිල්ලා කියනවා මේ සිද්ධියක් දෙකක් වුණාට ඒක ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමේය කියලා. සිද්ධියක් දෙකක් නෙමෙයි යකෝ දැන් හැමදාම මිනී මරනවා...
අර කිහිලි කාලා ඉබපු ඉඹපු බෙසික් පුතයි.... පාතාලයට ටෙලි නාට්‍ය හදන එකයි... අනික් හාල්පාරුවෝ ඔක්කොම කියනවා.... මේවා කරන්නේ රාජපක්ෂලාලු... ඉතින් යකෝ රාජපක්ෂලට එච්චර කෙලියක් කරන්න පුළුවන් නම්.... තොපි මොකටද ආණ්ඩු කරන්නෙ...
උන් එහෙම කියන්නේ රටේ යුද්ධය ඉවර කරපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරලා.... ආරක්ෂක වියදම අඩු කරලා... චෙක් පොයින්ට් අයින් කරලා... හමුදා කඳවුරු අයින් කරලා... කන්ටේනර් 323 ක් එළියට පන්නලා....
නඩුකාරවරුන්ට ඉන්න ගාඩ් එකත් අයින් කරන්න සර් කිව් එකක් ගහලා ඇවිල්ලා තමයි..... ලැජ්ජ නැතුව තව කියන්නේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නැතෙයි කියලා....
මේ වගේ ගොබ්බ මැති ඇමතිවරු ටිකක් මගේ සංසාරෙදි මම නම් දැකල නෑ... ඊට හපන් උන්ගේ දායක සභාව.
ඊළඟට උන් වෙනුවෙන් පෙනී ඉන්න ආචාරවරු මහාචාර්යවරුරු කියන එවුන්....
නිර්මාල් රංජිත් දේවසිරිටත් තියෙන්නේ හොර සැටි විකට් එකක්ද දන්නේ නෑ... ගනේමුල්ලේ සංජීවගේ මරණ ගැන හොයනවාට වැඩියේ. ඒක ඇහුවා නම් හොඳයි කියලා මං නම් දැන් හිතන්නේ.
අපි නිකං උදාහරණයකට හිතමුකෝ.. ඔතනදි දැන් සාමාන්‍ය මනුස්සයෙක්ටත් වෙඩි වැදිල මරුනා කියලා.... අර මිද්දෙනියේදී මැරුණා අහිංසක දරුවෝ දෙන්නා වගේ.... වෙඩිතියෙනකොට එතකොට ඒ මැරිච්ච සිවිල් පුරවැසියෝ ශ්‍රී ලාංකික පුරවැසියෝ නම්.... ඒක ජාතික ආරක්ෂාවට වෙච්චි හානියක් නෙමෙයිද. ජාතික ආරක්ෂාවේ වගකීම නෙමෙයිද?
මට පේන්නේ මුන් මේ රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරලා. රටේ 88/89 හෙල්මට් බලකායේ ගල් කටස් සෙට් එකට ආරක්ෂාව භාර දෙන්න වගේ යන්නේ.
ඊයේ දයාසිරි මේක කියනකොට මල පනින්නත් ඇත්ත ඒකයි. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ටත් ආරක්ෂාවක් නෑ... ඒවා මේ ගොබ්බ හැත්තෑ අයින් කළා...
දැම්මෙන් මූන් කරන්නේ චෙකා පොලිස් එක හදන යන වැඩේ... ඒ ගැන නිර්මාල් දේව සිරිත් දන්නවා ඇති. නැත්තං ඉතින් මහාචාර්යවරයෙක් මේ වගේ ගොබ්බ ප්‍රකාශයක් කරන්නේ නෑනේ.
අදත් පිටපත ලියා කියවූයේ
මෝල් ආමන්ත බූරුවාගේ වන මම විසිනි
