.

.

Jun 30, 2022

IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක් ඝෝඨාට හා රනිල්ට තිබේද?

 


දින 10 ක් ලංකාවේ උන් IMF නියෝජිතයින් රටින් ගියේ අලුතෙන් කිසිවක් කියා නොවේය. එදා සිට අප ලියනා දේවල් ටිකම කියාය.

උන් කියා ඇත්තේ ණය වැඩි බවත්, ආදායමට වඩා වියදම වැඩි බවත්, ඊට හේතුව රාජ්‍ය සේවය බවත්, මේවාට කඩිනමින් විසඳුම් යෝජනා කරනා ලෙසත්‍ය.

මේ සියල්ල අප සයිබරයේ ලියන්න ආ දා සිට ලියනා දේවල්‍ය. කරුමය වූයේ අදටත් දේශපාලුවන්ට, නිළධාරී මාෆියාවටත් මෙය නොතේරීමය. පින් පඩි ගන්න ආචාර්‍ය මහාචාර්‍ය වරුන් හා ආර්ථික උස්තාද්ලා වරද පටවන්නේ අධිපරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වූ ජනතාව ඊට වගකිව යුතු යැයි කියලාය.

එහෙත් ඇත්ත කතාව නම්, ජාතික ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන පාඩු ලබන ආයතනවල උන් පවා, බදු මුදල් වලින් හා රාජ්‍ය ආදායමෙන් පින් පඩි ගෙන, එවන් ජීවන රටාවක් ගෙවපු එකය.

තත්වය උග්‍ර වූයේ, 2015 පසු ආ යහපාලන කැඳ හැලි ආන්ඩුවේ ප්‍රතිපත්තියද එයම වීමය. උන් කරේ ISB නිකුත් කරමින් ලෝකයටම ණය වී, බඩු මිළ අඩු කොට, සහනාධාර දී කා බී රමණය කරමින් හෙලිකොප්ටර්වල කරණම් ගසමින් ආතල් ගැනීම විතරය. 

ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා ගොබ්බ ජනතාවද 2019 තිබ්බ රට දීපියව් කියා කෑ මොර දෙන්නේ ඒ නිසාය. උන් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් ආතල් එකක් කියා උන්ට තාම තේරෙන්නේ නැතිය.

රාජපක්ෂලා හොරා කමින් හෝ ගෙන ආ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම නවතා දැමූ උන්, රටේ ණය ප්‍රමාණය දෙගුණයක් කර, බෝම්බත් තබා පැනගියේ, සංචාරක ව්‍යාපාටය කාබාසිනියා කර දමමින්, ජාතික විදුලි බල පද්දතියටද එකඳු මෙගා වොට් එකක්වත් එකතු කරන්නේ නැතිවය.

මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතුම දෙය වන්නේ, වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී යුද්ධය තුල පවා එකඳු විදේශිකයකුට හෝ කිසිම අතුරු ආන්තරාවක් සිඳු නොවීමය.

උන් මහා ලොකුවට පාරම් බාමින්, උන් ඉතිරි කර ගියා යැයි කියන සංචිතයද, එසේ ISB නිකුත් කර ගොඩගැසු ණය කන්දරාවක් මිස හම්බ කරගත් දෙයක් නොවේ. ඇත්තටම බැලුවොත් උන් ගෝඨාට දුන්නේ, හිස් වූ භාන්ඩාගාරයක් හා ඩොලර් බිලියන 7 ක ක්‍රෙඩිට් කාඩ් එකක්‍ය.

දැන් ඝෝඨට හා රනිල්ට ඇත්තේ ඔප්ෂන් දෙකකි... ඒ 

1. රාජ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමට නම් සෘජූ විදෙස් ආයෝජන ඕසෙට ගලා ආ යුතුය.

2. එසේ නොමැති නම් උන් සමඟ දේශිය සංවෘත ආර්ථිකයකින් රට ගොඩ දැමිය යුතුය. 

එහෙත් කිසිඳු සම්පතක් නොමැති අප රටේ කිසිඳා සැබෑ නොවනා සිහිණයාක්ම පමණි. කළත් එය පරම්පරා ගනනක් දුක් විඳිනා වේදනාත්මක යුගයක් වන්නේය. රටේ ජනතාව තබා පින්පඩි කාරයෝවත් ඊට සූදානම් නැති අතර උන් අත්‍යාවශ්‍යම සේවා සපයන්නෝ යැයි කියා විශේෂ වරප්‍රසාදද ඉල්ලමින් සිටින්නේය.

කාළයක් රටේ ප්‍රධාන ආදායම වු ඇගළුම් කර්මාණ්තයේ නිශ්පාදන අමුද්‍රව්‍ය 100% ක්ම අපනයනය කළ යුතු දේය. අදටත් රටේ ප්‍රධාන ආදායම අපේම උන් උන් ගරහන අවරගනයේ රැකියා කරනා විදෙස් ශ්‍රමික ජනතාවය. ඒ අනුව දේශිය සංවෘත ආර්ථික වලින් රට ගොඩ දැමීම හතර වරම් බයිලා පමණමය.

මේ රට ගොඩ ගැන්මට ඇති එකම ක්‍රමය පළමු ක්‍රමය පමණමය.

එහෙත්, විදෙශිය ආයෝජකයන්ට තබා රටේ මිනිහෙකුට ව්‍යාපාරයක් පටන් ගැන්ම කෙසේ වෙතත් ගෙයක් හැදීමට, නල ජලය ලබා ගැන්මට, නිවසට විදුලිය ලබා ගැනීමට, සූර්‍ය බල විදුලි පද්දතියක් සවි කර ගැන්මට මාස  ගනන් ගතවන, අනුමැතීන් සඳහා ජරාව කන, මූසල මජර රාජ්‍ය නිළධාරී මාෆියාවක් සිටිනා රටකට එන්න ඕනා ඒ ජාතියේම උන් මිස, ලොව පිලිගත් ආයතන නොවේය.

එ නිසා ආවත් නැතත් ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අනුමැතීන් ලබාගත යුතු ආයතන සියල්ලක්ම එකම තැනකට හෝ සියල්ල එකම තැනකින් කර දෙන ආයතනයක් මුලින්ම පිහිටවිය යුතුමය.

අනෙක් කරුණ රටේ කරුමය වූ පංච මහා භූතයන්‍ය.

විදුලි බල මණ්ඩලය

තෙල් සංස්ථාව

වරාය

ගුවන් සේවය

දුම්‍රිය හා ලංගමයයි...

මෙයින් ගුවන් සේවය වසා දැමිය හැකි වුවත් අනෙක් ඒවා අත්‍යාවශ්‍යම සේවාවන්‍ය.

මේවා පාඩු පිට පවත්වාගෙන යාමට තව දුරටත් ණය ලබා දෙන්නට කිසිවකුත් එකඟ වන්නේ නැතිය. දැන් අපට ඒ සඳහා තබා, කිසිවකටත් ණය ගන්න බැරි තත්වයකට, අපේ ආර්ථික උස්තාද්ලා විසින්ම රට පත්කර අවසානය. ඒ ණය ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කරලාය.

දැන් ඒ මහ උස්තාද්ගේ සේවා කාලය තවත් වසර 6 කට දිගුකර තියෙන නිසා, උන්නැහේට කරන්න තියෙන්නේ මේ පංච මහා භූතයන්ද වහ වහාම ප්‍රතිව්‍යූහගතකිරීමට ලක්කිරීමය.

එවන් තීරණයකදි ඒවාට විරුද්ධව එන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිනාලා හා ජේවීපී පෙරටුගාමී හා සජිත්ගේ බලවේගවලට එරෙහිව, ඝෝඨා හා රනිල් මුහුණ දෙන්නේ කෙසේද යන කරුණ මත,

රටේ අනාගතය මෙන්ම උන්නැහේලාගේ අනාගතයත් රැදී පවතින බව ලියා තැබිය යුතුමය.


ඒ වගත් මෙසේය.....

.

Jun 29, 2022

නිර්මාල් දේවසිරිලා වැනි අයට උරුම වූයේ ඉතිහාසයේ කුණු බක්කියයි.


සෑහෙන කාළයක් යනකන් මේ අර්බුධයෙන් ලේසියෙන් ගොඩ ඒමට නොහැකි නිසා, ජෙප්පන් දැන් කළ යුත්තේ, ඉම්පීරියල් මොනෑක් දේශපාලනය නොව අර්බුධය තුල බිහිවිය හැකි හිඟන පන්තියේ හිත සුව පිණිස වන දේශපාලනයකැයි කියා නිර්මාල් දේවසිරි ලියමින් කියමින් සිටිනවාය.

එයා ඉතරක් නොව එයාගේ දායක සභාවද, තියරිය පමණක් දන්නා ලංකාවේ ආර්ථික උස්තාද්ලත් කියන්නේ, රටට කෙලවූයේ, ජනතාව අධිපරිභෝජනවාදී රටාවකට හුරු වූ නිසාවෙන් බවත්, දැන් දේශීය සරළ ජීවිතයකට හුරුවිය යුතු බවත්‍ය. ඇත්තටම මොවුන් අධිපරිභෝජනවාදී ජීවන රටාව කියන්නේ මිනිසුන් ගෙයක් දොරක් හදාගෙන වාහනයක් ගෙන ජීවත් වෙන එකටය.

එහෙත් ඇත්ත කතාව නම්, මේ රටට කෙළවූයේ නිර්මාල් මෙන් රටේ ආර්ථිකයට, ජාතික ආදායමට කිසිඳු දායකත්වයක් නොදක්වන, එහෙත් රජයේ ආදායමෙන් ජීවත් වූ රාජ්‍ය සේවකයින් හා විශේෂයෙන් වැටුප් වලට අමතරව, විශේෂ දීමනා, රට සවාරි, ශිෂ්‍යත්ව, බදු රහිත සුඛෝපභෝගී රථ මෙන්ම, රජයේ වාහන පවුලේ කටයුතු සඳහාත් භාවිතා කරනා රාජ්‍ය නිළධාරී මාෆියාව නිසා බව මොවුන් දැන උන්නත්, කිසිදා එය කියන්නේ නැතිය. 

රාජ්‍ය ආදායමෙන් 80% ක පමණ මුදලක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම ගෙවීමට වැය වන්නේ නම් ඒ රටට සම්මා සම්බුදු සරණමය.

අපේ රටේ 15% පමණ වන රාජ්‍ය සේවය ලෝකයේ විශාලම රාජ්‍ය සේවයකි. අද අපටත් ණය දෙන බංගලාදේශයේ එය 6% ක් පමණය.

හමුදාවේ රථ වාහන අවභාවිතා ගැන ලියූ නදීෂා චන්ද්‍රසේනට එලව එලවා ගහන්නේ මේ ඇත්ත ලියන නිසාමය. මෑතක මේ, මාතලන් යකා  එක බ්ලොක් වූයේ සිරසේ වැදි බණ දෙසනා විජේවර්ධන නැමැති බක පන්ඩිතයා ණය ප්‍රතිව්‍යූහගතකළ කිරීම පිලිබඳව දැන් කියනා බයිලා විවේචනය කළ නිසාවෙන්‍ය. ඒ නිසා මේ ලිපියෙන් පසු දායක සභාවල් විසින් රිපෝට් කර, මේ එකවුන්ට එක නැවත බ්ලොක් වීමේ වැඩි සම්භාවිතාවයක්ද තියෙන්නේය.

ඒ ගැන අප පුදුම විය යුතු නැත්තේ, වමේ උන්ගේ මෙන්ම, ජෙප්පන් පෙරට්ටන්ගේ තියරියද, මර්ධනය, තර්ජනය, ඔවුනට එරෙහි සියල්ලන් මෙලොවින්ම චුත කිරීම හා ඇවිලවීම නිසාය. නැවත වරක් රට අවුලුවන්න දත කන්නේ ඒ නිසාය.

නිර්මාල්ලා මොන බයිලා ගැහුවත්, දැන් ජීවත් වන හැම එකාටම ඕන නාමල්ලා යෝෂිතලා චිචිලා වෙන්නටය...

සිරිසේනගේ පුත් දහම්ලා අනුර කුමාරගේ පුත් කසුන්ලා, නාමල්ලා වෙන්න ගිහින් හත්පොලේ ගාගෙන නෝන්ඩි වෙන්නේ ඒ නිසාය. ඇත්තටම ලංකාවම ඉන්නේ රාජපක්ෂ ෆැන්ටසියේය. ඔවුන් කෙරේ ඇති වෛරයට හේතුවත් වෙන කිසිවක්ම නොව එයමය.

නිර්මාල්ට අවශ්‍ය නිර්මාල්ගේ දරුවොත් එහෙම කරන්නටය.. අනුරගෙ දරුවා, ලාල්ගේ දරුවා, විමල්ගේ දරුවා, සියල්ලෝම කැමති එවැනි ජීවිත ගතකිරීමටය.

අරගලය පෝට් සිටියටයි ෂැන්ග්‍රිලා එක මැද්දටයි එන්නෙත් එම නිසාය.. මේ දෙකම රාජපක්ෂලාගේ නිර්මාණයන්‍ය...එයාලා අර කූඩාරම් ඇතුලේ ඉඳන් අරගල කරන්නේ ෂැන්ග්‍රිලා එකේ ඉන්නටය... චූ කරන්නට හෝ වන් ගෝල්ෆේස් එකට යන්නටය... ගෝල්ෆේස් හා හෝ ගානා පොකුණත් ලාංකිය ජන සමාජයේ ෆැන්ටසියන්‍ය. 

නිර්මාල්ට ජෙප්පන්ට පෙරට්ටන්ට පමණක් නොව, ලංකාවේ සියලුම  දේශපාලුවන්ට හා රාජ්‍ය නිළධාරී පැලැන්තියේ සියල්ලන්ටම කෙලවුනේ ජනතාවගෙ මේ සිතුම් පැතුම් ආකල්ප හා ලැදියාවන් තේරුම් ගන්න බැරි වෙච්චි නිසාය... අවසානයේ අරගලයේ උන්ටත් ඔස්ට්‍රේලියානූ ක්‍රිකට් කණ්ඩායමට සුභ පතා කහ පාට විප්ලවය වැළඳගන්න වෙන්නේ ඒ නිසාය.

අද වතුකරයේ දරුවෝ, විශේෂයෙන් තරුණ කෙල්ලො, ජීන්ස් ගගලා කොළඹ ජොබ් කරන්නේ ඇයි කියා මුන්ට තේරෙන්නේ නැතිය.. අඩුම ගානේ උන්ගේ ඇති ධෛර්‍යය හා චින්තනය නිර්මාල්ලාට, නන්දලාල්ලාට තිබුනා නම්, රටට මෙහෙම වෙන්නේ නැතිය.

මෙයින් ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව පෙල ගැසී උන්නද, නිර්මාල්ලට අවශ්‍ය වන්නේ සහනාධාර මත යැපෙන හිඟන මානසිකත්වයක් සහිත සුභසාධන රාජ්‍යයක් බිහි කොට එම රාජ්‍යයේ න්‍යායාචාර්‍යවරුන් වෙන්නටය.. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එතනය.

ඔවුන්ට අවශ්‍ය ජනතාවගේ දුක වේදනාව ගැටළු හා අර්බුධය විකුණාගෙන ජීවත් වීමටය. ඊට එක්වන ජෙප්පෝ පෙරට්ටෝ පමණක් නොව, සජිත් ප්‍රේමදාසලා, විමල් වීරවංශලා, දයාසිරිලා, සියත, සිරස, දෙරණ, හිරු හා ජඩමාධ්‍යවේදී හැත්තද කරන්නේ ඒ දේමය.

එහෙත් අවුරුදු හතක් සත් අවුරුදු සාපයෙන් ගතකල ජනතාව, වසරක් යාමටත් මත්තෙන් ලෝකය හා එක් කල ජේ ආර් මෙන්...

වැටිච්ච රට ගොඩ ගන්න බාර ගත්ත රනිල් වගේ මිනිස්සුත්...

අතින් කයිට් කරගෙන මේක හදන්න පුලුවන් කියන ධම්මික පෙරේරා වගේ ව්‍යාපාරිකයොත්  අභියෝගය බාරගෙන ඊට මුහුණු දීමට පැමිණිම ජනතාවගේ වාසනාවය.

රට ගොඩගැනීමට ඉදිරිපත් වන්නැයි කී වෙලේ පණ බයේ පැන ගිය ආසයි බයයි ඩොන්කිලා මෙන්ම, ප්‍රාදේශියක් තියා කුකුල් ගොවිපලක් හදලා ජනතාවට බිත්තරයක්කත් දී නැති, මාස 6 න් රට හදන්නට ඉල්ලන අන්දරේලා මෙන්ම,

නිර්මාල් වගේ න්‍යායාචාර්‍යවරුන්ට හැමදාම ඉන්නට වුනේ ඉතිහාසයේ කුණු කූඩේයේම පමණක් වීම අනාගත පරපුරේ වාසනාවය...


ඒ වගත් මෙසේය.....


.


Jun 26, 2022

ඉන්ධන හිඟය හා බය ඝෝඨා

 


ඉන්ධන මාෆියාවක් ඇති වූවායින් පස්සෙ, ඉන්ධන නැව් පෝලිමේ ගෙනත් බෑවත්, දැන් ඔය පෝලිම් නැති කිරිම බොරුවක් කියලා අපි මුලින්ම කිව්වා... ඒවට විකල්පත් ලිව්වා...

මොකෝ එහෙමනම්,

කුඩු මාෆියාව, හාල් මාෆියාව, විදුලිබල මාෆියාව, රාජ්‍ය නිළධාරී මාෆියාවත් නවත්තන්න පුලුවන් වෙන්නෝන....

අපි කල යෝජනා සමහර ඒවා අවසාන මොහොතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ..

එතකොට ටූ ලේට්..

මේ ආන්ඩුව කරන උන්, හැම එකාටම බයයි...

ජොස්තරලට විශේෂයෙන් ..

උන් නිසා රට කීප සැරයක් වැහුවා..

මුස්ලිම් ප්‍රජාව තරහා කර ගත්තා...

සල්ලි අච්චු ගහන්න උනා...

දැන් පණ බයේ ස්වකැමැත්තෙන්ම..

ජනාධිපති නිවාස අඩස්සියට පත්වෙලා ඉන්නේ...

ආයුධ සන්නද්ධව ඉන්න හමුදාවේ පොලීසියේ  උන් ඉස්සරහා.... මිනිස්සු විතරක් නෙමේ.... හමුදාවේ පොලීසියේ උනුත් මරා ගන්නවා..

අඹේපුස්සෙදි නීතිය ක්‍රියාත්මක කරන උන්ගේ කොන්ද කඩලම දැම්මා..  

දැන් පොලීසිවලින් හමුදාවලින් වැඩක් නෑ..

උන්ටත් නිවාඩු දීලා ගෙදර තිබ්බා නම්,

ඒ වාහන කන්දරාවට යන තෙල් ටිකත් ඉතුරුයි..

ආයුධ ටික ඇමරිකන් ඇම්බැසිඩර් නෝනට පරිත්‍යාග කරානම් යූක්‍රේනයට දෙන්න කියලා..

එයාලා තවත් සතුටු වෙයි..

අපේ උන්ට ගෙවතු වගාව කරන්නෙයි කිව්වාම හරි...

දැන් අපි කියපු ඒවා ඔටෝ වෙනවා...

ඉන්ධන දෙන්නේ අත්‍යාවශ්‍යම සේවා සපයන ආන්ඩුවේ වාහන වලට...

ඒ, ඩිපෝ මගින් පමණයි...

අපි ඕක මුලින් කිව්වා, 

ඊට අමතරව ත්‍රීවීල් වලටත් දෙන්න කියලා..

ඒක උන්ගේ ජීවිකාව.

ඊළඟට Uber හා Pick Me උන්ට

සංචාරක ක්ෂේත්‍රයේ වාහන වලට..

එච්චරයි...


රටේ ඔක්කෝටම වගේම ආන්ඩුවටත් ජොස්තරලා විතරක් වනරබල්...

ඇයි එතකොට ලෙඩ්ඩු ඔටුවොද?

උන් පයින්ද ඉස්පිරිතාලේ එන්න ඕන...

ඝෝඨා ඔයා අසමත් කියලා ඔයාම පිලිගත්තා...

දැන්වත් ඕක කැමැත්තෙන් දීලා යන්න...


නැත්නම් රනිල්ට කරන්න දීලා පැත්තකට වෙලා ඉන්න...

මක්කා කරත් ඒ මනුස්සයා කරන්න උත්සාහයක් හරි ගන්නවා...

විදුලිබල පනත සංශෝධනය කර ගත්තෙත් උන්නැහේ නිසා...

නැත්නම් තමුන්නැහේ ඒකත් අකුලගන්න ගියේ..

හූනියන් කාරයන්ට බයේ...


ඔහේ ඝෝඨාබය නෙමේ

බයඝෝඨා....

.

©® Priyantha Hewage Maathalan

Jun 24, 2022

කහ පාටට බය වූ උන්ගේ (Xanthophobia) පළමු පරාජය මෙය නොවේ.



.

කහ පාට ඇඳපු උන් ජයග්‍රහණය කරලා අහවරය. අවසන් තරඟය ඔස්ට්‍රේලියාව ජය ගත්තත්, එය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවීය. ඔස්ට්‍රේලියානූ නායකයා තම ස්තූතිය සිංහලෙන්ම ප්‍රකාෂ කොට සියළුම ප්‍රේක්ෂකයින්ට උපහාර කළේ පිටිය වටා ගමන් කරමින්‍ය. මෙවන් දසුනක් ක්‍රිකට් ඉතිහාසයේම නොතිබූ දෙයක් වූ අතර, ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ලෝකයේම අවධානය දිනාගෙන අහවරය.


අරගලයේ හා විපක්ෂයේ කළු අඳිනා අපතයන් මෙම තරඟාවලියට මුල සිටම විරෝධය පෑවේය. උන්ට අවශ්‍ය වූයේ ඔස්ට්‍රේලීයානූ පිල යලිත් හරවා යැවීමටය. මෙතෙක් ලංකාවේ පහළ වූ දුර්වලම පාලකයාගේ නෝන්ජල් ක්‍රියා හමුවේ, විපක්ෂය එරෝෆ්ලොට් කුමණ්ත්‍රණය ජයගෙන රුසියානූ සංචාරකයින් ඒම නවතා දැමුවද, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන උන් පෙලගැසී සිටියේ ආදරෙයේ අරගලකරුවන් කියනා මිලේච්ඡයින්ට හොඳ සංග්‍රහයක් ලබා දීමටය.


පොන්නි සම්බා හාල්ද කොහෙද කන පාලකයින් පිරිසක් හමුවේ, රටේ සාමාන්‍ය ජනතාව ලද මේ ජයග්‍රහණය අතිශයින් වැදගත් වන්නේ, අරගලයේ අපතයන් ජයග්‍රහණය කලහොත් මේ රටේ සිඳුවිය හැකි දේ මුළු ලෝකයම මැයි 9 වනදා තම නේත්‍රා වලින්ම දැක ගත් නිසාවෙන්‍ය.


දැන් රටේ ජනතාව නොව මේ අපතයන්ට උඩගෙඩි දුන් නීතීඥ ප්‍රජාවද මුන් ප්‍රතික්ෂේප කරමින් සිටීම රටේ වාසනාවක්‍ය. මුන්ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව, "ප්‍රචන්ඩත්වවාදී" පාලනයක්‍ය. උන්ගේ මතයට එහා මතයකට කිසිඳු ඉඩක් ඇත්තේ නැතිය. සියල්ලෝ උන්ගේ මතයට අවනත විය යුතුය. සංවාදයට විසංවාදයට තබා විරුද්ධ මතයක් දරන්නෙකුට අරගල භූමියට පැමිණීමත් තහනම් භූමියක්‍ය.


දැන් උන් උන්ම මරා ගන්නා තත්වයකට පත් වී තිබීමද රටේ වාසනාවක්මය.


කෙදිනක හෝ මේ අපතයන් බලයට පත් වුවහොත් මේ පාලකයන්ට හා ජනතාවට අත්වන්නේ, මියන්මාරයේ අවුන් සාන් සූකීට හා එරට ජනතාවට අත් වූ ඉරණමට මුහුණ දෙන්නටය. අද එරට ප්‍රාජාතන්ත්‍රවාදය ඉල්ලා පැමිනි පිරිස කොහේදෝ කියා නැතිය. ජිනීවා වල නෝනාටත් උන්ට අත් වූ ඉරණම ගැන වගේ වගක් නැතිය.


එහෙත් අපේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදය ගරු කරන නිදහස් සාමකාමී ජනතාවගේ වාසනාවට මේ අපතයන් දැන් එකෙක්වත් ගනන් ගන්නේ නැතිය. ඒ බව පෙනුනේ ඊයේ පමණක් නොවේය.


⭕ අරගලයට දින 50 පිරුණු දිනයේ රටේම ජනතාව ගෝල්ෆේස් ගේනවා කිව්වාට එකෙක්වත් ආවේ නැතිය.


⭕ ඉන්පසු සිසු විරු දිනයේ බුකියේ ගෝල්ෆේස් එන්නැයි කියා මේ අපතයන් කළ ඉල්ලීම එකෙක්වත් ගනන් ගත්තේ නැතිය.


⭕ ඒ හැර, ඉන් පෙරද, අතනට එන්නැයි, මෙතනට එන්නැයි කී ඉල්ලීම්ද ජනතාව පයිසයකට මායිම් නොකලේය.


⭕ වරෙන්තු නිකුත් කල උන් බාර වෙන්න ආ පෙලපාලියට 50 ක් වත් ආවේ නැතිය.


⭕ මුන් පෙනී උන් යූක්‍රේනය හා සෙලන්ස්කි අද පුටින්ගෙන් පොරි හැලෙන්නම කනවාය.


⭕ මුන්ගේ ව්‍යවස්ථාවක් වූ 21 වන ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි නිසා විසිකර දමන ලෙස අධිකරණය කතානායකට අණ කළේය.


⭕ මුන් පෙනී සිටී හොලිවුඩ් නළු විල් ස්මිත්ට අවුරුදු 10 කට ඔස්කා තහනම් වූයේය.


⭕ ඊයේ සිරගත වූ අපතයන්ට ඇප දෙන්නට කළු කෝට් කාරයෝ 20 ක් වත් නැතිය.


ඇත්තටම දැන් ඔතන ඉන්නේ, ආහාර ලැබෙන නිසා කොළඹ වතුවල උන් කුඩ්ඩන්, පුරඟනන්, හිඟන්නන් හා දේශපාලන හිඟන්නන් වන ජෙප්පන් හා පෙරට්ටන් හෙවත් වමේ ලුම්පන් පිරිස පමණය.


එවන් අපතයන් පිරිසක් දිගින් දිගටම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම රටේ වාසනාවය...


ඝෝඨා ජනපති කමෙන් "ඉවත්විය" යුතුයැයි අපට කියන්නට බැරිය. ඒ ඔහුට ලක්ෂ 69 ක ජනවරමක් තිබෙනා නිසාය.


එහෙත් රාජ්‍ය පාලනය ගැන අබ මල් රේණුවක දැණුමක් නැති ඝෝඨාභය "ඉවත්කළ" යුතුයැයි කියනා මතයේ මෙන්ම පාර්ලිමේන්තුව විසිරවිය යුතුයැයි කියනා මතයේ මාතලන්ද සිටිනවාය.


එහෙත් එය කළ යුත්තේ ඊට ව්‍යවස්ථාව තුල ඇති ඉඩ කඩ තුල ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මිස, පාර්ලිමේන්තුවෙන් පිට ආඥාදායකයක් ක්‍රියාත්මක කිරීමට නොවේය.


ඒ වගත් මෙසේය.....


©® Priyantha Hewage Maathalan 

.

Jun 23, 2022

හිරුණිකාගේ පයෝදර තුල සිරවූ. ශ්‍රී ලාංකීය රැඩිකල් බුජ්ජිමත් සමාජය. (ඇත්තටම පට්ට ගම් කබර ගෝත්‍රික සමාජය)

 



දියුණු, බුද්ධිමත්, නවීන මිනිස්සුය කියලා හිතපු ගොඩාක් උන්,

පට්ට ගෝත්‍රිකයොම පිරිසක් කියලා

අරගලය අපූරුවට ඔප්පු කර අවසන්....

ඒ අරගලය තුල මතුවන දේශපාලන කතිකාවන් ඔස්සේ..


ඒ අතරින්, Chinthana Dharmadasa , Sannasgala, වගේම මම හිතන හැටියට බේකරියේ සෙට්ටෙකත් එතනින් හෙමීට ලිස්සලා දිරා මාරු වුනා..


ඒ වගේම චින්තා එතන ප්‍රශ්ණ කරමින් නිරුවත් කරමින් සිටිනවා....

සාම්ප්‍රදායික ලුම්පන් වාමාංශික මොලගෙඩි තුලින්, ඔහුට එල්ලවන විරෝධය සුළුපටු නෑ...


පුරුෂාධිපත්‍ය එලෙසම පවතින,

ස්ත්‍රීත්වය පහත් කොට හා දුර්වල කොට සැලකන,

එහෙත් මාතෘත්වය තුලින් ඉහළට ගැනීමට තැත් කරන ලිබරල් පුරුෂ යැයි කියනා ප්‍රජාවකුත්,


විටෙක සම අයිතිවාසිකම් ඉල්ලා සිටින,

පසුව කාන්තාවන් වීම හේතුවෙන් අනුකම්පාවන් හා ගෞරවනීය තත්වයන් අයදින රැඩිකල් ස්ත්‍රීවාදීන් යැයි ලිබරල් ස්ත්‍රීන් ප්‍රජාවකුත්,


ඔවුන් අරගලයක් කිරීම හේතුවෙන්ම කිසිවකුටත් ප්‍රශ්ණ කළ නොහැකි සර්වබලධාරීන් දෙවියන් වහන්සේ හා සමාන පිරිසක් දෙසා වදාරන දෑ...

දැන් පරම සත්‍යය ලෙස පිලිගත යුතු වාතාවරණයක් ගොඩ නැගී අවසන්....😁


ඔවුන් සියළු බලයන් අතික්‍රමණය කර අවසන්..


නීතියත්, නීතී සම්පාදකයිනුත් උන්ට බයයි...


කොටින්ම කාන්තා වෘත්තිකයින් සාරිය ඇඳිය යුතුමයි කියන,

විධායකයක් 

ව්‍යවස්ථාදායකයක් හා 

අධිකරණයක් තියෙන රටක් 

පට්ටම ගෝත්‍රිකයි....


හිරුණිකා උද්ඝෝෂණයකට සාරි හැට්ට ඇඳගෙන ඇවිත් විහාර මහා දේවිය වීමට ගොස්,..


පසුව දරු තිදෙනකුට කිරි හා ශරිරය දන් දුන් සෙනෙහෙබර මවක් ලෙස අනුකම්පාව හා ගෞරවය පැතීමත් එසේමැයි.


රැකේ පුඩිකල්....

.

⭕ Picture - The Slave Market by Otto Pliny

.

Jun 16, 2022

රටේ මෙන්ම ජනතාවගේද ෆැන්ටසියට කෙල වූ පසු...

 



ඝෝඨාට පලු යන්නට බැන්නාට, මේ රටේ පට්ට ගෝත්‍රික ගං කබර බයියෝ ප්‍රාර්ථනා කරන්නේ ඝෝඨාගේ සිස්ටම් එකම බව මේ වන විට ලෝකයාම දැනගෙන හමාරය. උන් හිතන්නේ උන් නිධානයක් උඩ ඉඳගෙන ඉන්නා බවත්, නන්දලාල් හෝ රනිල් හෝ පාඨලී හෝ සජිත් හෝ අනුර හෝ අරගලකරුවෝ හෝ පැමිණ ඒ නිධානය ගොඩ දමා මේ රට තව්තිසාවක් කරනු ඇතැයි කියලාය. 

මේ රටේ ටොයියෝ කියා පිරිසක් නැති අතර, උන්ද අමු ගෝත්‍රිකයින් පිරිසක් බව මාතලන් කියන්නේ අදක ඊයේක නොවේ. උන් ටොයියන් නම් කිසි දිනෙක බූරුවෙක් වන සජිත්ට හෝ අනුරට කඩේ යන්නේ නැතිය. යන්නේ රනිල්ටය.

මේ කිසිවකුට චන්දය නොදෙන, තියෙන දේ කා වෙන බලාගෙන සිටිනා පිරිසක් සිටිනාතර, උන් පමණක් කිරි ටොයියෝ ලෙස කවදත් වැජඹෙති.

රාජපක්ෂලා හොරකම් කරමින් (අද වන තෙක් ඔප්පු කර නැත), කොමිස් ගසමින්, (අද වන තෙක් ඔප්පු කර නැත), ආර්‍යාවෝ, කුමාරවරුන්, හත්මුතු පරම්පරාවද සමඟ ප්‍රාදේශීය රජවරුන් හා දැසි දස්සන් හා එක්ව පිස්සු කෙලමින් හෝ ගෙනගිය කළු සල්ලි ආර්ථිකයට තිත තබා, යහපාලනයක් කියා බඩකඩුත්තුවක් ගෙනත් ක්‍රෝටන් කොළ කන්නේ, අප ජාතියට උරුමයෙන් ලැබෙන්නාවූ ඉරිසියාව හේතුව නිසාය.

2015 ට පෙර පැවති ආර්ථිකය බිස්නස් කාරයන්ට හොඳ එකක් බව සියළුම බිස්නස් කාරයෝ පිලිගන්නා සත්‍යයය. එහෙත් රාජපක්ෂලා හා සෙට්ටෙක විතරක් කන බොන එක දිරෙව්වේ නැති මුලු රටම, කෙලත් නැතිව ඇරගන්නේ, එක පවුලකට කෙලින්නට ගිහිල්ලාය. 

ඒ වෛරය එලෙසින්ම අදටත් පවතින බව 9 වනදා රට පුරා මෙන්ම, අදටත් බුකිය පුරාද පැහැදිලිව දකින්නට පවති. ඒ ඔවුන්ටද නාමල්, යෝෂිත, චිචි, ලිමිණි, ටට්‍යානා වීමට නොහැකි හීනමාන වෛරයයි. එහෙත් ඊට වඩා ආර්ථිකට මෙන්ම රටට විනාශයක් කළ රනිල් වික්‍රමසිංහ, අද ගැලවුම්කාරයාගේ චරිතයට පන පොවන්නේ, ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා අමන ජනතාවගේ පිහිටෙනි.

2015 සිට රනිල් වික්‍රමසිංහ කරේ ලංකාවේ මැද පන්තියේ පරිභෝජනවාදි ජීවන දර්ශනය රටේ ආර්ථිකයටද ඇප්ලයි කරනා එකය.

මැද පන්තියේ පරිභෝජනවාදී ජීවන රටාව යනු කුමක්ද?

▪️දහ අතේ ණයවී කරනා ප්‍රී ෂූට්, ෆයිව් ඉස්ටාර් වෙඩින් රිසෙප්සොන් හෝම් කමින් බැචුලර්ස් පාටී,

▪️හවුසින් ලෝන් ගෙන හදනා ලක්සිරි නිවාස

▪️වසර ගනනකින් ගෙවීමට ගන්නා ගෘහ භාන්ඩ හා විදුලි උපකරණ,

▪️ලීස් දමා ගන්නා වාහන හෝ යතුරු පැදි,

▪️ක්‍රෙඩිට් කාඩ් වලුන් රෙස්ටුරන්ට් වලින් කෑම, ෂොපීන් මෝල් වල සැරි සැරීම,

▪️ණයට ගෙනත් සුපර් මාකට් වලින් කෑම

▪️ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවනා ප්‍රයිවට් චැනලින් හා නර්සිංහෝම් වල දරු උපත්,

▪️ඉගෙන ගත්තත් නැතත් හතර අතේ ණය වී කප්පම් හා ජරාව දී, කොළඹ උසස් පාසලකට දරුවන් දමා ගැනීම,

▪️ඉගෙන ගත්තත් නැතත් සෑම සබ්ජෙක්ටෙකටම හතර අතේ ණය වී දෙන ටියුෂන්...

▪️ගෙවා නිමවූ නිවාස හා වහන නැවතත් උකසට තබා දරුවන් රට යැවීම....

▪️උන් ආයේ පැත්ත පලාතේ එන්නේ නැතුවාක් මෙන්ම සතයක් හො නොඑවීම නිසා ඉච්ඡාභංගත්වයට පත් වී රෝගීන් වීම...

▪️ඇපල් සැම්සුන් නොවේ නම් ෆෝන් එපා කීම..

▪️බ්‍රෑන්ඩඩ් නැත්නම් ඇඳුම් පැළඳුම් එපා කීම...

වැනි, සත පහක වැඩක් නැති විකාර හා සෝබන වැඩ වලට වියදම් කර, ණය වූ ක්‍රෙඩිට් කාඩ් එක සෙට්ල් කිරීමට තවත් ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ලෝන් එකක් ගැනීමය.

අපරාදේ කියන්නේ රනිල් කරේද එවන් උන්ගේ පඩිය වැඩිකර, වැඩි පොලී ගෙවනා සවරින් බොන්ඩ්ස් නිකුත් කර ගන්නා ඩොලර් වලින් බඩු අඩුවට දී, ඒවාට පොලී ගෙවීමට තවත් ණය ගන්නා එකය. අන්තීමේ රනිල් ඇපත් නැතිව ගෙදර යන්නේ තිබූ ණය ප්‍රමාණය දෙගුණයක් කරලාය.

රනිල්ගේ කාළයේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සඳහා දෙන්න කියපු ලෝන් බැංකුවලින් ලබා දුන්නේ රැකියාවන් කරනා උන්ට පර්සනල් ලෝන් විදියටය. මේවා නියාමනය කරන්නට උන්ට බැරි වුනේ ලෝකයේ ලොකුම වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේ හදපු නිසා වෙන්නැතිය.

ණයට ගෙන මිනිසුන්ට බඩු අඩුවෙන් දී , ගත් ණය වලට ගෙව්වා සහ ඒවා නිකුත් කරමින් හොරා කෑවා මිස එකඳු විදෙස් ආයෝජනයක් හෝ ගෙනාවේ නැතිය.

එහෙත් රට අවුලක් නැතිව දිව්වේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ වෙළඳ ප්‍රජාව නිසාය. ඔවුන් බහුතරයකගේ වෙළඳාම වූයේ ආනයන භාන්ඩ වෙළඳාමය.

කරුමය කියන්නේ, ඒ මූසලයින් එලවා රාජපක්ෂලා නැවත ගෙනාවද, මුන් කළේ රට එතෙක් පවත්වාගෙන ගිය දේශීය ව්‍යාපාරික ජාලයටත් කෙලලා අරිනෙකය. අද වන තෙක් කිසිඳු විදෙස් ආයෝජනයක් රට තුලට පැමිණ නැති අතර, ආනයන තහනම් හා කන පැලෙන බදු හේතුවෙන් දේශීය ව්‍යාපාරික ප්‍රජාව යන්නේ හොම්බෙන්‍ය.

ණයට ගන්න තැනකුත් නැත, දෙන්න එකෙකුත් නැත. එහෙත් වියදම් වල අඩුවකුත් නැත, පරිභෝජන රටාවද එසේමය. 

දැන් උන් ලීස් කර ලබාගත් වාහන බැංකුවට උකස් උනෝතින් වස ලැජ්ජාවය, බස් එකේ යන එක වස ලැජ්ජාවය, දරුවෝ බස් වල කොච්චි වල යවන්න බැරිය. උන්ට බ්‍රෑන්ඩඩ් සපත්තු මේස් බෑග් අරගෙන දෙන්න ඕනෑය. සරළ වීමට,කැප කිරීම් කරන්නට කැමති නැතිය.

ඒ නිසා උන් කියන්නේ හඳෙන් හරි තෙල් ගෙනත් දීපිය අපි ගහන්නේ සල්ලි දීලාය කියලාය. එහෙත් එසේ ගෙනෙනා තෙල් ගසා මේ රට ගොඩදමා තිබුනා නම්, සංචිත නැතිව කෙලවෙන්නේ නැතෙයි යන්නත් උන්ට තේරෙන්නේ නැතිය.

දැන් තොපේත් රනිල්ගේත් ආතල් අවසානය. මේ රටට අමතර මුදල් ඒමට නම්, තියරිය අනුව තියෙන්නේ ක්‍රම තුනකි.

1. අපනයන ආදායම වැඩි කිරීම.

2. සංචාරකයින් වැඩියෙන් ගෙන ඒම.

3. සෘජූ විදෙස් ආයෝජන කඩිනමින් ගෙන ඒම.

අපනයන ආදායම වැඩි වීමට නම්, මේ රටේ ඇති ලබ්බක් නැත. කෘෂිකර්මාන්තය දේශීය පරිභෝජනය සඳහාත් මදිය. මේ රටේ විසිකරන ඇටෙ‍යි දන්ඩයි පැල වෙනවාය කීවාට මෙතුවක් කල් එහෙම වැවෙන්න නම් පිටරටින් පෝරයි කෘමිනාශකයි ඕනමයි කියා වහ බිව්වෝය, දැන් නම් ඒ මොකුත් නැතුව තමන්ගේම ගොම වලින් වවන්නට සියල්ලෝම පෙල ගැසිලාය.

නිශ්පාදන කර්මාණ්තයක් ඇත්තේම නැති අතර, භාන්ඩයක් නිම කිරීමට නම් මෙහේ ඇති ලබ්බක් නැති අතර, රෝ මැටිරියල්ස් සියල්ලම වාගේ ගේන්නට ඕනා පිටරටින්‍ය. එහෙම අස්ප ගනන් බඩු ගන්න සුද්දන්ට අර්ෂශ් අමාරු ඇත්තේ නැතිය. අඩු මිලට භාන්ඩ හා සේවා සපයන රටවල් ලෝකයේ තවත් තියෙනවාය.

ලයිට් නැති, ගෑස් නැති, නිදහසේ පයින් හෝ යාමට නොහැකි රටකට සංචාරකයෝ එන්නේ නැතිය. එහෙම එනවා නම් එන්නේ බැග් පැකර්ස්ලා හෙවත් හිපියෝ වනාතර, එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා ඝෝඨාභය විසින්ම කාපිරි මුඩුක්කුවක් නිර්මාණය කර දීම ගැන එතුමාට අපේ ගෞරවය හිමි විය යුතුමය.

මේ රට ගොඩගැනීමට ඇති එකම තියරොටිකලි ක්‍රමය විදෙස් ආයෝජකයින් ගෙන ඒමය.

එහෙත් මේ දක්වා එවන් වැඩපිලිවලක් කිසිවකු හෝ විසින් ඉදිරිපත් කර නැතිය. තව ටිකෙන් මහ එකා අදානිගේ වින්ඩ් පවර් ප්‍රොජෙක්ට් එකටත් කෙලිනවාය.

ඒ නිසා තවදුරටත් ෆැන්ටසි ලෝකවල ජීවත් වීමේ ආශාවන් අත් හැර ගත යුතුය.

රාජපක්ෂලාට අත් හැරීමේ බණ දේශණා කරනා සමාජයකට අත් හැරීමේ ගුණය වඩවා ගැනීම එතරම් අමාරු දෙයක් වන්නේ නැතිය.

අප නම් කොහොමත් සරළ ජීවිත ගෙවනා කිරි ටොයියෝ නිසා එතරම් අවූලක් ඇත්තේ නැතිය.

ෆැන්ටසි ලෝක වල ජීවත්වූ අනේපිඬු සිටානෝලා, ඉන්ධන පෝලිම් වල, පැස්ටෝල් පෝලිම් වල, කිරිපිටි පෝලිම් වල ඉන්නවා දැක්කාම, තනි ඇහැට ඇඬෙනවාය. (ඇත්තටම පුකෙන් හිනා යනවාය)

මේ රට ගොඩගැනීමට තවත් සුපිරිම ක්‍රමයක් තියෙනවාය. එහෙත් ඒක කරන්න හිටපු එකා ගෙදර ගිය නිසා ඒ සිහිණයත් අත් හැර...


පුචෙන් සිනා සිසි 

අතැඟිලි අල්ලලා....

එන්න යන්න

මල් මාවතේ....


.

Jun 15, 2022

උගතුන් නිසා පරිප්පු කන නූගත් මිනිස්සූ...


.
මේ රටේ බුද්ධියක් ඇති ජනතාව ඇත්තේ අල්පයකි. එය ජනතාව හා කතාබහ කරන විට ඉතා පහසුවෙන් වටහා ගත හැකිය. කොටින්ම අපේ උන් බුද්ධිමත් කියන්නේ මොකක්ද කියා හෝ දන්නේ නැතිය. 

බුද්ධිමතුන් යැයි කියන්නේ ඕනෑම දෙයක් කිසිවකු කී නිසා හෝ ලියූ නිසා පිලිගැනීම නොව, තම චිත්ත ශක්තියෙන් ඒ පිළිබඳ විමසීමෙන් තීරණයකට එන පුද්ගලයාටය. 

එහෙත් ලංකාවේ අධිකාරීවාදී සංස්කෘතිය තුල, අධ්‍යාපන ක්‍රමයේ සිට සියළුම ක්ෂේශ්ත්‍රයන් හැඩ ගැසී ඇත්තේ, එවන් බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කිරීමට නොව, වනපොත් කරනා ගිරවුන් රෑනක් බිහිකිරීමටය.

උගන්වන දෑ ප්‍රශ්ණ කිරීමට කිසිඳු අවස්ථාවක ඉඩක් නැතිය. මේ හේතුවෙන් පාසල තුල පමණක් නොව බොහෝ තැන්වල අප අපහසුතාවයට මෙන්ම අසාධාරණයට ලක් වූ අවස්ථාවන් අපමණය.

අපේ උන් දෙයක් පිලිගන්නේ, එක්කෝ මහාචාර්‍ය වරයෙක් කියූ නිසාය, නැතිනම් ආචාර්‍යවරයෙක් කියූ නිසාය, නැතිනම් ගුරුවරයෙක් කියූ නිසාය, එහෙම නැතිනම් ආගමික නායකයෙක් හෝ පක්ෂ නායකයෙක් කියපු නිසාය, එසේ නොමැති නම් අම්මා තාත්තා හෝ ගෑණී මිනිහා කියපු නිසාය.

එසේත් නොමැති නම් අළුත් පාර්ලිමේන්තුවට හෝ දොරමඩලාවට එන උගතුන් යැයි සමාජය පිලිගත් පිරිස කියන නිසාය, නැතිනම් ලෙනින්, මාක්ස්, ගෝර්කී, ලැකාන්, ෆුකාන්, ග්‍රාමිස්චි කියලා තියෙන නිසාය.

තර්කයකදි, කව්ද කිව්වේ? නිකමට හරි ඇහුවොත් කියන්නේ ඔයින් එකෙක්ගේ නමක්මය. "මමයි කියන්නේ.... " කියනා උන් බොහෝ අඩුය. පාර්ලිමේන්තුවටද උගතුන් පමණක්ම එවන්නෙයි කියන්නේ මෙවන් අමණයෝය.

"උගත්" හෙවත් එඩියුකේටඩ් ප්‍රජාව කියන වචනය තුලම ඒ ප්‍රජාව මෙන්ම ජනතාවද අතරමං වී ඇත. උගත් යන්නෙහි තේරුම ඉගෙනගෙන අවසන් යැයි කියනෙකය. ඇත්තය උන්ට ඒ පිලිබඳ ලිඛිත සාක්ශි මෙන්ම ඡායාරූපමය සාක්ෂිද ඉදිරිපත් කළ හැකිය. ඉදින් උන් ඉන්නේ සියල්ල දත්ලා ලෙසටය.

නමුත් ඇත්ත කතාව නම් උන් සහතික අරගෙන ඇත්තේ තියරි වලට පමණය. ප්‍රැක්ටිකල් ලෝකයේ උන් පට්ට ෆේල්‍ පොරවල්‍ය. දැණුම වෙනස් වෙමින් වේගයෙන් ලෝකය ඉදිරියට යන බවත්, වත්මන් ලෝකයේ විශ්වකර්ම වැඩ පෙන්වන්නේ " අවුට් ඔෆ් ද බොක්ස්" හිතන හා හිතපු උන් නිසා බවත් පිලිගැනීමට ඔවුන්ට බුද්ධියක් නැත්තේය.

දැන් සියල්ලෝම බලාපොරොත්තු තබාගෙන ඇත්තේ මාර පොරක් යැයි කියනා මහ බැංකුවේ ලොක්කා නන්දලාල් වීරසිංහ කෙරෙහිය. එහෙත් පොර රට ගෙනියන්න යන්නේ සමාජවාදී රාජ්‍යයක් කරාය. පොරට මේ රට ගොඩගැනීමේ කිසිඳු සැලැස්මක් නැති බව බුද්ධියක් ඇති ඕනෑම එකෙකුට මේ වන විට අවබෝධ වී අවසානය.

එහෙම එකෙක් නම්, ටැබ් හා සෙල්ෆෝන් වලට කන පැලෙන බදු ගසා ඒවා ගන්නේ නැතිව මයියොක්කා වවන්නෙයි කියන්නේ නැතිය. මේ ඇවිත් ඉන්නේ පී බී ටත් එහා දේශිය චින්තනය කරපින්නාගෙන යන සමාජවාදී හිඟන්නෙකි.

රනිල් හා නන්දලාල් ගැටුම ඉස්මතු වෙන්නේ මේ හේතුවෙනි. 

මේ රට මේ ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීමට මේ තියරි කාරයන්ට නොහැක්කේ ඔවුන්ගේ තියරිය අනුව මේ රෝගියා මියගොස් අවසන් බැවිනි. 

ඔවුන් දැන් සැරසෙන්නේ IMF නැමැති මරණාධාර සමිතියෙන් අවසාන කටයුතු කිරීම සඳහා ආධාරයක් ලැබෙනා තෙක්‍ය.

එය ලැබෙනා තෙක් මිනීය සාලේ මැද්දෙ තබාගෙන මරණය සිඳු වූ ආකාරය පිලිබඳව විශ්ලේෂණ ඉදිරිපත් කරමින් ඔවුන්ගේ "උගත්" කම ප්‍රදර්ශණය කරමින් සිටි.

ඇත්තටම ඔවුන් ඉගෙනගනිමින් හෝ තව දුරටත් ඉගෙනීමට කැමැත්තක් ඇති පිරිසක් නොව "උගත්" ප්‍රජාවක් බවත්, එවන් උගත් පිරිසක් පිළිබඳව විශ්වාසය තබාගෙන සිටිනා අමනයන්ට මාතලන්ගේ කනගාටුවද ලියා තබමින්, මේ පල්හෑල්ලත් මෙසේ අවසන් කරනවාය.

ඒ වගත් මෙසේය......

.
 

Jun 13, 2022

පැලෝපීය නාලෙන් යට කළ සාෆිගේ ප්‍රධාන චෝදනාව



පාස්කු ප්‍රහාරට කරපු සෙට්ටෙක උන්ගේ සල්ලිවල බලයෙන් ඔක්කොම ෂේප් වෙලා ඒක රාජපක්ෂලාට බැර කරලා දැන් සාන්‍තුවරයින් වෙලා ඉවරයි... අන්තීමට ගම්මිරිස් නානත් නිදහස් වෙලා ගෙදර ගියා

උන් අධිකරණයට, පොලීසියට වගේම ක්‍රිස්තියානී පල්ලියටත් අත දිග ඇරලා වියදම් කරලා, උන්ගේ වහාබ්වාදය පැතිරවීම පෙරටත් වඩා වේගයෙන් කරගෙන යනවා.

අද රටේ තියෙන ප්‍රශ්ණ උන්ගේ වැඩේට අපූරූ තෝතැන්නක්, ඔය අතරෙන් සහරාන් වගේ උන්මත්‍තකයෙක් මතු වෙලා ගේමක් දෙනකන්, අපේ බුද්ධි අංශවලටවත්, ගොබ්බ සංඝයා වහන්සේලාටවත්, කතෝලික පල්ලියටවත් මේකේ වගේ වගක් නෑ.

උන් බුරියානී, විස්කි, ගෑණූ (උන්ගේ ගැහැණුන් නොව විදේශීය ගනිකාවන්) දීලා, අල්ලන්න ඕන තැන් ඔක්කොම අල්ලලා ඉවරයි. අරගලයේ ළොකු වියදමක් අදටත් දරන්නේ උන්.

සාෆි ඉස්සෙල්ලම මාට්ටු වෙන්නේ බදුර්දීන්ගේ කළු සල්ලි පස්සෙ පන්නද්දි, ඒවා සුදු කරපු වෛද්‍ය ව්‍යාපාරිකයා තමයි සාෆී. සාෆී අත් අඩංගුවට අරගෙන ප්‍රශ්ණ කරන්නේ ඒකට.

වඳ බ්‍රා, වඳ කොත්තු නිර්මාතෘ මංගල සමරවීර ගේ නිර්මාණ කෞෂල්‍යය නැවත ඉස්මතු වෙන්නේ මෙතනදි, පොර කරන්නේ සාෆී ගයිනෝ කෙනෙක් නිසා සිංහළ මව්වරුන් වඳ කරනවා කියලා කතන්දරේ ගොතනවා.

නිකන් නෙමෙයි ඒක කරන්නේ, පැලෝපීය නාලේ මිරිකගෙන ඉඳලා කියලත් ප්‍රචාරණය කරනවා, වඳ සීන් දොහෝත් මුදුන් දීලා පිලිගන්න පෝට්ටු බයියෝ මේකට විද්‍යාත්මක විශ්ලේෂණ, සම්මන්ත්‍රණ, තියාගෙන අධිකරණයටම යනවා.

ඒකේ නායකත්වය විමල් වීරවංශ බලෙන්ම අරගන්නවා. අතන මෙතන රතන, චන්න ජයසුමන, තිස්ස ජනනායකලා පැත්තකට විසික්කා වෙනවා. මට මතක විදියට මුලින්ම මෙතනට රිංගන ඕමල්පේ සෝභිතයා ටික දවසකින්ම එතනින් කැපෙනවා. ඒ ඇයි කියලා මොළේ තියෙන ඕන එකෙක් දන්නවා.

කුරුණෑගල ඉන්න ඒස ගෑණුත් මුන්ගේ ගුලි කාලා පෝලිමේ තමන්ගේ දරුවා එලියට ගත්‍ත මේ ඩොකාට විරුද්ධව සාක්කි දෙන්න එනවා. ඒ කාළේම ඒවා නොකිව්වේ මිරිකන කොට ආතල් එකේ උන්න නිසාද කියලා, අපි එදත් ලිව්වා. අදත් ලියනවා.

අපි එදා හැමදාම කිව්වා, මේකෙන් වෙන්නේ අත්‍යාවශ්‍ය දේ පැත්තකට ගිහින් පොර නිදහස් වෙනවා කියලා. කිව්වා වගේම අද ඒ දේ වෙලා ඉවරයි, වන්දිත් එක්ක සාෆී නැවත සේවයට. පොර වන්දිය ආයෙත් රජයට පරිත්‍යාග කරලා.

ඉතින් දැන් ඔක්කෝටම සාෆී සෝක්, එයා බබා, එයා බෝධිසත්වයා. අපිට නන් තාම බදුර්දීන්ගේ සල්ලි බිස්නස් වල දාපූ සාර්ථක ව්‍යාපාරිකයා. ඒ සල්ලි කොහොම ආවද? කළුද? සුදුද කියලා හොයන එක අපේ වැඩක් නෙමේ නේ.

ඒවා අදාල එකෙක් හොයා ගනියි. ආයේ ඩාම් වෙච්චි ඩූම් වෙච්චි දාක යකෝ මාතලන්ලා එදා මෙහෙම දේ වෙයි කිව්වා නේද කියලා මතක් වෙයි. මොකෝ සහරාන්ලාගේ ගේම ඔයාකාරයටම වෙනවයි කියලා අපි 2012 ඉඳන්ම ලිව්ව නිසා.


😡 මේ පෝස්ට් එක රිපෝට් කර බ්ලොක් කිරීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළ අගයක පවති.


.

Jun 10, 2022

ත්‍රස්තවාදී විදුලි මාෆියාවේ හා ඩෙන්ඩර් මාෆියාවේ රෙදි ගැලවූ යුගයේ වීරයා.

 


2019 බලයට ආ ජනාධිපතිවරයා මෙන්ම ඉන්පසු ආන්ඩුව පිහිටවූ පොහොට්ටු පක්ෂයට උදා වූයේ ලෝකයම මුහුණ දෙන වසංගත හා ආර්ථික ව්‍යසනයන්ට මුහුණ දෙන්නටය. 

ඊටාමතරව පී බී ජයසුන්දර නම් ආර්ථික ඝාතකයා කළ විනාශයන්ද සුළු පටු නොවේ. බදු අඩුකිරීම, කාබනික පිස්සුව, තරමක නිදහසක් තිබූ ආනයන අපනයන විවෘත ආර්ථිකයට බාධා පැමණවීම මෙන්ම විශේෂයෙන් ඩොලරය බලෙන් අල්ලාගෙන රනිල්ගේ ISB හිතවතුන් පිනවීමට කටයුතු කිරීම ඒ අතරින් ප්‍රධානවේ.

මෙතෙක් ජයග්‍රහණයකට තිබුනේ අපේ උන් මක්කා කීවත්, කොරෝනා වැක්සීන්කරණයෙන් ජාත්‍යන්තරය තුල ලත් ප්‍රසාදය පමණමය. ඉන් පසු මේ ආන්ඩුව යම් ජයග්‍රහණයක් ලද්දේ නම්, ඒ ඊයේ කංචන විජේසේකර ලබාගත් ජය පමණමය. එය තනිකර ඔහුගේම ජයග්‍රහණයක් මිස වෙන කිසිවකුගේ ජයග්‍රහණයක් නොවේ.

කරුමය කියන්නේ, බලයට ආ දවසේ සිට ඩිමොක්‍රසියා රෝගය වැළඳි, සියල්ල රිවස් කරනා ජනාධිපතිවරයා මෙයත් රිවර්ස් කරයිද යන්නය. එහෙත් පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සංශෝධනය කරන ලද පනතක්නැ, නැවතත් සංශෝධනය කරයි නම්, එය යලිත් සිඳුවිය යුත්තේද පාර්ලිමේන්තුවෙන්ම වීම පමණක් මෙහිදී වාසියකට ඇති එකම කරුණය.

විදුලි බල මණ්ඩලයේ ඩීසල් මාෆියාවේ ඉංජිනේරුවන් හා යුනියන් මාෆියාව මේ වෙනුවෙන් කොතරම් මුදලක් වියදම් කර ඇත්තේද යන්න ඊයේ කංචනගේ වගෙන් ඔරෝ කතා වලින් මොනවට පැහැදිලි විය. ඩීසල් මාෆියාවේ පාර්ලිමේන්තු සාමාජිකයින්, විපක්ෂය මෙන්ම ආන්ඩු පක්ෂයේද සිටිනා බවත්, ඊටාමතරව ටෙන්ඩර් මාෆියා කාරයෝද පාර්ලිමේන්තුව ඇතුලේම ඉන්නා බවත්, උන් ඇමතිවරයා අදානිගේ මිනිහෙක් බවට චෝදනා කරනා බවත්, මෙය තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දක් නොවන බවත්, එහෙත් මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුධය හමුවේ ඇමතිකම නැති වූවත් මෙය අනිවාර්‍යයෙන්ම සම්මත කර ගන්නා බවත් කීවේ සියල්ලන්ම හොල්මන් කරමින්‍ය.

ආන්ඩු පක්ෂයේ ඉන්නා කම්බ හොරෙක් වන මහින්දානන්ද අළුත්ගමගේ වැනි උන් ආන්ඩුවේ සිටිනවාට මුළු ආන්ඩුවම ලැජ්ජා විය යුතුය. පෙරේදා රංජන් ජයලාල් හා එමිල් යන ත්‍රස්තවාදීන් දෙදෙනා පාර්ලිමේන්තුවට රැගෙන විත් ඔහේගේ ඇමතිකමට හෙට කෙලවනවා කියා තර්ජනය කරන්නේ මේ අපතයාය. මොහු කළක් විදුලි ඇමති වී සිටී බවත් එදා පමණක් නොව අදත් උන්ගෙන් කන බවත් මොනවට හෙලිවිය. 

හැබයි උන් සියල්ලටම කන පැලෙන්න සංග්‍රහ කර යැවීමට කංචනගේ සහායට වුන් හරීන්ටද රටේ ජනතාවගේ ගෞරවය අනිවාර්‍යයෙන් හිමි විය යුතුමය. එමෙන්ම විවාදයේදී විපක්ෂයේ මූසලයන්ගේ රෙදි ගැලවූ අලී ෂබ්‍රී, ලන්සා හා මනූෂටද අප ස්තූතීවන්ත විය යුතුය.

ඇමතිකම් කරනා කාළයේ නිවාස අධිකාරියේ මහල් නිවාස ටෙන්ඩර් දී හොරා කෑ විමල් වීරවංශ ඩෙන්ඩර් පටිපාටිය ගැන ඇසූ බබා හුකුං ප්‍රශ්ණ දැක්කාම මගේ පස්චාත්භාගයට ආ සිනහව වලකා ගත්තේ බොහෝ අමාරුවෙනි. ගොබ්බ බයියන් ඕවාට ඇන්දුනාට සතා කව්දැයි දන්නා අපි වගේ උන්ට එයා නැගිටින කොටම සිනහ පහළ වන්නේ ඉබේමය.

මෙහිදි විපක්ෂ නායකවරයාගේ හැසිරීමද ඉතාමත් පිලිකුල් සහගතය. ඔහු විපක්ෂ ආන්ඩුවට පමණක් නොව රටටද විපක්ෂ, රටේ අවාසනාවට පහළ වූ මූසල නායකයෙක්මය. උන් මෙහිදි ගෙන ආ තර්කය වූයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කර අදානිට පිරිනැමීම නිවැරදි තීරණයක් නොවන බවත්, එය අඩුම මිළට ටෙන්ඩර් කරනා අයට පිරිනැමිය යුතු බවත්‍ය.

මෙතෙක් ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාව ගැන නොදන්නා උන්ද ආන්ඩුවේ ටෙන්ඩර් මාෆියාවේ කෙරුවාවන් දැන ගත්තේ ඊයේය. සුමිත්‍රබල අධිකාරියෙන් අනුමත කරනා ව්‍යාපෘති වලට, විදුලි මණ්ඩලයෙන් ගේම  දෙන්නේ කෙසේද යන්න ඊයේ ඒවාට මුහුණ දුන් ආයෝජකයින් බුකියේ අපූරුවට ලියා තිබින. ඒ තබා ගෘහස්ත සූර්‍ය බල ශක්තිය ලබා ගන්නට විදුලි මාෆියාවේ උන් පාරිභෝගිකයාට කෙතරම් පරිපුවක් දෙනවාද යන්නද පාර්ලිමේන්තුවේ මෙන්ම බුකියේද අපූරුවට සටහන් විය.

මුන්ට අවශ්‍ය වන්නේ පද්දතියට නව ධාරිතාවක් එක් කිරීම නොව, විදුලි බිල වැඩිකරමින්, විදුලිය කපා පාරිභෝගිකයා බෙල්ලෙන්ම හිර කොට උන්ගේ ඩීසල් බලාගාරවලින් හම්බ කර ගැනීමය. නැවත වරක් 25% කින් පඩිය වැඩිකර ගැනීමය. ඇත්තටම ඩීසල් විදුලි බලාගාර වලින් පද්දතියට එකතු කරන එකකයට වඩා ඉන්දීය රජය ඉදිරිපත් කර ඇති අදානීගේ ටෙන්ඩරයේ ඩොලර් ශත 7 ට ගත්තත් වැය වන්නේ ඩීසල් ඒකකයකට ගෙවන මුදලින් 1/5 කි. මෙය අවාසියක් වන්නේ කෙසේද කියා මට නම් වැටහෙන්නේ නැතිය.

අනෙක් කරුණ නම් පුච කහන්නවත් සතේ අතේ නැතිව ක්ෂේශ්ත්‍රය ගැන සඛ්‍යතාවයක් නැති උන් ලබා ගන්නා ටෙන්ඩර් ඉන් පසුව වැඩි ලන්සුවලට ලබා දෙන බවත්, ව්‍යාපෘතිය ආරම්බ කරනා මොහොතේ මිළ නැවත වෙනස් කරන බවත් අපූරුවට ඔප්පු විය. මේ ක්‍රමය වැඩියෙන්ම ක්‍රියාත්මක වන්නේ වරාය හා වෙළද අමාත්‍යශයේය. අනෙක් මාෆියාව ක්‍රියාත්මක වන්නේ අමාත්‍යාංශ තුල සිඳුවන වෙන්දේසී තුලය.

සියල්ලෝම හිතන්නේ මේ රට විනාශ කළේ දේශපාලුවෝ කියලාය. උන් හොරුන් නම් උන් වසර පහකින් එලවා දැමිය හැකි වුවත්, මේ රට විනාශ කල අධිකරණය, ජඩමාධ්‍ය හා රාජ්‍ය නිළධාරී මාෆියාව ගෙදර යන්නේ විශ්‍රාම වැටුපක්ද සහිතවය.

මේ මොහොතේ සිඳුවිය යුත්තේ මුන් සියල්ලන්ගේම නම් සියල්ල හෙලි කිරීමය. එමෙන්ම මෙවන් මූසලයින් අඩුම තරමේ දීමනාවන් සියල්ල කපා දමා පඩි සහිතව පූල් එකට හෝ දැමීමය.

කම්කරු නීතී අකුරට ක්‍රියාත්මක කරමින්, යූනියන් කාරයන්ට හා නිළධාරින්ට බියේ මේ රට දියුණු කිරීමට සිතන්නේ නම්, මෙය විකාරයක්ම පමණි. මුන් හා සාකච්ඡා හා රැස්වීම් පැවැත්වීමද එකම ජෝක් එකක් වී ඇති බව දැන් මුළු රටටම පෙනිලා හමාරය. බලයට පැමිණ රට විනාශ කලා මිස, මුන් හා එක්ව මේ රටට කලේ මොකක්ද කියා අපි කෙලින්ම ජනාධිපතිවරයාගෙන් අසනවාය.

අද වෙන තෙක් මුන්ට කිසිම වැඩපිලිවලක් ලබා දී ටයිම් ටාගට් එකක් දීලා නැතිය. සැමදාම කතා කරන්නේ එකම බයිලාවය. දැන් හෝ මේ විකාර නවතා දමා ආයෝජකයෝ ගෙන්වා ගැනීමට මුල් තැනදී, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.

මන්ද විදෙස් ආයෝජකයින්ගෙන් තොරව මේ රට ගොඩ ගන්නට හැකියයි යමෙකු සිතන්නේ නම්, ඒ උන් සිටිය යුත්තේ රට කරවන තැන්වල නොව පිස්සන් කොටුවකය.


ඒ වගත් මෙසේය.....

Jun 8, 2022

පාඨලීගේ නිවැරදි තීරණය.

 


පාඨලී සිටියේ කිසි ලෙසකින් හෝ තමන්ට ගැලපෙන තැනක නොවේ.

මා පාඨලීගේ දේශපාලනයට වැඩිමනක්ම කැමති වන්නේ, ඔහු වෙනස් විය හැකි, වෙනස් වන දේශපාලකයකු වන නිසාමය.

දිනෙන් දින වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට යන ලෝකයේ, වෙනස් වීම් වලට බියෙන් අප අද හිඟන රාජ්‍යයක් වී අවසානය. ලෝක බලවතෙකු වූ ඉන්දියාවේ ජනතාව සමච්ඡලයට ලක් කරනා අප උන්ටත් අන්ත ගෝත්‍රිකයෝය. අප තරම් වෙනස්වීම් වලට වැද්දන්ටත් වඩා බිය ජාතියකි.

2009 සිට ගෙන එන පුනර්ජනනීය විදුලි බල පනතක්, 2022 දීත් පැය ගනන් කළුවරේ සිටියදීත්, මාෆියාවකට බයේ, දින කීපයක බ්ලැක්ව්ට් එකකට බයේ, තවත් කල් දමන්නැයි කියන 1/4 කන්නි විපක්ෂ නායකයෙක් හා මාෆියාවේ මුදලට වහල් වූ දේශපාලුවන් හා පූජකයින් ඉන්නා රටකට, ඉදිරියේදී හෝ ගොඩ යා හැකියයි සිතන්නේ නම්, එය සිහිණයාක්ම පමණි.

පාඨලීගේ දේශපාලන ඉතිහාසයේ ඔහු නොයෙක් පිල් හා කණ්ඩායම් සමඟ දිගටම වෙනස් වෙමින් පැමිනියද,  හැමවිටම වෙනස් වූයේ ඔහුට අවාසියක්, අවැඩක් සිඳුවන ආකාරයෙනි.

එජාපයේන් වෙන්ව සජිත් පිල හා එක්වීම ඔහු ගත් අමනෝඥම දේශපාලන තීන්දුව බව මගේ මතයයි. ඒ ඔහුට කිසිසේත්ම නොගැලපෙන දේශපාලන අම්බරුවන් පිරි දේශපාලන මඩුවකි.

ඒ බව ජනතාවද ඔහුට ඉතා අඩු මනාප ප්‍රමාණයක් ලබා දීමෙන් ඔප්පු කරන ලදි.

ඔහු එජාපයේ උන්නේ නම්, අනාගතයේදී එහි නායකත්වය ඉතා පහසුවෙන් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව පැහැදිලිවම තිබින. ඔහු වටා සිටිනා පිරිසද කිසිසේත් සජිත් වැනි බොළඳ දේශපාලකයෙක් හා එක්විය යුතු පිරිසක් නොවේ.

ඔහු වටා සිටිනුයේ, ඔහු මෙන්ම, ලාංකිය දේශපාලනය පමණක් නොව, ලෝක දේශපාලනය ගැනද දැණුමක් සහිත, උගත් බුද්ධිමත්, රට පිලිගත් වෘත්තීයවේදීන් පිරිසකි. එමෙන්ම ඔවුන් විප්ලවවාදීන් පිරිසකි.

එහෙත් මා ඔහුගේ අඩුපාඩුවක්ද විශේෂයෙන් දකිමි. ඒ ඔහු අඩුම තරමින් එක් ප්‍රදේශයක් හෝ තෝරගෙන, ජනතාවට වඩාත් සමීප, ජනතාවාදී දේශපාලකයකු ලෙස ක්‍රියා නොකිරීමයි. මෙය ඔහුගේ මෙන්ම විමල් වීරවංශගේද අසුපාඩුවකි. ඔවුන් ජාතික දේශපාලකයන් යැයි සිතා ක්‍රියා කරනා උඩඟු ප්‍රතිපත්තියකි.

ජනතාව මෙන්ම අනෙක් දේශපාලකයින්ද සිතන්නේ, ඔවුන් තමන් නියෝජනය කරනා අය නොව, කිසියම් මාන්නයකින් යුත් විශේෂිත පිරිසක් යැයි කියාය. 

රණසිංහ ප්‍රේමදාස අගමැති වන තෙක් ලංකාවේම ජනතාව ඔහු දැන උන්නේ නැත. ඔහු සුචරිතය හා කෙසෙල්වත්ත අවට ජනතාවගේ මහත්තයා විය. පසුව මැද කොළඹ ජනතාවගේ ප්‍රේමදාස මහත්තයා විය. මහින්දගේ ගමන වුවද එසේමය.

ජනතාව සමඟ දේශපාලනය නොකොට රටේ නායකයා වීමට කුමන හෝ වාසනාවක් තිබුනද, ඔවුන් අසාර්ථක නායකයෝම වෙති.

චන්ද්‍රිකා, සිරිසේන, රනිල් හා ඝෝඨා ඊට උදාහරණ සපයයි. මන්ද ඔවුනට ජනතාව වෙනුවෙන් වගකීමක් හෝ වගවීමක් නොමැතිව වාසනාවට ධූරන්දර වූ පුද්ගලයන් වීමය.

දැන් ඔහු ස්වාධීන වී සිටියද, හැකි ඉක්මනින් එජාපය හා එක් වී කොළඹ ප්‍රදේශයේ සංවිධායකයකු විය යුතුය.

සිංහළ බෞද්ධ නායකයින්ට කොළඹ ඉඩක් නැතයි යන බොරුව විමල් වීරවංශ මෙන්ම සරත් වීරසේකර විසින් බොරුවක්ම කොට අවසානය.

ඔහුගේ දේශපාලන අනාගතය වඩාත් සුභදායි එකක් වී,

ඔහුටත්, රටටත්, ජනතාවටත් වඩාත් දියුණු බුද්ධිමත් රාජ්‍යයක ජීවත් වීමට ලැබේවායි පතමි.

මන්ද, පාඨලි යනූ..

"බුද්ධිමත් ජනතාවගේ දේශපාලන නියෝජනය"

ඔහුම පමණක් වීම හේතුකොට ගෙනය.

.

Jun 4, 2022

බුද්ධියක් නැති මාරඹේ හා කෘෂිකර්මයේ පෙලහර පානා සමන්තබද්‍ර

 

ඊයේ ටින්කරින් ධර්මේ නොහොත්, ජංගි චින්තා නොහොත්, චින්තන ධර්මධාසයන් ( Chinthana Dharmadasa )  විසින් අපූරූ ලිපියක් ලියා තිබින. ඒ අපේ උපාධිධාරීන් ගැනය. චින්තා උන් හඳුන්වන්නේ නූගත් උපාධිකාරයෝ කියාය. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තමය. 

උපාධි කබාය ඇඳගෙන, සහතිකේ අතේ රෝල් කරගෙන ගන්නා පොටෝ එක, රාමු කරලා එල්ලා ගෙන පැන්සින් එකත් සහිත ආන්ඩුවේ ජොබ් එක ගත්ත ගමන්, උන් හිතන්නේ උන් ඔක්කොම සියල්ල දත් උස්තාද්ලා කියලාය.

ඊට පස්සේ උන් දෙසනා ඕන වඳුරු කුණුහබ්බයක් දොහොත් මුදුන් දී පිලිගැනීමට මාධ්‍යකරණයේ හෝ කිසිඳු විශයයක් ගැන අවබෝධයක් නැති, ගිරව් වගේ කියවන, සිවිල් බලයක් ගොඩ නගාගෙන ඇති, මයික් අතින් ගත් හා කැමරා ඉදිරියේ චන්ඩීන් වී ඇති ජඩමාජ්ජවේදීන් සැදී පැහැදී සිටිනවාය.

මුන්ට කිසිඳු ඇකඩමික් කොලිෆිකේෂන් එකක් නැති නිසා අරුන් උන්ට ආකිමිඩිස්ලාය, ඇරිස්ටෝටල්ලාය, ඇල්බට් අයින්ස්ටයින්ලාය, සර්ව බලධාරි දෙවියන් වහන්සේලාය.

ඉන් පසු, උන්ගේ වාහිනිවලින් පත්තරවලින් හා වෙබ් වලින් ඇද අරිනා අමු කෙප්ප, පරම සත්‍ය සේ පිලිගන්නට පට්ට ගෝත්‍රික ජනතාව සැදි පැහැදි සිටිනවාය.

මුන් දන්නේ, කටපාඩම් කර වනපොත් කර ලබාගත් තියරොටි දැණුම පමණය. එය හරිද වැරදිද කියා සොයන්නට, මුන්ට කොන්දක් හෝ බුද්ධියක් නැත්තේය.ලෝකය, දියුණු තාක්ෂණය, නව නිශ්පාදන, නව ක්‍රමවේද, ආටිෆිසල් ඉන්ටලිජන්සි සමඟ දිනෙන් දින ඉදිරියටම යද්දි, මුන් ඉන්නේ, උන් විස්ස විජ්ජලේ ඉගෙනගත් යුගයේමය.

මුන් දැන් අරගලේ නිසා යලිත් එලියට බැස, පොරවල් වෙන්නට ගොස්, හත්පොලේ ගාගෙන නාලා, අම්බානට නෝන්ඩි වෙලා යනවාය. මේ ලියන්න යන්නේ තවත් එවන් අම්බරුවෙක් හා ඌට සමාන පිරිසක් ගැනය.

පී බී නැමැති අමු 1/4 කන්නියා, රට 70-77 යුගයට ගෙනියන්නේත්, ඉන් පසු ඒ යකා ගෙන ආ කාබනික පිස්සුව වෙත සියල්ලෝම වරද පටවා පොරවල් වෙන්නට යන්නේත් ඒ නිසාමය.

උගත් උනත් බුද්ධියක් නැති මාරබේ ඉගෙනගෙන තියෙන්නේ රසායනික පොහොර හා කෘමිනාශක නැතිනම් සාගත එනවා කියලාය. එහෙත් මේ තර්කයේ කිසිඳු සත්‍යතාවයක් නැත්තේ, මේ වන විට රටේ කිසිඳු අහාර හිඟයක් නොමැති වීම නිසාත්, යල කන්නයේ අස්වැන්නෙන් මාස 9  කට සහල් ලැබුන බව සියල්ලෝම පිලිගත් නිසාය.

කාබනික පිස්සුව වැළදි දැන් වසර දෙකක් වෙනවාය. මේ බක පන්ඩිතයින් කියනාකාරයට, වසර දෙකකින් පසු අස්වැන්න ලැබෙන මොකක් හෝ බෝගයක් නැති වී සාගතයක් එන්නට ඕනෑය.

මුන් මේ ලොක්කෝ වගේ කියවන්නෙ, ලෝක ආහාර වැඩසටහනෙන් දෙන අනතුරු ඇඟවීම වමාරන එකය. සුද්දා කිව්වොත් අපේ වැද්දාට ඉන් එහා දෙයක් නැතිය. චිත්‍රයක් ඇඳලා මේන් ඩෝ කළු කුහරේ කිව්වොත් ආයේ දෙකක් නැතිය. ඒ කළුකුහරේම තමයිය.

ලෝක ආහාර වැඩ සටහන එය පවසන්නේ, යූක්‍රේන යුද්ධය නිසා බවත්, යූක්‍රේනය ලෝක තිරිඟු අස්වැන්නෙන් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනා රට නිසාත්‍ය. ලෝක ආහාර වැඩ සටහනේ උන් තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වලින් ජීවත් වූවාට, පුනක්කු කන මේ ගොබ්බයන් ලංකාවේ හා ආසියාවේ ප්‍රධාන ආහාරය බත් කියලාවත් නොදන්නේය.

මේ වාගෙම කොරෝනා කාළයේ හොං කොං වල සිටි වයිරස් විජ්ජාග්නයෙන් කියනා ගල් මූසලයෙක්, ලංකාවම කොරෝනා වලින් මැරෙනවා කියා රට බය බිරාන්ත කොට මුලු රටම ලොක් ඩවුන් කර, රටේ ආර්ථිකය කාබාසිනියා කර දැම්මේය. ඒ කාළේ ඌට එහා උගතෙක් විශ්වයේම උන්නේ නැතිය.

මුන්, මුන්ට ලැබෙනා කොමිස් වලට රසායනික පෝර හා කෘෂිරසායන ප්‍රමෝට් කරනවා හැර, රටට කරපු දෙයක් කියන්නෙයි කිව්වොත්, කරපු කිසිම දෙයක් නැතිය. ආන්ඩුවේ ආදර්ශ ගොවිපලක් ලෙස පෙන්නන්නට ඇත්තේ සුද්දා හදලා දමලා ගහලා ගිය ගන්නෝරුව විතරය.

මුන්ට වඩා දෙයක් හමුදාවේ කොල්ලෝ රට පුරාම කරලා තියෙනවාය. නගර සභාවල උන් කරලා තියෙනවාය. උන් කාබනික ගොවිතැනෙන් සාර්ථක අස්වනු ලබාගෙන විකුණලාත් ඉවරය.

තේ, පොල්, රබර්, වී පර්‍යේෂණ ආයතන රටපුරා තිබුනද, ඒවායෙන් ඒ බෝග වර්ග වැඩි දියුණු කිරීමට කරපු මෙලෝ අලබෝලයක් නැතිය.

මුන්ගේ ගෝත්‍රික මානසිකත්වය හා හිඟන උපාධිය තුල මුන්ගේ චින්තනයේ තියෙන්නේ වී වගාව පමණමය. එහෙත් ලංකාවේ වී වගාව කියන්නේ වැහි නැති හෙන ගහනා නාස්තිකාර වගාවක්‍ය. ඒ වෙනුවෙන් විනාශ කරන්නාවූ ජල සම්පතෙහි වටිනාකම මේ වන තෙක් කිසිවකු හෝ ගනනය කර නැත.

පොඩි වතුර බෝතලයක් රුපියල් 50/= නම් කුඹුරු අක්කරයකට අස්වැන්න ලබා ගන්නා තෙක් වියදම් කරනා ජල සම්පත කොච්චරක්ද කියා ගණිතය හා ගොවිතැන දන්නා එකෙක් රටට කියනවා නම් බොහෝම හොඳය.

එවිට රටේ කුඹුරු අක්කර 1,750,000 කට වැය කරනා ජල සම්පතේ වටිනාකමත් එක් කල විට හාල් කිලෝවක් කොපමණ වේදැයි කියා ඕනෑම 🐄 කුට වටහා ගත හැකිය.

අනික මුන් කියනා විදියට රසායනික පොහොර භාවිතයෙන් මාර අස්වනු අරගෙන තිබුනා නම්, මේ රටේ ඉන්නට ඕනා ඇමරිකාවේ, ජර්මනියේ හා ජපානයේ ගොයියෝ වගේ ගොයියන් පිරිසක්‍ය.

එහෙත් අපට ඉන්නේ, හැමදාම ආන්ඩුවෙන් සියල්ල නොමිලේ ලබාගෙන, හරියට වවන්නේත් නැතිව, ඒවාට ආන්ඩුවෙන් වන්දිත් ඉල්ලන, අමු හිඟන පන් ගොයියෝ පිරිසක්‍ය.

වාසනාවකට, රටේ ඩොලර් නැති නිසා දැන් රසායනික පෝර ඇත්තේත් නැතිය. ඒ නිසා අර පන් ගොයියෝ නාමල් කරුණාරත්න එක්ක හංදියක් හංදියක් ගානේ එක එක ඒවා ඉල්ලා මර ලතෝනී දෙද්දී, පිරිසක් රසායනික පෝර නැතිව වී ගොවිතැනින් ඉවත්ව, වෙනත් භෝග වගාවලටද යොමුවී තිබෙනවාය.

උන් ඒ බෝගවලට අමතරව තමන්ගෙ පරිභෝජනයට පොඩි කුඹුරු කෑල්ලකුත් කරනවාය. දැන් අපට අවශ්‍ය, උගත් නමුත් බුද්ධියක් නැති මාරඹේලා වාගේ අඬෝවැඩියා හාල්පාරුවෝ නොව, ලෝකයටම ආදර්ශයක් දෙමින් සුපිරි පන්නයේ ගොවිපලක් පවත්වා ගෙන යන සමන්තබද්‍රලා වාගේ මුණිවරුය.

දැන් මෙය කියවන 🐄 සම්පත හා රෝන්ග් ජැනරේසොන් එක, සමන්තභද්‍ර පෙලහර පාන්නේ ආමි එකේ උන් නිසා නේ ඩෝ ගාගෙන මාතලන්ගේ සායම් අරින්නට එන්න ඉඩ ඇති නිසා , මාතලන්ට කියන්න තියෙන්නේ, 

ඕකුන්ට පුලුවන් නම් ගොවිපලක් දමා, මාරඹේ ඇතුලු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්නා කප්පරක් වූ 🐄 සම්පත යොදවාගෙන අඩු ගානේ අඹේවල වගේ ෆාම් එකක්වත් කරලා පෙන්නපන් කියලාය.....

පට්ට ආතල් එක කියන්නේ මෙහෙව් පඬියාද දැන් කියන්නේ ජනාධිපති කියපු එකමය. 

ඇත්තටම වැරද්දක් උනා කිව්වාට, වැරද්දක් වෙලා නැතිය. 

දැන් මාරඹේ කියන පඬියාත්, කාබනික පෝරෙන් ගෙවතු වගා කරන්නෙයි කියා ජනතාවට උපදෙස් දෙනවාය.

සමහර විට එයලා දාන ගොමවලින් කාබනික පෝර සාදා, ටැලිවිසනෙන් ජනතාව ඉදිරියට විත්, අපේ පෝර ඔය ජනාධිපතිගේ මාළු පෝරවලට වඩා හොඳයි, හරි සුවඳයි කියා කියන්නත් ඉඩ තිබෙනවාය.

.


ඒ වගත් මෙසේය.......


.