.

.

Jan 31, 2016

බලය මෙතරම් කුරිරුද..? (මහින්ද මහත්තයාට ළියුමක්) - Executive Power, for what...? (Letter to MR)

 
 
ලංකාවේ වියවස්තාවෙනුත් බුද්ධාගමට තැනක් දී තිබෙන නිසාත්, ඒක නැතුව මෙළෝ දෙයක් කොරන්න බැරි නිසාත්, ගොන් ටොයියෝ පවා සිවුරට රටේ නීතියටත් වඩා බලයක් තියෙනවා කියා සිතන නිසාත්, අද ධර්මෙන්ම ටෝක්ස් එක පටන් ගන්න සිතුවේය.
 
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා
මනසා චේ පදුට්ඨේන-භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමංවේති-චක්කං ව වහතො පදං
 - ධම්ම පදය, යමක වග්ගය

කුශලාකුශල  ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තෝය, සිත ප්‍රධානකොට ඇත්තෝය; සිතින්ම උපන්නාහුය. ඉදින් යමෙක් දුෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියා නම් ඒ කරනකොට දුක ඔහු පසු පස්සේ ගමන් කරයි. ( කුමක් මෙන්ද ?) කරත්තය බැඳී ගොනාගේ පය අනුව යන රෝදය මෙනි....
 

Jan 27, 2016

නව ව්‍යවස්ථාව, කේන්ද්‍රය හා පරිධිය - New Constitution & Power Sharing

 
 
තුවායකුත් කරේ දාගෙන සබන් පෙට්ටියත් අතේ අරගෙන නාන කාමරේ පැත්තට යන ජනාධිපති තුමාගෙන් නෝනා ඇහුවේ, ඔය කොහේද අනේ මහත්තයා යන්නේ කියාය. ඇයි අනේ සබනුත් අරගෙන තුවායත් කරේ දාගෙන නාන කාමරේට යන්නේ වියවස්තා හදන්නය, නාන්න නේ හිටං කියපු ජනාධිපති තුමාට නෝනා කිව්වේ, ඔහොම නාන්න ගියොත් හෙම අන්තීමට මහත්තයා නිව්මෝනියා හදාගෙන තමා නවතින්නේ කියාය.
 

Jan 25, 2016

නපුංසක රටක් - Country without law and order


  
අපි බොහෝ දෙනෙක් කියන්න ඕනා දේ, නානසාර මහ රහතන් වහන්සේ හෝමාගම උසාවියේදී දේශනා කොරලාය. එහෙම දේශනා කොරලා තියෙන්නේ විත්තිය වෙනුවෙන් අති විසේස දේශනාවක් කොරලාය. උන් වහන්සෙ නඩු කාරයාගේ මූණටම දෙසා වදාරා ඇත්තේ, මේ රටේ තියෙන්නේ නපුංසක ආන්ඩුවක්ය. ඒකේ ඉන්නේ නපුංසක නිළධාරින්ය කියලාය. එහෙම දෙසලා එක්නැලිගොඩ නෝනාටත් පාට් එකක් දමා, උන් වහන්සේ ආරාමයට වැඩියෝය. කේස් එක යන්නේ ඉන් පස්සේය.
 

Jan 24, 2016

හෝ ගානා පොකුණේ ගිලුනෙමි - (මාතලන්ගේ සිනමා විකාරය) - Film Critics by Maathalan

 
මාතලන් ඉස්සර හෝල් වල සෝ එලව එලව බලන පිස්සෙක්. ඒත් Beta Max, VCD, DVD, Blue Ray, අරවා මේව එක්ක ගෙදර ඉඳගෙනම සෝ බලන්න පුරුදු උනයින් පස්සේ, සෝ බැලිල්ලට හරි වෙන මළදානෙකට හරි ඕවට රිංගන එක අඩු උනා. මොකෝ ඕවයේ යන සෝ, තා ටික කලක් ගියාම ටැලිවිසොන් එකේ ගෙඩිය පිටින් පෙන්නනවා. ඒ වගේම තව හේතුත් තියෙනවා එකක් තමයි වියදම. අනික එක තැනක ගොඩක් වෙල ඉන්න තියෙන අමාරුව. ඔය ඔක්කෝටම වඩා මෙළෝ රහක් නැති සෝ සල්ලි දීලා බලන්න එපා වීම.
 

Jan 21, 2016

මහා නාහිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක් - Special Anouncement from Chief Monks

 

කරුණාකර මෙම ළිපිය කියවා, ලින්ක්ස් (සඹැඳී) දෙකද නරඹන්න.. නැත්නම් මෙම ළිපියෙන් වැඩක් නැත.
 
සියළුම නිකායන්වල මහා නාහිමිවරුන්ගේ එකඟතාවයෙන් හා අත්සනින් යුතුව විශේෂ ප්‍රකාෂයක් නිකුත් කර තිබේ.
 

Jan 19, 2016

විගා, කරුණාකර සිංහල ඉගෙන ගන්න - Viga, Please learn Sinhala

 
 
මේ මළදානේ ගැන ලියන්න හිතාගෙන ඉන්න අතරේ, එංගලන්තයෙන් හොඳ නිව්ස් එකක් අද උදේ ආවේය. කේස් එක විගාට හින්ගල ලියුම් එන එකය. විගා කියන්නේ උතුරේ මහ ඇමතියාය. ඒ  කියන්නේ ඉන්දියාව  13 වැනි සංසෝධනය හරහා, අම්මට සිරි ලංකාවට බලෙන් පටවාපු සුදු අලියාගේ ඇත් ගොව්වාය. ඕකේ ඉන්න මහ ඇමතියාගේ ඉඳන්, හැම එකාම කෙලින්නේ පිස්සුය. උන්ට පිස්සු කෙලින්න සල්ලි ගන්නේ අපෙන්ය.
 

Jan 17, 2016

ලිංගික හිංසනය පාර්ලිමේන්තුවටත් - Sexual harrasment in Parliment



මධ්‍යම පලාත් සභාවෙ එකෙක් සිංගප්පුරූවේදී ලිෆ්ට් එකක් ඇතුලේ කාන්තාවකගේ තනේ මිරිකලාය. සම හරක් කියන්නේ මැස්සෙක් තනේ වහලා උන්න නිසා, ඌ අල්ලන්න ගියා කියලාය. තා සම හරක් කියන්නේ බැසියරේ ගලවලා විසි කරන්න හිටං ලිෆ්ට් එකේ ගියා වෙන්නැති කියලාය.. දැන් මූට සිංගප්පුරූවේදි ගහන්නේ, මඩු වල්ගෙන්ද කියා තාම නිව්ස් එක ආවේ නැතිය.
 

Jan 14, 2016

බික්ඛු සංඝස්ස දේම... සහ ඉල්ලා ගෙන කෑම - New Kathikawa in Buddhism

  
 
මේ සිරිපා සමයය.. සිරිපාදේ යන්නේ නැතිය. කරුණා කොරනවාය. එහෙම කරුණා කොරනාතරේ තුන් සරණේ කියනවාය. ඒ කියන්නේ සිරිපාදේ ඉහළට කරුණා කොරන හෝ පහළට කරුණා කොරන උන්ට බ්ලැසින් කොරනවාය. එහෙම කොරන්නේ කවියෙන්ය. වැඳලා බහින උන් කියන්නේ, වඳින්න යන මේ නඩේට තෙරුවන් සරනේ සරණයි... වගේ ඒවාය. වඳින්න නගින් උන් කියන්නේ, වැඳලා බහින මේ නඩේට බුද්ධං සරණේ සරණයි කියලාය. ආපු දා පටන් නානා ආන්ඩුවට අපිට කියන්න තියෙන්නේ, ඉල්ලන් කන මේ නඩේට සංඝං සරණේ සරණයි කියලාය.
 

Jan 12, 2016

පොලිස් කෝළම, රජ ගහේ නාඩගම හා බුකිය - Facebook, Ebpilipitiya & Pumkins

 
  
මාතලන් මේ දවස් ටිකේ අයුතු ජනරාශී කීපයකටම සහභාගී උනේය. ඒවා හිතවතුන්ගේ සහ ඇතුවත් බැරි නැතිවත් බැරි නෑදෑයන්ගේ ඒවාය. සමහරක් බෝත් ඩේ පාටිය, සමහරක් ෆියුන්‍රල් පාටිය, සමහරක් නිකන්ම නිකන් ගැට්ටු ගෙදර්ය. පොලොස් මාද්දිය ප්‍රොකාශ යකා කොච්චර කිව්වත්, මුන් එකෙක්වත් ඒවාට පොලෝසියෙන් අවසර අරගෙන තිබුනේ නැතිය. හැම එකාටම වාගේ තට්ටු ගෙවල් තිබුනත්, ඔක්කෝම වාගේ ඕගනයිස් කොරලා තිබුනේ ගාඩන් එකේය. මොකෝ පොලෝසියෙන් ආවම ඔතන ඉන්න උන් ආතල් එකට එහෙන් මෙහෙන් පනින්න පුළුවන් නිසාය.

Jan 7, 2016

මෛත්‍රී වීරයෙක්ද...? - My 3... Hero, Nero or Zero...?



සිරිසේන මහත්තයා වීරයෙක්ද, බයියෙක් මගෙන් ඇහුවේය. මම ඇහුවේ මහින්ද උඹට වීරයෙක්ද කියලාය. ඌ මගෙන් ආපිට ඇහුවේ, මහින්ද මාතලන්ට වීරයෙක්ද කියලාය. මම කිව්වේ ඔව් කියලාය. මහින්ද සැබවින්ම වීරයෙක්ය. ඔහු රටේ නායකයා වන තෙක් ඉතා ඉවසීමෙන් කටයුතු කලේය. 2005 දී සුනාමි සල්ලි පිල්ලි ගැසූ කේස් එකක් ආවත්, අම්මට සිරි ලංකාවේ හැටියට, ඒක මහා ළොකු ඉෂූ එකක් උනේ නැතිය. කොහොම හරි හිටපු අග විනි සුරු හොරා කේස් එක යට ගැහුවේය. පිරිබාහරන්ට පින් අත් වෙන්න මහින්ද නූලෙන් දින්නේය.


Jan 3, 2016

රණතුංග පරාජය හා ක්‍රිකට් දේශපාලනය - Cricket Politics in Sri Lanka



2000 දී ගූ යන්න වර්ල්ඩ් කප් කාපු එක අර්ජුනට මතක නැත. 1996 කොටින්ට පින් සිද්ද වෙන්න දිනපු කප් එක ක්‍රිකට් වලට විශාල සෙවයක් කලද, ක්‍රිකට් යනු රණතුංග පවුලේ බූදලයක් උනේ ඉන් පසුවය. අර්ජුන පාළක මණ්ඩලයෙන් විසි උනද, එන හැම පාළකයා සමගම ෂේප් න්‍යායයක් ගෙන ගිය නිශාන්ත, තම ආදිපත්‍ය ක්‍රිකට් පාළක මණ්ඩලය තුල නොකඩවාම ගෙන ගියේය.