.

.

Dec 28, 2020

ස්වයං වින්දනය අතුරු අබාධ ඇති කිරීමට ඉඩ ඇත..


රාජපක්ෂලා බලයට ඒමටත් ප්‍රථම කැම්පේන් වලින් කැපී උන් කහකඩයෝ සැට්ටෙකක් ඊයේ ජනාධිපති ඝෝඨාගෙන් ගේමක් ඉල්ලීය…. උන් ඉල්ලන්නේ ඝෝඨාභය රාජපක්ෂ කෙනෙක් නොව හිට්ලර් කෙනෙකි.

මේ ඉල්ලීම එකාතකින් සාධාරණය.. මේ කහකඩයෝ පමණක්ම නොව.. මහින්දගේ ගෝලයන්ද.. අද විපක්ෂයේ ඉන්නා උන්ද.. ඇපත් නැතිව ගෙදර ගිය උන්ද.. අම්බානක කන්න වෙන බව දැනගෙන දිරා මාරු වූ උන්ද.. සියල්ලෝම බලාපොරොත්තු වෙලා තියෙන්නේ හිට්ලර් කෙනෙක්ය..

එහෙත් බලයට වසරක් ගත වී තිබියදිත්.. ප්‍රජාතන්ත්‍රවාදයට අබ මල් රේණුවක ඩැමේජ් එකක් වෙලා නැතිය… සුදු වෑන් ආවේත් නැතිය… එකෙක්කත් මෝරා ටැංකියට දැම්මේත් නැතිය.. රාජිතගේ කිඹුලන්ට දැම්මේත් නැතිය…

මේ සියල්ලම එවකට විපක්ෂය විසින් නිර්මාණය කල සාර්ථක ප්‍රොපගැන්ඩාය.. අමු කෙප්ප ගජබින්නය.. ඉතින් විපක්ෂයේ උන්ට කාලා ඉන්න බැරිය…

“ස ෆේල්” කියන්නේ මේවා නොකරන නිසාය…

උන් බැලුවේ ආන්ඩුව ආපු ගමන්ම ඝෝඨාට වැඩේ දෙන්නය.. විශාල වියදමක් මෙන්ම කැපවීමක් කොට නිශ්පාදනය කරනා ලද ජාත්‍යන්තර නිශ්පාදනයක් වූ ගානියා බැරිස්ටර් නාඩගම කෙලවර වූයේ සුවිස් එම්බසියත් හත් පොලේ ගාගෙනය..

ඝෝඨා ප්‍රමෝට් නොකල පැණියකින් අරින්න බැලුවේය… රාජපක්ෂලා අනික් උන්ට ආතල් ගන්න දුන්නාට.. එයාලා පැණි බිව්වේ නැතිය… ඒ රාජපක්ෂලාගේ හැටිය…

රාජපක්ෂලාගෙන් දෙවන වරටත් බටර් නැතිව ඇරගත් විදෙස් බලවේග.. (පළවන වර ඇරගත්තේ යුද්දේ නවත්තන්න ගොස් ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව අසලදීය..) MCC එකත් අකුලාගෙන පැත්තකට වෙන්නේ මේ නිසාය…

එහෙත් ආන්ඩු පක්ෂයේ උන්ගේ ස්වයං වින්දනයේද කිසිම අඩුවක් නැති බවත් කිව යුතුය…

ඒ මහින්දගේ කාළයේ දාපු සෙල්ලම් දැන් දැමීමට බැරි හේතුවෙන්ය…

එහෙත් දේශපාලකයින් කොන් කර ඇති දේශපාලන ගමනක් නැති බවත් කියා සිටිය යුතුමය…

කළ යුත්තේ කැබිනට් මීටීම් වලට අමතරව ඔවුන් හා සංවාදයක් ගොඩ නගා ගැනීමය… නැත්නම් සියල්ලන්ටම වෙන්නේ වාසු කෑ පරිප්පුව කන්නටය..

මේ කහකඩයෝ කියන්නේ ආන්ඩුව පිහිටෙව්වේ උන් කියලාය…

විමල් හා ගොම්මන්පිල කියන්නේ උන් කියලාය…

සිරිසේන හා එයගේ සැට්ටෙක කියන්නේ උන් කියලාය…

වියත් මග වියතුන් කියන්නේ උන් කියලාය…

චිචී කියන්නේ එයා කියලාය…

දිලිත් ජයවිර කියන්නේ එයා කියලාය…

රෙනෝ සිල්වා හිතන්නේ එයා කියලාය…

සංඛ අමරජිත් හිතන්නේ එයා කියලාය…

චතුර හිතන්නේ එයා කියලාය…

ඉරාජ් කියන්නේ එයා කියලාය…

නිස්සන්ක සේනාධිපති හිතන්නේ එයා කියලාය…

වෙබ් කාරයෝ හිතන්නේ උන් කියලාය…

ෆේස්බුක් එකෙ බයියෝ හිතන්නේ උන් කියලාය…

(එයාලා මෙ වන විට ආන්ඩුවට දරුණු ලෙස වෝනීන් ඉෂූ කොරනවාය..)

මහින්ද හිතන්නේ එයා කියලාය..

බැසිල් හිතන්නේ එයා කියලාය…

කොටින්ම සජිත් හිතන්නේ එයා කියලාය…

එයා කියනා කතා වලින් අපට එහෙම හිතෙනවාය…

හැබයි සිරා හැර ඔය ඔක්කොම ඉඳලාත්… මහින්ද ජනෙල් පොල්ලේ එල්ලුවේ… මේ රටේ මධ්‍යස්ථ මතදාරී නිදහස් බුද්ධිමත් ජනතාවය… ඒ වෙලාවේ රාජපක්ෂලා බලයට පැමිණියේ නම් පිස්සු කෙලීමේ නිමක් නැතිවම යනවාය…

එකාතකින් රාජපක්ෂලා වලේ වැටී මොළේ පෑඅදුන අතර.. මේ රට ගොඩ ගැනිම්මට රාජපක්ෂලාම හැර වෙන එකෙක්කත් නෑ කියනා එකත් මධ්‍යස්ත ජනතාව තේරුම් ගත්තේය…

හැබයි ඝෝඨා හිතුවේ ආන්ඩුව පිහිටෙව්වේ හින්ගල බෞද්ධයෝ කියලාය…

මෙය උන්නැහේට චන්දය ලබා දුන් මධ්‍යස්ත මතධාරී බුද්ධිමත් චන්ද දායකයාට කල අපහාසයකි..

සෑම ආගමකටම ජාතියකටම අයත් මධ්‍යස්ථ මතධාරීන් විශාල පිරිසක් ඝෝඨාභයට චන්දිය ලබා දුන් බව මාතලන් පෞද්ගලිකවම දන්නවාය.. ඒ වියත් මග නිසා බවත් කිව යුතුය.. 2015 කැම්පේන් එකෙන් මේ කැම්පේන් එක වෙනස් වූයේ ඒ නිසාය…

වාසනාවකට උන්නැහේ දැන් ඒ කතාව කියන්නේ නැතිය… එමෙන්ම අවසාන වරට සංඝයා වහන්සේ සමඟ ජනාධිපති ලේඛම් කාර්යාලයේ පැවති රැස්වීමේදී සර්ව ආගමික නායකයින්ගෙන් සැදි කන්ඩායමක් සමඟ ඉදිරියට යෑමට ගත් තීරණය ඉතා ධනාත්මක් එකක් බව කිව යුතුය…

කවුරු මක්කා කීවත්… මෙතෙක් බිහි වූ වඩාත් ජනතාවාදී මෙන්ම.. ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා ලෙස මාතලන් නම් දකින්නේ ඝෝඨාභ්ය රාජපක්ෂ මහතාය…

උන්නැහේ අද වන තෙක් කිසිම විරුද්ධවාදියකු මැඩලීමට ක්‍රියාකර නැත… ලොව කිසිඳු ප්‍රජාතාන්ත්‍රික රටක නොමැති පරිදි… ඝෝඨා විරෝධී ආන්ඩු විරෝධී උද්ඝෝෂණ යන්නේ ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරියේය..

එක එකා මොන බයිලා ගැසුවත් අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතියට මේ වන තෙක් අත තබා නැත.. විරුද්ධවාදීන් එය උපරීමයෙන් ප්‍රයෝජනයට ගනිමින් සිටි…

අප ඝෝඨාභය පත් කර ගත්තේ මෙලෝ රහක් නැති ඒ හාල්පාරුවන්ට උත්තර දීමට නොවේ… යුද්ධයෙන් ගොඩගත් මේ රට ආර්ථික වශයෙන් ගොඩ දැමීමටය…

වැඩේ කිසි අවුලක් නැතිව කොරෝනා මැද්දේත් අපූරුවට සිඳුවනු බව පෙනේ… ආර්ථිකය පිළිබඳ ගත් තීන්දූ තීරණවලද අඩු පාඩු නතිව නොවේ.. අහාරවල මිළ ඉහළ ගියේ එබැවිනි.. මේ ක්‍රියාත්මක කරනුයේ 1970 -77 අතර කාළයේ පට්ට ෆේල් වූ ආර්ථික ප්‍රථිපත්තියක් බවත් මතක් කල දිය යුතුමය…

මේ ලෝකය එකම ගම්මානයක් බව මොනවට ඔප්පු වූ කාරනය නම් කොරෝනා වසංගතයමය.. ඒ නිසා අප ගමන යා යුත්තේ ලෝකයෙන් වෙන් වී හුදකලා වූ අගුපිලක් ලෙස නොවේ…

ආන්ඩුවේ උන් මෙන්ම විපක්ෂයේ උන් කෑ ගැසුවාට ඒවා පයිසයකට මායිම් නොකළ යුතුමය…

මන්ද නව ලිබරල්වාදය සියල්ලන්ටම වඩා හොඳින් ක්‍රියාත්මක කිරීමට හැක්කේ රාජපක්ෂලාම නිසාය…



Dec 27, 2020

සවුක්ක බයිලා හා සංඝ බජව්



කොරෝනා වලට රට ලොක් ඩවුන් කිරීමටත් ප්‍රථමයෙන් මාතලන් කිව්වේ මේ කරන්න යන්නේ අමු ගොන් වැඩක් කියලාය. රට ලොක් ඩවුන් කරන්න ඕනා කියා මැරෙන්න හැදුවේ ගොම සංගමය හා විපක්ෂයය. (ඉස්පසොලිස්ට්ලා හෙවත් වෛද්‍ය විශේෂඥ්ඥයින් උන්නේ අප උන් මතයේය.) ඇත්තටම ඝෝඨාභය ජනාධිපතිද උන්නේ අප උන් මතයේය. එහෙත් අරුන්ගේ හඬට බය වී කල ගත් ගෝත කරුමයෙන් අවුරුදු පහක් පුරා කුඩු පට්ටම් කර තිබූ ලාංකීය ආර්ථිකය තව දුරටත් ගොඩ ගත නොහැකි මට්ටමටමට කෙල වී අහවරය.

කොරෝනා ආ දිනයේ පටන් අද දක්වා ඒ රෝගයෙන් මිය ගිය ප්‍රමාණයට වඩා පිරිසක් ඩෙංගු වලින් මිය ගොස් ඇත. එහෙත් අද හැම එකාටම ඩෙංගු අමතකය. දැන්වත් කොරෝනා ඔළුවේ තබාගෙන යාම ආන්ඩුව විසින් නවතා දැමිය යුතුය.

පළමු වටයට වඩා දෙවන වටයේ කොරෝනා පිස්සු කෙලිද්දිත්.., ගොම සංගමය ලොක් ඩවුන් කතා දැන් කියන්නේ නැතිය. සමාර විට එයාලාගේ නෑදෑ හිතවතුන්ද පරිප්පුවේ හොඳම එකෙන් කාලා ඇතිය.

දැන් පිස්සු කෙලින්නේ පොලිස් බලතල ඉල්ලූ පී ඇච් අයි මහත්තයලාය. උන්ට පොලිස් බලතල දුන්නා නම් හෙම මේ වන විට එක්කෝ ජනතාව එක් වී උන් ටික ඉවර කර දමලාය. නැත්නම් උන් විසින් කොරෝනා රෝගීන් අහවර කර දමලාය.

හමුදාව මූලිකත්වය ගැනීම හා පොලීසියේ සහාය නොවන්නට, සවුක්ක කාරයෝ කොරෝනා වලින් අච්චාරු දමා හොඳ කෙලියක් කරලාය.

දැන් සවුක්ක අංශයේ උන් ඉස්ලාම් භක්තිකයින්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදී තවත් ජාතික ප්‍රශ්ණයක් ඇති කරලාය.. සහායට ඩැනීලා සේ ගෞරවනීය මහා සංඝරත්නය මයික් පලනවාය.

අපේ වාසුදේව මහත්තයා නම් කියන්නේ අඩි 30 ක් දක්වා ගියත් ජලය නොමැති ප්‍රදේශ දෙකක් මේ වන විට හඳුනාගෙන ඇති බවත්. ඒ ගැන වාර්ථාවක් සවුක්ක අංශ වෙත ලබා දුන් බවත්ය.

සියල්ලන්ටම එක නීතියක් කියා… මිනී මරණ උන්ට හා කුඩු කාරයන්ට දෙන දඬුවම් මුවෙක් මරණ උන්ට දෙන්නේ නැතිය… මේ විශේෂිත වූ ජන කොටසකි… ඔවුන්ගේ ආගමික හා සඟිස්කුරුතික හැදියාවන් වෙනස්ය.. ලෝකයේ අනෙක් රටවල භූමදානයේ කිසි අවුලක් නැතිනම්.. ඒක මේ රටේදී විතරක් වෙනස් වන්නට ඕනා නැතිය..

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක සිටීම රජයේ වාසනාවකි. බලයට එන්න මොන බයිලා ගැහුවත්, බලය ලද මොහොතේ පටන් ඔවුන් පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම හා රටේ තාවකාලික බාරකාරයෝය.

පොලිටික්ස් හා පොලිට්‍රික්ස් යනු දෙකකි. මහින්ද මහත්තයා මේ දෙකේම කෙල පැමිනියෙකු හේතුවෙන් බයියන්ද, සංඝරත්නයද, අදාල ප්‍රජාවද සමඟින් මෙය විසඳා ගනී යන්න අපේ බලාපොරොත්තුවයි.


Dec 20, 2020

සජිත් ෆේල්….?


 මංගලගේ “ඝෝඨා ෆේල්” කැම්පේන් එක පාර්ලිමේන්තුවේ සභාගත කලේ සජිත් ප්‍රේමදාසය… උන්නැහේ එයින් නැවතුනේ නැතිය… තමන් විපක්ෂ නායක කම කරන “රටත් ෆේල්” කියා.., හැන්සාඩ් ගත කිරීමට උත්සාහ කළේය… මෙලෝ රහක් නැති කතානායක උන්නැහේට ඒක මාට්ටු උන නිසා… කතන්දරේ හැන්සාඩ් ගත වීමෙන් වැලකුනේය…

මේ “අසමත් රාජ්‍යය” කතාව මුලින්ම ගෙන එන්නේද, “ඝෝඨා ෆේල්” කතාව ගෙන එන්නේද පට්ට අසමත් හෙවත් පට්ට ෆේල් දෙදෙනෙකි…. එක්කෙනෙක් වික්ටර් අයිවන් උන්නැහේය… අනෙකා පරිප්පුව කන්න කලින් දේශපාලන ගල් ආඳෙක් නිසා හෙමීට ඡන්දයෙන් දිරා මාර් වූ මංගල සමරවීර උන්නැහේය…

ලංකාව අසමත් රාජ්ජයක් කියා විකටර් අයිවන් කියන්නේ අද ඊයේ නොවේය… උන්නැහේ ප්‍රොපගැන්ඩාව පටන් ගන්නේ 2015 ටත් පෙර ඉඳලාය.. ඉඳින් මේ අසමත් රාජ්ජය, මොන්ටිකාලෝ කරන්න උන්නැහේලා උස්සාගෙන ආවේ ආසියාවේ ලොකුම මොළේය… උන්නැහේ ඒ මොළේ වැටෙයි කියනා බයට කොයි වෙලෙත් යන්නේ කලිසම අත් දෙකෙන් අල්ලාගෙනය…

ඒත් කොම්‍රඩ් නිර්මාල් දේවසිරිලාගේ චොයිස් එක උනේ සෝභිත හාමුදුරුවෝය… අයිවන් උන්නැහේ මෙන්ම මාතලන්ලාද මේකට කොක්ක ඇද්ද නිසා… අන්තීමේදී දෙන්නාම පැත්තක තබා… සුපිරිම ආතල් එකක් උස්සාගෙන ආවේ මංගල හා චන්ද්‍රිකාය…

උන්නැහේ දින 100 න් වැඩ සීයක් කර රට හදනවා කියපු වැඩ සටහනත් වික්ටර් අයිවන්ගේය… අන්තීමට උනේ වැඩ 100 කෙසේ වෙතත්… අර ආතල් බුවා කස්ටියටම බටර් නැතිව ඇරලා 350 ක් විතර ස්වර්ගයටත් ඇරලා රට මාර සමත් රාජ්ජයක් කර… ආයෙත් උන්න තැනම පිලේ පැදුරට ගිය එකය… ආසියාවේ ළොකුම මොලේ.. පාක්ෂිකයින් විසින්ම .., කිසි ඩැමේජ් එකක් කරන්නේ නැතිව මතු ආරක්ෂාව සඳහා නිවසේම තැබුවේය..

වික්ටර් අයිවන්, රාජිත, මංගල, චන්ද්‍රිකා ප්‍රමුඛ ඒ සෙට්ටෙක කොච්චර සමත්ද කියනවා නම් නිදහසේ සිට 2015 තෙක් පැවති විදෙස් ණය ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් තවත් ණය උනේය.. හැබයි ණය ටිකත් තාම එහෙම්මමය… කරපු ලබ්බකුත් නැත්තේය… එහෙම බැලුවාම එයාලා ගියේ මේක ෆේල් රටක් නොව.., පට්ට ෆේල් රටක් කරලාය…

එහෙව් රටක් අවුරුද්දෙන් ගොඩ ගන්න…, ඝෝඨාට තියා මහතිර් මොහොමඩ්ලාට, ඩෙන් ෂියාලාට, ලී කුවාන් යූලාට, එක්සත් අරාබි එමිර්වල සුල්තාන්ලාට තබා මහ බ්‍රහ්මයාටත් බැරිය..

මේ සියල්ල ඉතා හොඳින් දැනගෙන ඝෝඨා ෆේල් ගෑ සජිත්ට මෙලෝ වශයෙන් පල දෙන්නට මාසයක්කත් ගියේ නැතිය.. බොරුවට ආයුෂ නෑ මෙන්ම පැවැත්මක් ඇත්තේත් නැතිය…

ඝෝඨා කෙසේ වෙතත් සජිත් ෆේල් කියා විපක්ෂයම අද ඔප්පු කර අවසානය..

2015 රාජපක්ෂ විරෝධී සංධානය නැවතත් ප්‍රපොගැන්ඩා නැවක් සමඟ පටන් ගත්… සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නොව සංධානයක් ලෙස ගොඩ නගා…, එහි නායකත්ව මන්ඩලයක් පත් කොට සජිත්ට ඇරලා පාඨලී ඉදිරියට ගෙන ඒමේ ප්ලෑන් එක හා කැම්පේන් එක නැගලාම යනවාය….

එහෙත් මේ කල්ලිය වටහා ගත යුතු දේ නම්… මේ සෙල්ලම ඔවුන් කළ යුත්තේ “ප්‍රේමදාස චන්ද පොකුර” සමඟ බවය…

දැන් අප බලා සිටිය යුත්තේ….

එජාපයේ බලකණු සියල්ලම කුඩු කර විපක්ෂ නායකත්වය දක්වා පැමිණ…

කිසිවකුට දෙවනි වීමට අකමැති සජිත් ප්‍රේමදාස….

මේ අවස්ථාවේදී..

ෆේල් වෙයිද පාස් වෙයිද කියලාය…





Dec 14, 2020

පාඨලීගේ අනාගතය….

පාඨලි තම පක්ෂය වන සිහළ උරුමය විසුරුවා හැර ඇත.. එය තම ආගම නම හා සියළු අනන්‍යතාවයන් වෙනස් කලාක් මෙන් ක්‍රියාවකි.. මන්ද පාඨලී යනූ සිංහළ ජාතිය හා ආගම වෙනුවෙන් පෙනී උන්, ඒ වෙනුවෙන් ක්‍රියාවෙන්ම දායකයකු වූ දේශපාලකයකු වීමයි… වාමාංශිකයක වන ඔහු එවන් වාතවරනයකින් පැමිණි බව බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි.. බොහෝ අය ඔහුව දන්නේ ජාතිවාදියකු ලෙසිනි… කෙනුකුට එය ජාතිකවාදය ලෙසද තර්ක කල හැක…ඇත්තටම ඔහු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයකු හෙවත් ඕල් රවුන්ඩර් කෙනෙකි… උගතෙකි.. වියතෙකි.. ලේඛකයෙකි.. දක්ෂ කතිකයෙකි.. වාමාංශිකයෙකි.. අනාගත ලෝකය ගැන දැනීමක් හා දැක්මක් ඇත්තෙකි.. අද ඔහු පෙනි සිටින්නේ ධනවාදය හා ලිබරල්වාදය වෙනුවෙනි… ඒ අනුව ඔහු මට බුද්ධිමතෙක්ද වේ…ඔහුගේ වෙනස් වීම කෙනෙක්ට විහිළුවක් ලෙස පෙනුනද.., එය දේශපාලන වශයෙන් ගත් බුද්ධිමත් තීරණයකි… එක තන පල්වෙන්නේ පොල් ලෙලිය…ජාතික නායකයකු වීමට නම් තව දුරටත් ජාතිවාදී ආගම්වාදි පක්ෂයක නයකයකු ලෙස පෙනී සිටීම ඔහුට අවාසියක් හේතුවෙන්…, ඔහු මේ ක්‍රියාවලියට විශාල පබ්ලිසිටියක් දෙන ලදි..ඇත්තටම ඔහු එජාපයට රිංගුවේ රනිල්ගෙන් පසු නායකයා වීමේ විශාල බලාපොරොත්තු ඇතිවය.. ඒ බව වඩාත් පැහැදිලිව පෙනුනේ.., යහපාලන කාළයේ සිරිසේන විසින් ආන්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය සිඳු කළ අවස්ථාවේය.. එහිදි ඔහු රනිල් ළඟින්ම උන්නේය.. රනිල් තනිකලේ නැත.. එජාපයේ සියල්ලන්ටම වඩා කැපී පෙනුනේ ඔහුගේ භූමීකාවයි..රනිල් කියන්නේ, දේශපාලනයේ ඉන්නා උන්ට තැම්බිය හැකි පොරක් නොවේ.. ඇපත් නැතිව ගෙදර උන්නද.. අදටත් එජාපයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි.. එහෙත් රනිල්ට පරිප්පුව දෙන්නේ එජාපයේ පාක්ෂිකයන්මය… ඒ වෙන කාටත් වඩා එජාපයේ කොඩිවිනය රනිල් බව ඔවුන් දැන උන් නිසාය…රනිල්ට අත්වන ඉරණම ඉවෙන් මෙන් හඳුනා ගන්නා පාඨලී එක්වන්නේ සජිත් සමඟය…එහෙත් සියල්ලන්ටම කෙලිමෙන් විපක්ෂ නායකයා වූ සජිත්.., පාඨලී වැනී බලවත් පර්සනැලටියකට.. තම පක්ෂයේ නියෝජ්‍ය නායක කමක් කිසි දිනෙක ලබා දෙන්නේ නැත.. සජිත්ගේ තේරීම් වන්නේ බලවත් පුද්ගලියින් නොව හාල්පාරුවන්ය..සමහර විට පුතානෝ අනුගමනය කරනුයේ පියානෝගේ මෙතඩ් එකම විය හැක.. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිගේ අගමැති වන්නේ.., ඩී බී විජේතුංගය.. ඇමති කම් කෙරුවේ සෙරෙප්පු සුපාලාය…ඊයේ පාඨලී කළ කතාවෙන් මේ ගැනත් ඉඟියක් දෙනු ලැබුවේය.. එසේ නම් පාථළි පක්ෂය හැර දමන්නේ ඇයි..?සජිත් මෙලෝ රහක් නැති අමු එකාධිප්තියකු බව අද ආන්ඩුවට විරුද්ධ සියළු බලවේග විසින් වටහාගෙන ඇති නිසාය…මේ.., චන්ද්‍රිකා, මංගල ප්‍රමුඛ, බටහිර තානාපති කාර්යාල, ඔත්තු සේවා, NGO සමාජය හා ලිබරල් සිවිල් බුවාලා විසින් නව පක්ෂයක අවශ්‍යතාවයක් ගැන සංවාදයක් ගෙන යන මොහොතයි…ඇත්තටම ඔවුන් අසරණ පිරිසකි… ඔවුන් එකතු වී ගෙනා සිරිසේන.. බටර් නැතිවම මේ සියල්ලන්ටම ඇරියේය.. එහෙත් ඒ සිරිසේනත්.., නැවතත් මේ පිරිස සමඟ එකතුවන බවක්ද පෙනේ…කරුමය වන්නේ ඔවුන්ට නායකයකු නැති වීමයි… කරූ ජයසූරිය තව දුරටත් මාකට් කළ නොහැක.. ඒ ඔහු නාකී නිසාය.. රාජපක්ෂලාට නාකියෝ කියා.., එහෙනුත් නාකියෙක් දැම්මාම ඒක පට්ට ජෝක් එකක් වන්නේය.. මංගල ලිබරල් වැඩිය… චන්ද්‍රිකා අවුට් ඩේටඩ්ය… විමුක්ති කල එලි මංගල්ලය පවත්වා නැත…ඇබෑර්තුවට නියමෙටම ගැලපෙන් නායකයා පාඨලීය… එහෙත් පාඨලීලාට බලයට එන්න අවශ්‍ය වන්නේ එජාපයේ චන්ද ගොඩය…ඒ ගොඩ සජිත්ගෙන් ඩැහැ ගැනීමට මේ පිරිස සමත් වේද…? මේ පිරිසට සජිත් දිරවන්නේ නැති උනාට… පක්ෂිකයන්ටත් එසේමද..? එසේ නොමැති නම්.., අලුතෙන් පිහිටවීමට අදහස් කරගෙන සිටිනා “සජිත් ජලනි බලවේගය” නැමැති පක්ෂයේ සැලකිය යුතු තනතුරක් පාඨලීට ලැබේද…මෙන්න මේ කරුණු මත පාඨලීගේ අනාගතය රැදී ඇත…එහෙත් පාඨලී ජයග්‍රාහකයකු වන්නේ අළුත් බලවේගයක නායකය්කු වුවහොත් පමණි…මාතලන්ගේ මතය නම්, පාඨලී දේශපාලන වශයෙන් මිය ගොස් අවසන් කියාය… ඒ රාජපක්ෂලා හැර ගිය දිනයේය…පාඨලිගේ තැන එතනය…ඒ වගත් මෙසේය…


Dec 1, 2020

සුළි සුළං හමාලා හා මහර යුද්ධය....

 


සුළි සුළඟින් විය හැකි හානිය තාම තක්සේරු කරලා නැතිය. හැම මළහත්තිලව්ව්ම ඝෝඨාට කරන්න පුළුවන් නම් මේ රටේ රාජ්ජ සේවයක්කත් රාජ්ජ ආයතනවත් ඕනෑ නැතිය....

කෙසේ හෝ හෙන පරිප්පුවක් කන්නට වෙන බව නම් සහතිකය.... 

කොහොම හරි සුළි සුළං හමාලා මහ මුහුද ගොඩ ගලා මේ මුළු දෙරණ වැනසුවා... ගීතයේ අලුත් වොර්සන් එකක් ගායනා කිරීමේ අවස්ථාව අප සැමට අත් වී තිබෙන්නේය... ඒ සඳහා කව් ගී නිසදැස් හා කෙටිකතා මාතලන් වෙත එවන මෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත ආදරයෙන් ඉල්ලා සිටීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි....

------------------------------------------------

මහර බන්ධනාගාරය හරහා සුළි සුළඟක් හැමුවේ ඊයේ පෙරේදාය.. 9 ක් මැරිලාය... 100 ගානක් ඉන්ජරීස්ය... එක අම්මා කෙනෙක් එළියේ ඉඳන් ඇඬුවේ එයාහේ මහත්තයා හා දරුවෝ තුන් දෙනාම ඇතුලේ කියලාය... අප ඒ මහත්වරුන්ගේ ප්‍රජා අයිතිය මාරම විදියට රැකිය යුතුමය... 

එවන් අම්මාවරුන් ජාතියේ අම්මාවරුන් ලෙස අප් දොහොත් මුදුන් දී නමස්කාර කළ යුතුය... අද පටන් අපේ අම්මාට නමස්කාර කිරීම නවත්වා දමා ඒ අම්මාට නමස්කාර කිරීමට පටන් ගත් බවත් මේ මොහොතේ ජාතී ආලයෙන් යුතුව ප්‍රකාෂ කිරීම මාගේ ජාතික වගකීමය...

මහර බන්ධනාගාරය හා රාගම හොස්පිටැල් එක ඉස්සරහා පොලොවේ පස් කා පොලෝසියේ රාළහාමිලාට වැන්ද අම්මාවරුන් පියවරුන්  බිරින්දෑවරින් ශෝදර සහෝදරියන් ගැන අපගේ බොකු වල ඵන් සංවේගය හා අපත් එක් විය යුතුය....

මා නම් කියන්නේ.... චොකා මල්ලි හා දුමින්ද සිල්වා පමණක් ඇතුලේ තබා අනෙක් සිරකරුවන් සියල්ලෝම තම නිවෙන්ස් කරා හා කුටුම්බයන් කරා පිටත් කර ඇරිය යුතුය....

ශානී අබේසෙකර වන් අප නිවෙස්වල වළං පවා හෝදන්නට කැප වී වී සිටිනා යා පාලන නිළධාරින් සියල්ලෝම නිවෙස් වලට නැතිනම් ජිනීවා හෝ යැවිය යුතුය....

සියළුම කුඩු කාරයන්... මිණී මරුවන්... පාතාල නායකයින්... ස්ත්‍රී දූෂකයින් මෙන්ම.... මෑතක ජපානයේ සීතාවන් පැහැරගෙන ආ.... රාවණාගේ ලොකු තාත්තාත්... නිදොස් කොට නිදහස් කර එලියට දැමිය යුතුමය...

බැසිල් ලොක්කා සියළුම නඩු හබ වලින් නිදොස් කොට නිදහස් කල එකේ ඔය සියල්ලෝම නිදහස් කරන එක.......  එක දවසෙන කරන්න පුළුවන් නියෝගය...

ලංකාවේ කුඩු කාරයන් ඉන්නේ එක්කෙනෙක් පමණි.... ඒ දුමින්ද සිල්වාය...

මිනීමරුවන් දෙදෙනෙක් වෙති... ඒ දුමින්ද සිල්වා හා චොකා මල්ලීය....

ඒ දෙදෙනා පමනක් එල්ලා මරා නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන්... 

අපේ අධිකරණ ඇමතිතුමාට මෙන්ම...,

ලොහාන් රත්වත්තේ මැතිතුමාටත් නොබෙල් තැග්ගට පව හිකිකම් කියන්න ලැබෙනවාය...

අපිට තියෙන්නේ අපේ ගෙවල් වල මංකොල්ලයක්... ස්ත්‍රී දූෂණයක්... ළමා අපචාරයක්... මිනීමැරුමක් සිඳු වූවත්.

ඒ සියල්ලට මානුෂික මුහුණවර ලබා දී.....

අපේ මිනිස්කම.... අපේ සඟිස්කුරුතිය... අපේ සබ්බත්තය.... අපේ බව් බව් මික් අන්ඩවාතතය... අපේ හෙළ හැදියාව... අපේ අම්මගේ රෙද්ද යනාදී සියළු දෙයම ලෝකයා හමුවා පෙන්වා සිටිය යුතු බවය....

ඒ කාළ කන්නින්ට ඒත් පෙන්නේ නැත්නම්... සරම උඩට උස්ස මව් මිබ වෙත මුහුණ එල්ල කර අපේ විරෝධය ඒ මූසල හැත්තට පෙන්විය යුතුමය....


ස්ධූතී... නැන්ඩ්‍රෙයි... ටෑන්ක්ස් හොඳේ... !!!!


අති විශේෂ -

බුකියේ සියළුම එකවුන්ට්ස් වාරණයට ලක්ව ඇති හෙයින්... මොකෙක් හෝ මාතලන් ටැග් කොට මෙය බුකියේ එල්ලිය හැකි නම්.... ඌ තරම් පොරක් ලොවෙත් නැත...


Nov 21, 2020

ප්‍රී බජට් ඩිබේට් හා බුද්ධික පතිරණ



මහින්ද මහත්තයා විසින් බජට් එක ඉදිරිපත් කරපු ගමන් මාතලන් බුකියේ ලීවේ… මේක පතෝල අයවැයක් කියලාය… ඒ එහි ඇති ගුණයක් මෙන්ම අගුණයක්ද නැති නිසාය..

ඉන් පස්සේ ලිව්වේ… අයවැය ගැන විශ්ලේශණ, සාකච්ඡා හා වාද විවාද තියනා හැම එකෙක්ම ගන්නේ අමු ගොන් ආතල් එකක් කියලාය…

සාමාන්‍යයෙන්.., මාතලන් ඔය අයවැය, මැතිවරණ ප්‍රකාෂණ මෙන්ම මහ බැංකු වාර්ථාවවත් පිලිගන්නේ නැතිය…

ඒවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වලට වඩා රසවත්ය… මන්ද.., එයාගේ කතාවලින් ආතල් ගන්නේ පොඩි උන් පමණක්ම උනාට… මේවායෙන් ආතල් ගන්නේ රටේ ඉන්නා මහා ලොකු බිස්නස් කාරයෝ, ඉකොනොමිස්ට්ලා හා ආර්ථික උස්තාද්ලා නිසාය….

(මෙවර බජට්ටුව ගැනත්… දෙරණ චැනල් 24 එකේ ඉන්ගිරිසියෙන් ගිය මේ වාගේ ගොන් “ෆෝරම්” එකක් බලා මාතලන් නම් පට්ටම ආතල් එකක් ගත්තේය…)

මොකෝ ඒවායේ කියනා විදියට අපේ රට හැදුනා නම්…, අද වෙනකොට එංගලන්තේ රජ පවුල රෙසිඩන්ස් විසා අරගෙන ඉන්නේ මෙහේය… බෲනේයි වල සුල්තාන් ඉන්නේ මෙහේ එපාර්ට්මන්ට් එකකය… පැරදිලා කෙලවෙච්චි ඩොනල්ඩ් ට්‍රම්ප් ගෝල්ෆ් ගහන්නේ බොරැල්ලේ කනත්ත පිටිපස්සේය…. අරාබියේ සුල්තාන්ලා අපේ ඩැයිවර්ලාය… බෙවර්ලි හිල්ස් වල සුද්දියෝ මෙහේ හවුස් මේඩ්ලාය…

ඊයේ මාතලන්ගේ මේ අදහස් ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ සභාගත වූයේය… ඒ බුද්ධික පතිරණගේ අයවැය කතාවත් එක්කය.. (අනෙක් හැම එකාම කලේ සුපුරුදු පරිදි කුණුහබ්බ හා මඩ ගසා ගැනීම් පමණමය…)

උන්නැහේ මේ ටික යස අපූරුවට කීවා පමණක් නොව…, කතානායක මේසේ තියෙන ඉස්ටොප් වොච් එකත් බොරු බව කීවේය..

ඒ උන්නැහේගේ කතාව මැද්දේ… “යූ හෑව් ටූ මෝ මිනිට්ස්…” කියූ කතානායක අසුනේ ඉන්නා ටයිම් කීපර්ටය.

අයවැය විවාද කිසිම තේරුමක් නැති දෙයක් බවත්… මේක නිකන් ගොන් ආතල් එකක් බවත්… මේ ටිකේ මැති ඇමතිවරු.. ආර්ථික උස්තාද්ලා මෙන්ම මාජ්ජකාරයෝද අමු ගොන් ආතල් එකක් ගන්නා බවත්… මේකෙන් පස්සේ පාර්ලිමේන්තුවට නිවාඩු දෙන බවත්… ඊට පස්සේ බජ්ට් එකේ එවා…, එකෙක්ටවත් මතක නැති බවත් ඉතා වදගත් ආකාරයෙන් සරළව හා පැහැදිලිව උන්නැහේ පෙන්වා දුන්නේය….

මේ සැමට වඩා ඉතා අපූරූ යෝජනාවක්ද උන්නැහේ කලේය… ඒ ලෝකයේ දියුණු රටවල කරනවාක් මෙන් ප්‍රී බජට් ඩිබේට් (Pre – Budget Debate) එකක් තියන්න ඕනෑ කියාය…

ඒ කියන්නේ ගිය වසරේ බජට් එකෙන් කියු සුරංගනා කතා කොච්චර්ක් ඉටු වෙලා තියෙනවාද…? කොච්චරක් අමු පචද යන්න ගැන කතා කිරීමය…. (හැබයි ඉතින් එහෙම ඉකක් තිබ්බොත් නම් ආන්ඩු පක්ෂේ ඒවුන්ට පාර්ලිමේන්තු එන්න වෙන්නේ නිර්වස්තරෙන්ය…)

ඇත්තටම සිස්ටම් චේන්ජ් කියා විය යුත්තේ මේවාය… මේ ආන්ඩුව උනත් පට්ට ෆේල් කියා ප්‍රොපගැන්ඩාවක් යන්නේ නිකන්ම නෙමේය…

මිනිසුන්ට දැනෙනා වැඩක් කරනා මැති ඇමතිවරුන් ඉන්නේ අතේ ඇඟිලි වලටත් වඩා අඩු පිරිසක්ය…

මේ බජට් යෝජනා… යෝජනා ලෙස නොව ටාගට් ලෙස හැම එකාටම දිය යුතුය… ඒවා දීර්ඝ කාලින හා කෙටි කාලීන විය යුතුය… දීර්ඝ කාලීන කීවේ වසරක ටාගට් එකය… කෙටි කාලීන කීවේ මාසිකව අත්කර ගන්නා ප්‍රගතියය.. සෑම මාසයකම ඒවායේ ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් සොයා බැලිය යුතුය… ටාගට් කවර් කරන්න බැරි මීමුන් එලවා දැමිය යුතුය…

මේ රටට කෙලවෙලා තියෙන්නේ මෙන්න මේ සුළු කාරනය හරියට මැනේජ් කරගන්න පුළුවන් නායකයෙක් ආපු නැති නිසාය….

පෞද්ගලික අංශයේ සාර්ථකත්වයටත්…. ආන්ඩුවල අසාර්ථකත්වයටත් හේතුව මෙම කාරනය සිඳු නොවීම මිස.. වෙන කිසිඳු හේතුවක් නොවේ…

කොටින්ම ෆේල් ඒවුන්ට ඊළඟ වාරයේදි නොමිනේසොන් නොදී අළුත් එකෙක්ට අවස්ථාවක් දීමෙන් වැඩ කරන්නේ නැති එකාත් වැඩ කරන්න පටන් ගන්නේය…

මේ ආන්ඩුවේද ඉන්නා සම හරක් ඇමතිවරු 1994 ඉඳන් ඇමතිකම් වල ඉන්නා උන්ය.. උන් කලේ මක්කාද කියා ඇසුවොත් කියන්නට කිසිම දෙයක් ඇත්තේ නැතිය… ඒත් සිනියෝරොටි නිසා උගේ ඇමතිකම නාමල්ගේ ආන්ඩුව යටතේද තහවුරුය…

ජනතාව මළ විකාර කියන්නේ මේවාටය… ජෙප්පෝ අවුරුදු 72 ක් ගැන විවේචනයක් ගෙන එන්නේ මේ විසූක දස්සන නිසාය… මේවා දැන් ජනතාවට අරහංය…

සිස්ටම් චෙන්ජ් කියා…. මේ මළහෝන්තු සමඟ පුරුදු ලබ්බේ තොයිලේ දිගටම නටන්නේ නම්…

මේ ආන්ඩුවටත් අබ සරණමය…..!!!


ඒ වගත් මෙසේය……….


Nov 20, 2020

ෆොනී ඉල්ලන්නේ වැක්සීන්ද…? වැස්ලීන්ද…?


 

ෆොන්සේකාට ආදරේට කියන්නේ ෆොනී කියලාය…. කින්ඩියට කියන්නේ වෙල් විදානේ කියලාය… මේ 30 වසරක යුද්ධය දිනා දුන් වීර සෙන්පතියෙක්ය..

ජෙප්පෝ උන්නැහේ නරාවලට ඇද දැම්මේය… එයා යුද්ධයට වැඩ කාරයෙක් වුවද.. දේශපාලනයේ මෙලෝ අල බෝලයක් දන්නේ නැති බව මේ වන විට ඔප්පු කර අවසානය..

මට මතක විදියට අර්ජුණලා ඉතරක් නොව…, කැටගොඩත් උන්නේ උන්නැහේ එක්කය… ඒත් ඒ යකාට පොලිටික්ස් බෑ කියා කීවේ… මාතලන්ගේ නෑවෙන.. එයා ළඟ උන් පලා බබෙක්ය. ඌත් හොඳ ගානක් අරගෙන මහින්ද මහත්තයා ළඟට ගියේය…

ආතක් පාතක නැතිව අනාථ වී සිටියදි රනිල්ගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අන්තීමේ රනිල්ටත් කෙලලා ටෙලිපෝනයේ එල්ලුනේය… සජිත්ගෙන් කිසි දිනෙක් ඔහුට තැනක් ලැබෙන්නේ නැතිය. එය පුතානෝගේ මෙන්ම පියානෝගේද මෙතඩ් එකය..

පුතානෝ තමාට අභියෝගයක් විය හැකි හැම එකාටම ගේම දුන්නේය.. කරූගෙන් පටන් ගෙන.., නවීන්, ජොනී.., කෙහෙළිය, දයාසිරි.., රෝසී, රවී, රනිල් මෙන්ම…, චන්දයේදී සුජීව සේනසිංහටත් ලස්සනට ගේම දුන්නේය.. දැන් ඉන්නේ එකම එකෙකි.. ඒ හරීන් පමණි..

හරීන් ඉන්නේත් වැට උඩය.. ඊයේ පෙරේදා මහින්ද මහත්තයා ගැන ගුණ ගී ගයා තිබෙනවාද…, ඊට මහින්ද මහත්තයාද උත්තර දී තිබෙනු කවුරුත් දුටුවේය..

දැන් ඉතිරිව ඉන්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.. ඔතන ෆොන්සේකාට සංසාරේදි මක්කත් ලැබෙන්නේ නැතිය.. ඒත් ෆොනී තාමත් ඉන්නේ ෆනී සෙට් එකත් එක්කය…

උන් කොරෝනා ටෙස්ට් කිට් ගිලින්න ඉල්ලනවාය.. කන්න එපා කියූ මාළු අමුවෙන් කනවාය… අපරාදේ කියන්නේ අපි මේ පැත්තේ ඉන්නේ…, පහුගිය අවුරුදු පහේ ෆේල් නිසා කියා කුරුණෑගල කසිප්පුවා ඊයේ කියුවේය… දෙන තරමක් දෙන්නේ පුල් ෆන්ය…

වෙලාවකට රට වහන්න කියනවාය… වෙලාවකට අරින්න කියනවාය… ඇරියාම අරින්න කිව්වේ මොන ගොනාද කියා ඕනෑම එකෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු ගොනා අහනවාය… එකම විකාරයක්ය…

එකසත් ජාතින්ගේ සංවිධානයෙන් වැක්සීන් 20,000 ක් දෙන්න යනවා කියා ආරංචිය ආ ගමන් පුතානෝ පාර්ලිමේන්තුව දෙක කළේ ඒ පාර පවිත්‍රා රටේ ජනතාව පරීක්ෂණාගාර මීයන් කරන්න යනවා යකෝ කියලාය…

දැන් ෆොන්සේකා අහන්නේ ඒ වැක්සීන් ගේන්නේ නැත්තේ ඇයි යකෝ කියලාය…

වාසුදේව මහත්තයාට කවුරුත් ආදරේට කියන්නේ කපයා කියලාය…

ඊයේ කපයා මහතාට ෆොනී එක්ක ඌරූ ජුවල්ම ගියේය… එයා කිව්වේ වෙල් විදානේට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුවේ කතා කරන්න මේක හමුදාව නෙමේ කියලාය…

කපයා මහතා වැක්සීන් එපා කියා කිසි වේලාවක කීවේ නැතිය.. එයා කීවේ මේ වෙලාවේ වැක්සීනයක අවශ්‍යතාවයක් නැති බවත්.. ජනතාව ටෙස්ටින් වලට යොදාගන්න දෙන්න බැරි බවත්…. ටෙස්ටින් වැක්සින් නොව.. එයාලා ටෙස්ට් කරලා 100% ෂුවර් වක්සින් එකක් ආවාම… ඒක ගෙනත් ජනතාවගේ විදින්න ඕන තැනට විදිනවා කියලාය….…

ෆොනිත් එය පිලිගත්තාට…. තා මක්කදෝ කියන්න ගොස්… ඇදගෙනම නා ගත්තේය…

හැබයි මාතලන්ට නම් සිතෙන්නේ මේ ෆනී සෙට් එකත් එක්ක ඉඳලා වැක්සීන් හා වැස්ලීන් පැටලුනාදෝ කියලාය… මොකෝ වෙනස් විදියේ රුචි අරුචි කම් ඇති උන් එක්ක ටික කලක් ඉන්නා විට.. තමන්ගේ රුචි අරුචි කම් පවා වෙනස් වීමට ඉඩ තිබෙනා නිසාය… දැන් කාලයක් තිස්සේ එයා ඉන්නේ එජාපයේ සෙට් එකක් එක්කය… එයාලා ටිකක් අමුතු රිසි කම් සහිත පිරිසක් බව එයාලාම පිලි ගන්නවාය… සම හරක්ගේ වීඩියෝ පවා ලීක් වී හත් පොලේ ගාගෙනත් අවසානය…

සුද්දෝ සුද්දියෝ වැස්ලීන් යොදා ගන්නේ…, තම ඉස්කින් එක මේන්ටේන් කර ගන්නට වූවාට…, එජාපයේ පිරිස් ඕවා යොදා ගන්නේ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස බව කවුරුත් දන්නවාය…

ඒ නිසා සමාර විට ටෙස්ට් කිට් වාගේම ෆොනීටත් වැක්සීන් හා වැස්ලීන් පැටලුනා විය හැකිය…

තමන්ට නොගැලපෙන් තැන්වල හිටගන්න ගියාම වීරයෝත් බලු වෙනවාය… ජෝක් එකක් වෙනවාය….

මෙලෝ රහක් නැති කපයා මහතා පොරක් වී… ෆීල්ඩ් මාෂල්ලා වෙල් විදානේලා වෙනවාය…


ඒ වගත් මෙසේය…



Nov 18, 2020

වසරක ප්‍රගතිය හා අනාගතය…

 


පසුගිය වසර ගැන මාතලන් ලියන්න යන්නේ නැතිය… මොකෝ කියනවා නම් ඒ අවුරුද්දට කරපු වැඩ අතරේ…, රට අගාදයටම ගෙන ගිය මල මූසල යහපාලන ආන්ඩුව ගෙදර ඇරපු එකම උනත් ඇති නිසාය…


ඒ නිසා මාතලන් ලියන්නේ අනාගතයේ විය යුත්තේ කුමක්ද කියලාය.


ජනාධිපති තුමා පත්වූයේ නොවැම්බරයේ වූවද ආන්ඩු බලය ලැබී තාමත් මාස 4 ක් ගතවූවා පමණි…. අවුරුදු පහක් තිස්සේ මෙලෝ අලබෝලයක් සිදු නොවූ අමාත්‍යශ තුල ඉන්නා උන් පුරුදුව ඇත්තේ එසේම සිටින්නටය. ඒ බව අදත් ඉතා පැහැදිලිව පෙනේ…


අවුරුද්දෙන් හෝ මාස හතරෙන් හදපු රාජ්‍යයන් ලොව ඇත්තේ නැතිය…. එහෙත් තව අවුරුදු දෙක තුනක් තුලත් ජනතාවට දැනෙනා කිසිවක්ම සිඳු නොවන්නේ නම්…, චක්කරවර්ති මහ රජ්ජුරුවෝ උනත් ජනතාව විසින් එලවා දමන එකත් දෙයියන් වහන්සේටවත් වලක්වන්න බැරිය.


ඊළඟට පත් වන්නේ පඹයෙක්ද, නිකමෙක්ද යන්න එතනදි අදාල වන්නේ නැතිය… 2015 උනේ එයය…


සිරා වැනි හාල්පාරුවෙක් පත්කර ගත් රටක… සජිත් වැනි පොඩි හෝ සේ එකක් ඇති කෙනෙක් ජනතාව විසින් තොරා ගන්න ඉඩ තිබෙනා බවත් කවුරුත් සිහි කල්පනාවේ තබා ගැනීමද යහපති…


මහින්ද මහත්තයාගේ කාළයේ මහ පරිමාණයේ අති විශාල දැවැන්ත යෝජනා ක්‍රම ක්‍රියාත්මක උනේය.. අඩෝ බලාපන් අපේ වැඩ කියා… එයාලා ඒවා ජනතාවට පෙන්නුවේ ජැකාලාගේ භාතිය සන්තුෂ්ලාගේ විසූක දස්සනද සමගිනි…. ජනතාවද වැල නොකැඩි ඇවිත් ඒවා බලා ගෙදර ගියේය… එහෙත් ගෙදර ගිහින් බලපුවාම එවා කන්න බැරි බව දැනගත්තාම උන් කරේ…, මහ රජානෝ ජනෙල් පොල්ලේ එල්ලන එකය…


අදට මේ ආන්ඩුවේ ප්‍රධාන වැරදි දෙකක් පෙන්වා දීමට කැමතිය…


(1) නිදිගත් රාජ‍ය සේවය අවදිකිරීමට තාමත් අසමත් වීම…


හොඳම උදාහරණය… කොරෝනා දෙවන රැල්ල ඇති වුනේ කෙසේද යන තැන මේ ආන්ඩුව තුලද රාජ්‍ය සේවයේ වගකීම් හා වගවීම් පැහැර හැරිය බව මනාවට ඔප්පු වීමය….


වගකිවයුතු සෞඛ්‍ය අංශයේ සෑම එකාම මොන මොන බයිලා ගැසුවත්… අද වෙන තෙක් දෙවන රැල්ල ඇති වූ ආකාරය සොයාගෙන නැත. ඒය සොයා ගන්නේද නැත.


ආන්ඩුවද, විපක්ෂයේ සියල්ලන්ද ජනතාවද, සෑම එකාම ආතල් එකේ උන් අතර…, ජනතාවට ත්‍රාසය හා භීතිය දිනපතා නොඅඩුව ගෙනෙනා රජයේ ගොම සංගමයද උන්නේ ආතල් එකේය…. අඩුම ගානේ අද වාගේ දිනපතාම ජනතාව බය කලේ නම්…, දෙවන රැල්ල නො එන්නත් තිබුනේය.


ඇමතිවරුන් ඉතා සුළු පිරිසක් හා රාජ්ජ අමාත්‍යවරුන් අතලොස්සක් යමක් කිරීමට දත කන අතරේ…, සීනියොරොටි හේතුවෙන් ඇමතිකන් දුන් වැඩ බැරි ටාසන්ලා පෙර පරිදිම ශීත කාමරවල දොයිය ගන්නවා ඇත.


උන් හිතන්නේ ගැසට් ගැහුවාම ඔක්කෝම හරි කියලාය. මුන්ගේ ගුලි කෑමෙන් පච වෙන්නේ උන් නොව ජනාධිපතිය.


ජනතාවගේ ප්‍රධානම ආහාරය සමඟ පිස්සු කෙලීමේ අවසානය නාමල් රාජපක්ෂලාගේ අනාගතයට පවා හානිකරය.. ඒ නිසා එය අති දරුණු ඛේදවාචයකින් නිමා වීමටද ඉඩ ඇත්තේය..


(2) ආන්ඩුවේ ප්‍රචාරණ කන්ඩායම් වල පසුබෑම


මේ ගැන මාතලන් කීප වතාවක් ලියා ඇති නිසා නැවත ලියන්න යන්නේ නැතිය.


මාතලන් කීවේ ඇත්තක් බව ඔප්පු කරමින්…, අවසානයේ ජනාධිපතිතුමාටම ඒවාට පිළිතුරු දීමට එන්නට වීම ඇත්තටම කනගාටුවට කරුනක් බවත් ලියා තැබිය යුතුමය..


මන්ද මාතලන් දන්නා පරිදි ආන්ඩුවේ ජයග්‍රහණයේදි සව්දිය පෙරූ බොහෝ පොරවල් ආන්ඩුවේ තනතුරුද රැගෙන අද ආතල් එකේ ඉන්නා නිසාය…


ඊයේ ජනාධිපති තුමා ජාතිය ඇමතුවාට වඩා… එසේ නොකර සිටියේ නම් වඩාත් හොඳ බව එතුමාට බොහෝ සේ ආදරය කරනා මාතලන්ගේ අදහසය….


මන්ද එහිදීද ඔප්පු උනේ… තමන්ගේ ප්‍රචාරණ නඩය පට්ටම ෆේල් බවය….


ඒ වගත් මෙසේය…


Nov 16, 2020

බජට් ඩ්‍රීම් (අයවැය සිහිණ)



හතේ හතම වැදි ජහ මන වෙලා.......... නැපට්

එක පිට එක ගසා පුල් චාටර් නේ........ ගැසට්

දෙදහස් විසි එකේ ප්ලුටොට අරිමු..... රොකට්

ගේනවා පුතේ මම අද තොපිලාට.......... බජට්


මල්ලී සැරයි වෙඩි වගෙ චයිනිස්........ කොච්චී

20 ගෙනල්ලත් තාමත් බැරි................. වෙච්චී

බැසිල් ගන්න ගෝලයෝ ගහනවා........ නිච්චී

මක්කා කලත් මම උඹලගෙ............. අප්පච්චි


තිරුපතී යන්න ගෙදරින් කොකු අඳිනු..... ඇත

කැලණි ගඟෙන් නාගයෝ එන්නේද...... නැත

MCC එකත් බයිඩන් හා ෂුවර්.............. නැත

එකම පිහිට ෂී ජී පෙන් ලඟය................. පුත


චන්දෙට දෙන්නේ ප්‍රති පත්තීයි....... ප්‍රකාෂණ

මීටින් වලදි පච දාහකි..................... වමාරණ

ඉටුවන දිනේ එනතෙක් උඹ මගේ......... පණ

අය වැය සිහිණයේ පච ටික ගිලිනු........ මැන


- කාව්‍ය සිරෝමනි මාතලන් -

Nov 13, 2020

පට්ට ෆේල් උන්ගේ අලුත්ම කැම් Pain එක..


 

මංගල මඩ බලකාය විසින් ගොබෙල්ස් න්‍යායයේ අලි පචයක් සමාජගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමට නියමිත බව, මාතලන් ලීවේ ඔවුන්ගෙන්ම ලැබෙන්නා වූ තොරතුරු වලින්ය….


මේ බව සඳහන් කරමින් මාතලන් ඊයේ පෙරේදා ලිපියක් ලියූ අතර.., ඝෝඨාගේ ජයග්‍රහණයේ ක්‍රෙඩිට් එක තමන් සතු කරගත් සමාජ ජාලා මාධ්‍ය කණ්ඩායම් හා සිවිල් චරිත.., තනතුරු ලැබීමෙන් පසු කට පුක වසාගෙන සිටීම ඉතා කනගාටුදායක බවත් මාතලන් ලීවේය.


කෙසේ හෝ එම ළිපිය මඟින් ආන්ඩුවේ එකෙක් දෙන්නෙකුගේ හෝ ඇස් පෑදීම සතුටට කරුණක්මය…


දැන් එය සනාථ වී අවසානය. ඊයේ ආර්ලිමේන්තුවේදි…, හරීන්, මනූෂ හා අනෙක් හැම එකාගේම අඬෝවඩියා තුල තිබුනේ මේ NGO කැම්පේන් එකය.


හරීන් නම් කීවේ…, අවුරුදු දෙක යන්නට කලින් ආන්ඩුව එයාලා ආයේ ගන්නවා කියලාය. මේකත් අර මහින්දල ඊළඟ පෝයට යහපාලනේ පෙරලුවා වගේම අමු ගොන් ආතල් එකක්ම පමණය… (මෙය.. වහල් පාක්ෂිකයන් රඳවා ගැනීමේ සාර්ථක බොරුවකි..)


2015 ජනතාව ගොනාට ඇණ්දූ කප්පරක් නිර්මාණශීලි පච කන්දරාව ජයග්‍රහණය කලද…, ජනතාව ඊට පිළිතුරු දුන්නේ එරියස් එක්කමය…


ශිරන්තිගේ රත්තරන් අස්සයෝ, රාජපක්ෂලාගේ ඩුබායි හෝටල්, මහින්දගේ බිලියන් ගනනක බෑන්ක් එකවුන්ට්, නාමල්ගේ ලැම්බෝගිනි, ඝෝඨාගේ මෝර ටැංකිය යන සියල්ලම මුන් ගෙතූ අමු පච බව…, පට්ට ෆේල් යහපාලනේ තුල අගේට ඔප්පු කලේය. නඩු පිට නඩු දැම්මත් එකක්වත් ඔප්පු කරගන්න බැරි උනේය.


අන්තීමට මෝර ටැංකියක් ගැන කියන්න ආ නළුවෝ දෙන්නා…, කිඹුලන් ගැන කියා…, රාජිත නම් මඩ පප්පාගේ සරම මාධ්‍ය සාකච්චාවේදීම ඔළුවෙන්ම ගලවලා දැම්මේය.


මෙහි ගෝඩ් ෆාදර් වෙන කිසිවකු නොව සුපුරුදු පරිදි මෙවරත් මංගල සමරවීරය. ඔහු ඒ වැඩේට නම් අති දක්ෂ බව නොලියා සිටිය නොහැකිය. චන්ද්‍රිකා හා රනිල්ගේ දේශපාලන ගමන සම්පූර්ණයෙන් අවසන් කර දැමුවද.., ඔහුට සිරිසේන නම් ගල් ආඳා ඇන්දීමට නොහැකි වූවේය. අවසානයේ ප්‍රසිද්ධියේම ඔහු සිරිසේන ඇමතුවේ “පර බල්ලා” කියලාය.


ඔහු ඒ සඳහා මඩ මාධ්‍යකරුවන් දෙදෙනෙක් තෝරාගෙන සිටී… දෙදෙනාම ඉන්නේ ලන්ඩනයේය.. ඒ නිසා නඩු හබ කිසිවක් නැතිව…, මඩ ගැහිල්ල කිසි අවුලක් නැතිව කරගෙන යා හැකිය..


ඒ කුප්‍රසිද්ධ වෙබ් පඩංගු දෙකක අයිතිකාරයෝය. එකක් සේනාධීරගේ “ලංකා ඊ නිව්ස්” වන අතර, අනෙක කුරුකුළසූරියගේ “කොලම්බු ටෙලිග්‍රාෆ්ය. කුරුකුළසූරියගේ මඩ පාරවල් හා කෙප්ප වැඩියෙන්ම යන්නේ බුකියේ වන අතර.., ඒවා ශික්ඛාපද සේ හෙඩි ලයින් ඔස්සේ පලකිරීමට අළුත්ම වෙබ් අඩ්වියක් දැන් මෙරට ක්‍රියාත්මක වේ…


මෙහි ඇති ලොල් සහගත තත්වය නම්…, ලංකාවේ මාධ්‍යවේදීන්ට මාධ්‍ය සදාචාරය ගැන කියාදෙන කුරුකුලසූරිය.., සේනාධීරටත් එහා යන මඩ බාල්දි කරුවකු වූ එකය. ඩොලර් වලට කළ නොහැකි දෙයක් නැති බව මේ වන විට ඔප්පු කොට අවසානය…


මොවුන්ට ඩොලර් පිට ඩොලර් ගලාගෙන එන්නේ NGO හා බටහිර තානාපති කාර්යාල හරහාය. ගානියා බැරිස්ටර් සීන් එකෙන් ගත් පොලේ ගාගත් ස්විස් එම්බසිය…, ඒ ලැජ්ජාව වසා ගැනීමට ඕනෑම දෙයක් කරනවාය. අනෙක් පිරිස දෙමල ඩයස්පෝරාව හා යෝනක අන්තවාදයය..


දැන් සියල්ල ක්‍රියාත්මක වී අවසානය. මුදල්ද ලැබී අවසානය. ඒ නිසා “ඝෝඨා ෆේල්” කැම්පේන් එක නැගලාම යනවාය…


මෙතෙක් තේරී පත් වූ ජනාධිපතිවරුන් අතරින් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී හා ජනතාවාදී ජනාධිපතිවරයා ඝෝඨාභය රාජපක්ෂ බව ඕනෑම එකෙක් පිලිගනවා ඇත.


යහපාලනේ තිබුනා නම් මේ වන විට ලංකාවේ සමාජ මාධ්‍ය සියල්ලම තාවකාලිකව හෝ සම්පූර්ණයෙන්ම බ්ලොක් කර දමා අවසානය.


ආන්ඩුව මැති ඇමතිවරු හා නයකයින් කළ යුත්තේ මේවාට පිළිතුරු දීමට යාම නොවේ.. මන්ද මේ සියල්ලන්ම පට්ට ෆේල් පොරවල් නිසාය…


මේ ආන්ඩුව ඉතා සාර්ථක ආන්ඩුවක් බව කීමට වෙන කිසිවක් අවශ්‍ය නැති බව කීමට…, මේ පට්ට ෆේල් කැම්පේන් එකම ප්‍රමාණවත්ය. එහෙත් උන්ට ඒ ආතල එකක් ගන්න දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදිය..


මේ පැපොල් ඇට ලොන්තයන්ට අපේ ජීවිත කාළය තුල යලි බලය ලබා ගැනීම සිහිණයාක්ම පමණය… ඒ බව අපට වඩා හොඳින් ඔවුන් දනී… ඒ නිසා උන් ඉන්නේ පිස්සු හැදීලාය.. උන් පමණක් නොව උන්ගේ වහලුන්ද ඉන්නේ මොළේ කොලොප්පන් වෙලාය…


දිනපතාම උන් විඳවනා විඳවිල්ල දැක්කාම අපටත් තනි ඇහට ඇඬෙනවාය. බොහෝ උන් යහපාලනේ තුල මෙලෝ රහක් නැති සෙප්පඩවිජ්ජා පෙන්නු බුද්ධිමතුන් ලෙස පෙනී සිටී අමු ගං කඹරයෝය.. උන් හිතුවේ බොරුවෙන් මුලාවෙන් මිනිසුන් ගොනාට ඇන්දීම සැමදා කළ හැකියැයි කියාය…


දැන් උන් කුණුහබ්බ හා අශූචී පිලිබඳ විශේෂඥ්ඥයෝය… බලාගෙන ගියාම මුන් කාලා තියෙන්නේ බත් නොව අශූචිය… එයට කෙතෙක් ඇබ්බැහි වී තිබේද යත් දැන් එවා ආහාරයට ගන්නා ලෙස අපටත් උපදෙස් දෙනවාය….


බලාගෙන ගියාම අපි ලිබරල් ලිබ්බෝ කියා රැවටිලා තියෙන්නේ කක්කුස්සි බල්දී කාරයෝ සැට් එකකටය…


ඔබට සමස්ත ජනතාවම යම් කිසි කාළයක් ගොනාට ඇන්දවිය හැකිය.

එමෙන්ම ඔබට ජනතාවගෙන් යම් කිසි කොටසක් සැමදා ගොනාට ඇන්දවිය හැකිය.

එහෙත් ඔබට සමස්ත ජනතාව සැමදා ගොනාට ඇන්දවිය නොහැකි අතර…

ගෝනාට ඇඳීමට කැමති පිරිසට ඕනෑම ගොනා හා බූරුවන් ඉන්නා පිලත් සමඟ සදාකල් ඇඳගෙන නෑ හැකිය…


ඒ වගත් මෙසේය…


Nov 11, 2020

කොරෝනා මරණ අවසන් කටයුතු පවුලේ අයට දෙන්න..



වෙනත් රටවල කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගතයක් උනත්…, ලංකාවේ එය පට්ටම ආතල් එකක් වී අවසානය.

අපි ලෝකයේ අනිත් රටවලට වඩා ගොඩාක් වෙනස් ජාතියක් කියා මේකෙනුත් පේනවාය….


ඉස්සෙලාම එයාර්පෝට් එක වහන්න කීයා ආන්ඩුවට බැන්නේය….

ඒ පාර වැහුවේය…

ඊට පස්සේ එයාපොර්ට් එක වැහුවාට ආන්ඩුවට බැන්නේය…


රටවිරුවන් ගෙන්නා ගනින් යකෝ කියා ආන්ඩුවට බැන්නේය…

ඒ පාර ගේන්න පටන් ගත්තේය..

මේ කෝවිඩ් හැදිච්ච උන් ගෙන්න ගන්නේ ඇයි කියා ආන්ඩුවට බැන්නේය….


උන් ගේන එක නවත්තන්නේයි කියා ආන්ඩුවට බැන්නේය…

උන් ගේන එක තාවකාලිකව නැවැත්තුවේය…

ඒ පාර ආයෙත් උන් ගෙන්න ගන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය..


පාර්ලිමේන්තුව වහලා ඒකාධිපති ගමනක් යනවා කියා ආන්ඩුවට බැන්නේය..

චන්දයක් තියා අලුත්ම අලුත් පාර්ලිමේන්තුවක් පටන් ගත්තේය..

ඒ පාර පාර්ලිමේන්තුව ඇරලා තොපි හදන්නේ අපි මරන්නද යකෝ කියා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කළේය…


රට ලොක් ඩවුන් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ලොක් ඩවුන් කළේය..

ඒ පාර ලොක් ඩවුන් කරයින් පස්සෙ… කන්නේ අම්මාගේ කැවුත්තද යකෝ කියා ඉතාමත් කැත විදියට ආන්ඩුවට බැන්නේය…


කන්න සල්ලි නෑ යකෝ කියා ආන්ඩුවට බැන්නේය

10,000 ක්ම දුන්නේය

10,000 දෙන්න සල්ලි අච්චු ගහලා රටේ ආර්ථිකය කෑවා කියා ආන්ඩුවට බැන්නේය…


ටෙස්ට් කරන්නේ නෑ කියා ආන්ඩුවට බැන්නේය

ටෙස්ට් කරන්න පටන් ගත්තේය..

ටෙස්ට් කරන කොට ලෙඩුන් ප්‍රමානේ වැඩි වෙනවා යකෝ කියා ඒ පාර ආන්ඩුවට බැන්නේය…


දානවා ගන්නවා… දානවා ගන්නවා… කිසි ආතල් එකක් නෑ කීවේය..

ඒ පාර දාලාම දැම්මේය… එලියට ගන්න බෑ කීවේය..

දැන් එලියට ගනින් යකෝ කියලා කෑ ගහනවාය…


දැන් රටේ තිබෙනා දැවෙනාම ප්‍රශ්ණය භූමදානයද ආදාහනයද කියනා එකය…


මම නම් කියන්නේ රටේ ජනතාව බුද්ධිමත් කියා මැතිවරණ කාලවලදි හැම පක්ෂයෙම චන්දය හිඟා කන උන් ඉතරක් නොව මැතිවරණ කොමසාරිස් උන්නැහේ පවා කියනා නිසා…

(මගේ පෞද්ගලික මතය නම් භූමදානය කිරීමෙන් හානියක් නොවන්නේ නම් ඊටත් ඉඩ දිය යුතු බවය…

මන්ද ලෝකයේ බොහෝ රටවල එය සිඳුවනා බව අප දැන් දන්නා නිසාමය…)


කොවිඩ් මරණ… අවසන් කටයුතු කර ගැනීම සඳහා පවුලේ ඥාතීන්ට බාර දීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් ලෙස කවුරුත් පිලිගනී කියලාය…

කරුමේ වෙලා තියෙන්නේ මේක ආන්ඩුවෙන් නොමිළේම ඉතා සෞඛ්‍යාරක්ෂිතව කරනා එකය…

ඒ නිසා… නම සඳහන් කලහොත් සමාජ මාධ්‍ය ජාලා තුල වාරණයට ලක්වන ජන කොඨ්ඨාශයක් මෙන්ම මිනීපෙට්ටි කාරයෝත් බය වෙලා තියෙනවාය…

උන්ට දෙනවානම් පාංශුකූලේ දෙන්න අපේ ඒවා අපිටත් දියන් කියා තා කොටසක් කෑ ගහනවාය….

ඇසට කඳුළු උනන වේදනාත්මක කාරනය නම් මේ දැවෙනා ප්‍රශ්ණය හේතුකොටගෙන…, ලිබරල් ජාතිකවාදින් පවා අමු ජාතිවාදින් වීම ජිනීවා සමුළුවේදි උනත් අපි චොර වෙලාම යන තත්වයක් පවතිනා එකය…

ඔය මරණ උන්ටම කරගන්න කියා දුන්නාම වෙන්නේ එකෙක්වත් ඕක බාර නොගන්නා එකය…

මිනීය කෙසේ වෙතත් කොළඹින් එකෙක් ගමේ ආවාම…, ප්‍රේම කරන අසල්වාසීන් විසින්…, 119ට කෝල් සාගරයක් දෙන රටේ…, මිනීයක් ගෙනාවම වෙන වැඩේ ඊළඟට බලා ගන්නට අපට හැකි වෙනවාය…

ඔය බයිලා ගැහුවාට…., මොන ආගමකවත් එක පූජකයෙක්කත් ආගමික කටයුතුවලට එන්නේ නැතිය…

අඩේ අයියා ෂ්වර්කෙට යන්න යින්න යොක්කොම ඉන්න පොට් එකේ… කොවිඩ් මර්ඩර් දැම්මාම ෂ්වර්කෙටත් කොරෝනා යෙක යනවා නේ අයියා කියා…, අර කෂ්ටිය උනත් තනකොල කැපීම සඳහා පල්ලියේ ආරක්ෂා සහිතව තියෙන චීනයෙන් ගෙනා දිග කඩු වගේ ඒවා අරගෙන ඩාන්ස් එකත් දාන්නත් ඉඩ තියෙනවාය…

ගෙවල් වලට ගෙනිච්චොත්… අහල පහළ උන්.., ගල් ගහලා.., වෙඩි තියලා…, තව දෙන්නෙක් තුන් දෙනෙක් කොවිඩ් මරණ ලැයිස්තුවට එකතු වෙනවාය…

මල් ශාලා කාරයූත් පැත්ත පලාතේ එන්නේ නැතිය… උන්ගේ අවමංගල උස්සව ශාලා දෙන්නේත් නැතිය…

කරුමේ කියන්නේ …. මුන් ඔක්කෝම මේ කෑ ගහන්නේ ආන්ඩුවෙන් මේක නොමිළේ කරනා නිසාය…

ඒ නිසා දැන් කරන්න තියෙනේ… මිනී අරගෙන කරන මඟුලක් කර ගනින් කියා මිනීය පවුලේ උන්ට දෙන එකය…

ඊට පස්සේ හැම එකාම…, ආන්ඩුව අපි මරන්න හදනවා කියා කෑ ගහනවාය…

ඒ මේ රටේ ජනතාවගේ හැටිය…


ඒ වගත් මෙසේය…


Nov 9, 2020

කමලා හැරිස් වෙත ආදරෙන්….


 

සෙත් වේවා…!!!



හිතවත් කමලා අක්කා වෙත,

සුපුරුදු පරිදි ඔබේ සැප දුක කෙසේදැයි අහනා එක හරි නැතිය. අක්කා ඉන්නේ ෆුල් ආතල් එකේ බව මම දන්නවාය.

අක්කාගේ ඉස්පීච් එකෙන් ඒ බව අපි දෑසින්ම දැක ගත්තෝය. ඉතින් රිපලයි ලෙටර් එකේ මගේ සැප දුක අහන්නත් එපාය. මොකෝ අපිත් ඉන්නේ එසේය.

අක්කා එලෙව්වේ එක පිස්සෙකි. අපි පිස්සන් දෙන්නෙක්ම එලවලා දමා පුන් ෆන් එකේ සිටින්නෝය.

එකෙක්ට නම් ඇපෙත් කැන්සල් උනේය. කරුමේ කියන්නේ.. අක්කලාගේ මෙහේ බ්‍රාන්ච් ලීඩර් එයා වෙච්චි එකය. ඒ නිසා දැන් එයාලාගේ ගෝලයෝත් ඉන්නේ නන්න පෝල් වෙලාය. ඒ වෙනුවට අපි ඇමරිකන් කිරි ටොයියෙක් පත් කර ගත්තේය.

අක්කාට කියන්න අක්කේ.. අක්කා මෙහේ ආවොත් හෙම අක්කලාගේ සිහිණ ටොයියෝ මොකාද, ගං කඹරයෝ මක්කුන්ද කියා හඳුනා ගන්න බැරිව අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තියෙනවාය.

බුදුන් රස්තියාදුවේ ඇරිය සිහිණ ටොයියෝ දැන් හැම පෝයටම බණ අහනවාය. උන් වෙනදාට පෝයදාටත් කරේ බන තලනා එකය. දැන් උන් අමු ජාතිවාදියෝ වෙලාය. නම සඳහන් කලොත් ස්කර්බර්ග් කාරයා විසින් බ්ලොක් කරන අයගේ මළ මිණී පොලොවේ තැන්පත් කරනවාට දැන් එයාලා පොලොවේ පස් කනවාය.

ගං කඹර බයියෝ දැන් කිරි ටොයියෝ වෙලාය… ඊයේ පෙරේදා අක්කලාගේ යාලුවෙක් වෙච්චි පොම්පියෝ අයියා ආපු වෙලාවේ ලැජ්ජාවටද කොහෙද එයාලා ඇඳන් යටට වෙලා උන්නේ බයට නම් නෙමේය.

දැන් MCC නොව අක්කලා කියනා ඕනා දෙයක් එක පයින් සයින් කොරන්න එයාලා රෙඩිය. රට මැදින් නොව හරහට ගියත් එයාලාගේ කිසිම පරහක් නැත්තේය.

අක්කලා ආපු එකට වැඩියෙන් සතුටු වෙන්නේ සිහිණ ටොයියෝය. මොකෝ නාකින්ට රටවල් කරන්න බෑ කිව්වේත් උන් නිසාය. ඒ නිසා අක්කාට පුලුවන් නම් ඔය නාකියා මහළු මඩමකට දමා අක්කා ගේම ගෙනියනවා නම් ඒක එයාලාගේ ඉහලම සන්තෝසයය.

එයාලා දැන් අක්කා අපේ නෑයෙක්ය කියා මෙහේ ඉන්නා DNA විසෙසග්නයෝ විසින් සොයාගෙන තියෙනවාය. අක්කලාගේ කාට හරි හත්මුතු පරම්පරාවෙම DNA හොයා ගන්න ඕනෑ නම්.., මෙහේ ඒකට සුපිරි බඩු ඉන්නවාය.

අක්කාගේ ඔපීස් එකේ ලොකු නෝනාත් මෙහේ කෙනෙක් කියා එයාලා ආඩම්බරයෙන් ඉන්නවාය. ඉතින් එයා හරි.., සුමතිරන් එක්ක ඇපයාර් එකක් පටන් ගනියි කියා මෙයාලා විශාල බලාපොරොත්තුවකින් ඉන්නවාය.

සමහර විට ගෞතම සිද්ධාර්තත් මෙහේ කෙනෙක් නිසා.., ඒ කතා ඇත්තම වෙන්නත් ඇතිය. ඒ කෙසේ වෙතත් දැන් එයාලාගේ එකම සිහිණය අක්කාය කියා.. පත්තර කත්තුරු කෙනෙක් වන කේ සංජිව මහතා පේස් බුක් සටහනකුත් දමා තිබෙනවා අක්කා සමාර විට දකින්නත් ඇතිය.

එයාලා හිතාගෙන ඉන්නේ අක්කා ජනවාරි වල ඔපීස් එකට ආපු ගමන් මෙහේ ඉන්න ඇමරිකන් කාරයා එලවා දමා.., අක්කලා මෙහේ ඇවිත් පදිංචි වෙයි කියලාය.

හැබයි ඉතින් අක්කා අපේ ඇමරිකන් කාරයා එක්ක එකතු වෙලා අරවා මේවා සයින් කරලා ගං කඹරයෝ එක්ක ඩාන්ස් කරන්න ගියොත් අරුන්ගේ සිහිණේ බොඳවෙනවාය.

ඒ නිසා ඒ සිහිණය කුඩු කරන්නේ නැතිව ඇමරිකන් ෆෝසස් මෙහේට එවා සිහිණ ටොයියන් පමණක් ඉතිරි කර.., ඉරාකෙට ඇපගනිස්ථානෙට දුන්නා වගේ ගේමක් දෙන්න පුලුවන් නම් ඒක එයාලාගේ ඉහළම තන්තෝසයය.

හැබයි ඉතින් වැඩේ ලේසි වෙන්නේ නැත්තේ ගං කඹරයා මොකාද.., සිහිණ ටොයියා මොකාද කියා අයිඩෙන්ටිපයි කිරීමය.

ඇත්තම කියනවා නම් අක්කේ මෙහේ ඔක්කෝම ජීවත් වෙන්නේත් ඇමරිකන් ඩ්‍රීම් එකේය.

ඔය බයියෝ උනත් අක්කලා එක්ක මලෙන් ඉන්නේ අක්කලා එනවා එනවා කීවාට එන්නේ නැති නිසාය. ඒ නිසා එයාලාගේ ළමයි ටික ඔහේට එවන්නේ තොපි හරි එහේ ගිහින් අපිවත් ගනින් කියලාය.

අක්කා මේ කතාව අහලා පුදුම වෙන්නත් පුලුවන්ය. අක්කාට කියන්න මෙහේ ඉන්න මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, පිදෙල් කැස්සෝ, චේ ගුවේරා, මා ඕ සේතන් අයියලාගේ ළමයි ඉන්නේත් ඔහේය.

අක්කා MCC අස්සන් කරන්න හරි පොඩි සත්තමක් දාලා යන්න හරි මෙහේ ආවොත්.., අපේ ගෙවල් පැත්තේත් ඇවිල්ලා යන්නෙයි කියා ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඒ එන කොට මක්කා නැතත් මට ඇමරිකන් පාස්පෝට් එකක් ගෙනවා නම් ඒ හොඳටෝම ඇතිය.

මේ දවස්වල එනවා නම් කොවිඩ් ටෙස්ට් අරවා මේවා කරන්න වද වෙන්න ඕනා නැතිය. ඒ සැටිපකටුත් ඕනා නැතිය. සිහිණ ටොයියෝ ඒවා ඉල්ලන්නේ චීනාගෙන ඉතරමය. ඇමරිකාවේ ඔක්කෝම කෝවිඩ් වලින් මලත් අපේ උන්ට අක්කලා විශ්වාසය…

ඉතින් අක්කේ මේ අවුරුදු හතරේ ඔය වයස 77 නාකි බයිඩන් සීයාට නාගන්න දී 2024 අක්කා ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස පත්වේවා කියා මම මගේ උන්ඩුකපුච්ඡයෙන්ම ප්‍රාර්ථනා කරනවාය.

ඒ සිස්ටම් ගැන අක්කාට අවබෝධයක් නැත්නම්. ඒ පිලිබඳ පොපෙසර්ලා මෙහේ ඉන්නා නිසා.., අක්කා මෙහේ ආවාම මට සෙට් කරලා දෙන්න පුලුවන්ය…

එහෙනම් අක්කේ අක්කාටත් බයිඩන් සීයාටත් සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබී..

ඇමරිකාවේ සියළු දෝෂ භංග දුරින් දුරු වේවා කියා ආදරයෙන් පතන්නේ…


ආදරණීය මල්ලී,


ප්‍රියන්ත හේවගේ මාතලන්…


පසුව ලියමි – හදිසියේ හරි ට්‍රම්පට් කාරයා යන්න බෑ කිව්වොත් මට ටාර් ගා කෝල් එකක් දෙන්නය. මම අපේ ඒලියන්ත උන්නැහේට කියා කුන්ඩලණී කළයක් මතුරා අක්කාට DHL හරහා එවන්නන්ය. අක්කාට තියෙන්නේ උදෑසනම නා පිරිසිඳු වී ගොස් නයගරා දිය ඇල්ලට කුන්ඩලණි මුට්ටිය දමා මැදමුලන පැත්තට හැරි වඳිනා එකය. ට්‍රම්පට් අයියා මැලනියාත් දමා දුවන්නේ පස්ස නොබලාය..



Nov 8, 2020

වැඩ බැරි ටාසන්ලාගේ මීඩියා ආතල්


 

මංගලගේ මඩ බලකාය ගේමට බැහැලා හානවාය. ආන්ඩුව පැත්තෙන් උන්ට පිළිතුරු දීමට පිරිසක් නොමැති වීම ඉතාම කනගාටු ජනකය. ඝෝඨා පාලනයෙන් ආන්ඩුවේ තනතුරු අරගත් උන්ගෙන් ආන්ඩුව වෙනුවෙන් යමක් ලියන්නේ මහින්ද පතිරණ හා කැළුම් ජයසුමන විතරක්මය. අනික් උන්... "කාරිය කෙරෙන් තුරු කාගෙත් රැවටිල්ල.." කියනා දේ අපූරුවට ඔප්පු කරමින් සිටින්නේය.. 

අපේ එකම පැතුම, ජනතාවට බිල්ලෙක් මවා දී 2015 දි බලය ලබාගෙන රට කෑ ගූ හොරුන්ට නැවත කිසි දිනෙක බලය නොලැබේවා යන්නය. උන් කල කිසිවක්ම නැති උනාට.., විදෙස් ණය ප්‍රමාණය පමණක් දෙගුණයක් කර, රට ආර්ථික, සමාජීය හා ආරක්ෂක යන සෑම අංශයකින්ම වල පල්ලටම ගෙන ගියේය. 

බලය නොමැතිව නන්න පෝල් වී ඉන්නා මොවුන්ගේ නියමුවා වී ඇත්තේ මංගලගේ මාධ්‍ය මඩ බලකායයි. දැන් උන්ගේ පිලට එක්ව ඇති අලුත්ම දෙදෙනා වන්නේ ලන්ඩන් සේනාධීර හා මහින්ද විනාශ කල ගොන් හඩ්ඩාය. 

මාධ්‍ය න්‍යායාචාර්යවරයා කුප්‍රකට චරිතය විය හැකි අතර, නායකයා වී ඇත්තේද තවත් ලන්ඩනයේ සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙක්ය. මෑතකදි සජිත් ප්‍රෙමදාස "පෑඩ් මෑන්" උනේ, තමන්ගේ උපදෙස් මත බව උන්නැහේ පිලිගත්තේය. මෙ සියල්ලෝම නොම්මර එකේ ඇන් ජී ඕ කප්පිත්තන්ය. 

ඊට අමතරව තමන්ට ඕනෑ ලෙස පිස්සු නැටීමට බැරි වී මොලේ කොලොප්පම් වී සිටිනා චීවරධාරීන් පිරිසක්ද මොවුන්ට උඩ ගෙඩි දෙමින්.., නිව්ස් සපයමින්..., පට්ට ආතල් එකක් දෙන බවත් පේන්නට තියෙනවාය. බොහෝ විට ඇන් ජී ඕ මුදල් පන්සල්වලට වැඩියා වෙන්නත් ඇහැකිය.. මොකෝ මෙයාලාට රටට හා නිවනට වඩා ඩොලර් ඇන්ඩ් රුපීස් වටිනා නිසාමය. 

රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් විනාශ කළ "රනිල්ට බෑ" යන සංකල්පය මෙන් "ඝෝඨාට බෑ" යන සංකල්පය සමාජ ගත කිරීමට මංගලගේ මඩ මාධ්‍ය බලකාය මේ වන විට එලිපිටිම වඩට බැස අවසානය.

ඒ පිළිබඳ ලියැවෙන ලිපි දැන් දිනපතාම වාගේ ඔවුන්ගේ වෙබ් පඩංගුවල මෙන්ම බුකියේද සැරිසරන්නේය. බලය නොමැතිව පිස්සු වැටි ඉන්නා මේ සෙට්ටේකේ විශේෂත්වයක්ද තිබෙන්නේය. ඒ මෙලෝ රහක් නැති සජිත් ප්‍රේමදාසට බැක් කිරීම නවතා ඇති බවය. ඉදිරියට ගෙනෙන්නේ මංගලය. 

ඒ පිළිබඳ පස්ස පැත්තෙන් හිනා යන ළිපියක් මෑතක ඔවුන්ගේ මඩ වෙබ් අඩවියක තිබුනේය. ළිපියේ තවත් අරමුනක් වන්නේ මහින්ද හා ඝෝඨා කෙටවීමය. එය දැන් සිහිණ ටොයියන්ගේ මංගල සූත්‍රය වී අවසානය. එමගින් ඔවුන් ඝෝඨාට උපදෙස් දෙන අතරේ ආන්ඩුවට බැරි නිසා එකතු කර ගත යුතු පිරිසක් ගැනද සඳහන් වේ... 

මුන් සියල්ලෝම පසුගිය වසර පහක කාළය තුල මේ රට විනාශ කර දැමු කාළකන්නි දෙශපාලුවෝය. මුන් රට පාලනයට නොව ප්‍රාදේශීය සභාවකට තබා සමූපාකාරයකටවත් බඳවා ගත යුතු නැති අමු කාළකන්නින්ය..

පහත පලවන්නේ එසේ එක් කර ගත යුතු යැයි සඳහන් කල පිරිස හා මාතලන් විසින් ඔවුන් වෙනුවෙන් දෙනු ලබන චරිත සහතිකයන්ය... 

// කතා කරන්න, රනිල් ට. රනිල්ගේ විදේශ සම්බන්ධතා පාවිච්චි කරන්න. පිටරටවලින් උදව්ගන්න ඊට වඩා සුදුස්සෙක් ලංකාවෙ නෑ. කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.//

- මුන්නැහේට ඇති විදේශ සබඳතා අපි පසුගිය වසර පහේ දෑසින්ම දැනගත්තෙමු. අන්තිමේ පඹයෙක් වූ සිරිසේන ළඟත් බල්ලා මාක් උනේය. කන පැලෙන්න අහගන්න අර අහිංසක මෛත්‍රී නෝනාත් එක්කාගෙන ඇවිත් තිබ්බේය. ඒ නෝනා දමා හෝ බේරෙන්නටය. කෙල වූ පසු සුවිස් එම්බසිය හරහා ගානියා බැරිස්ටර් නාට්ටියක් කරන්නට ගොස් ඒ එම්බසියත් බල්ලා මාක්ම කලේය. කැළණියේ බැරි නිසා කුරුඳුවත්තට ආවේය. අන්තීමේදි ගමත් කා රටත් කා පක්ෂයක් නැත්තටම නැති කරලා දැම්මේය.... ජනතාව එයා බලෙන්ම විශ්‍රාම යැව්වේය.. -

// කතාකරන්න, අනුර දිසානායකට. කෘෂි ආර්ථිකය පණ පොවල වැව් ටික පෝෂනය කරල මිනිස්සුන්ගෙ බඩ වියත සරිකරන වැඩේ බාරදෙන්න.//

- මුන්නැහේලා ගැන ලියන යුනිකෝඩ් පවා ජාතික අපරාධයක්ය. අවුරුදු 72 ක් ගැන කියව කියවා ගියාට අවුරුදු 60 ක් තිස්සේ අරගෙන තියෙන්නේ ආසන දෙකක් පමණය. ඒකත් ජේ ආර්ගේ සමානුපාතිකේට පින් අත් වන්නටය. ඇමති කමක් අරගෙන කරේ මක්කාද ඇහුවාම කියන්නේ.., අමාත්‍යශයට බස් දෙකක් ගත්තාය කියලාය. තා එකෙක් සීගිරියට ගඩොල් ඇද්දේය. පක්ෂයට කඩේ යන මී හරක් අමුඩ ගස්සවා කොළඹට ගෙන එනවා හැර මේ වන තෙක් ප්‍රාදේශීය සභාවක් හෝ සමූහ ගොවිපොලක්වත් නැති අපතයෝය. ඊළඟ වතාවේ තුන් බේරා ගත්තත් ලොකු දෙයක්ය.. -

// කතාකරන්න, පාඨලීට. බොරතෙල් මිලත් එක්ක ලැබන වාසිය අරගෙන බලශක්ති වැඩපිළිවෙලක් හදල ජීවන බර අඩුකරන සටනට උදව්ගන්න. //

- තෙල් මිළ කෙසේ වෙතත්, පැනමාවල බොරතෙල් එකවුන්ට් එකක් නම් ඕපන් වෙන එක කාටවත් වලක්වන්නට බැරිය. එජාපයට රිංගුවේ එතන බලය අල්ලා අනාගත ජනපති වෙන්නටය. දැන් සජියාට ඇර ඒ පක්ෂයේ බලය අල්ලන්නේ කෙසේද කියා ගේම් ගහනවාය. ආන්ඩු කීපයකම ඇමතිකම් කරාට කරපු එක ලබ්බක්කත් නැතිය. පාරේ ඉරක් ඇඳ කෝටි ගානක් සාක්කුවේ දාගත් බවක් නම් හැමෝම දන්නවාය. උස හින්දා මැදමුලන වත්තේ පොල් කඩන්න ගත්තාට අපේ අමනාපයක් නැත්තෙය...-

// කතාකරන්න,  මංගලට. ආර්ථික විශේෂඥයෙක් නොවුනට බන්දුලට වඩා හොඳට පාලනය කරනවා ෂුවර්. බාරදෙන්න ආර්ථික මුදල් පැත්ත.//

- මුන්නැහේ ලිස්ට් එකේ මුලට එන්න ඕන කෙනා උනාට..., කට්ට කමට රිංගවලා තියෙන්නේ මැද්දේය. කොටින්ට රට ලියා දෙන්න උපදෙස් ගන්න නම් මරු බඩුවය. කරපු මෙලෝ දෙයක් ඇත්තේ නැතිය. එකම් ප්ලස් මාක් එක ලිබරල් පොරක් වීම පමණි. අපේ රටේ බලය අල්ලනවාට වඩා ස්විස්ටරලන්තයේ හෝ නොර්වේ වැනි රටක බලය ලබා ගැනීමට උත්සාහ කලා නම් බොහෝම වටිනවාය. ඝෝඨා හැදීම කෙසේ වෙතත්, චන්ද්‍රිකා හා රනිල් නැත්තටම නති කලා සේ..., ඝෝඨාත් දේශපාලන වශයෙන් නැති වෙන්නට ආසම නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය. පෙර වාසනාවකට මහින්ද මහත්තයා සතා කලින්ම හඳුනා ගත්තේය..-

// කතා කරන්න, කරු ජයසූරියට. ඔහුගෙන් ලොකු වැඩක් ගන්න. ලඟින්ම තියාගන්න. //

- මුලින්ම රනිල්ට අරින්න ගිහින් නෝන්ඩි වෙලා කැපිලා ගියේය. ඒ පාර මහින්දගෙන් කන හරහා කා ආයෙත් එජාපයට ආවේය. සජිත්ගේ ගුලි කා ආයේ පක්ෂයේ නායකයා වෙන්න ගියත්, කතා නායක කමෙන් සැනසෙන්න උනේය. හැබයි රනිල් පවා ගොනාට අන්දා 19 යටතේ පොඩි පවර් එකක් ලබා ගත්තේය. කරපු ලබ්බක් නැත්තේමය. හඬ පමණය... වැඩ නැතිය... උන්නැහේ නොව උන්නැහේගේ බෑණාටත් ඇපත් නැතිය.. නැකත් පතිය... -

// කතා කරන්න, සුමන්තිරන්ට. නීතියත් භෞතික විද්‍යාවත් දෙකම දන්න ඔහු ලවා විදෙස් ගතව ඉන්න දමිළ බුද්ධිමතුන්ගෙ දැනුම අත්දැකීම් රටට එකතු කර ගන්න. මං දන්න විදිහට විදෙස්ගතව ලංකාවෙ දමිළ ස්කොලර්ස්ලා දහ දාහකට වැඩිය ඉන්නවා.  //

- මේ එන්නේ දෙමළ ඩයස්පෝරාවේ හඬය. ඔය බලවේගයට දෙමළ ඩයස්පෝරාවේ ඇති සහ සම්බන්ධතාවය මේ යෝජනාවෙන් අපූරුවට දිස් වන්නේය. 

කොටි සංවිධානයේ ටයි එක දමා ගත් නායකයාය. සයිනයිට් එක වෙනුවට තියෙන්නේ ටයි පොල්ලය. ඒකෙන් සිංහළ මී හරක් පිරිසක් කොන්ට්‍රෝල් කරගෙන සිටි. 19 ගෙනත් රට කෑ නොම්මර එකේ මූසලයෙක්ය. වෙන රටක නම් රටෙනුත් පිටිවහල් කරලාය. නැත්නම් ජයම්ප්පතියා වාගේ රටෙන් පිටිවහල් වෙලාය. එයා පාර්ලිමේන්තුවේ නීතිය කතා කරන්නට ගොස් මෑතකදි අලී සබ්‍රී විසින් කලිසමද ගලවාගෙන වාඩි වෙලා බල්ලා මාක් උනේය. කිසි අවුලක් නැතිව රට කොටින්ට දෙන්න ඝෝඨා මහතාට සිතෙනවා නම් ගත්තාට අපේ අවුලකුත් නැත්තේය..  - 


ඒ වගත් මෙසේය....


Nov 5, 2020

ඇඹුල්දෙණිය හංදියේ රෝල්ස් හා බන්දුලගේ හාල් ගැසට්


 කොරෝනා සමාජගත වී නැතයි කියන්නේ ලෝක සවුක්ක සන්ධානේ ඉස්ටෑන්ඩඩ් වලට අනුවෙයි කියලා මල පැනපු විසේග්න වයිජ්ජ වරයෙක් කිව්වාට, ගෙවල් අස්සේ මිය යන උන් වැටෙන්නේ මොන පොකුටරද කියා උන්නැහේ දන්නේත් නැතිය.

සමාර විට එහෙම කිව්වාම මෙච්චර කල් ගත්ත ක්‍රෙඩිට් එක නැතිවෙන නිසා එහෙම කියනවා ඇතිය. මොකෝ…, ලෝක සවුක්ක සන්ධානේ ඉස්ටෑන්ඩඩ් එකට අනුව සමාජගත වීම කියන්නේ ෆෝත් ඉස්ටෙප් එක හෙවත් අවසාන අවස්ථාව වීමය. මේ අවස්ථාවට රටක් පත් වූ විට වැඩේ ගොඩදැමීම ටිකක් අමාරුය.

ලොක් ඩවුන් නිසා ජනතාව මෙන්ම ආර්ථිකය අප්සෙට් යන නිසා විවෘත කරපු රටවල්.., ඇදගෙනම නාගෙන.., නැවතත් ලොක් ඩවුන් වලට යන්නේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත් මුලු බස්නාහිර පලාතම කවර් වන සේ…, 9 වනදා උදෑසන තෙක් දැමූ ඇඳිරි නීතිය කිසි ලෙසකින්වත් දීර්ඝ නොකරන බවට සවේන්ද්‍ර මහත්තයා අද උදේ…, අද ද රෙණ එකට ඇවිත් කීවේය.

මේ තීරණයට ජනාධිපතිතුමා එන්නේ…, ඇඹුල්දෙනිය හංදියට පින් සිද්ද වෙන්නය. අපේ ජනාධිපති තුමා රටේ රජ්ජුරුවෝ උනාට රජ ගෙදර පදිංචොයට ගියේ නැතිය. පැජට් පාරේ ගෙවල් හතරක් පහක් එක් කොට මාලිගාව හදන්න ගියේත් නැතිය. එතුමා තාමත් ඉන්නේ මිරිහානේ ගෙදරය.

2030 වන තෙක්ම එතුමා මිරිහානේ ගෙදර ඉන්නවා නම් අපි කැමතිය. හැකිනම් තා ටිකක් ඈතට යනවා නම් ඒකත් වඩා හොඳය. මොකෝ…, මැදමුලනේ ඉඳන් ආවත්, අරලිය ගහ මන්දිරේ උන්න මහින්ද මහත්තයා හිතුවේ රටේ දරුවෝ ඔක්කෝම ජීවත් වන්නේ නාමල්ලා වගේ කියලාය.

ඒ නිසා උන්නැහේ චිචීගේ බල්ලන්ගේ කෑම මිළ බජට් එකෙන්ම අඩු කලාට, ජනතාවගේ බඩට දිගට හරහට කෙලියේය. අවසානයේ මල පැනපු ජනතාව දුටුගැමුණු සජ්ජුරුවෝ මැදමුලනටම එලවා දැමුවේය.

ඒ අනුව බැලුවාම එතුමා මිරිහානේ සිටීම රටේ වාසනාවක්ය. මන්ද මිරිහාන තියෙන්නේ කොළඹ හතේ නොවනා නිසාය.

ඇඳිරි නීතිය දැම්මායින් පස්සේ ඇඹුල්දෙනිය හංදියේ, තමන්ගේ ගෙදර රෝල්ස් විකුණපු නෝනාත්, චූන් පාන කාරයාත් (ගරු චූන් පාන් මැතිතුමා), සිල්ලර කඩ කාරයෝ දෙදෙනාත් පෙන්න නැති නිසා.., එතුමාගේ හදවත උණු උනේය. මේ මිනිස්සු ජීවත් වෙන්නේ කෙසේද කියනා ප්‍රශ්ණය එතුමාට ආවේය. දවසක් දෙකක් වැහුවත් ඒක විශාල පාඩුවක් බව එතුමාට අවබෝධ උනේය.

කරුමය කියන්නේ මේ රටේ ඉන්නා එකෙක්ටවත් ඕවා මේ වෙනකන් වැටහුනේ නැති එකය. උන් ඉන්නේ ජනතාවට කෙලින්නය. හැම එකාම එන්නේ පොලිස් පාට් දාගෙනය. උන්ට ජනතාව කෑවාද බීවාද කියනා එක අදාල නැතිය. උන්ට ඕනෑ උන්ගේ පවර් එක පෙන්නන්නටය.

අපේ රටේ එදිනෙදා කීයක් හරි හම්බ කරගෙන කන පිරිස අති විශාලය. විශේෂයෙන් නාගරික ප්‍රජාව අතර මේ පිරිස ඉතා විශාලය. අපේ රට වගේ දුප්පත් රටකට මේ පිරිසත් නඩත්තු කරන්න බැරිය. ලෝකයේ දියුණු රටවල් කරන ඒවා අපේ රටේ කරන්න බැරිය. අපි තීන්දූ තීරණ ගත යුත්තේ අපේ රටට ගැලපෙන ලෙසය.

මාතලන් නම් මාර්තු මාසයේ ලොක් ඩවුන් කිරීමටත් පෙර සිටම කීවේ රට විවෘතව තබාගෙන.., දරුණු නීතී රීතී හා අධීක්ෂණය යටතේ සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා යුතු බවය.

එසේ කළ යුත්තේ මේ රටේ ජනතාවගෙන් අති බහුතරය මී හරකුන් නිසාය. පසුගිය මාස දෙක තුල ෆේස් මාස්ක් එක තිබුනේ බෙල්ලේය. මීටරය සෙන්ටි මීටර් උනේය. හැන්ඩ් වොෂ් විහිළුවක් උනේය.

රජය විසින් මෙය අධීක්ෂණය කිරීම කළ නොහැක්කක් නොවේ. එය ඉතා පහසුවෙන් කිරීමට ඕනෑ තරම් පිරිස් ආන්ඩුව සතුය. ආන්ඩුවේ පින් පඩි කන්නෝ අනන්තවත් සිටී. මෑතකත් ආන්ඩුවට 160,000 ක්ම බඳවා ගැනීමත් ආරම්බ කොට ඇත්තේය. සම හරක්ට උපාධි තිබ්බාට කරන්න වැඩක් නැතිය. අයිස් පප්පලාය.

හොඳම උදාහරණය අවුරුද්දක් ගිහිල්ලාත් හාල් මිළ පාලනය කර ගන්නට ආන්ඩුවට බැරිවීමය. නෝන්ඩි වෙන්නේ වෙන කවුරුන්වත් නොව ජනාධිපති තුමාය. පෙරදී නම් පොඩි ඇක්ස්කියුස් එකක් තිබ්බත්, 20 සම්මත කර ගත්තායින් පස්සේ සියළු බලතල මෙන්ම වගකීම්ද තියෙන්නේ එතුමා අතය.

එවා කරන්න බැරි ඇමතිවරු එලවා දමා අලුත් එකෙක් පත් කිරීමට දැන් බලතල ඕනෑවටත් වඩා තියෙනවාය. එයාලාගේ හිත් රිදෙයි කියා තීන්දූ තීරණ ගන්නේ නැතිව ඉන්නවා නම්, අනාගතයේ ජනතාව ගන්නා තීන්දූ තීරණ අති භයානක විය හැක.

අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු හාල් මාෆියාවේ දෙන්නා තුන්දෙනා ආන්ඩුවට සම්බන්ධ යැයි කියා උන්ගේ පැත්තේ හිටගෙන උන් රකිනවාද? එසේ නැත්නම් අඩුම තරමේ තමන්ට චන්දය දුන් ලක්ෂ 69 ක් වෙනුවෙන් පිනී සිටිනවාද යන්න වහාම තීරණය කළ යුතුය.

මන්ද මේ ගැසට් ගැහිල්ල දැන් එකම විහිළුවක් වී තියෙනා නිසාය. කඩේ උන් කියන්නේ ඒ කියන මිළට හාල් ගැසට් ගහන උන්ගෙන ඉල්ලා ගනින් කියලාය.

කොහොමත් බන්ධුල ගුණවර්ධන කියන්නේ, එදා මෙද තුර බාරදුන් සියළුම අමාත්‍ය ධූරයන්හි පට්ටම ෆේල් චරිතයක්ය.

උන්නැහේගේ ආර්ථික තියරි පොත්වලදි ඇත්ත වූවාට, මහපොලොවේ එවා පට්ට ජෝක්ස්ය. එයාගේ තියරිය අනුව නම් නිශ්පාදනය වැඩි උනාම මිළ අඩු විය යුතු උනත්, දැන් වෙන්නේ නිශ්පාදනය වැඩි වෙන තරමට මිළද වැඩි වීමය. එමෙන්ම මාෆියාව තවත් පොහොසත් වීමය.

යහපාලන ආන්ඩුවට කෙලියේ මෛත්‍රිපාල සිරිසේනය.

මේ ආන්ඩුවට කෙලින්නේ ඩඩ්ලි සිරිසේනය.


ඒ වගත් මෙසේය…



නීතිය ඇඳිරියේ ටික ටික නිම ……......………වේවා

කෝවිඩ් යකා ගෙන් මුළු රට දුරු……………. වේවා

මිනිසුන් විඳින දුක මැතිදා නෙත යොමු …..…..වේවා

ඇඹුල් දෙනිය හංදිය මතු බුදු ………......……..වේවා


– කාව්ය සිරෝමනී මාතලන් –


Nov 3, 2020

පැන් කළ, කිරි කළ හා ගොන් මොළ




කුන්ඩලනී යෝගයෙන් ජීවම් කරන ලද හෝ මක්කා හෝ කරනා ලද කල ගෙඩි වගයක්…. (ඇතුලේ තිබුනේ මක්කාද කියා දන්නේ කුන්ඩළණි යෝගය ඇති එකා පමණක්ම විය හැක.. එය සාමාන්‍ය සිරිතයි..) ගංඟාවලට දැමූ පසු සියල්ලෝම පවිත්‍රා දේවිය බයිට් එකට අරගෙන මාර ඒතියස්ට්ලා හෙවත් නිරාලා වෙලා තියෙනවාය.


ඒ අස්සේ ක්‍රිස්තු පූර්ව සියවස් ගනනකට පෙර කළ ග්‍රීසියේ දාර්ශණිකයින් ඇඳි ලෝඟුවක් පඬු පැහැහෙන් සරසා ශ්‍රී ශරීරය පුරා දරාගෙන අඳින මහා ලෝකල් දාර්ශණකයින්ද සිටීම මාරම ලොල් සහගතය. එයාලා මිත්‍යාව පස්සේ යන්නේ එපාය කියා අනුසාසනා කරනවාය. ඒත් එයාලා යන්නේත් මිත්‍යාවක් පස්සේ කියා එයාලා දන්නේ නැතිය.


ඇත්ත වශයෙන්ම එයාලා බය වෙන එක සාධාරණය. මන්ද එයාලා ජීවත් වෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් හා උපාසක උපාසිකාවන්ගෙන් නිසාය… එහෙම මිත්‍යාව අදහන්න එපා කියනා අයගේ බිස්නස් සෙන්ටර්ස් වල හින්දු ආගමේ දෙවියනුත් ඉන්නවාය. වැඩිම ඉන්කම් එන්නේ ඒවායෙන්ය.


ඒලියන්තලා වැඩ්ඩෝ උනාම අරගොල්ලා රාජපක්ෂලාගෙන් කැපෙනවාය. එහෙම කැපිච්ච පනුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් මේ දවස්වල ආටානාටියත් නටනවාය.


ඈත අතීතේ පටන් උත්තරයක් නැති ප්‍රශ්ණවලට මිනිසා විසඳුම් සොයන්නේ මිත්‍යාවෙන්ය.


ඒ නිසා දෙවියන් වහන්සේ මවන්නේද මිනිසාමය. සාතන් මවන්නේත් මිනිසාමය. නිවනද, මෝක්ෂයද, දිවිය ලෝකයද, අපායද එසේමය.


විද්‍යාවද මිත්‍යාවක්ය කියා කෙනෙක් කීවොත් ඊට කිසිසේත් විරුද්ධ විය නොහැකිය. මන්ද විද්‍යාවද අප්ඩේට් වන නිසාමය. පරම සත්‍යය කියා කිව හැකි කිසිවක් මේ විශ්වයේ ඇත්තේ නැතිය.


විද්‍යාව මෙන්ම මිත්‍යාවද රඳා පවතින්නේ බලය මතය. එහෙත් බලය ලබා ගැන්ම සඳහා සියල්ලෝම වාගේ යන්නේ මිත්‍යාව පස්සේය. විශේෂයෙන් නොදියුණු රාජ්‍යයන්වල තත්වය එසේමය.


ලංකාවේ තත්වය කෙසේද කියනවා නම්, දේශපාලකයින්ට පමණක් නොව ආගමික නායකයින්ටද ඉස්ටේජ් එකක් සහිතව ඉස්ටේජ් දෙකක්ම තියෙනවාය.


තා ටික කලකින් කතරගම, විශ්ණු, නාථ, ඝණ මෙන්ම කාළි හා පත්තිනි මෑණියෝත් ඔය අතරේ ඉදිරිපෙලින්ම ඉඳගෙන උන්නත් අප කළබල විය යුතුව නැත්තේය. හැබයි රාවණා දාන්න වෙන්නේ පස්සේ පේලියේය.


ආගමික පූජකයින්, තිරුපති කතරගම විෂ්ණු වැනි දේවාලවල කපුවන්, ඒලියන්ත වයිට්ලා, සායිබාබාලා මෙන්ම අනුරාධපුරේ අම්මාද දේශපාලන බලවන්තයින් වන්නේ මේ නිසාමය.


එපමනක්ද, දේශපාලන දර්ශණ, ආර්ථික විජ්ජා සංකල්ප මෙන්ම බොහෝ විශයයන්ද මිත්‍යාවන්මය… මෙහිදි එකවුන්ටන්සි, මැනේජ්මන්ට්, හියුමන් රිසෝර්සස් කළාව වැනි විශයයන් විශේෂ වේ… එවා කිසිවක් ප්‍රායෝගික තලයේ ක්‍රියාතමක නොවනා අතර… උපාධි වලට හා ඩිප්ලෝමාවලට පමණක් සීමා වේ…


එවාද ආගම් වාගේ එක එක නියමයන් සාදාගෙන එය පරම සත්‍යය ලෙසට පිලිගත යුතු බවට ඉස්ටෑන්ඩඩ් හදාගෙන ඇත. ඉන් පස්සේ මොන ජාතියේ වැඩ්ඩෙක් උනත් චාටර් වී යන අතර… චාටඩ් කස්ටිය වැඩ බැරි උනත් මහ පුටුවල වැජඹේ..


මීට හොඳම උදාහරණය අප කවුරුත් දන්නා ඉන්දියාවේ සමෝසා වෙළෙන්දා හා පුතාගේ කතාවයි… ලංකාවේද අප දන්නා බොහෝ උදාහරණයන් ඇතත් මේ ඒවා ලිවීමට අවස්ථාව නොවේ…


2008 ලෝක ආර්ථික අවපාතයක් ඇති කලේත් මෙවන් වැඩ්ඩෝ පිරිසක් බව කවුරුත් සිහි තබා ගත යුතුය.


ඊළඟට අප කතා කළ යුත්තේ පවිත්‍රාට කින්ඩිය දමනා දේශපාලුවන් ගැනය. මෙහි නියමුවා වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාසය.. අප දන්නා තරමින් මිත්‍යාව විශ්වාස කළ දේශපාලුවන් අතරින් මහින්ද රාජපක්ෂද අභිබවා ඉදිරියෙන්ම ඉන්නේ මේ පුතානෝගේ පියානෝය.


උන්නාන්සේගේ කාළයේ අළුත්ගම කන්දේ විහාරය ගොඩ ගියේ කෙසේද කියා ඒ පැත්තේ එකෙක්ගෙන් ඇසුවා නම් දැනගන්නට පුලුවන්ය. තමන්ගේ අපල දුරු කර ගැනීමට නිරුවත් කන්‍යාවන් ලවා තමන්ද නිරුවතින් හිඳ කිරි කළ වලින් නාපු කතාව ඒ කාළයේ බොහෝ ප්‍රසිද්ධය. එමෙන්ම කන්‍යාවන් සොයා ගැනීමට කළ පරීක්ෂණයද බොහෝ ප්‍රසිද්ධය.


මෙවර ජනපතිවරණය ප්‍රසිද්ධ් කිරීමෙන් අනතුරුව එකම දිනයකදි ගැබ්බර ඇතුන් හතක් මිය ගිය බවත් මේ මොහොතේ අමතක නොකල යුතුය. පවිත්‍රාට කින්ඩිය දමනා උන්නැහේ…, දැන් පන්සල් ගානේ බඩගාමින් කරන්නේත් පවිත්‍රා කල දෙයම මිස වෙන කිසිවක් නොවේ.


එහෙත් එහි එක් වෙනසක් ඇත. පවිත්‍රා මෙන්ම කළ ගෙඩි නැටුම් නැටූ අනික් දෙශපාලුවන්ද ඒ දේ කලේ ජනතාව වෙනුවෙන් මිස තමන් වෙනුවෙන නොවනා අතර… පැකනිල් උන්නාන්සේ ගස් ගල් පිළිම වැඳ වැඳ රට වටේ යන්නේ කොරෝනා රෝගීන් වෙනුවෙන් නම් නොවේ කියා අප දන්නා එකය. අඩු ගානේ ජනතාව වෙනුවෙන් බෝධි පූජාවක් හෝ අද වන තෙක් තබා නැත.


ඊළඟ සෙට්ටෙක බුකියේ ඉන්නා සෙට්ටෙකය. මෙයාලා ගැන කියන්න නම් තියෙන්නේ මේ ඔක්කොම එක වල්ලේ පොල් කියලාය. මාර නිරා ටෝක් ඉෂූ කල රැඩිකල් නෝනා කෙනෙක් මේ ළඟදි විවාහ උනේ පෝරුවේ නැගලාය. පෝරුව දෙපැත්තේ පුන් කළස් ද තිබුනේය.


මෙයාලා වැඩිපුරම අදහන්නේ කොමියුනිස්ට් මිත්‍යාවය… ඒ නිසා එයාලා ජාතික ජන බලවේගයේ බලගතු සමාජිකයින්ය.


හැබයි බබෙක් හම්බ උනාම නම දාන්නේ නැකත් බලලාය.

අකුරු කියවන්නේත් එසේය.

කන් විදින්නේත් එසේය.

කොටහලු මගුල් ගන්නේත් එසේය.

පෝරුවේ නගින්නේත් එසේය.

විභාගයට යන්නේ බොධියේ කොඩියක් එල්ලලාය.

කාරෙකේ දෙහි ගෙඩි හා මිරිස් කරල්ය.

බොහෝ විට වාහනයේ භාරකරු කතරගම දෙවියෝය.

ගෙවල් හදන්නේද එසේමය.

අත්තිවාරමේ නිධන් ගලකුත් දාන්නේය.

බබාට පංචායුධත් දාන්නේය.

බඳින්න පොරොන්දම් බලන්නේය.


ඔය මක්කා නොකලත් අඩුම ගානේ බුකියේ එක එකා ඇප්ද මක්කද මන්දා එක එක හුටප්පර කාරයන් විසින් දෙන දෙන ලණු කාලා මම ෂාරුඛ් වගේ…. මම දීපීකා පඳුකෝන් වගේ කියා උන්ගේ වඳුරු මූණු එක්ක අරුන්ගේ මුණූ දමා හෝ සැනසෙනා උන්ය.


එසේ නැත්නම් ගිය ආත්මේ මම එංගලන්තේ සජ්ජුරුවෝය.. එහෙම නැත්නම් ක්ලියෝපැට්‍යරා කියා හීනියට ආතල් එකක් ගන්නා උන්ය.


ඒ මක්කා නැතත් මුන් අළුත් අවුරුද්දට හෝ කිරි කළයක් උතුරවන එක උතුරුවනවාමය…


බලාගෙන කියාම මුලු ලංකාවම මිත්‍යාදෘෂ්ඨිකයෝය..


ඇපත් නැත…. නැකත් පත….




Oct 30, 2020

ඇදගෙන නානා සෞඛ්‍ය බලධාරියෝ


කොවිඩ් වසංගතය සමාජගත වී ඇත්දැයි තවම කියා අප තවම දන්නේ නැත. මොකෝ ඒ ගැන ඔෆීසියල් නිවේදනය තාමත් සකස් කරමින් තිබෙනවා විය හැකිය.. එය ප්‍රකාෂයට පත් කල යුත්තේ සෞඛ්‍ය බලධාරීන් මිස වෙනත් කිසිවකු නොවේ.

හමුදාව හා පොලීසිය විසින් කලේ.., සෞඛ්‍ය බලධාරීන් ගත් තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා විශේෂ සහායක් ලබා දීම පමණි. එම කාර්යය ඔවුන් විසින් අදත් ඔවුන්ට හැකි උපරිමයෙන් ක්‍රියාත්මක කරනා බවත් ඔවුනට උපහාරයක් ලෙස සඳහන් කල යුතුමය.

එහෙත් සෞඛ්‍ය බලධාරීන් කරන්නේ තමන්ගේම එකිනෙකාට දොස් පවරා ගැනීම හා මෙලෝ රහක් නැති තීන්දූ තීරණ ක්‍රියාත්මක කොට අදෙගන නාගන්න එකය. දෙවනි රැල්ලේ මුල සිටම ඇදගෙනම නා ගන්නේ ඒ නිසාය.

තත්වය කෙතරම් වර්චස් වී ඇතිදැයි කිවහොත්.., රෝහල්ගත් ආසාදිතයින් පවා නිවෙස් වලට පිටත් කිරීම්ට කටයුතු යොදනා බවටත් වාර්ථා වේ. ඒ ඊළඟ ඇදගෙන නෑමය.

පළමු අවස්ථාවේ උන් සෞඛ්‍ය අංශයේ ප්‍රධාන චරිත දැන් ඇත්තේ නැතිය. දැන් ඉන්නා උන් මෙලෝ රහක් නැතිය. කලින් සිටි පිරිස, වගකීම් තමන් වෙත පවරා ගත් අතර, දැන් ඉන්නා උන් කියන්නේ ජනතාව මීට වග කිව යුතු යැයි කියලාය…

සෞඛ්‍ය අමාත්‍යශය කියන්නේ එකකි. බෝවන රෝග පිලිබඳ ලොක්කා කියන්නේ තවත් එකකි. වෛද්‍ය සංගමය කියන්නේ තවත් එකකි. ගොම සංගමය තා මොකක්දෝ එකක් කියති. එයාලා කියන එවා කරන්න මොන්ටිකාලෝ ආන්ඩුවටත් බැරිය.

සියල්ලෝ එකිනෙකාට දොස් පවරා ගනිති. මාධ්‍ය කාරයෝ ඒවා විකුණාගෙන කති. ඒ ඒ චැනල්වලට අරක්ගත් වෛද්‍ය භූතයෝ වෙන වෙනම වෙත්…

සියල්ලෝම වීරයෝ වීමට දඟලති. ඇත්ත කියන්නේ මොකාද හා ඇත්ත මොකක්දැයි කියා මිනිස්සු පුක කස කසා කල්පනා කරති.

එහෙත් මේ අවස්ථාවේ ජනතාවට ලබා දිය යුත්තේ එක පනිවිඩයකි.

ආන්ඩුව ඊට මැදිහත්ව එක් ප්‍රකාෂකයකු පමණක් නම් කළ යුතුමය.

ප්‍රජාතන්ත්‍රවාදයත් ඕනාවට වඩා ඕනෑම නෑ කියා අප කියන්නේ මේ නිසාය. අද ඒ පරිප්පුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කමින් සිටී….. නිකං නොව ඉල්ලාගෙනම කමින් සිටි…

ප්‍රංශයේ බුද්ධිමත් ජනතාව විසින් පරීක්ෂා කිරීම සඳහා, එහේ ජනාධිපතිගේ මොළේ ඉල්ලන්නේ ඒ නිසාය.

එකිනෙකාට හිතෙන හිතෙනා දේ කීමේ හොඳම උදාහරණය බස්නාහිර පලාත ලොක් ඩවුන් කිරීමේ නිවේදනයයි.

සමාන්‍යයෙන් දීර්ඝ සති අන්තයක් පැමිණි විට මිනිසුන් කොළඹින් පිටත් වීම මේ මොහොතේ සිඳු වූ දෙයක් නොවේ. එය දැන් අපේ කල්ට් එකකි. සිකුරාදා දිනය නිවාඩු දිනයක් නම් බ්‍රහස්පතින්දා සවස් වන විටම කොළඹ නඟරය පාලුවට යන්නේත්.., මාතර එක්ස්ප්‍රස් වේ පිරී යන්නෙත්…, නුවර පාර බ්ලොක් වෙන්නේත් අදක ඊයෙක නොවේ.

එමෙන්ම කතරගම, නුවර එළිය හා මෑතක සිට ඇල්ල ප්‍රදේශයද එවන් සති අන්තයක ජනතාවගෙන් පිරී පවති. ඉහළම පන්තියේ පිරිස් පවා විදේශ ගත වීමට නොහැකි බැවින්.., තරු පන්තියේ හෝටල් වලට වැදීම සාමාන්‍ය දෙයකි.

එවන් තත්වයක් තුල කළ යුතුව තිබුනේ බදාදා මධ්‍යම රාත්‍රියේ සිටම බස්නාහිර පලාතෙන් පිටවීම සම්පූර්ණයෙන් අහුරා දමා බ්‍රහස්පතින්දා දිනයේ අත්‍යාවශ්‍ය භාන්ඩ මිළ දී ගැනීමට පහසුකම් සලසා සිකුරාදා සිට ඇඳිරි නීතිය දැමීමයි. මෙය ඉතා පහසුවෙන් කල හැකිව තිබූ දෙයකි.

එහෙත් කළේ කුමක්ද.. සිකුරාදා සිට වසා දමන බව පමණක් නිවේදනය කිරීමයි… සියල්ලෝම බ්‍රහස්පතින්දාම කොළඹින් පිටත් උනේ වෙනදා පුරුදු විදියටමය…

කල ගොන් කම තේරී බලධාරින්ගේ ඉහ මොළ රත් උනේ එක්ස්ප්‍රස් වේ එක හා නුවර පාරේ වාහන ටික පිරෙනා විටය…

අප රටේ සිටින්න්නේ මෙවන් සුළු දෙයක් ගැන හෝ අවබෝධයක් නැති තකතීරූ නිළධාරින් බව මෙවරත් මොනවට පසක් කළේය..

මේ වාගේ නිළධාරින් එක්ක සෞභාග්‍යයේ දැක්ම කෙසේ වෙතත්.., සිඳුවන්නේ සියල්ලෝම විහිළු කාරයන් වීම පමණමය…


ඒ වගත් මෙසේය…



Oct 28, 2020

ගුඩ් බායි පොම්පියෝ....!!!



පොම්පියෝ ඇවිත් ගියේය.. පිම්පියෝ සියල්ලම නෝන්ඩි උනේය… චීනාට තිබූ පිලිගැනීම උන්නැහේට තිබුනේ නැතිය.. මහින්ද මහත්තයා කාමරේට දාලා නෙලයි කියනා බයට, උන්නැහේ හම්බ වෙන්න ගියෙත් නැතිය.. කොහොමත් මහින්ද මහත්තයාට ඇමරිකාව ගූ බයය…

මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න ඇමරිකාව සෑහෙන වැඩ කොටසක් කලේය… ඒ සටනේ ජෙප්පන්ද උන්නේය.. ජෙප්පන්ට සල්ලි දුන්නා කියා ජෝන් කෙරී කෙලින්ම කීවේය… එයාලා 2010 දීත් ෆෝන්සේකාට අත දිගහැර වියදම් කලේය… ඒ රාජපක්ෂලා නාහෙට අහන්නේ නැති උන් නිසාය…

පිම්පියෝ සෙට්ටෙක බලාගෙන උන්නේ ඇමරිකන් ෆෝසස් ලංකාවට එනකන්ය.. ඒ ඇවිල්ලා හම්බන්තොට වරායේ ඉන්නා චීන්නුන්ට කෙලිනකන්ය.. ඒත් මේ මොහොත වන විටත් අඩු ගානේ සිල්වෙස්ටර් ඉස්ටැලෝන් හෝ ආර්නෝල්ඩ් සුභසිංහ හෝ සුපර්මෑන් හෝ කැට් වුමන් වත් ඇවිල්ලා නැතිය…

සම හරක් කියන්නේ ඕන බලහන් එහේට ගිහින් එහේ ඉඳන් මිසයිලයක් එවන්න ඉඩ තියෙනවා කියලාය…. මානසිකව ඇද වැටී සිටිනා සිහිණ ටොයියන් හා 3% ජෙප්පන්ගේ සුන්දර සිහිණයන් එසේය….…

MCC අස්සන් කොලේත් නැතිය.. අඩු ගානේ ද්වීපාර්ෂවික ගිවිසුමක් අස්සන් කල බවක්කත් නැතිය… හරියට ගෙදර යන ගමන් සීනී පන්සීයක් ගන්න සතොසට ගොඩ උනා වාගේය…

ඔතන ඔය සියල්ලටම වඩා වටිනා දෙයක් තිබෙන්නේය… ඒ වෙනද එන හැම වාහේම හම්බ වෙන්න යන සම්බන්ධන් හෝ විපක්ෂ නායකයා හමු වෙන්නට නොයාමය…

මුන්ගෙන් සත පහක වැඩක් නැති බවත්…, ඉන්නේ රාජපක්ෂලාම ඉතරක් බවත් දැන් මුළු ලෝකයම දන්නවාය.

ජෙප්පන්ගේ උද්ඝෝෂණයත් ඇමරිකාවෙම වැඩක් බව කනින් කොනින් ආරංචිය එන්නේය. ලැබුනේ ලොකු කුට්ටියක් බවත් ඒ නිසා නායක මට්ටමේ උන් පමණක්ම ඊට සහභාගී වී හොඳ හිත පෙන්වූ බවත් කනින් කොනින් වාර්ථා වුවත් ඇත්තටම සිද්ද උනෙත් ඒ දේය.

අපේ මී හරක් හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ පොම්පියෝ ඔක්කෝම වැඩ නවත්තලා ලංකාවටම ආවා කියලාය… එයා මෙහේ එන්න කලින් ඉන්දුනීසියාවට හා ඉන්දියාවට ගියේය… මෙහෙන් ගියේ මාලදිවයිනටය..

මේ එන්නේ චීනා බය කරන්නටය… චීනා උන් පයිසෙකට මායිම් කරන්නේ නැතිය… ඒ පිළිබඳ හොඳම උදාහරනය ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිවේදනයය..

චීනයේ ණය උගුලක් ගැන කතා කලාට ලෝකයේ ලොකුම ණය කාරයා ඇමරිකාවය.. ඒ ණය ගෙවන්න තියෙන්නේ වෙන කාටත් නොව චීනයටමය.. ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.7 කි.. ලංකාවේ මුදලින් බලන්න නම් ඕක 185 න් වඩි කලාම කාටත් ඇමරිකාවේ හෙළුව බලාගන්නට පුළුවන්ය..

ඇමරිකාව ලෝකේ වටේ තග දමාගෙන ගියාට දැන් කවුරුත් ගනන් ගන්නේ නැතිය. ඉදිරි ලෝක බලවතා, චීනය වී හමාරය. අපේ මී හරක් හිතන්නේ චීනා ආයෝජනය කරන්නේ ලංකාවේ විතරක් කියලාය. එහෙත් මේ වන විට චීනා මුලු ලෝකයම ආක්‍රමණය කරලා අවසන්ය.

පොම්පියෝ මෙහේ එන්නට කලින් දාපු සද්ද එකක්කත් මෙහේ ඇවිල්ලා දැම්මේ නැතිය. ශවේන්ද්‍රගේ එක නීතිමය කටයුත්තක් නිසා ඒ ගැන නැවත සලකා බලන බව කීවේය. MCC අස්සන කරනවාද නැද්ද කියන එක තියෙන්නේ ඔහේලාගේ අතේය කියා කීවේය. අපි චීනා වගේ ඔයාලාව ණය උගුල්වල දාන්නේ නැතයි කියා කීවේය. රාජපක්ෂලා දුන් පොරොන්දු ඉටු කරනු ඇතයි කියා බලාපොරොතුවෙන බවත් කීවේය.

එ කෙසේ වෙතත් මේ ආන්ඩුව ගැන මුලු ලෝකයම විශ්වාසය තබා ඇති බව මේ ගමනේ දුටු වඩාත්ම සිත්ගන්නා සුළු සිඳුවීමය.

මොකෝ යහපාලන පිම්පියො ඉන්නා කාලේ ට්‍රම්පට් මහත්තයා ඉන්දියාවට ඇවිත් ගියත් ලංකාවට ආවේ නැතිය. ඒ මෙහේ උන්නේ ඇමරිකන් පපට්ලා සෙට් එකක් වුවත් උන් මෙලෝ රහක් නැති හාල්පාරුවන් සෙට් එකක් බව උන් දැනගෙන උන් නිසාය.

ආන්ඩුව ඒ තත්වය සුභවාදි ලෙස ගත යුතුය. මේ වෙලාවේ අපිට සප් එක දෙන ඕන එකෙක් ඉඹලාම පිලිගත යුතුය. මන්ද අපි ඉතරක් නොව ලෝකයම දුවන්නේ රිම් එකෙන් නිසාය…


ඒ වගත් මෙසේය…


Oct 26, 2020

මාක් ඇන්ටනිගේ පිළිතුරු කතාව


ගරු කතානායක තුමනි


ඩයනා මයි ඩියර්

නොව එලිසබෙත් දුන්නත් ඕඩර්

නොකලෙමි ඝාතනය සීසර්

විමසන්න ශේක්ස්පියර්


ගරු කතානායක තුමනි


සළුව ඇද්දා ලුසියස්

පළමුව ඇන්නේ කැස්කා ලොන්ගස්

මට බෑ යන්න ගස්

හිනාවෙයි ගේයස්

සමග අයියලා දෙදෙනාම බෲටස්


ගරු කතානායක තුමනි


රෝමයේ සිටිසන්ස්

දැන් තොපි නිදහස්

කියා කෑ ගෑව බෲටස්

කලා ෆුල් වර්චස්

දොර අගුළු ලා සියළු සිටිසන්ස්


ගරු කතානායක තුමනි


ඒත් අපෙ ඩයනා මිස්

කලා මුන් ඔක්කෝම නිදහස්


ගරු කතානායක තුමනි


ගෙනාවෙමි ඔක්ටේවියස්

නම් කලෙමි ලෙස ඔගස්ටස්

මියගියත් සීසර් ජුලියස්

ඉන්නවා දැන් සීසර් ඔගස්ටස්


ගරු කතානායක තුමනි


ඩයනා කියන්නි

ඇන්නේ මමලු මාක් ඇන්ටනී

ගරු කතානායක තුමනි

මේවා නම් හරි ෆනී


- කාව්ය සිරෝමනී මාතලන් -



Oct 22, 2020

වඳ කොත්තු කන සහජීවන මඩ මාධ්‍ය බලකාය


 


20 සම්මත විය..

ඒ සහජීවන බලකායෙන් පැමිණි හකීම්ගේ 4 ක්, රිෂාඩ්ගේ 2 ක්. මනෝ ගනේෂන්ගේ 1 ක් හා සජිත් ජලනි බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඩයනා ගමගේ හෙවත් ටැලිපෝනයේ හිමිකාරිය සමඟයි.

මුස්ලිම් දේශපාලකයන් සියල්ල රාජපක්ෂලා හා එකතුවන බවට මාතලන් අනාවැකි කීවේ ඝෝඨා ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමටත් පෙර සිටය..

පැකනිල් ඩොන්කිලාගේ සහජීවන බලකාය තුල සිටිනා අති බහුතරය සුළු ජාතින්ය.. ඉනුත් වැඩි පිරිස මුස්ලිම් ජාතිකයින්ය….

මුස්ලිම් දේශපාලුවන් රාජපක්ෂ කඳවුරුට ඒ මොහොතේ එකතු නොවූයේ ගොබ්බ යහපාලනය තුල 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ලද අසීමිත නිදහස ඔස්සේ වහාබ්වාදය කරා යන ගමනට ඔවුන් ලද උපරීම නිදහසට කෘතුගුණ දැක්වීමක් ලෙසය…

ඊට මංගල සමරවීරගේ මඩ බලකායෙන් ලැබුනේ අඟනා පිටිවහලකි….

රනිල්ට වැඩ බෑ යන්න සමාජ සම්මතයක් කර… සිහිණ ටොයිය්නගේ මනසේ පවා තැන්පත් කළේ මංගල සමරවීර හා ඔහුගේ මඩ බලකායයි..

මෙහි ප්‍රධානියා කවුරුත් දන්නා රුවන් ෆර්ඩිනැන්ඩස් වන අතර.., අද එහි න්‍යායාචාර්යවරයා වී ඇත්තේ උවිඳු කුරුකුලසූරීයයි….

රාජපක්ෂලා මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව එක වචනයක් හෝ කතා කර ඇති තැනක් පෙන්වුවහොත්.., මාතලන් බ්ලොග් වලින් හා බුකියෙන් සමුගන්නේ ඒ මොහොතේමය…

රාජපක්ෂලා අමු ජාතිවාදින් ලෙස සමාජ ගත කලේ මංගලගේ මඩ බලකායයි…

වඳ බ්‍රා… වඳ කොත්තු… දොස්තර සාෆී හා පැලෝපීය නාල ප්‍රොපගැන්ඩා සියල්ලම ලියැවී ඇත්තේ රාජපක්ෂවාදි බයියන්ගේ සටහන් තුල නොව…, සිහිණ ටොයියන් හෙවත් අමු ගොන් බයියන්ගේ බුකි සටහන්…, බ්ලොග් කඩමාලූ… හෝ වෙබ් පඩංගු තුල බව අදටත් ඕනෑම ගොනෙකුට බලා ගන්නට පුළුවන්ය.

අළුත්ගම සීන් එක පිටිපස්සේ ඉන්නේ.., අදටත් රාජපක්ෂලා රෙද්ද අස්සේ දාගෙන හුරතල් කරනා…, අඟේ ඉඳන් කන කා, කන පතේ රෙණ, පිවිතුරු සිහල උරුමය බව ඕනෑම එකෙක් දන්නවාය…

මුන් ක්‍රියාත්මක වන්නේ කෙසේද මුන් පිටුපස සිටිනා බලවේග කවුරුන්ද යන්න බුද්ධි අංශ යොදා වහාම සොයා බැලිය යුතුය…. මන්ද දන්නා සතුරාට වඩා මිතුරු විසින් සිටිනා සතුරා අති භයානක නිසාවෙන්මය…

පානදුර නෝ ලිමිට් එක ගිනි තැබූ උස සිහිණ ජනපති අද ඉන්නේ… පැකනිල් ඩොන්කිලා සමඟය….

එහෙත් මේ කාලකන්නීන් කල විශමාචාර සියල්ල බැර වූයේ රාජපක්ෂලාගේ ගිණුමටය…

ඇත්තටම එය බැර වීමක් නොව, මංගලගේ මඩ බලකාය විසින් කල බැර කිරීම්ය…

20 න් කෙලවීමෙන් පස්සේ මඩ බලකායේ නියමුවන්… පිස්සු වැටී… මොළේ කොළොප්පම් වී…. ඔල්මොරොන්දම් වී… අඤ්ඤකොරොස් වී…. ඉන්නා බව ඉතා පැහැදිලිය….

දැන් නැවතත් ඔවුන්ගේ බුකි සටහන්.., බ්ලොග් කඩමාලු.., හා වෙබ් පඩංගු ඔස්සේ.., උන්ම පත්තු කල ප්‍රොපගැන්ඩාවා උන්ටම කැරකි ඇවිත් සිටිනා බව දැක්කාම… මාගේ උන්ඩුක පුඡ්ඡයේ කෙලවර කොක් හඬලා සිනාසීම නතර කර ගැනීමට නොහැකි තත්වයකට පත් වී ඇත…

අද උන් කියන්නේ සියළුම මුස්ලිම් සහෝදර ජනතාවා හදන්නේ වඳ කොත්තු කියලාය… විකුනන්නේ වඳ බැසියර් කියලාය…. පැලෝපීය නාල ඔවුන්ගෙන් පරෙස්සම් කර ගත යුතු බවය….

ඩයනා ගමගේ වීදී ගනිකාවකටත් අන්ත කාන්තාවක් බවට පත් කොට හමාරය…

ඇයට මෙසේ මඩ ගසන්නේ.. කාන්තාවන්ගේ නිදහස විමුක්තිය මෙන්ම කාන්තා හිංසනයන්ට විරුද්ධව පොලොවේ පස් කෑ ස්ත්‍රීවාදී මල් කුමාරවරුන් හා පත්තිනි අම්මලා වීම දෛවයේ කුරීරූ සරදම්ය….

අහෝ දුකකි ඉරකි තිතකි….

නමුත් වඩාත් ලොල් සහගත කාරනය නම් රාජපක්ෂලා ළඟ ඉන්නා සුපිරි ගොයිගම් මුස්ලමානූ ජාතිකයා.. ඊයේ මිරිකුවේ පැලෝපීය නාල නොව, සුමන්තිරන්ගේ වෘෂණ කෝෂයය… හකීම්ගේ වෘෂණ කෝෂයය… පැකනිල් ඩොන්කිලාගේ වෘෂණ කෝෂයන්ය… එපමණක් නොව මංගලගේ මඩ මාධ්‍ය මාෆියාවේ වෘෂණ කෝෂයන්ය…

ඒ වෙනින් කවුරුත් නොව අලී සබ්‍රීය….

අලී සබ්‍රිට නීතිය කියා දෙන්න ආ සුමන්තිරන්ට හා හකිම්ට… අලී සබ්‍රී දුන්නේ නැට්ට පුකේ ගසාගෙන ඉඳගන්නටය…

වියත් මගේ ඉන්නේ එවන් සුපිරි බඩුය….

ගේම දෙන්නේ හෙමීටය..

මරන්නේ කොනිත්තලාය…

ඒ මරණය වේදනාත්මකය…


ඒ වගත් මෙසේය……


Oct 20, 2020

මධුෂ් වන්දනාව හෙවත් කුඩ්ඩන් වෙනුවෙන් හඬා වැලපීම


මාතලන් පාතාලයන් හා ත්‍රස්තවාදීන් ගැන ලියන්නේ බොහෝම අඩුවෙන්ය. ඒ ඔවුන් ගැන කතාකරනා වචනයක් පවා සමාජයට කරනා අසාධාරණයක් නිසාවෙන්මය.

අපි පාතාලයන් කීවාට ලෝකයේ මොවුන් හඳුන්වන්නේ මාෆියා කන්ඩායම් ලෙසය. මදුෂ්ලා හඳුන්වන්නේ ඩ්‍රග් ලෝර්ඩ්ස්ලා ලෙසය. ගූගල් සර්ච් වලට ගොස් ෆිලෝසොෆර්ස්ලා හොයනවා වාගේම ඩ්‍රග් ලෝර්ඩ් (ඩෘග් ලොර්ඩ්) කියා ටයිප් කරාම ලෝකප්‍රකට සෙට් එක එක පෙලටම ලස්සනට ඉන්නවාය.

බොහෝ අය ස්වර්ගස්ථව ඇති අතර. ඒ කිසිවකුත් සාමාදානයේ සැතපුන අය නම් නොවේය. සියල්ලෝම පාහේ ප්‍රතිවාදින්ගෙන් හෝ පොලීසියෙන් හෝ විශේෂ හමුදාවන් මගින් හෝ නිවන් යැවූ පුද්ගලයෝය. ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ ඉරණම එයයි. හේතුව මත් ද්‍රව්‍ය වෙළඳාම නීතී විරෝධි ව්‍යාපාරයක් වීමයි.

ලොව මාෆියා කන්ඩායම් සිල්ලම මුද්ල් සොයන්නේ සමාජ විරෝධි ව්‍යාපාරයන්ගෙන්ය. එය මත් ද්‍රව්‍ය, ආයුධ, ගනිකා ව්‍යාපාරය, හියුමන් ට්‍රැෆිකින් හෙවත් නව වහල් වෙළඳාම, ත්‍රස්තවාදය හා සහ සම්බන්ධව පවතින්නේය.

මාෆියා කල්ලිවලින් තොර රටක් මේ මිහිපිට ඇතයි කියා මාතලන් නම් සිතන්නේ නැතිය.

ලෝක ආර්ථිකය තුල මොවුන් උපයන ධනය හැඳිවෙන්නේ කළු සල්ලි හෙවත් බ්ලැක් මනී ලෙසය. ලොකප්‍රසිද්ධ මාෆියා නායකයා වූ පැබ්ලෝ එස්කොබා 1993 දී මිය යන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 30 කි. එහි වටිනාකම අද මුදලින් ඩොලර් බිලියන 60 කට ආසන්නය. මේ මුදල් නිදහසේ සැරිසරන රාජ්‍යයන් අතරේ පැනමාව ප්‍රමුඛ දකුණු ඇමරිකාණු රටවල් හා ඩුබායි රාජ්‍යයද ලෝකප්‍රසිද්ධය.

වත්මන් ඩ්‍රග් ලෝර්ඩ්ස්ලාගේ සුරක්ෂිත නවාතැන් පොල බවට පත්ව තිබෙන්නේ ඩුබායි රාජ්‍යයි. මාකදුරේ මධුෂ් ජාත්‍යන්තරයට යන්නේ එහිදීය. ඩුබායි හී පවතින මිළ අධික ජීවන රටාව තුල, අධි සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔහු කෙතරම් ධනවතෙක් වන්නට ඇතිදැයි දන්නේ ඩුබායි ගැන දන්නා උන් පමණමය.

මාෆියා බ්ලැක් මනී වලින් දුවන රාජ්‍යයන් වාගේම, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ මෙන්ම මාධ්‍යවේදීන්ද සිටිනා බව අප මෙහිදී අමතක නොකල යුතුය. ලංකාවේ පාතලයන්…, වීරයන් කලෝ ඔවුන්ය. මෙහි අපූර්වත්වය නම් ඔවුන්ද අවසානයේ පාතල සාමාජිකයින් වීමය. ඒ නාකොටික් නිළධාරින් නොම්මර එකේ කුඩු ජාවාරම් කාරයන් වූවා වාගේමය.

එහෙත් අපේ රටේ ප්‍රාමානික උගතුන් පවා හැසිරෙන්නේ මේ කිසිවක් නොදන්නා බබුන් ලෙසය. එක්කෝ අනෙක් කරුණු වාගේම මේ බව හොඳින් දැනගෙන නොදන්නවා වාගේ හැසිරෙන්නෝය.

ඒ තමන්ගේ දේශපාලන හෙළුව වසාගැන්මටය.

මාතලන් මේ ලිපිය ලියන්නේද මදුෂ්ගේ ඝාතනය දේශපාලනිකරණය වූ ආකාරය ගැන විමසා බැලීමටය.

එය හරි අපූරු සිඳුවීමකී. සාමාන්‍ය ජනතාවට SF ලොක්කා මෙන්ම මාකදුරේ මධුෂ්ද වීරයකු වීම ඔවුන්ගේ නොදැණුවත් කම සේ සලකා බැහැර කළ හැකිය. මන්ද ඔවුන්ට කූඹියෝ නාට්ටියේ එකාත් මාර වීරයෙක් වී ඒ වසරේ ජනප්‍රිය නලුවාද වූ නිසාය. දැන් වීරයා වී තියෙන්නේ එදිරිමුණිය…,

එහෙත් සමාජය ගැන ලෝකය ගැන මෙන්ම පාතාලය ගැනද යම් දැණීමක් ඇති වුන් කලබල වූයේ මන්ද…?

මේ කලබල වූ සියල්ලෝම යහපාලනය තුල මධුෂ්ගේ මරණය බලාපොරොත්තුවෙන් සිටි අය වීම මාර ලොල් සහගතය.

ඊට හේතුව වූයේ මධුෂ්ගේ සම්බන්ධයක් තිබූ නිරෝෂන් ප්‍රේමරත්න එවක රාජපක්ෂ කඳවුරේ සාමාජිකයකු වීමය.

ඒ කාළයේ යහපාලන සහජීවන මානුෂික පොරවල් බලාපොරොත්තු වූයේ මධුෂ්ගේ ආයුධ පෙන්වන්නට ගෙන යාම පමණක් නොවේ…, නිරෝෂන් ප්‍රේමරත්නද එසේ ගෙන යාමයි.

තවත් අපූරූ අඬෝවැඩියාවක් වන්නේ මධුෂ් මිය ගියේ රහස් ගොඩක් සමඟයි කියනා අමු ගොන් තර්කයයි.

මධුෂ් අල්ලාගෙන එන්නේ යහපාලනයෙන්ය. එකල පොලීසියේ මෙන්ම බුද්ධි අංශද පාලනය වී තිබෙන්නේ හඬපට නාමල් කාරයාගෙන් බව අද බොහෝ පැහැදිලිය. පොලිස්පති ඉඳලා තියෙන්නේ සින්දු කියන්නට හා පෙරහරේ නටන්නටය. ඌ පොලීසියේ සිඳුවූ කිසිවක්ම දන්නේ නැතිය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම්වරයාව සිට ඇත්තේ කන පැලෙන්න ආතල් දුන් නාමල් කුමාරය. එ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යශය ඔහුට වැටුප්ද ගෙවා ඇත.

උන්ගේ යටතේ උන් අනෙක් පිස්සෝ ජිනීවා බලා පැන ගොස් අවසානය. මුන් ටික එකතු වෙලා ඒ කාළේ මධුෂ හා කංජිපානි එක්ක හතරවන තට්ටුවේ බට්ටෝ පනින්න ඇතිය. රහස් එලිකරන්න ඉඳලා තියෙනේ අදය.

88/89 කාළයේ කසිප්පු ටිකක් පෙරූ, ගංජා ටිකක් විකුණූ, හංදියේ කඩෙන් කප්පම් ගත්ත චන්ඩින් මෙන්ම…, ඇඟ විකුණු අහිංසක ගැහැණුන්…, තම දරු පැටවුන් මර හඬ දෙද්දී පාර දිගේ ඇදගෙන ගොස් ලයිට් කණුවලට ගැට ගසා වෙඩි තබා මරා දැමුවේ…. “දේශද්‍රෝහීන්ට දඬුවම මරණය” නමින් බෝඩ් එකකුත් කරේ එල්ලලාය. ඒ උන් සමාජ විරෝධීන් ලෙස හංවඩු ගසමිනි.

එහෙව් ජෙප්පෝ අද මාකඳුරේ මධුෂ් ගැන පාර්ලිමේන්තුවේ කඳුළු හලනා විට, එදා කරපු ඒවා ප්‍රශ්ණ කරන්න එකෙක් නැත්තේ, ඒදා මරන්නට වරෙන්තුව නිකුත් කල එකා අද ආන්ඩු පක්ෂයේ ඉන්නා නිසාත් විය හැකිය.

මේ සිඳුවන්නේ වෙන කිසිවක් නොවේ.

2015 යහපාලනය ගෙන ආ කඳවුරට අද නායකයකු නොමැති වීමය.

උන් ගෙනා ගැලවුම්කාරයා අද රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කෙක්ය. රනිල්ට ඇපත් නැත. ව්‍යවස්ථා හදාපු එකා රටෙත් නැත. අන්ත අසරණය, නන්න පෝල්ය. චක බ්ලාස්ය. කොටින්ම ඩෙඩ්ය. උන්ගේ වීරයන් සියල්ලම මැරිලාය.

ඒ නිසා පොලිස් වෙඩි පහරින් මිය ගිය මාකඳුරේ මධුෂ් නොව,

පොලිස් ජීපෙකේ හැපි මියන පර බල්ලෙක් උනත්.., හෙට දිනයේ ඔවුන්ගේ වීරයෙක් වුවහොත් අප කලබල විය යුතු නැත..

වීරයා අහිමි වී මානසිකව කඩා වැටී සිටිනා යහපාලන වියතුන් අද කුඩු කාරයන් වෙනුවෙන් හඬන්නේ ඒ නිසාය..

එවිට “ශාන්තුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට වඩා බල්ලාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන වශයෙන් ඉදිරිගාමී වේ…!!!” යනුවෙන් සටහනක් නිර්මාල් දේවසිරිගේ ෆෙස්බුක් තාප්පේ සටහන්ව තිබෙනායුරු ඔබ සැමට දැක ගැනීමට ලැබෙනු ඇත..


ඒ වගත් මෙසේය…


Oct 19, 2020

බදුර්දීන් නාඩගම... ඉවර නැත



බදූර්දීන් අත් අඩංගුවට ගනීමේ කෝළමට, ආන්ඩුව ගෑවුනා යයි කියා මාතලන් සිතන්නේ නැතිය. මන්ද රාජ්‍ය ආරක්ෂක ඇමති මෙන්ම ආරක්ෂක ලේඛම්ද බදුර්දීන්ට සුදු හුණු ගෑවේ ඊයේ පෙරේදාය.

එහෙත් මෙය.., ආන්ඩු හිතවාදීන්ට නම් කිසිසේත් දිරෙව්වේ නැති බව සමාජ මාධ්‍යවලදි පැහැදිලිවම දකින්නට ලැබුනේය. ඊට හේතුව රිෂාඩ්ගේ සහෝදරයා නීතී විරෝධීව නිදහස් කිරීමය. 

යලිත් ඔහු අත් අඩංගුවට ගන්නවාද නොගන්නවාද කියනා එක පොලීසියේ වැඩක්ය. මන්ද ඔහු කෙලින්ම ත්‍රස්තවාදීන් හා සම්බන්ධ බව කියන්නේ යහපාලන හමුදාපති නිසාය. 

ඒ තවත් කෝළමකි.... එකම විකාරයකි... වග කියන්න ඕන කව්දැයි කියා සාක්කි දෙන්න එන පිස්සන්ගෙන්ම අසනා රස සාගරයකි....

බොහෝ විට ලංකාවෙ මෙතෙක් පැවති කොමිසම් වාර්ථා වාගේම වාර්ථාවක් තබා අතීතයට එක් විය හැකි බව කාගේත් මතයය. 

එය වෙනස් කල හැක්කේද ආන්ඩුවටම මිස වෙන කිසිවකුටත් නොවේ. 

අප දේශපාලන පොරොන්දු හා මැතිවරණ ප්‍රකාශණ කිසිසේත් විශ්වාස නොකරනා මුත්, ඒවා විශ්වාස කර චන්දය දෙන පිරිසක්ද රටේ ඉන්නා බව කාටත් වඩා හොඳින් පාලකයෝ නම් දන්නවාය. 

ලන්ඩන් වල ඉන්නා පට්ට ලිබරල් පොරවල් පැඩ් පොරොන්දු නායකයන්ගේ ඇජෙන්ඩා වලට රිංගවන්නේ මේ නිසාමය. 

කෙසේ හෝ 20 සම්මත කර ගැනීම සඳහා ඩීල් එකක් යන බවට ගිය කටකතා මේ හේතුවෙන් උඩට ආවෙය. 

ආන්ඩුවේ රෙදි ගැල උනේය. 

බදුර්දීන්ගේ මල්ලි යලිත් අත් අඩංගුඅට ගන්නෙයි කියා ආන්ඩු පක්ෂයේ 100 දෙනෙක්, පෙස්සමක් අරගෙන ගිහින් ජනාධිපති තුමාට දෙන්නේ මේ නිසාවෙන්ය. 

ඒ අස්සේ නීතිපති නියෝගයක් දෙන්නේ මල්ලි නොව අයියා අත් අඩංගුවට ගැනීමටය. 

ඒ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් නොවේ. බස් කේස් එකක් සම්බන්ධයෙන්ය. 

පාතාල නායකයෙක් වෙන පොඩි ලැසීටත් ඇප දී එලියට එන රටේ..., බදුර්දීන් එලියට එන එක ඉර හඳ වාගේ ෂුවර් කේස් එකක්ය. 

මෙයින් උනේ මල්ලි අල්ලන කේස් එක යට යන එකය. නමුත් අයියාටත් වඩා අවශ්‍ය වී තිබුනේ මල්ලිය. 

මේවා කොහෙන් කෙලවර වේදෝ කියා කියන්න්නට නම් අප දන්නේ නැතිය. 

හැබයි වැඩක් කරන්නට ආ ඝෝඨාට අංචි අදින්නට හැම එකාම පුකවල් ඉරාගෙන ගේමක් දෙන බව නම් ඉතා පැහැදිලිය.

අපට නම් කීමට ඇත්තේ එක දෙයකි. 

මේ පාලන කාළය තුල බදුර්දීන්ලා ආන්ඩුවට එකතු වුව හොත්..., හැලී යන බයි චන්ද සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බවය. මන්ද මේ වනතෙක් මේ ආන්ඩුවෙන් ලැබුන ලබ්බක් නැති නිසාය.


ගැසට් හැහුවාට වෙළෙන්දෝ ඒවා පයිසෙකට මායිම් කරන්නේ නැතිය. අයියා පාට් දැමූ පාරිභෝකික අධිකාරියේ මේජර් උන්නැහේ.., ඩඩ්ලි සිරිසේන ළඟ බල්ලා මාක් වූ නිසා.., දැන් එකෙක්කත් උන්නැහේත් ගනන් ගන්නේ නැතිය....

උන්නැහේටත් කලිසමක් ඇඳන් එලියට එන්නට බැරි කමකුත් ඇතිය.. 

ඒ නිසා මේ මොහොතේ කට පුක වසාගෙන උන්නද, චන්දයක් ආපු වෙලාවට එන තීරණයන් බොහෝ අය හොල්මන් කරනා තීරණයන් විය හැකිය.

රනිල් වික්‍රමසිංහලාට වූ දේ කවුරු කවුරුත් අවබෝධ කර ගැනීම ඔවුන්ගේ අනාගත දේශපාලන ගමනේ හිත සුව පිණිසම වනු ඇතිය...

මේ රටේ ආන්ඩු වෙනස් කරන්නේ විපක්ෂ බලවේග නොව.... ආන්ඩුවලින් පරිප්පු කන ජනතාව බව කවුරු කවුරුත් අවබෝධ කර ගත යුතුය....

ඒ වගත් මෙසේය...