.

.

Apr 28, 2017

සුභ ගමන් විචා....!!! - Good bye Vicha...!!!




ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක්ක
ආයෙත් දවසක 
හමු වෙමු විචා

උඹට 
සුබ ගමන්...!!!

Apr 24, 2017

සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs




මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.

Apr 17, 2017

කුණු කන්ද ඉවත් නොකළ යුතුය - Garbage Eating Politicians



කොලොන්නාවේ කුණු කන්ද හෙවත්, මීතොටමුල්ලේ කුණු අසල පංදිචිව හුන්, සංචාරක ක්ෂේශ්ත්‍රයට මෙන්ම වමේ පක්ෂයකට සම්බන්ධ මිතුරෙක්, මේ ආකාරයෙන්ම කුණු කන්ද ගැන ආරෝවක් ඇති උන වෙලේ, මාතලන්ට කතා කළේ, මාතලන්ගේ බ්ලොග් කෙරුවාව ගැනත දැනගෙන උන් නිසාවෙන්මය. එදින පැවති රැස්වීම එකම කාළගෝට්ටියක් වූ අතර, මාතලන් කළේ මිතුරාද කැටුව ඔහුගේ නිවසට ගොස් අනුමත වීමට කටයුතු කිරීමයි. එහිදි සුරයන්ගේ පානයක් වන සුරාව හා ගෝලිප් වලින් සන්තර්පනය වූ මුත්, කිසිම කට ගැස්මක් උගුරෙන් පහළට නොගියේ එහි ඇති දුර්ගන්ධය නිසාමය. 

Apr 12, 2017

අළුත් අවුරුදු, මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා - Sinhala New Year & Catholics of Sri Lanka



විශේෂ - සමාජ මාධ්‍ය ජාලයන් තුල ඉදිරියෙන්ම ඉන්නා අති විශිෂ්ඨ නිරමාණ කරුවකු වන. "සයිබර් වරිගේ උන්ඩියා" ගේ මෙම බුකි සටහන අළුත් අවුරුදු වෙනුවෙන් මා දුටු හොඳම සටහනයි.

සයිබර වරිගෙ උණ්ඩියා ගේ බුකි සටහනකි..

ලාංකික කිතුණු ජනතාව අතරද සිංහල අවුරුද්ද පිළිබඳව යම් විශ්වාස ඇති බව ඔබ දන්නවාද?.....

සාමාන්‍යයෙන් මහ සිකුරාදා හෙවත් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිපත් කිරීම (දුක්ඛ ප්‍රාප්තිය) සිහි කෙරෙන දිනය සහ ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා යන මේ දිනයන් දෙකට පසුව සිංහල අවුරුදු නැකැත් උදාවන්නේ නම් එම නව වසර සුභ නව වසරක් බවටත්, මෙහි අනෙක් පස සිදුවන්නේ නම් එම නව වසර අසුභ ඵල ගෙනදිය හැකි නව වසරක් ලෙසටත් ඔවුන්ගෙන් සමහර කොටස් විශ්වාස කරන බව මගේ කිතුණු නෑයෝ කියති......

Apr 9, 2017

2020 ඝෝඨා ජනපති - Gota for 2020



මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්‍යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මාතලන්, මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.

Apr 8, 2017

විමලෙට කිරි, නීතීයේ කැකිරි හා යහපාලනේ ටිං කිරි , Kiri, Kekiri & Tin Kiri




ඇම් ඇස් ප්‍රනාන්දුගේ, "කැකිරි පැලෙන ටිකිරි සිනාවයි... ඇගෙ ගමන බිම්න නාරිලතාවයි..." කියා පට්ට සින්දුවක් තියෙන්නේය.. සාමාන්නියෙන් කැකිරි පලන්නේ ගෑල්ලමයින්ය.. සමහරක් බවලත් උදවියත් කැකිරි පලනවා ඔහේලාත් දැකලා ඇතිය.. විමල් වීරවංශ සහෝදරයාට ඇප ලබා දුන් මෙහෙනින් වහන්සේත්, තීන්දුව දීලා, එයාගේ යාලුවෝ එක්ක සෙට් වෙලා, එදා හැන්දෑවේ වයින් ගලාස් එකක් ගසා කොළඹ හතේ ලොකු නෝනලා ජිප්සීස්ලාගේ සින්දුවේ කැකිරි පලනවා වාගේ, කැකිරි පලන්නට ඇතිය. (නඩු අහන පිරිමි අය නඩුකාර හාන්දුරුවෝ නම්, කාන්තා පර්ෂවය නඩුකාර මෙහෙනින් වහන්සේලා විය යුතුය..)

Apr 3, 2017

එකම ජොකා මාරුකර ඇඳිම හෙවත් සිරිසේනගේ දැඩි තීරණ - Cabinet Reshuffle




බොඩිම් වල ඉන්නා කොල්ලන්ට වතුර ප්‍රශ්ණයක් තියෙන නිසා, එකම ජොකා සතියක් තිස්සේ විවිධාකරයට අඳිනා ක්‍රමයක් තිබේ.. දවස් දෙකක් ජොකා ඇඳිමේ ඉස්ටෑන්ඩ් එක අනුව අඳින ජොකා, ඊළඟ දවස් දෙකේ අඳින්නේ පුක පැත්ත ඉස්සරහට එන ලෙසය. ඊළඟ දවස් දෙක ජොකා අඳින්නේ කනපිට ගසා, ඉදිරිපස ඉදිරියට එන ආකාරයටය. ඊළඟ දවස දෙක, කනපිට ගැසු ජොකාගේ ඉදිරිපස පසුපසට සිටින සේ ඇන්දාම සතියක් නොව, දින අටක්ම එකම ජොකා ඇඳලාය.