.

.

Feb 27, 2024

පොලිස්පති, කාදිනල්, බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන


 

පොලිස්පති, කාදිනල්, 

බෝනගේන් සජිත් හා අගලකඩ සිරිසුමන

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව... වෙන්ට ජනපති අනුර කුමාර උන්නැහේ හඬක් නොනැගීම ගැන... රැඩිකල් සමාජවාදීන්ට මල පැනලා තියෙනවාය. මුන්නැහේලා නිරාගමිකයි කීවාට... උග්‍ර සිංහළ බෞද්ධ විරෝධී කාදිනල් හිතවාදී පල්ලි කාක්කන්ම වන්නේය. මාතලන් කියන්නේ බොරු නම් මේ සියල්ලන්ගෙන්ම එන්නේ මාලිගාවත්ත ලී මෝලෙන් එනවා වාගේ එකම හඬක් බව විමසිල්ලෙන් අහන්නෙකුට දැනෙනවාය.


රනිල් ජනාධිපති වීමෙන් ඉක්බිති... මේ පිරිස දිගටම පච වෙමින් උන්නද, ඒවා පයිසයකට මායිම් නොකොට... තව දුරටත් හත් පොලේ ගාගනිමින් සිටිනවාය. දේශබන්දු තෙන්නකෝන්ගේ පෙර වැරදි අපට අදාල නොවන්නේ... පොලීසිය කියන්නේ මේ බංකොලොත් රාජ්‍යයේ තවත් බංකොලොත් ආයතනයක්ම වන නිසාය.


නමුත්.... පොලීසියට පොලිස්පති ලෙස අවශ්‍ය වන්නේ... කාදිනල් හා පල්ලියේ පූජාවලට නටනා හල්පාරුවකු හෝ අරගල චන්ඩීන්ට බයේ නටනා රූකඩයක් නොව,  වචනයේ පරිසමාතර්තයෙන්ම ත්‍රාඩ පොලිස්කාරයෙකි. මේ තිරිසන් තුච්ඡ සමාජය යහමගට ගැන්මට නම්... විෂෙන් විෂ නසනවා මිස, බබා හුකුං කරලා නම් හරියන්නේ නැතිය.


මීට විරුද්ධ පිරිස අතර... බෝනගේන් සජිත් උන්නැහේ හා නීතී විකාරද ජී ඇල් පීරිස්ද ඉන්නවාය. ජී ඇල් දැන් දිරච්ච ළණු දෙන්නේ සජිත් ප්‍රේමදාසටය. උන්නැහේ ළණු කන්නන්ගේ සංඟමයේ සභාපති නිසා... ඒවා බලා ආතල් ගන්නවා හැර වෙන කොරන්නට දෙයක් අපට ඇත්තේ නැතිය.


පට්ටම ආතල් එක කියන්නේ... සජබේ අනුශාසක මහාචාර්‍ය  අගලකඩ සිරිසුමන උන්නාන්සේත්... දේශබන්දුගේ පැත්තේ අසුන් ගැන්මය. ඒ සිහළ බෞද්ධ බලවේගයේ පවර් එකය. අරගල චන්ඩීන් ගා පල්ලි කාක්කන් පුප ඉරාගෙන දැඟලුවද ගල් ආඳෝ පිරිසක් වන ජෙප්පෝ සද්දෙ වහලා ඉන්නේ ඒ නිසාය.


යුද්ධය විකුණාගෙන කන්න බැරි උනාට... සිහළ බෞද්ධ බලවේගයත්.. ඩේට් එක්ස්පයර් ප්‍රොඩක්ට් එකක්‍ය කියලා ආතල් ගත්ත අයට... අපේ බලවට ශෝකය මෙයින් ප්‍රකාෂ කර සිටිනවාය.


ධම්මේ භවෝ රක්ඛති ධම්මාචාරී

- ශ්‍රී ලංකා පොලීසිය -

.

Feb 21, 2024

ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

 


ඉන්දියාවේ Part එකැයි කී හරීන්ට

පුස් පාට් දානා ජාතිවාදී හාල්පාරුවෝ

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


බංකොලොත් වූ අම්මට සිරි ලංකාවේ උන් යාන්තන් ජාම ගැට ගසා ගත්තේ ඉන්දියාවෙන් දුන්න ක්‍රෙඩිට් ලයින්නෙකකට පින් අත් වෙන්නටය. එය නොලැබුනා නම් අපිට ආයෙත් යන්නේ වෙන්නේ සිද්ධාර්ථ ගෞතම යුගයට හෝ විජේ කුවේණී යුගේට හෝ මහින්දාගමන යුගයටය.


රනිල් ලොක්කා ලෝකේ පුරා රවුම් ගැහුවත්  මේ වනතෙක් එක ආයෝජකයේ මේ පැත්ත පලාතේ හෝ ආපු නැති කාළේක හූනියන් කාරයන්ට බයේ  ගොබ්බ ගෝටා එලවා දැමූ අදානි ඉතරක් නොව අම්බානී හා අමුල් සමාගමත් ඉන්දියානූ ආයෝජකයෝත් මෙරටේ ආයෝජනයට පැමිණීම ...


ඉතිහාසයේ සිඳූ වූවාක් මෙන්ම බුදුන්ගේ ආගමනය, විජයානුගමනය හා මහින්දාගමනය මෙන්ම තවත් ශිෂ්ඨාචාරයක ආරම්බයක් වනු ඇති අතර... අපට දූපත්වාසී ළිං මැඩි ගෝත්‍රිකත්වයෙන් මිදී සිවිලයිස් මිනිසුන් වීමේ යුගයක් වනු නොඅනුමානය.


ඉදින් රනිල් විකුම්සිංහ විසින් අනුර කුමාරයා ඇතුළු පිරිස ඉන්දියාවේ යවා කරඅඹා ඇති මොහොතක හරීන්ලා කංචනලා කළ යුත්තේ... විමල් වීරවංශ හා ගොම්මන්පිල වැනි දේශපාලනය මැක්කන්ගේ අඬෝවැඩියා හා පන් ගෝට්  පයිසයකට ගනන් නොගෙන තමන්ගේ වැඩසටහන ඉදිරියට වඩාත් වේගවත්ව කරගෙන යාමය..


⭕ ඉන්දියානූ ආර්ථිකයේ ප්‍රසාරණය හා වර්ධනය ගැන...  ඇමරිකාවේ S&P Global Ratings පළකල අනාවැකි අනුව...

----------------------------------------


🇮🇷 2030 වන විට ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට සූදානමින් සිටී.


🇮🇷 දැනට, ඉන්දියාව ලොව  පස්වන විශාලතම ආර්ථිකය වනාතර ඔවුන්ට ඉදිරියෙන් සිටිනුයේ ... එක්සත් ජනපදය, චීනය, ජර්මනිය සහ ජපානයයි.


🇮🇷 2026-27 මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාවේ ඇස්තමේන්තුගත 7% GDP වර්ධනයක 7% කි.


 🇮🇷 2024 මාර්තු වලින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 6.4 ක් ලෙස සලකන අතර... එය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට 7.2 ට වඩා අඩු වීමකි.


🇮🇷 වර්ධන වේගය මීළඟ මූල්‍ය වර්ෂයේදී (2024-25) සියයට 6.4 ක් ලෙස පවතිනු ඇති අතර... එය ඊළඟ වසරේ සියයට 6.9 දක්වාත්... 2026-27දී සියයට 7 දක්වාත් ඉහළ යනු ඇති බව ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි.


🇮🇷 එමෙන්ම... ඉන්දියාවට මීළඟ විශාල ගෝලීය නිෂ්පාදන කේන්ද්‍රස්ථානය බවට පත් විය හැකි බවටද ඔවුන් විසින් අනාවැකි පලකර අවසන්‍ය.


🇮🇷 ඉන්දියාවේ ශ්‍රම වෙලඳපොල ජීවන තත්වයේ විශාල ඉහළ යාමක් මෙන්ම ඉහළ ආදායම් සහිත මධ්‍යම පන්තිය අති විශාල වශයෙන් ප්‍රසාරණය වනු ඇත.


🇮🇷 ඉදිරි දශකය තුළ... විශේෂයෙන් මූල්‍ය සහ පාරිභෝගික තාක්‍ෂණ ක්ෂේත්‍රයන්හි එහි දියුණු වන ආරම්භක පරිසර පද්ධතිය පුළුල් කිරීමට හැකියාව ඇති බවත්... එය ඉන්දියාවේ දේශීය ඩිජිටල් වෙළඳපොලේ ශක්තිමත් වර්ධනයක් අත්පත් කරගැන්මත් සිඳුවනු ඇත.


🇮🇷 මීට අමතරව, S&P ට අනුව, මෝටර් රථ අංශයේ, ඉන්දියාව සංවර්ධනය, යටිතල පහසුකම්, ආයෝජන සහ නවෝත්පාදන සඳහා ස්ථානගත වී ඇත.


🇮🇷 ඔක්තෝම්බර් අග නිකුත් කරන ලද වාර්තාවක, එස් ඇන්ඩ් පී පවසා ඇත්තේ 2022 දී ඩොලර් ට්‍රිලියන 3.5 සිට 2030 වන විට ඉන්දියාවේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 7.3 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වනු ඇති බවයි.


🇮🇷 මීටාමතරව වඩාත් සිත්ගන්නා සුළු කරුණ නම් අපේ අසල්වාසීන් වන දකුණු ඉන්දියාවේ ඇති වන සීඝ්‍රගාමී ආර්ථික වර්ධනයයි...


🇮🇷 ඉන්දියාවේ ඩොලර් ට්‍රිලියන 7 ක ආර්ථිකයෙන් 35% ක් දකුණු ප්‍රාන්ත දායක වනු ඇත. එය 2030 වන විට රට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 


🇮🇷 තමිල්නාඩුව සහ කර්නාටක දකුණේ ලැයිස්තුවේ පෙරමුණ ගනු ඇත.


🇮🇷 ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක, කේරළ, තමිල්නාඩු, තෙලංගනා යන ප්‍රාන්ත... සමස්ත ඩොලර් ට්‍රිලියන 7ක ආර්ථිකයෙන්... ඩොලර් ට්‍රිලියන 2.5ක් සාමූහිකව බෙදා ගන්නා බවයි.


🇮🇷 දැනටමත් දකුණු ඉන්දියාව දළ දේශීය නිෂ්පාදිතයෙන් 31%ක දායකත්වයක් සපයයි. මෙම කොටස 33 සහ 35% අතර වර්ධනය වනු ඇත. 


🇮🇷 සමස්තයක් ලෙස ගත් කල, ඉදිරි දශක ගණනාවකට දකුණු ඉන්දියාව රටේ වර්ධන එන්ජිම වනු ඇත.


🇮🇷 මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, ගුජරාට් සහ කර්නාටක රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% කට ආසන්න ප්‍රමාණයකට දායක වන බවත් ඒ අනාවැකි අතර වේ.


ඉදින් මෙවන් තත්වයක් තුල අප කළ යුත්තේ අසල්වැසියාට ප්‍රේම කිරීම නොව කරකාර බැඳගැනීම බව මහතිර් මොහොමඩ්ලා ලී කුවාන් යූ ලා ගෙනා ගස් ගෙම්බන්‍ට නොතේරීම උන්ගේ නොදැනුවත් කමට වඩා පට්ට දේශපාලන කුහකකමම මිස වෙන කිසිවක් නොවන්නේමය.


.

Feb 18, 2024

වන් ෆෝ සේල්

 


වන් ෆො සේල්

➖➖➖➖❤️


දුටු විට කිරි පිරෙන්නම කොලුවන්....... නැට්ට

ගහපන් අයියේ ඇදලා හිරටම.............. කට්ට

වන් ෆෝ සේල් ඇන්දට වහනට............ හැට්ට

ළඟදිම යාවී දෙන්නම දාගෙන............. දොට්ට


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

Feb 11, 2024

පෝට්ටු බයියන්ගේ පසුබෑම ඔවුන්ගේ අවසානය විය හැකිය (නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)

 


පෝට්ටු බයියන්ගේ පසුබෑම

ඔවුන්ගේ අවසානය විය හැකිය

(නාමල්ගේ නෝමල් නොවන ඇටිටියුඩ්)

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


රනිල් ලොක්කා ජනාධිපතිවරණයක් තියයි කියා මා නම් සිතන්නේ නැතිය. බොහෝ විට සිඳුවිය හැක්කේ... පලාත් සභා හෝ මහ මැතිවරණය මුලින්ම තබා... එහි ප්‍රථිපලය අනුව ඊලඟ පියවරට යාමය. රනිල් කියන්නේ ජේ ආර් ගේ බෑනා බව මතක තබා ගැන්ම කාටත් යහපත් වන්නේය.


කෙසේ හෝ ජනපතිවරණය පැවත් වූවත්... රනිල්, සජිත් හෝ අනුර යන තිදෙනාටම 50% ඉක්මවූ බලයක් ලැබෙන්නේ නැතිය.  එසේ පවත්වන්නේ යැයි සිතා.... පෝට්ටු බයියන්ගේ නායකයින් වන රාජපක්ෂලා මේ වන විට සිටිනා මතය... මාරම ලොල් සගගතය.


නාමල් කියන්නේ, තවමත් 30% චන්ද ප්‍රතිශතයක් ඔවුන් සතු බවය... ඔවුන් මෙම තක්සේරුවට පැමිණ ඇත්තේ කෙසේදැයි කියන්නට මා නම් දන්නේ නැතිය.. 


එසේ පවසන ඔවුන් සිතන්නේ... මීළඟ මැතිවරණයකින් විපක්ෂයට ගොස්... නැවත මාස 6 කින් බලය ලබා ගැන්මට හැකි බවය. ඒ ඊළඟට එන මේක කරගැනීමට නොහැකිව ගෝටා මෙන් පලා යාවියැයි සිතලාය. 


ඔවුන්ට මේ දිරච්ච ළණු දෙන්නේ මොකාදැයි කියන්නට මා නොදන්නා නමුත්, මාතලන්ට නම් කීමට ඇත්තේ... යහපාලන සමයේ මෙන්.. නාමල්ට යෝෂිතට පමණක් නොව, රාජපක්ෂලාගේ හත්මුතු පරම්පරාවටම ඉතිරි ජීවත කාළයම ගෙවන්නට වෙන්නේ සිරගෙදර පමණක්ම බවය. 


එපමණක් නොව සියළු දේපල "කුපිත වූ ජනතාව" විසින් නැවතත් අළු දූවිලි කර දමන අතර, සියළු වත්කම් රජයට පවරා ගැන්ම අනිවාර්යයෙන් සිඳුවනු ඇත්තේය. ඒ බව සජිත් මෙන්ම අනුර කුමාරයාද දිවුරා පොරොන්දු දී අවසානය.


එසේ වන්නේ ඔවුන් මොළේ බලයෙන් නොව ඇඟේ බලයෙන් දේශපාලනය කල පිරිසක් නිසාය. බලය පැවති කාළයේ පිස්සන් මෙන් හැසිරුන නිසාය. පිස්සු කෙලිය නිසාය. එම උන රෝගය අවසන් වූයේ... මැයි 9 වනදා... විරුද්ධවාදීන් විසින් ඔවුන්ගේ ගෝලයින් බේරේ බස්සා... පාරේ හෙලිවැල්ලෙන් යැවීමෙන් අනතුරුවය.


එපමණක් නොව අමරකීර්තී අතුකෝරාල නිවන් යැවූ අතර... මහ උන්ගේ නිවෙස් 80 ගනනක් ගිනි තබා දැමුවේය. පෝට්ටු චන්ඩින් නෝන්ඩි වූවා පමණක් නොව... දැන් ඔවුන් ඉන්නේ අම්බානට බය වෙලාය. උන්ට කඩේ ගිය උන් දැන් ඉන්නේ සද්දේ වහලාය. 


එහෙත් ඉන් බියට පත් නොවී ජනතාව අතරට අදටත් යන කීප දෙනෙකුද පෝට්ටුවට සිටින්නේය. එහි මූලිකත්වය ගෙන කටයුතු කළ සනත් නිශාන්තගේ හදිසි අභාවය විරුද්ධවාදින්ගේ ප්‍රීතී ප්‍රමෝදයට හේතූ වූයේ ඒ නිසාමය. 


දැන් ප්‍රසන්න රණතුංග එයට නායකත්වය දෙමින් සිටී. එමෙන්ම රත්තරන් හා ලන්සාද තම බල ප්‍රදේශයන්  තුල තම බලය ගොඩනඟමින් සිටී. සිඳු විය යුත්තේද මෙයමය. චන්ඩි පාට් දමා හොක්ක බිම ඇනගෙන නෝන්ඩි වෙන්නේ නැතිව... දැන් මොළයෙන් දේශපාලනය කළ යුතු කාළය පැමිණ ඇත. පාක්ෂිකයන්ගේ බිය තුරන් වන්නේද එවිටය. 


ලාංකීය දේශපාලනය තුල මේ බිම් මට්ටමේ දේශපාලනය ඉතා වැදගත් සාධකයකි. ජනතා නියෝජිතයෝ... සැබෑම ජනතා නියෝජිතයෝ විය යුතුමය. ඔවුන් සිටිය යුත්තේ කොළඹ හතේ නොව... තමන්ගේ බල ප්‍රදේශයේ ජනතාව සමඟය. සතියට එක් දිනක් හෝ තම ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට නොහැකි නම්... මීළඟ චන්දයෙන් පසු යන්නට වෙනම රටක් දැන් සිටම සොයා ගන්නා එක ශරීර සෞඛ්‍යයට ඉතා හිතකරය.


මෙම කල්ට් එක... මෙතෙක් කාළයක් ඉතා හොඳින් ඉටුකළේද රාජපක්ෂලා හා පෝට්ටුවේ දේශපාලුවෝය. ඔවුන් 2019 ජනාධිපතිවරණයෙන් 52% ක් ලබා ගන්නේත්, මහ චන්දයෙන් 60% ලබා ගන්නේත් එබැවින්‍ය.


මූනිච්ඡාවට දේශපාලනය කරනා අනෙක් පක්ෂවලට අත් වූ ඉරණම ඔවුන්ගේ චන්ද ප්‍රථිපල දෙස බැලීමෙන් ගෝනෑම ඔනෙකුට බලාගත හැකිය. (සජබ 23.90%, ජාජබ 3.84%, එජාප 2.15%)


ඉදින් නාමල්ලා දැන් කළ යුතුව ඇත්තේ... කට්ට තුලට රිංගා මාස 6 කින් පස්සේ එලියට ඇවිත්... කට්ටට බෙර ගසන්නට බලා සිටීම නොව, දේශපාලනය කරන්න ආවා නම්... අප්පා කලාක් මෙන් පැය 24 ම දේශපාලනය කරනා එකය..


එහෙම නැතිව මහින්දගේ පුතා නිසා... මේ පින්වත් කුමාරයානෝ.. මහ රජානෝ  කර... අළුතෙන් රජෙක් පහලව ඇතේ.. කියා ප්‍රසස්ථි ගයා... රජ පුටුවේ තියන්න ඕනෑ ඕයි කියා... පුපේ ටින්කිරි ගාගෙන... අතින් තියාගෙන ඇරගන්න... එක බයියෙක් වත් නොඑනා බව නම්... කනගාටුවෙන් වුවත් ලියා තැබිය යුතුමය...


ඒ වගත් මෙසේය.....

Feb 8, 2024

දසවන ආරුක්කුව



 දසවන ආරුක්කුව

➖➖➖➖➖➖❤️


කොයි කවුරුත් කියයි එහි ඇත ආර්චස්  නමයක්

වඳිනට ගියෙමි එය සමඟින් පින් බර      නඩයක්

දුටු බව කී විටදි දැක්කයි ආ රුක්කුම       දහයක්

මුන් කියනවා මට නැත ගණිතය ගැන  මොළයක්


® කාව්ව සිරෝමනී මාතලන් 


#කුප්පකවි 

.

Feb 5, 2024

ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...


 ඉන්දියානූ ව්‍යාප්තවාදයේ සිට

ඉන්දියානූ ස්වයං වින්දනය දක්වා...

➖➖➖➖➖➖➖➖➖➖➖⭕▪️


වර්ෂ 2024 ක් වූ ෆෙබෘවරි මස 4 වනදා... එනම් අපේ නිදහස් දිනයදා වනතෙක් ජෙප්පෝ යනු උග්‍ර ඉන්දියානූ විරෝධීන්ම විය... ජවිපේ පන්ති පහෙන් එකක් වූයේ "ඉන්දියානූ ව්‍යාප්තවාදය" යන සබ්ජෙක්ට් එකය. 


ඉදින් ඔවුන් ජේ ආර් හා රජීව් අත්සන් කළ සාම ගිවිසුමට විරුද්ධව "ජේ ආර් මරමු" කියා අපේ හන්දියේ ටොනික් කඩේ ලෑල්ලේ රතු අකුරෙන් ළොකුවට ලිව්වේය. ඉන්දියානූ සාම සාධක හමුදාව ඔවුන් හැඳින් වූයේ වානර හමුදාව කියලාය.. ඒ කරලා කොළඹ කොටුවෙන් පටන් ගෙන මුළු රටම ගිනි තිබ්බේය. බොම්බේ ළූණූ ළොකු ළූණූ විය... මයිසූර් පරිප්පු රතු පරිප්පු විය....


දේශමාමක ස්වේච්ඡා කොම්‍රඩ්වරුන් හා කොම්‍රඩ්වරියන් 60,000 කට... නිවන් පුර රුවන් දොරටු විවෘත කර දුන්නේය. අවසානයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියානෝ විසින්... රෝහණ විජේවීර නම් චේ ගුවේරා නායකයා බොරැල්ල කනත්තෙන් ස්වර්ගස්ත කළ අතර... ඔවුන් පාවා දුන්නෝ දිවි රැකගෙන පක්ෂය මෙතෙක් දුර ගෙන ආවෝය. 


අප මේවා ලියන්නේ දැන් ඉන්නා ජේවීපී හුලිජ්ජා කොල්ලන්නට හා කෙල්ලන්ට මෙන්ම, 70 දශකයෙන් පසු උපන් හාල්පාරුවන්ගේ දැනගැන්ම පිණිසය.


අපරාදේ කියන්නේ... ඉන්පසු විප්ලව කරන්නට ගියහොත් වන්නේ බාබෙකිව් දමාගැන්ම බව අවබෝධ කරගත් ජෙප්පෝ... ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගත්තේය. එහෙත් ඒ බලය ලබා ගන්නා තෙක් කළ රඟපෑමක් පමණක් බව... මැයි 9 වනදා ඔවුන් ලෝකයටම පෙන්වා දුන්නේය.


ඇමරිකානූ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහායෙන්... රනිල් වික්‍රමසිංහ විසින් ජූලී චන්ග් නෝනාගේ මානුෂික මෙහෙයුම නතර නොකරන්නට... ජෙප්පෝ හා ජූලී චන්ග් රෙඩි වී උන්නේ... රනිල්ගේ නිවසට පසු, ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොල වන... දියවන්නාවේ ගවගාලද ගිනිතබා පොලොවට ෆ්ලැට් කරන්නටය.  ඒ ජේවීපි දේශපාලනයයි. එහි ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය හෝ දියුණුව නැති අතර.. ඇත්තේ අධිකාරිවාදය හා විනාශය පමනි.


රනිල් විසින් මේ සියල්ල බෙල්ලෙන් අල්ලා පොලොවේ ගසා දැමීම... ජූලී චන්ග් මෙන්ම අරගලය පිටුපස උන් සියළු බලවේගයන් හොල්මන් කරනා තීරණයක් විය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා කියන්නේ මෙවන් ගේම් වලට මිස.. වෙනත් රාජ්‍යයක ආධාරයෙන් චාරිකාවක යෙදී... සාකච්ඡා කර... අතට අතදී පැමිණීම නොවේ.. රාජ්‍යතාන්ත්‍රික බව කියන්නේ ඒවාට නම්... මෛත්‍රිපාල සිරිසේනට  එංගලන්තේ මහරැජිණ ඉතරක් නොව පුටීන් මෙන්ම බරක් ඔබාමාද අතට අත දී... පිටට තට්ටුත් දමා තිබෙනවාය.


වාමාංශිකයින්ගේ මේ මිලේච්ඡත්වය... ජේවීපීයේ වරදක් නොවේ... එය ලොවපුරාම පැවති හා තවමත් පවතින වාමවාදයේ, ෆැසිස්ට්වාදයේ, මාක්ස්වාදයේ, ට්‍රොට්ස්කිවාදයේ, බොල්ෂෙවික්වාදයේ නියමුවන් වූ... ලෙනින්ලා, කැස්ත්‍රෝලා, මාවෝලා, පොල්පොට්ලා, චේ ගුවේරාලා මෙන්ම කිම් ඉල් සුන්ලාගේ... සුන්නද්දූලී මිලේච්ඡ හා මිනීමරු දේශපාලනයයි... එහි අන් මතවලට... විපක්ෂවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ නොමැති අතර... ඇත්තේ භීෂණයම පමණි.


මේ අව් අස්සේ ඉන්දියානූ ජනමාධ්‍ය විසින් වාමාංශික මාක්ස්වාදී පක්ෂයක් ලෙස හඳුන්වන ජවිපෙට ඉන්දියානූ රජයේ ආරාධනාවකින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... වෙන්ට ජනපති අතිගරු කොම්‍රඩ් අනුර කුමා‍ර දිසානායක ශ්‍රීමතානන්ට හා පක්ෂයේ කිහිප දෙනෙකුට ආරාධනා ලැබෙනුයේ... එතුමා හා ජවිපේ නිලධාරීන් දෙසැම්බර් මාසයේ රහසේම සිඳුකළ චීන සංචාරයෙන් පසු වීම සුවිශේෂී කරුණක්ම වන්නේය.


මෙය... ඉන්දීය ප්‍රධාන පෙලේ මාධ්‍ය තුල මෙන්ම ජනප්‍රිය රැල්ලේ ගසාගෙන යන නියත ජයග්‍රහණයකින් ගිණිකන වැටී සිටිනා... ජවිපේ මෙන්ම ජාජබ ක්‍රියාකාරකයින්ගේ... කවි, කෙටිකතා, නිසදැස් හා හෑලී රචනා සියල්ලෙන් කියා සිටියේ... මීළඟ ජනාධිපති වීමට සිටිනා අනුර කුමාරයන්ට බිය වී... ඔහු ෂේප් කර ගැන්මට ඉන්දියාව විසින් කරනා ලද ආරාධනාවක් වශයෙනි.


එමෙන්ම ටිල්වින් සිල්වා මෑතකදි මේ රට තුල කළ ප්‍රකාෂයට සමාන අදහසක් එරට ජනමාධ්‍යයන් වෙත ලබා දුන්.... යටත් විජිත මැතිතුමා කියා සිටියේ... ඔවුන් තව දුරටත් වාමාංශික දේශපාලන වහලුන් නොව ලොව සියළු රාජ්‍යයන් හා නොබැඳි පිලිවෙතක් අනුගමනය කරමින් එම රාජ්‍යයන්ගේ සහායෙන් රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නා බවයි. කොටින්ම පිනට කෑමේ වර්ල්ඩ් චෑම්ස්ලා වන ජෙප්පෝ ඉන්දියාවේදී කියා සිටින්නේ... 


කන්න දෙනවා නම්, අපිට බොන්ඩ දෙනවා නම්...

මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ.... කියලාය...


ඇත්ත වශයෙන්ම අනුර කුමාර දිසානායක සඕදරයාගේ ඇඳුම හා බොඩි ලැන්ග්වේජ් එකද කියා පෑවේ එයාගේ ගෝලයන්ගේ මානසිකත්වයමය. ඇත්තටම ඉන්දියාව ජෙප්පන්ට තියා ඇමරිකාවේ රූකඩයක් වූ යැංකි ඩිකී හෙවත්... ජේ ආර් ජයවර්ධනට තබා.... ඔවුන්ගේම නිශ්පාදනයක් වූ... ප්‍රභාකරන්ටද බිය වූයේ නැත. වාතයක් වූ ප්‍රභාට ගේම දෙන්න ෆුල් සප් එක එන්නේ ඉන්දියාවෙන්මය. 


අනුර කුමාරලා මෙහි පැමිණි විගසම... කෙලින්ම මෝදී මැතිතුමා මුණගැසීමට යන්නේ... දෙමල සංධානයේ නව නායක ශ්‍රීධරන්‍ය. ඒ ශ්‍රීධරන් ජනාධිපති වෙයි කියලා බයට නොවේය. ඒ ඔවුන් ලංකාවේ තවත් ප්‍රබලම දේශපාලන සාධකයක් වන නිසාවෙනි. ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ෂේප් එකේ තබා ගැන්ම ඔවුන්ගේ ඒකායන අරමුණය.


ලංකාවේ අගය ලාංකිය දේශපාලන ගල් ඉබ්බන්ට තවමත් නොතේරුනද... ඉන්දියාව තේරුම් ගෙන අහවරය. ඉන්දියාව මේ මෑතක් වන තෙක්ම.... ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමට එරෙහිව කටයුතු කළද, චීනා හම්බන්තොට අයිති කර ගැන්මෙන් පසු... ලංකාව ඔවුන්ගේ ආයෝජනයන්ට කෙතරම් වැදගත් තැනක්ද යන්න තේරුම් ගෙන අවසානය. විශේෂයෙන් වරායන් හා නාවුක ක්ෂේත්‍රයේ ඇති කැපෑසිටිය ඔවුන් හොඳින්ම අවබෝධ කරගෙන ඇත... එපමණක් නොව ගුවන් තොටුපල හා ගුවන් ගමන් ක්ෂේත්‍රය මෙන්ම පුණර්ජනනීය බලශක්ති හා සංචාරක ක්ෂේශ්ත්‍රයන්හී ආයෝජන විශාල වශයෙන් සිඳුකිරීමට ආයෝජකයෝ පෙලගැසී සිටිති... එබැවින් කුමන පාලනයක් යටතේ වුවද.... ඔවුන්ගේ ආයෝජනයන්ට කිසිඳු අවහිරයක් නොවනා බවට සහතිකයන් ලබා ගැන්ම ඔවුන්ගේ අභිලාෂයයි.


මින් මතු ජවිපෙටද ඊට අනුකූලව කටයුතු කිරීම හැර වෙනත් විකල්පයක් ඇත්තේ නැතිය. චීනා ලංකාවේ ආයෝජනයන්ට යලිඳු එන්නේ නැති බව මාතලන් මීට පෙර කීප අවස්ථාවකම ලියා ඇති අතර අද එය සනාථ වී අවසානය.. එකම පිහිට ඉන්දියාව පමණමය. ඉදින් මින් මනතට ජෙප්පන්ට ඉන්දියාවට හෝ ඉන්දියානූ ව්‍යාපෘතීන් කිසිවකට හෝ විරුද්ධව කටක් හොල්ලන්නට වන්නේ නැතිය. ඇත්තටම මෙය ජේවීපි චන්ඩි නොන්ඩි කිරීමකි.


කෙසේ හෝ මේ සියල්ල සිඳුවන්නේ රනිල් වික්‍රමසිංහ, මෝදී, චන්ද්‍රිකා හා රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් බව නොදන්නා.... මතුපිට දේශපාලනය මත පමණක් හැදෑරීමෙන් ස්වයං මෝහණයට පත්ව ස්වයං වින්දනයේ යෙදෙන්නන් දැක්කාම... අපට ඔවුන් ගැන අප සිත් තුල ඇති වන්නේ... සානුකම්පිත අනුකම්පාවක් පමණමය.


වත්මන් ජාත්‍යන්තර දේශපාලනයේ... ඉන්දියාවට මෙන්ම, ඉන්දීය රාජ්‍ය නායක මෝදිටද ඇත්තේ... කිසිවකුටත් දෙවන නොවන තත්වයකි. ඒ බව යූක්‍රේන යුද්ධයේදී මෙන්ම හමාස් යුද්ධයේදීද ඉතා පැහැදිලිව දක්නට ලැබින. 


කිසිවකුටත් බිය නැති එවන් රාජ්‍යයක්.... ජවිපේ නායකයාට හා පාලනයකට බිය වී ඇතැයි සිතන්නෝ... අමු ගං කබර ළිං මැඩියෝම මිස... දේශපාලනය යන විෂයයෙහි මළ පොත අකුරක් හෝ නොදන්නා අඳබාලයෝම බව සඳහන් කරමින් මේ පල් හෑල්ල මෙතකින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය......