සම්මාන ගැන මාතලන්ට තියෙන්නේ වෙනම මතයක්. බ්ලොග් වලටත් නොයෙක් නොයෙක් සම්මාන ලැබිලා තියෙනවා. සමහර සම්මාන නම්, බ්ලොග් ලියන උන්ගේ හාස්‍යයටත් ලක් වෙනවා. ඒත් "ටැබූ සම්මාන" ගැන නම් කවුරුත් වරදක් කියනවා අහලා නෑ. ඒ වගේම මාතලන් බ්ලොග් ලියන්න ආපු දවස්වල සින්ඩි වලිනුත් බ්ලොග් සම්මාන දුන්නා. මාතලන්ටත් සින්ඩියක් තියෙන නිසා, මාතලන්ටත් කීප විටක්ම හිතුනා එහෙම අගය කිරීමක් කරනවා නම් හොඳයි නේද කියලා. ඒත් ඒ අදහස පස්සෙ අමතක වෙලා ගියා.
හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්....
.
Showing posts with label Henry Blog-walker. Show all posts
Showing posts with label Henry Blog-walker. Show all posts
Dec 30, 2014
Nov 12, 2012
කූඩැල්ලා - දෙවන කොටස (පොඩි අය අම්මිලගෙන් අහලා බලන්න) - The Leech - Part II
කූඩැල්ලා පළවන කොටස - මෙතනින් කියවන්න
මුලින්ම කියන්න ඕන.... මේක ටිකක් දිගයි... කේන්ති ගන්න එපා ඕන්...
ඒත් මැනිකගේ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.
උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..
ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.
Nov 10, 2012
කූඩැල්ලා (පොඩි අය අම්මලගෙන් අහලා බලන්න) - The Leech...
![]() |
| කෙහෙල් කොට පාරුව.. මේ ඉන්නෙ නම් අපි නෙමෙයි |
කලින්ම කියනවා මේක මට මතක් උනේ, "හෙන්රි බ්ලොග්වෝකර්" ලියන ඇන්ඩි ග්‍රිෆිත් ගේ පට්ට කතා දැක්කමයි. හෙන්රී වගේ ලස්සනට ලියන්න මට නම් බෑ. ඒත් මේ කතාවේ... ඒ අභාෂය නම් එකසිය ගානට තියෙන්න පුළුවන්. මොකද මම ඒ ශෛලියට ((හරිද මන්දා වචනේ), ඇල්කේමියාට තුති) කැමති නිසා. විශේෂයෙන්ම "කැරපොත්තා " කතාව කියෙව්වයින් පස්සේ. ඔයාලා ඒක බලලා නැත්නම් බලලම එන්න. එතකොට තේරේවී අපි පොඩි කාළෙත් මේ වගේ දේවල්, අපිටත් කොච්චර නම් වෙලා ඇතිද කියලා.
Subscribe to:
Posts (Atom)

.jpg)
