.

.

Feb 28, 2013

"ස" අපලේ - Bad Luck "Sa"


ඔය පින්තූරේ තියෙන "ස" යන්න, හෝඩියේ තිබුන "ස" යන්නටත් වඩා, දෑසට හුරුවු පරම්පරාවක් ලංකාවේ සිටිනවාය. ඔය වික්ටර් රත්නායකගේ "ස" ය. එයාගේ ඒක පුදගල ගී ප්‍රසංගයේ නමය. ඒ ප්‍රසංගය ගැන නම් කතා කොරලා වැඩක් නැතිය. අදටත් ඒ තරම් පට්ට සෝ එකක් නම්, එකෙක්වත් කලේ නැතිය. මගෙත් ප්‍රියතම ගායකයෙක්ය. හැබයි එයාගේ අදහස් නම් බව්වා මාක්ය. එයා කියන්නේ එයාල විතරක් උන්නාම ඇති කියාය. ඕක ඒ උන්නෑහේට පමණක් නොව අපේ කමේ ලක්සනයක්ය. එහෙම නැත්නම් අපි සිරි ලාංකිකයෝ නෙමෙයිය. "ස" ගැන මතක් උනේ, කෙන්ජියා මගේ පෝස්ට් එකට දාලා තිබුන කොමෙන්ට් එකක් දැකලාය. ඌ විකටර්ගේ "ස" ප්‍රසංගයේ, කුණුහබ්බ කැසට් එක ගැන මතක් කරලා තිබුන නිසාය.

Feb 26, 2013

මුස්ලිම් සාධුගේ ධර්ම දේශණාව (18+) - Preaching by a Buddhist Monk (18+)


මේ කතාව නම් බොහෝම පරණ කතාවක්ය. ගොඩාක් උන් දන්නවාත් ඇතිය. ඒත් අළුත් උන් නම් නොදන්නා බව ෂුවර්ය. "පුක ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස්" කතාව, අපේ ඩියුඩ් නොහොත් හෙන්‍රිත් නොදන්න නිසා, ඒ ගැන පුදුම වෙන්න දෙකුත් නැතිය. ඒකත් පස්සේ වෙලාවක ලියන්නම්ය. මේක ලියන්න මතක් උනේ, මුස්ලිම් කොල්ලෙක් කොළොන්නාවේ පන්සලක මහණ වෙලා, ඒකට අපේ අන්වර් මනතුංග පොඩ්ඩක් විතර අප්ෂට් වෙලා පෝස්ට් එකක් දාලා තිබුන නිසාය. ඒත් එයැයි කියන විදියට නම්, කලින් එයත් බෞද්ධයෙක්ය, දැන් ශ්‍රද්ධාවන්ත ඉස්ලාම බක්තිකයෙක්ය. එයාට ඒකේ අවුලක් නැත්තේය.

Feb 25, 2013

පිච්චු කෙලින් පුත්තු - Black Sheeps



දන ගාද්දි ඇවිදින්නට ගීයේ තාලයට ගයා සැනසෙන්න....


දන ගා..ද්දි ඇවිදින්නට, මට අත දුන්න......
කුඩු වෙන්නට කෙලිනා හැටි, කියලා දුන්න.....
පාසිකුඩාවේ දුන්නා.... ඇට කුඩු වෙන්න....
දුවලා ඇවිත් තාත්තේ එලියට ගන්න.....
දුවලා ඇවිත් තාත්තෙ එලියට ගන්න.....//

Feb 23, 2013

ආර්ථික ඝාතකයෝ - Economy Killers



රැයේ නිදා, උදයේ කබ කඩන කොට....
ඇස්. ඇම්. ඇස්. එකක් එවලා මට දෙරණෙන්
පැට්‍රල්, භූමිතෙල්, කුප්පියේ ලාම්පු තෙල්....
ගනන් උස්සලා අපෙ නව ඇමති සඳ....

Feb 21, 2013

මිනී මරණ මුවෝ - Deer, (Dear) U Kill me.......


හාමුදුරුවෝ කොච්චර ෆිට් උනත්, මම පන්සල පැත්තේ නොගියොත්, මට බනිනවාය. ඒ පින් දහම් කටයුතු කරන්නේ නෑ, ඒවාට සහබාගි වන්නේ නෑ කියාය. එතකොට මම කියන්නේ හාමුදුරුවනේ මම පව් කරන්නෙ නෑනේ, ඒ නිසා එන්නේ ඕනේ නෑනේ කිව්වාම, උන්නාන්සේ කියන්නේ මාතලන් මහත්තයෝ, හාවෝ මුවොත් පව් කරන්නෙ නෑනේ, හරි අහිංසකයිනේ, ඒත් ඉතින් මෙළෝ රහක් නෑනේ කියලාය. ඉඳලා හිටලා පන්සලට ගියාම, අහන ප්‍රශ්ණවලට කුසුම් වැඩම කරවාගෙන, (මල පැන) මාව එලවලා දාන්නේත්, උන්වහන්සේමය. ඒ මගේ හැටිය, කඹුරුගමුවේ වජිර හාමුදුරුවොත් දහම් පාසලෙන් මාව එලෙව්වේ, අනවශ්‍ය ප්‍රශ්ණ අහනවා කියලාය. ඒ උනාට බුදු හාමුදුරුවෝ නම් දේෂනා කර තියෙන්නේ ප්‍රශ්න කරන්න කියලාය.

Feb 20, 2013

චන්ද්‍රිකාගේ පොත - Autobiography of Madam Chandrika



මහ රෑ ෆෝන් එක වැදුනාම, ආනසර් කරන්න ඉස්සෙල්ලා නොම්බරේ බැලුවාම, නොදන්නා නොම්බරයක් නිසා, සෑකෙන් ආන්සර් කලාම, එහා පැත්තෙන පැත්තෙන් පිරිමි කටහඬකින්  ඇහුවේ "හලෝ මාතලන්ද" කියාය. "ඔව් මචං කව්ද...?" කියා ඇහුවාම එහෙන් කිව්වේ "මම මේ චන්ද්‍රිකා..." කියාය. "මොන චන්ද්‍රිකාද බන්... නිදිමතයි... නිදා ගන්න දියන්කෝ..." කිව්වාම, එහෙන් කිව්වේ "මම ප්‍රසිඩන්ට් චන්ද්‍රිකා..." කියලාය. "අම්මට හුඩු.... මේ අපේ මැඩම්නේ... මක්කටෙයි මැඩම් මේ මහ රෑ කෝල් කලේ...?" කියා අහුවාම එයා කිව්වේ. "මම මේ මගේ ඔටෝබයෝග්‍රෆිය ලියන්න කෙනෙක් හොයනවා..... මාතලන්ට බැරිද වැඩේ කරන්න... කියලාය.  මම කිව්වේ "මැඩම්.... ඇයි විකටර් අයිවන් ලියලා ඉවරනේ... ආයිත් ලියන්නේ අහවල් එකද...? කියලාය.

Feb 18, 2013

ඇඟිලි ගැහිල්ල - 2 (ජෝක් එක.. (18+)) - Fingering - 2 (Joke (18+))


ගියවර ලියන්න ගිය එක තියෙත්දී ලිය උනේ වෙන මළදන්නයක්ය. ඒ නිසා අද කෙලින්ම ජෝක් එක ලියන්නම්ය. ඔය තරුණ ළමයි ගෙවල් වලට හොරෙන් ලව් කලාට. ගෙවල් වල කැමැත්තෙනුත් ලව් කරන උන් ඉන්නවාය. ගොඩාක් වෙලාවට එහෙම සෙට් වෙන්නේ එක්කෝ පොඩි කාලේ ඉඳන් කොලු කෙලි බේදයක් නැතුව ආස්සරේ කොරලාය. මෙහෙම පොඩි කාළේ මිතුරුකම් ලොකු වෙන කොට ලව් බවට පත් වෙනවාය. සමහර ලව් ඉලව් වෙන වෙලාවලුත් තියෙනවාය. ඒ ඉතින් කොහෙන් හරි කොක්කක් සෙට් උනාමය.

Feb 16, 2013

ඇඟිලි ගැහිල්ල. (18+) - Fingering (18+)


ඇඟිලි ගැහිල්ල කියා කියපු ගමන වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්ය. කෙල්ලෝ නම් එහෙම හිතන්නේ නැතිය. මොකෝ ලංකාවේ කෙල්ලෝ වල් නැතිය. හරිම අහිංසකය, සුකොමාලය, ළඳ බොළඳය, දහම් පාසල් යනවාය, සන්ඩේ ස්කූල් යනවාය. සිලුත් ගන්නවාය. පති දම් රකිනවාය. ඒ නිසා එයාල ඔය පර කොල්ලෝ වගේ සිතන්නේ නැතිය. කොල්ලෝ නම් කියන්නේ එයාලා, එයාලාගෙම ඒවාට ඇඟිලි ගහගන්නවා කියාය. ඒ උනාට ඒ කතාව බොරුය. ඒයාලා අනුන්ගේ ඒවාට නම් ඇඟිලි ගහන්න හරිම දස්සය. එහෙමම කිව්වොත් එයාලා මාත් එක්ක තරහ වෙනවාය. බේදයක් නැතුව අපේ අය අනුන්ගේ ඒවාට ඇඟිලි ගහන්න නම් හරිම මනාපය.

Feb 14, 2013

ස්තූතියි ඩොක්ටර් හා ස්කෑන් ලෙඩේ - Thank You Dr. & Scan Scandal


මුලින්ම සතුටින් සඳහන් කළ යුතුව ඇත්තේ, මතවාද අතරින් වූවද, අපේ හඬටත් සවන් දෙන පිරිසක් ඉන්නා බව දැන ගැනීමට ලැබුනු බවයි. මාතලන්ගේ අදහස වූයේ, නිර්ධන විවේචනය නොව සාධාරණ විවේච්නවලින් සමාජය ටිකක් හෝ යහපත් අතට ගැනීමට බ්ලොග් වලටත් යමක් කළ හැකි බවයි. "ටැබූ", බ්ලොග් සමාජයේ පමණක් නොව, ඉන් එහා සමාජයේද, කතිකාවට භාජනය වූවාක් මෙන්ම, අනෙක් බ්ලොග් කරුවන්ගේ අදහස්ද, සමාජයේ කතිකාවට ලක්වන බව දැන ගැනීම ඉමහත් සතුටකි.

Feb 13, 2013

වැලන්ටයින් සිහිවෙන්න ගේමක් දෙමු - Lets pray for Valentine


වැලන්ටයිගේ දවසෙ කරන්න කියලා විශේෂ දෙයක් ගැන කල්පනා කර කර ඉන්න කොට, දුකාගේ පෝස්ට් එකක් දැක්කා අහම්බෙන්. පස්සේ ඒකේ තියෙන් නොම්බර වලට කතා කරලා බැලුවම, කැළණියේ කොල්ලෝ සෙට් එකක්. මර්වින් සිල්වගේ කස්ටිය නෙමෙයි අනේ.... මුන් විස්ස විජ්ජාලේ ෆයිනල් ඉයර් එකේ කොල්ලෝ සෙට් එකක්. පාඩම් කරන අතරෙමයි කතාකලෙත්.

දුකා දැකලා තියෙන්නෙත් වචන ටැක්සි කියන බ්ලොග් එකේ තිබිලා. වචන ටැක්සිට ඇවිත් තියෙන්නෙත් ඇස් ඇම් ඇස් එකක්. කොල්ලෝ දෙන්නට කතා කලාම, උන් කිව්වේ, අම්පාර වරාපිටියේ දුප්පත්ම දුප්පත් ඉස්කෝලෙකට පරිතාග්‍ය කරන්න පොත් ටිකක් එකතු කර ගන්න එකයි උන්ගේ ට්‍රයි එක කියලා. 

අපේ බ්ලොග් ලියන කියවන අයත්, පිනට දහමට බොහෝම ලැදි අයනේ. දෙන දෙයක් තමයි අන්තීමට ඉතුරුවෙන්නේ. ඒ නිසා හැමෝම එක පොතක් හරි දන්දීලා, ආදරවන්තයින් වෙනුවෙන් දිවි දුන්, වැලන්ටයින් තුමාටත් ඒ පින් අනුමෝදම් කරානම්. මම හිතන්නේ ඒක තමයි වැලන්ටයින්ට කරන්න පුළුවන් ළොකුම උපහාරේ කියලා.

කතා කරන්න ඕන මේ දෙන්නට -

                                      ගාමිණි බස්නායක - 0716  015  434
                         ලහිරු කිතලගම - 0715  468  431 

පොඩි උන් පොත පත කියවන්න පුරුදු කරාම උන්ට තේරේවී වැලන්ටයින් කියන්නේ කව්ද. එයාව සමරන්න ඕන කොහොමද කියලා..

ස්තූතියි....

Feb 12, 2013

අහෝ වැලන්ටයින් සහ මදන කුලප්පුව - Oh No Valentine & Sex Maniac



අහෝ වැලන්ටයින්....!!!

අහුවෙන්නට එපා පුතේ.
අවුවෙන්නට එපා දුවේ.
කුරු මන්තන කරු වෙකි බටහිර,
වැලන්ටයින් උතුමානෝ....!!!
ආවේ නැතත් එයා.... මෙහේ...
පැනි හැලුවා..., මල් කැඩුවා....
ඉතිහාසෙත් ලව් කෙරුවා....


Feb 10, 2013

හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors


මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම් මාර්ගය ලෙසින් නිසාය. එකම ආගමකවත් අපෙන් දෙයක් ගන්නවා විනා. අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැත. මිනිසුන් බය කර, එයාලා ජීවත් වෙනවාය. බය වෙන්නම බලාගෙන ඉන්න අය, එයාලාට අහුවෙනවාය. අද නම් සියළුම ආගම් බිස්නස් එකක්ය. අපේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමේ ධර්මය දේශනා කරන්නටත් ගානක් ගන්නවාය. ඒ ඇවිත් කියනා අළුත් දෙයක් නැත්තේය. කියන්නේ, අවුරුදු 2500 කටත් එහා කතන්දර සෙට් එකය. ඒක කියා පොරි හැලෙන ගානක් කඩාගෙන යනවාය. හරියට ගායකයෝ වගේය. ඉතින් එහෙම බය වෙන්න ඕන අය, බය උනාට මට අවුලක් නැත්තේය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක බය වෙන්නත් නිදහස ඕනෑ තරම් ඇත.

Feb 4, 2013

අතපසු වී අත් කැපීම - Medical Malpractice


අපේ රටේ පෞද්ගලික ඉස්පිරිතාල සෙල්ලම ගැන මෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හුටපටේ ගැන මා කලින් ලිව්වේය. අද එය යට ගොස් ඇති කාරණයක් වන අතර මාලබේ කරන්නේ පට්ට පල් බොරුවක් බව අද ඔප්පුවී හමාරය. කොහොමත් අපේ වෛද්‍යවරුන්ගේ උපාධිය, පිට රටවල පිලිගන්නේ නැත. ඔවුන් එම රටවලදි නැවතත් විභාගවලට පෙනි සිටිය යුතුය. පච කෙලියාට ඇත්ත එයයි. අනෙක් කාරණය නම්, අපේ වෛද්‍යවරුන් පුහුණුකිරීම අන් සෑම දෙයක් මෙන්ම යාවත්කාලීන නොවී ඇති බවයි. එය එංගලන්ත වාර්ථාවකින් පෙන්වා දෙන අතරම. අපේ රටේ මනෝ වෛද්‍යවරුන්ද පවසනුයේ, වෙද කම දැන උන්නත්, හෙද කම ගැන මෙළෝ සංසාර දෙයක් නොදන්නා බවයි.