ෆුඩ් සිටි රැප්පෙක
➖➖➖➖➖➖🚛
ගෙදර යන ගමන් අපි යමු... ගොඩ වෙලා ඇති ළඟම ෆුඩ් සිටි...
වටවෙලා නෙලනවා ඉට්ටාප්පෙක... සත්ත පට පට රොම්බ අලි ගුටි...
කපලා හොදි දාලා අරගෙන... කන ගමන් නානාගේ වඳ රොටි...
අරන් පැත්තක් නෙලමු වට වී... ඒ අපේ රට උපන් ගෙයි හැටි...
බැලුවා වාගෙයි ටැමිල් ෂෝ... මර දානේ පෝලිමෙ ඉඳ සිනේ සිටි...//
සිල් අරන් දැන් දරු වගේ අප්පා... ඉන්නෙ මැගසින් බන් ධනා ගාරේ....
කොළඹ ඇත්තේ නෑ නේ බං.... තලන් නත් ගල් දාලා බෝරේ...
ඒක වෙන්නැති ගොඩ උනේ... ෆුඩ් සිටිම යන්නට කොටා පාරේ...
ෂැෂේ පොඩි පැක් එකක් ගත්තොත්... මදි වේවි ඒ අපේ ආරේ...
හොද්ද බොර වෙයි ටික කලක් දැන්.... මොකෝ උඹ යූ ටියුබ් බාරේ...//
පොලීසිය ෆුඩ් සිටිය පැත් තේ... ඉඳන් ඇඹරුවෙ ගල් පැලෙන බොරු...
උඹත් නැති බැරි කමෙයි කියලා... කළ වැඩේ නම් වෙන්නේ නෑ මරු...
එත් සුපිරිම හොරුන්ටත් අපි... කියන්නේ නම් මැති ඇමති ගරු....
එම නිසා ගෙන වරෙන් පනතක්... හොර කමත් නීතියේ පොත් කෙරු...
රංගනගෙ කොපි චැට් ටෙකට ආවම.. හොරු උනත් බැබලෙන සුපිරි තරු....//
- කාව්ව සිරෝමනී මාතලන් -
#පොලිපොයට්
.