.

.

Apr 30, 2022

පසුගිය සතියේ දේශපාලනය

 


මහින්ද මහත්තයා අගමැති කමින් එලවිය යුතුය කියා හිටපු කැබිනට් ඇමතියකුගෙන් ජරාව කෑ පසුපෙල අපතයන් පස් දෙනා දැන් කියන්නේ පෝට්ටුව විපක්ෂයට යන්න ඕන නෑ කියලාය.

ඕකුන්ට හිටපු කැබිනට් ඇමතියා දුන්න ගානට වඩා ගානක් දුන්නාම ආයෙත් මේ පැත්තේය.

මහින්ද මහත්තයා මොකා කිව්වත් අගමැති කමෙන් යන්නේ නෑ කියා අවසානය.

ඝෝඨා  ජනපති කමෙන් යන්නේ නෑ කීවේ ඊට පෙරය.

ඒ කියන්නේ මේ ආන්ඩුව හා අගමැති එලවන්න නම් අනිවාර්‍යයෙන් විවිශ්වාසභංගයකුත්,
ජනාධිපති ගෝ හෝම් කරන්න දෝෂාභියෝගයකුත් ගෙන ආ යුතුය.

මහානායක හිමිවරුන්ගේ අත්සන හොරට ගැසූ ඕමල්පේ සෝභිත පාදිලියා දැන් මහින්දට කෙලීමට සංඝ ආඥාවක් ගේනවා යැයි කියයි.

සංඝ ආඥා ව්‍යවස්ථාවට අදාලදැයි නීතීඥ සංගමය හෝ නීතීඥ සංගමයේ සභාපති රටට කිව යුතුය.

ඕමල්පේ දැන් සජිත්ට කොක්ක අදිමින් සිටී. ඒ සර්වපාක්ෂික ආන්ඩුවකට හෝ අන්තර්කාලීන පාලනයකට එන්නේ නැතෙයි කියලාය. ඕමල්පේ පිටුපසින් ඉන්නේ පාඨලී හා 43 සේනාංකයය. පාඨලි පා ගමනේ නැත. කොයි වෙලේ හෝ පිටුපසින් සිට බෲටස් ගේ වැඩේ කරනවාය.

සජිත් ගේන කිසිම දේකට විමල් අස්සන් කරන්නේ නැතයි ඌ කියනවාය.

විමල්ලා සිරිසේනලා ගේනා කිසිම දේකට සජිට් අත්සන් කරන්නේ නැතයි කියා සජිත් කියනවාය.

මහින්ද කියන්නේ එයාට 117 ක් ඉන්නවාය කියලාය.

ඊයේ ඝෝඨා හා සාකච්ඡාවට ගිහින් සිරිසේනයා කෙලියේ අමු පචයක් බව වාසිදේව මොහොතකින් හෙලි කළේය.

එම රැස්වීමේදී පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතු බවට ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ ගෙවිඳු කුමාරතුංග සරමත් සමඟ එලියට පැමිණ තිබෙන්නේ බොහෝ අමාරුවෙනි. 

ඇත්තටම මුන්ට බැනලා වැඩක් නැත්තේ, මුන් ජාතික ලයිස්තුවෙන් අරගෙන දැන් බටරුත් නැතිව අරින්න දීලාත් බලාගෙන ඉන්නා උන් ඔහේ ඉන්නා නිසාය.

ඒ අස්සේ ටික්ටොක්ගමේ රවුමක් ගසා වනසන්නාගේ ගංජා සුරුට්ටුවක් ගසා පුප චූන් වූ නිර්මාල් රංජිත් දේවසිරි කියන්නේ එයා ජනතා මන්ත්‍රන සභාවක් හදනවා කියලාය.

ටික්ටොක්ගමේ උන් කියන්නේ පැන්ෂන් ගිය මයිනන්ගේ හා මයිනියන්ගේ බයිලා උන්ට වැඩක් නැතෙයිය අපි කියන දේ තමා හරි කියලාය.

දැන් ගමේ උන්, උන්නුන් මරා ගන්නවාය.

එතන ඉන්න බුද්ධිමත් තරුණ ප්‍රජාවගේ හඬට ඇහුන්කන් දිය යුතුයි කී සැටලයිට් නෝනාගේ අප්පුච්චා හෙවත් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ නිර්මාතෘ බන්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ඇස් දෙක කළු රෙදි කඩකින් වසා දැම්මේය.

දැන් සැටලයිට් නෝනාගේ ඉතරක් නොව රනිල් සුනේත්‍රා පාක්‍යසෝතී ප්‍රභූ සැට්ටේකම ඉහ මොළ රත් වී ඇතුවාට සැක නැතිය.

මුන් බන්ඩාට කල දේ හෙට වන විට රට වටේ ඇති පිළිම සියල්ලටම කරනවාය. ඒ එයාලා බුද්ධිමත් වෙනස් ජෙනරේෂන් එකක් නිසාය.

උන්ට අබ මල් රේණුවක හානියක් නොකරන බවට ජනාධිපතිතුමා සියල්ලන්ටම උපදෙස් දී අවසානය.

පුලුවන්නම් ඕකත් ටුවරිසම් ඇට්ට්‍රෑක්සොන් එකක් කර අම්මට සිරි ලංකාවේ හා රාජපක්ෂලාගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ප්‍රදර්ශනය කළ යුතුය.

ආර්ථික අර්බුදයට විසදුම් සොයා අවසානය.
ඉන්දියාව හා මිත්‍ර රටවලින් ආධාර ගලා ඒ.

දැන් ඇත්තේ දේශපාලන අර්බුධයට පිළිතුරු සෙවීමය.

ඒ වෙනුවෙන් ලබන 4 වනදා පාර්ලිමේන්තුවේ වෙන්නේ කුමක්දැයි කියා දේශපාලනය දන්නා උන් ඇස් ඇරගෙන බලා සිටිනවාය...

Apr 28, 2022

බොරු කාරයන්ට වැඩ බැරිය. වැඩ කාරයන්ට බොරු බැරිය.


 

බොරු කාරයන්ට වැඩ බැරිය

වැඩ කාරයන්ට බොරු බැරිය

.

රට ආර්ථික වශයෙන් බින්දුවටම ඇද දැමුවේ ගොම්මන්පිල නම් නොම්මර එකේ අපතයා ඇමතිකමේ සිට කෙලී පිස්සු නිසාය.

ඉන්ධන හිඟයක් මවා පෝලිම් ඇතිකර රටේ ඉන්ධන අර්බුධයක් හා විදුලි අර්බුධයක් එකවර ඇති කලේ හූනියන් කාරයෝ හා එක් වූ මේ ගල් මූසලයාය. මිනිස්සු බියකර පෝලිම් නිර්මාණය කලේ ඔහුය. 

එහි වැරැද්ද උන්ගේ නොව ඝෝඨාගේමය.ඒ මේ වගේ වැඩ බැරි ටාසන්ලාට කැබිනට් ඇමතිකම් දීපු එකය.

හැබයි ඌ ගැලවිජ්ජාවට කිව්වේ අර්බුධයට හේතුව ඩොලර් නැති කමෙයි කියලාය. පුලුවන් නම් එන එකාට කරලා පෙන්නන්නෙයි කියලාය.

එයාට සුදු හුණු ගාන්න අමාත්‍යශයේ ලේකමිත් ඉදිරිපත් වුනේය.

අරූ කිව්වා වාගේම ඊළඟට ආ ගොබ්බයා ඇදගෙනම නෑවේය. ඒ මෙලෝ රහක් නැති සීනියෝ රොටි පුච්චන්න ගිහිල්ලාය. ඌත් මෙලෝ රහක් නැති කටින් බතල හිටවපු එකෙක්‍ය. කියන තරමක් කිව්වේ අමු කෙප්පය. අර්බුධය උග්‍ර වී උගේ නොව ඔක්කෝගෙම ඇමතිකම් වලටත් කෙලෙව්වේය.

රනිල්ද කිව්වේ නැව් 5 ක්කත් එක දිගට එන්නේ නැතිව තෙල් පෝලීම් නැවැත්තිලි බොරුය කියලාය.

දැණුත් ඩොලර් ප්‍රශ්ණය එසේමය.

විදෙස් සංචිත ප්‍රශ්ණටත් එසේමය..

තියෙන්නේ ඒ බවුසර් ප්‍රමාණයමය..

සේවක පිරිසත් ඔවුන්මය...

සිස්ටම් චේන්ජ් වූයේත් නැතිය..

නැව් වැඩියෙන් ආවේත් නැතිය...

වෙනස් වූයේ ඇමතියා ඉතරය....

එහෙත් දැන් තෙල් පෝලිම් ඇත්තේ නැතිය,

කෑන් බැරල් පෝලිම් ඇත්තේ නැතිය..

වරු ගනන් විදුලිය කැපෙන්නේ නැතිය..

එසේ නම් මේ පෙන්වන්නේ කුමක්ද?

අරුන් නොම්මර එකේ 1/4 කන්නින් බවත්, වැඩ බැරි ටාසන්ලා බවත් නොවේද?

මේ රටේ වැරැද්ද ඇත්තේ සිස්ටම්වල නොව කකළමණාකරනයේ බව මා නිතරම කියනා දෙයකි. 

ඒ බව රණසිංහ ප්‍රේමදාසද ඔප්පු කර පෙන්වූයේ ඔහුගේ ඇඟළුම් කර්මාන්ත රට පුරා ඉඳිකිරිමේ විප්ලවයෙනි. අදටත් මාස ගනනක් ගතවන අනුමැති ඔහු ලබා දුන්නේ සති දෙකකිනි. 

කංචන විජේසේකර කියන්නෙත් එහෙම බුලට් බඩුවක්මය.

ඉතිරි අර්බුධයන්ද නිම කිරීමට ඔහුට සියල්ලන්ගේ ආශීර්වාදය ලැබිය යුතුමය....




Apr 23, 2022

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්.. විමල්ගේ ඝෝඨා ජනපති විමල් අගමති, ඩලස් පොදු අපේක්ෂක සිහිණය

 

ඝෝඨාස් ලාස්ට් චෑන්ස්..

විමල්ගේ ඝෝඨා ජනපති

විමල් අගමති,

ඩලස් පොදු අපේක්ෂක සිහිණය

➖➖➖➖➖➖➖➖➖➖➖➖

ලබන සතිය දේශපාලනයේ මෙන්ම ජෝතීෂ්‍යයේද තීරණාත්ම සතියක් වනු නොඅනුමානය. ඒ සෙනසුරු මාරුව නිසාය.

එය රාජපක්ෂ පවුලේ අනාගතය මෙන්ම රටේ අනාගතයද තීරණය කරන්නාවූ අති විශේෂ සතියක් වන්නේය.

තව දුරටත්, විමල්, ඩලස්, ගොම්මන්පිල  වැනි තුප්පහි ගුණමකුවන්ගේ ගුලි කා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වී ඉල්ලාගෙනම කනවාද?

නැතිනම්, දැනටමත් ආර්ථිකය ගොඩ දැමීමට තෝරාගෙන ඇති, උගත් බුද්ධිමත් ජාත්‍යන්තරයේ කීර්තියක් අත්පත් කරගෙන ඇති, දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති, උසස් වැදගත් පිරිස සමඟ ගමන් කොට අර්බුදයෙන් ගොඩ එනවාද යන තීරණය ඇත්තේ ඝෝඨාගේ අතේය.

ඇත්තටම රට ගොඩ දැමීමට කප්පරක් ඇමතිවරු ඕනෑ නැතිය. මීට වඩා විශේෂඥ සුපිරි පිරිසක් එකෙකුටවත් ඇත්තේත් නැතිය. මේ පිරිස සමඟ.., ඉඳිරියේදී සේවය ලබා ගැනීමට නියමිත ජාත්‍යන්තර විශේෂඥයින්ගේ හා ආයතන ටික ඒ වැඩේට හොඳටෝම ඇතිය. 

අවශ්‍ය වන්නේ ඔවුන්ගේ තීරණ ක්‍රියාත්මක කළ හැකි නිර්භීත නායකත්වයක් පමණි.

තව දුරටත් රනිල්ලාගේවත්, විමල්ලාගේ ලණු කෑමට කිසිඳු අවශ්‍යතාවයක් ඇත්තේම නැතිය. උන් දන්නේ රට කෑම පමණමය.

විමල්ගේ උත්සාහය රට විනාශ කිරීම පමණක් නොව, රාජපක්ෂ පවුලද විනාශ කිරීමය. මෙය මෙතුවක් නොතේරී, උන් රෙද්ද අස්සේ දමාගෙන කිරි පෙවූ මහින්ද මේ සියල්ලටම වග කිව යුතුය.

මා හිතවත්, මව්‍ රට පත්තරයේ උපුල් ජෝසප් ප්‍රනාන්දු ආඩම්බරයෙන් කියා ඇත්තේ, විමල්ලාගේ මේ ගේම එයා මේ අවුරුද්දේ මාර්තු වල කිව්වා කියලාය.

එහෙත් විමල්ලාගේ ගේම මාතලන් ලියූවේ ආන්ඩුව පත් වී මාසයක් දෙකක් යාමට ප්‍රථමය

බැසිල් විරෝධි ෆේස්බුක් බයියන් කිහිප දෙනෙකුගෙන් මාතලන්ට ආරාධනා ලැබුනේ..., 

2025 ඝෝඨා ජනපති

විමල් අගමැති 

වැඩක් යන බවත්, 

මටද ඔවුන් හා එක්වන ලෙසත්‍ය. එහෙත් මා කීවේ විමල් දේශපාලන ගල් ආඳෙකු මෙන්ම කපටියකු වූවත්, ඔහු ගුණමකුවකු බවත්, මූණේ හිනාවක් නැති වමේ මුඩුමයකු කිසිදා විශ්වාස නොකරන ලෙසත්‍ය.

(බුකි බයියන් විමල්ගේ මේ සෙට්ටෙක දන්නවාය, උන් අදටත් මාගේ මිතුරන්මය)

එදා මා කියූ අනාවැකිය අද එලෙසින්ම සැබෑ වී අවසානය. දැන් අරින්නේ බැසිල්ට පමණක් නොවේ. පියකු මෙන් තමන් මිනිසකු බවට පත්කල, මහින්දටත් බටර් නැතිව ඇරලා අවසානය.

එපමණක් නොව, ඩලස් බුවා මීළඟ පොද්දා බව කියූ විට පොහිට්ටුවේ මා දන්නා හිතවතුන්ද මාතලන්ට කින්ඩිය දැම්මේය.

අද ඔය ජනාධිපතිට පෙම් හසුන් ලියන්නේ ඩලස් නොව විමල් බව බොහෝ දෙනෙකුට නොතේරීම කරුමයය.

විමල් වගේ උන්ට නොමිනේෂන් වත් දෙන්න එපා කියලා අපි කියන්නේ මේ නිසාවෙන්මය.

ඒ මීළඟ ජනපතිවරණයේ අපේක්ෂයින් දෙදෙනාය. දෙදෙනාම විමල්ගෙන්‍ය්... පෝට්ටුවෙන් ඝෝඨා ජනපති විමල් අගමැති වනාතර. විපක්ෂයේ පොද්දා ඩලස්‍ අලහප්පෙරුමය.

එතකොට ඩලස් දින්නාම විමල් අගමැති වන්නේ කෙසේදැයි කෙනෙකුට සිතෙන්නට පුලුවන්‍ය. එය බැසිල් මෙතඩ් එකකි.

ඩලස් ජනාධිපතිගේ ඉල්ලීම මත ආන්ඩුවට එකතුවන විමල්, අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී සිරි ලංකා ජනරජයේ අගමැති ලෙස දිවුරුම් දෙන්නේය. 

මේ සියල්ල සිඳුවන්නේ චිනයේ අනුග්‍රහයෙන් බවත්, විමල් 1988/89 සිටම ඉන්දියාණු හා ඇමරිකාණූ විරෝධියකු වීම ඊට හේතුව බවත් මාතලන් ලියා බොහෝ කල්‍ය.

දැන් ඝෝඨාට ආරම්බ කිරීමට ඇත්තේ බින්දුවේ සිටය. මේ අවසන් අවස්ථාවයි..

ඒ ගමන එක කුස උපන් උන් සමඟ යනවාද,

නැත්නම් කෙලෙහිගුණ නොදත් ගුණමකු අපතයන් පිරිසක් සමග යනවාද යන්න තීරණය කිරීම ඔහු සතුය.

අප්පමාදෝ අමත මචං

පමාදෝ මච්චුනෝ මචං


ඒ වගත් මෙසේය...


.

Apr 22, 2022

ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්

 



ටික්ටොක් ග්‍රාමවාසීන්ගේ
කොපි රයිට්ස් හා හියුමන්‍ රයිට්ස්
➖➖➖➖➖➖➖➖➖➖➖➖

මේ ගැන මාතලන් විසින් කලින්ද ලියා ඇති මුත්, දැන් ඒවා ඇස් පනා පිට ඔප්පු වෙමින් පවතින නිසා නැවත ලියමි.

මා මිත්‍ර මනෝරම වීරසිංහ විසින් සැනකෙලිය ආරම්බයේදීම කිව්වේ මෙහි ඉන්නේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් වෙන් වූ, උගත් බුද්ධිමත්, දියුණු, සමාජශීලී, සාමකාමී විශේෂිත පිරිසක් කියාය. එය මෙම ගම් වැසියන් සියල්ලන්ගේම අදහස විය. එයාලා බුකියේ හිතාගෙන ඉන්නේත් එසේය.

ඒක දැක්කාම මට පස්ස පැත්තෙන් හිනා ගිය බවද මම මින් පෙර ලිව්වෙමි. ඒ ඔවුන්ගේ හැසීරීම්, මා මින් පෙර බුකියෙන් දැක තිබෙනා නිසාමය.

මෙය මනෝගේ වරදක් නොවේ.මේ රටේ හැම එකාම සිතන්නේ තමන් විශේෂිත මිනිස් කොඨ්ඨාශයක් කියලාය. හරියට ගොම සංගමේ උන් වගේය. අර කැනඩාවේ ඉන්නා රුවන් එම් ජයතුංග නම් මානසික රෝගියා වාගේය.

මෙය මේ රටේ සමාජ ක්‍රමයෙන්, සංස්කෘතියෙන් හා අධ්‍යාපන ක්‍රමය තුලින් ඇති කරනු ලබන, පේන තෙක් මානයක නිමක් නැති, මානසික රෝගයකි. බෙදී ඇති කණ්ඩායම් ගනන ලියන්නට මහාවංශයේත් ඉඩ ඇත්තේ නැතිය.

මෙතන සිටින්නේද පට්ට ගම් කබර ගෝත්‍රිකයින්ම පිරිසක් බව දැන් දැන් ඔප්පු වෙමින් සිටී. රැට්ටා, සන්නා, මෝටිවේසමා, සේපාල් මෙන් ප්‍රසිද්ධ යූ ටියුබ් කාරයන්ගේ සිට නාගන්නන්දයාද මෙතනට අරක්ගත් බූතයන් වෙන්නේ, වෙන කිසි හේතුවක් නිසා නොව, ගානක් කඩා ගන්නට බව ගෝනා ඔනෙකුට තේරෙනවාය.

තා පිරිසක් එන්නේ, පක්ෂයේ බලපෑම් මතය. ඔවුන් පැමිණීමේ ලේඛනයේ අත්සන් කළ යුතුය. තා පිරිසක් එන්නේ, තමන් නඩත්තු වෙන එන් ජී ඕ ආයතනයේ බලපෑම් මතය, නැතිනම් ජොබ් එකට කෙලවෙන්නේය.

බෝනගේන් කලාකරුවෝ හා ක්‍රීඩකයෝ වැහි වැහැලාය. දැන් කොම්පැනි කාරයෝද පැමිණ ඇත. ඒ එන්නේ උන්ගේ මාකටින් වලටය. ඩයලොග් කාරයෝ සම්ප්‍රේෂණ කුළුණු හදන්නේ ගෝටා එලවන්න නෙමේය. උන්ගේ බිස්නස් වැඩි කර ගන්නටය. හැම එකාම එහෙමය.  අපි දුන් ගුලිය කා එය ඉවත්කර ගැනීම වෙනම කතාවකි. 😁😁😁😁😁

රඹුක්කන මිය ගිය එකා මියගියේ, උන් වයලන්ට් උන නිසා බව කියා පිරිස අත පිසදාගෙන හොඳ බබාලා වූයේය. එහෙත් මුන් ගේම පටන් ගත්තේ අවසානයේ දළදා මාලිගාවද මංකොල්ල කෑමට කොල්ලන්ට මෝටිවේසොන් දීලාය.

මෙතන ඉන්නේ න්‍යායාචාර්‍ය ගල් ආඳෝ බවත්, අම්බරුවන් විසින් ඉතිරි වැඩ කොටස කරන බවත් මා ලිව්වේය. දැන් 88/89 නැවත සිහි ගන්වමින් කඩ වසා දැමීමට තුන්ඩු බෙදීමද ආරම්බ කර අවසානය. මේ ත්‍රස්තවාදයේ හා භීෂණයේ මහ ගෙදරය.

සිරිසේන මරණ දඩුවම ගෙනෙනා විට ඊට මිලේච්ඡත්වය යැයි කියූ උන්, දැන් රාජපක්ෂලා එල්ලා මැරීමට නහින්නේ ඔරිජිනල් සතා එලියට පැමිණ ඇති නිසාය.

දැන් මේවායේ නිර්මාතෘවරුන්ද සැපත්ව ඇත. එංගලන්තේ නාට්ටියක රඟපාපු එකෙක් ලෝකයේ හොඳම නළුවා ලෙසින් පැමිණ ඇත. 😁😁😁😁 දැන් ඔක්කෝම ඉන්නේ ජනාධිපති සූට් මහලාය.

ලැම්බෝගිනි කාරයෝ ඕසෙට පල්ලියට කඩේ යමින් සිටි. බෝම්බ තැබූ වහාබ්වාදියෝද, පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝද එක වැසිකිලියේ රෙමින් සිටී. ගම්මිසිරිස් ඇන්ඩ් පාදිලිස් අඹ යාලුවෝය.

ඊයේ, පෙරට්ටෝ හා ලිබරල් චින්තකයෝ මලබද්ධය වැළඳී, මලකට මරා ගත්තේය. දැන් පිරිසක් පාදෙනිය එල්ලා මැරීමට සූදානම් අතර, තවත් පිරිසක්, මේ අඳබාල සිඟිති ආතල් විප්ලව කාරයෝ මෙතනට වැද්ද ගත්තේ මොකාදැයි විමසති.

තා එකෙක් කුඩාරම් අස්සේ, ගංජා ගසා ඕගියක් දැමීමට යෝජනා කරද්දි තවත් පිරිසක් දහම් පාසල් දැමීමට යෝජනා කරති. තා පිරිසක් කොපිරයිට්ස් වලට මරාගනී.

ඒ අස්සේ මෙලෝ යකෙකුට නොතේරෙන, මෙලෝ රහක් නැති, බව්වොත් නොබලන, තුට්ටු දෙකේ කුණුහබ්බ නාඩගම් පෙන්නූ රැඩිකල් හිකනල්ලු, උන්ගේ දහ අට පාලී ජනතාවට පෙන්වමින් සිටී. ඒවා බලන්නෙ බලපු උන්ම පමණි. උන්ට මේවා සීරියස් උනාට අනෙක් උන්ට ඒවා පට්ට කොමඩිය.

මේ රටේ සිටින්නේ පට්ට ගෝත්‍රිකයින්ම බව ඔප්පු කරමින්,  මහා ලොකු ඉස්කෝලවල උන්ද, ඉන්ටර්නැෂනල් යන උන්ද, සියල්ලෝම තම රියැලටිය පෙන්වමින් ඔරිජිනල් සතා සමඟ පෙරහරට එක්වෙති.

ඉන් පසු සෙල්ෆි ගසා බුකියෙන් කොන්වීම වලකා ගනී. 😁😁😁😁

මේ පිළිබඳ කිසිඳු අවබෝධයක් නැති සාමාන්‍ය ජනතාවද, මුන්ගේ ආතල් බැලීමට පෝලීමේ විත්, නොමිළේ කා බී විනෝද වී, කපුටු කාක් කාක් කාක් කියා ගම රට බලා යති.

මෙතන ඉන්ධන අර්බුද නැත
විදුලිය අර්බුධ නැත
ගෑස් අර්බුධ නැත
සිමෙන්ති අර්බුධ නැත
කිරිපිටි අර්බුධ නැත
උද්ධමන අර්බුධ නැත
බඩු මිළ අර්බුධ නැත
ගෙවුම් ශේෂ හිඟයේ අර්බුධ නැත
කොටින්ම මේ මොහොතේ ප්‍රධානම ප්‍රශ්ණය වන
ඩොලර් අර්බුධයද නැත.

ඇත්තේ මං පොර වීමේ අර්බුධයක් පමණි..

මුන් නියෝජනය කරමින් දියවන්නාවේ ගව ගාලේ ඉන්නා අම්බරුවන්ටද ඊට විසඳුම් නැත.

ඒ... නායකයෝ නියෝජනය කරන්නේද අම්බරුවන්ගේ මානසිකත්වය නිසාමය.

එබැවින් රට ගොඩ ගැනීමට තම බුද්ධියෙන්, දැණුමෙන් හා අවබෝධයෙන් මේ මොහොතේ උත්සාහ ගන්නා සියල්ලන්ටම අපේ ගෞරවය හිමි විය යුතුය.

ඒ වගත් මෙසේය....


Apr 21, 2022

යතාර්තය (රියැලටිය) තේරුම් ගත නොහැකි ෆැන්ටසි අම්බරුවෝ...


 

ඝෝඨා සියල්ල දමා ගසා ගෙදර යාවිදැයි කියන්නට මාතලන් නම් දන්නේ නැතිය. හැබයි මිරිහානේ කේස් එකෙන් පස්සේ එයාගේ හැසිරීම අනුව නම් පෙනෙන්නේ,එවන් දෙයකට ඇති ඉඩකඩ බොහෝ වැඩි බවය.

ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑවට වඩා ඕනෑම නැතැයි අප කීවද, ඔහු මේ වනතෙක් වැඩ කරන්නේ එසේමය. ප්‍රජාතන්ත්‍රවාදය හා දියුණු වූ රටවල් ලෝකයේ නැති අතර, දියුණු වූ පසු ප්‍රජාතන්ත්‍රවාදී වූ රටවල් නම් බොහෝ ඇත්තේය.

මහින්ද, ජේ ආර් හෝ ප්‍රේමදාස ජනපති ලෙස සිටියා නම් සිඳු නොවන දෑ, දැන් සිඳුවෙමින් පවති. ඊට හේතුව ඝෝඨා කට්ට කෑ වෙට්ට පිත්තල දේශපාලකයකු නොවීමත්, ඔහු සිවිල් වැසියකු නොවීමේ හෙතුවත්‍ය.

ඔහු හුරු පුරුදු වී ඇත්තේ, කාගේ හෝ අණකට වැඩ කරලාය. ඔහු ආරක්ෂක ලේකම් ලෙස සිටී අවදියේත් ඔහුගේ අන දෙන්නා වූයේ මහින්දය.

බලයට පැමිණි පසු ඉස්සෙල්ලාම වැඩ කරේ පී බී හා ලක්ෂ්මන් නම් මීට වසර 50 කට පෙර ලෝකයේ පැවති පට්ට ෆේල් ආර්ථිකයක් මෙරටේ ස්ථාපිත කිරීමට ගිය ඩේට් එක්ස්පයර්ඩ් බුවාලා දෙන්නෙකුගේ අණ පරිදිය 

ඉන් පස්සේ උන් එලවා දමා ලංකරගත්තේ සුපිරි ඩීල් කරුවන් හා මනී ලොන්ඩරින් එක්ස්පර්ට්ලා දෙදෙනෙකු වන අජිත් නෙවාඩ් හා බැසිලස් උන්නෑහේය. 

ඒ දෙන්නා රටේ සත්‍ය තත්වය වසා, සියල්ලන් අන්දමින් ට්‍රයි කරේ, දහන් ගැට දමමින් පැවති තත්වය දිගටම පවත්වාගෙන යාමටය. ඒ ඉන්දියාවේ සහාය ඇතිවිය. මීට පැදපෙරදිග සුල්තාන්ලාගේ සහායද ලැබීමෙන් රට ගොඩ එන බව දැනගත් විපක්ෂය කළේ, චීනයේ සහායෙන් වැඩේ කඩාකප්පල් කිරීමට මිරිහානේ යුද්ධයක් කිරීමය.

ඊට පෙර විමල්ලා දමා වැඩේ කරන්න හැදුවත් වැඩේ වන උනේය.

චීනය හා විරුද්ධ පක්ෂය ජයගත්තේය. බැසිල් හා කබ්‍රාල් පමණක් නොව කැබිනට් එකද එලියට විසිවිය. 

මාතලන් නම් කියන්නේ කැබිනට් එක විසුරුවීම පට්ට ෆේල් වැඩක් කියලාය. ඝෝඨා එතනදි නම් ෆේල් බව මාද පිලිගනිමි. ඒ පරිප්පුව, ආන්ඩුව අද අඩුවක් නැතිවම කමින් සිටී.

දැන් ඝෝඨා ක්‍රියා කරන්නේ, රනිල් හා IMF උපදෙස් අනුව බව පැහැදිලිව පෙනෙන්නේය. 

කැබිනට්ටුවට එක්ස්පීරියන්ස් නැති පොරවල් පත් වෙන්නේද, ඉන්ධන මිළ ඇක්චුවල් ප්‍රයිස් එකට හෙවත් ලෝක වෙළඳ පොලේ මිළට එන්නේත් එබැවින්‍ය.

පාඩු ලබන රාජ්‍ය ආයතන අප කලින් කීවාක් මෙන්ම ඈවර කිරීමට තීරණය කොට අවසානය. අප කිව්වේ ඕවා විකුණා කීයක් හරි හොයා නොගත්තත්, ණයත් එක්කම ගන්න කැමති එකෙකුට නොමිලේම දීලා දැම්මත් කමක් නැතෙයි කියලාය. මේවා රටේ කරුමය.

ඔවා මේන්ටේන් කිරීම රජයෙන් කරන තාක්, මේ රට ගොඩ ගැනීම සුම්මාය.

මින් පසු සහනාධාර වලට, කන්න බොන්න ගමන් බිමන් යන්න ලැබෙන්නේ නැතිය. සහනාධාර මත යැපෙන හිඟන මානසිකත්වයක් සහිත රටකට කිසිදා දියුණුවිය නොහැකි බව අප සැමදා කියා ඇත.

මේ යතාර්තය පක්ෂ විපක්ෂ දේසපාලුවෝ හොඳින්ම අවබෝධ කරගෙන ඇත. ආර්ථික උස්තාද්ලා වන එරාන්ලාට හර්ෂලාට රනිල්ලාට මේක අරගෙන කරපන් කිව්වාට උන් එන්නේ නැත්තේ ඒකය.

ආවත්, උන් කන්නේ මීට එහා පරිප්පුවක්මය

විධායක ජනාධිපති ධූරය අහෝසි කලාම රටේ ආර්ථික අර්බුධය ගොඩ යන බවට සජිත්ලා අදත් පාර්ලිමේන්තු ඇවිත් බයිලාවක් කියා මාරු වෙන්නේ එනිසාය. උන්ද මේ පරිප්පුව කන්නට කැමති නැතිය.

මේ කන්නේ වෙන කිසිවක් නොව, අප සැමදා කියූ ඩොලරය බලෙන් ඔබාගෙන සිටීමේ පරිප්පුවය...

ඩොලරය පාවීමට ඉඩ හැරියා නම්, එය මේ වනවිට රුපියල් 400 වෙන්නේ පියවරෙන් පියවර ජනතාවට නොදැනෙන පරිදිය. 

එහෙත් අපේ අනාවැකි ඇත්ත කරමින් වතුරේ හංගාගෙන උන් රබර් බෝලේ උඩ මතු වී විසිවුනේ කොහේදැයි සොයාගන්නට බැරිය. නන්දලාල් වීරසිංහ, සබ්‍රි උන්නැහේ එක්ක ඇමරිකාවේ ගිහිනුත් හොයන්නේ ඒකය.

දැන් උද්ධමනය 100% වී අවසානය...

බෝලේ සොයාගන්න, ඉන්දියාවේ නිර්මලා සීතාරාමන් නෝනාද එක්වීම අප ඉහළින්ම අගය කළ යුතු වන්නේ, ඒ හරහා හෝ ඉන්දියාව මෙරට ගොඩගැනීමට ඉඩ ඇති නිසාය.

රටකට කෙලවෙන්න තියෙන එකේ හොඳම එකෙන් කෙලවෙලා තියෙද්දීත්, දේශීය ආර්ථිකයක් ගැන පාරම්බානා වාමාංශික තකතීරු බයි අම්බරුවන්ට හිනාවෙන්නට මට දැන් ශරීරයේ කිසිම තැනක් ඇත්තේම නැතිය.

එපමණක් නොව ඉන්ධන මිළ අඩු කරව් කියා පාරේ ටයර් පුච්චනා, පාර හරස් කොට ජන ජීවීතයට පීඩා ගෙනෙනා උන් මෙන්ම, එසේ කරන්නෙයි කියා බුකියේ අඩනා සියල්ලෝද මට පෙනෙන්නේ, ලෝකය නොදත් අමු බයි හයිබ්‍රිඩ් සයිබර් අම්බරුවන් ලෙසය.

අප මෙතෙක් ජීවත් වූයේ ෆැන්ටසියකය, අමු බොරුවෙන් පිරුණු රටකය, සියළුම දේශපාලුවන් විසින් මේන්ටේන් කරගෙන ගිය මායාවකය.

සත්‍යය නීරසය, ඇත්ත බෙහෙත් වලටත් වඩා තිත්තය. දැන් සියල්ලන්ටම යථාර්තයේ ජීවත් වීමට සිඳුව ඇත.

මාතලන්ට ඇති සතුට නම්..  

රටේ පැවති ණය බර දෙගුණයක් කර ආර්ථිකය වනසා ගෙදර ගිය යහපාලනේ මූසලයන්ට පසු බලයට ආ උන් පිස්සු කෙලීම පටන් ගන්නා විටම,

 රට පෝලිම් යුගටකට ගෙන යන බවට කී අනාවැකිය වසර දෙකහමාරක් යාමටත් පෙර ඇත්ත වී ඇති නිසාය.


ඒ වගත් මෙසේය ........


.

Apr 9, 2022

කලින් ලියූ දෙයක් නැවත ලියමි.

 


මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම්,

🔺 1. එක්කෝ විදෙශ් රාජ්‍යයක් රට පාලනය කළ යුතුය.

🔺 2. නැතිනම් විදෙස් ආයතනයක් රට පාලනය කළ යුතුය.

මෙය මාතලන් විසින් මීට පෙර කිහිප අවස්ථාවකම ලියා ඇත.

ඒ ඇයි?

මෙතෙක් රට පාලනය කළ දේශපාලුවන්ද, නිළධාරීන්ද සියල්ලෝම පට්ට ෆේල් ය. එය පිලිගැනීමට දෙසරයක් කල්පනා කළ යුතු නැත. 

එමෙන්ම විපක්ෂයේ ඉන්නා සියල්ලන්ටමත්, විසිල් ගහනා සිවිල් ක්‍රියාකාරින්ටත්, මේ රට ගොඩගැනීමේ කිසිඳු සැලැස්මක්, ක්‍රියාදාමයක්, වැඩපිලිවලක් හෝ අදහසක් ඇත්තේ නැති බවත් ඉතා පැහැදිලිය.

දැන් උන් සියල්ලෝ ඉන්නෙ අඥකොරොස් වී මොළේ කුරුවල් වී පිස්සු තද වෙලාය.

උන් සියල්ලෝම කරන්නේත් ටික් ටොක් කරපු පොඩි උන් හා රැලේ වැටී "ගෝ ඝෝඨා ගෝ" කියනා එකම විතරය.

බව්වෝ රැලේ වැටෙනා කාළයටත් මෙසේමය. එකෙක් උඩු බුරන්නට පටන් ගත් විට ගමේම ඉන්න බව්වෝ උඩු බුරනවාය. ඒකට ස්ට්‍රීඩ් ඩෝග්ස්ද පොෂ් ඩෝග්ස්ද කියා අවුලක් ඇත්තේම නැතිය.

ඝෝඨා ගියා කියා මේ අර්බුදය විසඳෙයි නම්, මාතලන්ටද පාරට බහින්නට කිසිම අවුලක් ඇත්තේ නැතිය.

එහෙත් එසේ පාරට බැස..., ගේන්නට කිසිවෙක් නැතිය. කලින් කිහිප වරක්ම කියා ඇති පරිදි, ඝෝඨා මේ රට හැදුවේ නැත්නම් හදන්නට එකෙක් ඇත්තේත් නැතිය. එට අද ඇස් පනාපිට ඔප්පු වී අවසානය.

▪️ බැසිල් යටතේ සිඳුවීමට ගියේ අංක එකයි.

එය එතරම් නීරස එකක් නොවූවත්, IMF යෝජනා ක්‍රියාත්මක නොකර, ඉන්දියාවේ උදව් උපකාර හා ආයෝජකයින්ට ඉඩ ප්‍රස්තාව ලබා දී, ගොඩ ඒමේ චෑන්ස්සෙකක් තිබිනි. (බැසිල්ට 10% ක් යාම වෙනම කතාවකි. 😁)

උදා - ඩුබායි, සිංගප්පූරුව විශේෂයෙන් මහතීර් මොහොමඩ් ගැහුවේ මෙහෙම ගේමකි.

▪️ මේ මොහොතේ සිඳුවෙමින් තිබෙන්න අංක දෙකයි. 

එය අධික මාත්‍රාවකින් භාවිතා කළ යුතු, අධික තිත්තෙන් යුතු බෙහෙතකි.

කැපකිරීම්, අහිමිවීම්, බොහෝ අධිකය.

නමුත් වසරකින් පමණ ගොඩ ඒමේ චෑන්ස් එකක් ඇතත්. එය තීරණය වන්නේ ලාංකිය දේශපාලන ස්ථාවරත්වය හා දේශපාලුවන්ගේ බුද්ධිය අනුවය. 

ඒ බව ඉතා පැහැදිලිව ජනතාවට තේරෙන වචනයෙන් කිව්වේ සැන්ට්‍රක් බැංකුවේ නිව් ගවනර් ආචාර්‍ය නන්දලාල් වීරසිංහ උන්නැහේය.

මාතලන් නම් කියන්නේ, IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට යාමේදී, ජේ ආර්ගේ ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගොස් රටේ උද්ගතවූ භීෂණ යුගය නැවත ඇතිවීමේ ප්‍රවනතාවය ඉතා ඉහළ බවය.

උදා - ලෙබනන්

ඒ එසේ යැයි කියා අසුබවාදීම විය යුතු නැත්තේ, IMF යෝජනා ක්‍රියාත්මක කරමින් ගොඩ ආ රටවල්ද බොහෝ තිබෙනා නිසාය.

උදා - ඉතියෝපියාව, ඝානාව, මාලදිවයින 

එහෙත්, විධායක ජනාධිපති ධූරය ශක්තිමත්ව පවත්වාගෙන යා හැකි නම්, ඊට ජාත්‍යන්තරයේ සහාය ලැබේ නම්, රටට හොඳ කලක් උදාවනු ඇත. එය සිහිණයාක්ම පමණි. විය හැක්කේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි.

ඇත්තටම මේ රට මහා අවාසනාවන්ත රටකි.

උගත් යැයි කියනා උන්ටද මේ කිසිවක් නොතේරී, අමන මදන තරුණ කැළ හා වැටි පිස්සු කෙලීම පෙන්වන්නේ රටේ අධ්‍යාපනයේ හා සංස්කෘතියේ ගෝත්‍රිකත්වයම පමණි.

(තරුණ ප්‍රජාව පාරට බැස උද්ඝෝෂණ පෙලපාලී පැවැත්වීමට මාතලන් කිසිසේත් විරුද්ධ වන්නේ නැතිය. නැත්නම් උන් තරුණ තරුණියෝ නෙමේය. මාතලන් උන්ට කින්ඩිය දමන්නේ අත්දැකීම් ඇති වැඩිහිටියකු ලෙස උපදෙසක් දීමේ අටියෙන් පමණි. උඹලාගේ ආතල් එක උපරිමයෙන්ම ගත්තාට මගේ කිසිම අවුලක් ඇත්තේ නැතිය.)

මේ අවු අස්සේ, ආගමික අන්තවාදයද කිසිඳු හිරිකිතයකින් තොරව බොරදියේ මාළු බාමින් සිටි. එය ඇවිලෙන ගින්නට පිඳුරු දැමීමක් මිස නිවා දැමීමක් නොවේ. ඒවා දැක්කාම නම් බඩ දඟලා ඔක්කාරයටම එන බව නොකියා සිටිය නොහැකිය.

ඉදිරි වසර සුභ නව වසරක් වේවා කියා පතන්නේ මේ කිසිවක් නොදත් අඳබාලයෝය.


ඒ වගත් මෙසේය.


.

Apr 3, 2022

හුදකලා සටන් වලට දේශපාලන පක්ෂ භිය වූයේ ඇයි?

 


දැන් ඇති වී ඇති ආන්ඩු විරෝධය ලංකාවේ මින් පෙර ඇති වූ එවන් විරෝධයන්ට හා විප්ලවයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි.

ලංකාවේ මිනිස්සු එක්ක විප්ලව කිරීම බොරු බව, වමේ පක්ෂවල උන්ම ඉතිහාසයේ කිහිප අවස්ථාවකම සඳහන් කොට ඇත්තේය.

ඊට විවිධ හේතූන් ඇති අතර, ප්‍රධාන හේතුන් ලෙස සඳහන් කළ හැක්කේ පන්ති භේදය හා කුළ බේදයයි. ජවිපේ නායකයින් සියල්ලන්ම අඩු කුලයන්ට අයත් වූ අතර, ඔවුන් නියෝජනය කළේ නිර්ධන පන්තියයි. 

ඔවුන්ට ග්‍රාමිය නූගත් ජනතා ආශීර්වාදය ලබා ගත හැකි වුවත්, අදටත් නාගරික ජනතාව අතර පිලිගැනීමක් නැත්තේ මේ හේතුව නිසාය.

අනෙක් හේතුව වූයේ, මිනිසුන්ට මුන් කියූ තරම් අහේනියක් නොතිබීමය. හාල් පොතට හෝ හාල් ලැබින, එදා ගෑස් ප්‍රශ්ණ තිබුනේත් නැතිය. බත් කෑම දින දෙකක් තහනම් කර තීබියදීත් මිනිසුන්ට කෑමට කොස් අල බතල හෝ තිබිනි.

ඒ නිසා ගරිල්ලා සටන් ක්‍රම මිස, මෙවන් ජනතාව අතරින් එන උද්ඝෝෂණයන් කිසි දිනෙක අප නම් දැක තිබුනේ නැත.

ඊට පරිසරය හා මග සැකසූ, ඝෝඨාභය රාජපක්ෂ මෙතෙක් පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අප ස්තූතිවන්ත විය යුතුය.

උද්ඝෝෂණ තිබුනේ ඒ ඒ පක්ෂවල වහලුන්ගේ සහභාගීත්වයෙන් පමණි. රට ගිනි තැබුවද ඒවාට සාමාන්‍ය ජනතාව කිසි දිනෙක සහභාගී වූයේ නැත.

එහෙත් මාතලන් කිහිප විටක්ම පෙන්වා දුන් පරිදි, රටේ ආර්ථිකයට කෙලින්ම බලපානා මේ ආන්ඩුවේ අමනෝඥ තීන්දු තීරණ හේතුවෙන්, මේ රටේ මධ්‍යම පන්තියේ සිහිණ කල්ට් එකට හා ජන ජිවීතයට කෙමෙන් කෙමෙන් හෙන පාත් වෙමින් තිබුන අතර, ඒවා ආන්ඩුව පයිසයකට මායිම් නොකර, දේශීය ආර්ථික විකාරයක් හා කාබනික හෝන්තුවක් පස්සේ දිව්වේය.

ඒවායින් ලද ප්‍රතිඵලද මාර ලොල් සහගත ඒවා පමණක් නොව, ජනතාවගේ මලේ හොඳම එකින් පනින ප්‍රකෝපකාරී ඒවාය. රුපියල් 600 ට තිබූ කහ කිලෝව දැන් රුපියල් 6000 කි. දේශීය සිමෙන්ති කොට්ටය තවත් 500 කින් වැඩි කරේ ෆැක්ටරිය දේශීය වූවාට අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින් නිසාය. මේවා එකම විකාරයන් පමණමය.

(විදේශයකින් ඩොලර් මිලියන 5-6 ක් කඩා ගැනීම හැර මේ මොහොතේ රට ගොඩ ගැන්මට හැකි වෙනත් කිසිඳු විකල්පයක් ඇත්තේ නැතිය)

මින් පෙර ආන්ඩු පැවති සමයන්හීද, ඉන්ධන නැති වූ අවස්ථා අනන්ත තිබිනි, ගෑස් නැති අවස්ථා මෙන්ම විදුලිය විසන්දි වීම්ද අනන්තවත් තිබිනි. බඩු මිළ වැඩිවීම්, භාන්ඩ හිඟවීම්, රුපියල අවප්‍රමාණ වීම් මෙන්ම උද්ධමනයන්ද තිබිනි.

එහෙත් ඒ සෑම අවස්ථාවකම සිඳුවූයේ ඔය කරුණු වලින් එකක් පමනි.

ලයිට් නැතත් ජෙනරේටර් හා ඉටිපන්දම් තිබිනි. ගෑස් නැතත් භූමිතෙල් හා විදුලිය තිබිනි, පෝලිමේ හෝ ගසා ගැන්මට ඉන්ධන සති ගනන් නැති වුනේ නැත, පිටි වැඩි නම් බත් කෑ හැකිව තිබිනි, හාල් වැඩි නම් මිනිස්සු පාන් කෑවේය. රුපියල අවප්‍රමාණය වූවාද කියා මිනිසුන්ට දැණුනේත් නැතිය. 1% - 2% වැඩි වූ උද්ධමනයන්ද මිනිසුන්ට දරුණුවට දැණුනේ නැතිය.

එහෙත් මෙවර සිඳුවූයේ කුමක්ද? මේ සියල්ලම එක වර පැමිණ මධ්‍යම පන්තියේ සිහිණ සියල්ල හා ජීවන ඇවතුම් පැවතුම් කුඩු වීමය, පොෂ් පීපල්ස්ලාටත් ගෑස් පෝලිම් වල ඉන්නට සිඳු වීමය, කීයට හෝ මිළඳි ගන්නා දේ උයා ගැන්මට ගෑස්, භූමිතෙල් තියා කරන්ට් එකත් නැතිය. කඩෙන් කන්නට කඩවලත් ගෑස් නැති නිසා කෑම නැතිය.

ඒ නිසා ජනතාව කුපිත උනේය. පෝට්ටුවට චන්දය දුන් උන් පවා එක්කෝ බැසිල්ගේ අම්මා සිහි කරයි, බැසිල්ගේ සෙට්ටෙක ඝෝඨාගෙ අම්මාගේ පලු අරියි, වියත් මගේ සෙට්ටෙක මහින්දගේ අම්මාගේ පලු අරියි. දැන් උන්ට පෝට්ටුව රැක, ගමේ වසනවා බොරුය. පාර්ලුමේන්තුවේ ඉන්නා උන්ටත් ගමට යන්නට බැරිය.

ඒ නිසා දැන් මොකා ඉදිරියට ඇවිත්, නායකත්වයක් නැති හුදකලා සටන් කර අමාරුවේ වැටෙන්න එපා කීවත්, ජනතා උද්ඝෝෂණ නැවැත්තිලි බොරු බව මේ සියළු පක්ෂම වටහා ගෙන අවසානය.

දැන් පේන්නට නැත්තේ රාජපක්ෂලා ඉතරක් නොවේ, මේවාට ආශීර්වාද කල සජිත් රාජිත හා පාඨලීද හොයාගන්නටවත් ඇත්තේ නැතිය. පක්ෂවලට කඩේ ගිය කහකඩ සෙට්ටෙකද නැතිය. රඹ ටෝක් දෙන්නට ගොස් පන්සල නටඹුන් බවට පත්කර ගන්නර මල්වතු අස්ගිරිත් කැමති නැති බව පෙනේ. සියල්ලො ඉන්නේ තක්බීර් වෙලාය.

දැන් සජිත්ලාද ආන්ඩු ගන්න බය, ඔවුන් ගැටළුව කුමක්ද කියා දන්නා නිසාය. ඔවුන්ට ඊට විසඳුම් ඇත්තේ නැතිය. රටවල් තුනකින් ඉන්ධන දෙන, දෙන්නම් බයිලා දැන් ජනතාවට වානාය.

බලය ගත්තොත් මීළඟට ජනතාව එන්නේ සුචරිතේට කියා ඔවුන් අවබෝධ කරගෙන අවසානය. පැලවත්තේ සෙට්ටෙක මෙන්ම උස හාදයාද එහෙමය. පැජට් පාරේ එකාට නම් පාක්‍යසෝතී විසින් බකට් එකක් ඇදලා නිසා පොර ඉන්නේ කොහොමත් පොලොන්නරුවේ යන්නය.

ඒ නිසා බලය සම්බන්ධයෙන් රාජපක්ෂලාට  අභියෝගයක් ඇත්තේම නැති තර්ම්‍ය, සභාග ආන්ඩු අන්තර් පාලන ආන්ඩුවලට එන්නවත් විපක්ෂයේ උන් බයය.

ඇත්තටම මෙය ජනතාවගේ ජයග්‍රහණයකි. සියළුම දේශපාලන පක්ෂ හා නායකයින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී අවසානය. මින් පසු උන්ගේ කාමසුඛන්නිකානූ පඩ ෂෝ කල්ට් එකටත් කෙල වෙනවා ඇතිය. දැන් අපට ජනරජයක් ලැබී ඇත්තේය.

රාජපක්ෂලාට, ප්‍රේමදාසලාට, අනුර කුමාරලලාට ඉදිරියෙන් ජනතාව සිටගෙන අවසානය.

ඔවුන්ගේ ජන ජීවිතය යතා තත්වයට පත් කිරීම හැර මර්ධනයන්ට යන්නේ නම්, ඒ තරම් මෝඩ කමක් තවත් නොමැති අතර, රටේ තත්වයද අතිශයින් භයානක විය හැක.

මන්ද නායකත්වයක් නැති හුදකලා සටන් අවසානයේ එන ප්‍රතිඵල, අතිශය බියකරු විය හැකි බවත් කිව්වේත් තොපිම නිසාය.

එවන් සටන් වලට යන්නට එපා යැයි කිව්වේ මුන්ගේ පුහු මවාගත් පුස් චරිතවලට කෙලවෙන නිසාය.

මුන් එකෙක්වත් රට හැදීමට තරම් බුද්ධියක්, දැණුමක්, වැඩපිලිවලක්, සැලැස්මක්, කිසිත් නැති හාල්පාරුවෝ බව ඔප්පු වී හමාරය.

මුන් දන්නේ රටට දෙයක් කිරීමට නොව, රටේ හා ජනතාවගේ දේ හූරාගෙන කා උන්ගේ සුඛවිහරණය පවත්වාගෙන යාම පමණමය.

තව දුරටත් ඒ ආතල් ගැනීමට, ජනතාව ඉඩ දෙන්නේ නැතිය.


ඒ වගත් මෙසේය...

.

Apr 1, 2022

සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් රට ගිනි තැබීම

 


සාමකාමී උද්ඝෝෂණ මුවාවෙන් 

රට ගිනි තැබීම

මංගල තවම මිය ගොස් නැත.

රාජිතද ජීවතුන් අතරය.

➖➖➖➖➖➖➖➖➖


ලොකු ලොකු කොම්පැණි හා බැංකු මගින් මහ පාරේ ලීෆ්ලට් බෙදන "ටවුන් ස්ට්‍රෝම්", "ස්ට්‍රීට් මාකටින්" ඔබ කොතෙකුත් දැකලා ඇතිය. ඒවා මාකටින් වලදි වැටෙන්නේ "ගරිල්ලා මාකටින්" කැටගරියටය.

එහිදි පාරේ ලීෆ්ලට් බෙදන්නේ මැනේජර්ලා, ඇක්සැකටිව්ලා හා මාකටින් කොල්ලෝ කෙල්ලෝ උනාට, ටොප් ඩිෂිෂන් එක එන්නෙ ඉහළ කළමණාකරණයෙන්‍ය. උන් ඉන්නේ තිරෙන් පසු පසය. මේ ස්ට්‍රීට් මාකටින් වලින් පස්සේත් කොම්පැනිවල රෙවෙනියු එක වැඩි උනේ නැත්නම්, පාරට බැහැපු උන්ට කන්න වෙන්නේ රෙවෙන්නය.

ලාංකිය දේශපාලනයේද මෙහෙම ගරිල්ලා මාකටින් කාරයෝ ඉන්නවාය. ඒ උනාට ඊට ප්‍රසිද්ධියක් උසුලන්නේ මංගල හා රාජිතය.

මංගල පරලෝ සැපත් වූවත්, මංගලගේ මඩ බලකාය තවමත් සක්‍රීයව බුකියේ ඉන්නවාය. ඒකට හේතුවත්, පොලිටික්ස්, පොලිට්‍රික්ස් හා මිඩීයා දන්න උන් විතරක් දන්නවාය.

ඊයේ මිරිහානේ සිද්දියට හේතු වූ ""සාමකාමී උද්ඝෝෂණය" පිටුපස උන්නේත්, මංගල මඩ බලකායේ පුරෝගාමී සාමාජිකයෝය. ඔවුන් ගේම ගහන්නේ, අර ටොප් මැනේජ්මන්ට් එකේ ක්‍රමයටය. එහෙත් පාරේ ගේම් වලට බහින්නේ කුරුඳු පොලු හමුදාවය. රාජිතගේත් එසේමය. 

3 වනදා සවස 3 ගේම පිටුපස ඉන්නේ රාජිත හා චතුර සේනාරත්න බව දැන් ඔප්පු වී අවසානය. එහිද සමාජ මාධ්‍ය මෙහෙයුමට ඇත්තේ වෙනම පිරිසකි. ඔවුන්ගේ සබඳතා ඇත්තේ චතුර සමගය. එය ප්‍රජාතන්ත්‍රවාදී විදි ක්‍රමයය. ප්‍රා සෙට් එක ඉන්නේ රාජිත ලඟය, කිඹුලෝ කෑවා කියා හත් පොලේ ගාගත්තේ උන්‍ය.

මේ සමාජ මධ්‍ය සියල්ලම එජාපයේ මව් කුසින් බිහිවූවෝ වනාතර, බොහෝ විට උන්ට පාතාල මාෆියා ගේම් ගැන දැණීමක් නැති, දේශපාලන නොදරුවෝ බව සමාජ මාධ්‍ය තුල සැරිසරනා ඕනෑම කෙනෙකුට බලා ගත හැකිය.

අඤේ එඤඤ තිබ්බේ සාමාකාමී උග්ගෝඤයක් නේ අඤේ. ඇයි ඒ මිනිඤ්ඤුන්ට දොඤ් ඤියඤ්ඤේ ගගා බුකියේ අඬා වැලපෙන්නේ මේ නොදරුවෝය. පිටරටවල් වල ඉනා තොත්ත බබාලාය.

83 රට ගිනි තැබූ ගේම් වලට උන්නේ සිරිල් මැතිව් හා ගාමිනී දිසානායකය. 83 කළු ජූලීයේ කමර්ඩාන, කලුවාදේවගේ සිරිල් මැතිව් උන්නැහේය. ගිනිකූර ගැහුවේ ඇල්ලේ වට තුන ස්ථවිර උනාට, ඉන් පන්දම් දල්වා රටම ගිනි තැබුවේ උන්නැහේගේ මාෆියාවය. මේ මාෆියාවට ඉතිහාසයක්ද ඇත්තේය. ඒ පුරන් අප්පු සමඟ රට ගිනි තැබූ ගොංගාලේ ගොඩබංඩාගේ පරපුරේ උන් වීමය.

ඉන් පසු යාපනයේ පුස්තකාලයට ගිනි තබා මේ රට "මිලේච්ඡ රාජ්‍යයක්" කලේ ඒ සෙට් එක හා එක් වූ ගාමිනී දිසානායකගේ කණ්ඩායමය. එපමණක් නොව අදටත් ඇමතිවරුන්ගේ අධි සුඛෝපභෝගී කාමසුඛන්නිකානූ ලයිෆ් ඉස්ටැයිල් කල්ට් එකේ නිර්මාතෘද ඒ තුමාය.

මංගල මඩ බලකාය පෙරේදා රෑ වික්ටෝරියා පාක් එක වටේ කළේ ටෙස්ටින් වැඩක් උනත් වැඩේ සාර්ථක උනේය.

ඉන් උද්දාමයට පත් එම පිරිස ඊයේ මිරිහානට යන්නේ වීරයන් ලෙසය. එහෙත් සිඳුවූයේ කුමක්ද? වැඩේ සක්සෙස් බව සිරසෙන් සජීවීව ප්‍රචාරය වීමත් සමඟ මාෆියාව ගේමට බැස්සෙය. අරුන් හොල්මන් වී පැත්තකට උන් ඇත්තටම අහිංසකයින් නිසාය. උන් IRC චන්ඩීන් නොව යුනිකෝඩ් අයියලා විතරය.

එතනින් පැත්තකට විසිවූ උන් කළේ ආයෙත් බුකියෙන් ලයිව් දෙන එකය. නමුත් වැඩේ දුරදිග යන බව තේරුම් ගත් මඩ බලකාය හා සිරස, ලයිව් බ්‍රෝඩ්කාස්ටින් සියල්ල නවතා දමා පැන ගියේය.

ඇත්තටම මේ පරම්පරාව, මේ රට මෙවන් මිලේච්ඡ ක්‍රියාවලින් දශක ගනනාවක් ලේ මත පරිප්පු කෑ බව දන්නේ නැතිය. අප ඔවුන්ට අනුකම්පා කළ යුතුය. අඩු ගානේ මේ රටේ අති දරුණු ත්‍රස්තවාදී යුද්ධයක් තිබූ බවවත් මුන් දන්නේ නැතිය.

අමු ඩොන්කියකු වන සජිත්, රාජිත හා පාඨලී හැර, අනෙක් දේශපාලකයින් සියල්ලෝම, මෙවන් නායකත්වයක් සැලැස්මක් නැති, පුහු විරෝධතා තබා රට නැවත ගිනි තැබීම් වලට ගොස් ආන්ඩු විරෝධි උද්ඝෝෂණ හෑල්ලූ කරන්න එපා යැයි කීවේ ඒ නිසාය.

ඒ පිරිස අතර, මින් පෙර රට ගිනි තැබූ ජනතා විමුක්ති පෙරමුණද සිටීම අප අගය කළ යුතුය.

මාතලන්ට සිතෙනාකාරයට මේ ගේම් අස්සේ සජිත්ට කෙලීමේ ගේමක්ද යනවාය. එජාපයේ මැර කණ්ඩායම් දැන් ඉන්නේ සජබයේය. යම් කිසි ආකාරයකින් රට ගිනි තබා, කඩ සාප්පු කොල්ල කා රට නැවත අරාජික කළ හොත්, ලෝකයෙන් බ්ලැක් ලිස්ට් වෙන්නේ රාජිත හෝ පාඨලි නොව සජිත් ප්‍රේමදාසය.

සජබ ඇතුලේ සජිත්ට එදිරිව යන ගේමද සක්සෙස් වූ පසු, රාජිත එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බාගන්නේය. ඒ එයාගේ පුතාගේ අනාගතය වෙනුවෙන් මිස, පාඨලී රජ කිරීමටයි කියා පාඨලි සිතන්නේ නම්, පාඨලීත් හරි පව් කියා අපට කියන්නට වෙනවාය.

පපරේ විප්ලවයේදී චේ ගුවේරා කැප් එකක් දමා, වෙඩින් සූට් අන්දා, පෙරහරෙන් වැඩැම්මෙව්වේ නිකමට නෙමේය.

මිරිහානේ ගිනි තියාපු උන් සොයා ගන්නා එක ආන්ඩුවේ හා බුද්ධි අංශවල වැඩක් හා වගකීමය. නැත්නම් මුන් ඊළඟට පෙරලන්නේ ලොක්කාගේ තාප්පයය.

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතිය.

ප්‍රජාචන්ච්‍රවාදයද ඒ කැටගරියට අයත් බව මහින්ද අයියාගෙන් හෝ අසා දැනගැනීම සව්භාගේ දැක්මට හොඳය..

මෙහෙම උන්නොත් සව් භාගේ නොව හත්මුතු පරම්පරාවටම කැඳත් නැතිවෙන බව උන්නැහේ කියනවා නොඅනුමානය.


ඒ වගත් මෙසේය.....