.

.
Showing posts with label CJ. Show all posts
Showing posts with label CJ. Show all posts

Aug 31, 2014

18 වන සංශෝධනේ හිල හා මීළඟ ජනපති - There is a hole in a bucket Dear Laisa


කට්ටිය සාධාරණ සමාජ, පිවිතුරු හෙටක්, බටහිර කුමන්ත්‍රණ කරුවන්ගෙන් තොර රටක්, සිංහළ කළ ක්‍රමයට හැදූ මැළේ අච්චාරුවක්, අරකක් මේකක් උදා කරන්න යද්දි, ජනාධිපති ක්‍රමේ ඉදිරියටත් ගෙන යාම සඳහා ඡන්දයකට යන්න දින නියම කොරලාය. දැන් ඉතින් වෙන්නේ හැම එකාම බොරුවට එපා කියපු, ඒත්, හීනෙනුත් මහින්ද රාජපක්ෂ කෙනෙක් වගේ ඉන්න හිතාපු, ජනාධිපති ක්‍රමේ එයාගෙන ඩැහගන්නා ගේම් එකට සෙට් වෙන්නය. හැම එකාටම ඕන ජනාධිපති ක්‍රමේ නැති කරන්න නොව, මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නය. එහෙම ගියාම කේතුමති රාජ්ජේ පහළ වෙනවා කියා හැම එකාම හිතන්නේය.

Jan 20, 2013

ඇට නැති ලෝ....!!! - Attorney at Law....!!!



අනේ සෑර් අපි ආ.............වේ........
කරන්නෙ මක්කැයි ඉස්සරහට....
කියලා දැනගෙන යන්නයි......
වලියටනම් නෙමෙයි සෑ...........ර්.
(කරන්නෙ කොහෙමෙයි මක්කත්
ඉස්සරහට මුකුත් නැතුව.)

Jan 15, 2013

දෝශාභියෝගයේ ඇත්ත කතාව.. - The true story behind the Impeachment


දෝශාභියෝගය ගැන පක්ෂව මෙන්ම, විපක්ෂවද, විවිධ අදහස් පලවන මෙවන් අවදියක, "අදීන මාද්දියවේදියකු" (සමහර අය නම් කියන්නේ අදින මාද්දියවේදියෙක් කියාය.) වශයෙන්, මෙහි සත්‍ය කතාව ලිවීම මාගේ යුතුකමක් වන හෙයින්, මෙසේ ලියා පලකරන්නේය. මේ පිලිබඳ ගැඹුරින් සොයා බලන්නට සිත් වූයේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් පිරිසක්, අරලිය ගහ මන්දිරයේ, ජනාධිපති තුමා හමුවුන බව, එක් සිකුරාදාවක, දිල්කා සමන්මලී, තවත් බෝල් හෙඩඩ් කොල්ලෙක් එක්ක කියනවා ඇසුන නිසාය.

Jan 12, 2013

රට වෙනුවෙන් පොලු ගත් ලක් පුතුන්... - Goons of Mother Lanka




නිකං, කන්න දෙනවනම්
නිකං, බොන්න දෙනවනම්
මොනවද, තිලංගලට වෙන්නට ඕනේ......
නිකං කන්න දෙනවනම්
නිකං බොන්න දෙනවනම්
මොනවද, රත්තරන්ට වෙන්නට ඕනේ.....

Dec 19, 2012

අනේ අපව බේර ගන්න කවුරුත් නැද්දෝ....? - Help....Help.....Help....!!!


සමාන්‍යයෙන් මට එකම වෘත්තිකයකුවත් උසස් නැතිය, පහත්ද නැතිය, හැම රස්සාවම රස්සාවක්ය. ඒත් අපේ රටේ උන්ට මාරම ලෙඩක් තියෙනවාය. ඒ තමන්ගේ ජොබ් එක ඇර, අනෙක් ඒවා පහත් කියනා හැඟීමය. තමා මොකෙක්ද යන බව පෙන්වීමට වාහනයේ ස්ටිකරුත් ගහගෙන යනවාය. ඩොක්ටර්ස්ලා, ඉංජලා, දිසාපතිලා, එහෙම ගහගෙන යනවාය, එහෙම නැත්නම් නලාව කරේ දාගෙන ෂොපින් යනවාය, ලෝයර්ලා කළු ටයි දාන් යනවාය. එ මුකුත් නැත්නම් පොඩි එකා යන ඉස්කෝලේ, ඉස්ටිකර් එකක් හරි ගහගෙන යනවාය. එහෙම උන් මට නම් පේන්නේ හන ගහපු හරක් වගේය.


Dec 10, 2012

කොලවරි තීන්දූ - Instant Justice





මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි.

"මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.
------------------------------x---------------------------------

Dec 6, 2012

ගෝල්ඩන් සිරප් ඌරුමස් හා ප්‍රජාතන්ත්‍රවාදය..... - Golden Syrup, Pork & Justice



තීරණය පැහැදිලිය. ගෙදර යාම අනිවාර්යය. සියළු වරප්‍රසාදයන් අහිමිවීම අනිවාර්යය. සමහර විට තීන්දුව හෙටම ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට ඇය වීරවරියකි. මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය. මන්ද ඇයද ශ්‍රී ලාංකික පුරවැසියකු නිසාය. එහෙත් සාධාරණයක් නැත ඇත්තේ ඒකපාර්ශවික තීන්දුවකි. ඇය බොහෝ අයට වීරවරියක් වනු ඇත. එහෙත් මට නම් ඇය වීරවරියක් නොවේ. 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තීන්දුවක් දුන්නේ නම් ඇය මට වීරවරියකි. දිවි නැගුමට එරෙහිව දුන් තීන්දුව පලි ගැනීමක් ලෙස පෙනිම සාධාරණය......

-x-