.

.

Oct 29, 2023

තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ.... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

 



තඹුත්තේගම අනුර කුමාර යැංකි ඩිකී වීම හමුවේ....

කිතලංගමුවේ නිර්මාල් දේවසිරිට මල පැනීම...

➖➖➖➖➖➖➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸🇺🇸


සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්... සමාජවාදී චීනය මොඩරේට් කළේ ඩෙං ක්ෂියාඕපෙං... ඒ වගේම ජේවීපී එක මොඩරේට් කළේ අනුර කුමාර දිසානායක..


ඒකට හේතුවක් තියෙනවා... රෝහණ විජෙවීර ජවිපේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්බ කලාට... දේශපාලණය සුපිරි ව්‍යාපාරයක් බව ජෙප්පන්ට අවබෝධ කරලා දුන්නේ විමල් වීරවංශ... 


නමුත් කුළ ප්‍රශ්ණ හමුවේ... ටිල්වින් ප්‍රමුඛ දේශපාලන බල මණ්ඩලය... විමල් සහ සෝමවංශ එලවලා දාලා... අනුරගේ යටතේ... විමල් පෙන්නපු පාරේ යන්න පටන් ගන්නවා...


දැන් ඒක සුපිරි ව්‍යාපාරයක්... වමේ පක්ෂයක් ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනවා... ඇත්තටම මෙයාලට බලයට එන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ... ජේවීපී හෝ ජාජබේ බලයට එනවා කියලා හිතාන කවුරුන් හෝ අතින් කයිට් කරගෙන එයාලට කඩේ ගියා නම්.. එයාලා හරි පව්...


නමුත්...  සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ඉන්නේ ලෝකෙම හිනස්සන විහිළු කාරයෝ පිරිසක් නිසා... ජවිපේ එකම විකල්පය ලෙස මතුවෙලා තියෙනවා... 


දැන්... කවුරුත් කරපු අරගලයේ ක්‍රෙඩිට් එකත් එයාලා බලෙන්ම එයාලගෙ ගිණුමට බැර කරගෙන තියෙනවා... ඇත්තටම අරගලේ කරපු උන් නිශ්ශබ්දව ඉන්නවා... මොකෝ ඒක නීතිමය ගැටළු මතුවෙන්න පුලුවන් දෙයක් නිසා... 


ඒ විතරක් නෙමේ... රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පෙරලියත් එක්ක.. ඇමරිකාව වගේම ඉන්දියාවත් දැන් රනිල්ට එදිරිව ක්‍රියා කරන්න අරගෙන තියෙනවා...


 පොහොට්ටුවෙන් රනිල්ට එන තර්ජන  වගේම ජූලී චන්ග් සුදු නෝනා පැලවත්තටම ගොස් අනුර කුමාර මුණගැසීම හා ඊට විශල ප්‍රචාරණයක් ලබා දීම සිඳු වෙන්නේ ඒ අතරතුර... 


එපමණක් නෙමේ... චීන හිතවාදී රනිල්ට එදිරිව... බටහිර බලවේගවල දේශීය නියෝජනයන් සියල්ලම වගේ පැලවත්තට යවන්න ජූලී නෝනා සමත් වෙනවා...


රනිලුත් අරින්නේ නෑ... ඒ ඔක්කොම මැද්දේ චීන නැව කොළඹ වරායට එන්නේ ඒ නිසා... මේක එච්චර නැගලා යන්නේ නැත්තේ... ඇමරිකාව ඊශ්‍රායලයේ යුද්ධයට කෙලින්ම සම්බන්ධ නිසා... 


ඒ යුද්ධය පවතින කාළය හා පරිමාව අනුව මෙහේට සිඳුවන ගෝලිය දේශපාලන ඇඟිලි ගැසීම් පමාවේවී...


කෙසේ වෙතත් ලංකාවේ ඇමරිකානූ නියෝජිතයින් ලෙස ජාජබය තෝරාගෙන අවසන්.. අපට ලැබෙන තොරතුරු අනුව තඹුත්තේගම අනුරට ඇමරිකාණු රජයේ පූර්ණ අනුග්‍රහය මේ චාරිකාවෙදි ලැබෙනවා...


මේක විප්ලවවාදී ඩයිහාඩ් වම්මුන්ට දිරවා ගන්න බැරි බව අවන්ත ආටිගලගේ කාටුන් වලින් හා... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිගේ ෆේස්බුක් වෝල් එකෙන් පේනවා... මොකෝ ඔවුන් දෙදෙනාම ඇමරිකාණු හා අධිරාජ්‍ය විරෝධී කඳවුරේ අය වීම...


මීට පස්සේ මැයි රැලිවලදි... දෑකත්තයි මිටියයි වගේම... කාල් මාක්ස්ලා ලෙනින්ලා ට්‍රොට්ස්කිලා  ස්ටාලින්ලා වෙනුවට ජූලී නෝනා ඇමරිකන් කොඩියක් අරගෙන යන්නත් ඉඩ තියෙනවා....


හැබයි ඉතින් 2015 රනිල් වික්‍රමසිංහ යටතේ පාරම්පරික අති සාර්ථක ව්‍යාපාරිකයින් වූ පිරිසකට...  මේ කිතලංගමුවේ හාල්පාරුවන්ගේ අඬෝවැඩියාවන් කිසි සේත්ම අදාල නෑ වගේම... අන්‍රයියට ජූලී චන්ග් නෝනා දීපූ ඉනාවෙන් ගැලවීමකුත් ලැබෙන්නේ නෑ.


ඇමරිකාණු විරෝධී... ඉන්දියානූ ව්‍යාප්තවාදයේ ආදිනව ගැන මීටීන් තියලා මයික් පැලෙන්න බෙරිහන් දීපූ මේ පක්ෂයේ නිර්මාතෘ තුමා.... ඉල් මගේ විරුවොත් එක්ක .... බොරැල්ලේ කනත්තේ ඉඳන් ... ඉනට අත් තියාගෙන .... මේවට හිනා වෙනවද අඬනවද කියන්න නම්.... මාතලන් දන්නේ නෑ ආයිබන්ඩ....


ඒ වගත් මෙසේය....

.

Oct 26, 2023

මෛත්‍රිපාල සිරිසේන Part 2 සහ ජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම.

 



මෛත්‍රිපාල සිරිසේන Part 2 සහ
ජනතාවට වඩා දේශපාලුවන් ඉදිරියෙන් සිටීම..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

නෙතන්‍යාහූ මේ කියන්නේ ඇත්තක් වෙන්න පුලුවන්... (පොටෝ එක බලන්න)

ඒත් මොසාඩ් එකට 10/7 හමාස් ප්‍රහාරය ගැන අනතුරු ඇඟවූ බව ඊජිප්තු රහස් සංවිධානය සපත කර සිටිනවා...

මොසාඩ් එකට අවශ්‍ය වුනේ ජනතාව අතර ප්‍රසාදයක් නැති නෙතන්‍යාහු... මේ ප්‍රහාරයෙන් තවත් අප්පිරිය කරලා දාන්න...

ඒ නිසා මොසාඩ් හිතන්න ඇති... වෙනදා වගේම හමාස් එකෙන් ටෙල් අවීව් වලට අහස් ගුන්ඩු ටිකක් එවාවිය කියලා...

හැබයි හමාස් ගැහුව ගැහිල්ල ඊශ්‍රායලයට, මොසාඩ් එකට ඉතරක් නෙමෙයි... ඇමරිකාවටයි පෙන්ටගන් එකටත් හිතා ගන්නවත් බැරිව තාමත් හොල්මං වෙලා ඉන්නේ...

හැබයි ඉතින්.... 10/7 පලස්තීන කොඩි උස්සගෙන නටපු ගාසා එකේ උන්ට... දැන් උන්ගේ දරුවන්ගේ මෘතදේහ උස්සගෙන අඬන්න වෙලා තියෙනවා....
ඉතින් එයාලටයි...
එයාලා වෙනුවෙන් හඬා වැලපෙන අයටයි කියන්න තියෙන්නේ.... 
අපේ අන්‍රයියා මැයි 9 සිද්දීන් ගැන කියපු දේම තමා...

ඒ... "ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා" කියන එක...

ගරිල්ලා ත්‍රස්තවාදයට... ප්‍රතිප්‍රහාරය දෙන්න සාමාන්‍ය සාම්ප්‍රදායික යුධ නීතී... එතික්ස් හරි යන්නේ නෑ.. ඒකට උත්තරේ රාජ්‍ය ත්‍රස්තවාදය... ඒක ත්‍රස්තවාදයටත් වඩා මිලේච්ඡයි... එහෙම නැතිව ඒවා නැති කරන්න බෑ...

කෙසේ හෝ මොසාඩ් බලාපොරොත්තු වුනා වගේම... ඊශ්‍රායලය තුල නෙතන්‍යාහූට විරුද්ධව ඔහුට අගමැති කමෙන් ඉල්ලා අස්වෙන ලෙස ජනතා විරෝධයක් මෙන්ම උද්ඝෝෂණත් ඇවිත් තියෙනවා...

නෙතන්‍යාහුගේ මේ ප්‍රකාෂයට ඒකත් හේතු වෙන්න ඇති...

හැබයි.... අපේ රටේ මළ මූසල අවස්ථාවාදී මජර දේශපාලුවන් නැති ඊශ්‍රායලයේ දේශපාලුවන් ජනතාවට වඩා ඉදිරියෙන් ඉන්නවා...

මේ මොහොතේ ඔවුන් එකා වන්ව ජාතියක් ලෙස නෙතන්‍යාහුට උපරිම සහාය ලබා දෙනවා... උන් කියන්නේ.... ඒවා අපි යුද්ධය ඉවර වෙලා විසඳාගමු කියලා...

හැබයි යුද්ධයෙන් පස්සෙ නෙතන්‍යාහූ කියන්නේ ඒ රටේ ජාතික වීරයෙක් වෙනවා....

ඒ යුදෙව්වන් ජාතියක් ලෙස එකමුතු නිසා...

ඔය ඊශ්‍රායලට විරුද්ධව නටන...
කෝට් තොප්පි දාගත්ත "ඕතඩොක්ස් ජුවිස්" කියන්නේ ඕමල්පේ සෝභිත වගේ... ගල්කන්දේ එකා වගේ පිරිසක්... උන්ට කන්න බොන්න දෙනවා නම් ඕනම දෙයක් කරනවා....

ඕකුන් රස්සාවක් කරන්නේ නෑ... හමුදාවට එන්නෙත් නෑ... කොටින්ම වතුර බිල් ගෙවන්න වෙනවට නාන්නෙත් නෑ... ආන්ඩුවෙන් පිනට කකා... හැමිනෙන එක තමා ඕකුන්ගේ රාජකාරිය... ඊශ්‍රායල සමාජයේ ඕකුන්ට තැනක් නෑ.... ඊශ්‍රායලයේ හිටපු උන් මුන් ගැන හොඳින්ම දන්නවා....

පට්ටම ආතල් එක කියන්නෙත්.... මුන්ගෙන් අතිබහුතරේ ජීවත් වෙන්නෙත්... ඊශ්‍රායලය විසින්, පලස්තීනයෙන් බලෙන් අත්පත් කරගත් ප්‍රදේශයන් වන බටහිර ඉවුරේ හෙවත් "වෙස්ට් බෑන්ක්" එකේ ජනාවසවලම වීම... 🤪
.

Oct 25, 2023

රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?




 රට භංකොලොත් කළ රාජ්‍ය සේවයට

පඩි වැඩි කරන්න මුන්ට පිස්සුද?

➖➖➖➖➖➖➖➖➖➖😁➖


රටට හොදි ඕනම නැති සයිස් එකට කෙලවෙලා තියෙද්දිත්... මේ ආන්ඩුව මෙන්ම රජයේ නිළධාරිනුත් කෙලින්නෙ අමු පිස්සු විතරමය. 


කෝප් කමිටුවට එන්නේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරීන්ය... උන් ප්‍රශ්ණවලට ලබා දෙන උත්තර හා... උන් මෙතෙක් ගත් තීන්දූ තීරණ ගැන අහනා විට... මේ රට මෙහෙම තිබෙනා එකද පුදුමයක්මය.


මේ ආන්ඩුව ගත් ගොබ්බ තීරණයන්ට හොඳම උදාහරණය සමනල වැවේ ජළය උඩවලව ජලාශයට නිදහස් කළ එකය. 


කංචන බෑම කියද්දී... අමණවීර නම් අමණ ඇමතියා හා විපක්ෂය ගෙනගිය සද්දේට බය වූ ජනාධිපතිවරයා අවසානයේ කළේ.... සමනල වැවේ ජළය නිදහස් කරනා එකය. අන්තීමට ප්‍රථිපලය  වුනේ.... 


▪️ජලාශයන් දෙකටම වතුර නැතිවීමත්, 

▪️කුඹුරු සියල්ල නියඟයට හසු වී විනාශ වීමත්,

▪️ජළ විදුලිය නොමැති නිසා වැඩි මිළට තාප බලාගාර වලින් විදුලිය ලබා ගැන්මට සිඳුවීමත්, 

▪️පන් ගොයියන්ගේ වගා හානී වලට වන්දි ගෙවීමට සිඳුවීමත් පමණි.


කරුමය කියන්නේ... මේ සියල්ල සිඳු වූයේ...උඩවලව ජලාශයේ ජලය කිසිඳු හේතුවක් නැතිව මුදාහැර ඇති බවටත්... ඊට වගකිව යුතු රාජ්‍ය ආයතනයක් හා වෘත්තීමය නිලධාරින් පිරිසක් සිටිනා බවටත්... කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


එහෙත් උන්ට එරෙහිව මේ වන තෙක් ගත් කිසිඳු ක්‍රියාමාර්ගයක් නැති අතර... වගා වන්දි හා වැඩි වූ විදුලි බිල ගෙවන්න උනේ ජහමනයාටය. 


හරි නම් මෙය කපා ගත යුතුව තිබුනේ... අදාල නිළධාරින්ගෙන් හා සේවකයන්ගෙන් හෝ... අකාර්‍යක්ෂම පට්ට දූෂිත සමස්ත රාජ්‍ය සේවකයාගේ වැටුපෙනි.


මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කිරීමේ වැඩි වගකීම තිබෙන්නේ පොලිටික්කන්ට වඩා රාජ්‍ය නිලධාරීන්ගේ අතේය... ඔවුන් එතරම්ම අකාර්යක්ෂම ජාතියකි... පට්ට දූෂිත ජාතියකි... අමු වංචාකාරයෝය... රජ්‍ය සේවය ලබා ගැන්මට එවන් ආයතනයකට ගොස් ඇති ඕනෑම එකෙක්... මේ ගැන සාක්ෂි දරනවා ඇත.


ආන්ඩුව කළ යුත්තේ... පාඩු පිට පාඩු ලබන... රාජ්‍ය ආදායමෙන් 80% කට දැනටත් කෙලින.. එවන් අකාර්යක්ෂම මළ මූසලයින් පිරිසකගේ පඩි වැඩි කිරීම නොව... 


ඒ වැඩිකිරීමට නියමිත මුදල්... ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවන් වන.. ඉන්ධන... ජළය... විදුලිය හා ගමනා ගමන ආයතන වෙත යොමුකොට... ජනතාවගේ ජීවන බර අඩුකිරීම මිස... මේ මළ මූසලයින්ගේ පඩි වැඩි කොට ජීවන බර තව තවත් වැඩි කිරීම නොවේ... 


මේ රටට කෙලවූයේ 2015 බලයට පැමිණි යහපාලනයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය රුපියල් 10,000/= වැඩි කොට ඒවා ගෙවාගන්න වැඩි පොලියට සවරින්ග්  බොන්ඩ්ස් මිළදී ගත් නිසාවෙන්‍ය. එම පාලන සමයේ ආන්ඩුව සිඳු කලේ එයම පමණි.


75 වසරක් ට්‍රිලියන් ගනන් ණය වී මොනාද කරේ කියලා අහන උන්ට අපට කීමට ඇත්තේ ... ඉන් 80% කාලා තියෙන්නේ තොපිට ආතල් දෙන්න ගිහිල්ලා කියලාය.


එබැවින් හොම්බෙන් නොව පුපෙන් යන මේ කාළයේ... ආන්ඩුවේ මළ මූසලයන්ට පඩි වැඩි කොට මේ රට කාබාසීනියා කර නොදමන ලෙස අපි ආන්ඩුවෙන් ඉල්ල සිටින්නේ... ආන්ඩුවේ සේවකයෙක් ලෙසම සිටිමින්‍මය.


මේවා ඒ තරම් අකාර්යක්ෂම... දූෂිත... හොර ගුහාවන්මය.


ඒවාට රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව පරිප්පු කන්නට ඕනෑ නැත්තේමය...


ඒ වගත් මෙසේය.....


.

Oct 22, 2023

කිතලංගමුවේ මර්තේලිස්, නිර්මාල්, සමිල මුතුමුණි හා දේශපාලන හිඟන්නෝ

 



කිතලංගමුවේ මර්තේලිස්, 

නිර්මාල්, සමිල මුතුමුණි හා

දේශපාලන හිඟන්නෝ

➖➖➖➖➖➖➖➖🔴


නිර්මාල් රංජිත් දේවසිරි පොතක් ලියනවා මර්තේලිස් වෙනුවෙන්... පොතක් ගහනවා කියන්නේ බිස්නස් එකක්... නැත්නම් පොත විකුණන්නේ නෑ නේ...


ඒ අතරේ අද දිනයේ ඒ වෙළඳ භාණ්ඩයේ ප්‍රචාරණය  සඳහා ඒ හා සහසම්බධ වමේ සෙට් එකක්... මර්තේලිස්ගේ ගෙදර යනවා....


ඒ පිළිබඳ පෝස්ට් කීපයක් නිර්මාල්ගේ වෝල් එකේ යනවා...


එතනදි සමිල මුතුමුණි ප්‍රශ්ණයක් අහනවා නිර්මාල්ගෙන්.... මේ යන්නේ.. // මර්තේලිස්ට යම් උපකාරයක් කරන්නද? // කියලා... 


රටේ දේශපාලන සංස්කෘතිය අනුව ඒක සාධාරණ ප්‍රශ්ණයක්..


මොකෝ... වමේ දේශපාලනය තුල මේ දක්වාත්... ඉදිරියෙත් සිඳුවෙන්නේ... වමේ පොලිටික්කෝ දක්ශිනාංශික උන් එක්ක එකතු වෙලා පීඩිතයට පුප පෙන්නපු එක විතරයි...


ඒ පරම සත්‍යයය නිසාම... නිර්මාල්ට මේකට මල පැනලා... හවස් වරුවේ මේ පෝස්ට් එක දානවා..


// මර්තේලිස්ට ‍ගෞරවය පිණිස කිව යුත්තේ දේශපාලන හිඟන්නන් මෙන් කාගේවත් පිහිටෙන් යැපීමට තරම් ඔහු හිඟන්නෙක්වත් අසරණයෙක්වත් නොවන බවයි. ඔහු අපට ඔහුගේ නිවසට ආරාධනා කලේ ජීවත් වීමට කීයක් හරි ඉල්ලා ගැනීමට නොවේ. ඔහුගේ ජීවිතය සහ සතුට අපත් සමඟ බෙදා ගැනීමටයි!!! //


ඉතින් මේක උදේම දැම්මා නම්... සමිල අහපු ප්‍රශ්ණය මතු වෙන්නේ නෑ.. මෙතන නිර්මාල් දේශපාලන හිඟන්නෙක් කියන්නේ සමිලට..


හැබයි සමිල කියන්නේ දේශපාලන හිඟන්නෙක්වත්... දේශපාලන වහලෙක්වත්... නෙමෙයි.. ඔහු වෘත්තීමය වශයෙන් නිර්මාල්ලට වඩා ඉහළ බුද්ධිමතෙක්... නමුත් දේශපාලනයෙදි අත දරුවෙක්....


(එහෙම කෙනෙක් සීරියස් ගැනීමම නිර්මාල්ගේ නොදැනුවත් කම වගේම... සමිලගෙ දක්ෂකම... ඒ කියන්නෙ සමිල රාජපක්ෂලා වෙනුවෙන් දැනන යමක් කලා කියලා නිර්මාල් හිතනවා)


ඔව්... ඔහු මීට පෙර රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටියා... රාජ්පක්ෂලා වෙනුවෙන් පෙනී සිටීම දැන් පාපයක් හා සාපයක් වෙලා තියෙනවා. 


ජැක්සන්ට වුනෙත්... ඉරාජ්ට වුනෙත්.... සමිලට වුනෙත් ඒක... නමුත්... නිර්මාල්ලගෙ පඩිය... ඕසෙට වැඩි කළෙත් රාජපක්ෂලාම තමයි..


එයාලා දේශපාලන හිඟන්නෝ නම්... ඉතිහාසය උගන්වන කෙනෙක් දේශපාලනය කිරීමත්... එක එකාට කඩේ යාමත්... සුපිරි හිඟන කමක්... 


මොකෝ මේ රට ආර්ථික වශයෙන් විනාශ කරපු යහපාලන ආන්ඩුව ගේන්න... නිර්මාල් ඕසෙට කඩේ ගිය කෙනෙක්... 


දැන් එයා අපිට කියනවා කඩේ යන්නේ රනිල්ටද අනුරටද කියලා තීරණය කරන්න කියලා.. 


එහෙම කියලා එයා හැටට හැටේ ජෙප්පන්ට කඩේ යනවා...


මට කියන්න තියෙන්නේ සමිලවත්... මහින්ද පතිරණවත්... නිර්මාල්වත් දේශපාලන හිඟන්නෝ නම් නෙමෙයි... කොලිෆයිඩ් වෘතිකයෝ...


හැබයි ජෙප්පන්ට කඩේ යන්න පටන් ගත්තයින් පස්සේ... නිර්මාල්ගේ අන්මත ඉවසීම... අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය මෙන්ම තොරතුරු දැණගැනීමේ අයිතිය හා ප්‍රශ්ණ කිරීමත් නොරුස්සන බවක් පේනවා...


ඉතින් සමිල මීට පස්සේ නිර්මාල් ප්‍රශ්ණ කිරීම ටිකක් පරෙස්සමින් කරන්න...


මොකද එයා දැන් මැයි 9 සිඳුවීම් සාධාරණීකරණය කරන...

ජනතාවට ව්‍යවස්ථාව උල්ලංගනය කළ හැක...කියන... ජේවීපී හිඟන්නෙක් නිසා...

.

Oct 20, 2023

බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ.. ඩයනා නම් යුගපුරුෂයා...

 



බිජුහීනතාවයෙන් යුත් පිරිමින් අතරේ..

ඩයනා නම් යුගපුරුෂයා...

➖➖➖➖➖➖➖➖❤️➖


මේ ඩයනා ගමගේට සිඳුවූ දේ පර්ලිමේන්තු ලොබියේ විතරක් නෙමේ සබාගර්බයෙත් හැමදාම කාන්තා මන්ත්‍රිවරියන්‍ට සිඳුවන දෙයක්... ඒක පාර්ලිමේන්තුවේ ඉන්න උන්ම කියන දෙයක්...


මේක.. ලකේ පංකාවේ.. බස් එකේ... කෝච්චියේ... කාර්‍යාලයේ... පොලීසියේ.. හමුදාවේ ඉතරක් නෙමේ... අධිකරණයෙත් සිඳුවන දෙයක්... ඒත් ඉතින්.. මාර Huත්තරීතයි කියන.. නීතී සම්පාදනය කරණ පාර්ලිමේන්තුවේත් මේවා වෙන එකයි අවුල..


අනික් ප්‍රශ්ණය තමා.... අනෙක් කාන්‍තා මන්ත්‍රිවරියන් වෙනුවෙන් මරාගන්න යන මාර පුරුෂයෝ... මෙතනදි වන්ද්‍යකරණයට ලක්කල බිජුහීනතාවයෙන් යුත් පීලා බවට පත් වීම.


මොකද තිස්සකුට්ටිආරච්චි විසින්... කවිරත්න මන්ත්‍රිවරියට වම්බටු කතාව ගිය වෙලේ... හාල්පාරු කතානායකත් හිටියේ නිවැරදි මතයේ... පක්ෂ විපක්ෂ හැම එකාමත් උන්නේ කවිරත්න නෝනගෙ පැත්තේ...


ඒත් විශේෂයෙන් ඩයනට, ගීතට, පවිත්‍රට, හිරුණිකාට මඩ ගහන කොට ...එයාලගෙ පක්ෂයේ උනුත් ඉබේම විපක්ෂයේ අය වෙලා... හිනා වෙවී උඩ පනිනවා මිසක්... තමන්ගේ එකා වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ...


ඒ විතරක්ද? අනෙක් මන්ත්‍රීවරියන් විතරක් නෙමේ.. මන්ත්‍රීවරියන්ගේ සංගමයවත්.. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න මහා සිවිල් බුවාලා බුවීලාවත්... සංවිධානවත්... ජඩමාජ්ජවේදී වේදිනියන්වත්... කටේ කෙල බිඳක් හලන්නේ නෑ..


ඒයාලත් කරන්නේ අරුන් එක්ක එකතුවෙලා මේ මන්ත්‍රීවරියන්ට නිර්දය ලෙස පහරදීම... අද වෙන්නෙත් ඒක...


ඒකට හේතුව... ඒ බිජුහීනතාවයෙන් යුත් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව අතරේ... මේ කාන්තාවන් දැවැන්ත චරිත වීම... ඉතින් මොවුන්ට ප්‍රහාර එල්ල වෙන කොට අර කෂ්ටියගෙ අප්‍රාණික ලිංගික අවයව ටියුන් වෙලා ඇඳිවතේම සුරතාන්තයට පත් වෙනවා...


අනික් දේ තමා... පඩත්තල සිරස ජඩමාජ්ජවේදීයා විසින් පස්සෙන් පන්න පන්නා රාජකාරියට බාදාකරලා කේන්ති ගස්සපු කාන්තාවට කරපු දේමයි .... ෆෝන් එකෙන් වීඩියෝ කරමින් කරපු පී ඩෑල් එක වගේම... ඩයනට ගහපු පී ඩෑල් එකත් කරේ... මම හිතන්නේ මේ දේ නම් වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට....


අනික් මන්ත්‍රිවරියන් අඬාගෙන ගිහින් කතානායකට දුක්ගැනවිලි කිව්වට... ඩයනා එහෙම නෑ... ඩයනා කෙලින්ම ගේම ඉල්ලන්නේ... අනික පාර්ලිමේන්තුවේ ඉන්න බිජුහීනතාවයෙන් යුත් පිරිමි කතාකරන්න බය... කංසා... කසිප්පු... නයිට් ලයිෆ් ගැන ඩයනා නිර්භීතව කතා කිරීම...


මෙතන.. කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා බලන්න අවශ්‍ය නෑ... මිනිස්සුන්ට නම් දීලා තියෙන්නේ... ඒ අය වෙන් වෙන් වශයෙන් හඳුන්වන්න... එහෙම තියෙද්දි... තමන්ගේ අම්මා.. ගෑණි... සහෝදරී...යෙදෙන රැකියාව හඳුන්වන නාමයෙන් අනික් අයව නම් කරන්න කාටවත් අයිතියක් නෑ...


දැන් තියෙන්නේ... නියෝජ්‍ය කතානායක හා පත්කල කමිටුව මොන ජාතියේ ලිංගිකයින්ද කියලා බලාගන්න එක විතරයි...


කොහොම හරි පාර්ලිමේන්තුවේ පුරුෂ ලිංගික අය ඇත්තෙම නෑ කියලා ඊයේ ඔප්පු වුනා..


පොලීසියේ නම් පුරුෂ ලිංගිකයින් උන්නා කියලත් දැක්කා...


.

ජූලී චන්ග්... ඔයා හරි පව් මැණික....

 



ජූලී චන්ග්...

ඔයා හරි පව් මැණික....

➖➖➖➖➖➖🇺🇸🇺🇸🇺🇸


ජූලී චන්ග් නෝනා අනුර කුමාරයා හම්බ වෙන්න හදිස්සියේම යන්නේ ඇයි කියන එක හැමෝටම ප්‍රශ්ණයක් වෙලා තියෙනවා වගේම... ඇය ඉදිරියේ... රටේ වටේ පොර ටෝක් දිදී යන එකෙක් හැසිරුන... නිවට නියාලූ බායාදූ හැසිරීමත්... අද බුකියේ කතා බහට ලක්වෙනවා.


මෙහෙම හැසිරෙන හාල්පාරුවෝ තමා රනිල්ට ඉන්ගිරිස් බෑ කිව්වේ... මුන් කියන්න ඇත්තේ... මුන්  වගේ නැට්ට පුපේ ගහගත්ත දෙකේ පන්තියේ කුක්කෝ වගේ.. ජර්මනියේ "ඩොයිච වෙල්" (DW) සුද්දා ඉස්සරහත් ඇඹරෙන්න ඕන කියලා වෙන්න ඇති.


රට පාලනයට ඉන්ගිරිස් ඕනය කියලා අපි කියන්නේ නෑ... හැබයි එහෙම කියපු උන්... බලේට ගේන්න යන එකාට... ඉන්ගිරිසි මලපොතේ අකුරක්කත් බැරි එක නම් මාර ලොල්. ඊට හපන් ළඟින් උන්න අනිකා.... ඌ එංගලන්තේ ගිහින් ඉන්ගිරිසී හත් පොලේ ගාගෙන නෑවා අපි දැක්කා.


එව්වා වැඩක් නෑ... අපි බලමුකෝ මේ ජූලී නෝනා මොකෑ මේ තකහනියක් අන්‍රයියා හම්බ වෙන්න යන්නේ කියලා... 


ඊට ප්‍රධාන හේතූ දෙකක් තියෙනවා... 


පළමු එක තමා... රනිල්ගේ චීන සංචාරය සාර්ථක වීම... එතකොට මෙයා පැලවත්තේ ගුබ්බෑයමට රිංගන්නේ රනිල් බය කරන්න... මොකෝ පරගලයෙන් පස්සෙ මෙයා කැමති වුනේ නෑ රනිල් බලේට එනවට... රනිලුත් අරගලේ හිටියට... මෙයා බැලුවේ ඇමරිකන් රූකඩයක් ජනාධිපති කරවන්න.. කතානායක ජනාධිපති කරන්න ගියේ ඒකයි. මේවා දැන් ප්‍රසිද්ධ රහස්..


හැබයි රනිල්ගේ කන්ටැක්ස් තිබ්බේ මෙයා එක්ක නෙමෙයි... කෙලින්ම ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක.. ඒකේ ඉන්න තද පොරවල් එක්ක.. ඒවා අවුරුද ගානක් තිස්සේ හදාගත්ත කන්ටැක්ට්ස්...


කොහොම හරි රනිල්ට උපතින්ම ලැබුන මාන්නය නිසා එයා පුටින්ව උනත් ගනන් ගන්නේ නෑ... ඒ නිසා දැන් ලෝක නායකයොන්ට බණ කියන සයිස් එකට ඇවිත් ඉන්න උන්නැහේ.... ජූලී චන්ග් නෝනව පයිසෙකට මායිම් කරන්නේ නෑ...


(රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න රනිල් ගහපු මේ ගේම ගැන වෙනම ලියන්නම්..)


ඉතින් එයාට ඕන මීළඟට බලේට එන්න ඉන්නවය කියන එකාට එයාගේ සප් එක නොඅඩුවම තියෙනවය කියලා පෙන්නන්න. ජූලී නෝනා පුප ඉරාගෙන දැඟලුවාට.... දැන් ඇමරිකාව කන්න තියෙන ලොකුම පරිප්පුව කාලා ඉන්නේ මේ දවස්වල.


එයාලම හදපු පලස්තීන හමාස් දරුවෝ... එයාලගෙ හදවත බඳු ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් එයාලා හොල්මන් වෙලා ඉන්නේ.. 

එහෙන් යූක්‍රේනයේ යුද්දේ.. අරහෙ තායිවානේ... දැන් ලෙබනන් හිස්බුල්ලත් ගේමට බැහැලා... ඉරානය හා සිරියාවත් පැටලෙන සයිස් එකක් තියෙන්නේ... 


ලෝකේ හැම තැනම ඉන්න ඇමරිකන් කාරයන්ට පරිස්සමෙන් ඉන්න කියලා තියෙන්නේ.. සමහර රටවල උන්ට ඇමරිකාවට එන්න කියලා තියෙන්නේ...


ඔන්න ඕක තමා දෙවන හේතුව... 


ඒ කියන්නේ මෙහේ ඉන්න ඇමරිකන් විරෝධී පිරිස ජෙප්පෝ හරහා ෂේප් එකේ තබා ගැන්ම... 


ඒකනේ එයා අන්‍රයියට කියන්නේ... අපි අතර නොගැලපීම් තිබුනට... මේ වෙලාවේ අපි සහයෝගයෙන් වැඩ කරන්න ඕනෙයි කියලා.. ඒ කියලා ලොකු කුට්ටියකුත් අනිවාර්යයෙන් දෙන්න ඇති...


මොකද දැන් රනිල් ගණුදෙනු කරන්න ලෑස්ති වෙන චීනය හා ඉන්දියාව  .. මේ මොහොතේ ඊශ්‍රායල් ප්‍රශ්ණයේදී ඇමරිකාව පැත්තේ නෑ... අනික රනිල් දැන් තේරුම් අරගෙන තියෙනවා... ඇමරිකාව හා බටහිර බලවේග වලින් කිසි සප් එකක් එයාට නැති බව... 


හැබයි ඉතින් ජූලී නෝනා උඩ දාගෙන නැටුවට... මේ මොහොතේ ලංකාව දිහා බලන්න ඇමරිකාවට වෙලාවක් නෑ.. 


බයිඩන් උන්නැහේ ඩොලර් බිලියන 100 ක් ඉල්ලනවා යූක්‍රේනයයි, ඊශ්‍රායලයයි, තායිවානයයි, මැක්සිකෝ බෝඩරෙයි බේරගන්න... 


දැන් ඇමරිකාවම හදපු ප්‍රශ්ණ... දැන් ඇමරිකාවට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ. ඒ අස්සේ මැදපෙරදිග අටවගෙන ඉන්න ඇමරිකානු කෑම්ප් වලට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙන්නත් පටන් අරගෙන.


ඒ නිසා එයාලට මේ හූනූ බෙට්ටෙන් ඇති වැඩක් නෑ... 

ඔයත් මෙහේ ඉන්නවය කියලා පෙන්නන්ට...

ඔයා රඟන්න ට්‍රයි කලාට... 

ඔයා හරි පව් නෝනේ... 


බය වෙන්න එපා ලෝකල් ටෙරාලට රනිල් එක්ක සෙල්ලම් දාන්න බෑ...


ඒ නිසාඔයා ඔය ත්‍රස්තවාදීන් නැතිව... 

රනිල් ෂේප් එකේ තියාගන්න බලන්න....


පේනවා නේ ඔයාලම හදපු හමාස් ත්‍රස්තවාදීන්ගෙන් ඔයාලාම දැන් කන කෑම...


ඔයාට රත්නත්තරේම පිහිටයි

ආරක්ෂාවයි...!!!

.

Oct 18, 2023

සාමය.. අද නොවේ හෙට

 



සාමය.. අද නොවේ හෙට

➖➖➖➖➖➖➖💀➖


ලෝක සාමය කියන්නේ පට්ට පල් බොරුවක් වගේම... ජාතීන් අතර සාමය කියන්නේ සාපයක් හා විහිළුවක්ම බව දැන් මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා...


ඒ නිසා දැන් දේශපාලන නායකයින්ට හා රාජ්‍ය නායකයින්ට තව දුරටත් මින්ස්සු අන්දන්න බෑ... දැන් කියන්නේ ගේම නම් ගේමෙන්ම ඉඳපන් කියලා...


ඒ නිසා ඊජිප්තු, ජෝර්ඩාන් හා මැද පෙරදිග රාජ්‍ය නායකයින්ට ජෝ බයිඩන් එක්ක දාගත්ත මීටින් රැස්වීම් ඔක්කොම කැන්සල් කරන්න වෙනවා...


ඒ වගේම ලෝක සාමය වෙනුවෙන් අටවා ගත්තය කියන ත්‍රස්තවාදීන්ගේ මහගෙදර වන එක්සත් ජාතීන්ගේ සංවිධස්නයේ දෙබිඩි පිලිවෙත හා නිරුවත දැන් හොඳටම පේනවා..

ඒ නිසාම තමා ඊශ්‍රායලය ඔය ඉලව් සංවිධානයේ නැත්තේ..


ඊශ්‍රායලය පලස්තීනූවන්ගෙය කියලා කියන උන්ට මට කියන්න තියෙන්නේ කරුණාකරලා ඉතිහාසය හදාරන්න කියලා විතරයි.. පුලුවන්නම් The Ten Commandments කියන චිත්තරපටිය හරි හොයාගෙන බලන්න....


ඇමරිකාව... ඊශ්‍රායලට වගේම පලස්තීනයටත් ජෝර්දානය හා ඊජිප්තුවටත් වාර්ෂිකව විශාල මුදලක් හෙවත් ජරාවක් ලබා දෙනවා.. ඒ ඊශ්‍රායල ජනතාවගේ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන්...


ඒ වගේම .. ඇමරිකාව වගේම බලවත් අනෙකුත් රාජ්‍යයන්.... ත්‍රස්තවාදී කණ්ඩායම් බිහි කරන්නත්, ඒවා පවත්වාගෙන යන්නත්, පුහුණු කරන්නත්, විශාල මුදලක් පොම්ප කරනවා...


හමාස් කියන්නෙත් යසර් අර්පත්ට විරුද්ධව ඊශ්‍රායලය හා ඇමරිකාව එකතු වෙලා හදපු එහෙම ත්‍රස්තවාදී සංවිධානයක්... 

දැන් උන්ගෙන් ඉල්ලගෙනම කන එකත් දෛවයේ සරදමක්...


අද උන්ට ඇමරිකාව දෙනවට වඩා ආධාර යුරෝපයෙන් හා මැදපෙරදිගෙන් ලැබෙනවා... ඒ ඊශ්‍රායලය ආක්‍රමණයට හා යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට.. අද උන් ඉන්නේ අයිසිස් මතයෙමයි...


හමාස් නෙමේ.... ඉස්ලාම් මූලධර්මවාදයේ ආරම්බය හෙවත් තලෙයිබාන් බිහිකලෙත්... ඔසාමා බින් ලාඩන් බිහිකලෙත් ඔය බලවත් බටහිර රාජ්‍යයන්ම තමයි...


ලෝකේ තියෙන ත්‍රස්තවාදී කණ්ඩායම් වල මූලස්ථාන සියල්ලම තියෙන්නෙත් යුරෝපයේ, එංගලන්තයේ හා කැනඩාවේ... 


එයාලට ළඟදීම තේරෙයි ඕවයේ ආදීනව... මොකෝ එයාලට විරුද්ධ බල කඳවුරක් දැන් බිහි වෙලා ඉවර නිසා...


ඉදින් කවදාවත් මේ වර්ගවාදය... ආගම්වාදය... කුල මල බේද, දේශසීමා අරගල... ආක්‍රමණ... මේ ලෝකෙන් තුරන් වෙන්නේ නෑ... ලෝකය පවතින තුරා ඒවත් පවතිනවා...


ඊට හේතුව තමා ප්‍රේමය වපුරන මිනිසුන්ට වඩා... වෛරය කර තබාගෙන යන ත්‍රස්තවාදීන්ට මිලේච්ඡත්වයට මිනිසුන්ගේ උපතින්ම ඇති කැමැත්ත... 


මිනිසා කියන්නේ මනසින් උසස් කිව්වට... මේ පිරිස තාමත් අමු තිරිසන්නු... ඔවුන්ගේ බලය වැඩියි... පිරිස වැඩියි...


ඒ නිසා තමයි ඊශ්‍රායලයේ අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපකාරයින් ලෙස තබාගෙන අහිංසක පලස්තීන ජනතාව මිනිස් පලිහක් ලෙස තබාගෙන ඔවුන් අතරේම ඉඳගෙන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට රොකට් ගහන්නේ... පලායන මිනිස්සුන්ට ඊජිප්තුවට පලා යාමට ඉඩ නොදී හමාස් ත්‍රස්තවාදීන් "රෆා" බෝඩර් ක්‍රොසින් ගේට් එක වහගෙන ඉන්නේ..


ගොඩාක් අමණයින් නොදන්නා දෙයක් තමා... පලස්තීන සම්බවයක් සහිත අරාබි ජනතාව විශාල ප්‍රතිශතයක් ඊශ්‍රායලය තුල යුදෙව්වෝ වගේම උසස් ජීවන රටාවක් සහිතව ජීවත් වෙනවා කියනෙක.. ඒ වගේම ඔවුන්ගේ නියෝජිතයින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව වන කෙනසෙට් එකෙත් ඉන්නවය කියන එක.


ඒ බුද්ධියක් තිබුන උගත් පලස්තීන මිනිස්සු... හමාස් එකට එකතු වෙන්නේ දරිද්‍රතාවය අඩියෙම ඉන්න පලස්තීනුවෝ... ගාසා එකේ පාලනය තනිකර තියෙන්නේ උන්ට... ගාසා තීරයේ ඉන්න සියලුම පලස්තීන ජනතාව උන්ගේ ප්‍රාණ ඇපකාරයෝ...


ඒ වගේ මිලේච්ඡයින්ට තමා... මිනිස්සු මිලේච්ඡ ලෙස ඝාතනය කරලා... ඒ මළකදන් මැද්දෙ පෝඩියම් එකක් තියලා... ඩොක්ඩර්ස්ලා ලව්වා මාධ්‍ය සාකච්ඡා තියන්න පුලුවන්... උන් ඒ තරම් මිලේච්ඡයින් 


ඒවා ලෝකයට පෙන්වන මාධ්‍යවේදී ත්‍රස්තවාදීන් වගේම ආයතනත් ඔවුන් සතුයි... අල්-ජසීරා කියන්නේ එවන් ආයතනයක්... කටාර් ෆන්ඩ් කියන්නේ ජිහාඩ්කරණය වෙනුවෙන් ඕන තරම් වියදම් කරන ආයතනයක්...


ඉදින් මේ හමාස් වෙනුවෙන් පෙනී ඉන්න උන්ගේ ක්‍රියා සාධාරණීකරණය කරන ඕන එකෙක් මට අනුව... අමු ත්‍රස්තවාදියෙක්...


මුන් වෙනුවෙ අඬන වැලපෙන මෙහේ ඉන්න හාල්පාරූ දේශපාලුවෝ ...  අමු නෝන්ජල් පිම්පියෝ...


ඒ නිසා අපි පෙනී ඉන්නේ... ත්‍රස්තවාදීන්ට, ත්‍රස්තවාදයට, එරෙහිව තියෙන එකම වාදය වන, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම පමණයි..


ඒක ආරක්ෂා කර ගන්න අප ලියන කියන දේ... ත්‍රස්තවාදීන්ට... ත්‍රස්තවාදය, ආගම්වාදය, ජාතිවාදය ලෙස පෙනුනට, අපට කරන්න දෙයක් නෑ...


මොකෝ තොපේ වෛරී ත්‍රස්තවාදයට වඩා..

අපට ප්‍රේමය හා මිනිසත්කම බොහෝම වටිනවා..

.

Oct 17, 2023

කොත්තු සහ කොත්තු බාස් ලක්ෂාන්

 



කොත්තු සහ

කොත්තු බාස් ලක්ෂාන්

➖➖➖➖➖➖😜➖


Lakshan Abeynaike කියන කොත්තු බාස් ගෙදර කොත්තුවක් හදලා... ඒක දැන් හෙන ටොපික් එකක් වෙලා නැගලම යනවා...


එක එක්කෙනාගේ සිතුම් පැතුම් වෙනස් වගේම කොත්තුවේ ටේස්ට් එකත් එක එකාට වෙනස්...


මම ඉස්සෙල්ලම කොත්තුවක් කෑවේ සෙලින්කෝ මැනේජ්මන්ට් ඇන්ඩ් එකවුන්ට්ස් සර්විස් එකේ ඉන්දැද්දි... ෂාන් කියන මගේ මැනේජර් එක්ක... බම්බලපිටියේ මැජස්ටික් හෝටලේන්... ඒ රෝස්ට් චිකන් කොත්තු... ඒ 1985 දී ... එතකොට හැම තැනම කොත්තු තිබුනේ නෑ.... ඒ රස වෙන තැනක කන කොත්තුවක අද වෙනකන් දැනිලා නෑ... 


ඊට කලින් අපි දෙන්නා අඩියක් ගහලා එතනින්ම කෑවේ රෝස් චිකන් ඇන්ඩ් පරාටා... විත් චිකන් කරි ඇන්ඩ් ළූණූ සම්බෝල්... අපේ වේටර් මහත්තයා තමා කිව්වේ අලුත් කෑමක් තියෙනවා ට්‍රයි කරලා බලමු කියලා...


ඊට පස්සේ චැතම් ස්ට්‍රීට් එකේ ටජ් හෝටලෙන්... ඒ බීෆ් කොත්තු... හැබයි ඔය තැන් දෙකේම මේක හදන හැටි දැක්කේ නෑ.. කොත්තුව හැදුවේ කඩේ ඇතුලේ... පස්සේ පරාටා තිබුන හැම මුස්ලිම් හෝටලේම කොත්තු රොටිය හැදෙන්න ගත්තා වගේම කොත්තුව හැදිල්ලත් ආර්ට් එකක් වුනා... ඒක ලංකාවේ ප්‍රධානම කෑමක් වුනා... 


එග් කොත්තු, ෆිෂ්, බීෆ්, චිකන්, පෝක්, මටන්, ඩොල්ෆින්, මිල්ක් වගේ... දැන් කොස් කොත්තුත් සමහර තැන්වල නැගලම යනවා... 


සින්දුත් ආවා... නිහාල් නෙල්සන්ගේ ... ලට්ට පට්ට දාලා හදන මේක කොත්තු රොටිය වගේම... ඉරාජ්ගේ... මට කොත්තුත් ඕනේ... සින්දු දෙකම යන්නේ කොත්තු දාන බීට් එකට...


දැන් නම් කොත්තු වලට ජනප්‍රියම කොල්ලුපිටියේ පිලාවුස් එක... ඒකේ චීස් චිකන් කොත්තුවට ගහන්න කොත්තුවක් ලොවෙත් නෑ... (ඒ මට... මොකෝ මම මිරිස් කෑමට ප්‍රිය නැති නිසා.. සමහරුන්ට වෙන තැන් ඇති)


හැබයි එතනත් වැඩේ පේන්න හදන්නේ නෑ... වීකෙන්ඩ්ස් වල රෑට කොත්තුවක් කන්න කලින් සෑහෙන වෙලාවක කට්ටකුත් කන්න ඕන.. එතකන්... ගහලා එන අඩ්ඩ බහින්නත් එක්ක... බඩ්ඩ එක්ක අයිස් මයිලෝ එකක් සිප් කර කර උන්නාම හරි...


මම හිතන්නේ ලක්ෂාන් බාස්... මිස්ටර් කොත්තුගෙ කොත්තු කෑවට... ෆයිව් ස්ටාර් කොත්තු කාලා නෑ වගේ... දැන් ඒවයෙත් මේ ශ්‍රී ලංකන් කුසීන් එක තියෙනවා... ඒවත් පට්ට රහයි... හේතුව ඉන්ග්‍රීඩියන්ස් වැඩි වීම... ඒවයෙ කොත්තු දාන්නේ නම් බාස්ලා නෙමේ.... කොලිෆයිඩ් කුක්ස්ලා...


එතකොට ලක්ෂාන්ට අවුල් යන්න ඇත්තේ සාමාන්‍ය කොත්තු බාස්ලගෙ ඉන්කම් එක වෙන්න ඇති... මේ වගේ අය ඇත්තටම ඉන්න ඕන ඉන්ලන්ඩ් රෙවනියු එකේ... ඒ නිසා උන් එක්ක තරහට ගෙදර කොත්තුවක් හදාගෙන... අරවා හේට් කරනවා... 


ගෙදර කොත්තු හැදුවට සද්දෙ එනවද අනේ...


ගෙදර ඒවයේ සද්දේ නැති නිසාමනේ ඔය ලක්ෂාන්ලයි ගෙවල් පැත්තෙම... ඕසෙට ස්පාත් වැහි වැහලා තියෙන්නේ...


අනේ මන්දා මෙහෙම මිනිස්සු... මට බය තියෙන්නෙ... මේ යකා හෙට අනිද්දා බේකරියකුත් ගෙදර දාගනීද කියලා...


පිස්සු නේ....


හැබයි ඉතින් කොයි කොත්තුව වුනත්..

තොත්තුවකුත් එක්කම කෑවොත් තමා රස...


නැත්නම් අර EGB නැතුව කෑම එපා...

කියනවා වගේ...කොත්තුත් ඕනම නෑ...


දැන් කොත්තුවක් කන එකත් ලේසී නෑ..

ඒකත් ලක්ෂරි අයිටම් එකක්...

.

Oct 15, 2023

ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුන අඩු කුලයේ ගෝත්‍රික ජනතාව

 



ජැකාගේ ශාක්‍ය කුලය කතාවෙන් කැලඹුන

අඩු කුලයේ ගෝත්‍රික ජනතාව

➖➖➖➖➖➖➖➖➖➖🔴


මාතලන් මේ ගැන කලිනුත් පැහැදිලි කලා.. ඔය කතාව කියන මොහොතේ ජැකා ඇඩ්වර්ටයිසින් වලට බැහැලා උන්නේ... විශේෂයෙන් රජයේ ඇඩ් වලට... ඒවයෙ ආදායම වැඩියි... හේතුව සන්තෝෂම් බෙදී යන පිරිස වැඩි නිසා... ජැකා කෙලින්ම ඒවා ගත්තද, භාතිය සන්තුෂ් ඒජන්සිය හරහා ගත්තද කියන්න මම නම් දන්නේ නෑ. රටේ ආර්ථිකය 400% කින් වැඩි වුනේ ඒ කාළේ...


කොහොම හරි ඒ කාළේ රජ කන්සෙප්ට් නැගලම ගියා වගේම, රජ පවුලත් ඒකෙන් උපරිප ප්‍රයෝජනය ගත්තා. ජැකාගේ ඒ කැම්පේන් එක කොච්චර බලවත්ද කියනවා නම්. ජැකා ගිහිල්ලත් අපේ උන් ඒ ඇඩ් එක තාම කරේ තියාගෙන යනවා. තව පරම්පරා ගානකටත් ඒ ඇඩ් එක පවතිනවා විතරක් නෙමෙයි. අවසානයේ සත්‍යයක් ලෙස ඉතිහාසයටත් එක් වෙයි. 


පුප කහගන්න නියපොත්ත නැතත්... මේ වගේ නිර්මාණාත්මක සාහිත්‍යයෙන් හා ඉතිහාසයකින් අපි හරි පොහොසත් ජාතියක් 😁


ඔය කතන්දරේ... තනිකර ප්‍රොපගැන්ඩා එකක් සහ ප්‍රසස්ති ගායනා බව, මහින්ද වගේම රටම දැනගෙන උන්නා. ඒක නේ ජැකා ප්‍රසස්තිය ගයද්දී... මහින්ද කින්ඩියට හිනා වෙන්නේ. 


හොඳ වෙලාවට මහින්ද දුරින් උන්නේ... නැත්නම් අර උදිත ලොකුබණ්ඩාර අහගත්ත එකමයි ජැකාත් අහගන්නේ. මේ ළඟදී රත්තරන් එක්කත් පොරට මල පැන්නා.... ඔය වගේ අමණ කතා කියන්න ගිහින්.


ඔය සත්‍ය තේරුම් ගත්ත අයට ඕවා ජෝක්ස් වුනාට.. අඩු කුලේ උන් සහ පක්ෂ... මේක තාමත් කරේ තියාගෙන යනවා... ඒකට හේතූ කීපයක් තියෙනවා.


මැලේසියාවෙන් ආවය කියන රාජපක්ෂලා ශාක්‍ය කුලේට අනුගත කලාම.... අඩු කුලේ උන්ටයි ඉහළ කුළේ උන්ටයි දෙගොල්ලන්ටම අවුලක් යනවා.


(මම දන්න විදියට නම් රාජපක්ෂ පවුල සාමාන්‍ය පහළ මැද පාන්තික පවුලක්.. ඔවුන් උගත් හෝ ප්‍රභූ පවුලක් නෙමෙයි.. මේ පවුල ප්‍රභූන් බවට පත්වෙන්නේ... මහින්ද ජනාධිපති වුනයින් පස්සේ.. ඒ පවුලට බලය දරා ගන්න බැරි වෙලා පිස්සු කෙලින්නෙත් ඒ නිසා.. ඒකටත් පුරුද්දක් තියෙන්න ඕනා... ඒ හේතුවෙන්ම... ඔවුන්ට බලය රඳවා ගන්න බෑ කියලා... 2015 වගේම 2022 මැයි 9 ත් හොඳින්ම පෙන්නුවා)


ඉතින් අවවරප්‍රසාදිත පීඩිත අඩු කුලේ ජනතාවගේ නියෝජිතයින් වන ජෙප්පන්ට වගේම ටොයියෝ කියලා හිතාගෙන ඉන්න අඩු කුලේ බයියන්ටත් මේක දිරවන්නේ නෑ.


එයාලා අද මහාචාර්‍යවරු.... ඉංජිනේරුවෝ... ජොස්තරලා වුනත්... සුනීත සෝපාක වගේ අඩු කුලේ අය නිසා... එයාලට මේක දරාගන්න බෑ.


ඒ නිසා උන් දැන් උන් ජැකාගේ කුලයත්... ජැකාගේ නෝනගෙ කුලයත් හොයනවා...  


පහළ වී කුඹුරේ බෙනඩික් අයියගෙ පුතා රාජ රාජ මහාමාත්‍යාවරුන් එක්ක පෑහෙන එක... පහළ පන්තියේ අඩු කුලේ එකාට දරාගන්න බෑ... ඒ නිසාම දිරවන්නේ නෑ...


ඉදින් එවන් කුලවල ඉන්නේ තාත්තලා මිසක්... අප්පච්චිලා ඉන්න බෑමයි කියලා... අඩු කුලේ කියලා අසරණයා මැඩලන්නේ මෙලෝකේ වසලයා කියපු මහා මානවවාදි ජඩමාජ්ජවේදියෙක් වෙන උවිඳු කුරුකුලසූරිය මෙහෙම ලියනවා...


// මාව ෆේස්බුක් එකේ රෙස්ට්‍රික්ට් කරල තියෙන නිසා නොලිය හිටියත්, ජැකා ගැන මගේ ඩයරියට මතක තියෙන්නෙ මේකත් ලියන්න හිතුව​. ජැකා විතරක් නෙමෙයි ගොඩක් කතෝලික​/ක්‍රිස්තියානි ආගම් අදහන හෝ දෙමාපියන් එහෙම පසුබිමකින් එන සිංහලයන්ට පට්ට හීනමානයක් තියෙනව​. ඒ ගොල්ල සිංහල​-බෞද්ධ කියල හිතන් ඉන්න පවුල්වල ඉපදුන අපිටත් වඩා බෞද්ධකමක් පෙන්නන්න හදනව​. ඒක ආගමට විතරක් නෙමෙයි, කුල හීනමානයක් තියෙන අයටත් තියෙනව​. වැඩි වැඩියෙන් සිංහල බෞද්ධ කියල ලෝකෙට පෙන්නන්න ට්‍රයි එකක් දෙන්නෙ. මං ජැකාට ආදරෙයි .ඒ උනාට​ හැබැයි දුවේ තව්තිසාවක් ඔයාගෙ තාත්තගෙ ලෝකෙ තිබ්බෙත් නැහැ, එයා අප්පච්කෙනෙකුත් නෙමෙයි. එයා තාත්ත කෙනෙක්! //


එතකොට මුගෙ ප්‍රාදේශීය ගෝත්‍රික හෙලුව නියමෙටම පේනවා. මූ ජැකා සහ කුමාරී එක්ක නෙමේ... ඒ දරුවෝ එක්කත් මුන්ට තියෙන්නේ ජන්මාන්තර වෛරයක් හා ඉරිසියාවක්...


අනුන්ගේ හීනමානය පෙන්නන්න ගියාට මූ කොයිතරම් හීනමානයකින් පෙලෙන ටොක්සික් වනචාරී ගෝත්‍රිකයෙක්ද කියලා ලියලම ඔප්පු කරලා තියෙනවා...


ඇත්ත කතාව ඒක නෙමේ...


මුන්ට ජැකාගේ ප්‍රතිභාවයෙන් දශම අරික්කාලක් නැති පර්සනැලටියක් නැති අමු ගොබ්බ හිඟන්නෝ... මුන් කොහොම තිරිසන්නුද කියලා මැයි 9 වෙනිදා ඔප්පු කරලා ඉවරයි.


මුන් කැමති නෑ තමන්ගේ පන්තියේ එකෙක් සමාජයේ කැපී පෙනෙන කෙනෙක් වෙනවට.. 


සම-හරක්... ජැකා මොකක්ද කියලා ප්‍රශ්ණ කරනවා. ජැකා මොකෙක්වත් නෙමේ නම් පාඩුවේ හිටහල්ලකෝ... විශ්ලේෂණ, ආචාර්‍ය උපාධි පරීක්ෂණ, නිබන්ධන... පල් හෑලී ලියන්නේ නැතිව...


එහෙම ඉන්නෙ කොහොමෙයි ජැකා අමරණීය පුරාවෘත්තයක් වෙද්දී....


ඉතින් මුන් විජය කුමාරතුංග වගේ... ප්‍රභූ පන්තියෙන් කසාදයකුත් කරගත්ත රත්තරන් මනුස්සයෙක්ගේ සුන්දර මූණේ කෑලී යන්නම තියනවා...


මල්ටි ටැලන්ටඩ් ජැකාගේ වෙන්ටිලේටරේ ගලවලා ඌ මරලා දාන්න උපරිම ට්‍රයි එකක් දෙනවා...


අන්තීමට ජැකාගේ මූණ කොහොමද මෙච්චර ලස්සනට තිබුනේ කියලත් විස්සෝප වෙනවා...


සාගරිකා ගෝමස් දූෂණය කරලා මරා දානවා...


ප්‍රේමකීර්තී ජීවිතය යදිද්දි මරා දානවා...


ඇත්තටම මුන් වෛර කරන්නේ ලස්සන මිනිසුන්ට ටැලන්ටඩ් ම්නිසුන්ට විතරක් නෙමේ...


මුන්ට ලස්සන ගෙයක් දොරක් වාහනයක් තියා ලස්සන නාන කාමරයක් ලස්සන කක්කුස්සියක්කත් පෙන්නන්න බෑ... 


උන් ඒවා ගිනි තියලා.. ටොයිලට් කඩලා.. කුඩු කරලා... ඒවයේ තියෙන අශූචී කනවා...


ඒ කාලා නවතින්නෙත් නෑ..


අපිටත් කඩාගෙන කාපන් කියනවා....


#යාතලන්මකා 

.

Oct 13, 2023

ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා මහින්ද රාජපක්ෂ වෛරය...




ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා

මහින්ද රාජපක්ෂ වෛරය...

➖➖➖➖➖➖➖➖➖🔴


සෙට් එකක් ඉන්නවා නේ මයිනා මැරෙනකන් බලාගෙන ඉන්න... 

උන්ට කියන්න තියෙන්නේ එයා නැත්නම් උඹලා අද මැරිලා කියලා...


එහෙම බලාගෙන ඉන්න වැඩිහිටි පිරිස ඇවිල්ලා සිහළ ප්‍රෝ එල්ටීටීඊ ප්‍රජාව.. මුන් හොඳ ඇන්ජියෝ කාරයෝ... අදටත් ජීවත් වෙන්නේ දෙමළ ඩයස්පෝරා සල්ලි වලින්.. යුද්ධය තනියෙන් කරා කියලා හිතන පැඩි ෆීල්ඩ් මාෂලුත් අද උන්ගේ පැත්තේ...


උන්ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට කෙලිය රාජපක්ෂලා .... කොහොමත් අරහන්...


අනෙක් පිරිස... එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගැන මෙළෝ අලබෝලයක් නොදන්න Z ජෙනරේෂන් එක කියන ඩිජිටල් යුගයේ චූටී බබාලා...

උන් ඉස්කෝලේ ගියේ ඉපදුනේ... අම්මලා තාත්තලා ඉස්කෝල ගාඩ් කරපු කාළේ... අම්මයි තාත්තයි වෙන වෙනම වැඩට ගිය කාළේ... හැම හන්දියක් ගානෙම චෙක්පොයින්ට් තිබ්බ කාළේ... අයිඩෙන්ටි කාඩ් එක නැතිව ළඟ කඩේටවත් යන්න බැරි කාළේ...


උන් ඒ කාළේ වෙච්චි දේ දන්නේ නැත්නම් දැන් ඊශ්‍රායලයේ සිද්ද වෙන දේ ගැන බලාගෙන උන්නාම හරි...


ගාසා තීරය වෙන් කරලා තියෙන ආරක්ෂිත වැටත් කඩාගෙන.... ඊශ්‍රායලය ඇතුලට ඇවිත්.... කුඩා හමුදා කඳවුරු, පොලීසී හා ගම්මාන වලට පහර දීලා.... පොඩි කෙල්ලො කොල්ලෝ රේප් කරලා.... පොඩි දරුවන්ගේ හිස ගසා දාලා.... ගෙයින් ගෙට ගිහින් කරපූ මිලේච්ඡ ඝාතනම තමයි... මෙහේ එල්ටීටීඊ ත්‍රස්තවාදීනුත් මායිම් ගම්මානවලට කඳවුරු වලට පැනලා කරේ... 


ඒ පාර තමා.... අද ඔය ගම්බට්ටෝ කියල ගරහන.... සිවිල් ආරක්ෂක හමුදාව හෙවත්, ග්‍රාමාරක්ෂක හමුදාවක් පටන් ගත්තේ ....


එහේ වගේම මෙහෙත්.... පොලිසියේ අය අත් අඩංගුවට අරගෙන 600 ක් කුරීරූ විදියට ඝාතනය කලා.. ඒ විදියෙම ගේමක් ගිනි දවාලේ කොළඹ රාජගිරියේ හන්දියෙත් කළා... මේවා අර ඩිජිටල් බේබී හීරෝස්ලා දන්නේ නෑ...


එදාම අර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට උඩින් ඇවිත් ගැහුවා වගේම තමා.... අවසානයේදී කුරුම්බා ඇට්ටි මැෂින් වලින් ඇවිත් කොළඹට ගුවන් ප්‍රහාරත් එල්ල කළේ... ටාගට් එක වැරදිලා ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානේ බේරුනයින් යුද්ධය ඉවර උනාට... ඒකට වැදුනා නම් යුද්ධය තව කාලයක් ඇදෙනවා....

මේවත් අර Z ජෙනරේෂන් බේබිලා දන්නේ නෑ...


ඊට පස්සේ තමා ඔය අද ගාසා එකේ උන් කන පරිප්පුවම උතුරේ අහිංසක දෙමළ ජනතාවට කන්න වුනේ... එයාලට සරණාගතයෝ වගේ ගම් බිම් අත් හැරලා යන්න වුනා නන්දිකඩාල් බිම් තීරුවට... හමාස් කාරයෝ වගේම ප්‍රභාකරනුත්  අර මිනිස්සු අස්සට රිංගලා... ඒ අය මිනිස් පලිහක් විදියට පාවිච්චි කලා...


හැබයි අන්තීමේදි එයාට නිවන් යන්න වුනා...


අපේ රට දූපතක් නිසා වැඩේ තාවකාලිකව එතනින් ඉවර වුනා... හොරකම් මැරකම් චෝදනා සියල්ල පසෙක තිබියදී... ඒකේ ගෞරවය මහින්දටයි හමුදාවටයි දෙන්න ඕන... මොකෝ ලෝකේ කොහේවත් පරිපූර්ණ මිනිස්සු නෑ...


එහෙම වුනේ නැත්නම්.... අපිට වෙන්නේ ගෝල්ෆේස් එකෙන් මුහුදට පනින්න...


විශේෂ ▪️

අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය එතනින් තාවකාලිකව නැවතුනාට...  ඊශ්‍රායලයේ යන වැඩේ ඉක්මනට ඉවර වෙයි කියලා මාතලන් හිතන්නේ නෑ... ඒවා පස්සෙ ලියන්නම්..


.

Oct 10, 2023

කතා කරන පින්තූරූ..




 කතා කරන පින්තූරූ..

➖➖➖➖➖➖🟠➖


කතා කරන පින්තූරූ කියන්නේ බොරු කන්සෙප්ට් එකක්.. පින්තූරේ කතාකරනවා කියන්නේ.. පින්තුරේ තිබෙන දේවල් හෝ ඉන්න අය ගැන අපට අවබෝධයක් තියෙනවා නම්.... එහෙම නොදන්න උන්ට ඒ පින්තූරේ මෙළෝ රහක් නෑ...


ජැකා මහින්ද ප්‍රමෝට් කළේත් දරුවෝ වෙනුවෙන්... ජැකා කළේ ඇඩ්වටයිසින් කැම්පේන් එකක්.. ජැකා කෙලින්නේ අමු කෙප්ප කියලා මහින්දත් දැනගෙන උන්නා... හැබයි ඒක පොලිටික්ස් වලට ඕන... අර පෝට්සිටියට සීගිරිය ගෙනත් දැම්මා වගේ...


මේ ටිකේ ඕසෙට යන ජැකාගේ වීඩියෝ අතරේ.. ජැකා ඔය බුදුන්ගේ නෑ කතන්දරේ කියන කොට... මහින්ද නක්කලේට හිනා වෙනවා බොහොම පැහැදිලිව පේනවා...

අපි දන්න මහින්ද අන්දන්න නම් එකෙක්ටවත් බෑ.. 


හැබැයි මහින්දට ඇරිය උනුත් නැත්තෙමත් නෑ...


උවිඳු කුරුකුලසූරිය කියන විදියට ජැකාට මේ අයිඩියා එක දීලා තියෙන්නේ ඌ... ජැකා ඒකෙන් හොඳට හෙව්වා... ඔය සජිත්ගේ පෑඩ් මෑන් අයිඩියා එක දීලා තියෙන්නෙත් උවිඳු...


ඔය දෙකම නැඟලා ගියාට.. ජැකයි, සජිතුයි, දෙන්නම ඒකෙන් කිච වුනා... නාගත්තා...


මිනිස්සු ජැකත් එක්ක ඉරිසියා ඒ පවුලම බැබලෙන ටැලන්ටඩ් උන් නිසා... නැත්නම් ඉතින් රාජපක්ෂලා මාකට් කරපු අය ඕන තරම් ඉන්නේ... 


හැබයි රාජපක්ෂලා ඕන එකෙක්ට සලකන්නේ කොන්ඩම් තියරියෙන්... ඒක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පවුලට වගේම, ජැක්සන් පවුලටත් අත්වුනා... ප්‍රේමය හා වෛරය අතර දුර කෙස් ගහක්ය කියනවා නේ... ඉතින් ඊට පස්සෙ ඇති වෙන්නේ වෛරය... (මේකේ ඇතුලත කතාව දන්න අය දන්නවා... නොදන්න අය දන්න අයගෙන් අහගන්න)


මේකෙන් ගැලවෙන්න තමා ජැකාගේ දරුවෝ

ගෝල්ෆේස් අරගලයට ගියේ... ජැකා ආයේ පොලිටික්ස් කරන්නේ නෑ කිව්වේ... හැබයි ඒ වෛරය තාම නැතිවෙලා නෑ.. 


කෙසේ නමුත් ජැකා ගෙනාපූ බුදු නෑයෝ කැම්පේන් එකට අදටත් මාකට් එකක් තියෙනවා... සහේලිගෙ මහරජානෝ එකට වගේම...


ඉතින් මහරජ්ජුරුවොයි... යුව රජවරුනුයි... රජ පවුලේ උනුයි... මුලු ශාක්‍ය වංශයම ජැකාට කෘතුගුණ සලකන්න එන එක පුදුමයක් නෙමෙයි...


ඔය ජැකාගේ ඇඳ ඉල්ලපු උනුත් මරණෙට ඇවිත් ජැකාගෙන් මාකට් වෙන එකේ...

.

Oct 7, 2023

ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

 



ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), 

හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

➖➖➖➖➖➖➖➖➖💀➖➖


පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් මුළු ලෝකයම හොල්මන් වෙලා ඉන්නේ..


ලංකාවේ උන් වගේම ලෝකේ සියළුම මාධ්‍යයත් අහන්නේ මොකෑ මොසාඩ් එකට මේක මීටර් වුනේ නැත්තේ කියලා...


ඉතින් ගොඩක් උන් අර හේමසිරි ප්‍රනාන්දු කියන අමු ගොබ්බයා කියපු කතාව ආයේ දාලා තිබ්බා... ගහයි කියලා කිව්වට... මෙහෙම ගහයි කියලා හිතුවේ නැතෙයි කියලා..


ඊශ්‍රායලට තියෙන එකම ගැම්ම... දැන් පක්ෂ විපක්ෂ මීඩියා හැම එකාම ඊශ්‍රායලය පැත්ත අරගෙන නෙතන්‍යාහූට සප් එක දෙන එක විතරයි....එයාලා කියන්නේ යුද්ධය දිනලා ඉවරවෙලා ඒ වෙච්ච වැරදි පස්සෙ කතා කරමු කියලා...


දැන් අපේ උන් හිතන්නේ මේක මොසාඩ් එකත් එක්ක එකතුවෙලා නෙතන්‍යාහුම දුන්න ගේමක් කියලා 😜


ඔය ලංකාවේ මොළ හදලා තියෙන හැටි....

9/11 එකත් එහෙම කියලා නේ අපේ උන් කියන්නේ...

පාස්කු ප්‍රහාරයත් එහෙමයි...

එහෙම වෙන්නේ ..... ඔහොම කියන අය හිතාගෙන ඉන්නවා FBI එකට මොසාඩ් එකට රෝ එකට ඔක්කොම අහු වෙනවා... එයාලා මාරයි කියලා....

එහෙම එකක් නෑ....


ප්‍රජාතන්ත්‍රවාදය හෝල් සේල් දෙන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනවා...


ලෝකය ... මේ ත්‍රස්තවාදීන් අලුතෙන් නිර්වචනය කර ගන්න ඕන...


මානව හිමිකම්, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස කියන දේට මුවාවෙලා ටෙරාලා ගේම් දෙන්නේ...


ඉතින් ඕවා මහා ඉහලින්ම තියෙනවයි කියන රටවලට ගිහින් උන්ගේ මූලස්ථාන ඒ රටවල දාලා... උන්ට එරෙහිව ක්‍රියා කරන රටවල හමුදාවලට, දේශපාලන නායකයන්ට ජිනීවා ඇවිත් ගේමත් ඉල්ලනවා. හමාස් එකට උදව් කරන්නෙත් උන්මයි...


ජිනීවා සහ දියුණුයි කියන රටවල කියවීම අනුව ... ඇටෑක් එකක් කරන... මරාගෙන මැරෙන එකා විතරයි ටෙරා වෙන්නේ...


ඔක්කෝම එකතු වෙලා... ත්‍රස්තවාදීයා කියන්නේ මොකාද කියලා අලුතෙන් නිර්වචනය කරලා.... අලුතෙන් නීතී රීතී ගේන්න ඕන...


නැත්නම් ඉතින් ත්‍රස්තවාදීන්ම සෙට් එකක් එනවා ටයි කෝට් දාගෙන ජීනීවා වලට උන්ගේ රටවල හමුදාවන්ටයි පාලකයන්ටයි කෙලින්න. 


මෑතකදී පෝලන්ත නායකයා යුරෝපා සංගමෙදී මේ බව ප්‍රසිද්ධියේ කිව්වා.


මෙහෙත් ඉන්නවා... රටට අම්මට හැමිනිලාම ගියත්.. ඕවා මහා ඉහලින්ම වන්දනා කරන... ත්‍රස්තවාදීන්ගෙන් කන බොන ... මූසල හැත්තක්...


උන් තමා ICCPR එකට විරුද්ධව...

ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව...

සමාජ මාධ්‍ය නියාමනයට විරුද්ධව ...

පෙලපාලී යන්නේ, උද්ඝෝෂණ කරන්නේ, සමුළු තියන්නේ... ෆෝරම් තියන්නේ....


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතුලට ගත්ත උනුත්... නීතියේ තියෙන ඔය හිල් වලින් රිංගලා එලියට එන්නේ උන්ගේ පිහිට ආධාරයෙන්....


හොඳම උදාහරණය ඊබ්‍රහිම් ගම්මිරිස් නානා...

මරාගෙන මැරෙන උන් තුන් දෙනෙක් එක්ක එක ගෙදර උන්න ඌ... 

බබා...

දැන් එලියේ...


ගෞරවයෙන් බුදු සරණයි..!


හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤️

.

Oct 6, 2023

තොටවත්තට නොපෙනුන NGO තාරුකා

 



තොටවත්තට නොපෙනුන 

NGO තාරුකා

➖➖➖➖➖➖➖😁➖


NGO කාරයෝ තොටවත්තයා දාලා ඉස්ලාම් ආගමට නෙළුවා...


(මොකක්... උන් ඉස්ලාම් ආගමට නෙලුවා... අනේ පලයන් මාතේ කෙප්ප කෙලින්නේ නැතිව... තෝම නේ කියන්නේ උන් 🐅 🐅 ය... අයිසිස්ලා කියලා.)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ උන්ම... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දානවා... ආන් තොටවත්තයා ආගම් වලට ගහනවා කියලා... ඒවා තමා NGO ගේම්... 


(උන්ම ඌට ගෙවලා.. උන්ම ඌට පැමිණිලි දානවා... ඕවා කියහන් මාතේ තොගෙ බයියන්ට... අපි ඇන්දෙයි ඕවට...)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ ඌ සීයයිඩීයේ ඇතුලට යන්න කලිනුත් චීවරධාරියත් සාක්කියට තියාගෙන.... ආයේ නෙලනවා අල්ලටයි ... අල්ලගෙ මැසෙන්ජර්ටයි....


(ඒ කියන්නෙ ඒකත් ඇන්ජිඕ ගේම්... ටෞකන්ඩ දාලා... ගිහින් පුප දියන් මාතේ රාජපක්ෂලාට ...)


හරි ඒක මම දීගන්නම් 

තොපි හිටහන්කෝ කියනකන්....

ඇන්ජියෝ කාරයොන්ට ඕන වුනේ...  

ඕන් බලහන් ICCPR එකෙන් ඇතුලට දාන්නේ බුද්ධාගමට කෙලින උන්ට විතරෙය... අනික් ඒවට නෙලුවට අවුලක් නැතෙයි කියලා... තොටවත්තයා එලියට දැම්මයින් පස්සේ... ඌටයි...  අර චීවරේ දාගෙන ආපූ කුර හා අං සහිත ජීවියාටයි... NGO පඩි ගන්න කුක්කෝ දම්මලා නෙලලා...

රනිල්ටයි ආන්ඩුවටයි ගෙම අදින්න...

චීවරධාරියෙකුත් යවන්නේ ඒකට...


(පලයන් බං බොරු නොකියා... ගිහින් රාජපක්ෂලාගේ ලැට් වල කඩාගෙන කාපන්...)


හරි හරි ලැට් වල කඩලා... තොපිට කතා කරන්නම්කෝ... මොකෝ තොපි කන ඒවා අපි කන්නේ නෑ නේ...

හැබයි ... මීට කලින් නානේ සාධුත් ඇතුලට දැම්මය කියන දේ... 

ඇන්ජියෝ කාරයන්ගේ ඇන්ජියෝස්කෝප් එකට අහු වුනේ නෑ....


ඒ අස්සේ ... නීතියේ පිහිටෙන් ඊයේ පෙරේදා එලියට ආපූ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදියෙක් තොටවත්තට ඉස්ලම් ගැන අවබෝධයක් නෑ... කියලා.. ඌ වෙනුවෙන් කඩේ ගිය ඇන්ජියෝ කාරයන්ගේ පුපේම ඇරලා  ... දැන් #ටට දීලා ඉන්නේ..


ඒ නිසා දැන් අර NGO පඩි කන පඟර නැට්ටන්ට  කට උත්තර නැතිව... 

ඉස්ලාම් ආගමට නෙලපු තොටවත්තටත් කඩේ යනවා....

අරූ පව්....


මාර වැඩේ NGO කාරයන්‍ට වුනේ...

අයියෝ සල්ලි....😜


💀 දැන් මූත් ඇප දීලා එලියට දායි...

හැබයි මේ රටේ ආගමික ගැටුම් ඇති වුනොත් ඒවට වග කියන්න මේ එකෙක්වත් නෙමෙයි...

ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන...

මේ නීතිය සහ...

නීතී සම්පාදනය කරණ තැන හිටපු හා ඉන්න...

මෙලෝ රහක් නැති මළමූසල හැත්ත...


💀මොකෝ උන්ගේ පැවැත්මට...

මේවා අත්‍යාවශ්‍යම කාරනා....

.


.

Oct 3, 2023

ලිබරල් හිකනල් ටොයියන්ගේ සහ ලෝකල් සුද්දන්ගේ... ෆැන්ටසිය කුඩු කල රනිල්

 



ලිබරල් හිකනල් ටොයියන්ගේ සහ

ලෝකල් සුද්දන්ගේ...

ෆැන්ටසිය කුඩු කල රනිල්

➖➖➖➖➖➖➖🤪➖


මේක හරි අපූරූ සිඳුවීමක්...


ඒ කියන්නේ මේ ජර්මන් DW සුද්දට රනිල් බටරුත් නැතිව ඇරිය එක.. 

සුද්දා පුටුවේ ඇඹරුනත් එක්ක..


ඌ සංසාරෙදි හිතන්න නැතිව ඇති අටලෝ හිඟන්නෝ ඉන්න ලංකාවේ මහ එකා... උගේ ජොකා ගලවලා මූණේ අතුල්ලයි කියලා...


මට නම් ඒක ග්‍රේට්... 


රනිල්ට උම්මා එකක් දෙන්න තරම් ආදරයක් ආවේ.... මයෙ   අම්මාපා....


මම ඉස්සර ඉඳන් කියන දෙයක් තමා....

මේ රටේ ටොයියෝ කියලා ජාතියක් නැතිය. ඉන්න හැම එකාම බයියෙක්ය කියන එක. එතනදි ක්ලාස් එක හෙවත් පන්තිය අදාලම නෑ.


ඔය රාජපක්ෂලාට කඩේ යන උන්ට බයියෝ කියලා කින්ඩිය දාන පිරිසක් ඉන්නවා නේද?   ආන් උන් තමා ඔරිජිනල්ම ග්‍රාම්‍ය ගෝත්‍රික බයියෝ... උන් අර පිරිස බයියෝ කියලා බුලි කලාම.... උන් හිතනවා උන් ටොයියෝ වෙනවය කියලා.... මාර පව් ඉතින්.. 


උනුත් හයි ක්ලාස්... ඉන්ගිරිසියෙන් කතා කරන.. රෝයල්, සැන්තෝමස්, ට්‍රිනිටි, බිජට්, ලේඩීස් ගිය... හැන්දෙන් ගැරැප්පුවෙන් කන... කොමඩ් එකේ රෙණ.. ලොකු වෙහිකල්ස් වල යන..  නයිට් ක්ලබ් යන .. විස්කි බ්‍රැන්ඩි බොන... හැම් බේකන් කන... කුරුඳුවත්තේ ජීවත් වෙන... පට්ට සෝෂල් වෙස්ටනයිස්... වෙරි නයිස් පීපල්ස් අය කියලා හිතලා... ඒ ෆැන්ටසියේ ජීවත් වෙනවා..  

ගුණසිංහපුර පබ්ලික් ටොයිලට් එක ගාව ඉන්න කුඩ්ඩොයි... මුනුයි... දෙගොල්ලම එකයි... බෝත් ඔෆ් දෙම් ආ ලිවින් ඉන් ඒ ෆෑන්ටසීස්....


හැබයි උන් එහෙම ඉන්නේ... උන්ගේ ෆැන්ටසියේ  විතරයි...  ඇත්ත ලෝකේ... ඌ හොලිවුඩ්, බෙවර්ලි හිල්ස් නෙමේ, මොන්ටිකාලෝ හිටියත් අමු ගං කබර ගෝත්‍රික  බයියාමයි. ඒක තියෙන්නේ DNA වල. එහෙම නැත්නම් ඌ ශ්‍රී ලාංකිකයෙක් වෙන්නේ නෑ නේ...


මේ ෆැන්ටසි ලිබ්බෝ එහෙම හිතලා ෆලෝ කරන්නේ ෆොරින් කන්ටැක්ට්ස් තියෙන ඇන්ජිඕ... හියුමන් රයිට්ස් රකිනවා කියලා හිතන චන්ද්‍රිකා සුනේත්‍රා ඇන්ඩ් පාක්‍යසෝතී... මාර වෙස්ටර්න්, ෆොරින් කන්ටැක්ට්ස් තියෙනවය කියලා හිතන... ටයි කෝට් අඳින... පොත් කියවන... රනිල්... එහෙම නැත්නම් එයාලගෙ සොසයටිය එක්ක ඉන්න... අඩු කුලේ මංගල... 


මංගලට මෙහෙම අනුගාමිකයෝ ගොඩාක් ඉන්න හේතුවත් අරුන් චින්තනයෙන් ලිබරල් වුනාට... උපතින් අඩු කුලේ නිසා... පවතින පට්ට හීනමානය. (මුන් ගොඩාක් අරගලයත් එක්කම බුකියෙන් වැනිෂ් වුනා)


තරහා වෙන්නෙපා කිව්වට.... X කණ්ඩායම කියලා එලිබහින්නෙත් මෙහෙම්ම සෙට් එකක් තමයි... බේකරියේ.. සන්නගෙ ගුබ්බෑයමේ රිංගුවෙත් මෙහෙමම උන් තමා... ඉතින් මේවා කිව්වා කියලා මා එක්ක මල පන්න ගන්න ඕන නෑ.. මාතලන් තුලත් ඒ බයියා තාම ඉන්නවා...


ජෙප්පො දාන්න වෙන්නේ අඩුම අඩු සක්කිලි කුලේට... උන් බාවිතාවෙන්ම ඒක ඔප්පු කරන නිසා අලුතෙන් පෙන්වා දෙන්න ඕනම නෑ... කතා කලොත් අශූචී විතරමයි...


ඉතින් අර ටොයියෝ කියාලා හිතාගෙන .. උන් මාරයි කියලා හිතාගෙන.. වැඳඟෙන... පුදගෙන... අදහගෙන ඉන්න රනිල්... 

ජර්මන් සුද්දෙක්ට බයියෙක් වගේ නෙලපු ගමන්... අරුන්ගේ ෆැන්ටසිය කුඩු වෙනවා.... 

 රෙද්දෙම රෙවෙනවා...  


හැබයි මෙයාලම...කැලණි නයි අරින බයියෙක් වෙච්චි දෙරණෙ සංඛ අමරජිත්ට රනිල් අරිද්දි.. රනිල්ට බටර් සප්ලයි කරනවා... 

බලන්න නේ ඒ සිවිලයිස් ලිබරල් මෙව්වා එක නේ... ජිනීවා වලවත් නෑ එහෙම රයිට්ස්....


ඒත් අද...

 අයියෝ ඇයි රනිල් අපිට මෙහෙම කරේ... ඔයාට තව ජූන්ජක් ඉවසන්න තිබුනා නේ... ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ඉඩ දෙන්න තිබ්බා නේ... සුද්දට රාජපක්ෂලාට අරින්න දෙන්න තිබ්බා නේ... ඔයා මොකටද හොරු බේරගන්න ගියේ... කියලා ... පුප පොලොවෙ ගහගෙන අඬා වැලපෙනවා... 


ඉතින් Chinthana Dharmadasa , Mahesh Hapugoda , Vidarshana Kannangara , Sirimalee Liyanagama ලා  ඔක්කොම .... හොටු පෙරාන අඬනවා .....


හැබයි ටොයියෙක් වගේ ජීවත් වෙන හදවතින්ම අමු බයියෙක් වෙන, Eranda Ginige  රනිල් කව්ද කියලා දන්න නිසා.... මේකෙන් පට්ටම ආතල් එකක් ගන්නවා.


මාතලනුත් එහෙමයි... මාතලන් රනිල් දන්නේ 1977 ඉඳන්.. එයා බියගම.. බටලන්දේ.. ඉන්න කාළේ ඉඳලා... ඉතින් අපි රනිල් ආස්සරේ කරන්නේ රනිල් කව්ද කියලා දැනගෙන... 


එයා මීඩියා ෆැමලි එකක නිසා එයා දන්නවා මූ එන්නේ මට අරින්න කියලා... ඒ නිසා එයා ඊට කලින් අරූට අරිනවා...


ඉතින් අපිට නම් මේවා හඬා වැලපිලා විස්සෝප වෙලා පුප පොලොවෙ ගහගන්න දේ නෙමෙයි...


පට්ටම ආතල් එකක්ම විතරයි...


තනි අලියා හරි භයානකයි ආයිබන්ඩ... !!!


ඒරොප්පෙන් ආවා - සුද්දා රට කෑවා

සුද්දන් කළු සුද්දන් - අද යුද්දෙන් අතුගෑව

ජය අපටයි ලංකාවේ.....

අතැන මෙතැන කොතැන ගියත් ලංකාවේ...

ජය අපටයි - ජය අපටයි ලංකාවේ...


#යාතලන්මකා 

.

භාවිතා කොට ඉවත දැමූ භාන්ඩ

 



භාවිතා කොට ඉවත දැමූ භාන්ඩ

➖➖➖➖➖➖➖➖➖😁➖


වේලපහින් වැඩ ඇරිලා ගෙදර ඇවිත් කෙලින්ම නිදන කාමරේට යන නෝනා... ඇඳ උඩ දකින දර්ශනයෙන්... බය බිරාන්ත වෙනවා...


එයාගේ හබියා ලස්සන පොඩි කෙල්ලෙක් එක්ක ළමයි හදන සෙල්ලම කරනවා.. ඊට හපන් කෙල්ල උඩ වැඩ..


තමුසේ මහ වනචරයෙක් ඕයි.... බල් වල්ලෙක්.... තව එක මොහොතක් මම මේ ගෙදර ඉන්නේ නෑ.... තමුසෙ කොහොමද ඕයි මට මෙහෙම කරන්නේ..... මම තමුසෙගෙ දරුවන්ගේ අම්මා.... මම ගිහින් තමුසෙට ඩිවෝස් නඩු දානවා...


පිස්සෝ කළබල වුනාට ඩොක්ටර් කළබල වුනේ නෑ...


කොහෙද ඔයා නිකන් බොරුවට කළබල වෙනවා නේ...... මෙතන මොකක්ද වුනේ කියලා ඔයා දන්නේ නැතිව නේ සුදූ මේ කෑ ගහන්නේ...... මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ අම්මියෝ.....


තව මොනවා අහන්නද ඕයි.... මගේ ඇස් දෙකටම දැක්කයින් පස්සේ..... බනචර වල්ලා....


එහෙම නෙමේ අම්මියෝ ...... මේකේ මොකක්ද වුනේ කියලා..... මට පොඩ්ඩක් කියන්න දෙන්නකො පැටියෝ......


මොනවා කියන්නද ඕයි.... තව කරන්න තියෙන ජරාම වැඩෙත් කරලා.... හා.... කියනවකො බලන්න තමුසෙගෙ බයිලේ..... ඒ හැබයි .... තමුසෙගෙයි මගෙයි අවසාන කතාව හොඳේ....


හරි... හරී... අහගන්නකෝ සුදූ වෙච්චි දේ....


 හොඳයි, දැන් මේන් මේකයි වුනේ... 

මම ගෙදර එන්න කාර් එකට නැග්ගා... මෙන්න මේ පොඩි කෙල්ල පාර අයිනේ වැස්සෙ තෙමි තෙමී... අඬ අඬා ඉන්නවා දැක්කා... 

මම කිව්වා නගින්න.. මම ගිහින් බස්සන්නම් කියලා... එයා කොච්චර අසරණ වෙලා හිටියද කියනවා නම් එයා කාරෙකට නැග්ගා. ..


ඉතින්...


නැග්ගයින් පස්සේ දැක්කේ..... එයාගේ ඇඳුම් ඔක්කොම තෙමිලා.... හාමතේ වගේ උන්නේ... මම එයාගෙන් ඇහුවාම.... දවස් තුනකින් කෑවේ නෑ කිව්වා සුදූ......


ඉතින් තමුසෙට තිබ්බා නේ කඩේකින් කන්න අරගෙන දෙන්න... ගෙදර ගෙනාවේ...


කරුමෙට මම පර්ස් එක ගෙනිහින් නෑ.... ඉතින් මම එයා ගෙදර ගෙනත්... ඊයේ අපි කාලා ඉතුරු වෙච්චි චීස් කොත්තුව රත් කරලා කන්න දීලා ඇඟ රස්නේ වෙන්න උණු උණු කෝපී එකක් හදලා දුන්නා...


ඉතින් ඒක දීලා.... එලවන්න එපෑය... කුඩේකුත් දීලා...


එහෙම එලවන්න හිත් දුන්නේ නෑ අම්මියෝ.. මම කිව්වා ඔය ඇඳුම් ගලවලා ෂවර් එකක් අරගෙන එන්න කියලා...

ඒ කියලා මම එයාගේ පරණ තෙත ඇඳුම් ඔක්කොම ඩස්බින් දැම්මා... 

ඊට පස්සේ ඔයා මහත් වෙච්චි නිසා අඳින්නේ නැති ලීවයිස් ඩෙනිමකුයි... 

මම ඔයාට ඇනිවසරි එකකට ගෙනත් දීලා අවුට් ඔෆ් ෆැෂන් කියලා ඇන්දේ නැති වික්ටෝරියා සීක්‍රෙට් ජංගියකුයි බ්‍රා එකකුයි...

ඔස්ට්‍රේලියාවේ අක්කා ඔයාට දීපූ එයා ඇඳපු එකක්ද කොහෙද කිව්ව බ්ලව්ස් එකකුයි...

ලොකු ගානක් දීලා අරගෙන ඔෆිස් එක තව ගෑණියෙක් ඒකම අඳිනවා කියලා පැත්තක දාලා තියපු කෝට් ෂූස් ජෝඩුවකුත් දුන්නා...


ඉතින් ඒවා දීලත් එලෙව්වේ නැද්ද...?


ඒ ඔක්කොමත් කරලා..... එයා ඇස් දෙකේ සතුටු කඳුළුත් පුරවගෙන... මට හග් එකකුත් දීලා.... මාත් එක්කම ගිහින්.... මම එයාට ගෙයි ඉස්සරහා දොර ඇරලා දුන්නා...


ඉතින්.... ඒත් මේකී ගියේ නැත්තේ...


එයා අඩි දෙකක් විතර ගිහින් ආපහු හැරුනා..


ඉතින්....


ඒ හැරිලා..

එයා ඇහුවා...

අංකල්ගේ වයිෆ් පාවිච්චි කරන්නේ නැති තව මොකුත් නැද්ද කියලා..


-  නිමී -


හුදී ජන පාන් සංවේගය උදෙසා... සුද්දන්ගේ කතාවක්... මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පල කලේ...

මාතලන් යකා  මා විසිනි....


#යාතලන්මකා 

.

Oct 1, 2023

මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වී, ජාතික ආරක්ෂාවට කෙලින චමුදිතලා..



 මාධ්‍ය නිදහස හා අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වී, 

ජාතික ආරක්ෂාවට කෙලින චමුදිතලා..

➖➖➖➖➖➖➖➖➖➖➖➖💀💀💀

.

නිදහසෙන් පසු රට කාබාසීනියා කර දැමීමට... මොරිමාඩ ජහමනයා පලු අරින්නේ දේශපාලුවන්ගේ පමණමය. වසර 75 ක පරිහානියේ වගකීමෙන් වැඩි ප්‍රතිශතයක් ඔවුන් වෙත බැර වන බව සත්‍යයයක් මුත්, රට ආර්ථික වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වීමට ඉවහල් වූයේ  ඔවුන්ගේ ක්‍රියාකාරකම් පමණක්ම නොවේමය.


ඒ සමානවම ඊට වගකිව යුතු තවත් බොහෝ දේ හා පුද්ගලයින් රාශියක්ම සිටිනවාය.


▪️දෙවරක් රට විනාශ කල අවුරුදු 60 ක ජවිපේ ත්‍රස්තවාදය.

▪️උතුරේ 30 අවුරුදු ත්‍රස්තවාදී සාපය.

▪️රටට ඔරොත්තු නොදෙනා රාජ්‍ය සේවය.

▪️මහා පරිමාණ පාඩු ලබන විශාල රාජ්‍ය ආයතන.

▪️රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ආයතනවල කම්බා හොරුන්.

▪️ත්‍රස්තවාදීන්ගෙන් යැපෙනා ජඩමාධ්‍ය ආයතන හා ජඩමාජ්ජවේදීන් 

▪️රට ගිනි තැබූ හා තබමින් සිටින බෞද්ධ හා කතෝලික ආගමික නායකයින්


එසේ බංකොලොත් රාජ්‍යයක් වූ රට ගොඩ ගැනීමට දැන්ද මේ පිරිස ඉඩ දෙන්නේ නැතිය. සංචාරක ව්‍යාපාරයට කෙලවීම උදෙසා, ශ්‍රී ලංකන් එයාර් වර්ජනයේය. ඉන්නේ බුදිය ගන්නා ඇමතිවරයෙකි. ජපනාගෙන්  ජරාව ඉල්ලා නෝන්ඩි වූ කම්බා හොරෙකි.


ජනාධිපතිවරයා ලෝක නායකයින්ට... ලෝකේ හැදෙන්න ඕනා කෙසේදැයි... හොඳින් හැදී දියුණු වී ඇති රටවල උන්ට බණ කියමින්... ලෝකේ වටා යයි. මෙයාගෙයි කොරියාවේ ගිය හඳුනාගෙයි වෙනසක් මට නම් පේන්නේ නැතිය. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියා පැරැන්නෝ කීවේ මෙවන් වාහේලාටය.


ඔහුට ආර්ථිකය ගැන මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳවද වගේ වගක් නැති බව පෙනේ. IMF රිෆෝර්ම්ස් හෙවත් ප්‍රතිසංස්කරණයන් කිසිවක් කර නැති බව කියන්නේ... අප නොව එම ආයතනය විසින්මය. අප මේවා ලියන්නේ... අනෙක් හාල්පාරුවෝ සේ ඔහු එලවා දැමීමේ අදහසින් නොව, ඔහු රැකගැන්මේ චේතනාවෙන්‍මය.


ආර්ථිකයෙන් හෝ මොකෙන් හෝ ගොඩගැන්මට රටක් තිබිය යුතු අතර, රටේ හා රාජ්‍යයේ ආරක්ෂාව ආරක්ෂක හමුදා පැවතීම අනිවාර්‍යය වේ. එහෙත් රටට හා හමුදාවන්ට එදිරිව ක්‍රියාත්මක වන මළ මූසලයන්, මේ රටේම ජීවත්වීම.. රටේ මෙන්ම ජාතියේම අවාසනාවක්මය. ඒ අතර රට බේරාගත් හමුදා නායකයා යැයි කියනා කළවැද්දාද සිටීම හරි සොමිය.


කොටි ත්‍රස්තවාදය හා අයිසිස් ත්‍රස්තවාදය... මේ රටෙන් තුරන් වී ඇතැයි කිසිවකු හෝ සිතන්නේ නම්... ඔහු භූ දේශපාලනය නොදන්නා අමු අමණයෙක් පමණමය.


ත්‍රස්තවාදියා ප්‍රහාරයට එන්නේ අවසානයේය. එතෙක් ඔහු කරනුයේ, ප්‍රහාරයන් සඳහා අවශ්‍ය වන පරිසරය, තම අන්තවාදය, මූළධර්මවාදය හෝ ත්‍රස්තවාදී මතයෙන් මෝහනය වී හිස පුරවා ගැන්ම මෙන්ම.. එය පවත්වාගෙන යාම සඳහා අනුගාමිකයින් බිහි කිරීමය. 


සහරාන් මෙන්ම බෝනගේන් කතෝලික මූලධර්මවාදය වැපිරූ පපට් ජෙරම්ද කරමින් වුන්නේ එයය. 


ඔහු කතෝලික ප්‍රභූ ප්‍රජාවේ සියල්ලන්ම මෙන්ම, විපක්ෂ නායකයා හා බිරිඳද තමන්ගේ අනුගාමිකයින් කර ගැන්මට සමත් වූයේය. කාදිනල් ප්‍රමුඛ කතෝලික සභාවටත් මෙය දරුණු හිසරදයක් වූවත්, ඔහුට එරෙහිව ක්‍රියා කිරීමට නොහැකි වූයේ ඒ සඳහා අපේ රටේ නීතියක් නොතිබීමය. 


එහෙත් එවන් කතෝලික සභාවේ කාදිනල් මැල්කම්, සිරිල් ගාමිනි, අද ත්‍රස්තවාදීන් වෙනුවෙන් ඕසෙට කඩේ යාම මාර ලොල් සහගතය.


බුකියේ පවා මූලධර්මවාදය පතුරනා ත්‍රස්තවාදීන් නීතියේ පිහිටෙන් එලියට විත්, අපෙන් ගේම ඉල්ලන්නේ  මේ නිසාමය. සහරාන්ලා ගැන අප අනතුරු ඇඟවූයේ 2012/13 තරම් ඈත කාළයේ සිටය. ඒවාට සාක්ෂි බ්ලොග් අඩවියේ තිබෙනවාය.


එබැවින් ත්‍රස්තවාදී මූලධර්මවාදයන් තවත් ජාතියකට හෝ ආගමකට එරෙහිව තම මතයන් මාධ්‍ය තුල පතුරන මොවුන්ට එදිරිව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමේ නීතී... වහාම ගෙන ආ යුතුය. 


මෙහිදි තම ආගම හා ජාතිය වෙනුවෙන් පෙනී සිටිම පටලවා ගත යුත්තේ නැතිය. නැති නම් වන්නේ.. අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහසට මුවා වෙමින් මේ ත්‍රස්තවාදීන් විසින් මූළධර්මවාදය හා අන්තවාදය වැපිරීමය.


ත්‍රස්තවාදීන් යනූ ආයුධ අත දරන්නන් පමණක්ම නොවන බව නීතිය තුල නිර්වචනය කරගත යුතුය. මුළධර්මවාදය හා ත්‍රස්තවාදී මත දරන්නන්ද, ඒ පිළිබඳව උදම් වන ලියන කියන මෝටිවේට් කරනා සියල්ලන්ම ත්‍රස්තවාදීන් ලෙස සලකන නීතී වහාම ගෙන ආ යුතුමය.


මෙවන් තත්වයක් තුල ජිනීවා වලත් නෝන්ඩි වූ Chanel 4 වීඩියෝවට... පාර්ලිමේන්තුවේ විවාදයකුත් ලබා දී... තවත් කොමිසමක් පත් කිරීමෙන්... රටේ ජනාධිපතිවරයාද සිඳ කළේ රාජ්‍ය ආරක්ෂාව ජෝක් එකක් කිරීමය. 


එයින් සිඳු වුයේ... වළං ශානිගේ CID ය මෙන්ම, හමුදා බුද්ධි අංශයද, රාජ්‍ය බුද්ධි අංශයද, ජෝක් එකක් වී... රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාකාරකම් සියල්ල එලියට ඒමය.


දැන් තත්වය දරුණුම අතට පැමිණ අවසානය. ඊයේ චමුදිත හා සාකච්ඡාවට එන්නේ හමුදා බුද්ධි අංශයේ උන්නා යැයි කියනා එකෙකි. ඌ එහි උන්නාද නැතිදැයි සොයාගත යුත්තේ, ආරක්ෂක අංශයන් මිස අප නොවේය. 


එක දෙයක් බොහෝ පැහැදිලිය. ඒ මූ චැනල් 4 වීඩියෝවේ මහමොළකරුවන් වන ටැමිල් ඩයස්පෝරාවේ හා වළං ශානිගේ ඉත්තකු බවත්, ෆොන්සේකාගේ ගෝලයකු බවත්ය.


(බුද්ධි අංශයේ රහස් මෙසේ වමාරණ පාවාදෙන්නෙකුට, වෙනත් රටක බුද්ධි අංශයක් නම්, මූ යැවිය යුතු තැනට යවා අවසානය. 🤪.. විකිලීක්ස් ලීක් කරපු එකා කන පරිප්පුව ඊට එක නිදසුනක් පමණි.)


අනෙක් විශේෂිත කරුණ නම්, මොහු හා සම්මුඛ සාකච්ඡාවට යෑමට චමුදිතට ඇති රුදාව කුමක්දැයි යන්නය. පච වූ චැනල් 4 චෝදනා තවදුරටත් ඇදගෙන යාමට චමුදිතට ඇති පුපේ අමාරුව කුමක්දැයි ප්‍රශ්ණ කළ යුතුව ඇත.


බොහෝ විට එය විශාල මුදලක් විය හැකිය. දන්නා ආකාරයට මේ වන විටත් චමුදිතට වෙන රටක විසා වැදී අවසානය.


සිරිසේන කීවාක් මෙන් මෙන් මේ යකා මේ කරන්නේ කටු ඉඹුලට යාමට පෙර, මිනිසුන්ට මඩ ගැසීම්, පරිභව කිරීම්, පවුල් කඩාකප්පල් කීරීම්, සමාගම් කඩාකප්පල් කිරීම් වලට අමතරව ... රටේ ආරක්ෂාවට හා බුද්ධි අංශවලට කෙලමින්... මුලු රටම විනාශ කර දැමීමටය.


හදවතින්ම ශ්‍රී ලාංකිකයි.... ❤️


#යාතලන්මකා 

.