.

.

Dec 31, 2012

2013 ඔහේට කොහොමෙයි...? - New Year Wishes


වසරක් ගෙවි වසරක් උදාවෙමින් තිබෙන්නේය. කස්ටිය සුභ පතා ගත්ත ගමන්ය. මොකෝ ආන්ඩුව කියන්නෙත් සුබ අනාගතයක් කියාය. එහෙම එකක්නම් පෙනෙන තෙක් මානයකනම් නැතිය. මා කියන්නේ, සාමාන්‍ය ජනයා ගැනය. සමහර විට එයාලා කියනවා ඇත්තේ, එයාලාට "සුභ අනාගතයක්" කියා වෙන්ට ඇතිය. එහෙම දෙයක් නම්, සමාව භාජනයකට දා, පත අට එකට සිඳවා, හත්තටගේට දුන්නාට අපේ අමනාපයක් නැතිය. මනාපයකුත් නැතිය. සාමාන්නිය ජනයාට, ඒ කියන්නේ අපි වගේ අයට නම්, ගිය වසර අඤ්ඤකොරොස් වසරක්ම විය.

Dec 27, 2012

ගල් (18+) - Extra Special (18+)



ගල් කිව්වම වල් කොල්ලෝ හිතන්නේ වෙන දෙයක්. ඒ ගල් වලත්, එක එක ගල් වර්ග තියෙනවනේ. කෙල්ලො නම් කැමති මැනික් ගල් වලට, ආච්චිලා කැමති මිරිස් ගල් වලට ඔය ආදි වශයෙන් ගල් ගැන මහා කතන්දර ගොඩක් සිරිකොතට ගල් ගහපු වෙලාවේ.... රනිල් ගලක් උස්සගෙන දඟලපු වෙලාවේ මම පෝස්ට් එකකින් දැම්මා. ඒක ඕනම නම් මෙතනින් බලන්න. මේ කියන්න යන්නේ ඒ ගැන නෙමෙයි.... ගල් අරක්කු ගැන..

Dec 25, 2012

සාපේ සිසුන්ට බන්දුල මාමාගෙන් නත්තල් තෑගී - Christmas Presents From Santa Bandula

සංස්කරණය කරණ ලද ඉන්දික දිසානායකගේ කාටූනයකි...

දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය...

Dec 22, 2012

අධ්‍යාත්මවේදීයෝ, විදෙස් ශ්‍රමිකයෝ සහ බූරුවෝ... - Meditative s, Foreign Workers & Bloody Fools


බුවාට, මාතලන්ට මල පනින එක සාධාරනය. ඒ මොකෝ අපි පුරුතග්ජනයෝය. ඉතින් චින් එක නොහොත් හොස්ස ලඟින් මැස්සෙක් ගිය ගමන් මල පනිනවාය. අනික දේවල් සිද්ධ වෙන ආකාරය දැක්කාම, කාගේ කාගෙත් මල පනිනවාය. පබා වගේ උන්නාට.... සමාවන්න බබා වගේ උන්නාට මේ දවස්වල හැමෝම වගේ ඉන්නේ මල පැනලාය. අධිකරණයේ අයගෙත් එසේය. පාන්ඩුවේ අයගේත්... සමාවන්න ආන්ඩුවේ යනුවෙන් නිවැරදි විය යුතුය.. අන්න එයාලාටත් මල පැනලාය. අපේ ඩිලාන් සහෝටත් එසේමය. ඒ රන්ජන් රමණ යකා එක්කය. රන්ජන් රමණ යකා කියන්නේ, ඩිලාන් සහෝදරයා විදෙස් ශ්‍රමිකයන්ට "රට විරුවෝ" කියා නම් පට බැන්දාට. "රට විරුවෝ" අපා දුක් විඳිනවා කියලාය. ඩිලාන් කියන්නේ "රණ විරුවන්ටත්" වඩා අති උතුම්, "රට විරුවන්ට" අපහාස කොරන්න එපා කියලාය. ඒ මදිවාට රමණ යකා කියන්නේ ඩිලාන් සහෝ කන්නෙ තුන් වන පවුල කියාය. ඩිලාන් කියන්නේ එයා කන්නේ හොරෙන් නෙමෙයි කියාය. ඒ උනාට රමණ යකා යන යන තැන හොරෙන් කනවා කියාය. එකම හෝටලෙන් කන අය, මෙහෙම කථා කියන කොට අපිට මල පනින්නේ නැතිය. හිනා යනවාය.. මුඛෙන් නෙමේය... පුකෙන්ය...

Dec 19, 2012

අනේ අපව බේර ගන්න කවුරුත් නැද්දෝ....? - Help....Help.....Help....!!!


සමාන්‍යයෙන් මට එකම වෘත්තිකයකුවත් උසස් නැතිය, පහත්ද නැතිය, හැම රස්සාවම රස්සාවක්ය. ඒත් අපේ රටේ උන්ට මාරම ලෙඩක් තියෙනවාය. ඒ තමන්ගේ ජොබ් එක ඇර, අනෙක් ඒවා පහත් කියනා හැඟීමය. තමා මොකෙක්ද යන බව පෙන්වීමට වාහනයේ ස්ටිකරුත් ගහගෙන යනවාය. ඩොක්ටර්ස්ලා, ඉංජලා, දිසාපතිලා, එහෙම ගහගෙන යනවාය, එහෙම නැත්නම් නලාව කරේ දාගෙන ෂොපින් යනවාය, ලෝයර්ලා කළු ටයි දාන් යනවාය. එ මුකුත් නැත්නම් පොඩි එකා යන ඉස්කෝලේ, ඉස්ටිකර් එකක් හරි ගහගෙන යනවාය. එහෙම උන් මට නම් පේන්නේ හන ගහපු හරක් වගේය.


ආයෙත් පරිප්පු කන්න වෙයිද....? - Indian Warning



මේ ගැන අපේ W3Lanka ලියා තිබෙන්නේය. ඔහු කියන්නේ, රාජපක්ෂ පාළණයේ වසන්තය නිමාවෙමින් පවතින බවයි. රටේ එවන් මතයක් පතුරුවන්නට තැත් කලද ඇත්ත එයද.....? නැත. ඔවුන් කෙලිනා පිස්සු එකසිය ගානට කෙලි. බඩු වැඩි කිරීමේත් නිමක් නැත. තෙල් බාලා, නඩු බලවා අවසානයේ, පැස්ටෝල් වලටත් කෙලියේය. කොළඹ ලස්සන වෙයි. ගහන්න යන බිල්ඩින් වල තට්ටු ගනන් කරන්න වෙනෙම ඇමතියෙක් දාන්න වෙයිය. නයිට් රේස් යයි. ඉඳගෙන බලනවානම් 5000 ය. 50 ටිකට් ගත්තොත් සද්දේ විතරක් අහගෙන ඉන්න පුළුවන්ය. හැබයි අපරාදේ කියන්නේ රටේ තත්වයට ගැලපෙන්න සයිකල් රෙසුත් යනවාය. ත්‍රී වීල් රේසුත් යනවාය. ලැම්බෝගිනි බලන්න උන්නාට, ගල් ෂොට් එකේ පවර් එකට එහෙමම නින්ද ගිහිල්ලාය.

Dec 13, 2012

කළු පෙට්ටිය (16+) - Black Box (16+)


මේක පට්ට පරණ ජෝක් එකක්. කතන්දෙරේ මතක් උනේ, කොටියා පවර්ෆුල් කාළේ, ගහල වට්ටපු ඇන්ටනොව් එකක් ගොඩ දාන්න, හෙන මෙහෙයුමක් යන නිසා. සමහර උන් නම් කියන්නේ, මාතලේ වලට කේස් එකක් තියෙනවය, ඒක කවර් කරන්නෙයි මේ උතුරෙ බීච් එක එකසිය ගානට හාරන්නෙ කියලා. වල් කොල්ලෝ ඉතින් මොනවටද කතා හදන්නෙ නැත්තේ. ඔය වල් කොල්ලො වගේම සෙට් එකක් තමයි ජෙප්පොත්. උනුත් මේ කන්න බොන්න විදියක් නැතුව ඉන්න කාළේ, මාතලේ වලක් ගැන කතා කරනවා. අනේ මන්දා අර කව්ද කිව්වා වගේ මේවා ආන්ඩුවේම කොන්ත්‍රාත්තුද කියලා.

Dec 10, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් - Derana Dream Star

The Best Talent Ever

එකෙක් හෝ මොනවා හෝ ලියනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෙමි. මොකෝ, බ්ලොග් ලෝකයේ වැඩිපුරම ඉන්නේ තරුණ කස්ටිය නිසාය. එහෙත් එකෙක්වත්, මක්කාවත් ලියන පාටක් පේන්න නැතිය. ඒ කියන්නේ තරු සංකල්පෙට කෙලවෙලා වගේය. සමහර විට මේක ඇස්. ඇම්. ඇස්. වලින් හම්බ කරන් කන කෙලියක් කියා හැම එකාටම තේරිලා වගේය.ඒ නිසා කවදත් මේ ගැන ලියන මම, මේ වර අවසාන තරඟය හා ජයග්‍රාහකයා ගැන මෙන්ම, තරු සංකල්පය ගැනත් ලියන්නට හිතාගත්තේය. අද තිබෙන රූපවාහිනී නාලිකා අතරින්, අපුලක් නැතිව නැරඹිය හැකි නාලිකාවක් වන දෙරණද, කෙමෙන් කෙමෙන් අප්පිරිය වන්නට පටන් ගනිමින් පවතී.

කොලවරි තීන්දූ - Instant Justice





මේ ගීතය, ඉඩම් නඩුවකඩ යුක්තිය ඉටුකරවා ගැනීමට අවුරුදු 30 උසාවියේ රස්තියාදූ වී නීතීයේ දේවාලයේ මිය ගිය මව වෙනුවෙනි.

"මාස්ටර් සර්" ගීතයේ තාලයට ගයා සැනසෙන්න, නැතිනම් දුක්වන්න, එහෙමත් නැතිනම් ඕන එකක් කර ගන්න.
------------------------------x---------------------------------

Dec 6, 2012

ගෝල්ඩන් සිරප් ඌරුමස් හා ප්‍රජාතන්ත්‍රවාදය..... - Golden Syrup, Pork & Justice



තීරණය පැහැදිලිය. ගෙදර යාම අනිවාර්යය. සියළු වරප්‍රසාදයන් අහිමිවීම අනිවාර්යය. සමහර විට තීන්දුව හෙටම ලැබෙනු ඇත. බොහෝ දෙනෙකුට ඇය වීරවරියකි. මමද ඇය වෙනුවෙන් පෙනී සිටිමි. ඒ ඇය නිර්දෝශී නිසා නොව, සමාජ සාධාරණත්වය උදෙසාය. ඇයගේ වැරදි තිබුනද, නඩු විභාගයේ විනිවිදභාවයක් තිබිය යුතුය. මන්ද ඇයද ශ්‍රී ලාංකික පුරවැසියකු නිසාය. එහෙත් සාධාරණයක් නැත ඇත්තේ ඒකපාර්ශවික තීන්දුවකි. ඇය බොහෝ අයට වීරවරියක් වනු ඇත. එහෙත් මට නම් ඇය වීරවරියක් නොවේ. 18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව තීන්දුවක් දුන්නේ නම් ඇය මට වීරවරියකි. දිවි නැගුමට එරෙහිව දුන් තීන්දුව පලි ගැනීමක් ලෙස පෙනිම සාධාරණය......

-x-

Dec 4, 2012

විරුද්ධ ලිංගිකයන්ට වඩා, නත්තල් ගහ හොඳ ඇයි...? (16+) - Why A Christmas Tree Is Better Than The Opposite Sex (16)


නත්තලත් එක්ක ඉතාම සම්බන්ධ දෙයක් තමයි, නත්තල් ගහ, ඕනෑම දුප්පත් ගෙදරක උනත්, පොඩි නත්තල් ගහක් හෝ තියෙනවාමයි. නත්තල් සීයා... එහෙම නැත්නම්, "සැන්ටා", රෑට ඇවිත්, නත්තල් තෑගී,  තියලා යන්නේ නත්තල් ගහ පාමුල. එක එක රටේ තෑගී බෙදන ආකාරයේත්, බොහෝ වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත්, වෙසක් එකට වෙසක් කූඩූ හදනවා වගේම, කැපවීමකින්, ආසාවකින්, ආදරයකින්, නත්තල් ගහක් ගෙනත්.. සරසන එක අනිවාර්ය අංගයක්. ඉස්සර නම් මේ තත්වය අඩු උනත්. දැන් නම් හැම ගෙදරම, පාර පුරා විකුණන්න තියෙන "පයිනස්" ගහක් ගෙනත්, නත්තල් ගහක් නිර්මාණය කරනවාමයි.

Dec 2, 2012

මහරාජාගේ සිරස කුඩු...!!! - I. O. Maharaja !!!!


කන එක අම්බානක කෑවේය. තව පොඩ්ඩෙන් කන පැලෙන්නම කනවාය. අපේ රටේ ජනමාද්දියවේදියා කියන එකා, හිතාගෙන ඉන්නේ ඌට එහා එකෙක් නෑ කියලාය. ඔය උන්ටම වෙන්වූ රෝගයක් නොවේය. ගොඩාක් අයට තියෙන දෙයක්ය. දොස්තරගේ පටන් කොන්දොස්තර දක්වා තිබෙන රෝගයක්ය. සමාන්‍යයෙන් අදීන මාද්දියවෙදියෙක් කියන්නේ, බුද්ධිමත්ව මැදිහත් සිතින් බලා යම් දෙයක් ගවේශනශීලීව අධ්‍යයනයක් කොට සමාජය දැණුවත් කරන්නාය. දේශපාලකයාගේ විනය ගැන කතා කරන්න ඉස්සර, තමන්ගේ තනය විකා ගත යුතුය. සමාවෙන්න විනය තකා ගත යුතුය.

Nov 29, 2012

බර්ලින් පවුර බිඳවැටීම - End of The Cold War


බර්ලිනයේ ලෙනින් ප්‍රතිමාව ඉවත් කිරීම...

"හැරල්ඩ් මැක්මිලන්" කියන බ්‍රිතාන්‍ය ජාතික අගමැති තුමා, 1960 දී ළෝකප්‍රසිද්ධ කතාවක් පවත්වනවා "වින්ඩ්ස් ඔෆ් චේන්ජ්" (Winds of Change) කියලා, මේක අපේ භාෂාවෙන් නම් "නැවුම් සුළඟක්" එහෙම නැත්නම් "වෙනස් සුළඟක්" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කතාව ඔහු කළේ දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ. අප්‍රිකානූ මහද්වීපයේ රටවල් විශාල ප්‍රමාණයක් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත වශයෙනුයි පැවතුනේ ඒ කාළේත්. ඔහු මේ කතාවෙන් අප්‍රිකානූ රටවලට ළඟදීම නිදහස ලැබෙන බවටත්, ඔවුනට නිදහස ලැබිය යුතු බවත් කිව්වා. (අවශ්‍ය කෙනෙක් සම්පූර්ණ කතාව මෙතනින් බලන්න.)

Nov 28, 2012

සිරකරුවෝද මනුෂ්‍යයෝය...!!! (16+) - Prison Break (16+)


මේ දවස්වල හිරකාරයෝ ගැන හෝ ගලා කතා යන නිසා, හිරකාරයෙක්ගේ ජෝක් එකක් මතක් උනා. පොර ඇවිල්ලා ස්ත්‍රී දූෂකයෙක් විදියට නමක් දිනාගෙන හිටිය පොරක් උනාට, කෙහෙල් ගහකට කොටන්න ගිහින් අන්තීමට මහ උළු ගෙදර නවතින්න උනා. පොර අවුරුදු 20 කට ඇතුලට ගියා. එදා අර ඇස් ටී එෆ් එකෙන් පැනලා මේ "මනුස්සයන්ට" පාඩුවේ ඉන්න දෙන්නෙ නැතුව එයාලගේ මල පන්නපු දවසේ. කසිලි බිසිලි අස්සේ, අවුරුදු 10 ක් විතර හිර දඬුවම් විඳපු අපේ මේ ස්ත්‍රී දූෂක "මනුස්සයත්" මොත්තෙ කස්ටියට පින්සිද්ද වෙන් හිරෙන් පැනගත්තා.

Nov 27, 2012

ආන්ඩුවට සල්ලි නෑලූ... පව්....!!! - No Money No Honey

කාටූනය - ඉන්දික දිසානායක
ආර්ථිකේ හොඳ නිසා, ගමේ කෙල්ලොත් ජීන්ස් වල බැහැලා යනවයි කියපු අමුණුගම ඇමතිතුමා, ඒ කියපු කටෙන්ම දැන් කියන්නේ ආර්ථිකය යන්නේ හොම්බෙන් කියලාය. ඒ නිසා, ඉස්සර බැංකුවලට ණය දීපූ ඒයාලාට, දැන් බැංකු වලින් ණය හිඟාකන්න වෙලා තියෙනවාය. ලොක්කා මෙහේ නැති වෙලාවක කිව්ව නිසා හොඳය. ඒ උනාට ලොක්කා ආපු ගමන් මේක කවුරු හරි කනේ තියනවා සිකුරුය. නියෝජ්‍ය එක කෙසේ වෙතත්, ජේශ්ඨ එකක්වත් නැති වෙලා යන්න පුළුවන්ය. ආන්ඩුවේ ඇතුලේ ඉන්න, බටහිර කුමන්ත්‍රණ කාරයෙක්දැයි කියන්න වෙන්නේ, විමල් ඇමතිගෙන අහලාය. ඒත් එයාගෙන් අහන්න මේ දවස්වල බැරිය. එයා මේ දවස්වල බඩුවක් නලවනවාය. සමාවන්න නඩුවක් බලවනවාය.

Nov 25, 2012

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - Legal Prostitution (Strictly for Adults)



"ඝෝඨාස් වෝ" ලියපු, අදීන මාද්දියවේදියෙක් වන, "සී ඒ චන්දරප්‍රේම" මහත්තයා "කොළ පාට සමජය" කියලා පොතක් ලිව්වේය. ඒකේ තිබුනේ ගණිකා වෘත්තිය නීතීගත කළ යුතුය කියලාය. අපේ උන් ඒ මහත්තයා මරාගෙන කෑවේය. ඒ උන්ගේ නෑදෑයින්ගේ පස්සෙන් (UNP) ඒවා කොරන නිසාය. එයාව මරාගෙන කන්න හදපු දේශප්ප්‍රේමීයෝ, අද ඊටත් වඩා හොඳට ඒවා කොරන නිසා, අද ඒ මහත්තයා පොත් ලියන්නේ නිල් පාට රතු පාට කස්ටියටය. ඒ කාළේ එවා කතා කොරාට අද ඒවා කතා නොකරන්නේ නීතීගත කොරත් එකයි නොකරත් එකයි වගේ හින්දාද කියන්න දන්නේ නැතිය.

Nov 22, 2012

ඇතුලට දාන්නත් බදු (16+) - Intimate Tax (16+)




සිතනා සෑම කළ ජහමනයා ගැනම                             පොදු
කන බොන හෑම එකටම කෙලි නවනෙ                         බදු
ප්‍රභා මරා අළුතෙන් ලක් මවක්                                     වැදූ
කොඩි වැනු එකද පලදෙන්නේ කියන්                           විදූ

Nov 20, 2012

මළ මගුල් (වැඩිහිටියන්ට පමණයි) - Happy Weddings (Adults Only)



මාතලන්ගේ කෙටි කතාවක්....

ධනපාලයා නිදා ගන්නේ පිලේ පැදුරේය. කුලියක් මලියක් සොයාගන්න යන්න ඕන නිසා, ධනපාලයා ඇහැ අරින්නේ කුකුලා බෙරිහන් දෙන්නත් කලින්ය. ධනපාල ඇහැ ඇරිය බව ගමට කියන්නේ කුකුලාය. ධනපාලයා නිදාගන්නේ තනියම නෙමේය. නිදි දෙව්දුවත් එක්කය. ඒකී උනත්, බොහෝ වෙලාවට නො එන්නේ, මේ කරුම දුප්පත් කම නිසා නොවේදයි ධනපාලයාට සිතුනු වාර අනන්තය අප්පරාමානය. ධනපාල කියන්නේ සල්ලි මැනේජ් කරන එකා කියන එක උනත්, මැනේජ් කොරන්න තියා ගෙදර උන්ගේ බඩ පුරවන්නයි, හෙළුවෙන් නොතියන්නයි කන කට්ට දන්නේ ඌම විතරය. පනසලේ චක්‍රවර්ති හාන්දුරුවෝ ධනපාල කියා දැම්මේ මේ යකාට දාන්න වෙන නමක් තිබුනේ නැද්ද යකෝ කියා ලොකු හාන්දුරුවන්ගේ අම්මා අප්පා පවා මතක් කොරන සුද්ද සිංහල ඒවා ප්‍රසිද්දියේ නොකිව්වාට හිතෙන්න පටන් ගත්තේ ඒ වචන් කන වැකුන කාලයේ ඉඳලාය.

Nov 19, 2012

සුරක්ෂිත පූර්වාරක්ෂාව (පිරිපහඳුවේ කාන්දුව) - Safety Precautions


දෙදෙනකු මිය ගියේය, තවත් අයකු බරපතල තත්වයේය, ජනතාවට වගේ වගක්වත් නැත. 27 ක් මැරුණ එකේ, මේය ගනන් ගත යුතු දෙයක් නොවේය. අනික ලොකු පොරවල් නෙමේය. පොඩි අයය. සුපුරුදු කමිටුවක් පත් කරන්නේය. ඇමතියා කියන්නේ දේශපාලණ වාසි ගන්න, වෘත්තීය සමිතිවල උන් ඇමරිකන් බයිලා කියනවා කියාය. ඇමති කියන්නේ ඊට වඩා බයිලාය. ඉස්පිරිතාලේ ආවම සෑඩ් මූඩ් එකක්වත් දාගන්න, මොළේ කළඳක් නැතිය. එයා කියන්නෙ හදිසි අනතුරු හැම තැනම වෙනවා කියාය. ඒවා වෙන්නේ කියලා නෙමේ කියාය. ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නැත කියාය.

Nov 17, 2012

හොරා කෑම (18+) - Sex Scandals (18+)

ඔය උඩ පින්තූරේ ඉන්නෙ කව්ද කියලා දන්නවනේ. මුළු ළෝකෙම ප්‍රසිද්ධ කෙනෙක්, නම මොනිකා ලෙවෙන්ස්කි, අර ආනෝල්ඩ් සුභසිංහ වගේ මෙයාගේ නම අපේ උන් හදාගත්තෙ, ලෙවකන මොනිකා කියලා. බිල් ක්ලින්ටන් කියන්නේ බරක් ඔබාමා මහත්තයගේ ෆොරින් සෙකට්‍රි, එහෙම නැත්නම් හිලරි ක්ලින්ටන් නෝනගේ කසාද මහත්තයා. මෙයා, ඇමරිකාවේ ජනධිපති වෙලා ඉන්න කාළේ, මේ සෙක්සි කෑල්ලත් එක්ක පොඩි හුටපටයක් තිබිලා. තව පොඩ්ඩෙන් ජනාධිපති තුමාට ගෙදර යන්නත් වෙනවා. අන්තීමෙදි සෝ මච් පවර්ෆුල් ඇමරිකානූ ජනාධිපතිටත්, ටී වී එකට ඇවිත් ජනතාවගෙන් සමාව ගන්න උනා, මොනිකට පොප්සිකල් කැව්වට. නිකන් නෙමෙයි හොටුත් පෙර පෙර (අඬ අඬා)

Nov 16, 2012

මගෙ රන්කඳ (ලව් කරන අයට පමණයි) - My Lady Soul (Lovers Only)


පිදුම....!!!
වීක් එන්ඩ් එකේ මුකුත් නැතුව වේලෙන මාරයාට...
සින්දුවක් වත් අහලා සැනසීයන් (මගෙ රන් කඳ මටම නේද අපි දෙන්නා යාළු එකේ ඉන්ගිරිස් එක.


විශේෂ ස්තූතිය....!!!
වන් ඇන්ඩ් ඕන්ලි හෙන්රි ද බ්ලොග්වෝකර් මහතාට,
මේ "මයි ලේඩී සෝල්" (My Lady Soul),  කියන එකට ගැපෙන සිංහල වච්නයක් මට ආවෙම නෑ. කුණුහබ්බමයි ආවේ. ඒත්, මෙච්චර ලස්සන සින්දුවකට එහෙම නමක් දාන්න බෑනේ. පස්සේ හෙන්රි ට කතා කලා, පොරටත් මුලින්ම අදහසක් තිබුනේ නෑ. කල්පනා කරලා කියන්නම කිව්වා. පස්සේ මම යෝජනා කලා "මගෙ පන" කියලා. එයා යෝජනා කලා "මගෙ රන් කද". ඒකත් එයාගේ හිතට මදිලු. ඒත් මේක හොඳයි වගේ.

Nov 14, 2012

ලාබෙට ලැම්බෝගිනි - දෙසැ. 31 ට පෙර ඇණවුම් කරන්න. - Lamborghini - Special Offer


උපන්නාට පින් බිම වැනෙනවා                              විනා
රකින්නාට අඹු දරු රකිනවා                                   විනා
මානාප දී පාපේ ගෙවනවා                                      විනා
මරණ දිනේ එනකම් සිටිනවා                                 විනා

Nov 13, 2012

මොත්තෙට කෙළවීම - Prison Break

මොත්තෙට කෙළ වූ කළ
එළියේ ඉන්න එකට වඩා, ඇතුලේ ඉන්න එක ආතල් කියා කියන්නේ අපි නෙමේය. ඇතුලට ගියපු උන්ය. ඒත්.. එක්කො බලවත් විය යුතුය, නැතිනම් පොහොසත් විය යුතුය. ඒ පිළිබඳ ඇතුලේ හිටපු එකෙක් ළිපි මාලාවක් ලිවීමට යන නිසා, (මෙතනින් බලන්න) ඇතුලේ භාෂාව හා සංස්කෘතිය ගැන කතා කරන්නේ නැතිය. නමුත් පොළොවේ පය ගසා ජීවත් වන අයකු නම්, හිර ගෙදර සිඳුවන්නේ කුමක්ද යන්න ගැන අමුතුවෙන් කතා කල යුතු නැත. මෑතකම ඇතිවූ දේ පිළිබඳවද සමාජයේ විවිධ මතයන් පවති. දේවල් සිඳුවූ ආකාරය, වැරදි ලෙස දකින අය හා නිවැරදි යයි කියන පිරිසක් මෙන්ම මැද සිටින පිරිසක්ද සමාජයේ වේ.මෙහිදි මා ඉදිරිපත් කිරීමට උත්සාහ කරණුයේ එම මත ගැන මගේ දැක්මයි.

Nov 12, 2012

කූඩැල්ලා - දෙවන කොටස (පොඩි අය අම්මිලගෙන් අහලා බලන්න) - The Leech - Part II


කූඩැල්ලා පළවන කොටස - මෙතනින් කියවන්න

මුලින්ම කියන්න ඕන.... මේක ටිකක් දිගයි... කේන්ති ගන්න එපා ඕන්...

ඒත් මැනිකගේ මූන ලස්සන නෑ... මම පූජිත මෙන්ඩිස් වගේ අනික් උන් ඔක්කෝටම ඔරවනවා. ඔන්න හිනාව නවතිනවා. දැන් නම් මැණිකගෙ මූන හොඳයි. ඒත් තරහ වෙන්න කලින් හිටිය වගේ ලස්සන නෑ.

උඹ තමයි ඔක්කෝම කරන්නෙ.. මැණිකා ප්‍රේමසිරිට කියනවා..

ප්‍රේමසිරි නෙමේ කටක් හොලවන්නේ. ප්‍රේමසිරි මැණිකට බයයි. ප්‍රේමසිරි පොළොවේ දිහා බලාගෙන ඉන්න ඇස් දෙකේ, අර මැද තියෙන බෝල දෙක මැණිකා පැත්තට යනවා. මගේ පැත්තට එනවා. මල්ලිගෙ පැත්තට යනවා. කවුරුත් සද්දයක් නෑ.

Nov 10, 2012

කූඩැල්ලා (පොඩි අය අම්මලගෙන් අහලා බලන්න) - The Leech...

කෙහෙල් කොට පාරුව.. මේ ඉන්නෙ නම් අපි නෙමෙයි

කලින්ම කියනවා මේක මට මතක් උනේ, "හෙන්රි බ්ලොග්වෝකර්" ලියන ඇන්ඩි ග්‍රිෆිත් ගේ පට්ට කතා දැක්කමයි. හෙන්රී වගේ ලස්සනට ලියන්න මට නම් බෑ. ඒත් මේ කතාවේ... ඒ අභාෂය නම් එකසිය ගානට තියෙන්න පුළුවන්. මොකද මම ඒ ශෛලියට ((හරිද මන්දා වචනේ), ඇල්කේමියාට තුති) කැමති නිසා. විශේෂයෙන්ම "කැරපොත්තා " කතාව කියෙව්වයින් පස්සේ. ඔයාලා ඒක බලලා නැත්නම් බලලම එන්න. එතකොට තේරේවී අපි පොඩි කාළෙත් මේ වගේ දේවල්, අපිටත් කොච්චර නම් වෙලා ඇතිද කියලා.

Nov 8, 2012

2013 ණයවැය - Loan Investment 2013

ජනතාවට බජට් එකෙන් ලැබූනු දේවල්...
අය වැය කියන්නේ, ආදායම් වියදම් කරන ආකාරයයි, ණයවැය කියන්නේ අත මාරුවට ලබාගන්න මුදල් ආතල් එකේ වියදම් කිරීමටයි. අය වැයට තිබුනු ගෞරවය නැති කොලේ, ප්‍රේමදාස මහත්තයාය. එයා කිව්වේ ටැක්සි කාරෙයෙකුට උනත් බජට් එක හදන එක මහ ළොකු දෙයක් නෙමෙයි කියලාය. බලාගෙන ගියාම ඇත්තය. ජනාධිපති තුමා මේක හදන්නේ නැතිය. කේලාම් අහනවයි, ප්‍රශ්ණ විසඳන එකයි ඇර වෙන වැඩක් නෑ කියලා කිව්වේ මේ ළඟදීය. පන්සලකම කියපු නිසා බොරුවක් වෙන්නත් බැරිය. මෙහෙම බජට් නම්, ඒ ලෙවල් ලියන උන්ටත් හදන්න පුළුවන්ය. රොටීද පොල්, බජට් එක කියනව කොට, බලාපොරොත්තු වන ආදායම්, වියදම, වියදම් කළ යුතු ආකාරය, ලාභය, ටයිම් ටාගට් ඔක්කෝම කියනවාය. මේ ණයවැයේ ආර්ථිකයේ දියුණුවට මෙළෝ දෙයක් නැත.

Nov 7, 2012

බරක් ඔබාමා ගේ හදිසි ගමන - Obama visits.......


දෙවෙනි පාර තේරූනායින් පස්සෙ, කප්පරක් පච කෙලිලා, රෑ කියලා බලන්නෙත් නැතුව, දිනන්න උපදෙස් ගත්ත කෙනාට ස්තූතී කරන්න කියලා හිතපු ඔබාමා, කෝල් එකක් ගත්තේ අපේ ජනාධිපති තුමාටය. ලොක්කා ෆෝන් එක දැක්ක ගමන් හිතුවේ, අප්පට හුඩු මම හරි වැරද්ද නේ කළේ මේ යකාට විෂ් නොකර. ඔක්කෝම උන් මෙච්චර ඉක්මනට විෂ් කොරලත් ඉවරෙයි, දැන් ඉතින්, අයි ඇම් ඇෆ් එකෙන් ලෝන් අරගෙනත් ඉවරයි කියාය. ඕන සෙද්දක් වෙන්නෙයි කියලා ෆෝන් එකට හෙලෝ බරක් කියපු ලොක්කාට, ඔබා කිව්වේ තෑන්ක්ස් මහී කියලාය. අම්මට හුඩු මූට පිස්සුද කියලා හිතපු ලොක්කාට තවත් හිතන්න කලින්, බරක් කිව්වේ එෆ් බී අයි එකෙන් ඔයාගේ මෙතඩ් ඔක්කොම මට ඉගැන්නුවා ඒවාට පින් සිද්ධ වෙන්න තමයි යන්තම් ගොඩ දාගත්තේ කියාය.

Nov 5, 2012

කොමියුනිස්ට් පක්ෂ සමාජිකයාගේ කයිය - Keep Left Poem


කුල හීනයෝ දකුණුකරේ
අපි යනවද ඒ පාරේ
ආන්ඩුවේ තුවක්කුවෙන්
උන් යැව්වා නිවන් පුරේ
අපි යනවා වරෙන් මචෝ
දකුණට යන සොමි පාරේ

ඊළම නම් දෙන්න ඕන
බලේ බෙදා දෙන්න ඕන
එක නිසා හෙට මැරුනත්
අපි සප් එක දෙන්න ඕන
අපි යන්නේ කොයි පාරේ
ප්‍රභාකරන් යන පාරේ

Nov 4, 2012

ආදර්ශමත් ගුරුතුමී (16+) - Good Teacher (16+)



අපේ පවුලෙත්, ගුරුවරු ගුරුවරියෝ කීප දෙනෙක්ම ඉන්නවා. බ්ලොග් ලියන අය අතරෙත් ඉන්නවා. ඉස්සර නම් ගුරුවරු කියන්නේ, දෙවිවරු වගේ පිරිසක්. ඈත අතීතයේ නම්, ගුරුවරු ඉඳලා තියෙන්නේ රජ පවුල්වල අයට විතරනේ. හොඳම ගෝලයට සම්මාන හැටියට දෙන්නේ ගුරුතුමාගේ දෝනීයැන්දා. ඉතින්, එයා මොන වගේ උනත් බාර ගන්න වෙනවා. මොකෝ තෑග්ගක් රිජෙක්ට් කොරන එක කැත වැඩේනේ. අපේ කාළෙත් ගුරුවරු දෙවිවරු වගේ උනත්, අපේ පරම්පරාවේ අය උසස් පෙල කරණ කාලේ වගේ වෙන කොට මේක තවත් රස්සාවක් විතරක් බවට පත් උනා. දැන් නම්, ගුරු වෘත්තිය කියන්නේ තවත් රස්සවක් විතරයි. ඒත් සත පහක් වත් නොගෙන අමතර පන්ති කරන, තමන්ගේ වැටුපත් සිසුන් වෙනුවෙන් වියදම් කරලා, දුෂ්කර සේවයේ යෙදෙන දෙවිවරු වගේ ගුරුවරුත් ඉන්නවා කියන එක, ඒ අයට උපහාරයක් විදියට සඳහන් කළ යුතුමයි.

Nov 1, 2012

දෝසාබියෝගේ - Impeachment


ප්‍රියන්ත රත්නායකගේ ඉරහඳ පත්තරේ කියව කියවා උන්න ජනාධිපති තුමා නෝනාට කතා කර කිව්වේ, බලනවකෝ නෝනේ මේ යකා කියලා තියෙන්නේ, මේ දවස්වල ගෑණු අයට අපලෙයි කියලාය. ඒ මට නෙමේ අනේ, අනිත් ගෑණු අයට වෙන්න ඇති කිව්වාම, කාන්තාවන්ට කවදත් ආදරේ කරන ජනාධිපති තුමා කිව්වේ, එහෙම නෙමෙයි අනේ ඔයාටත් බෝලයක් දෙන්නෙයි මිරික මිරික ඉන්න කියාය. රජා උනත් වල්කම නම් ගිහින් නෑ කියා, මල පැන්න ශිරන්ති නෝනා සිතින් කියාගෙන ගියේ, රාජ යෝගයක් බදාගෙන අනෝමා ෆොන්සේකා නෑවට අපි මොනවා කරන්නද කියාය.

Oct 31, 2012

කොට කලසන් (ගෑල්ලමයින්ට පමණයි) - Shorts (For Girls Only)


කොට කලසන් (කලිසම) ගැන ලියන්න කියලා, අපේ හාමිනේගෙන් හරි බරේ බරේ. ඒයා බොග දාන්නේ නැති නිසා. මම දාන බොගේ තමයි එයා කැමති ඒවත් දාන්න ඕන. හැබයි හාමිනේගේ පොස්ට් තම්යි හොඳ හිට්ස්. බොහෝ ඒවා 4500 ත් පැනලා. එයාගේ අදහස් උනාට, ලුනු ඇඹුල් එහෙම දාලා ලියන්නේ මේ පිළිබඳ මහාචාර්ය පදවියකින් පුද ලද, නොබෙල් ත්‍යාගය සඳහා පවා නිර්දේශිත, මාතලන් තමයි. මමත් ගෙදරට අඳින්නේ කොට කලසම තමයි. ඒක මට සරමටත් වඩා පහසුයි. එකම එක සරමයි තියෙන්නේ කවුරු හරි ආවොත් දෙන්න.

Oct 30, 2012

සුළි සුළං, 13, 18 හා තවත් කතා.... - Hurricane Season, 13 & 18


අපි පොඩිකාලේ හරිකේන් සීසන් ගැන අසා තිබුනේ නැතිය. දැන් නම් හැම අවුරුද්දේම එනවාය. මෙහෙට නෙමේය ඇමරිකාවටය. නිව්යෝක් එහෙම විනාශය. මුළු ළෝකෙම හොල්ලන් හිටියත් ඔබා මාමාට ඒවා නවත්තන්න බැරිය. මොකෝ සොබාදහම ඔක්කටම වඩා බලවත්ය. ඔය අස්සේ මෙහෙටත් එකක් එනවයි කිව්වේය. නම "නීලම්ය" එනවයි කිව්වේ "ඊළම්" දේශේ පැත්තටය. ඒ උනාට ආවේ නැතිය. සොබාදමට උනත් දුක හිතෙන්න ඇතිය. අම්බානක කාලා ඉන්න උන්ට, ආයෙත් ගහන එක හොඳ නැතෙයි කියලාය. ඒ මොකෝ ඔය පැත්තේ අය නන්දිකඩාල්වල මතක හිටින්නම කෑවේය. ඊට පස්සේ සෙතක් වෙයි කියා හිතුවත් තවම කනවාය. පොඩි වැස්සටත් තෙමෙන එකාට. මම ගිහින් කෙලියොත් මටත් කෙලවෙයි කියා "නීලම්"ට හිතෙන්න ඇතිය. ඒ නිසා එයා එක තැන කැරකි කැරකි ඉන්නවාය..

Oct 25, 2012

ලොව වයසකම අප්පොච්චි - World's Oldest Dad


තාත්තල ගැන ලියවෙනවා හරි අඩුයි. ඒ වගේම කවි සින්දුත් සෑහෙන අඩුයි. ඒකනේ ටී ඇම් ගේ නෝනා ලිව්වේ "පිය සෙනහසට කවි ගී ලියවුනා මදී" කියලා. සමහර වෙලාවට කවි ගී නොලියවෙන්න, "තාත්තා" කියන වචනේ කාව්‍ය රසයක් නැති හින්දද කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් "අම්මා" කියන වචනේ එහෙම නෑ. තාත්තා කියන වචනයට වඩා, ආදරයක්, කලාවක්, "අප්පච්චි" කියන වචනයේ තියෙනවා කියලා මගේ හිත මට කියනවා. කොහොම උනත් අපිත් "තාත්තට" කතා කරන්නේ තාත්තා කියලමයි. ඒක වෙනස් වෙන එකක් නෑ. මොකෝ අපි පාත්තයෝ නේ. බෙන්තර ගඟෙන් එහා ගල් ආඳෝ..

Oct 23, 2012

කාන්තාවන් හා යහන්ගත වීම - Woman in bed


නිදාගන්නවා කියන එක මනුෂ්‍ය ජීවීතේට අත්‍යාවශ්‍යම දෙයක්. අඩුම ගානේ පැය අටකවත් සැපදායක නින්දක් තියෙන්න ඕන කියන එක තමයි වෛද්‍ය මතය. ඒත් ඉතින් මේ ළෝකෙට අළුතෙන් දෙයක් එක් කල අය බොහොම අඩු නින්දක් ලබපු අය. ඒ අය නිදාගෙන තියෙන්නේ පැය දෙක තුනක් තමයි. අළුතෙන්ම හොයාගෙන තියෙන දෙයක් තමයි දවල් කෑමෙන් පස්සේ කුකුල් නින්දක් (නැප්) දාන එකෙන් නව ශක්තියක් ලැබෙනවයි කියන එක. ඒ නිසා දියුණු රට වල ඒ සඳහා පහසුකම් පවා සපයලා තියෙනවා. අපේ රටේ නම් රජයේ සේවයේ මේ සඳහා පහසුකම් සලසලා ගොඩක් කල්. ඒක අපේ රට මෙතරම් දියුණු රටක් බවට පත්වෙන්න බොහෝ සෙයින් ඉවහල් උනා. රට හදන්න ආපු ජනතා නියෝජිතයොත් පාර්ලිමේන්තුවේ කට ඇරගෙන නිදාගන්නේ ඒ හේතුවෙන්. මේ මෑතකදිම පොලිසීයේ ලොක්කෝ දෙන්නේකුත් එහෙම නිදාගෙන ඉඳලා පොලිස්පතිතුමාගේ ගෞරවයටත් පාත්‍ර උනා.

Oct 21, 2012

සීගිරී කොමෙන්ටුව (18+) - Sigiri Comments (18+)

 



අපේ බ්ලොග් කලාව පවතින්නේ කොමෙන්ට්ස් නිසා. නිර්මාණයක් වගේම විවේච්නයත් අතීතයේ පටන් පැවතෙන දෙයක්. චිත්‍රපට විචාර, නාට්‍ය විචාර වගේම පොත් පත් විචාරය,ත් විෂයන් වශයෙන් පවා උගන්වනවා. ඔය විචාරයේ වර්ගීකරණයකුත් තියෙනවා. මම කැමතිම එක තමයි, දෙන්නම් බැටේ විචාරය. මන්ද...? ඒකත් වෙනම කලාවක් නිසා. සම්බාව්‍ය විචාර, පීචං විචාර, ශාස්ත්‍රීය විචාර ආදි වශයෙන් ඒවත් බොහෝම තියෙනවා. අද පළවෙන පොත පතට නෙමෙයි අතීතයේ පොත පතට පවා විවේච්න ලියන අය අදටත් ඉන්නවා.

Oct 18, 2012

සෑර්.. මේ බූරුවන්ට අහු වෙන්න එපා...!!! - Sir, Think twice..



ආන්ඩූ විරෝධීන් තුල, ආන්ඩුව පෙරලීමේ සිහිනයන් තිබෙන්නේය. විස්ස විජ්ජාල සෑර්ලා මොනවා හරි කරයි කියලා බලාගෙන උන්නේ ඒ නිසාය. වැඩේ හරි ගියේ නැත. ඒ අස්සේ ජනරාලුයි කරුයි ගේමක් ඉල්ලුවේය. ඒ අමුතුම එකක්ය. ජනාධිපති ක්‍රමේ අහෝසි කරන්නය. මිනිස්සු පස්ස පැත්තෙන් හිනා උනේය. මොකෝ නැති කරන්න නම් එහෙම එකක් තියෙන්න ඕනාය. දැන් ඇති ජනාධිපති ක්‍රමයක් නැත්තේය. 18 ගෙනාවයින් පස්සේ තියෙන්නේ, රාජාන්ඩුවක්ය. අපේ මහරජානෝ මහින්දය. ඉතින් අපේ උන්ට ඕක නැගල ගියේ නැතිය. කරු කියන්නේ පබාටත් පැරදුන පොරක්ය. එහෙම පරදින්නත් හේතු තියෙනවාය. ඒක ගම්පහ පැත්තේ යූ ඇන් පී කාරයෝ දන්නවාය.

Oct 16, 2012

විවාහ ජීවීතයේ ප්‍රධානම ගැටළුව (16+) - Couples having relationship problems (18+)


විවාහ ජීවීතයට එළඹිම අපේ ජනවහරෙ හඳුවන්නේ "කසාද බඳිනවා" යනුවෙන්. එතනදි බැඳීමක් ඇති වෙනවා වගේ අදහසකුත්, බැඳලා දානවා වගේ අදහසකුත් ගැබ් වෙලා තියෙනවා. බටහිර ජාතීන් අප රටට පැමිණීමට පෙර මෙවන් සිරිතක් නොතිබූ බවත්, නිදහස් ලිංගික ජීවන රටාවක් පැවති බවත්, ඉතිහාසඥයින්ගේ මතය වනවා. ඒ හේතුවෙන් අපේ පුරාණ ගැමියා මෙය හැඳින්වූයේ "හිරයක් ගන්නවා" එහෙම නැත්නම් "හිරේ ගේනවා" වගේ වහරෙන්. එතනදි අදහස් කරන්නාවූ දෙය අප හැමටම ඉතා පැහැදිලියි.

Oct 14, 2012

ප්‍රවීනයන් විසින් අමරණීයයෝ ඝාතනය කරන ලදි - Legends killed by seniors


නව පරපුර ටැලන්ට් නැද්ද කියලා මම ලිපියක් ලිව්වා බොහෝ කාළේකට පෙර. (ඕනම නම් මෙතනින් බලන්න) ඒක හොඳට හිට් උනා. එහෙම වෙන්න හේතුව අපි කවුරුත් සංගීතයට, ගීතයට ඇති කැමත්ත. මේ ගැන ආයෙත් කතාකරන්න හිතුනේ දෙරණ රූපවාහිනි නාලිකාවට වසර හතක් පිරීම නිමිත්තෙන්, අමරණීය ගායකයන් හත් දෙනෙකුගේ ගීත පැය විසි හතරක් පුරා සජීවීව ඉදිරිපත් කිරීම. පැය විසි හතරක් කිව්වට පැය දොලහකටත් වැඩි ප්‍රමාණයක්, නිවේදක නිවේදිකාවන්ගේ බයිල වලටයි, ප්‍රවීනයන්ගේ බයිලා වලටයි, නරඹන්න ආපු සක්කර වට්ටම්වලටයි ප්‍රවීනයන්ටයි ඇඩ් වලට ගියාම ගීත් ප්‍රචාරය උනේ කෙතරම් වෙලාවක්ද කියන එක දන්නේ දෙරණේ අයම තමයි.

Oct 13, 2012

හුටා - HUTA

 
ගියෙ ඇයිද මාව  තනිකර
බොක්කේ දල්වා ගින්දර


ලව් කළෙමි බඩුවකට,
බොක්කෙන්ම කිඩ්නියෙන්...
අම්මලා ෆුල් කචල්,
මාමලත් එහෙමමයි,
එත්.....

Oct 11, 2012

ඔබේ ඇස් පෙනීම දුර්වලද....? (13+) - Check your Eyesight (13+)



මේ ප්‍රශ්නෙ ඇහුවම ඕන කෙනෙක් කියයි නෑ කියලා මොකෝ හොඳට පේන අයට හොඳට පේනවා. එහෙම පේන්නේ නැති අයට කන්නාඩි දෙකක් දාලා තියෙන නිසා හොඳට පේනවා. නමුත් අපේ රටේ නෙමෙයි බොහෝ රටවල අයගේ පෙනීම දුර්වලයි. ඉතින් ඒක චැක් කොරගන්න ඉස්සර නම් ලොකු මුදලක් වියදම් වෙනවා. ඒත් දැන් කන්නාඩි සාප්පුවකට ගියාම නොමිලේ උනත් මේක කර ගන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාලය තුලින් සජීවීව කර ගන්න පුළුවන් ක්‍රමත් තියෙනවා.

Oct 9, 2012

පට්ට සිනමා විචාර - Funny Film Critics



සඳ ලංකාවේ, පිස්සු හැදෙන සඳ සිනමා ශාලාවේ, අති සාර්ථක ලෙස බොක්ස් ඔෆීස් වාර්ථා තැබු, "ද ඇටෑක් ඔන් ද හොටෙල් කොරිඩෝ" ක්‍රියාදාම චිත්‍රපටයෙන් පසු, දැන් තිරගතවනුයේ සම්භාව්‍ය ගනයේ චිත්‍රපටයක් වන. "අයි ප්ලෑන් ද ඇටෑක්" නම් චිත්‍රපටයයි. මෙහි නිෂ්පාදනය බටහිර තානාපති කාර්යාලයකින් වන අතර, සම අධ්‍යක්ෂණය බට් හිර් කුමණ්ත්‍රන් නම් සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරායා යටතේ දේෂ් ද්‍රෝහි නම් අධ්‍යක්ෂකවරයා විසිනි. රැගුම් පාලක මණ්ඩලයේ ඇනුමැතිය ඇතිව තිරගත වූවක් වූවද, ප්‍රදර්ෂනයට පෙර නැවත සංස්කරණයකට ලක් කොට ඇති බව පෙනේ.

Oct 8, 2012

හඳහන් බැලිල්ල - Horoscope Reading


හඳහන් බැලිල්ල මම මුලදි කළේ අනිත් අය වගේම විනෝදෙට. ඒත් දැන් කරන රැකියාවත් එක්ක විවේකයත් තියෙන නිසා මට හිතුනා ඉගෙනගන්න. ඉගෙන ගන්න දෙයක් අහක යන්නේ නෑනේ. ඒකට විශේෂ හේතුවක් උනේ මගේ මාමන්ඩි, ඒ කියන්නේ හාමිනෙගේ තාත්තා.. ලංකාවේ ප්‍රසිද්ධ ජෝතීර්වේදියකු වීම. ඔහු අද ජීවතුන් අතර නෑ. එහෙත් ඔහු ඉගෙනීම සඳහා, ඉන්දියාවෙන් ගෙනා වටිනා ඉංග්‍රීසි පොත් රාශියක් තියෙනවා. මේවායේ තිබෙන ඉංග්‍රිසී භාෂාවත් බොහොම තද ඉංග්‍රීසී. ඉතින් මම කළේ මේ පොත් පරිවර්ථනය කරලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්න එක.

Oct 7, 2012

ක්‍රිස් ගේල් ගේ Dance - Chris Gayle's Dance


මැච් එකට එන්න කලින් අපි උන්නේ දිනලාය. ඒ අපේ ජාන වල තියෙන කේස් එකක්ය. පොලිටික්ස් ගේම්ස් වලත් එහෙමය. ෆුල් හෝප්ස් තියාගෙන ඉඳලා පැරදුනාම පොළොව පලාගෙන යන්න හිතෙනවාය. සත්‍ය දකින්නේ නැතිය. දැන් පැරදුනාම ෆුල් අප්සට්ය. ජීවත් වෙලා පලක් නැතිය. කතාකරන්නට දෙයක් නැත්තේය. මලානම් අහකය. ඒත් එහෙම වෙන්න ඕනා නැතිය. දැන් කතා කොරන්න වෙන එකක් තියෙනවාය. එ අධිකරණ කොමිසමේ සභාපතිට ගහලාය. නඩුවකුත් දාලාය, උසාවීයේ කෙස් අපි කතාකරොත් අපිව කූඩූවේ දානවාය. ඒ නිසා එයාලාම එක බේරාගනීවීය. අපෙන් එයාලාට වැඩක් නැතිය. මොකෝ ඒකත් විශේෂ සේවයක්ය.

Oct 6, 2012

විස්සයි විස්ස ආතල් - T 20 Extacy



අද හවස 7.00 ට ෆයිනල් එක පටන් ගන්නවාය. ෆයිනල් එකේ ටිකට් ගන්න ගිහින් කස්ටිය මරා ගන්නවාය. එව්වා ලබාගන්න පුළුවන් සුපිරි පන්තියට විතරය. ඉස්සර සුපිරි පන්තිය ක්‍රිකට් බලන්න ආවේ රෝයල් තෝමියන් එක විතරය. ටෙස්ට් ගහනවා බලන්න ආවේ අන්නාසි කාරයොයි, කඩල කාරයොයි අපි වගෙ හාල්පාරුවොයි විතරය. ඒ උනාට 96 වර්ල්ඩ් කප් එක ගෙනාවයින් පස්සේ, ක්‍රිකටුත් බුද්ධාගම වගේ අපේ කර ගත්තේය. පොඩි උන් විනාසය. බැට් පෑඩ් කරේ එල්ලගෙන කොල්ලෝ ප්‍රැක්ටිස් යනවාය. ඉස්සෙල්ලම ටාගට් එක ස්කූල් ටීම් එකට ගහන එකය, ඊ ළඟට බිග් මැච්ය.

Oct 5, 2012

බංගලාවේ සෙක්සී කෑල්ලට හංදියේ අයියා කී කයිය - Ganster's Love

 

කරා නංගිට කියපු කවි...

චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ                  ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී                  ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ                ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ           ප්

බංගලාවේ සෙක්සී කෑල්ලට හංදියේ අයියා කී කයිය - Ganster's Love


කරා නංගිට කියපු කවි...

චිකේ නංගී ලැජ්ජ නැද්ද පරන යකඩ පෝ                  ප්
මම යන්නේ කිරි පාටට නැගලා ප්‍රාඩෝ ජී                  ප්
අප්පච්ච්ට කියපන් උඹෙ ඉන්න කියලා ෂේ                ප්
නැත්නම් මම කුඩු කරණව උඹලගේ පුල් හෝ           ප්

Oct 3, 2012

අවංකත්වය (කාන්තාවන්ට පමණයි. (18+)) - Honesty - (Ladies Only (16+))


කාන්තාවන්ගේ අවංකත්වය ගැනත්, ලොකු කම් කියවීම ගැනත්, බොරු සෝභන  ගැනත් මේ ටිකේම අපේ බොහෝ දෙනෙක් පොස්ට් දැම්මා. ඇත්තටම මේ දේවල කාන්තවන්ට ආදේශ කර තිබුනත්, මගේ පිලිගැනීම නම්, මෙවන් දේ වලට, ලිංග බේදයක් අදාල වන්නේ නැති බවයි. පොදුවේ මනුෂ්‍යයන්ගේ දුර්වල සිරිතක් ලෙසත්, හදා ගත හැකි දෙයක් ලෙසත්, සඳහන් කළ හැකියි. එහෙත් ඉතින් එහෙම කරන්න ගියොත් සමහර විට, කතානොකරන මිනිසුන් පිරි ළෝකයක් බිහි වෙන්නත් පුළුවන්. අනිත් අයගේ වැරදි ඔවුන් නැති තැන කියන එකට මම අකමැති උනත්, බොරු සෝභන කතා අහන්න නම් බොහෝම ආසයි. නයි අරිනවා කියන්නෙත් මේකටම තමයි.

Oct 1, 2012

ශපිරෝ, දියසේන හා රාවණා - Aruni Shapiro, Prince Diyasena & King Raawanaa



අර කව්ද කිව්වා වගේ, බ්ලොග් ළෝකේ නිකන් ආතල් නැති, වලි නැති, හෝන්දූ මාන්දූ වෙලා තියෙන වෙලාවක, බොහොම අගේ ඇති ළිපියක් අරුණි ශපීරෝ නෝනා ලියලා තිබුනා. අපේ ඒවා වගේ නෙමෙයි. ඒ නෝනගේ ලිපි බොහොම සාර ගර්භ ලිපි. ළිපියේ මාතෘකාව,"බෙදා දෙන්න ක්‍රමයක් හා බෙදාදෙන්න සමත් කෙනෙක්", (මෙතනින් බලන්න) ඇත්තටම මම මේ ලිපිය දැක්ක ගමන් පොතක් ලියන්න තරම් කරුණු මගේ සිතේ එහෙ මෙහෙ සැරිසැරුවා. ඒත් ඉතින් මාගල් වගේ පොත් ලිව්වොත් එකෙක් වත් බලන්නේ නැති නිසා මේ ලියන්නේ හැකි තාක් කෙටියෙන්.

Sep 30, 2012

සිහිනය මිය යාම - Dead Dreams



මගේ ඥාති පුත්‍රයෙක්, පවුලේ එකම දරුවා. මේ දරුවා ක්ලබ් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය චරිතයක්, පාසල් සමයෙත් ප්‍රසිද්ධ පාසලක ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. නමුත් මේ දරුවට "අසීමිත නිදහසක්" දීලා තිබුනා. ඔහු දුම් පානය කරණවා, මත්පැන් බොනවා, ගංජත් බොනවා, (මමත් මේ සියළු දේ කරණවා සීමාවක් ඇතුව හා පරිසරයට අනුකූලව) ආශ්‍රය කළේ නරක මිතුරන්, නිතරම ගෙදරින් පිට සිටියේ. නමුත් මේ දේවල් ඒ දෙමව්පියන්ට ළොකු දේවල් උනා, . අහිංසක නිහතමානි දරුවකු උනත් ඔහුත්, දෙමව්පියනුත් මේ කාරණය උඩ පවුලෙන් දුරස් උනා. එයා ක්‍රීඩාවෙන් රජ වෙයි කියල හීන දැකලා ඒ සෑම දෙයටම ඉඩ දුන්නා. නමුත් නරක ආශ්‍රයත්, පුරුදුත් නිසා ජාතික කන්ඩායම මෙන්ම, ක්ලබ් ක්‍රිකටුත් සෑහෙන මෙයාගෙන් දුරස් උනා...