CV ප්‍රදර්ශනය, ප්‍රාථමික මෙන්ම
අනතුරුදායකය
➖➖➖⭕➖➖
Chathuranga Abeysinghe කියන්නේ, පැතුම් කර්නර්, රසික ජයකොඩි, මිලින්ද රාජපක්ෂ වගේ ඊළඟ ජෙනරේසොන් එකේ නායකයෝ.
උන් ඔක්කොම ටැලන්ටඩ් උගත් පොරවල්. හොඳ පර්සනැලටියකුත් හැම එකාටම තියෙනවා. හැබයි එයාලා බුකි දේශපාලනයෙන් හෙවත් සයිබර් දේශපාලනයෙන් එහා දැක්මක් ඇති අය නෙමෙයි.
ජාතික තලයෙදි මෙයාලව දන්නෙම නැති තරම්. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මෙයාලට වඩා රැට්ටා, සේපාල්, විනීලා වගේ අය දන්නවා.
මෙතනදි ගොඩක් පරෙස්සම් වෙන්න ඕන කෙනෙක් තමා චතුරංග අබේසිංහ, මොකෝ එයා ඉන්නේ අමුතු පක්ෂයක. ඔය පක්ෂයෙන් ඉදිරිපත් වුන Nirupa Serasingha ට හා Wimal Ketipearachchi ට මම කියපු අනාවැකිය ලෙසටම හරි ගියා.
එයාලා අලුත් අයට පිම්බෙන්න දෙන්නේ නෑ. කෙලින්ම කපනවා. නිරූපා මේක ප්‍රසිද්ධියේම කිව්වා. කැටිපේ ඊට වඩා මානුෂිකයි. ඌ කලාකාරයෙක් නේ.
චතුරංගගේ ගමන සීඝ්‍රගාමී වැඩියි. මම දන්නේ නෑ ජවිපේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙච්චි එයාගේ තාත්තගෙ උපදෙස් මත මේ දේ කරනවද නැද්ද කියලා. හැබයි චතුරංග නමක් හදාගත් නිසා පොරට දැන් ප්ලේස් එකක් තියෙනවා. ඒ නිසා සේපාල් වගේ කුණු කූඩෙට විසිකරලා දාන්නත් ලේසි නෑ.
ඒ කෙසේ වෙතත්, ලාංකීය ප්‍රදර්ශනාත්මක ගෝත්‍රික උගතුන්ට තමන්ගේ තම්මැට්ටම ගැසීම සඳහා මෙය මහඟු අවස්ථාවක් කරගෙන තියෙන බවක් බුකිය දිහා බැලුවම පැහැදිලිව පේනවා. ඒ රෝගය හෙවත් කැපී පෙනීම ගෝත්‍රික සමාජයක සාමාන්‍ය ලක්ෂණයක්. අලුත් දෙයක් නෙමෙයි.
ඊයේ සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍යද යන මැයෙන් පැවති zoom ෆෝරම් එකකදී මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍ය ආචාර්‍ය චරිද දිසානායකයන් කිව්වේ, දරුවන්ගේ විභාග ප්‍රතිපලය පවා ෆේස්බුක් දැමීම නොදියුණු සමාජයක නොදැණුවත්කම මත කරනා තුට්ටු දෙකේ වැඩක් කියලා, ඒ තියා දරුවෝ අවුරුදු 20 වගේ වෙනකන් දරුවන්ගේ ෆොටෝ එකක් දෙමව්පියෝ දාන්නේ නෑ කියලා. මේකට ඔට්ටේලියාවේ ඉන්න උන් සාක්කි දරයි.
එහේ එහෙම තියෙද්දි, තමන්ගේ බයෝ ඩේටා එක ෆේස්බුක් එකේ දාන එක අමු මොන්ටිසෝරි වැඩක් බව දියුණු සමාජයක ඕනෑම එකෙකුට අවබෝධ වෙනවා. සම-හරක් කියයි, මේවා අපි ලියන්නේ අපට ප්‍රදර්ශනය කිරීමට දෙයක් නැති නිසාය කියලා..
එවන් අයට මාතලන්ට කියන්න තියෙන්නේ, මගේ හිතවතුන් වන ආචාර්‍ය මහාචාර්‍යවරුන් බුකියට එන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස බවත්, තමන්ගේ පැටිකිරිය අප විසින් සඳහන් කරනවාටවත් උන් කැමති නැතෙයි කියලා.
උගත් කම කියන්නේ අන්න ඒකට.
.
