.

.
Showing posts with label Uvindu Kurukulasooriya. Show all posts
Showing posts with label Uvindu Kurukulasooriya. Show all posts

Jan 5, 2023

සේපාල් ගැන උවිඳුගෙන්...


 

සේපාල් ගැන උවිඳුගෙන්...

➖➖➖➖➖➖➖⭕➖


සේපාල් අමරසිංහ වගේම උවිඳු කුරුකුලසූරියත් මගේ හිතවතුන්...


සේපාල් මගේ එක පංතියේ යාලුවෙක්, ඒ පංතියේ අතුල අධිකාරිත් උන්නා...


උවිඳු මගේ සයිබර් යාලුවෙක්.. මම උවිඳුගෙ වෙබ් එකට කාළයක් ලිව්වා එයාගේ ආරාධනයෙන්.. උවිඳු මාධ්‍ය උස්තාද් කෙනෙක් වගේම, හියුමන් රයිට්ස් චැම්පියන් කෙනෙක්... හැබයි මම ඝෝඨට කඩේ යනවා කියපු ගමන් එයා මා එක්ක තරහා වුනා... බුකියෙත් බ්ලොක් කලා.. ඒ එයාට මගේ මතය දරා ගන්න බැරි නිසා... එයා උගන්වන එයා දන්න මාධ්‍ය නිදහස ඒක වෙන්න ඇති... 


ඒ අතින්, නිර්මාල් රංජිත් දේවසිරි, චින්තන ධර්මදාස ගොඩාක් දියුණු මිනිස්සු...


ඒත් අපි හිතවත් කාළේ වරු ගනන් කතා කරන වෙලාවක උවිඳු, සේපාල් ගැන අපූරූ කතාවක් කිව්වා...


දවසක් උවිඳුගෙ ලැක්චර් එකකට සේපාල් ඇවිත් උන්නලු.. ඒකෙදි ඇහුවලු.. ඔයාලා මෙ ජනමාධ්‍ය පාඨමාලාවට ඇවිත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා... එක එකා සාම්ප්‍රදායික පිළිතුරු දෙද්දි... සේපාල් කිව්වලු... 


මට ඕන පොරක් වෙන්න කියලා...


ඇත්තටම සේපාල් පොරක් වෙලා හිටියේ... පොර මාධ්‍ය තුල පොරක් වුනාට.. රටම දැනගත්තේ යූ ටියුබ් එකෙන්... ඊයේ නම් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එකෙත් නම ලියා ගත්තා...


මම දන්නේ නෑ බුද්ධාගම මිත්‍යා විශ්වාස ඔළුව උඩ තියාගෙන උන්න, පොරක් වෙලා උන්න එකාට මොකක්ද වුනේ කියලා... හිතවත් "තෝරෙක්" වෙන Ajith Fernando Ajja ඒ ගැන ලියපු පෝස්ට් එකක් මම ඊයේ මගේ වෝල් එකෙත් දැම්මා...


සේපාල්ටත් වුනේ... තනතුරු නොලැබීම තුල රාජපක්ෂලා එක්ක තිබුන වෛරය.. සිහළ බෞද්ධ වෛරය දක්වා ගෙන යන අමන රැල හා එක්වීම... උන් නොදන්න දේ තමා ඒකට රාජපක්ෂලා නැති වුනත්... රනිල්.. විජේදාස... දිනේෂ් ඉතරක් නෙමේ සජිත් උනත් සජිත් රාජපක්ෂ වෙලා ඒ දේ කරන බව....


මම හිතන්නේ, සේපාල් උවිඳුගේ පංතියට ගියාට.. උවිඳුත් කියලා දීලා නෑ... මාධ්‍ය නිදහසෙත් සීමා තියෙනවය... අපි ඒවට ගරු නොකලත්.. අඩුම ගානේ ඒවා දැනගෙන හෝ ඉන්න ඕනය කියන දේ...


බුකියේ ඉන්න සිප්පි කෑලි ඒ බව නොදන්න එක මහා දෙයක් නෙමෙයි... හැබයි මේ වගේ පොරවල් ඒවා නොදැන සිටීම ඉතාම කනගාටුදායකයි...


මම ඉන්නෙත් උඹ කියපු මතයේ...

උඹ ඒ මතයට එන්නේ මෑතකදි..

ඒක කොහොම වුනාද කියන්න මම දන්නේ නෑ..

හැබයි මම මගේ සීමාව දන්නවා...


I feel very sorry for you Machan ❤️


සේපාල් ගැන ලියූ තවත් සටහන්

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

සේපාල් හිතුවේ පවර් එක තියෙන්නේ දතේ කියලා..


ඌ දන්නේ නෑ පවර් එක තියෙන්නේ දතේ නෙමෙයිය.. 

දත රකින අධිකාරියේය කියලා...


සේපාල් නෙමෙයි, 


නිර්මාල් මෙන්ම ඕමල්පේ සෝභිත කියන පාදිලියත් මේක දන්නේ නෑ.


😁😁😁😁😁

.➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු

(සේපාල ජාතකය)

➖➖➖➖➖➖➖➖⭕➖


ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යනු.....

තමන් දරන මතය නිවැරදි මතය විය යුතුයැයි සිතමින්, අනෙකාගේ මතයට නිගරු කිරීම හා අපහාස කිරීම නොව,...


බහුතරයේ මතයට ගරු කිරීමයි...


ඩිමොක්‍රසි කියන්නේ එයයි...


අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන්නේද?


මේ පවතින වල්බූරූ නිදහසද නොවේ..

සමාජ මාධ්‍ය තුලද තත්වය එසේමය...


බුකියේ පැවති සුන්දර නිදහස නැති කරගත්තේද අප අපම මිස... වෙන කවුරුත් නොවේ...


ජීවත් වන පරිසරයේ පිලිගත් සංස්කෘති‍ය, නීතී රීතී, ආචාර ධර්ම කුඩු පට්ටම් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ...


එසේ අපහාස හා නිගරු කිරීමෙන්, හෙලා දැකීමෙන් ඔබට පොරක් විය හැක..


එහෙත් ඒ සීමිත පිරිසක් අතර පමණි..


එසේ කිරිමට ගිය වුන් පරිප්පු කෑවේ තනියමය.


ජූලියන් අසාන්ජේ හා සල්මාන් රෂ්ඩි ඊට උදාහරණයන්ය.


ලංකාවේද කීප දෙනෙක් පුපේ ටින්කිරි ගාගත්තේය....

අප ඉන්නේද සේපාල් දරන මතයේම වුවත්...


බහුතරයේ මතය එය නොවේ...


අපද මේවා විවේචනය කර ඇති මුත්..

ඒ සෝපාහාසය මත මිස අපහාසය මත නොවේ...


මිනිසුන් පරිනාමය වන්නේ මැගී නූඩ්ල්ස් මෙන් කඩිනමින් නොවේ..


එයට පරම්පරා ගනනක් ගත වේ..


චන්ඩියකු සේ චැලෙන්ජ් කරා නම්..


දැන් අනෙකාගේ චැලේන්ජ් එකටද මුහුණ දෙන්න... ඒ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි.. ඔවුන්ගේ වල්බූරූ නිදහසයි...


වඳුරන්ට දැලි පිහි දීම... 

අති භයානකය...


ඉස්ධූතී ... නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...


.