.

.

Nov 25, 2023

දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI හැකියාව, වාසනාව හා නාඩිය...

 


දෙරණ ඩ්‍රීම් ස්ටාර් Season XI

හැකියාව, වාසනාව හා නාඩිය...

➖➖➖➖➖➖➖➖➖➖➖❤️


හැකියාව කියන්නේ එකක්.. වාසනාව කියන්නේ තව එකක්.. ස්ටාර් කොලිටීස් කියන්නේ තව එකක්...

ඒ ඔක්කෝටම වඩා නාඩිය කියන්නේ තා එකක්...


නුවන්ධිකා ෆැලන් අංජලී අපූර්වා විදූෂා කියන පස් දෙනාටම මම කැමතියි... 

හැබයි.. 

ගායනයට තියෙන හැකියාව අනුව ගත්තොත්...


ෆැලන්ට වඩා ඉදිරියෙන් නුවන්ධිකා උන්නා... නුවන්ධිකා ගයපු මහමායා ගීතයම ඇති.. එයාගේ දක්ෂතාවය මැනගන්න...

ඒ වගේම අංජලීට වඩා බොහෝ ඉදිරියෙන් විදූෂයි.. අපූර්වයි දෙන්නම උන්නා...


ඒත්... ෆැලනුයි... අංජලියි දෙන්නා නාඩිය දැනගෙන උන්නා... එයාලා දෙන්නම රිස්ක් එකක් ගන්න බය වුනේ නෑ... අනික දෙන්නම කිව්වේ මිනිස්සු හෙවත් ජනතාව අතර අතිශයින් ජනප්‍රිය සරළ ගීත...


ෆැලන් ඉස්සරහට එන්නේ... සුමිහිරි පානේ.. ඔබගේ රුව වාගේමයි... වගේ අතිශයින් ජනප්‍රිය ගීත හරහා... අංජලී ඊයේ බය නැතිව අමු සිංදුව ෆයිනල් එකේ කියනවා.. එයා ඒක කලින් වටවලදි කියපු සින්දුවක්වත් නෙමෙයි...


විදූෂා සයිලන්ස්... එයාට කියන්නේ කුවේණි කියලා... මම නම් කියන්නේ යකා කියලා... ඒ වොයිස්... පිචින්... කෝඩ්ස් ගායනා... මම හිතන්නේ ක්ෂේත්‍රයේ ඉන්න එකෙක්ටවත් ගායනා කරන්න තියා හිතන්නවත් බෑ... හැබයි... ඒ වොයිස් එක අපේ උන්ට දරාගන්න බෑ.... ඒ අපේ උන් වෙස්ටර්න් මියුසික් අහන්නේ නැති නිසා.. රොක් මියුසික් ... ඔපෙරා කියන දේවල් දන්නෙවත් නැති නිසා...


අපූර්වට සෙක්සි වොයිස් එකක් තිබ්බත් ඒක හැම ශානරයටම (ජොන්‍රා) එකට ගැලපෙන්නේ නෑ... එයාගේ වොයිස් එකට ගැලපෙන සෝන්ග්ස් එයාගේ චොයිස් එකේ තිබුනෙත් නෑ... අනික එයා තරඟය සැහැල්ලුවට ගත්තා වැඩියි.. 


අංජලිගේ හස්කි වොයිස් එක බේස් පාරකුත් එක්ක එන වෙනම මියුසික් එකක්.. එයාගේ ස්ටාර් කොලිටිය හා ඇපියරන්ස් ඉහළින්ම... අංජලිත් ගේමට ආවේ මැද හරියෙදි ගයපු නන්දා මාලනිගේ ඔබයි රම්‍ය සඳ කිරණ ගීතයෙන්... එයා එතන ඉඳලා වැඩේ අල්ල ගත්තා... ජන මනස හා එයාට ඉන්න ක්‍රවුඩ් එක තේරුම් ගත්තා... මම හිතන්නේ ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක රැදිලා තියෙන්නේ කොළඹ තියෙන කොන්සර්ට් වල නෙමෙයි... බහුතරේ ඉන්න ගමේ ඉස්ටේජ් ගහලා තියන "සංගීතවල" 


අනික දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකත් විශ්වයා ඇවිත් ඒ කල්ට් එකට ගෙනිහින් තියෙන්නේ... ඒකයි ඌ ස්ටේජ් එකේ මොර දෙන්නේ... 😁.. ඌත් දන්නවා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ කොහේද කියලා... ඔය ගම්වල පොඩි කෙල්ලෝ හදාගත්ත මියුසිකල් ගෲප් දැන් පිටරට ෂෝ පවා ගහන්නේ ඒ නිසා...


අනික ඉතින් යුද්ධය විකුණගෙන කෑම අහවරෙයි කිව්වට අංජලී ඒ වැඩෙත් ලස්සනටම කළා... මයික් එක ලැබුන ගමං එයා ගැන නැතිව... ඕඩියන්ස් එක ගැන කතා කලා...  එයාගේ ගමේ කරපු වීඩියෝවත් පට්ට... 


ඊයෙත් ... නන්දා මාලනී සහ මාලනී බුලත්සිංහල අස්සේ අමු සින්දුවත් බය නැතිව ඇදලා ඇරියා.... දැන් කල්ට් එක ඒක... ඒකට කියන්නේ නාඩිය කියලා..


නාඩිය නොදැන මූඩිය කොච්චර හොඳට තද කලත් වැඩේ දෙල් වෙලා ත්‍රෙඩ්ස් කැඩිලා මූඩිය එක තැන කැරකෙන්නත් පුලුවන්... ලූස් උනොත් ලීක් වෙන්නත් පුලුවන්... මූඩිය වැහිල්ලත් කලාවක්... අනික මොන සෙල්ලම් දැම්මත් ලක් එක හෙවත් වාසනාව කියන දේ...


ෆැලන් වගේම අංජලීටත් ස්ටාර් කොලිටිය.. ටැලන්ට් එක.. වාසනාව වගේම... ජන විඥානය ගැනත් හොඳ අවබෝධයක් තිබුනා... ආන්න ඒකට තමා නාඩිය කියන්නේ...


අනික ඉතින් පළමුවත් රට... දෙවනුවත් රට... තෙවනුවත් රටමය කියලා... යුද්ධය විකුණගෙන කාලා ඉවරයි කිව්වට... අවසන් තරඟයෙත් මූනිස්සම් සුවඳ ගලාගෙන ගිය බවකුත් පැහැදිලිව පේන්න තිබුනා....

.

Nov 24, 2023

පිලිකාවෙන් බය කර දෙළුම් වලින් ගසා කෑම




 පිලිකාවෙන් බය කර

දෙළුම් වලින් ගසා කෑම

➖➖➖➖➖▪️💀▪️▪️


පිළිකාව කියන්නේ සුව කරන්න බැරි රෝගයක් කියලා කියන්නේ... ඉතින් කැන්සර් එකක් හැඳුන ගමන් රෝගියා මෙන්ම ඒ මුළු පවුලම මානසිකව කඩාගෙන වැටෙනවා..  පිලිකා කියන නමටත් බයයි... ඒක නෙ මහරගම කැන්සර් හොස්පිටල් එක අපේක්ෂා රෝහල වෙන්නේ...


කැන්සර් වලට තියෙන බෙහෙත් හා ප්‍රතිකාර ක්‍රම මිළෙන් ඉතා අධිකයි... මිනිස්සු ඉඩ කඩම් විකුණලා... හිඟමනට වැටිලා හරි රෝගියා සුව කර ගන්න බලන්නේ...


ඉතින් දෙළුම් නෙමේ... ඒකට රත්තරන් දියකරලා බොන එක හොඳයි කිව්වත් මිනිස්සු හිඟාකාලා හරි තමන්ගේ රෝගියාට ගෝල්ඩ් ජූස් පොවනවා...


ඒ වගේ වෙලාවක... ධම්මික පැණි බොන... පිරිත් පැන් බොන.. මුට්ටි ගඟේ දාන... නයි වන්දනා කරන පාලකයෝ ඉන්න රටක... ජනතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ... උන්ට කින්ඩි දාන උන් අනික් පැත්තට... කුරුස කරේ තියාගෙන ගියාට කිසි අවුලක් නෑ... 


ඒත් සමහර පිලිකා නිට්ටාවටම සුව කරන දේශීය ක්‍රම වගේම බටහිර වෛද්‍ය ක්‍රමත් අනන්ත තිබියදී... ඒක පෙන්නලා බය කරලා... මිනිස්සුන්ගෙන් මිලේච්ඡ විදියට හම්බ කරගෙන කන උන්... ඒ සාපයන්ගෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ස්වභාවධර්මයෙන් විසඳලා දෙයි... මොකෝ ඒ නීතිය සියලු නීතී රීතී වලට වඩා බලවත්..


ඇයි මේක මිලේච්ඡ වෙළඳාමක් කියන්නේ...

එකක් තමා මේකට ශුද්ධ කියන වචනය දැමීම... එතකොට මිනිස්සු හිතන්නේ මේක දේව ආශීර්වාදය ලද පැණියක් කියලා... නැත්නම් පිරිත් පැන් වගේ කියලා...


මේකේ මිලි ලීටර් 40 කුප්පියක් මුන් විකුනන්නේ රුපියල් 2500 කට... ඒත් දෙළුම් යුෂ ලීටර් 1 සහ ලීටර් 1 1/2 ළොකු බෝතලයක් ලංකාවේ සුපර් මාර්කට් එකකින් රුපියල් 2000/= කට අඩුවෙන් ගන්න පුළුවන්... එතකොට මේ කුප්පිය බොන්න වියදම් කරන ගානෙන් කුප්පි 25 - 30 කට එහා බොන්න පුළුවන්...


ඉතින් දෙළුම් ජූස් බොන්නම ඕන නම්..

ඒක බිව්වම පිලිකා සනීප වේය කියලා හිතනවා නම්... ලෙඩෙක්ට ඒක දෙන්නම ඕන නම්... දෙසරයක් කල්පනා කරලා බලලා බොන්න... දෙන්න... 

මොකෝ වැඩිපුර බිව්වාම ගුණෙත් වැඩියි... වැඩිපුර දුන්නාම පිනත් වැඩියි....


මට 1000% ක් ෂුවර් මේක අර ළොකු බෝතල් වලින් කුප්පි පුරවලා කරන ගසා කෑමක් කියලා...


පොල් තෙල් කුප්පි සැවන්දරා මුල් එක්ක සුද්දන්ට රුපියල් 10,000/= ට 15,000/= ට දීලා උන් අන්දන උන්ට... අපේ රටේ පශු සම්පත මේ වගේ ඒවයෙන් ඇන්දීම කජු කනවටත් වඩා ඊසී ගේම්.. .


ගෞරවයෙන් බුදු සරණයි...

ආ.... මේන්...!!!


.

Nov 22, 2023

2024 බජට් එක ගැන මාතලන්ගේ සත පහ.....

 



2024 බජට් එක ගැන

මාතලන්ගේ සත පහ.....

➖➖➖➖➖➖🔴➖▪️


බොහෝ දෙනෙක් බලාගෙන උන්නේ 2023 රටයි ආන්ඩුවයි ඉවරයි කියලා... මිනිස්සුන්ට කන්න නැති වෙනවා කිව්වා... ආයේ පෝලිම් එනවා කිව්වා... එල් නිනෝ ඇවිත් කන්න බොන්න නැති වෙලා සාගතයක් එනවා කිව්වා... වී අස්වැන්න ඉවරයි කිව්වා.. ආයේ ලයිට් නෙමේ වතුරත් නැති වෙයි කිව්වා... IMF  දෙවනි වාරිකය ලැබෙන්නේ නෑ කිව්වා...


ඒත් ලෝකයටම බලපාන යුද්ධ දෙකක් යූක්‍රේනයේ හා ඊශ්‍රායලයේ පවතිද්දි 75% කට ගිය උද්ධමනය තනි ඉලක්කමකට ගෙනත් බඩු මිළ ඉහළ යාම පාලනය වෙලා තියෙනවා.... 


වෙළඳ මාෆියාවන් වෙච්චි හාල් මාෆියාවට හා බිත්තර මාෆියාවටත් ඉස්සර දාපූ සෙල්ලම් දැන් දාන්න බෑ... පිටරටින් ගෙනත් හරි මහජනතාවට දැරිය හැකි මිළකට ඒවා ලබා දීමෙන් මෙහේ පාරිභෝගිය හූරගෙන කාපූ දේත් නැවතිලා මාෆියාවල මිළත් දැන් අඩුවෙලා තියෙනවා... 


මාෆියා ගැන කියපු නිසා ක්‍රිකට් මාෆියාව ගැනත් ජනාධිපති තුමා මේ දවස්වල අවධානය යොමු කරලා තියෙන්නේ... අපි කලබල වුනාට.. එයා ඒකට පිවිසෙන්නේ නීත්‍යානූකූලව .. නියමිත ක්‍රියාපටිපාටිය අනුව...


ජනාධිපති තුමා කිව්වා වගේ මේ විසඳුම් හැර වෙන විසඳුම් තියෙනවා නම් ඒවා බය නැතිව කියන්න ඕන...  ඔය මිනිරන් වලින් ග්‍රැෆයිට් හදනවා වගේ... රාජපක්ෂලා හොරා කාපුවා අරගෙන රට ගොඩ දානවා වගේ... ඉතා වටිනා යෝජනා....


හොඳටම පැහැදිලියි රනිල් හා IMF ගෙනෙන්ස්  විසඳුම් හා යෝජනා හැර .... වෙනත් විසඳුම් ඇත්තේ නැති බව... රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්නෙයි කියලා නහින්න ගිය උන්.... දැන් ඒක වැඩි කලාමත් බනිනවා.. ඔහොම බනින්න ගියොත් ජනාධිපති තුමා ඕක නොදී ඉන්නත් බැරි නෑ 😜.... ඔය කෑ ගැහුවට රාජ්‍ය වැටුප් වලට වැය වෙන්නේ රාජ්‍ය වියදමෙන් 15% වගේ ප්‍රතිශතයක්... හැබයි ඉතින් ඔය මූසල හැත්තට පඩි වැඩි කළ නිසා උන්නැහේ ජනාධිපති කරන්න ඕකුන් උන්නැහේට චන්දට දෙයි කියලා හිතනවා නම් උන්නැහේ හරි පව්...


කොළඹ වරාය ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය වගේම... මධ්‍යම අධිවේගී මාර්ගයත් චීන ආධාර යටතේ නැවත ආරම්බ කිරීමට ගෙනා යෝජනා ඉතා හොඳ දෙයක්.. 


දැවැන්ත පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම නැතිව රටක් ගොඩගන්න බැහැ. අපි අපේ වරායන් ඉන්දියාවට ප්‍රතිඅපනයන් සිඳු කරන ප්‍රධාන වරායන් ලෙස තව තවත් සංවර්ධනය කළ යුතුයි. ඉන්දියාව තමා ලෝක ජනගහනය වැඩිම රට... ඉතින් අනිවාර්‍යයෙන් ඒ ආනයන අපනයන වෙළදාමට අපට කරන්න පුලුවන්.... එකම මැදිහත් වීම තමා ... අපේ නාවුක හා වරාය පහසුකම් ඔවුන්ට සැපයීම...


ඒ වගේම මාතලන් දැක්ක හොඳ දෙයක් තමා රටේ දියුණුවට විශාල බාදාවක් වෙන යල් පැනපු නීතී රීති අන පනත් වෙනස් කරන්න ගෙනා ඉතා වැදගත් යෝජනාව... ඒ යටතේ නව නීතී ලෙස..


▪️නව ආයෝජන නීතිය

▪️රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත් කෙටුම්පත 

▪️රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව නීතිය

▪️රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය

▪️රාජ්‍ය සේවා රැකියා නියුක්ති පනත් කෙටුම්පත

▪️▪බදු දීම් පනත් කෙටුම්පත මත ලබා දී ඇති පරිශ්‍ර වල සන්තකය ආපසු ලබා ගැනිම

▪️වර්තමානයට ගැලපෙන යාවත්කාලීන සහ ඒකාබද්ධ කම්කරු නීතියක් පැනවීම (පේනවනේ අද හයිවේ එකේ උන් කරපු වර්ජනය) 


ඒ වගේම...

නීතී ප්‍රතිසංස්කරණ ලෙස ගෙන ඒමට නියමිත


▪️සුරාබදු ආඥා පනත සංශෝධනය 

▪️මුදල් පනත සංශෝධනය 

▪️විදේශ විනිමය පනත සංශෝධනය 

▪️බැංකුකරණ පනත සංශෝධනය 


මම නම් හිතන්නේ අයවැය යෝජනා ලෙස ගෙන ආ මේ ටික කලත් ඇති ආන්ඩුවක් ලෙස... මොකද... මේ රජය  නෙමේ වෙන කවුරු බලයට ආවත්... මේ නීතී රීතී වෙනස් නොකර මේ රට ගොඩගන්න බැරි නිසා...


අද අපි හැම තැනකදීම හිරවෙන්නේ... රට ඉදිරියට ගෙනියන්න බැරි... යල් පැනපු ගල් යුගයේ මේ නීතී රීතිත් එක්ක... ආර්ථික සංවර්ධනය නෙමේ... රටේ නම්බුව නොකන ක්‍රිකට් ටීම් එකක්වත් හදාගන්න බැරි මේ නිසා...


▪️මෙය එජාපය හා පොහොට්ටුව විසින් මාතලන් මහතාට මුදල් ගෙවා සකස් කළ ලියවිල්ලක් බව කරුණාවෙන් සලකන්න.


.

Nov 18, 2023

රහස් කියන කඳු... මාතලන්ගේ චිත්‍රපට විකාරය

 



රහස් කියන කඳු...

මාතලන්ගේ චිත්‍රපට විකාරය

➖➖➖➖➖➖➖➖➖💀➖


ජගත් මණුවර්ණගේ රහස් කියන කන්ද බලන්නට ගියෙමි... ඊට හේතු කීපයක්ම තිබින.. එකක්... ජගත් මා ඉතා ප්‍රිය කරන අති දක්ෂ රංගධරයෙකු වීමය..  එමෙන්ම ඔහුගේ අධ්‍යක්ෂණයක් වූ "කොඩි ගහ යට" ටෙලියෙන් ඔහු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයකු බව මා මෙන්ම බොහෝ දෙනාද පිලිගන්නා කරුණක් වීමය.


චිත්‍රපටය කලබලේ බලන්නට යාමට තවත් හේතුවක් වූයේ... බුකියේ හිතවතුන් චිත්‍රපටය නරඹා බුකියේ තැබූ ප්‍රසස්ති ගායනාය. එහෙත් ඒ සියල්ලම... ස්වයං මෝහනයට පත්ව ගිනිකන වැටී ලැබූ ස්වයං වින්දනයන්ම පමණක් බව උන්ගේ සිත් උන්ටම කියනවා ඇත. 


නමුත්... චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට වසර හයක් තුල... ජගත් අධ්‍යක්ෂනයෙන් බොහෝ පරිනත වී ඇති බව නොකියන්නේ නම්... මාතලන් අමු කුහකයකු වන්නේය. ඒ කොඩි ගහ යටදීය.


මෙවන් ප්‍රසස්ති ගායනා තුලින් කෙලවෙන්නේ වෙන කාටවත් නොව.. ජගත් මනුවර්ණටමය. ජගත් වුවත් මේ නිර්මාණය යලිත් කරන්නේ නම්... මිට වඩා සිනමාත්මක නිර්මාණයක් කිරීමට හැකියාව තිබූ බව පිලිගන්නවා ඇතිය.


මා චිත්‍රපටය නරඹන අතරේත් කල්පනා කළේ.... මනුවර්ණ හිතවාදීන් හෙවත් මනුවර්ණ ෆෑන් ක්ලබ් එක මෙසේ ප්‍රසස්ති ගැයූවේ ඇයිදැයි කියාය. 


ඊට හේතුවක් තිබේ. චිත්‍රපටයේ ප්‍රස්තුතය වන 88/89 ජවිපේ ත්‍රස්තවාදයේ දෙවන කැරැල්ල පැවති සමයේ මණුවර්ණ හා මණුවර්ණගේ යාලුවෝ එක්කෝ කුඩා දරුවෝය. නැතිනම් අප්පාගේ වෘෂණ කෝෂයේ සිටිය විප්ලවවාදියෝය. කිහිප දෙනෙක් කැරැල්ලෙන් බේරුන ත්‍රස්තවාදියෝය. ඒ අපගේ හැදින්වීමයි.


එහෙත් ඔවුන් එය හඳුන්වනේ... තාරුණ්‍යට එරෙහිව රාජ්‍ය විසින් මුදාහල භීෂණය ලෙසයි. ඇත්ත කතාවා නම්... ජවිපේ ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය රාජ්‍ය ත්‍රස්තවාදය... චිත්‍රපටයේ පෙන්වන රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා බිහිසුණු හා මිලේච්ඡ වූ බවය. 


නමුත් එය පසුව සාමාන්‍යකරණයට පත් වූයේ ජවිපේ භීෂණයට ඊට දෙවනි නොවූ නිසාමය. 

චිත්‍රපටයේ ප්‍රස්තුතය ලෙස ගෙන එන්නේ මේ සමස්තය නොව, එසමයෙහි ජවිපේ හැර අනෙක් සියළුම පක්ෂවල දේශපාලුවන් හා ඔවුන්ගේ මැරයන් විසින් පවත්වාගෙන ගිය, පූර්ණ රාජ්‍ය අනුග්‍රගය ලද... ප්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු යන නම් වලින් හැඳින්වූ කණ්ඩායමක් ගැනය...මේවා මෙසේ බිහි වීමට හේතු අනන්තවත් තිබුනද... මේ ඒවා ගැන කතා කළ යුතු තැන නොවේ.


ඒ භීෂණය ගැන අනන්ත අත්දැකීම් ඇති අපේ පරපුරට... චිත්‍රපටයේ භීෂණ දර්ශණයන් රාශියක් තුල... හද ගැස්මක් ඇති කරනුයේ මේසයක් මතට අත් හරිනු ලබන.. තරුණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුරේ රූප රාමුව පමණි.


සංගිතයෙන් මේ තුල විශාල දෙයක් කිරීමට බොහෝ ඉඩ තිබුනද... එහි සංගීතයක් තිබුනාදවත් මතකයක් ඇත්තේ නැතිය. ඛේමදාසයන් නොමැති සිනමාව ගැන දුක සිතෙන්නේ මෙවිටය.


මෙහි හොඳ නළුවෝ සිටියද... ඒ නළුවන්ට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. සිල්වා මහත්තයා හෙවත් සරත් කොතලාවල විකට චරිතයකට පන පොවන අතර... ඔහු අපව සිනහ ගැන්වීමට සමත් වූ බව නොකියන්නේ නම්... එය ඔහුගේ රංඟන කෞෂල්‍යයට කරනා අසාධාරනයකි.


මෙහි රඟපෑමක් ඉදිරිපත් කරන්නේ සිල්වා මහත්තයාගේත් සර් ලෙස රඟන... ප්‍රියන්ත සිරිකුමාර පමණි.


අපේ හිතවත් Laka Darmarathna සඕදරයා රංඟනය ආධුනික නලුවකු ලෙස සෑහෙන තත්වයක ඇති අතර... නැගී එන නළුවාට හිමි සම්මාණය ඔහුට ලැබේවායි මම පතමි.


ජගාගේ තුවාලයට මැහුම් දාන්න මීට වඩා සෙක්සි කෑල්ලක් මීට වසර හයකට පෙර සිනමාවේ හෝ කරෝකේ බාර් එකකවත්  නොසිටින්නට ඇතැයි යන සිතිවිල්ලෙන් ඒ විචාරයෙන් ඉවත් වී සිටිනා අතර..


කලා අධ්‍යක්ෂකට මීට වඩා ඉරොටික් පෑන්ටියක් හා බෙසියරයක් සොයා ගැනීමට නොහැකි වීම ගැනත් ඉතා තදබල කනගාටුවක්ද අත්තේය.


ඒ දර්ශනය මෙන්ම සමස්ත චිත්‍රපටයේම කමරා ඈන්ගල්ස් මීට වඩා කලාත්මකව කිරීමට නොහැකි වීම... කැමරාවේ දුර්වලතාවයක්ද කැමරාකරුගේ අඩුපාඩුවක්ද යන්න හරියටම කියන්න දන්නේ නැති වීම මගේ අඩුපාඩුවකි.


කෙසේ හෝ යලිත් විප්ලවයක් තුලින් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව අනුර කුමාරයා බලයට එන තෙක් සිටිනා රසික කැල වෙත.. ඊට පෙර.. තම නිර්මාණය තුල ගෙන එන... රියැලටි ලෝකයේ සිඳු නොවූ... අභව්‍ය සිඳුවීම් කීපයක් ඔබ්බවා කිති කැවීමෙන්... ඔවුන්ගේ ශුක්‍රාණු හා ඩිම්බ ඉබේ පහවන පරමෝත්කර්ෂීය සුරතාන්තයකයට  ගෙන ඒමට සමත් වීම අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයකි.


ඒ අභව්‍ය සිඳුවීම් මෙසේය....


▪️පැනයන ජගත් මනුවර්ණ නැවතත් හමුවූවද ඔහුට වෙඩි නොතැබීම...

▪️මැරයන් දෙදෙනා අතර ඇතිවන බොරු වලි....

▪️ඒ දෙදෙනාට එකිනෙකා ලවා පෝරියල් දීම..

▪️ඉන් එකෙකු අතින් ජෝකර් මැරයා මියයාම..

▪️ඒ මිනිය පාරේ අයිනක දමා යාම...


ඉතින් ලැම්බෝගිනියක් ඉල්ලලා අඬපු... සජියට පොල්ලකින් පත බාන්න ගිය... දැන් ජෙප්පන්ගේ වේදිකාවේ රංඟනයේ යෙදෙන ජගාගේ සෙප්පඩවිජ්ජා වලින්... අර 88/89 චූටී බබාලා ඕසෙට ෆෝම් වෙලා හුරේ දාන එක අහන්නත් දෙයක්ද ආයිබන්ඩ...


කෙසේ වෙතත් අවසානයේ කිව යුත්තේ... ජගාගේ සෝ එක ඔය කියන තරමේ මහා සිනමාත්මක නිර්මාණයක් නොවුනාට... අප්පිරියාවක් නැතිව  බලාගෙන ඉන්න පුලුවන් එකක් කියලාය..


.

Nov 17, 2023

කෝලිට සචින්ගේ රැකෝඩ් එක කඩන්න පුලුවන් වෙයිද?

 



කෝලිට සචින්ගේ රැකෝඩ් එක

කඩන්න පුලුවන් වෙයිද?

➖➖➖➖➖➖➖➖👍▪️


සචින් ටෙන්ඩුල්කාර්ට ජාත්‍යන්තර ශතක 100 ක් ගහන්න... අවුරුදු වසර 24 ක් සහ ෆෝමැට් තුන හරහා ජාත්‍යන්තර තරඟ 664 ක් සෙල්ලම් කරලා තියෙනවා.


විරාත් කෝලි අවුරුදු 15ක් සෙල්ලම් කරලා... ෆෝමැට් තුනේම ශතක 80 ක් දැනට ගහලා තියෙනවා. ඒ ජාත්‍යන්තර තරඟ 517 ක් බැට් කරලා.


හැබයි ඒ අතරේ ඕවර 50 හේ තරඟ වල සචින් තියපු රෙකෝඩ් එක... ඊයේ පෙරේදා තිබ්බ වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් මැච් එකේදි බ්‍රේක් කරලා ලෝක වාර්ථාවක් තිබ්බා...


එතකොට සචින්ගේ ශතක 100 යේ රැකෝඩ් එක කඩන්න නම්... සාමාන්‍ය ගණිතය අනුව... ආසන්න වශයෙන් ගත්තොත්... කෝලිට තව අවුරුදු හතරක් ඇතුලත තරඟ 80 කට විතර ප්ලේ කරන්න වෙනවා.


ඒ ලෝකය සාමාන්‍ය තත්වයේ පැවතියොත්.


හැබයි දැන් කෝලිට වයස 35 ක්.. ඉන්දියාවේ සුපිරි බැට්ස්මන්ලා බංකුවේ ඉඳන් කෝලිට වතුර අදිනවා.. සමහර උන් එලියේ.. ඒ නිසා සචින්ට තිබුන අභියෝග නොමැති පරිසරය කෝලිට නෑ.. 


හැබයි ඉන්දියාව මේ වගේ රැකෝඩ් වලට පට්ට මනාප නිසා... කෝලී රැකෝඩ් එක කඩනකන් ඉන්නත් පුලුවන්.. ඒ අවස්ථාව ඉන්දියාව සචින්ට නම් දුන්නා.


ඒ සියල්ල තීරණය වෙන්නේ... කෝලිගේ සහ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ තීරණ මත...


මම නම් හිතන්නේ කෝලිට ඒ රැකෝඩ් එක කඩන්න තියෙන චාන්සස් අඩුයි කියලා... 

අපි බලමු...

.

Nov 16, 2023

කිසිම හෝප් එකක් තැබිය නොහැකි කෝප් සභාපති... ෂටප් බන්ඩාර

 



කිසිම හෝප් එකක් තැබිය නොහැකි 

කෝප් සභාපති... ෂටප් බන්ඩාර

➖➖➖➖➖➖➖➖➖➖🔴➖


දේශපාලනයේ සැඟවුන රහස් දන්නේ ඉතාමත් සුළු පිරිසකිය... පාර්ලිමේන්තුවේ සිටිනා බොහෝ අය පවා නායකත්වයේ හා පක්ෂයේ ඉහළ මට්ටමේ අයගේ රහස් දන්නේ නැතිය... දැනගත්තද, නොදන්නා සේ සිටීන්නේය.. ඒ... තමන්ටද කිසියම් වාසියක් ලබා ගැන්මටය...


මේ රට බංකොලොත් කිරීමට වගකිව යුත්තේ රාජපක්ෂවරුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. මතුපිටින් ගතහොත් එය 100% නිවැරදි තීන්දුවක්ම වනවාය. රාජපක්ෂලා මේ රට තම බූදලය සේ සිතා පිස්සු කෙලින්න පටන් ගන්නේ යුධ ජයග්‍රහණයෙන් පස්සේය. 


ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ මාෆියා කල්ලිය වුවත්, වගකීම ගන්නට ඕනා මහින්ද රාජපක්ෂමය. ඒ... ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වන නිසාවෙන් මෙන්ම, ඇකරිකාවේ උන් බැසිල් හා ඝෝඨා ආනයනය කොට බලගතු තනතුරු පිරිනැමු පුද්ගලයා නිසාය.


බැසිල් මාෆියාවේ මහ මොළකරු වන්නේ මේ මොහොතේ රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී ඇති... මහාචාර්‍ය ෂටප් රංජිත් බණ්ඩාරමය. රංජිත් බන්ඩාර කියන්නේ... ෂම්මි සිල්වාටත් වඩා කම්බා හොරෙකි. ඩීල් කාරයෙකි.


ජෙප්පො දේශපාලුවන් හා ව්‍යාපාරකයින් හා ඩීල් දමන්නේ යම් සේද, ෂටප් බන්ඩාර කරන්නේද එයමය. බැසිල්ට ටෙන් පර්සන්ට් ලෙස නමක් පටබැදෙන්නේ නිකන් නෙවේය. මේවා ප්‍රසිද්ධ රහස්‍මය.


සාමාන්‍ය මැද පන්තියේ පවුල් වූ රාජපක්ෂලා... ෂටප් බන්ඩාරලා මෙන්ම... ෂම්මි සිල්වලාද මහා ධන කුවේරයන් වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුමය.. මෙතෙක් කාළයකට...ඒවා කිසි දිනෙක සිඳු නොවනා දේ පෙනී ගියත්...


ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහගේ විශේෂ පාර්ලිමේන්තු ප්‍රකාෂය තුලින් කුඩු වෙන්නම ගැහුවේ.... ඒ මාෆියාවටය. සහායට ඩැනී ලෙස ඉන්නේ සජිත් ප්‍රමුඛ... සජිත් ජලනි බලවේගයය. සුපිරි ඩීල් කරුවෝ වන ජෙප්පෝ මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුද ඉන්නේ හොරුත් සමඟ හෙලිවැල්ලෙන්‍ය. ඒ බව කෝප් කමිටුවේදී අපූරුවට හෙලි වුනේය.


කුමන හෝ හේතුවක් මත... සජිත් ප්‍රේමදාස ගේම අතාරින්නේ නැති එක ජනතාවගේ වාසනාවක් වුවද... කතානායකවරයා එය මගහැරීමට කටයුතු කිරීම... ලැජ්ජා සගගතය. මොකෝ මෙහි කෙලවරටම ගිය විට... බොහෝ අයගේ රෙදි සියල්ලම ගැලවී යන නිසාමය. බොහෝ පිරිසක් ෂම්මිගෙන් ඇති වෙන්නම කාලා තියෙනවාය. ෂම්මිට ලෙඩේ අදින්නට බය... ෂම්මි සිල්වා ඒවා එලියට දැම්මොත් උන්ගේ රෙදි ගැලවෙන නිසාමය.


ෂටප් බන්ඩාර හා ක්‍රිකට් මාෆියාව අතර වූ ගණුදෙනු හා සහ සම්බන්ධතාවයන් සියල්ල හෙලි වී... පොරගේ ටයි  කෝට් නොව... ජොකාත් ගැලවී අවසානය. ඒවා නැතෙයි කියන්නට බුවාට කිසිසේත් නොහැකිය. විපක්ෂයේ උන් නොව ආන්ඩු පක්ෂයේ උන්ද කියන්නේ බැසිල්ගේ න්‍යායාචාර්වරයා හෙවත් ෂටප් බන්ඩාර කොප් කමිටුවෙන් ඉවත් කර දාන්නෙයි කියලාය..


මීට ප්‍රධානම හේතුව... කසිප්පු බන්ඩාර ඊයේ පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ කෝප් කමුටුවේ සභාපති ලෙස හිඳිමින්... ඊට සහභාගී වන උන් හා ඩීල් දමාගෙන උන්ගෙන් ගාන කඩා ගන්නා බවය. මේවා... කිසි සේත් විය නොහැකි දේවල් ලෙස අපට නම් පෙනෙන්නේ නැතිය.


ඒවා සොයා බලනා එක රටේ මහ එකා වන විධායක ජනාධිපතිවරයාගේ හා කතානායකවරයාගේ වගකීම්‍ය.. මෙවන් උන්දැලා හා ගෙනයන පාර්ලිමේන්තු කමිටු... අර රොෂාන් රණසිංහ කිව්වා මෙන්ම... අළුත්කඩේ 301 කාමරේ අහනා නඩු වගේම එව්වා මිස... වෙන මක්කාවත් නෙවේය...


රටේ සිඳුවන දූෂිත වංචා.. හොරකම්... අපචාර.. සොයන්න දාලා ඉන්නේ... එලිපිට චෝදනා ඔප්පු වී ඇති මෙවන් කම්බා හොරු හා ඩීල් කාරයන් සමඟ නම්... 


ඒ රටට ගෞරවයෙන් බුදු සරණයි කියා මේ පල් හෑල්ල නවතා දමනවාය....


.

Nov 15, 2023

අපේ ක්‍රිකට් මළගම අතරේ පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

 


අපේ ක්‍රිකට් මළගම අතරේ

පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

➖➖➖➖➖➖➖➖➖❤️➖


ඉස්සරම වර්ල්ඩ් කප් වල ඕවර්ස් 60 ක් තිබුනා...

පස්සෙ තමා ඕවර් 50 ට ආවේ...

ඒත් ඉස්සර ටාගට් එක තිබ්බේ... ඕවර්ස් 25 දී විතර ටීම් එකම ලකුණු 100 ක් ගගන එක...

ඊට පස්සෙ ඕවර් 50 ටම ගැහුවේ... ඇවරේජ් 250 ක් වගේ... ඒවා මහා ඕලාරික ගේම් ..  ඒත් බලනවා... ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලම බලනවා...


ඊට පස්සේ එනවා ෆීල්‍ඩ් රිස්ට්‍රික්ෂන් රූල්ස්... ඒ කියන්නේ මුල් ඕවර් හා අවසාන ඕවර් ප්‍රමාණයකදි..  මීටර් 30 ඇතුලේ හා ඉන් පිට පන්දු රකින ක්‍රීඩක ප්‍රමාණයේ සීමාවන්... ඒක ගේන්නෙම... ටෙස්‍ට් මැච් වගේම මෙලෝ රහක් නැතිව ගියපු ඔවර්ස් මැච් වලට  ත්‍රිල් එකක් ගේන්න..


ඒත් ටීම් ඔක්කොම ගැහුවේ අර විදියටම අර ස්කෝර් එකම තමා...


ඔය අස්සේ තමා... අපේ අරාගේ අයිඩියා එකකට.... සනයි කළුයි ඕපනින්ග් එවන්නේ... උන් දෙන්නා ෆිෆ්ටි ඕවර් ගේම්ස් ඉතිහාසය වෙනස් කලත්... ආයෙත් ස්කෝර් එක වුනේ අර ගානම තමා... මොකෝ ෆීල්ඩ් රිස්ට්‍රික්ෂන්ස් නැති අතරේ ස්පිනර්ස්ලා නැත්නම් දඟ පන්දු යවන්නන්ගේ ඕවර්ස් වලට ආයෙත් තට්ටු දදා පරණ ක්‍රමයටම ගහපු නිසා...


ඒත් දැන් ඕවර 50 තරඟ ඊට වඩා සෑහෙන වෙනස්... ඒක පට්ට ත්‍රිලින්ග් එන්ටර්ටේන්මන්ට් එකක්... දැන් ටාගට් එක ළකුණු 300... දැන් ඒකත් කඩාගෙන කුඩු කරගෙන ලකුණු 400 ට ඇවිල්ලා තියෙනවා... ඒක පට්ට... එකම ටීම් එකේ උන් සෙන්චරි දෙකකුත් දානවා...


මේ සියල්ල සිඳු වුනේ 20 - 20 හෙවත් .. ටුවෙන්ටි ටුවෙන්ට් මැච් පිස්සුවක් හදපු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් සහ ඉන්දියාවේ IPL...


හරියට ක්‍රිකට් ගහන රටවල මේ ශානර තුනට... ඒ කියන්නේ... ටෙස්‍ට්... ඕවර 50 සහ 20-20 ට වෙන වෙනම ස්පෙෂලයිස් ක්‍රීඩකයෝ ඉන්නවා... ටීම් තුනක් ඉන්නවා... සුපිරි වැඩ්ඩෝ... ඔක්කොම මැනේජ් කරගෙන හැම මැච් එකම ගගනවා...


අනිත් ටීම් වල ලෙජන්ඩ්ස්ලා බංකුවේ ඉඳගෙන වතුර අදිද්දී... ප්ලේස් එකක්වත් නැතුව ප්‍රේක්ෂකයෝ අස්සේ ඉඳගෙන මැච් නරඹද්දී... අපේ උන්ට ලකුණු 50 ක් ගහගන්න බෑ... උන් දන්නේ බඩු ගහන්නයි... කයිවාරු ගගන්නයි... හොරා කන්නයි විතරයි...


ඉතින් අඩු ගානේ හොඳ ටෙස්ට් ඉනිමක් ප්ලේ කරන්න බැරි... ඕවර් 50 තරඟයකදි 200 ක් ගහන්න බැරි අපේ උන්... ඕවයෙන් ඉබේම හැලිලා යයි.... 20-20 ඒවා ගැන විතරයි පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්...


ඒත් ඉතින් ඒකට හොරු ටික එලවලා තහනම අයින් කරගන්න එපෑය.. 


අනිච්චා වත සංඛාරා

උප්පාද වය ධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති

තෙසං වුපසමො සුඛො....

.

Nov 11, 2023

කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+)

 


කෝක් ෂේකින්ග් එක්ස්පීරියන්ස් (18+)

(වැඩිහිටියන්ට පමණයි)

➖➖➖➖➖➖➖⭕➖


ඔන්න කොල්ලෙක්ට ගමේ ඉන්න ලස්සනම කෙල්ල සෙට් වුනා... දැන් ජෙනරේෂන් එක ඉස්සර වගේ නෙමේ නේ... කොල්ලා කෙලින්ම කෙල්ල වන් ගෝල්ෆේස් එක්කගෙන ගිහින්... නෙළුම් කුළුණ පෙන්නන්න රූම් එකකට ඉස්සුවා... හැබයි මේ කෙල්ලගෙ ෆර්ස්ට් ටයිම්... 


කොල්ලා.... එහෙන් මෙහෙන් අත පත ගාලා... කිස් කරලා.... උගේ වස්තර ටිකත් ගලවලා දාලා...කෙල්ලගෙ ගවුම අස්සේ අත දාලා... ආලෙන් වෙලා ගන්න කෝලම් කලා... ඒ ගමන්ම...  කෙල්ල පැන්න අහකට....


අයියෝ බෑ බෑ... ඕක නැති වුනොත් ඔක්කොම ඉවරයි... අපේ ආච්චි කියලා තියෙන්නේ මූණේ දැලි ගාගත්තත්... පූසා පරිස්සෙමෙන් ආදරෙන් හදා ගනින් කියලා... ඒක නම් කීයටවත් බෑ.....


එහෙනම් පොප්සිකල් කමු....


ඈක්කා.... මට බෑ ඔය මළ ජරාව කටේ දාගන්න... ඊයා ඒකේ කැත...


අරූ දැන් අයියෝ සල්ලී කියලා හිතේ අමාරුවෙන්....  නතින්ග් බට් ට්‍රයින්ග් කියලා අවසාන ගේමත් ගැගුවා... 


එහෙනම් අතේ මහන එකවත් කරමුද බබා....


ඒ මොකක්ද ඒ... මං දන්නේ නෑ අනේ ඕවා... ඒක කොහොමද කරන්නේ....


ඔයා දන්නවනේ අර කෝක් බෝතලේ ඇරලා.... මාපටැගිල්ලෙන් බෝතලේ කට වහලා.... හොල්ලලා හොල්ලලා... ස්ප්‍රේ කරන්නේ... ආන් ඒ වගේ රන්දික හොල්ලන්නයි තියෙන්නේ...


කෙල්ල කොකා කෝලා බෝතලේ ෂේක් කරන්න අරගෙන ටික වෙලාවකින්.... අරූට හීන් දාඩිය දාලා...  නහයෙන් හොටු ඇවිත්... කන් පාත් වෙලා.. ඇස් උඩ ගිහින්... කඳුළු ගලලා...  කට ඇරිලා...  මූණ උඩ ගිහින්... ඌට කෑ ගැහුනා....


ඇයි අනේ.... කලන්තේ දාන්නද යන්නේ...


කලන්තේ නෙමෙයි යකෝ... 

මාපටැඟිල්ල ගනින් අහකට....


▪️හුදී ජන පාන් සංවේගය උදෙසා.... සුද්දන්ගේ එකක් මගේ එකක් වගේ අනුවර්තනය කොට ලියා පලකලේ ... මහාචාර්ය මාතලන් වන මා විසින්....

.

Nov 10, 2023

හොරුන් හා දූෂිත ආයතන නඩත්තු කිරීම නවතන්නේ කවදාද?

 


හොරුන් හා දූෂිත ආයතන 
නඩත්තු කිරීම නවතන්නේ කවදාද?
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

⭕ වසර පහකට ක්‍රිකට් තහනම් කර ඇති කතාව පට්ටපල් බොරුවකි.

⭕ තාවකාලික  ක්‍රිකට් තහනම ගැන අඬන සියල්ලෝ, මේ රටේ හොරකම දූෂණ හා වංචා දිගටම පවත්වාගෙන යා යුතු යැයි සහතික කරන්නෝය.

⭕ ඔවුන්ගේ මතය වන්නේ රාජපක්ෂලා හැර අනෙක් ඕනෑම එකෙක් හිතේ හැටියට මහ දවාලේ වුවත් හොරකම් කිරීමට අවසර ලබා දිය යුතු බවය.

⭕ තාවකාලික තහනමක් පනවා සස්පැන්ඩරයක් අන්දවා ඇත්තේ, හොර ෂම්මි කළ ඉල්ලීමකටය.

⭕ එහි හේතු ලෙස දක්වා ඇත්තේ ආන්ඩුව ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසනා බවකි.

⭕ එහෙත් ඇත්ත එය නොව,සිඳුවූයේ ක්‍රිකට් හොර ගුහාවක් බව පාර්ලිමේන්තුවේ ඒකඡන්දයෙන් සම්මත කරන ලද යෝජනාවක් ගෙන  ඒම පමණි.

⭕ හොරුන් හිරේ දමනවා යැයි යැයි කියනා ජෙප්පෝ මෙහිදී පෙනී සිටියේ, හොරුන් වෙනුවෙනි.

⭕ රටේ සිස්ටම් චේන්ජ් එකක් කිරීමට ආ එජාප නායකත්වය හා පාක්ෂිකයන්ද පෙනී සිටින්නේ, මේ අන්ත දූෂිත හොර මජර සිස්ටම් එක පවත්වාගෙන යාමටය. එය ඉතා කනගාටුදායක තත්වයකි.

⭕ IMF වාර්ථාවකින් පවා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සියල්ලම හොර ගුහා බවය.

⭕ ඒවා ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ විකුණා දැමීමට ආන්ඩුව මේ වන තෙක් ක්‍රියා කළේ නැත.

⭕ ඒවා කෙතරම් දූෂිත ආයතනද යත්, කිසිඳු ආයෝජකයෙක් ඒවා මිළඳි ගැන්මට තබා කළමනාකරණය බාර ගැන්මට හෝ ඉදිරිපත් වන්නේ නැත.

⭕ ඒ වෙනුවට කිරීමට යන්නේ රටේ ධනය හා ජනතාවගේ බදු මුදල් ගසාකන ඒ හිඟන්නන්ගේ පඩිය තවත් වැඩි කොට ඒවා නඩත්තු කරමින් දිගටම පවත්වාගෙන යාමටය.

⭕ ක්‍රීඩා පනතක් (චිත්‍රසිරි) ගේනකන් ඉන්න තිබුනා යැයි යන කතාව, රනිල්ද අන්දවා කරනා තවත් සෙප්පඩ විජ්ජාවකි.

⭕ ෂම්මි ඇතුලු හොර නඩය ඊට විරුද්ධව නඩු පවරා ඇත්තේ, මීට මාස දෙකකටත් පෙරය. ඒ බව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සනාත කළේය.

⭕ එම නිසා ඒ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපති කිරීමටද නොහැකිය.

⭕ විධායකය හා ව්‍යවස්ථාදායකය ගැටෙද්දී, අධිකරණයේ පිහිටෙන් ෂම්මි සිල්වා ඉන්දියාවට පැනගොස් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඊට පෙර එම කණ්ඩායම විශාල මුදලක් ක්‍රිකට් ආයතනයෙන් පන්නා ඇත.

⭕ ඉන්දියාව යනු ක්‍රිකට් මාෆියාවේ මහ ගෙදරය. ෂම්මි දැන් සිටින්නේ එහේය.

⭕ දැන් රනිල් කළ යුත්තේ නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැර.. සුමතිපාල, ධර්මදාස, රණතුංග පවුල්වලින් හා බෝනගේන් පල්ලියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවාගෙන..

⭕ ක්‍රිකට් ක්‍රීඩා කළ මහත්වරුන් වන වෙත්තමුනි, මඩුගල්ල, මහානාම, මුරලි හා වාස් වැනි අයට බාරදී.. දේශපාලුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය.

⭕ එසේ කිරීමට නොහැකි නම්.. ඔය ක්‍රිඩාව එල්ලේ ක්‍රීඩාව මෙන් දේශීය ක්‍රීඩවක් ලෙස පමණක් පවතිනු ඇත්තේය.

⭕ මොකා මොන බයිලා ගැහුවත් ලංකාවේ සිටිනා ජාත්‍යන්තර මාෆියාවක රෙදි ගැලෙව්වේ  අමාත්‍ය රොෂාන් රණසිංහ පමණි. 

⭕ අනෙක් ඇමතිවරු සියල්ලොම කම්බා හොරුන් සමඟ ඩීල් දමමින් ජනතාවට කොකා පෙන්වමින් සිටිති.

⭕ සිස්ටම් චේන්ජ් කරමුයි කියා අරගලයක් සිඳු කොට වැලලෙන්න හැදුවත්, සියල්ලන්ටම අවශ්‍යව ඇත්තේ රාජපක්ෂලා චේන්ජ් කිරීම පමණක්ම බව දැන් ඉතා පැහැදිලිය.

.

Nov 8, 2023

තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ අවසානය කුමක් විය හැකිද?

 


තුන්කොන් ක්‍රිකට් තරඟා වලියේ

අවසානය කුමක් විය හැකිද?

➖➖➖➖➖➖➖➖➖🟥➖


🔴 දැන් අපේ රටේ තුන් කොන් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වෙමින් තිබේ...


🔴 එකක් අද දින‍යෙන් අවසන් වන... විස්සයි විස්සේ තරඟයකි.. එය ජය පරාජයෙන් තොර තරඟයක් වනු ඇත...


🔴 අනික හෙටින් ආරම්බ වී... නිමාවෙන දිනයක් නිශ්චිතවම කිව නොහැකි ටෙස්ට් තරඟයකි. මෙය උද්වේගකර තරඟයක් වේ යැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටී..


🔴 අද පැවැත්වෙන සීමිත ඕවර් තරඟයේ පාර්ෂවයන් වන්නේ රොෂාන් සජිත් හා රනිල් වනාතර...


🔴 ටෙස්ට් තරගයේ පාර්ෂවයන් වන්නේ... විධායකය ව්‍යවස්ධායකය හා අධිකරණයයි.


🔴 මින් පෙර පැවති තරඟයකදී ක්‍රීඩා ඇමති දැමූ ගැසට් දුස්‍රාවට ශම්මිද සිල්වා අධිකරණය හරහා හයේ පහරක් එල්ල කළ අතර... එය රැක ගැන්මට ගොස් පන්දුව හිසේ වැදුණු අර්ජුණ... ක්‍රීඩාගාරයේ විවේක ගැන්මට යවන ලදි.. පසුව එය නිපන්දුවක් බව තෙවන විනිසුරු වූ අධිකරණය විසින් දැණුම් දෙන ලදි...


🔴 අධිකරණය විසින් එවන ලද බවුන්සරයට හයේ පහරක් රොෂාන් විසින් එල්ල කළ අතර.. ඊට රොෂාන්ගේ පිලෙන් කිසිඳු චියර් එකක් නොලැඹුනද... සජිත්ගේ පිල ඊට චියර් කරමින් බෝනස් ලකුණු ලබා ගනිමින් සිටී.. එය ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම මෙන් කිසිවකුත් බලාපොරොත්තු නොවූ ඉතා අනර්ඝ ඉනිමක් බව සඳහන් කළ යුතුමය..


🔴 රනිල් පන්දුව නිදැල්ලේ යන්නට ඉඩ දෙමින්... බැක් ෆුට් හෙවත් පසු පාදයේ ක්‍රීඩා කරමින් කඩුල්ල ආරක්ෂා කර ගැනීමේ නිරතව සිටි..


🔴 තුවාල ලබා පිටියෙන් ඉවත්ව සිටින මහින්ද මෙන්ම නාමල්ද රොෂාන්ගේ හයේ පහරට හුරේ දැම්මේ නැති අතර... එහෙම හුක් (කන) පාරවල්ගැහුවේ නැත්නම් හොඳයි කියා... පිටියේ නොදැවී ක්‍රීඩා කරන රොෂාන් වෙත පණිවිඩ පිට පණිවිඩ එවා ඇත.


🔴 අතිරේක ක්‍රීඩකයින් වන විමල් හා ඩලස් සජිත්ගේ පිලට මෙන්ම රොෂාන්ගේ පිලටද වතුර අදිමින් සිටී...


🔴 ඒ අතරේ හේෂා චෝදනා කරමින් කියා සිටින්නේ රොෂාන්ගේ පිලේ ඉන්නා කෝප් කමිටුවේ මහ එකා මැච් ෆික්සින් කරනා බවකි. පොර ඒ සඳහා කප් පිට කප් ලබාගෙන ඇති පොරක් බැවින්... කතාවේ ඇත්තක් නැති වෙන්නත් බැරි නැතිය.


🔴 රතු කණ්ඩායමේ නායක ඇමරිකාවේ සංචාරයක නිරත අතර... නොදන්නා රිකැට් ක්‍රීඩා කරන්නට ගොස් පුපේ ග්‍රැෆයිට් ගෑවේ යයි බියෙන් තරඟාවලියෙන් ඉවත්ව ඇති බවක් පෙනෙන්නට ඇති අතර... සමහර මේස කොල්ලෝ නම් කියන්නේ... ෂම්මිගේ පිල හා ඩීල් එකක් දැමුවා වෙන්නත් පුලුවන් කියාය...


🔴 අපට නියමිතව ඇත්තේ මේ තරඟ දෙස බලා සිටීමට පමණි..


🔴 විනිශ්චය බොහෝ විට තර්ඩ් අම්පයර් හෙවත් අධිකරණය වෙත යොමු කිරීමට ඉඩ ඇති අතර.. එහිදි ෂම්මි සිල්වාට වාසි සහගත තීරණයක් ලැබීමේ සම්බාවිතාවය ඉතා ඉහළ අගයක පවති..


🔴 කෙසේ හෝ මේ සියලුම ආයතන හා පිරිස් මාෆියාවන්ගේ මුදලට යට වූ... අන්ත දූෂිත ආයතන හා පුද්ගලයන් බව ලොවටම හෙලිකල... රොෂාන් රණසිංහට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර...


🔴 සජිත් ප්‍රේමදාස මෙය ජයග්‍රාහී අවසානයක් දක්වා ගෙන ගියහොත්... තරඟාවලියේ වීරයා වීමේ පහසු අවස්තාවක් ලැබී ඇති බවත් ලියා තැබිය යුතුමය...


#යාතලන්මකා 


.

වංශේ කබල් ගෑම හා නුවරඑලිය උණුසුම් වීම

 


වංශේ කබල් ගෑම හා 

නුවරඑලිය උණුසුම් වීම

➖➖➖➖➖➖➖🔴▪️


වංශේ කබල් ගෑම කියන්නේ... විමල් වීරවංශ හබල් ගෑම නෙමේය. බබල් ගම් කෑමත් නෙමේය. දැන් උන්දැට හබල් ගැසීමට හෝ හප හපා සිටීමට වංශයක් ඇත්තේ නැතිය. ඉඳහිට පාර්ලිමේන්තුවේ ගිරිය යටින් බෙරිහන් දෙන්නේ... මාත් තවම ඉන්නවෝ කියන්නටය. අනුන්ට කෙලින්න ගිහින්... අන්තීමේ කෙලවුනේ උන්දැටය.


අලි වංශයෙන් උන් අලින්‍ටද කෙලවෙලාම ගියේ... පුතානෝ ගාලත් සමඟ සිරිකොතේ වැට කඩාගෙන ගිය දා සිටය... උන් ගාල පිටින් ගිහින් නැවතුනේ... දියවන්නාව මැද පිහිටි ගව ගාලේය. ඒකේ අලි කෙලියක් මේ ලියන දවසේ සිඳුවිය හැකි අතර ඒ ගැන පස්සේ ලියනවාය.


වංශේ කබල් ගෑම කියන්නේ... ගමේ හෝ නඟරයේ අලිවංශෙන් ජීවත් වෙච්චි වුන්ට කෙලවුනායින් පස්සේ... කලින් තිබූ බලය, ධනය, වස්තුව ගැන පම්පෝරී ගැසීමය. එහෙම පම්පෝරි ගැහුවේ ගරා වැටෙන වලව්වේ හෝ මන්දිරයේ සිටය. හරියට... අම්මට සිරි ලංකාවේ අතීත සිරි විභූතිය ගැන කියනවා වගේය.


දැන් තැපැල් දෙපාර්තමේන්තුවට අයත් සුද්දා හදා දුන් නුවරඑළියේ සර්කිට් බංගලෝ එකට... ඒකේ ඉන්න හිඟන්නෝ නාහෙන් අඬන්නේ ඒ වගේය. 


ඊට හපන් ආතල් එක නම්.... ඒකේ Heritage Value හෙවත් අතීත උරුමයක්  ගැන පාරම් බාන... තමන් බලයට පැමිණියහොත්... ලංකාවේ සියළුම ජනපති මන්දිරවල හෝටල් දමනවාය කියන... 88/89 ලංකාවේ තැපැල් හල් ගිනි තැබූ 3% තුනේ ජෙප්පන්ගේ අඬෝවැඩියාවය. 


එතකොට... සුද්දාම හැදූ හෙරිටේජ් ජනාධිපති මන්දිරවල හෝටල් දැමීම උන්ට හොඳ වුවාට රනිල් කරන්න ගියෝතින්... ඒක වැරදිය. ඒ එයාලාගේ හැටි නිසා... අපි ඊට කළබල විය යුත්තේ නැතිය.


ඒ අස්සේ... ඒකේ හෝටල් දාන්න එපා ඒක හෝටලේකට ගැලපෙන්නේ නෑ කියා පොලොවේ පස් කෑ උන්ගේ වංශය හෙළිවන්නේ.. ඒක දැනටත් හෝටලයක් බව හෙලිවීමෙන් පස්සේය. 


කුණු කොල්ලෙට මේ සර්කිට් බන්ගලෝ එකේ නිදාගත්ත උන්... හැමිනුන උන්... ආතල් ගත්ත උන්... දැන් උන්ගේ රෙදි ගැලවුන නිසා අලුත් බයිලාවකට මාරු වෙමින් සිටින්නේය.


ඒකේ ඉස්ටාප් එක හරි නැති බව කියන්නේය... හෝටලයක්ට ගැලපෙන්නේ නැති නිසා... කොෆි ෂොප් එකකට නම් මරු කියන්නේය. තව පිස්සන් පිරිසක් කියන්නේ... මේක කෞතුකාගාරයක් කරන්න ඕනෙයි කියාය. 


ටුවරිසම් ගැන අවබෝධයක් ඇති... පෞරාණික නඟරවල ලෝක උරුම අසලම පිහිටා ඇති කෞතුකාගාරවල තත්වේ දන්නා උන් නම්... කවදාවත් ඔය කෞතුකාගාර කතන්දරේ කියන්නේ නැතිය. 


හරි නම් කරන්න ඕනෑ... ලෝකල් කසිප්පු හා ගංජා සුරුට්ටුවක් ගගන්න පුලුවන් බාර් එකක් කරනා එකය. 


කෞතුකාගාර බලන්න සුද්දෝ එනවා යැයි කියා හිතන්නේ... ලෝකේ ඇති පෞරාණික කෞතුකාගාර දැකලා නැති ගොබ්බයෝය. 


කොටින්ම වැඩිපුරම පුරාවස්තු ඇති අනුරාධපුරය... තරු පන්තියේ හෝටල් නැති... ටුවරිසම් ඩෙස්ටිනේෂන් එකක් නොවන්නේ ඒ නිසාය. පොලොන්නරු යන්නේත් මින්නේරියේ හා හබරණ අලි බලන්න පුලුවන් නිසාය. 


ඔය මක්කාවත් නැති.. හික්කඩුවේ... මීගමුවේ... ආරුගම්බේ... උණවටුනේ... මිරිස්සේ හා ඇල්ලේ... අම්බානට වැහි වැහැලා සුද්දෝ ඉන්නේ ඇයි කියා... ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ උන් පොඩ්ඩක් සොයා බැලුවොත් හොඳය. කළ යුත්තේ ඒ එන්ටර්ටේන්මන්ට් තරු පහේ ලෙවල් එකෙන් ලබා දීමය...


අපිට උරුම අපේ උරුමයන් මාකට් කර ගැනීමට ටුවරිස්ට් බෝඩ් එකේ උන් දන්නේ නැති වුනාට... ඒක දන්නා වුන්... සයිලන්ස් එකේ ඒවායෙන් හොඳට හම්බ කරගන්නවාය. හැබයි ඉතින්... ඒවාගේ දේ කරන්න ටුවරිස්ට් බෝඩ් එකේ උන් මෙන්ම පාලකයෝද ගූ බයය. 


ඩයනා මැඩම්ට ඇති ගට උන්ට නැති වීම... උන්දෑගේ අවාසනාව නොව රටේ අවාසනාවය.


තැපැලවත් හරියට කර ගන්න බැරි... හැමදාම පොඩ්ඩ එහා මෙහා උනාම වැඩ වර්ජන කරනා පින් පඩි කන හිඟන්නන්ට හෝටල් කරන්න බෑ කියා රනිල් නොව අපිත් දන්නවාය. 


ඒ නිසා කළ යුත්තේ මේවා හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ උන් වෙත පැවරීමය. තැපෑලේ උන්ට කරන්න තිබුනේ එයය. එසේ නම් හොඳ ආදායමක් දෙපාර්තමේන්තුවට ලබා ගන්නට තිබිනි. 


ආදායම් ලැබිය හැකි දෑ අනන්තවත් තිබියදි ඒවා උන්ගේ සුඛ විහරණයට පමණක් භාවිතා කිරීමේ පාපය අවසානයේ විඳින්නට වූයේ උන්ටමය.


මෙවන් අපතයන්ගේ පවුල්වලට හා හිතවතුන්ට සැප ගන්නට කුණු කොල්ලෙට මේවා තබනවාට වඩා... "හෙරිටෙජ් පෝස්ටල්" ලෙස නම් කොට බුටීක් හෝටලයක් කළා නම්... "හොටෙල් ටී ෆැක්ටරි"වගේම නැගලා යනු නොඅනුමානය.. 


ඒකද මෙලෝ රහක් නැති හෝටලයක් වුවත්.. ටී ෆැක්ටරියක එක්ස්පීරියන්ස් ගන්නට එන සුද්දන්ගෙන්... ඒකත් හෑමදාම පිරිලාය. 


අනික ටවුම මැද්දේම තියෙන නිසා.. සුපිරි රෙස්ටුරන්ට් එකක් නැති නුවරඑළියේ... තරු පන්තියේ රෙස්ටුරන්ට් එකක් හෝ මිස්ටර් කොත්තු කඩයක් දැම්මා නම්... ඕක සල්ලි මවන ආකරයක් වෙනවාය. 


එමෙන්ම නිසි ලෙස නඩත්තු නොවන කොලෝනියල් බිල්ඩින් රාශියක ඇති හොලිඩේ බන්ගලෝ සියල්ලද සංචාරක හෝටල් ලෙස හෝටල් සමාගම් වලට ලබා දුනහොත්... ඒවා සතු ආයතනවලටත් මීට වඩා ආදායම් ලැබිය හැකි බවත් ලියා තබා... මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.


ඒ වගත් මෙසේය.....

.

Nov 6, 2023

ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

 


ගාසා ගැන නාසා ඇති අය වෙනුවෙනි

➖➖➖➖➖➖➖➖➖➖➖👍➖


ගාසා හී අහිංසක වැසියන්ට සුපිරිම පරිප්පුවක් කන්නට වෙන බව මාතලන් ලීවේ අනපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාරය කන වැකුණු සැනිනි. 


ඒ ඔය දෙපිරිසම සමඟ වසර ගනනක් ජීවත් වී ජීවමානවම ලබා ගත් අත්දැකීම් තුලිනි. සරළවම කියනවා නම්... ඔය ඉතිහාසගත වෛරය ලෝකය පවතින තුරා සමනය වන්නේ නැත. 


එක අතක ලෝකයම තම අනුගාමිකයින් කිරීමේ ඉලක්කයක් වෙත හබායන මිලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකි... අනෙක් පස ඇත්තේ... තම ජාතිය ආගම හා ඉතිහාසයෙන් තමනට අයිති භූමිය වෙනුවෙන් ඇති රාජ්‍ය ත්‍රස්තවාදයකි.. ඒ වෙනුවෙන් ලොව අති බහුතර රාජ්‍යයන් පෙනී සිටින බව අද මනාව ඔප්පු වෙමින් තිබේ...


ගාසා තීරයේ පලස්තීනූවන් බහුතරය ත්‍රස්තවාදීන් බව අරාබී ලෝකයද පිලිගනී. එහි සිටී සාමාන්‍ය වැසියෝ උතුරු ගාසා අතැර දකුණු ගසාවට පසු බැස්සේ මේ සත්‍යයය තේරුම් ගැනීමට තරම් අබ ඇටයක් හෝ මොලයක් තිබූ නිසාය. අනික් උන් ඊශ්‍රායලය එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය උත්සවාකාරයෙන් සැමරු අමන හැතිකරයය.


කිසිඳු රටක් තබා අසල්වැසි ජෝර්දානය හෝ ඊජිප්තුවවත් ඔවුන් සරණාගතයින් ලෙස බාර නොගන්නේ... ගසා වැසියන් අති බහුතරය ත්‍රස්තවාදීන් බව ඔවුන් දන්නා නිසාය..


ගාසා තීරයට 1948 සිට ලැබුන ඩොලර් බිලියන ගනනක් මුදල් ආධාර.... නිසි ලෙස භාවිතා කළේ නම්... ඔවුන්ට ඊශ්‍රායලය පරදන ධනවත් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ඕනෑ තරම් කාළය තිබිනි.


එහෙත් ඔවුන්ගේ පරමාර්ථය එය නොව... මෙරට හිඟන මානසිකත්වය සහිත ජෙප්පන් හා ඒ වටා රොක්වන ජනතාව සේ... විදෙස් ආධාර වලින් කා බී... ඊශ්‍රායලයේ යුදෙව්වන් සියල්ල සෙත්තපෝච්චි කිරීමය.. 


උන් ඒ වෙනුවට කළේ ආයුධ රැස්කිරීම, නිශ්පාදනය හා භූගත බංකර් සෑදීමය... ඔය ඉස්පිරිතාල පාසල් හා විශේෂ ගොඩනැගිලි සියල්ල යට ඇත්තේ භූගත බංකර් හා ත්‍රස්තවාදී කඳවුරුය.


මෙය අපේ කුර හා අං සහිත අම්බරුවන් නොදන්නවා වූවාට... ලෝක භූ දේශපාලනය තුල ඉන්නා පාලකයින් සියල්ලෝම දන්නා රියැලටියයි...


මේ කිසිත් නොදන්නා අම්බරුවෝ ඊශ්‍රායලයේ යුධ ශක්තියට කින්ඩි දමමින් අන් ගෝතල් ගන්නවා දැක්කාම අපට හිනා යන්නේ පුපෙන්මය.


ඔවුන් යුධ තාක්ෂණයෙන් ලොව ජය නොගත්තේ නම් ගාසා වල ඇති දසුන් අප දකින්නේ ටෙල් අවීව් වලය.. 


මොළයක් සහිත ගාසා වැසියෙක් නම් කළ යුත්තේ.. ඊශ්‍රායලයේ නියෝගයන්ට අනුකූල වී ඔවුන්ගේ නියෝගයන් පිලිපැදීම පමනි.


ඉන් එහා විකල්පයක් ඇත්තේ නැත.


ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා සිතන්නෝ අමනයෝය.


.

Nov 3, 2023

ක්‍රිකට් මෙන්ම.. රාජ්‍යයේ අවසානයද නොබෝ දිනකින්ම උදාවනු ඇත.

 


ක්‍රිකට් මෙන්ම.. 

රාජ්‍යයේ අවසානයද

නොබෝ දිනකින්ම උදාවනු ඇත.

➖➖➖➖➖➖➖➖➖➖💀➖


ක්‍රිකට් වලට අත්වූයේද 

ලාංකිය දේශපාලනය, රාජ්‍ය සේවය, අධිකරණය, ව්‍යාපාර හා නීතිය මෙන්ම සෑම ක්ෂේශ්ත්‍රයකටම අත්වූ ඉරණමමය...


එනම්... ඉංග්‍රීසී අධ්‍යාපනය හා ලෝකය පිළිබඳ අවබෝධයක් නොමැති නිර්ප්‍රභූන්, ප්‍රභූ පන්තියට ඇතුලත්ව... ඔවුන් එම ක්ෂේශ්ත්‍රයන් තුල පාලකයින් බවට පත්ව ගත් අමණ තීන්දු තිරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුලය...


(ක්‍රිකට් - සුමතිපාලලාගේ හා ධර්මධාසලාගේ ආධිපත්‍ය හා ඒ තුල සාම්ප්‍රධායික කතෝලික ප්‍රභූ පන්තිය සේවකයින් වීම)


(රට - විවෘත ආර්ථිකය තුල ගොඩ එමින් පැවති රට තුල.. 2010 පසු රාජපක්ෂලා විසින් කළ භාණ්ඩාගාරය මංකොල්ල කෑම... යහපාචනේ විසින්.. 2015 දී සංවර්ධන යෝජනා ක්‍රම සියල්ල සම්පූර්ණයෙන්ම නවතා දැමීමත්.. ඝෝඨාභය විසින් නැවතත් 70-77 දී ක්‍රියාත්මක කොට අසාර්ථක වූ දේශීය ආර්ථික කුණුහබ්බය ජප කරන්නට යාමත්)


මෙහි උච්ඡතම අවස්ථාව හෙවත් ක්ලයිමැක්ස් එක... ඉතා ආසන්නයේ සිඳු වීමට නියමිත අතර...


එය මේ රාජ්‍යයේ අවසානය වීමට නියමිතය...

ඉන් පසු අමණ ජන රැළට සිඳුවනුයේ නැවතත් සම්පාකාර පෝලීමේ සිට කියුබාවේ හා වෙනිසියුලාවේ සංවර්ධනයේ ආශ්චර්‍යය විඳීමටය...

නැවත එයින් පිටපොට පැණීමටද නොහැකි වනු ඇත්තේ....

කොමියුනිස්ට් පාලනයන් තුල ජනතා පරමාධිපත්‍යයට කෙලවෙලාම යන නිසාමය.


සිඳු වූ අලකලංචි කිසිවකටත් පාලකයින් හෝ නිලධාරීන් වගකිව යුතු නැති අතර...


ඒ සඳහා වගවීම් හා වගකීම් සම්පූර්ණයෙන්ම ගත යුත්තේ... ඔවුන් විසින් බුද්ධිමත් ජනතාවක් ලෙසින් මුරුංගා අත්තේ තැබූ සාමාන්‍ය ජහමනයාමය...


මන්ද සියල්ල සිඳුවූයේ ඔවුන් විසින් පත්කළ පාලනයන් තුලය....


එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට කැරල්ලක් මඟින් පත්කළ ජනවරමක් නොමැති පාලකයකු පත්කොට ඇති අතර...


රට යම් පමණකින් හෝ ගොඩ ගත හැක්කේ... අර්බුධය ගැන අවබෝධයක් සහිත ඔහුටම පමණි...


කැරල්ලක් හෙවත් අරගලයක් ඇති වූයේ... පවතින සිස්ටම් එක පට්ට අවුල් නිසාවෙන්... අළුත්ම සිස්ටම් එකක් ඉල්ලමින් වනාතර... දැන් සෙමින් සෙමින් ජනතාවට දැනෙන ලෙස එය සිඳුවෙමින් පවති...


(කාපු කට්ට මතක නැති හාල්පාරුවන් එය අමතක වී වර්ජන උද්ඝෝෂණ කළද ඒවාට අවශ්‍ය බෙහෙත් අධි මාත්‍රාවෙන්ම ලබා දිය යුතුය.... පිස්සන් කළබල වූවාට ජොස්තරලා කළබල විය යුතු නැත.)


අනෙකුත් වෙන්ට ජනපතිවරුන් සියල්ලන්ම... පවතින සාම්ප්‍රදායික සිස්ටම් එකේම දිඟුවන් වෙමින්... ගුරුවරුන්ට බස් රථ පූජා කරමින්.. දිවයින පුරා චෛත්‍ය ඉඳිකරමින්...  ග්‍රැෆයිට් වලින් හා ඉල්මනයිට් වලින් රට ගොඩ ගැනීමේ විහිළු ජනතාවට සපයමින් ආතල් දෙමින් සිටී...

.