.

.

Apr 24, 2024

වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

 


වළං ශානිගේ සහ අමණ රවීගේ ළණු කා 

රටේ මුදල් හා කාළය කා දමන විනාශ ප්‍රේමදාස හා ගොබ්බ විපක්ෂය....

➖➖➖➖➖➖➖➖➖💀💀▪️


ඒ කාළේ ගමේ නාට්ටි පෙන්නන කොට ඉස්සෙල්ලම එන්නේ ජෝකර් කෙනෙක්‍ය. උගේ නම බම්මන්නාද මොකක්ද එකක් කියා යාන්තමට මතකය. සර්කස් පටන් ගන්නට පෙරත් එසේය. ඒත් ක්ලවුන්ස්ලා කිහිප දෙනෙක් විත් පට්ට ආතල් එකක් දීලා යන්නේය.


දැන් අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කරන්නෙත් ඒ වැඩේය. පොඩි වේලාවක් නොව පැයක් පමණ... හැමදාම එයා පාර්ලිමේන්තුවම හිනස්සන්නේය. පොරගේ දකුණු අත පැත්තේ ඉන්න එකා අනෙකාය. ඌ ඊට එහා ජෝකරයෙකි.


පාර්ලිමේන්තුව තියෙන්නේ නීතී සම්පාදනයට හා රටේ දියුණුවට යෝජනා ගෙන ඒමට බව.. පක්ෂ විපක්ෂ දේශපාලුවන් සියල්ලන්ටම අද අමතක වෙලාය.... එය එකම කෝලම් මඩුවකි... මහා ප්‍රාඥයා යැයි කියන නීතී උස්තාද් අධිකරණ ඇමති... දේශපාලනයේ සරළ නීතිය හෝ දන්නේ නැතිය. 


ඊයේ උන්නැහේත් සජිත් හා එක්වී පාර්ලිමේන්තුවේ ජහුටා නටමින් ආතල් එකක් ගත්තේය... මේ පාස්කු විවාදේ දැන් ඇනුවල් ඉවෙන්ට් එකක් වෙලාය. කාදිනල් අදහන්නේ දෙවියන් වහන්සේ නොව.. සාතන් බවත් ඉතා පැහැදිලිය. මුන්ගේ ජෝක් අස්සේ... වහාබ්වාදය නැවතත් දිවයින පුරාන ව්‍යාප්ත වෙමින් යන බව බුද්ධි අංශවත් දන්නේ නැතිය.


මේ බව අතන මෙතන වඩින රතන ඊයේ පාර්මේන්තුවේ දෙසුවේය. උන්නාන්සේ කිව්වේ ඝෝඨාගේ වැරදි කොතරම් තිබුනත් කාදිනල් හා විපක්ෂයේ උන් කරන්නේ මෙය ගෝටාගේ ඇඟේ ගසා ත්‍රස්තවාදීන් බේරා ගන්නා වැඩේය කියලාය.


මුන්ගේ තලේබාන්කරණය ගැන මාතලන් ලිව්වේ 2012 තරම් ඈත කාළයේය. ඒවා ඇත්ත වූයේ 2018 පාස්කු ඉරිදාය. එතෙක් ඒවා ජාතිවාදේ අවුස්සන පල්හැළී පමණක්ම වූයේය.


එදා බෝම්බ පිපිරීම් වලක්වා නොගත්තේත්... අද තමන් වෙත එන චෝදනා වලින් බේරිමට මේ අපරාධය රාජපක්ෂලාගේ ඇඟේ ගසා බේරෙන්නට වලි කන්නේත්... ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුතු නිළධාරීන් දෙදෙනාය.


ආන්ඩුව, නීතිපති හා නීතිය කළ යුත්තේ උන් දෙදෙනා අල්ලා ජිවිතාන්තය තෙක් හිරේ දැමීමය. ඒ වෙන කවුරුවත් නොව වළං ශානී හා රවී සෙනෙවිරත්නය. අද අලුත් තිර රචනා ලියා දෙමින් මේ රටම නොමඟ යවන්නේ මුන් දෙදෙනාය. උන් කියනා පරිදි මහ මොළකරු සලේ නම්, පරීක්ෂණයක් හා නඩුවක් අසා මෙය ඉවරයක් කළ යුතුව ඇත්තේ.... ඔවුන් සියල්ලෝම මීට වගකිව යුතු අය නිසාමය. 


එවන් පරීක්ෂණයකදි මහමොළකාරයා පමණක් නොව කුඩා මොලකාරයෝද රාශියක් එලියට එනු ඇත්තේය. සියල්ල අනිවාර්යයෙන් හෙළිවන බව නොඅනුමානය... එහෙත් සිඳු නොවන්නේත් එයමය. සියල්ලෝ මෙය ඇනුවල් කානිවල් එකක් කර ගනිමින් ආතල් හා මුදල් ගරමින් සිරුන්නේය. මෙහිදි මිය ගියේ කතෝලිකයින් පමණක් නොවෙය. හෝටල්වල විදේශිකයින් රාශියක්ද ඝාතනයට ලක්විය. ඒ බව සියල්ලන්ට දැන් අමතකය.


 සියල්ලටම පෙර මෙවන් හාල්පාරු නිළධාරීන් පිරි, CID ය හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගැන යමක් කිව යුතුය. මෙය අන්ත දූෂිත ආයතනයක් බව අද ඔප්පු වී හමාරය. අවංක STF නිලධාරියා නොසිටින්නට අද හරක් කටා ඉන්නේ ඩුබායි රාජ්‍යයේය. 


උගේ එක කෝල් එකකට  වළං හෝදන හාල්පාරුවන්ට රුපියල් 150,000/= ක් ගෙවා ඇත. හරක්කටා හා කුඩු සළිඳු දැන් උන්ගේ බිස්නස් එක කරන්නේ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ සිටය. 8 වතාවක් ඒ බව මාට්ටු වුවද මේ වන තෙක් ඒ පිළිබඳ කිසිඳු පරීක්ෂණයක් නිළධාරීන් විසින් සිඳුකර ඇත්තේ නැතිය. 


මේ පාතාල නායකයින් දෙදෙනා වළං හෝදන ආයතනයේ මූලස්ථානය වෙත ගෙනා අවස්ථාවේ කීර්තිමත් පොලිස් නිලධාරියකු වන රංගජීව ඔහුගේ බුකියේ අපූරූ සටහනක් දැම්මේය. ඒ මෙසේය...


//------මෙන්න තවත් විටමින් ෆයිල් දෙකක්------


නිළධාරින් මහතුන්ට ,NGO  මහටුන්‍ට,ලෝයර් අන්කල් ලා හා ඒ අය ගේ දරුවන්ට සිතු පැතු සම්පත් ලබා දෙන......මුලු ජිවත කාළයම පුරා සැප බල ,විර්යය වඩවන ...විටමින් ෆයිල් දෙක Vitamins file  ඔන්න ලංකාවට ආවා ....

එක්කෝ ඔන්නෑ ඔවා කියලා ...

අපේ රට අපිට නැති වෙලා තියෙන්නේ ...//


වළං කඩේ ගැන මෙන්ම අනෙකුත් සියලු ආයතනයන් ගැන පොලීසියෙම උන් දෙන කැරැක්ටරේ මේක නම්..... අප තව මක්කා කියන්නද?


එවන් අන්ත දූෂීත ආයතනයක හිටපු ලොක්කෙක් වෙන රවී සෙනෙවිරත්නත් දැන් කියන්නේ අමු බයිලා බව TNL ජනහඬේදී පැහැදිලිව ඔප්පු විය. ඔහු ජනහඬේ තවුසන්ඩ් ටෝක් දීමට පැමිණියද, පාස්කු ප්‍රහාරය පමණක් නොව, සහරාන් මෙන්ම එම සංවිධානය පිලිබඳවත්, අයිසිස් ගැනවත්, ජිහාඩිසම් හා වහාබ්වාදය ගැනවත් මෙලෝ අලබෝලයක් නොදන්නෙක් බව එහිදි ඉතා පැහැදිලි විය. 


අනෙක් ප්‍රධානම කරුණ නම්, පොරගේ ප්‍රකාෂයන් එකිනෙකට පරස්පර වීම හා පට්ටපල් බොරු විදීමය. ඒවා කීපයක් මෙසේය.


🔴▪️පොර කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවූ විගසම පත්කල මලල්ගොඩ කොමිසම හා එහි නිර්දේශ පිලිගත හැකි ඒවා බවය. 


--- එහෙත් දැන් පොර පිලිගන්නේ චැනල් ෆෝ වීඩියෝවය. මලල්ගොඩ කොමිසම මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද පත් කෙරෙනුයේ පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් මෙන්ම FBI, ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ් යාඩ්, ඔස්ට්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදීය.


🔴▪️මේ පරීක්ෂණ කොමිසම් තුනෙන්ම තම ආයතනයට හෝ නිළාධාරීන්ට කිසිම චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියා සිටි.


--- එහෙත් හමුදා බුද්ධි අංශ වලට මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයටද එහි නිළධාරීන්ටද කිසිඳු චෝදනාවක් එල්ල නොවූ බව ඔහු කියන්නේ නැතිය.


🔴▪️ඉන්ටර්පෝල් ආයතනයේ ලොක්කා දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ මෙරටට පැමිණ ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද මුණ ගැසී, පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනීම් ගැන ප්‍රශංසා කොට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පැමිණ, එහි නිලධාරීන් වෙන වෙනම මුණගැසී ඔවුන්ටද ප්‍රසංසා කොට, විමර්ශන ගැන ඔහු ඉතා සතුටු වන බවත්, ඉතාමත් දක්ෂ අයුරින් විමර්ෂනයන් සිඳුකොට ඇති බවත් ලිඛිතවම ලබා දුන් බවත් කියා සිටී.


--- එහෙත් දැන් ඔහුට ඉන්ටපෝල් ලොක්කා හාල්පාරුවකු වී ඇති අතර දැන් පොරගේ වීරයා වී ඇත්තේ චැනල් ෆෝ වීඩියෝවේ අසාද් මවුලානාය. 


🔴▪️එමෙන්ම ජනාධිපති කොමිසමේ සාක්කි දෙමින් මේ සියල්ලට මුදල් වියදම් කළේ ඊබ්‍රාහීම් නානා බවත් මෙම කණ්ඩායමේ නායකයා සහරාන් බවත් කී බුවාට,


--- අද ඒ සියල්ල අමතකව ගොස් ඇතිවා පමණක් නොව, කිසිම පරීක්ෂණයකදි මරාගෙන මැරෙණ බෝම්බ කරුවන් තිදෙනෙක්ම අයිසිස් වෙත පූජාකළ, ඉබ්‍රහිම් නානා හා ඔවුන්ගේ භූමිකාව ගැන ප්‍රශ්ණ නොකරන්නේ, එහි කෙලවර නවතින්නේ රිෂාඩ් බදූර්දීන්ගෙන් නිසාය. එනිසාම. මෙවර ජාතික ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුවට එන්න සිටින නිසා එහෙම කරන්නට බැරිය.


🔴▪️දෙහිවල බෝම්බ කරුගේ බිර්‍රිඳගේ නිවසට හමුදා බුද්ධි අංශ යෑම මේ ෂර්ලක් හෝම්ස්ට මාර ගැටලුවක් වනතර,


--- අනෙකුත් මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ ඥාතීන්ගේ නිවෙස්වලට පවා හමුදා බුද්ධි අංශ, රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම, සියල්ලෝම සජීවීව නැරඹූ, ඊබ්‍රාහිම් නානාගේ නිවසට සියළුම ආරක්ෂක අංශ වහ වහාම ගිය එක, බුවාට ප්‍රශ්ණයක් වන්නේ නැතිවාක් මෙන්ම. මේ කිසිඳු අංශයක්, එහි තවත් මරාගෙන මැරෙන බෝම්බකාරියක සිටිනා බව නොදැනීමට විලි ලැජ්ජා සහගත කරුණකිය.


🔴▪️වළං සෝදන ලොක්කන් වන තමන් හා වළං ශානී ඉවත් වීමෙන් පසු අත් අඩංගුවට පත් වූ අය අහිංසකයින් බවට සහතිකයක් ලබා දෙයි.


--- එහෙත් මේ ටෑන්ක් ක්ලීනර් නොදන්නා දෙය නම්, එසේ අත් අඩංගුවට ගෙන නිදහස් කළ නීතීඥයකුගේ ඉස්ලාම් සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුලු තුන් දෙනෙක්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෝ බවය.


🔴▪️මේ තරම් වැදගත් සිද්දියක තොරතුරු ඔහුට මතක නැත. ඔහු කියන්නේ වව්නතිව් ප්‍රහාරයට පසු දිනම ඔහු පොලිපති ජයසුන්දර හා මඩකලපුවට යන මොහොතේත් ltte සැකකරු අජන්තන් ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි බවයි. එ ඊට දින කිහිපයකට පෙර මහවිරු සැමරුමක් වෙනුවෙන් පොලීසිය හා ගේම ඉල්ලා තිබූ නිසාය.


- එහෙත් එකවරම ශානී විසින් නිර්මාණය කරන ලද ජැකට් කතාව මතක් වී..පසුව ඒ ගැන කියන්නට ගොස් පිට පොට පටලවාගෙන නවත්වන්නේ, පූරකයා මේ පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා කමේ පිහිටෙනි.


🔴▪️ මුලින් කියන්නේ ලැක්ටෝ වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4000 ක් හා ඩෙටනේටර් 500 ක් සොයාගත් බවට අමු කෙප්පයකි.


--- එහෙත් මේ පිළිබඳව දැණුම්වත්ව වුන් පූරකයා කරන්නේ, බ්‍රේක් එකකට යාමය. ඒ එයාලත් වළං ශානිට කඩේ ගියාට වැදගත් විදියට යන්න ඕනා නිසාය. එබැවින් බ්‍රේක් එකෙන් පසු මුලින්ම කරන්නේ වරද නිවැරදි කිරීමය.


🔴▪️තවත් කෙප්පයක් ඇද බාමින් කියන්නේ, විදෙස් බුද්ධි අංශ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නොපැවැත්වූ බවත්, කළේ තාක්ෂණ සහාය ලබා දීම බවත්‍ය.


--- මෙයද අමූලික බොරුවකි. මෙරටට පැමිණි විදෙස් බුද්ධි අංශ මේ හාල්පාරුවෝ මෙන් සල්ලි වලට ෆයිල් වසා දමා වැල් බයිලා ගහනා උන් නොවේ. ඔවුන් මේ පිළිබඳව දිගටම පරීක්ෂණ හා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින්නෝය.


▪️වසර දෙකක් තිස්සේ කරන ලඳ පරීක්ෂණවලින් අනතුරුව ඇමරිකානූ පුරවැසියන් 5 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මෙරට අත් අඩංගුවේ පසුවන පහත සඳහන් ත්‍රස්තවාදී සැකකරුවන්ට එදිරිව, අපරාධ චෝදනා 9 ක් යටතේ නීතී කෘත්‍යයන් ආරම්බ කර ඇත.


1. මොහොමඩ් ඉබ්‍රහිම් මොහොමඩ් නවුෆර්

2. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කා

3. හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්


▪️ඔස්ට්‍ර්‍රේලීයානූ ෆෙඩරල් පොලීසිය (AFP) මගින් ලාංකික සම්බවයක් සහිත තුන් දෙනෙක් සම්බන්ධයෙන් අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව කරන පරීක්ෂණ තවමත් කෙරෙමින් පවතිනාතර, එම තිදෙනාගේ මෙරට දේපල හා වත්කම් සියල්ල රාජසන්තක කොට අවසානය.


▪️මාලදිවයිනද ප්‍රහාරය හා සම්බන්ධ මාලදිවයින් වැසියන් පිරිසකට විරුද්ධව එරට නීතිනය ක්‍රියාමාර්ග ආරම්බ කොට ඇති අතර, පරීක්ෂණයන්ද තවමත් සිදු වෙමින් පවති.


🔴▪️එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ලොක්කා ලෙස උන්  නිලන්ත ජයවර්ධන පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබා දුන් බව ඔහු කියයි.


--- එහෙත් ඒ අතරේ සොනික් සොනික් ප්‍රශ්ණ කිරීමට ඉඩ නොදුන් බව පවසයි. සොනික් සොනික් නොහොත් IP බණ්ඩාර මෙන්ම  නිලන්තද රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින් වන අතර, හමුදා නිලධාරීන් නොවේ. 


🔴 සහරාන්ලා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ වීඩියෝව පටිගත කළ ස්පෑන් ටවර් එකේ DVR එකේ සියලු දත්ත මකා දැමුවේ කව්ද? ඒ පිළිබඳ වචනයක් හෝ කතා කිරීමට පූරකයාට මෙන්ම වළං සෝදන්නාට අමතක වීම අපට නම් ඉතා ලොල් සහගතය.


🔴 මේ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මාතලන්ට වැටහෙන දෙය නම් සිරිසේන ඇතුලු උසාවියෙන් දඩ කෑ ආරක්ෂක ලේකමා ඇතුලු පොලිස් නිලධාරීන්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහ එකා මෙන්ම පරීක්ෂණ බාර ව උන් වළං සෝදන්නාද, රාජ්‍ය හා හමුදා බුද්ධි අංශවල ලොක්කන්ද මීට එක ලෙසම වරද කරුවන් බවය.


🔴 සුරේෂ් සලේ මෙන්ම රාජපක්ෂලාද, රනිල් මෙන්ම අනුර කුමාරලාද ඊට සම්බන්ධ නම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දිය යුතුය.


🔴 සිඳු වී ඇත්තේ එකිනෙකාගේ දේශපාලන ගැතිකම්, ඊගෝ හා මාන්නය හෙතුවෙන් ඉතා පහසුවෙන් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා යටතේ මරණ දඬුවම ලබා දිය හැකිව තිබූ ත්‍රස්තවාදීන් පිරිසකට රඟන්නට දී වරද එක එකා පිට් පටවා ආතල් ගැනීමටය.


🔴 ශානි විසින් ලැක්ටෝ වත්තට පැමිණ සිටි හමුදා බුද්ධි  අංශ එලවා දමා පැත්ත පලාතේ එන්න එපා කියා සියල්ල තම අතට ගන්නේ ඒ අනුවය.


🔴 සහරාන්ගේ බිරිඳ පසුපස පැන්නුවා නම්, සහරාන් පහසුවෙන්ම අත් අඩංගුවට ගත හැකිව තිබූ බව දැන් බොව්හෝ පැහැදිලිය.


🔴 එහෙත් බෝම්බ පුපුරණ තෙක් වළං සෝදන කණ්ඩායාම වෙන කිසිම දෙයක් සොට්යා නොගත් බව වළං සෝදන එකාගේ අමුඩය සෝදන්න ආ එකා පිලිගත්තේය.


🔴 එහෙත් හමුදා බුද්ධි අංශය මෙන්ම රාජ්‍ය බුද්ධි අංශයද වළං කඩේට ඉන් අනතුරුවද තොරතුරු ලබා දී ඇති බව දැන් වාර්ථා වේ.


🔴 ඇත්ත කතාව... ගහනවා කිව්වාට මෙහෙම ගහයි කියා මේ එකෙක්වත්  හිතුවේ නැතිය. හැබයි ගහනා බව දේශ්පාලුවන් පාදිලියන් මෙන්ම VVIP 1500 ක් දැන උන් බව පසුව හෙලිවුනේය. ඒ නිසා දේශපාලුවෝ නිළධාරියෝ මෙන්ම පාදිලියෝද එකෙක්වත් මිය ගියේ නැතිය.


😭 ඒ වෙනුවට දෙස් විදෙස් අහිංසකයින් 250 ක් සහරාන්ලා හා ස්වර්ගයට ගියේය. තවත් පිරිසක් සදාකාලික අබ්බගාතයෝ විය. 


මෙය ඛේදවාචකයක් වන්නේ එසේ මිය ගිය හා තුවාල ලැබූ අයගේ ඥාතී හිතමිත්‍රාන්දීන්ට පමණි අනෙක් උන්ට මෙය එදා මෙන්ම අදටත් වාර්ශිකව ඩොලර් උපයන කානිවල් ආතල් එකක් පමණි.


ඒ වගත් මෙසේය..


💀 රවී සෙනෙවිරත්නද ශානිගේ තිරපිටපත අනුව රඟන රූකඩයක් බව මෙහි ඇති එකිනෙකට පරස්පර ප්‍රකාෂ දෙක (ඡායාරූප) අවබෝධ කර ගන්න.


.

Apr 23, 2024

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න, මනෝරම සහ සෙයිලමට ආ..... හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ (සින්තටික් සිහිණයේ සූරසේනලා)


 

චතුර වැල්ලගේ, දීප්තී කුමාර ගුණරත්න,

මනෝරම සහ සෙයිලමට ආ.....

හද්දා පිටිසර අමු ගං කබර ටොක්සික් යුනිකෝඩ් රෝගියෝ 

(සින්තටික් සිහිණයේ සූරසේනලා)

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මේය ටිකක් දිගු ලිපියක් වේවීය 

කැමති එකෙක් කියවගනිල්ලාය...


ලාංකීය සමාජයේ තියෙන අනන්‍යතා අතරින් ප්‍රධානම එකක් වන්නේ බොරුවෙන් ජීවත් වීමය.


 කෙනෙක් මලායින් පස්සේ උගේ ගුණ විතරක්ම කියන්න ඕනය කියලා හදාගෙන තියෙන්නේ එහෙම එකක්‍ය. ප්‍රසිද්ධියේ ගුණ වයා... කනට කොඳුරා කියන්නේ නුහුගුණේය. පෝස්ට් එකේ ගුණ ලියා... ඉන්බොක්ස් එකේ අරූගේ පට්ටන්දරේ ලියා එවනවාය. 


මාතලන් යනු එහෙම දෙබිඩ්ඩෙක් නෙමේය. කියන්න ඕනෑ දේ කට කැපුවත් කියනා එකෙක්‍ය. ඒ ගතිය නවත්තන්නට මොකෙක්ටවත් බැරිය. එය මා යුදෙව්වන්ගෙන් උගත් අගනා පාඩමක්මය. මාතලන් යනු මූනිච්චාවට ජීවත් වෙන එකෙක් නොව, සැමදා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් අවංකව පෙනී සිටිනා එකෙක්‍ය.


මොනම සමාජයකවත් හොඳ මිනිස්සු ඇත්තේ නැතිය. ඉන්නේ හොඳ නරක දෙක මික්ස් වෙච්චි උන්‍ය. මේ හොඳ නරකද එක එකාට අනුව සාපේක්ෂය.


2015 යහපාලන රජය බලයට පත්වන තෙක්ම චතුර වෙල්ලගේලා මෙන්ම අපද උන්නේ පාක්ෂික වශයෙන් එකම දේශපාලන කඳවුරකය. ඒ විවෘත ආර්ථිකය පිලිගන්නා නව ලිබරල් කඳවුරේය. එහෙත් විශේෂත්වය වූයේ ඔවුන් අම්බ දේශපාලන වහලුන් වීමත්... මා මධ්‍යස්ථ මතධාරියකු වීමත්‍ය.


මාතලන් පෙනී සිටින... නිදහස් ලිබරල් විවෘත ආර්ථික ක්‍රමය අනුගමනය කරන්නේ මැදමුලනේ හාදයෙක්ද, තඹුත්තේගම හාදයෙක්ද, කෙසෙල්වත්තේ හාදයෙක්ද, දිලිත්ද, ධම්මිකද යන්න කිසිසේත්ම අදාල නොවනාතර... මාතලන් ඌ හෝ ඈ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේය. 


මේ බව ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙක් වෙන... ජනාධිපති නීතීඥ උපුල් කුමාරප්පෙරුම හිතවතාද ලියා තිබුනේය. ඒ සහතික ඇත්තය. අනාගතයේ අනුර කුමාරයා අනුගමනය කරන්නේ එම ප්‍රතිපත්තිය නම්... අනුර කුමාරට ප්‍රසස්ති ලිවීමට මාතලන් කිසි දිනෙක පැකිලෙන්නේ නැතිය.  ඒ මාතලන් දේශපාලන වහලකු නොවනා නිසාමය. 


(දැන් ඉදිරියට ආර්ථිකය දුවන්නේ IMF අධීක්ෂණය යටතේ නිසා අනාගතයේදී මොකා ආවත් අවුලක් වන එකකුත් නැතිය.)


එබැවින් උග්‍ර රාජපක්ෂ විරෝධියකු වුවද, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල මෙන්ම අධිවේගී මාර්ග, නෙළුම් කුළුණ පෝට් සිටිය මෙන්ම ගෝල්ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විකිණීම වෙනුවෙනුත් පෙනී උන්නේ ඒ නිසාමය. මේවාට අජිත් පැරකුම් ජයසිංහ මෙන්ම රොහාන් සමරජීවද සාක්ෂි දරනු ඇතිය.


රාජපක්ෂලා ජනේලේ එල්ලා ගෙනා යහපාලනය කෙලින්නේ අමු පිස්සුවක් බවත්, සිරිසේන කියන්නේ අමු පිස්සෙක් බවත්.. රනිල්ලා මෙන්ම පාඨලීලාද කෙලින්නේ අමු පිස්සුම බවත්.. යහපාලනේ ඇවිත් සතියක් යන්නටත් මත්තෙන් මාතලන්ට ලියන්නට හැකි වූයේත් මේ නිසාමය.. 


පෝට් සිටියේ මුල් ගල ගලවා මුහුදට විසිකල... මත්තල වී ගබඩා කළ ....රනිල්.... නිර්දය ලෙස විවේචනය කළේත් එනිසාමය. මේවා මොකා කළත් තන් ගොකතීරූ අමන අම්බරු වැඩය. රටේ ප්‍රධානම පෙලේ සංවර්ධන යෝජනා ක්‍රම කිසිවක්ම ක්‍රියාත්මක නොවූ අතර, ණය වෙවී කළේ රජයේ හිඟන්නන්ට පඩි ගෙවිම විතරමය.. රනිල්ට ඇපත් නැතිව ගෙදර යන්නට වන්නේ මෙනිසාමය.


සියල්ල ඇරඹෙන්නේ එතැන් පටන්ය. වෙල්ලගේලා ප්‍රමුඛ ටොක්සික් දේශපාලන වහල් බලකාය විසින්.... මාතලන් මැදමුලන කක්කුස්සි හෝදන එකෙක් ලෙස හඳුන්වන්නට පටන් ගන්නේ මා ගෝටාට රෙදි නැතිව කඩේ යන බව කී නිසාය. 


(ඒ ගල් මූසලයා අප බලාපොරොත්තු තැබූ ගෝටා නොව එතෙක් මෙතෙක් රට පාලනය කල අමු ගොබ්බ පාලකයා බව දැන් ඔප්පු වී හමාරය. ඒවා ලියන්නටද අප කිසි දින පැකිලෙන්නේ නැතිය.)


වෙල්ලගේ කඳවුර මගේ පෞද්ගලිකත්වය සොයාගෙන ඒවාට පහර දෙන්නට පටන් ගන්නේ එතැන් පටන්ය. එහෙත් උන්ගේ තත්වයට පහතට වැටීමේ අවශ්‍යතාවයක් මට නොවූයේ, වසර ගනනක් තිස්සේ..මේ තුච්ඡ ලාංකීය සමාජය... මජර දේශපාලනය... පාදඩ ජඩමාධ්‍යකරණය ගැන මෙන්ම ටොක්සික් රෝගීන් වීරයන් සේ වැජඹෙන... සමාජ මාධ්‍ය ක්ෂේශ්ත්‍රය ගැනද හොඳ අවබෝධයක් මා හට තිබූ නිසාමය. 


එවන් පාදඩයන්ට "රෙද්දේ රෙවෙන.." කතාව මුලින්ම ලිව්වේ මාතලන්‍මය. එය උන්ගේ කන හරහා වැදුනාක් මෙන්ම.... ගෝටා චන්ද ලක්ෂ 69 ක් ලබාගෙන උඩින්ම දින්නේය. රෙද්දේ රෙවුන උන් හත්පොලේම ගාගෙන අපේ ඇඟෙත් උලන්නට ගන්නේ එතැන් පටන්ය. එහෙත් අප උන්ගේ පැටිකිරිය සොයන්නට ගියේ නැත්තේ.... මුන් පොදු කුලකයක් බව ඒ වන විටත් හඳුනාගෙන උන් නිසාය.


මුන්ගේ හැදියාවන්... පවුල් පසුබිම් හා හැසිරීම් ගැන විශ්ලේශනාත්මක අධ්‍යයනයක මා නිරතුරුවම යෙදී උන්නේය. ඒ උන්ම ලියූ කියූ දෑ තුලින්මය. තමුන්ගේ ගං කබර භාවය නොලියන මෙන් මා කීප දෙනෙකුටම උපදෙස්ද දුන්නේ... උන් ගොඩනගාගෙන ඇති ඉමේජ් එකට ඉන් අනතුරක් විය හැකි නිසාමය. 


ඒ බව දැන් තහවුරුය. මුන් සියල්ලෝම හද්දා පිටිසරින් සෙයිලමට පැමිණි අමු ගං කබරුන්මය. උන්ගේ දෙමාපියන්ගේ තත්වය.... අර අරගළය ජයග්‍රහනය කළ වෙලේ... වොයිස් කට් එකක් දුන් අරගල භූමියේ එළෝළු වවපු තාත්තා.... මේක බොන්න ඕන ප්‍රශ්ණයක් කියා සරම කඩලාම පෙන්නුවේ.... අරගල වීරයෝ ඔල්මොරොන්දම් කරමින්‍ය. උන් ගම්වල කසිප්පු කාරයෝය. හැබයි උන්දැගෙ දෝනියැන්දා සමාජයේ ජීවත් වුනේ කුරුඳුවත්තේ ලමාතැනී කෙනෙක් වගේය.


මුන් ඈත පිටිසර ගම්වල කසිප්පු කාරයන්ගේ දරුවෝ වනාතර. ගංජා සන්නාගේ සිසු පරපුරය. දීප්ති කුමාර ගුණරත්න මුන් හඳුන්වා දෙන පරිදි.... විජේවීරවාදී ජෙප්පන්ගෙන් වෙන්වන්නේ එතනදී පමණමය. ගංජා සන්නා කියන්නේද එරියස් කාරයෙක්මය. තර්ස්ටන් ගිය එකාගේ ගුබ්බෑයම....  රෝයල් තැප්‍රොබේන් වෙන්නේ හිස්තැන පිරවීමටය. ඌත් පල් හොරෙක් බව නැවතත් ඔප්පු වී අහවරය. 


මෙය ඉතා කුඩා කණ්ඩායමක් වනාතර කිසිඳු තැනක පිලිගැන්මක් නැති. පර්සනැලටියක් නැති.. කොනේ සිටිනා හාල්පාරුවෝ පිරිසක්‍මය. ඒ බව මාතලන් විසින් විවිධ ස්ථානයන්හීදී මෙන්ම, අරගලයේදීද අධ්‍යයයනය කළේය. මුන් වීරයෝ වන්නේ යුන්කෝඩ් අතරේ විතරමය. ඒ නිසා මින් මතු ලිපි වල මුන් යුනිකෝවරුන් ලෙස මා විසින් නම් කරන්නේ මේ වර්ගයේ තවත් දරුණු මානසික රෝගීන් කිහිප දෙනෙක්ම තවමත් යුනිකෝඩ් අතරේ සැරිසරනා නිසාමය.


හැබයි මුන් සමාජයේ පෙනී සිටින්නට ගියේ සුනේත්‍රා බණ්ඩාරනායක පාක්‍යසෝතී සරවනමුත්තුලාගේ පන්තියේ පසුබිමක් සහිත නෝනා මහත්තුරුය කියලාය. මුන්ට සංසාරයේ උන්ගේ සමාජ තත්වයට තබා... වාසුදේව හා මංගල සමරවීර පවුල්වල තත්වයටවත් ලඟාවිය නොහැකි බව පසක් වූ කළ... ගමටත් නැති රටටත් නැති ටොක්සික් හාල්පාරුවෙක් බවට පත්වන්නේය.


මේ ග්‍රාම්‍යවාසි හාල්පාරුවන් පිළිබඳ අපූරූ ටෙලි සිත්තමක් මා හිතවත් අසෝක හඳගම හිතවතා විසින් බොහෝ කළෙකට ඉහත "සින්තටික් සිහිණය" නමින් රටට පිඳුවේය. මේ ටොක්සික් රෝගීන් ගැන හඳයා කතා කළේ කාලාත්‍රයේ ඉදිරියට ගමන් කරමින් වීම.... අපූරූ අහම්බයක්මය.


ඇත්තටම මුන්.... ෆුකෝලා, ඩෙරිඩලා, ලැකාන්ලා වෙන්න ගියාට.... who cola ගත යුතු "පළිඟු මැණිකේ" නාට්‍යයේ සිටී... පුරෙන් ආ පිස්සු හුටන් සූරසේනලාමය.


ඒ වගත් මෙසේය.....


..................................................................


මනෝරාමගේ පෝස්ටුව

➖➖➖➖➖➖➖➖➖


මම නම් මිනිස්සු පොදුවේ ගත්තහම සමාජයට වන බලපෑම, වැඩි වශයෙන් අවුල් නම් මළත් නැතත් විවේචනය කරනවා...


ඒ නිසා විවේචනයේ අයිතිය පිළිගන්නවා.


මඩ ගැහීමේ අවලාද නැගීමේ අයිතිය පිළිගන්⁣නේ නෑ...


කවුරුහරි අහනව නං ඒ දෙකේ සීමාව කොතනද කියලා, ඒක තමා 'බයිත්වය'  


බයිත්වය අනුව තමා ඉතිරිය තීරණය වෙන්නේ...


මම බයියා මොකාද කියල අඳුරනවා... සතා අඳුරන නිසා පරිස්සමින් තමා ඉන්නේ... !!!


මාතලන්ගේ කොමෙන්ටුව

➖➖➖➖➖➖➖➖➖


කෙනෙකුගේ දේශපාලන මතය නිසා පෞද්ගලිකත්වයට ගහන්නේ බයියෝ නම්...


චතුර වෙල්ලගේ කියන තිරිසනා තමා බුකියෙ හිටපු හොඳම බයියා...

............................................................................


වෙල්ලගේ වැනි ටොක්සික් රෝගින් පිළිබඳ 

දීප්තී කුමාර ගුණරත්නගේ මතය

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


මාතලන් යකා ගොඩදෙනෙක් බොරැ සදාචාරවාදියෝ වෙලා. අවස්ථාව ලැබුණොත් ගහලා,කුඩුකරලා,මරලා,ගිනිතියලා දාන්නත් ,  යනඑන මගක් නැතිව අසරණ වී බිත්තියට හේත්තු වුණු විට නොසිතන තරම් නිවට,දීන වී සියල්ල පාවාදීමටත් හැකි මනෝභාවය  මේ සමාජයට එන්නත් කලේ විජේවීරවාදය .


මේ පිස්සන්කොටුවේ කිසිදු පදනමක් නැති මනෝවිකාර ,හිතලු කියවමින් ,අනෙකාගේ විනෝදයට වෛර කරන කාලකන්නි මනෝභාවය පහුගිය අවුරුදු 10ක් හැදුවේ විජේවීරවාදය .


ගල්කිස්සේ සෙවලයා,දෙනියායේ ප්‍රේමවතී වැනි මොකට ජීවත්වෙනවද කියලා නොදන්න තමන් සමග ලෝකයම අලු වෙන්න පතන විශ මනෝභාවයන් මේ සමාජයට ගොඩනැගුවේ විජේවීරවාදය .


මේ සමාජයට සැබෑවට හුස්ම ගන්න නම් ඇත්තටම තව කාලකන්නි කුහකයෝ දාහක් මැරෙන්න ඕනි.


ඒ අතර සත්‍යවාදීයොත් මැරෙනවා.

ඒක දෙවියන්ගේ කැමැත්ත.

.

Apr 20, 2024

පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නවතම තත්වය.....

 



පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ
නවතම තත්වය.......
➖➖➖➖➖➖➖💀💀💀💀💀➖

පාස්කු ප්‍රහාරට පිළිබඳ අනුර කුමර දිසානායක, සජිත් ප්‍රේමදාස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම ඔක්කෝම පරීක්ෂණ කරන නිසා... මාතලන් වන මා විසිනුත් පරීක්ෂණයක් පවත්වන්න තීරණය කළා...

මේ එම පරීක්ෂණයේ සාක්ෂි දුන් අයගේ අදහස් හා සිඳුවූ විවිධ සිඳුවීම්...

මහින්ද රාජපක්ෂ - ඕක අපේ කාළේ සිද්ද වෙච්චි දෙයක් නෙමේ නේ මාතේ...

මාතලන් - ඒ උනාට ඒ පිළිබඳ චෝදනා එන්නේ ඔහේලට නේ ආයිබන්ඩ... ඇත්ත කියන්ඩ ආයිබන්ඩ... මහමොළකාරයා මොළ හතේ මලයා නේ....

මහින්ද රාජපක්ෂ - පෙර පිනක් තීලා... ජෙප්පන්ගෙයි... ෆොනීගෙයි... අට පාස් කොල්ලන්ගෙයි පිහිටෙන්.... යුද්ධෙ දිනලා සුද්දේ දැම්මට.... අපිට ඕවා කරනවා තියා.... අම්මගෙ තාත්තගෙ සොහොනවත් ආරක්ෂා කර ගන්න බැරි පවුලක් බව ඔහේලා දැක්කනේ හාන්දුරුවනේ...

විමල් වීරවංශ - මේක තනිකර බටහිර කුමන්ත්‍රණයක්... මම මේ ගැන ලියපු පොත එලිබහින දාට... ඔහෙත් එන්නෝන හොඳේ...

පාඨලී චම්පික රණවක - මම දන්න එකා සිරිසේනට කිව්වා....

චන්ද්‍රිකා බන්ඩාරනායක - අනේ මේ... ඔය මඟුල ගැන මට විතරයි චෝදනාවක් එල්ල වුනේ නැත්තේ... තමුසේ ආවා මෙතන මාත් ඒකට පටලන්න...

රනිල් වික්‍රමසිංහ - රට ගොඩදාලා ඉවර වුනාම බලමු මාතේ....

සජිත් ප්‍රේමදාස - පාස්කු ප්‍රහාරයේ වගකීම මම බාරගන්නවා... 

මාතලන් - ඒ කියන්නේ ඔහේය මේක කළේ...

සජිත් ප්‍රේමදාස - නෑ නෑ ... ඒකට සම්බන්ධ ගොඩක් අය ඉන්නේ මාත් එක්ක නේ... එයාලා බේරගන්න වගකීම මම බාර ගන්නවා....

හේමසිරි ලියනගේ - අම්මපා මාතේ... ගහනවා කියලා හැම එකාම දැණුම්වත් කළා... ඒත් මෙහෙම ගහයි කියලා කව්ද බං හිතුවේ...

සිරිසේන - ඇත්තටම මාතේ... මම මේ ගැන මොකුත් දන්නේ නෑ හිටන්... දන්නවා නම් මට මෙහෙම හත් පොලේ ගාගෙන නාන්න වෙයිද මාතේ....

ඝෝඨාභය - ආ මාතේ... දැන් කාටෙයි කඩේ යන්නේ... මම මේ ගැන පොතක් ලියන්න ඉන්නෙ..  කලින් එකත් මහා පිරුවානා පොත් වහන්සෙටත් වැඩියෙන් විකුණ ගත්තා... වැඩේට අල්ලගන්නේ තඩි ප්‍රියන්තද... දීප්තිද...එරන්ද ගිනිගේද කියලා මේ දවස්වල කල්පනා කරන්නේ...

වළං ශානී - මේක කළේ කාදිනල් කියලා ඕන නම් එවිඩන්ස් හඳලා දෙන්නම්... ඕවා සිම්පල් වැඩ මාතේ... එදා ඉඳන් පාලකයෝ අන්දන එක තමා මම කළේ....

දප්පුල ලිවේරා - මේක පිටිපස්සේ මහ මොළකාරයෙක් ඉන්නවා....

අනුර කුමාර දිසානායක - අපි බලේට ආවාම... ඊබ්‍රහිම් නානාගෙන් අහගෙන... මහමොළකාරයා අල්ලලා දෙනවා කියලා කාදිනල් කාරයා අන්දන්න ගියේ... කොහෙද අර යසපාලිත නානායක්කාරගෙ පුතා ඒක යසපාලිත නිර්මාණයක්... එකම රස සාගරයක් කලා නේ...

හර්ෂණ නානායක්කාර - ඊබ්‍රහිම් නානා තියා දෙයියන්වහන්සෙවත් මේක දන්නෙ නෑ ඕයි... තමුසෙට කාදිනල් තරම් මොළයක් තියෙනවා නම් ඔය ප්‍රෂ්ණය මගෙන් අහන්නේ නෑ....

මාතලන් - සමාවෙන්න ඇහුවට... එයාට මොළයක් තියෙනවද?

කාදිනල් - දැනට රාජපක්ෂලා කළේ... දැන් රනිල්ට පවරන්න ට්‍රයි එකක් දෙනවා... අනාගතේ...  නාමල් ගාන වැඩියෙන් දුන්නොත්... අනුර කුමාර හරි සජිත් හරි මහමොළකාරයා කරනවා...

මෙහෙම එක එකාගෙන් කටෞත්තර අරගෙන බොරැල්ල හංදියේ බස්සිස්ටෑන් එකේ ඉද්දි... මොකෙක් හරි එකෙක් පිටට තට්ට කරන බවක් දැනිලා.... හැරිලා පස්ස බැලුවාම... මෝර්ගන් ෆ්‍රීමන්....

මාතලන් - මොකක් ... මෝර්ගන් ෆ්‍රීමන්... ඔහෙත් මෙහේ ටුවර් එකක් ආවයි... ඇමරිකන් ටුවරිස්ට්ලා නම් එන්නෙ අඩුවෙන්....

මෝර්ගන් - මම මෝර්ගන් නෙමෙයි මාතේ... මම තමයි දෙවියන්වහන්සේ ...

මාතලන් - අනේ යන්න අනේ යන්න විහිළු නොකර...

මෝර්ගන් - විහිළු නෙමෙයි මාතේ... මම මාර කළකිරීමෙන් ඉන්නේ....

මාතලන් - ඒ බව නම් මූනෙන්ම පේනවා ඔබ වහන්සෙට සාරාන්ලා හම්බ උනේ නැතෙයි....

මෝර්ගන් - මොකෝ නැත්තේ එයාලාගෙ ඩිවිෂන් එකේ කන්‍යාවියොත් එක්ක ෆුල් ආතල්ලෙකේ ඉන්නවා....

මාතලන් - ඒත් ඔබ වහන්සේ අවුලෙන් වගේ මොකෝ මේ...

මෝර්ගන් - නෑ ඉතින් සියල්ල මගේ කැමැත්තට වෙනවා කිව්වට... මටත් වැඩ වැඩියි... පට්ට බිසි නිසා ඒවා බලන්න දාපු උන් පිස්සුම නේ කෙලින්නේ...

මාතලන් - ඉතින් ඔබ වහන්සෙට මේ අපරාදේ කලින් පෙනුනේ නැතෙයි... වළං ශානිට නම් පෙනිලා තියෙනවා.... ඒත් ඇල්ලුවට හපා ගන්න බැරිවෙලා... අසාද් සාලීයි..  රිෂාඩුයි ගේම ඇදලය කියන්නේ....

මෝර්ගන් - ඒක තමා මාතේ මේ ඔක්කොම දන්න අය ඉන්දැද්දි මම මේ පෝස්ට් එකේ පරිප්පු කාළා හර්ෂණ නානායක්කාරල වගේ හාර්පාරුවන්ගෙනුත් නෝන්ඩි වෙන්නෝන නෑනේ... මම බැලුවේ ඒක දීලා දාන්න...

මාතලන් - ඉතින් දැන් ඔබ වහන්සෙ ඒක අර වළං ශානියට දෙන්නෙයි යන්නේ...

මෝර්ගන් - ඕන්න ඕකයි සීන් එක මාතේ.... දැන් ඕක... බුවාට දෙනවද... එහෙම නැත්නම් සිරිල් ගාමිනීට දෙන්වද කියලා අහන්නයි ඔහේ නැවැත්තුවේ.....

                                    - නිමී -

.

Apr 15, 2024

රොහාන් පෙරේරා.... කනත්තේදී සුන්නත් කිරීම


රොහාන් පෙරේරා....

කනත්තේදී සුන්නත් කිරීම 

➖➖➖➖➖➖➖➖➖⭕


සම-හරක් රොහාන්ගේ මරණය වෙලාවේ කොළඹ කනත්තෙන් එච් ආර් ජෝතිපාල වීප්ලවයක් එයි කියලා බලාන උන්නා. හැබයි රොහාන්ගේ අම්මා ඒ වැඩේ කෑවා. 


රොහාන් පෙරේරා කියලා රැවටුනේ මොහොමඩ් කෙනෙක්ට කියලා දැනගන්න කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. මොකෝ එයා එයාගේ ජොබ් එක 100% සාර්ථකව කරපු බුවෙක්. ඒ මෑණියන්ට අපේ ගෞරවය අනිවාර්යයෙන් හිමි වෙන්න ඕන... අවසාන මොහොතේ හෝ රොහාන් කියන්නේ මොකෙක්ද කියලා ලෝකෙටම පෙන්නුවට.


මේ රොහාන් මොහොමඩ් විසින් සුන්නත් කොට ඔහු වෙත වන්දනා මාන කරපු... ඔහුගේ ගුණ ගායනා කරමින් බුකියේ හෑලී ලියපු, කොමෙන්ට් දාපු සෙට් එක දිහා බැලුවාම.... බොහෝම පැහැදිලිවම පේන දේවල් කීපයක් තියෙනවා.


🔺මේ සියල්ලන්ම අරගලයේ හිටපු උන්...


🔺මේ සියල්ලන්ම වගේ අපේ රට, ජාතිය, සඟිස්කෘතිය වගේම විශේෂයෙන් බුද්ධාගමට කුඩු වෙන්න ගහන... ඒකට කෙලවෙනකන් බලාගෙන ඉන්න සෙට්ටෙක.


🔺සියල්ලන්ම අනුර කුමාරයා රජ වෙනකන් බලාන ඉන්න වහල්ලු නැත්නම් පෙරට්ටෝ.. 


🔺සියල්ලන්ම වගේ නඟරෙන් බැහැර ග්‍රාමිය ගං කබරුන් ලෙස ඉපද, කොළොම්පුරේට පෑහෙන්න දඟලන අය වීම...


🔺ඒ වගේම දීප්ති විරෝධීන් වීම.


ඇත්තටම මේ ලියන්න යන දේවල් අපි ලියන්න කරන්න ඕන දේ නෙමෙයි... මේවා වෙන්න ඕන රාජ්‍ය බුද්ධි අංශ වලින්. ඒත් ඉදිරියේවත් ඒ දේවල් සිද්ද වෙන්නේ නෑ.


අරගලය ඉවර උන් ගමන් පාස්ටර් සෝභිත දෙසුවේ... දැන් සිංහල බෞද්ධ බලවේගය ඉවරයි කියලා.... අමතක කරන්න එපා රොහාන් මොහමඩ්ලගෙ ප්‍රජාව අරගලේට බුරියානී දුන්නා විතරක් නෙමේ... මුල්ම දවස්වල වන් ගෝල්ෆේස් එක ඉස්සරහා ගාළු පාරේ දන ගහගෙන මක්කමට වැන්දා. ඒ වගෙම බයියන්ට නෙලලා බේරේ දැම්මෙත් එයාලා. ඒ වගේම ඝෝඨා නිවන් යවන්න මිරිහානට සෙට් වුනෙත් එයාලා... 


දළදාව ගිනි තියලා පටන් ගන්න ඕන කියලා ප්‍රසිද්ධියේ කියන සන්නලා... දළදාව මොන ලබ්බක්ද කියන සේපාල්ලා... සිද්ධාර්ථගේ පුරුෂ ශක්තිය ප්‍රශ්ණ කරන ශක්තිකලා වගේම... මෝඩාභිමානේ අමන ගෑණුත් බිහිවෙන්නේ රොහාන් මොහොමඩ්ලා ආරම්බ කරපු පන්ති වලින් පන්නරය ලබපු අයගෙන්. 


ව්‍යවස්ථාවේ එකම වගන්තියෙන් බුද්ධාගමට කින්ඩි දාපු උන් එලියට එන්නෙත්, ආගම වෙනුවෙන් කතා කරපු එකා හිරේ යන්නෙත් මේ ඉගැන්වීම් වලින් හදපු කැරැක්ටර් හේතුවෙන්.


මොහොමඩ් පෙරේරගෙ පෞද්ගලික ජීවිතේ අපිට වැදගත් වෙන්නේ මේ හේතුව උඩ. බුවා දාපු සෙල්ලම් මොහොමඩ් කියන නමෙන් කරන්න බෑ. අනික ඒ ජාතියේ ගෑණු සිංහල තකතීරු ගෑණූ වගේ මරිමෝඩ හැත්ත නෙමෙයි. 


එහෙම අමන ගෑණූ සෙල්ලම් බඩු වගේ තියාගන්නේ ආසියානු බෞද්ධ ස්ත්‍රියගෙ රෙද්ද ගලවලා. ඒවා ළොකු දේවල් වගේ දැකපු ග්‍රාමිය ගං කබර පිරිමි මොහොමඩ්ව  "බුද්ධා" කර ගන්න තරම් අම්බරුවෝ වෙනවා.


මම හිතන්නෙ බුවා දිප්තිගෙන් කැඩිලා යන්නත් මේක හේතුවක් වෙන්නැති. දීප්ති කවදාවත් බුද්ධාගමටවත් රට ආගම ගැනවත් ගහලා නෑ.


ඔක්කොම සෙට් වෙලා දීප්තිට ගැහුවට, මොහොමඩ් පෙරේරගෙ මරණය කරන්නෙත් මම දන්න තරමට දීප්තී. දීප්තිට ගහන්නේ දීප්තිගෙ දේශපාලනික ගමන, රොහාන් මොහොමඩ්  දායකයන්ගේ ගමනෙන් වෙනස් ගමනක් වීම නිසා.


අමතක කරන්න එපා...


ප්‍රභාකරන්ගේ කොටි හමුදාවෙත්, ප්‍රභාකරන් වගේම තමිල් චෙල්වම් කියලා හිනාවෙන ත්‍රස්තවාදියොත් හිටියා...


ඒ නිසා සහරාන්ලා වගේම රොහාන් පෙරේරලත් තව ඉන්න පුලුවන්.....


සිංහළ බෞද්ධ ස්ත්‍රියගේ රෙද්ද ගැන කියන්න කියපු බුවාට අන්තීමේදි සාම්ප්‍රදායික මුස්ලිම් ස්ත්‍රියකගේ කැමත්තට ඉඩ දෙන්න සිඳුවීම දෛවයේ සරදමක්ම නෙමෙයිද ආයිබන්ඩ...


විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ ඕයි.....

.

 

Apr 12, 2024

අවුරුදු 75කට කලින් වියදම ගැන අහන අයට:


 

අවුරුදු 75කට කලින් 

වියදම ගැන අහන අයට:

➖➖➖➖➖➖➖➖⭕


අවුරුදු 75කට පෙර සාමාන්‍ය වියදම හැදුණෙ මෙහෙමයි: 


🔺 හාල්වලින් 75%ක් විතර ආනයනය කළා. ඉතිරි ටික කුඹුරෙ වගා කරගත්තා. හාල් පොතට කොටසක් නිකම් ලැබුණා. ජෙප්පන්ට ලැබෙනවා වගේ.


🔺 පෝෂණය ගැන ලොකු අදහසක් නැහැ. මොනවා හරි එක්ක කෑවා. දැන් වගේ ආගම් කර තියාගෙන හිටපු නැති නිසා තලගොයින්ව පවා කෑවා. මුහුදුබඩ නම් ඉරිදට මරන ඌරට දවස් ගානක් තිස්සෙ තඩි බෑවා මස් මෙළෙක් වෙන්න.


🔺 අධ්‍යාපනයට ලොකු වියදමක් තිබුණෙ නැහැ. ගැහැනු ළමයින්ව පාසල් යැව්වෙ අඩුවෙන්. අඩු වයසින් බන්දලා දුන්නා. පිරිමි ළමයින්ව වුණත්, උසස් අධ්‍යාපනයට යැවුණෙ බොහොම කලාතුරකින්. ටියුෂන් කියල ජාතියක් අහලවත් තිබුණෙ නැහැ.


🔺 ගෙවල්වල මහ ලොකු දේවල් තිබුණෙ නැහැ. හුඟක් ඒවයෙ වැසිකිලි පවා තිබුණෙ නැහැ. ගෙවල් හදන්න හවුසිං ලෝන් අරගෙන ගෙව්වෙ නැහැ. (ජෙප්පෝ දැන් බුකියෙ රෙණවා වගේ කැළේට ගියේ.) උන්ට අදටත් ටොයිලට් එකක් පෙන්නන්න බෑ. දැක්කොත් කුඩු කරනවා.


🔺 වතුර බිල්, ලයිට් බිල් නැහැ. නිවාසවලින් අති බහුතරයකට විදුලිය නැහැ. 95%ක් විතර ඉව්වෙ දරවලින්,  දුම් කකා. (ආයෙත්  ළඟදිම ඒ වාසනාව උදාවෙනවා ❤️)


🔺 ඇඳුම්වලට ලොකු වියදමක් කළේ නැහැ. (ජෙප්පෝ වගේ) පොඩි ළමයි ඇඳුම් ඇන්දෙ නැති තරම්. පිරිමි ගැහුවෙ අමුඩ. වැඩිම වුණොත් සරං. කලිසං මැහුවෙ ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය විතරයි. එහෙම අය හිටියෙ බොහොම පොඩ්ඩයි.


🔺 ටෙලිෆෝන් කියල ජාතියක් ගැන දන්නෙවත් නැහැ. ඩේටාවලට වියදම් වුණෙ නැහැ. ෆේස්බුක් එකේ ඇවිත් කල්ල ලෑ බොල්ල ලෑ කියන කාලයක් නෙමෙයි ඒක. (හැබයි ජෙප්පෝ නම් බෝක්කු උඩයි,කෝපි කඩෙයි මේ වගේම කටින් රට හැදුවා...)


🔺 වැඩිය ගමන් බිමන් ගියෙ නැහැ. ට්‍රිප් ගියෙ කලාතුරකින්. සිරීපාදෙ එහෙම ගියෙ දේපල පවා ලියලා. සීගිරියට ගඩොල් ඇද්දෙත් නෑ.


🔺 හැමෝටම වාහන තිබුණෙ නැහැ. ඒ නිසා පෙට්‍රල්වලට, නඩත්තුවට සල්ලි ගියෙ නැහැ.


🔺 ලෙඩවලට චැනල් කරලා බෙහෙත් ගන්න සිරිතක් තිබුණෙ නැහැ. බොහෝ ලෙඩවලින් මිනිසුන් මැරිලා ගියා.


🔺 දැන් වගේ ලොකුවට ණය වෙලා වෙඩිං, කොටහලු මගුල්, බර්ත්ඩේ පාටි ගත්තෙ නැහැ. ලොකුවට දාන දුන්නෙ ධනවතුන් විතරයි.


🔺 ඒ කාලෙ වැඩිපුර බිව්වෙ රා. ඒ නිසා බොන්න දැන් වගේ විශාල වියදමක් ගියෙ නැහැ. සීල් අරක්කුවලට වුණත් මේ වගේ බදු තිබුණෙ නැහැ. දැන් රා තියෙනවා... බෝතලේ 350/= යි.


තේරුණද? 


දැන් කාලෙ වියදම් ගණනය වෙන්නෙ මේවත් එක්ක. 


▪️ඒකට හේතුව මානව හා සමාජ සංවර්ධනය. 


▪️ඒකත් වුණේ පසුගිය අවුරුදු 75 තුළ තමයි.


▪️නැතිනම්, තාම මළපහ කරන්නෙ තිස් බඹේ. කෙකෙු පණුවො ලේ බීලා බැරි බැරියාව.


▪️77 ජේ ආර්  රට ලෝකෙට විවෘත කරනවා.


▪️ 2010 යුද්ධය දිනපු මරන්න හොයපු මයිනා රට බ්‍රෑන්ඩඩ් කරනවා.


▪️දැන් තඹුත්තේගම පැත්තෙන් ආපු අමු ගං කබරෙක්... පිනට ලැබුන බ්‍රෑන්ඩඩ් ඇදගෙන, පිනට බිස්නස් ක්ලාස් එකේ ලෝකේ වටේ යනවා ඒ යුගය අපිට නැවත උදාකරන්න.


- මූලික සටහන

      - අජිත් පැරකුම් ජයසිංහ 


- සංස්කරණය 

      - මාතලන් යකා 

.

Apr 6, 2024

රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන පවුලේ මාධ්‍ය ප්‍රකාෂක උදයංග වීරතුංග.....


රාජපක්ෂලාගේ විනාශය ඉක්මන් කරන

පවුලේ මාධ්‍ය ප්‍රකාෂක

උදයංග වීරතුංග.....

➖➖➖➖➖➖➖⭕


චමුදිත සමරවික්‍රම හඳුන්වා දෙන විදියට රාජපක්ෂ පවුලේ මාධ්‍ය ප්‍රකාෂක වරයා උදයංග වීරතුංගය.... මෑතකම ඔහු හා එක්ව කරනු ලැබූ යූ ටියුබ් වැඩසටගනේදි....


ඔහුට අනුව....


🔺 මෛත්‍රිපාල සිරිසේන දන්නවා යැයි කියනා මහ මොළකරු අසල්වැසි බලගතු රාජ්‍යයකි... ඒ පකිස්තානය හෝ ඉන්දියාව විය යුතුය.. එහෙත් බොහෝ දෙනෙකුගේ චෝදනාව එල්ල වනුයේ ඉන්දියාවටය....


🔺 බැසිල් රාජපක්ෂ ඥාතී සම්බන්ධතා අනුව ඉන්දීයාවට සමීපාතර, උන්නැහේ ඉන්දියාවට සිටිනා සමීපතම ශ්‍රී ලාංකිකයාද වේ. 


🔺 රෝ සංවිධානය සමඟ බැසිල්ගේ සබඳතාවයක් පවතී.


🔺 2015 මහින්ද ජනෙල් පොල්ලේ එල්ලුවේ ඇමරිකාවේ මුදල් ගෙන ඉන්දියාව කළ කුමන්ත්‍රණයක් මගිනි.


🔺 ඒ අනුව සැවොම එපා කියද්දී රෝ සංවිධානය හා එක්වූ බැසිල්, කලින් චන්දයක් ගෙන, මහින්ද එලවා දමා මෙරටින් හෙමීට මාරු වුනේය.


🔺 සිරිසේන කියනාකාරයට පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ හා රෝ සංවිධානයේ ගේමක් නම්... රාජපක්ෂ විරෝධීන් කියන්නා සේ.... බැසිල්ද එම මෙහෙයුම පිළිබඳව දැණුම්වත්ව සිටින්නට ඇත.


🔺 චමල් රාජපක්ෂ මඤ්ඤං කතා කියනා මයිනෙකි. රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් විය යුතු නම් මුලින්ම ඉවත් විය යුත්තේ, පවුලේ වැඩිමලා වන ඔහුය.


🔺 රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැති අතර, බැසිල් විසින් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරණු ඇත.


🔺 එම අපේක්ෂකයා මහින්දද, ශිරන්තිද, බැසිල්ද, නාමල්ද, ධම්මිකද, උදයංග වීරතුංගද යන්න තවම තීරණය කොට නැත.


🔺 ජනාධිපතිවරණ නිම වන තෙක් බැසිල් නැවත මෙරටින් හෙමීට මාරු වෙන්නේ නැතිය.


🔺 පොහොට්ටුව ලාංඡනයේ නිර්මාණකරු නයි දිලිත් නොවනාතර, එයද බැසිල්ගේ නිර්මාණයකි.


🔺 මෙවර පොහොට්ටුවේ මැයි දිනයට ලක්ෂයක ජනතාවක් සහභාගී වනාතර, එය නැටුම් ගැයුම් හා රැඟුම් සියල්ලෙන් සමන්විත දැවැන්‍තම මැයි රැළිය වනු ඇත.


🔺 ප්‍රසන්න රණතුංග විසින් එම රැළියට බස් 10 ක්ද, එජාපයේ රැලියට තවත් බස් 10 ක් යවන බව උදයංග වීරතුංගට විජේරාමේදී පවසා ඇත.


රටේ ලස්සනම පාලී අපේ පාලීය වේවී

අපි කැම්බල් එද්දි හරි හැඩට පෙනේවී.....

අනෙක් පක්ෂවල උන්ට ඊරිසියා හිතේවී

රාජපක්ෂ පවුල මුලු ලොවේම බැබලේවී.....

.

.


ස්වස්ථි සිද්ධම්... !!!!

.

 

Apr 5, 2024

ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි


ඊශ්‍රායලය GPS සිස්ටම් එක බ්ලොක් කරයි

ඉරාන ප්‍රහාරයකට බියේ සුපර් මාර්කට් සිඳී යයි.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


2023 ඔක්තෝබර් 7 වෙනිදා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන්, පොලීසි හා හමුදා කඳවුරු එල්ල කර ගනිමින් කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන්, 1200 ක් මිලේච්ඡ ලෙස ඝාතනය කරලා 240 ප්‍රාණ ඇපකාරයෝ ලෙස ගාසා තීරයට පැහැරෙගෙන යාම මුලු ලෝකයේම අදාල ආගමට අයත් ත්‍රස්තවාදීන් විසින් ජයපැන් බොමින් සමරද්දී, ඒකට මෙහේ සෙට් එකත් එකතු වුනා... 


එයාල ඒදා ඊශ්‍රායලය ඉවරයි කියද්දී.. මාතලන් කිව්වේ... බලාගෙන හිටගන් ඊශ්‍රායල් කාරයෝ ගාසා කුඩු කරලා තමා නවතින්නේ කියලා... කිව්වා වගේම ඒ දේ වුනා... ගාසා තීරයේ 2/3 මේ වෙනකොට පොලොවට සමතලා කරලා ඉවරයි... මියගිය ගනන අති විශාලයි... දැන් යන්නේ ජෙනොසයිඩ් එකක්... ඒක අනුමත කරන්න බෑ වගේම.. ත්‍රස්තවාදයත් කිසිසේත් අනුමත කරන්න බෑ.. 


 වටේම තියන රටවල් වල ඉන්න ටෙරාලගෙන් පොඩි පොඩි ඇටෑක් ආවට, රාජ්‍යයන් වශයෙන් ඒ එක රටක්වත් ඊශ්‍රායලයට ඇටෑක් කරන්න ගියෙත් නෑ. දිනපතා නොකඩවා එල්ල කරන හමාස්ලගෙ අහස් ගුන්ඩු වලට වගේම අර වටේ පිටේ ඇටෑක් වලටත්, ඊශ්‍රායල් ජනතාව, බය වුනෙත් නෑ..


යුදෙව්වෝ ගැන නොදන්න උන් බෙන්ජමින් නෙතන්‍යාහූ උන්නැහේගේ අම්මට බැන්නට, ඔය ඇන්ජියෝ කාරයෝ වගේ ඉතා සුළු යුදෙව්වන් පිරිසක් හැර, අති බහුතරය යුදෙව්වෝ ඔක්කොම... බෙන්ජමින් නෙතන්‍යාහුලාම තමා... ඒ නිසා උන් එක්සත් ජාතින්ගේ සංවිධානය තියා දෙයියන්නාසෙවත් පයිසෙකට මායිම් කරන්නේ නෑ. 


හැබයි එහෙම කියලා... උන් අම්බ බය රටවලුත් තියෙනවා. ඒ කාළේ සදාම් හුසේන්ට උන් ගූ බයයි. දැන් ඉරානෙට ගූ බයයි. සදාම්ට බය වුනේ... "වෙපන්ස් ඔෆ් මාස් ඩිස්ට්‍රක්ෂන්" ඌ ළඟ තියෙනවා කියාලා ඇමරිකාව පතුරපු නැව් පචේ නිසා. ඉරානයට බය - උන් ළඟත් න්‍යෂ්ටික අවි වගේම කි:මි: 2000 ක් දුර ටාගට් වලට කෙලින්න පුලුවන් මිසයිල තියෙන නිසා.


බෙන්ජමින් ලොක්කගෙ ගාසා සුද්ද කරන වැඩේ හබක් වුනේ ... ඉතිරි වෙලා තියෙන රෆා ප්‍රදේශයත් පොලොවට සමතලා කරන්න යද්දි එංගලන්ත සහනාධාර කණ්ඩායම් සෙට් එකක බ්‍රිතාන්‍ය ජාතිකයින් 7 දෙනෙක්ම එක සැරේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් මිය යාමෙන්.


බයිඩන් ලොක්කා මුල ඉඳලා මිනිස්සුන්ට ආහාර යවන්න නොදී පලස්තීන දරුවෝ කුසගින්නේ මිය යනේකට මල පැනලා උන්නේ... ඒකයි, මේ ඝාතනයි, ඔක්කොම අල්ලලා, බයිඩන් ලොක්කා බෙන්ජමින් නෙතන්‍යාහූ ලොක්කගෙ ජාතිය ඇමතුවයින් පස්සේ... දැන්.... ඊශ්‍රායලයට ඔක්තෝබර් 7 ප්‍රහාර එල්ලවුනායින් පස්සේ ඒ ප්‍රදේශයෙන් වහලා දාපූ සැපයුම් මාර්ගත් ඕපන් කරලා... ජෝර්දානයේ ආධාර බෙදන්නට පවා අවසර දීලා තියෙනවා.


ඔය අස්සේ තමා නෙතන්‍යාහූ කාරයා සිරියාවේ ඩමස්කස් වල ඉරාන කොන්සල් කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ල කරන්නේ... ඒකෙන් ඉරාන විප්ලවීය හමුදාවේ රටවල් තුනකටම අණදෙන ඉහළම පෙලේ බුවෙක් වෙච්චි "මොහොමඩ් රෙසා සෙහේඩී" ඝාතනය වීම ඉරානයට වස ලැජ්ජාවක් උනා.


ඒ නිසා ඉරාන ජනාධිපති විසින් ඊශ්‍රායලයට මාරාන්ත්‍රික ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට වෝනින් දීලා ඉවරයි. මේකට නම් ඊශ්‍රායල් පාලකයොයි ජනතාවයි අම්බානෙට බය වෙලා සුපර් මාර්කට් ඔක්කොම සුද්ද කරලා බංකර්ගත වෙන්න සූදානමෙන් ඉන්නේ. වාර්තා වෙන අන්දමට ටෙල් අවීව් හා ජෙරුසලමේ පාරවල් පාලුවට ගිහින්, "ගෝස්ට් ටවුන්" වෙලා කියලා තමා ආරංචිය. 


මේ දේම ඉරාක ආක්‍රමණය කාළේ, මාතලන් එහේ ඉන්දැද්දිත් වුනා. ගෑස් මාස්ක් එක කරේ එල්ලගෙන නැත්නන්, පාරට එන්න දුන්නෙත් නෑ. බංකර්ගත වෙන්න සියල්ල ලෑස්ති කරගෙන උන්නේ.


මේ සැරේ GPS සිස්ටම් එකත් බ්ලොක් කරලා විතරක් නෙමේ හැක් කරලා... රටේ උන්ට GPS ඇක්සස් නෑ. පිටරට ඉන්න එකෙක්ට ජෙරුසලමේ ඉන්න එකා පේන්නෙ ඊජිප්තුවේ ඉන්නවා කියලා. ඉතින් ඉරාන කාරයා GPS වලින් මිසයිලයක් ජෙරුසලමට ගැහුවොත්, යන්නෙ කයිරෝ වලට 😁. ඒවා ඉතින් යුදෙව්වන්ගේ වැඩ.


ඒ කෙසේ වෙතත්... ඉරානේ මේ ත්‍රෙට් එක දාන්න බෙන්ජමින් ලොක්කට බයිඩන් ලොක්කත් සද්දෙ දාපූ නිස,  ඊශ්‍රායලය හුදකලා වෙලා වගේ තියන අවස්ථාවක. හැබයි ඉතින් ඉරානේ එහෙම ඇටෑක් එකක් ඊශ්‍රායලයට එල්ල කලොත්, ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානේ නිකන් ඉන්න එකකුත් නෑ.


.

 

Apr 4, 2024

නූල නොකැඩුන බන්ස්

 



නූල නොකැඩුන බන්ස්

➖➖➖➖➖➖➖❤️


එක පුන් සඳෙන් දුරු වේ නම් ඝණ ...........අඳුර

පයා සඳු දෙකක් දන ගහගෙන උඩ .........පැදුර

රහසක් කියමි රන් කඳ සවනට ...........කොඳුර

නොකඩා නූල ගිලුවට රස නැත ...........ගොඳුර


® කාව්ව සිරෝමනී මාතලන්


 #කුප්පකවි 

.

Apr 2, 2024

බිත්තර මාෆියාවට කෙලවීම, ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

 


බිත්තර මාෆියාවට කෙලවීම,

ලෝකල් බිත්තරේ 36 ට පැමිණීම හා

රුපියල් 15 ට දෙන අනුරගේ බිත්තරේ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ඊයේ පෙරේදා පාඨළී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අපූරූ හෙලිදරව්වක් කලේය.. මේකෙන්... මුදල් ඇමතිලගෙ, වෙළඳ ඈමතිගෙ, රේගුවේ, ඉන්කම්ටැස්සෙකේ වගේම පාරිභෝගික අධිකාරියේ උන්ගෙත් රෙදි ගැලවිලාම ගියේය.


ඒ..... බී ළූණූ, හාල්මැස්සෝ, කරවල සහ මුං ඇට ලංකාවට ගෙනත් විකුණලා තියෙන්නේ තුන් ගුණයක් ලාභ (300%) තියාගෙනෙයි කියලාය. මේක පාර්භෝගීකයා අමු අමුවේ සූරාගෙන කෑමක්ය. මේ ලාභය වෙළෙන්දා තනියෙන් භුක්ති විඳින්නේ නැතිය. ඈමතිවරුන්ට වගේම... අමාත්‍යංශ හා අදාල ආයතනවල නිළධාරීන්ද සම්මා ආජිවයෙන් මෙව්වා බෙදා හදා ගන්නවාය.


හොඳම උදාහරණය කෙහෙළිය සහ අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් වැලිකඩ ගියේකය. ඒ යැව්වේ නිකන් නෙමේය. විවිධ සංවිධාන හා ජනතාව නොකඩවා කළ පැමිණිලි සහ උද්ඝෝෂණ හේතුවෙන්ය.... විශේෂයෙන් මේ වගේ ව්‍යසනයක් පවතින වෙලාවක ගසා කෑම හරි ලේසිය. 


මම නම් කියන්නේ පාඨලීලා කරන්න ඕනා... ඕක හැන්සාඩ් ගත කරන එක නෙමේය. මේ පඩත්තලයින්ට එරෙහිව අධිකරණයට ගිහින් මුන්ව හිරේ යවනෙකය. ඒවා නිකන්ම ජනප්‍රසාදය හිමි වෙන වැඩය.


බිත්තර ප්‍රශ්ණයටත් රනිල් මැදිහත් නොවන්න... මාෆියාව කිව්වා වගේ අද වෙන කොට බිත්තර කන්න  වෙන්නේ රුපියල් 100 ටය. රනිල් මැදිහත් නොවන්නට, අර ඉන්දියන් බිත්තර වලට ලෙඩේ ඇද්ද පඩත්තල පර ගෑණී වගේ... මුන් ඔක්කොම මාෆියාවේ ජරාව කාලා සද්දෙ වහලා ඉන්නවාය.


රුපියල අවප්‍රමාණය වීමයි එක්ක උද්ධමනය 70% - 80% ට යන අතරේ... රුපියල් 15 ට 20 ට බිත්තරේ දෙන්න බෑ කියලා මාෆියාව හා බිත්තර ගොයියා කියපු කතාව  සහතික ඇත්තය. එකක්... ඒ මිනිස්සුත් අනික් බඩු භාණ්ඩ ගන්න ඕනෙකය. අනික නිශ්පාදන පිරිවැයය.


හැබයි 60 - 70 ට ගාන උස්සලා මාෆියාව කළේ වැහි නැති හෙණ පාත්වෙන වැඩක්ය. ඒ කාළෙත් උන් බිත්තර ගොයියගෙන් බිත්තරේ ගත්තේ 25 -:28 ටය. 65 -70 ට වික්කේ ඒකය.. 100% වඩා ලාභයක් කෙලින්ම මාෆියාවටය.


මාතලන් එදත් තර්ක කළේ... උපරිම ලාභයත් එක්කම බිත්තරේ 35 ට දෙන්න පුලුවන් කියලාය.  හැබයි මේ මාෆියාවෙන් ජීවත් වෙන මූසල පක්ෂ විපක්ෂ දේශපාලුවෝ විශාල පිරිසකුත් ඉන්නවා‍ය. ඒ අතරේ ජෙප්පොත් ඉන්නවාය. අපි ලිව්වේ ඉන්දියාවෙන් ගෙනත් 30 ට දෙන්න පුලුවන්‍ය කියලාය. එදා හැම එකාම මට හිනා වුනේය.


රනිල් ඉන්දියාවෙන් බිත්තර ගේන්න තීරණය කළේ ඒ අතරේය. ඒකට කෙලින්න මාෆියාව කළේ අර මොකක්ද ආයතනයේ පඩත්තල ගෑණිත් අල්ලගෙන දාන්න පුලුවන් ලෙඩ ඔක්කෝම දැමීමය. ඉන්දියාවේ කිකිලියන්ට උණක් තිබෙනවා යැයි කිව්වේය. ගෙනා බිත්තර වරායේ කුණු වෙන්න ඇරියේය. මේවාට ජෙප්පෝ කටක් නම් ඇරියේ නැතිය.


අන්තීමට ඒ හොර ගෑණිගේ ඇපෲවල් එක ගන්න ඒ හැතිරිය කැබිනට් එකට ගෙන්නන්න වුනේය. රනිල් අසමෝදගම් දුන්නේය. එතනින් ඒ කිකිළියගේ උණ රෝගය නිට්ටාවටම සුව වුනෙය. මිනිස්සුන්ට ඉන්දියන් බිත්තරේ රුපියල් 35 ට ලැබුනේ ඉන් පස්සේය.


බිත්තර මාෆියාවේ බිත්තර කෑවේ සුපර් මාර්කට් ක්‍රව්ඩ් එක විතරය. සාමාන්‍ය ජනතාව සතොසට ගිහින්... සිත් සතොසින් බිත්තර අරගෙන... බෝ සතුටින් ඔම්ලට් දාලා කෑවාය. දැන්... බිස්නස් එකට කෙලවෙච්චි මාෆියාවට මේ අවුරුදු කටේ උන්ගේ බිත්තරේ 36 ට දෙන්න වුනේය... මාර පව් නේදය....


දැන් ඒකට ජෙප්පන්ටයි... ජෙප්පෝ ගෙනත් කෙලත් නැතිව ඇරගන්න ඉන්න උන්ටයි... ජුවල් ගිහින් 15 ට බිත්තර ඉල්ලනවාය. උන්ට කියන්න තියෙන්නේ.... අනුර කුමාරයා බලේට ආවම... රුපියල් 15 ක් පක්ෂ අරමුදලට දාලා.... අනුරගේ බිත්තරේ කටේ දාගනින් කියලා.


ආන් එහෙම සහෝදරයෙක්ගේ බිත්තරේ කටේ දාගන්න ගිය... එක මිටට දර මිටි බඳින්න ගිය සඕදරියක්... ආදරේ දෝරේ ගලලා .... කෙලින්ම ස්වර්ගෙටම ඇරලා තිබුනේය....


බිත්තරේ කතාව නිමීය....

.

Mar 30, 2024

උද්ධමනය අඩු වීම දැනෙන්නේ නෑ කියන්නේ ඇයි


 

උද්ධමනය අඩු වීම

දැනෙන්නේ නෑ කියන්නේ ඇයි

➖➖➖➖➖➖➖➖➖⭕➖


ඔන්නොහේ එක පාරක් මේ සැරේ ජෙප්පන්ටත් දීලා බලනවා..... උඹත් දි‍යන්... ඔයත් දෙන්න... මහත්තයත් දෙන්න... සේරූත් දෙන්න කියන උන්ගෙන්.... මම අහන්නේ ඇයි එහෙම දෙන්න ඕන කියලා....


එතකොට උන් කියන ප්‍රධානම දේ තමා.... බඩු මිළ වැඩි වෙච්චි එකට... රනිලා මොකුත් කරන්නේ නෑ... අපිට ආයෙත් 250 ට කොත්තුයි.. 15 ට බිත්තරෙයි... ඉස්සර තිබුන ගනන් වලට ලයිට් බිල්, වතුර බිල්, ගෑස් ඕනෙයි කියනෙක...


ඒක ඉතින් අනුර කුමාර, සජිත් තියා, දිලිත්, ධම්මික හෝ විජේදාස ආවත් කරන්න බෑ කිව්වම උන් කියන්නේ.... නෑ පුලුවන් කියලා...


එතකොට මම අහන්නේ.... එහෙම දෙනවා කියලා එකෙක්වත් කියලා තියෙනවද කියලා...


ඕන් එතකොට කියනවා.... අම්මපා.... එකෙක්වත් එහෙම කියන්නේ නෑ නේ ඕයි.... කියලා....


ඊට පස්සේ මම අහන්නේ.... ජෙප්පෝ නෙමේ පාඨලීලා පවා කියපු ඒවා මතකද කියලා...


▪️පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙනේක

▪️ඩොලර් එක 600 ට යනේක

▪️මාස 3 කින් බැංකු පද්දතියම කඩා වැටෙනක

▪️ආහාර හිඟයක් ඇති වෙන එක

▪️ඖෂධ නැතිව ඉස්පිරිතාල වැහෙනෙක

▪️ජොස්තරලා මිසීලා ඔක්කෝම රට රට වලට ගිහින්... බේත් ගන්න එකෙක් නැති වෙනේක

▪️සංචාරකයෙක් එහෙම රටකට එන්නේ නැතෙයි කියනෙක...

▪️IMF ලෝන් ලැබෙන්නේ නෑ කියනෙක


හැබයි මොකෑ වුනේ....?

මේ ඔක්කොම පට්ට පල් බොරු වුනා.... ඇත්තටම ඒක ඉබේ වුනේ නෑ.... 

රනිල් විසින්... ඒ සියල්ලම බොරු කළා....


උද්ධමනය අඩු වෙච්චි එක... 

ආර්ථික විජ්ජාවේ ABC වත් නොදන්න සාමාන්‍ය ජහමනයට  නොදැනෙන්නේ මේකයි....


රනිල් බාර ගත්තේ මැරෙන්න යන පිලිකා රෝගියෙක් කියලා හිතන්නකෝ...

පිළිකාව කියන්නේ ඔඩු දුවන අති භයානක එකක් නේ... 

ඩොක්ටර් රනිල්ටත් මේක එක පාරට නවත්තන්න බැරි වුනා... 

එයා ඒකට ඖෂධ දුන්න... පිළිකාව සහිත ශරීර කොටස් ඉවත් කළා... 

බෙහෙත් දුන්නා විතරක් නෙමේ.... 

බාල ඖෂධ ගෙනාපු සෙට්ටෙකම හිරෙත් දැම්මා...

දැන් පිළිකාව ඔඩු දුවනෙක නැවතිලා තියෙන්නේ....


ඒ කියන්නේ බඩු මිළ ... අර විල්බැරෝ අරන් ගිහින් බඩු ගේන්න වෙයි කිව්ව තරමට... බඩු මිළ වැඩි වෙන්නෙ නෑ... 

රුපියල  ඩොලර් එක ඉස්සරහා බාල්දු වෙන්නේ නෑ... 

හැබයි උද්ධමනය වැඩි උනා නම් බඩු මිළ තව තව වැඩි වෙලා... 

ඔක්කොම හිඟන්නෝ වෙනවා...


ඩොලර් එකේ බාල්දුවීම දරා ගන්න බැරි වෙච්චි... ලංකාවට ඩොලර් එවන්න එපා කියපු... අමු කුහක හඳුනා ... ඒක දරාගන්න බැරිව ප්‍රසිද්ධියේම කිව්වේ... මෙහෙම ඩොලර් එක බාල්දු වෙන්න ගියොත්... ඇමරිකාව ඇවිත් අපිට බෝම්බ දමවී කියලා....


හැබයි දැන් ඉතින් .... ඩොක්ටර් රනිල් ඉවත් කළ ශරීර කොටස් ලෙඩාගේ ඇඟේ නෑ... දැන් ලෙඩා නිට්ටාවටම සනීපද.... ඒක කියන්න බෑ.... 


ඒත්.... ඒ ඔඩු දුවනෙක නවත්තපු ඩොකා හරි නෑ කියලා.... දැන් තොපි ලෙඩාව උස්සගෙන යන්න යන්නේ පිළිකාව... දෙළුම් පොවලා... දේශීය වෙදකමෙන් සනීප කරන්නම් කියන තඹුත්තේගම ගොඩ වෙදෙක් ගාවට..... 


එයාලත් තොපි වගේම... GDP, IMF, BOP, BOT, FDI, උද්ධමනය, විදෙස් සංචිත, බැඳුම්කර, ගෙවුම් ශේෂය, ප්‍රාථමික ගිණුම, සවරින් බොන්ඩ් තියා.... ජේම්ස් බොන්ඩ්වත් දන්නේ නැති... අනුන් දෙන ජොකාත් ඇඳගෙන කටින් බතල හිටවගෙන යන උන්....


උන්ට පුලුවන්ද බං ආර්ථිකය ගොඩගන්න....

කෝ ඒකට වැඩපිලිවලක් ...

කොහේද එහෙම එකක් කියන්නේ...


මේක සජිත් හා අනික් වෙන්ට ජනපතිලටත් මෙසේම අදාලයි....


මේ ඔක්කොම ඇහුවත් උන් කියන්නේ...

ජෙප්පන්ටම තමයි දෙන්නේ..

තෝ පුලාන් දෙයක් කරපන්..... කියලා...


එතකොට මම කියන්නේ...


මම මක්කවත් කරන්න ඕන නෑ වාහේ... 

උන් ඇවිත්.... බටර් කෙල නැතිව හැමදාම කරයි කියලා...


විශේෂ -


හැබයි ඉතින් උද්ධමනය අඩු වෙලා තියෙද්දිත්, රුපියල ශක්තිමත් වෙලා තියෙද්දිත්... සමහර බඩු මිළ තවදුරටත් වැඩි වීම නම්.... ආන්ඩුවේ වැරද්දක්...


මේ ගැන හොයලා බලලා වැඩේ කරන්න ඕන වෙළඳ ඇමතියා.... ඒවා පැත්තක තියලා... නාමලක් පුබුදුවන්න සාටක පස්සේ දුවන එක ගැන... ඩොක්ටර් රනිල් විශේෂයෙන් හොයා බැලුවොත් නම් හොඳයි.


ඔය වැඩේ චාමර සම්පත්ට දුන්නා නම් සුපිරියටම කරයි.....

.

Mar 29, 2024

ඇත්තේ චොයිස් දෙකකි....... මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?



 ඇත්තේ චොයිස් දෙකකි.......

මිලේච්ඡත්වයද , ප්‍රජාතන්ත්‍රවාදයද?

➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕


ජනාධිපති අපේක්ෂකයා තමන් බව රනිල් විසින්... පසුපාදයේ ක්‍රීඩා කිරීමට එකඟ වූ බැසිලස් විත් සෙවන් බ්‍රේන් හට පැවසූ බවට කනින් කොනින් ආරංචි ලැබෙන්නේය... රනිල්ගේ බවුන්සර්, නෝ බෝල් හා වයිඩ් බෝල් හමුවේ... බැසිල් ලොක්කා පසු පාදයේ ක්‍රීඩා කිරීමට තීරණය කළ බව... විජේරාමේ මීටිමටත් කලින් කිව්වේ මාතලන් පමණමය.


රට්ටුන්ට පේන්නට රාජපක්ෂ පවුල මාර එක්සත් එකමුතු ක්‍රීඩා සමාජයක්‍ යැයි යැයි කිව්වාට... මණ්ඩලේ ෆුල් කචල්‍ය... දැන් මහින්ද රාජපක්ෂ පවුලේ ගෘහ මූලිකයා...  මහින්ද රාජපක්ෂ නොව... ශිරන්ති මැඩම් බව ඝෝඨාගෙ ප්‍රයිවට් සැකට්‍රි සුගීෂ්වරට කලින් අපි නම් දැනගෙන උන්නේය... එයාලා ඒවා දැනගෙන තියෙන්නේ දැන්‍ය.... ඒ... මහින්දව යෝගී කරන්නට ගොස් ලෙඩෙක් කළ දිනයේ සිටය. වයසට ගොස් යෝගී කරන්නට ගිය හැම එකාටම අත්වූයේ ඔය ඉරණමමය...


මැයි 9 වනදා බයියෝ ඉල්ලගෙන කෑවේ... ශිරන්ති හා යෝෂිතගේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලාය... ඇත්තටම දෙන්නාගේ ප්ලෑන් එක වුනේ ගෝටා එලවා දැමීම වුනත්, පුප චූන් වෙච්චි බයියෝ... ගෝල්ෆේස් අරගලයට නෙලන්න ගොස්... ජෙප්පන්ගේ හෙල්මට් බලකායෙන් දීපව්‍යාප්තව පුප නැති වෙන්නම කෑවේය.


සිරස, සාලිය පීරිස්, ක්‍රිස්තියානී හා මුස්ලිම් පල්ලිය, අරගලයේ උන් විදෙස් බලවේග යන සියල්ලන්ගේ ආශීර්වාදයෙන් එකතු වී.... ජෙප්පන්ගේ හෙල්මට් බලකාය හා කැම්පස් වැද්දාගේ මැර හමුදාව ලවා... (මුන්ගේ පිරිස්, හමුදාව හා පොලීසිය තුලද සිටින්නේය) ජූලී 9 වනදා සෙට් වී උන්නේ... රාජපක්ෂ පවුලේ සියල්ලෝත්..., පෝට්ටුවේ බිග් ෂොට් මෙන්ම... හමුදාවේ හා පොලීසියේ ටාගට් සියල්ලම.... ස්වර්ගස්ත කොට.... දේපල සියල්ල කොල්ලකෑමටය.


මේ සැලසුම පිළිබඳව ඊට පෙර මනූෂ නානායක්කාර විසින්... සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවේදී හෙලි කොට අනතුරු ඇඟවීමක් කලද... ඒ පිළිබඳව කිසිවකු තැකීමක් නොකලත්.... රනිල් වික්‍රමසිංහ දැණුවත්ව තිබීම කලින් සඳහන් කළ උන්ගේ වාසනාවක් විය. එහෙත් උන්දැගේ නිවස බේරා ගැන්මට නොහැකි වූයේ මුල්ම ටාගට් එක එය වී තිබීම නිසාය. 


රනිල්ගේ නිවසේ... ටොයිලට් සියල්ල කුඩු කර තිබීමෙන්... එය ජවිපේ ගේමක්ම බව ඉතා පැහැදිලි වූ අතර..., ටොයිලට් වලවල්, වැසිකිලි, අශූචී සහ ගූ සමඟ ජෙප්පන්ට ඇත්තේ ආත්මීය බැඳීමකීය. ටොයිලට් වලක් කඩාගෙන කෑම ගැන පක්ෂයේ සුප්‍රීම් නායක... ටිල්වින් සිල්වා සඕදරයා පවා නිතරම පවසන්නේ... ඒ බව තහවුරු කිරීම සඳහා මෙන්ම වහලුන් වෙත සිහිකැඳවීමක් ලෙසය.


මේ මිලේච්ඡ සමූහ ඝාතනය හා මංකොල්ලය සඳහා මොරි මාඩ අම්බරු ජනතාවගේද උපරීම සහාය ලැබෙනුයේ... ඒ වැඩේ කලහොත් එම ධනයෙන්.... මේ රට ගොඩ ගත හැකි යැයි යන අන්ධභූත මුග්ධ විශ්වාසයක් හා මිත්‍යාවක්... ජෙප්පන් විසින්... මෙරට නොව, රට රටවල පවා වපුරමින් යන පචය... රීගන්න බැරි තරමටම ගිලලා අහවර නිසාය.


ඒ නිසා.... එදා කරන්නට බැරි වූ ඒ මහා ලේ වැගිරීම, පලිගැනීම හා මංකොල්ලය ඉටු කර ගන්නට යන්නේ.... ජනාධිපතිවරණයෙන් නීත්‍යානූකූලවම බලය ලබාගෙනය. උන් බලයට පැමිණ කිරීමට යන ඒවා.... දැන් දැන් එකින් එක එලියට එන්නේ....  දැන් මොවුන් බලයෙන් මත්ව ගිනිකන වැටී සිටිනා නිසාය.


ලාල් අයියා - ප්‍රතිවිප්ලවය මර්ධනයෙන් අවසන් කරන බවත්..., පින් හඳුනා - IMF එලවා දමන බවත්....,  උමා ඔයේ හිලා - දිනපු දා රෑම...කැබිනට් තීරණ වලින් රට පාලනේ කිරීම ආරම්බ කරන නිසා බත් කන්නේ බලාගෙන බවත් කියන්නේ.... බොරුවට නොවේය. මේ බවද... මාතලන් කලින් ලීවේය. ඒ මුන් බලයට පැමිණියහොත්... රටේ නීතිය, අධිකරණය, ව්‍යවස්ථාව, විධායකය යන සියල්ලම ජවිපේ දේශපාලන බල මණ්ඩලය බවය.


ඒ බව ටිල්වින් සිල්වාද ඊයේ පෙරේදා සනාත කළේ.... ජාතික ජන බලවේගය කියා ලබ්බක් ඇත්තේ නැති බවත්... ජාතික ජන බලවේගය කියන්නේ.... ජනතා විමුක්ති පෙරමුණනම බවත්... එහි ප්‍රතිපත්ති හා න්‍යායපත්‍රය ජවිපේ එකම බවත්...  ඔවුන්ගේ වාදය - මාක්ස්වාදයම පමණක්ම බවත් කියලාය.


අනුර කුමාරයා වැන්කූවර් ගං කබරුන්ගේ අත්පොලසන් හා විසිල් හඬ මැද්දේ කියා සිටින්නේ... එම සංහාරයෙන් පසු.... රටේ ජනතාව ..... සුද්දා මේ රටින් එලෙව්වාටත් වඩා ප්‍රීතී ප්‍රමෝදයට පත්වනු නොඅනුමාන බවය. (මෙවා ගැඹුරින් තේරුම් ගැනීමට තරම් සවිඥානික බුද්ධියක් රට පාලනය කරන උන්ට නොමැති වීම.... අම්බරු ජහමනයාගේ අවාසනාවකි.)


ජුනී 9 වනදා සිඳුවීමට ගිය ඒ මහා මිලේච්ඡ සමූහ ඝාතනයෙන් හා දැවැන්ත මංකොල්ලයෙන් රට බේරාගත්තේ රනිල් වික්‍රමසිංහ බව.... දැන් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතකය. බැරි වෙලා හෝ එදා පාර්ලිමේන්තුව ගිනි තැබුවේ වී නම්..., ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීම ඉතා පහසු කාරියක්ම වන්නේය. 


ඉදින් මේ නිර්ප්‍රභූ ග්‍රාමීය ළි මැඩි හැතිකරයට බළය ලැබුනොත් වෙන්නට යන දේ පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇති... ඉන්ගිරිස් දන්නා උගත් මධ්‍යම පාන්තික රැඩිකල් වම්මුන් පවා රනිල් වෙත සහාය දැක්විම.... නිර්මාල් රංජිත් දේවසිරිලාගේ උදහසට ලක්ව ඇත්තේ ඒ නිසාමය.


ඉඳින් 56 අම්බරු බන්ඩාරනායකගේ රෙද්දේ විප්ලවයෙන් ගොඩ විත්.... රාජ්‍ය සේවය මෙන්ම රටේ සෑම අංශයක්ම විනාශයෙන් විනාශයට පත් කළ ප්‍රජාවේ එකෙක් වන.... මේ අනුන්ගෙන් ඉල්ලාගෙන කන... පට්ට ගෝත්‍රික.. ග්‍රාමිය ළිං මැඩි... හීනමාන රැකියා විරහිත නිර්ප්‍රභූ බයිලා චැම්පියන් කුමරෙකුට රට බාර දී... කියුබාවේ, වැනිසියුලාවේ, උතුරු කොරියාවේ වගේ ඉල්ලාගෙනම කනවාද.....


එසේ නොමැති නම්...  විල්බැරෝ පුරවා සල්ලි ගෙනගොස් පාන් ගෙඩියක් ගේන්න වෙනවා යැයි යැයි කියූ... ඩොලර් එක 600 ට යන්නේ යැයි යැයි කියූ... කුර හා අං සහිත හාල්පාරූ ලාංකීය ආර්ථික බක පන්ඩිතයින් නොව.... මුලු ලෝකයේම ආර්ථික උස්තාද්ලා හා ආයතන සියල්ල පවා හොල්මන් කරමින්...බංකොලොත් රාජ්‍යයක්.... මාස 18 තුල දී ..... උද්ධමනය ජනතාවට නොදැනෙන තරමටම අඩු කොට... විදෙස් සංචිත ඩොලර් බිලියන 4.4 ක් දක්වා වර්ධනය කළ දියසෙන් කුමරා වටා එක්වනවාද යන්න....


ආර්ථිකය පිළිබඳ මෙලෝ අලබෝලයක් නොදන්නා..... අම්බරු ජනතාවගේ තීරණයක් නොව... උන්ව දක්කාගෙන යන.... දක්ෂිනාංශික දේශපාලු හැතිකරයේ තීරණයක්ම බව ලියා... මේ පල්හෑල්ල මෙතනින් නවතා දමනවාය.

.

.

ඒ වගත් මෙසේය.....

.

Mar 25, 2024

නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම

 


නියත ජනපති

රටට හිත ඇති

අනුර කුමරා රජ කිරීම

➖➖➖➖➖➖😁➖


පිටරටවල ගොස් සිටින අම්බරු ලාංකිකයන්ගේ පොකට් එකට විදින්නේ අනුර කුමාරලා විතරක් නොවේ... මහා රැඩිකල් රෝයල් ටැප්‍රොබේන් සන්නාගේ සිට... පොත් ලියනා උන්, නාට්ටිකාරයෝ, විතරක් නොව... ගේය පද රචකයෝත්.... දැන් ගාන කපාගන්නා අලුත්ම ක්‍රමය වී ඇත්තේ.... ෆොරින් ටුවර් එකක ෂෝ දෙක තුනක් පෙන්වා එන එකය...


මෑතක් වෙනකන් ෂෝ වලට ගියේ.... මියුසිකල් ගෲප්, ගායක ගායිකාවෝ හා බණ තලන්නෝ පමණක් වුවද....  නාගානන්ද හා ඔඩිට් ජෙනරාල් වැනි ලෝක හොරු දෙදෙනෙකුගෙන් ආරම්බ වී, පොත් හත අට ලියන වේලෙන කොල පොත් කාරයෝද, බව්වොත් නොබලන නාට්ටි කාරයෝද,  ලේසියෙන්ම ගානක් හොයාගන්න කරන්නේ... දේශීය පට්ට ගෝත්‍රික අමු ගං කබර සෙට්ටෙක අනාට ගොන්දා... ගානක් කපාගෙන එනේකය.


උන්ගෙන් ගානකුත් කපාගෙන... උන් අමු ගං කබර අම්බරුවෝ බව... උන්ගේ මූනටම කියා ආ උපුල් ශාන්ත සන්නස්ගල මැතිතුමාට අපේ පූර්ණ ගෞරවය හිමි වන්නේ... උන්ගෙන් කා බී උන්ගේ බටර් වලින්ම උන්ට ඇරලා ආපු නිසාමය.


අපරාදේ කියන්නේ... අනුර කුමාරයා කරන්නේත් ඒකමය. අනුර කුමාරයා නොව අමුක ඩුමුක ගියත්... අමු සිංදු මල්ලි ගියත්... අනුර කුමාරයා නොව කප්පම් වසන්ත ගියත්... එයාර්පෝට් එකේ සිට මල් මාලා දමා... සැල්පි ගසා... හැකිනම් රන්ජන් රමණ යකා එක්ක වාගේ බුදියගන්න කෑලිත් සෙට් කරවා... බිස්නස් ක්ලාස් එකේ සීට් එකක ඉන්දවා.... නැවත මව් රටට එවීම... දැන් කල්ට් එකක් වෙලා අහවරය.


මොළේ තියෙන උන් කරන්නේ උන්ට ලස්සන සුවනියර් ටිකට් එකක් දී.... ගාන කපාගෙන එන එකය. ජෙප්පන් මේ කරන්නේත් එයමය. අනික ජෙප්පන්ට එසේ සලකන්න උන්ට යුතුකමකුත් තියෙනවාය. ඔය බොහෝ පිරිසක් 88/89 ජවිපේ භීෂණයේ උන් කම්බා හොරුය, වදකයෝය, මැරයෝය.... ගේම් දී... දේශපාලන රැකවරණ පතා ඔය රටවලට පැනගත්ත උන්‍ ය.


අනුර කුමාරයා කියන්නේ... 2019 දී ලක් අම්මා බේරා ගැන්මට ෆ්ලයිට් පුරවාගෙන පැමිණියා සේම අනුර කුමාරයා රජ කිරිමට.. ඩයස්මිලා... සමිල මුතුමුණිලා ඇතුලු 69 ලක්ෂයේ ෆොරින් බයියෝ... පෝලිමේ ඇවිත් එයා රජ පුටුවේ තබනා බව ඉරහඳ මෙන් විශ්වාස බවය.


ඒ නිසා ග වේස න සීලී මාජ්ජවේදී කේ සංජීව මහතා මෙන්ම.... දේශපාලන උස්තාද්ලා වන... කුසල් පෙරේරා හා වික්ටර් අයිවන්ලා මක්කා ලීවත් කීවත්... අනුර කුමාරයා ජනපති කොට රුපියල් 250 ට කොත්තු කන්න ජනතාව තීරණය කොට අවසන් බව ඊයේ දිනයේ ඉතා පැහැදිලිව පෙනුනේ..


දරුවන්ට දිවා ආහාරය දී හෝ.... 450 ට තිබූ පිටිකිරි පැකට් එක රුපියල් 1080 ක් කරවා ඒකෙන් රුපියල් 60 - 70 ක් අඩු කොට ජනතාව තවදුරටත් රවටා.... අවුරුදු පහකට නැවත අනාට ගොඳ ගැනීමට කිසිසේත් ලෑස්ති නැති බව.....


නැවතත් රුපියල් 250 ට කොත්තුව කා ඝණ අන්ධකාරේ පැස්ටෝල් පෝලිමේ සිට රුපියල් 3000 ට ලීටරේ ගැනීමට සිටිනා බුද්ධිමත් ජනතාව දුන් වොයිස් කට් දැකීමෙන් අනතුරුවය.


ස්වස්ථි සිද්ධම් ....!!!

.

Mar 24, 2024

මාලිමාව දිණුවොත්

 


මාලිමාව දිණුවොත්

➖➖➖➖➖➖⭕


✴️💀 ආයේ විපක්ෂත් නෑ... දේශපාලන පක්ෂත් නෑ


✴️💀 චන්දත් නෑ... මැතිවරණ කොමිසමුත් නෑ... සර්ව ජන චන්ද බලයත් නෑ.. අයිඩෙන්ටි කාඩ් එකත් නෑ....


✴️ 💀 රටට විධායකයකුත් නෑ... ව්‍යවස්තාවකුත් නෑ.... අධිකරණත් නෑ.... පාර්ලිමේන්තුවත් නෑ...


✴️ 💀 රට පාලනය කරන්නේ ජවිපේ දේශපාලන බලමණ්ඩලය... නීතිය ජවිපේ නීතිය... අධිකරණ - කැන්ගරු අධිකරණ.... කොටින්ම 88/89 ජවිපේ නීතිය.


✴️ 💀 සුප්‍රීම් නායකත්වය ටිල්වින් සිල්වා. 


✴️💀 මෙතෙක් දේශපාලනය කළ දේශපාලුවන් සියල්ලම, ආන්ඩු හිතවාදීව උන් රාජ්‍ය නිළධාරීන් ,  පොලිස් ලොක්කෝ, හමුදා ලොක්කෝ සියල්ලෝම නිවන් පුර හෝ දේශපාලන සිරකරුවන් ලෙස වදකාගාරවලට.


✴️ 💀 රටේ... පොලීසිය, හමුදාව හා නීතිය ක්‍රියාත්මක කිරීම... හෙල්මට් බලකාය.


✴️ 💀 මෙතෙක් අනෙක් දේශපාලන පක්ෂ වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුන උන්ට නිවන් සුව.... නිවාස හා දේපල ජනසතු සමූහාන්ඩුවට.


✴️ 💀 මහා පරිමාණ ව්‍යාපාර, කර්මාන්ත , පෞද්ගලික බැංකු, රක්ෂණ ආයතන, පෞද්ගලික තේ වතු හා ගොවි බිම්,  සුපිරි වෙළඳ සැල්, පෞද්ගලික බස්‍ රථ සියල්ල ජනසතුකරණයට. 


✴️ 💀 පෞද්ගලීකරණය කරණ ලද සියළුම ආයතන නැවත සමූහාන්ඩුවට පවරා ගැන්ම.


✴️ 💀 විදේශ ආයෝජකයින් සියල්ල පිටුවහල් කිරීම.


✴️ 💀 කොටින්ම පණ ඇද ඇද උන් ලක් අම්මටත් නිවන් සුව.


✴️ 😜 විප්ලව කරලා ගන්න ගිය බලය අරගෙන මේවා කරන්න ගිය උන්ට.. දැන් ජනතාව...  බටර් ගාගෙන දෙකට නැමිලා පලල් කරලම දෙන්න යන්නේ...


✴️ 😜 ඔයාලා ඒ සුවේ විඳින්න... මම නම් සුනිල් හා නන්දා වගේ ඉන්දියාවට බෝට්ටුවෙන් යනවා.


⭕ මෙයින් එකක් හෝ සිඳු නොවනා බවට ජේවීපී නායකයින් කිසිවකුටවත් ප්‍රකාෂ කළ නොහැක්කේ ජාජබ නායකයින් පවා මේ සියල්ල වක්‍රාකාරයෙන් ප්‍රකාෂයට පත්කොට අවසන් බැවිනි.

.

.

ස්වස්ථි සිද්ධම් ...!!!

.

Mar 23, 2024

හොඬවැල

 


හොඬවැල
➖➖➖❤️

යුද්දෙට නැති කඩුව කොස් ගෙඩි කොටන්     නද
හෙන්ඩුව නැතිව මඳ කිපුනම දුවන්                නද
මහතට දිගට නැතිනම් හොඬ වැලද             කඳ
කුමටද මෝදූ වී බැබලෙන පෝය                     සඳ

® කාව්ව සිරෝමනී මාතලන් 

#කුප්පකවි

Mar 22, 2024

IMF නිළධාරීන්ද හොල්මන් කළ ආන්ඩුවේ ජයග්‍රහණය


 

IMF නිළධාරීන්ද හොල්මන් කළ

ආන්ඩුවේ ජයග්‍රහණය

➖➖➖➖➖➖➖⭕


රට ආර්ථික අර්බුධයකට ලක් වූ අවස්ථාවේ.... එයින් පැනගිය ගොබ්බ දේශපාලුවන් වන.... අනුර කුමාර ප්‍රමුඛ ජේවිපී බලකායද....,  සජිත් ප්‍රමුඛ ගොඩහෑවාගේ ලණු කන මැටි මෝල් කණ්ඩායමද..., ජනාධිපති ලේකම් කාර්‍යාල රැස්වීමෙන්ද පැන ගියේ.... හේතු දෙකක් මතය...


පළමු එක....

කිසිඳු වැඩපිලිවලක් නොමැති නිසා නන්න පෝල් වූ බැරි කමය... ඩොලර් එක 600 ට යන බවත්... පාන් ගේන්න විල්බැරෝවේ සල්ලි ගෙනියන්න වෙන බවත් කීවේ ඒ නිසාය...


දෙවැන්න ....

උන් මේ රටට හා ජනතාවට කිසිඳු ඇල්මක් ආදරයක් නොමැති බල පෙරේතයන් පමණක්ම වීමය...


උන්ට ඕනා ජනාධිපති වී ඒ ආතල් ගන්නටය... මැති ඇමති ආතල් ගන්නටය....


සරළවම කියන්නේ නම්....උන්ට ඕනා මේ රට IMF ආධාර හා අධීක්ෂණය යටතේ ඉදිරියට යාම නොව...., රට හා ජනතාවට අම්මට හැමිනිලා කෙලවෙලාම යනේකය. 


රටක් දියුණු කරනවාට වඩා.... ඒකට... අම්මට හැමන්නලාම දමන එක මාර ලේසියි කියා පෙන්නුවේ ගෝටා, පී බී හෙවත් ආර්ථික ඝාතකයා හා උන්ට දිරච්ච ළණු දුන් මහ බැංකුවේ හාල්පාරු වෘත්තියවේදියෝය. ඒ සඳහා උන්ට ගත වූයේ අවුරුදු 3 ක් වැනි ඉතා කෙටි කාළයක්ය.


ලෝකය ගලා යන අර්ථ ක්‍රමයෙන් මිදී.... ගූ පෝර යෙදූ සංවෘත දේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නට ගොස් වෙච්චි සන්තෑසිය... මේ රටේ ගොබ්බයන්ට මෙතරම් ඉක්මනට අමතක වීම... මාර ලොල් සහගතය.


දැන් ඔය මොකා මොන බයිලා ගැහුවත්..., බලයට එන ඕනෑම එකෙක්ට රට පාලනය කරන්න වෙන්නේ IMF එකේ පදයටය. ඊට එකඟ නොවන්නේ නම්.... මේ රට  ආයේ ගල් යුගයටම යනේක නවත්තන්න.... ඒ මොකාටවත් හැකි වන්නේත් නැතිය.


දැන් IMF පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඉතරක් නොව ආර්ථික විශේෂඥයින් පවා හොල්මන් වෙලා ඉන්නේ..... රනිල් හා පිරිස මේ තරම් කෙටි කාළයකින් අම්මට සිරි ලංකාව ගොඩ ගැනීම ගැනය.


IMF නිලධාරීන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ කියා සිටියේ.... 

▪️ උද්ධමනය සීමා කිරීම, 

▪️සංචිත සමුච්චය සහතික කිරීම සහ 

▪️රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්.... ආන්ඩුව "ප්‍රශංසනීය ප්‍රතිඵල" පෙන්වා තියෙනවා කියලාය.


එමෙන්ම ආර්ථිකය ගොඩ ගැන්මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී... තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේදී “ඉතා විශිෂ්ඨ ප්‍රගතියක් අත්කර ගැනීම” සම්බන්ධයෙන්.... ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන් ප්‍රශංසා කිරිමටද අමතක කළේ නැතිය.


ඒ අනුව ආර්ථිකය ගැන අවබෝධයක් ඇති උන් කියන්නේ.... 

▪️වසර හයක් දක්වා ණය ගෙවීම් අත්හිටුවීමක් සහ 

▪️ආපසු ගෙවීමේ කාලය තුළ පොලී අනුපාත අඩු කර ගැන්මක්.... බොහෝ විට ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇති බවය.


එවන් තත්වයක් අත්කර ගත් ජනාධිපතිවරයකු හා තරුණ කණ්ඩායමක් සිටියදී.... ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා.... සුබසාධනවාදී ස්වදේශිය ආර්ථිකයකින් රට ගොඩ ගන්නවා යැයි කියන දර ලිපේ උයන ගල් වැද්දන් හා වමේ හිඟන්නන් රජ කරන්නට යන උන් ගැන.... ලියන්නට වදන් ඇත්තේ නැතිය.

.

.

ඒ වගත් මෙසේය.....

.

Mar 19, 2024

ලීක් වීම හෙවත් පෙම්වතුන් සිනා සේ... ඔහු කඳුළු සලන්නේ...


 

ලීක් වීම හෙවත්

පෙම්වතුන් සිනා සේ...

ඔහු කඳුළු සලන්නේ...

➖➖➖➖➖➖➖❤️▪️


සුරංගනා ලෝකයෙන් පෘතුවියට පැමිණි අනංගයා ලංකාවේ සිටී බව බොහෝ උන් දැනගත්තේ ලීක් වූ වීඩියෝ බුකියේ උන් බෙදාහදාගනිමින් සිටිනා අතරතුර.... රැවුල කොන්ඩය වවාගත් තරුණයකු පොලිස් ජීප්පුවක් තුල සිටිනවා දැක්මෙනෙක්බිතිය. ඔහු ප්‍රේමරාජ් නම් විය... 


මේ ඒ කතාවයි....


කිසියම් තරුණයකු ලවර්ස් ලේන් එකේ පෙම්වතුන්ගේ ප්‍රේමාලිංගන...  උත්තල දර්පණය සහිත පෝටබල් වයිපයි රිමෝට් කාච මත රහසින් තැන්පත් කරගනිමින් සිටින බව ලවර්ස් ලේන් පොලිසියට පැමිණිලි ලැබී තිබින....


දිනක් පොලීසියට හොරෙන් තම රාජකාරී මොහොතේ ලවර්ස් ලේන් එකේ ඇවිද ගිය කන්‍යාවියක් වූ පොලිස් සැරයන්වරියක් හදිසියේ ගැබ් ගැනීමේ හේතුවෙන්.... පොලිසියේ කිසිවකුටත් ලවර්ස් ලේන් එක තුල සැරිසැරීම නීතියෙන් තහනම් කොට තිබින. ඉන් පසු එය අධි ආරක්ෂිත කලාපයක් විය...


මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුලුල් පරීක්ෂණයක් සිඳු කළ අතර... රස පරීක්ෂණ වාර්තා තුලින් හෙලි වූයේ..... මෙම සැරයන්වරිය ගැබ්ගෙන ඇතත්.... ඇය තවමත් කන්‍යාවක්ම වන බවයි. 


මේ පිළිබඳ වැඩි දුරටත් සොයා බැලීම සඳහා විශ්‍රාමලත් වීසුරුවන්ගෙන් සමන්විත කොමිසන් සභා තුනක් පත් කළ අතර.... එහිදී කරණ ලද පාපෝච්චාරණය හමුවේ.... කොමිසන් සභා නියෝජණය කල විශ්‍රාම ලත් විනිසුරුවරියන් හා නිලධාරිනියන් කීප දෙනෙකුද ගැබ් ගැනීමට ලක් විය.


එහිදි පොලිස් සැරයන්වරිය ප්‍රකාෂ කල කටඋත්තර අතර... නාගයන්, විශාල පිඹුරන් මෙන්ම කොස් ඇට මීයන් ගැනත්.... උන් විවිධාකාරයේ ගුහ තුල තම රැඟුමන් දක්වමින් සිටි අයුරුත්...., ගැබ්ගැන්මට විශේෂම හේතුව වන්නට ඇත්තේ..... විශාල ඇනකොන්ඩාවෙක් රන්ජන් රාමණ යකාගේ ඉරියව්ව ක්‍රීඩා කිරීමට උත්සාහ කරමින් සිටි දර්ශනය විය හැකි බවත්‍ය...


මේ අතරේ ප්‍රේමරාජ් මහතා තමන්ට පැවරි ඇති රාජකාරිය ඉටු කිරීමට යාමේදී මහත් ගැටලුවකට මුහුණ දී සිටියේය.... ඒ ඔහුගේ හී සැර වැදී නැති උන් පවා.... එකාට දහ දෙනෙකු හා සෙට් වී සිටීම තුලය.... මොවුන් අතරින් නියම පෙම්වතුන් තෙර්‍රීමට නම් කළ යුතු එකම දෙය වන.... මොවුන් සෑම දිනම පැමිණෙන්නේ එකම පෙම්වතෙකු හෝ පෙම්වතියක සමඟ පමණක්මද යන්න තහවුරු කරගැන්ම සඳහා..... ආදරයේ කාචයන් ලවර්ස් ලේන් හි පඳුරු තුළ සැඟවී සිටිම ආරම්බ විය. 


පක්ෂ පාට, ජති කුල ආගම්, බයි ටොයි කයි, එක මිටි දර මිටි බේදවලින් තොරව, බුකි ප්‍රජාව සහජීවනයෙන් බෙදාහදාගනිමින් හුන් ලීක් එකක් ගැන දේශබන්දු තෙන්නකෝන් මහතාට මෙන්ම ටිරාන් අලස් මහතාටද ගෙන ආවේ විශාල අපකීර්තියකි,.... 


රට බංකොලොත් වීම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්බ කොට පූර්ණ ආරක්ෂාව යටතේ පවත්වාගෙන ගිය ලවර්ස් ලේන් හී මානව හිමිකම් උල්ලංගනය වීම හේතුවෙන් පෙරටුගාමීන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්බ කරන ලදි,


ජවිපේ හරිනි අමරසූරිය සඕදරිය ලන්ඩනයේ මේ පිළිබඳ විශේෂ දේශනයක් කිරීමට පිටව ගිය අතර, ආන්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් දිවුරා පොරොන්දු දෙන ලදි. (කතානායකවරයාගේ විශ්වාසය තහවුරු වීමෙන් අනතුරුව එම විශ්වාසභංගය විවාදයට ගැන්ම සඳහා ඊයේ ආන්ඩු පක්ෂය විසින් දින තුනක් ලබා දෙන ලදි.)


එහෙත් අත් අඩංගුවට පත් ප්‍රේමරාජ් කියා සිටියේ.... තම ජංගම දුරකතනය අළුත්වැඩියා කිරීමට දුන් ආයතනයෙන් මේවා ලීක් වන්නට ඇති බවත්..., මෙය ලීක් කිරීමේ පරමාර්තයෙන් සිඳු නොකල කටයුත්තක් බවත්...., තම රැකියාවේ පහසුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැන්ම පමණක්ම බවත්.... වැලටයින් වැනි නාකී හම්පඩයකුට මේවා ගැන වැටහීමක් නොමැති බවත්‍ය.


කෙසේ හෝ මේ අතර පිටකොටුව පළමු හරස් වීදිය.... මේ වන විට ඉතා කුඩා කැමරා සොයන පාරිභෝගිකයින්ගෙන් පිරී ඇති බවත්..., හතර වන ශ්‍රේණියේ පෙළ පොතට නිවැරදිව හැමිනෙන්නේ කෙසේද යන පාඩම ඇතුලත් කර ඇති බවත්..., එහිදී ලිංගික එක්වීමකට පෙර කොන්ඩම් පැළඳීමටත් වඩා.... ප්‍රේමයේ උත්තල කාච පිළිබඳ වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් බවට වාර්තා වේ.

.

.


#මලක්ගසාලියූකවක්

.

Mar 17, 2024

ඉවාන් පවුලූෂා.... and Nikita

 


ඉවාන් පවුලූෂා....

and Nikita

➖➖➖➖➖❤️


ඉවාන් පවුලුෂා දණහිස තෙක් ගැඹුරු හිම මැදින් කඩිමුඩියේ යද්දී..... ඔහු ආග්‍රනය කළ වාතය පයින් සුවඳින් සහ ශීත කාලයට නිවෙස් තුල දැවී  පිටවන දුම්වලින් බර විය. 


සාර් රජු මෙන්ම කිසිඳු සමාවක් නොදෙන රුසියානු ශීත ඍතුව, වොල්ගා ගං කොමලියගේ ඉවුර දිගේ පිහිටි ඉවාන්ගේ ගම මත, සිය හිම පතනය දැඩි කර ඇත. ඔහුගේ හුස්ම ගැන්ම වේගවත් වී... ඒ සන්ධ්‍යාවේ මල් තුහීන වැස්සක් වී ඇද වැටිණ.... එහෙත් ඔහුගේ හදවතේ පිපි කුසුම් උණුසුමින් වෙලී තිබින....


අද රාත්‍රිය... ඔහු අවසානයේ තම ප්‍රේමාරාධනය ප්‍රකාෂයට පත්කරන රාත්‍රිය විය.


ඉවාන් පවුලූෂා.... ඔහු කුඩා කල සිටම ජන නැටුම් පාඩම් අතරතුර, ඇය හා එකට සිනාසෙමින් වසර ගණනාවක් තිස්සේ මේ මොහොත ගැන සිහින මැව්වේය. 


නිකීටා...., ඇගේ වත මත වැටුනු ගින්දර මෙන් රත්පැහැ හිසකෙස් අතරින් කටුක සයිබීරියානු ශීත කාලය උණුසුම් කළ හැකි සිනහවකින් නිතරම තමන් වෙත හොරැහින් බලන්නේ යැයි ඔහුට හැඟිනි.


ඉවාන් පවූලූෂා....//

ඇයි හොරැහින් මදෙස බලන්නේ ....

නැටුමට ඇවිදින් නැතිදෝ මබද වෙලන්නේ..... 


ඔහු ඇය දෙසට නෙත් යොමු කළ මොහොතේම... ඔහුගේ හදවත ඇය විසින් සොරාගෙන ඇතැයි ඔහුට සිතිනි.... ඔහු සිය ප්‍රේමාරාධනය  සිය දහස් වාරයක් තම සිත තුල පුරුදු පුහුණුවීම් කළේය.... ඒ සෑම අවස්ථාවකදීම, පිස්සුවෙන් මෙන් දඟලන, විකාර සහගත වලස් පැටියෙකු මෙන් ඔහුගේ වචන සමඟ ඔහු දඟලමින් උන්නේය....


ගමේ උත්සව ශාලාවට ළඟා වූ විට ඉවාන්ට හුරුපුරුදු තනුවක් ඒ රාත්‍රියේ ශාලාව තුල ගලා යමින් තිබින... බලලයිකා තුලින් ගලා එන ඒ සාම්ප්‍රදායික ගැමි වාදනය ඉවාන් කුල්මත් කළේය... සියල්ලෝ මෂූර්කා රංගනයට එක්ව තිබිනි....


එය ශීත සමයේ  අවසන් රාත්‍රිය වූ අතර... ශාලාව තුල සියල්ලන්ගේ ප්‍රීතිමත් කෑ කෝ ගැසීම් මැද... වොඩ්කා වීදුරු එකිනෙක ගැටෙනා හඬින්ද නාද වෙමින් තිබිනි. 


විශාල හඬ නඟන දොර තල්ලු කරමින්, ඒ වෙත ඇතුලුවූ අයිවන් සිනහවෙන් පිරී සහ දීප්තිමත් වර්ණවලින් යුත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳ උන් නීල නෙතු සතු රුවැත්තියන්ගේ වැළඳගැන්මෙන් ඉවාන් උණුසුම් ලෙස පිලිගැනිනි.


ඒ කිසිවකුත් සෙනඟ මැද සිටි නිකීටා තරම් සුන්දර නැතැයි ඔහුට හැඟින. කඩවසම් තරුණයෙකු වූ දිමිත්‍රී සමඟ ඇය රඟන විට ඇගේ සිනහව සීත සුළං මැද හමනා සීණූ නාදයක් මෙන් දෝංකාර දුන්නේය.....


අයිවන්ගේ ඊර්ෂ්‍යාව... තියුණු අයිස් කැට මෙන් අයිවන්ගේ හදවතම සිදුරු කළේය. මේ සියල්ලන් සිනහසෙන්නේ තමන්ට යැයි ඉවාන්ට සිතිනි... ඒ වේදනාව ඔහුට තවත් දරාගැන්මට නොහැකි විය...


බැලලයිකාව වගේ මා ....

       තුරුලු කරන් ඔය සුරතට,

මෂූර්කා නැටුමට අද පමණක්...

       එන්න පවුලූෂා......


අධෛර්යයට පත් වූ අයිවන් සෙවනැලි නොවැටෙන අඳුරු කොනකට පසු බැස්සේය.., ඔහු   බොහෝ කාළයක්  පුරුදු පුහුණු කරන ලද ප්‍රේමාරාධනය  ඔහුගේ තොල් මත මිය ගියේය. දිමිත්‍රි සහ නිකීටා නටන අයුරු ඔහු බලා සිටියේ හදවත තුල උපන් වේදනාවෙනි.


එය රැඟුමක් පමණක් නොව ඔවුන්ගේ දෑස් එකිනෙකා හා නිහඬ සංවාදයක සිරවී සිටින ආකාරය ඔහුට පැහැදිලිව පෙනිනි. 

නර්තනයේ යෙදෙන සියල්ලෝ වේගයෙන් කැරකෙමින්, අයිවන්ගේ පපුවේ අවුල් සහගත බව තව තවත් තීව්‍ර කළේය....


සංගීතය එක විටම නැවතින.... 

සෙනඟ අතරින් දැඩි නිහඩතාවයක් මතු විය.... නිල නිවේදනයක් ශාලාව පුරා දෝංකාර දෙන්නට විය. 


 

නම් කිහිපයක් අතරේ... දිමිත්‍රිද සාර්ගේ හමුදාවේ සේවය කිරීමට කැඳවනු ලැබූ බව නිවේදනයෙන් කියැවිණි. නිකීටාගේ මුවගේ සිනහව මැකී ගියේය, ඒ වෙනුවට ඇය කනස්සල්ලට පත් විය. ඒ මොහොතේ ඇගේ දෑස්වල නිහඩ ආයාචනයක් ඇති බව අයිවන් දුටුවේය, අයිවන්ගේ උගුරේ රැඳුණු ප්‍රේමාරාධනය ඔහුට අමතකව ගියේය..


සාදය නිහඬ බව මැදම අවසන් විය, දිමිත්‍රිගේ හා අන් අයගේ පිටවීමේ බර, සෑම කෙනෙකුගේම උරහිස් මත රැදි බර ලෝගුවක්ම විය. ගම්වැසියන් විසිර යාමට පටන් ගත් විට, අයිවන් නිකීටා අසල සිටගෙන සිටිනු දුටුවේය. 


ඔහු මෙතරම් කාලයක් පෙරහුරු කළ වචන ඔහු හැර ගියේය. "එයා ආයේ එයි.... නිකීටා..." ඔහුට හුස්ම ගැන්මේ අපහසු බවක් දැනිණ...


නිකීටාගේ මුහුණේ සිනහව, කඨෝර ශීත සෘතුවේ අවසානයේ පොලොව තුලින් මතුවන කුසුමක පිපීමක් වැනි බලාපොරොත්තුවක්ම විය. 


"මම බලාපොරොත්තු වෙනවා, අයිවන්," ඇය පිළිතුරු දුන්නේ ඇගේ කටහඬ වෙව්ලමිනි. ඔවුන් මොහොතක් නිශ්ශබ්දව සිටි අතර, දෙදෙනා නොකියූ වදන් සියල්ල ශීත හිම මත රැඳින.


පසුදා උදෑසන, සොල්දාදුවන් කණ්ඩායමක් පිටත්ව යන ආකාරය මුලු ගමම බලා සිටියේය. දිමිත්‍රිගේ රුව ක්ෂිතිජය දෙසට හුදකලා වූ පැල්ලමක් වී නොපෙනී යන්නට විය. 


නිකීටා අයිවන් අසල සිටගෙන උන්නේය, ඇගේ නෙතින් කඩා හැළුන කඳුළු කෙතරම් උණුසුම්ද යත්... හිම දිය කරමින්  කම්මුල් දිගේ ගලා ගියේය... ඔහු ඇයව අතින් අල්ලා වැළඳගෙන.... ඇය වෙත යම් සහනයක් සැනසීමක් ලබා දීමට ආශාවෙන් සිටියද.... ඒ සියළු හැඟුම් ගොළු වී තිබිනි.


ශීත කාළය ලබා දුන් පාළු මුඩුම භූ දර්ශනය බලාපොරොත්තුවේ හරිත වර්ණවලින් පින්තාරු කරමින් වසන්තය ළඟා විය. නමුත් අයිවන් සහ නිකීටා සඳහා පමණක්, මුළු ලෝකයම ශීත ඍතුවේ අඳුරු බවින් වැසී තිබින...


දිමිත්‍රි වෙතින් නිකීටා වෙත වරින් වර ලිපි පැමිණියේ, දුර බැහැර රටවල කතා සහ සටන් වලින් පිරී සිඳුවීම් සමඟය. ඒ සෑම ලිපියක් සමඟම,  නිකීටාගේ දෑස් තුළ බලාපොරොත්තුවේ දැල්වීමක් දැල් වීය, අයිවන් තවමත් ඔහුගේ නොකියූ ආදරයේ ප්‍රේමාරාධනවේ හැඟුමින් මුසපත් වී උන්නේය.


සරත් සෘතුවේ ගිනියම් රස්නය වැලඳ ගැනීමට ඉඩ දෙමින් ගිම්හානය පහව ගියේය. එක් උදෑසනක, වේගවත් කුර හඬ සමඟ අසරුවකු රැගෙන ආ පුවත ගම කළබල කිරීමට හේතු විය... යුද්ධයේදි ඇති වූ දරුණු තුවාල හේතුවෙන් දිමිත්‍රි මිය ගියා....


නිකීටා බිම ඇද වැටුණාය, ඇඟේ හැඬීම මුළු ගම පුරා දෝංකර දුන්නේය.


අයිවන් ඇයව වත්තන් කරගෙන උන් අතර, ඇගේ සිරුර වෙව්ලන සෑම හඬකින්ම ඔහුගේ හදවතද බිඳී ගියේය. ඒ මොහොතේ, ඔහු මෙතරම් කාලයක් පුරුඳු පුහුණු වූ තම සිත තුල සඟවාගෙන සිටි වචන ආදරයේ නාමයෙන් අවංක හැඟීමෙන් ඉබේ මෙන් ගලා ඒවී යැයි අයිවන්ට සිතිනි...


මම ඔයාට ආදරෙයි නිකීටා... ඔයාට මම ඉන්නවා..... එහෙත් ඔහුගේ ප්‍රේමාරාධනය කිරීමට මේ මොහොත නොවේ.. ඇය එය නොසලකා හරිනු ඇත... නිකීටා දැඩි ශෝකය තුළම අතරමං වූවාය.


ගමම සුදු පැහැති වස්ත්‍රාබරණයෙන් ආවරණය කරමින්... ශීත ඍතුව නැවත වරක් බැස ගියේය. 


නිකීටා... ඇගේ ආත්මය අඳුරු වී, අවතාරයක් මෙන් ජීවිතය හරහා ගමන් කරමින් උන්නේය. අයිවන් නිහඬ වොල්ගා නදිය අද්දර පහන් කණුවක් මෙන් ඇගේ පසෙකින් සිටියේය. 


ඔහු ඇයගේ ආදරය බලාපොරොත්තු නොවූවත්, ඔහුගේ හදවතේ කොනක රැඳි ප්‍රේමාරාධනාව තුල ... කටුක ශීත ඍතුවේ දී පවා මුරණ්ඩු ලෙස මල් පිපිනි...


දිනක් නිකීටා අතුරුදහන් වී ඇති බව ගම පුරා ප්‍රචාරය විය. 


සෝදිසි කණ්ඩායමකට වොල්ගා ගඟේ ශීත ඉවුරු අසලින් ඇයව හමු විය. ඇගේ අතේ තදින් ගුලිකරගෙන වුන් රත් පැහැ ලේන්සුවක් තිබින... ඒ තුල තිබුණේ  නිකිතාගේ රැව ඇඳි දිමිත්‍රිගේ ලිපියකි.


අයිවන් ඇයගේ නිසල සිරුර හුදකලා බර්ච් ගසක් යට තැන්පත් කළේය, සුළඟ එහි අතු හරහා ශෝකජනක ගීතයක් මුමුණමින් සිටියේය. 


ඔහු විශාල වරදක් කළ බව හැඟී ගියේය, සමාව නොදෙන අහස යට තනිව, ඔහුගේ අප්‍රකාශිත ප්‍රේමයේ බර ඔහුට දරාගත නොහැකි බවක් හැඟිනි.....


එහෙත් නව ශීත ඍතුවේ පළමු හිම පියලි වැටෙන්නට පටන් ගත් විටද, නිකීටා සදහටම තම හදවතේ ජීවත්වන බව අයිවන් දැන සිටියේය.


Oh, Nikita, you will never know....

Anythin' about my home....

I'll never know how good it feels to hold you....

Nikita, I need you so....

Oh, Nikita, is the other side....

Of any given line in time....

Countin' ten tin soldiers in a row....

Oh no, 

Nikita, you'll never know.....


#මලක්ගසාලියූකවක් 


.

Mar 14, 2024

රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා. (සමාජවාදී රනිල් හා නව ලිබරල් අනුර කුමාරයා)


 රනිල් හාමු සහ තඹුත්තේගම අපේ එකා.

(සමාජවාදී රනිල් හා 

නව ලිබරල් අනුර කුමාරයා)

➖➖➖➖➖➖➖➖➖➖⭕


රනිල් එක්ක මේ රටේ ඉන්න උගත් නූගත් ගොඩක් දෙනෙකුට තියෙන්නේ, දේශපාලන ප්‍රශ්නයක් නොවේය.  "හීනමානය" සමග එන පුද්ගලික ඇරියස් එකක්ය. රනිල් හා..මු.., රනිල් රදලය, ගොඩක් අය කියන්නෙ එහෙමය. රනිල්ට  ලන්වෙන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවාය. ඒක සාමාන්‍ය ජහමනයාට නොව සමීපතමයින්ටද අදාලය.


රනිල් කියන්නේ... මහින්ද වගේ  කරට අත දා , බඩට ඇන, ළමයෙක් වඩාගෙන ෆොටෝ එකක් ගහල ඉන්න පුළුවන් චරිතයක් නොවේය. (දන් නම් හාමු ජූන්ජක් වෙනස් වී ඇති බවකුත් පේනවාය.)


ඒකට ඉතින් මිනිස්සු කැමතී නැතිය. මේවා ඇවිල්ලා අපේ රටේ මුල් බැහැපු ජනමතය, උදාහරණ ලෙස ළමයි නැත්නම් කොන්ද පන නැතිය., ගමේ මුදලාලි නම්, තක්කඩියෙක් වගේ එකෙකිය, කාටුන් එහෙක මුදලාලි කෙනෙක් ඇන්දත්, ඔහුව අර්ථ දක්වන්නෙ කලු කඩ කාරයෙක් විදිහටය. 


ඒ විදිහට "හාමු" කියන්නෙත් අපේ රටේ මුල් බැහැල තියෙන විදිහට මහ එපාම කරපු චරිතයක්ය. ඉස්සර ෆිල්ම් එහෙක උනත්, ගාමිණී ෆොන්සේකාලාට,විජය කුමාරතුංගලාට ගේම තියෙන්නේ හාමු එක්කය. බලවතා එක්කය. මේ බලවතාගේ චරිතත් කරපු නිසා, ගාමිණිට වැඩියෙන් විජේ ජනප්‍රියය.


එතකොට රනිල් එක්කත් මිනිස්සුන්ට අන්න එහෙම "හාමු" ඇරියස් එකක් තියෙනවාය. සමහර උන්ට රනිල් කරපු වරදක් නෑතිය, හැබැයි උන්ටත්, තරිඳු උඩුවරගෙදර වගේ, අරගලියන්ස්ලා වගේ, රනිල්ව පේන්න බැරිය. අර ෆිල්ම් වල, විජය කුමාරණතුංග, රන්ජන් රාමනායක නිකම්  අපේ එකෙක් වගේ දැනෙනවාය. 


විජේ ෆිල්ම් එකේ වලවුවෙ හාමුට නෙලනව බලන්න ආසාවෙන් ඉන්නව වගේ, මිනිස්සු ආසාවෙන් බලන් ඉන්නේ රනිල්ට කෙලවෙනකම්ය . හැබයි මේ ඔක්කොම යාලුවෝ කියලා කිව්වෙත් රන්ජන් රමණ යකාමය. උන්නැහෙත් කළේ, ශානිලා ලවා, නඩු කාරයෝ ලවා, වළං හෝදාගන්න එකය.


දැන් අනුර සහෝදරයාගේ නමේ, කුමාර කෑල්ලකුත් තිබුනාට, එයා රාජ කුමාරයෙක් නෙමේය. එයා ගමේ කොල්ලෙක්ය. අනුර තඹුත්තේගම ඇලේ,  වැවේ, පැනලා නෙලුම් අලේ කඩන් කෑව කිවුවම, කෝච්ව්යේ රටකජු විකුණුවැයි කීවාම, සිරිසේන කමතෙ මී හරක් පස්සෙ ගොන් පස් ඇල්ලුවයි කිවුවම, ප්‍රේමදාස කෙසෙල් වත්තෙ ලැවරි විකිනුවා කිවුවම, අර රනිල් ගැන එන හැඟීම එන්නේ නැතිය. එතකොට නිකම් උන් අපේ එවුන් කියල අමුතු ෆීලින්ග් එකක් දැනෙනවාය. මිනිස්සු ඒ ෆීලින්ග් එකට, ෆැන්ටසියට මාර ආසය. හැබයි උන් කරන්නෙත් පැජට් පාරේ ගෙවල් දෙකක්ම ප්‍රාණභුක්තියට ලියාන බටරුත් නැතිව ඇරලා යනේකය.


රනිල්ට කවදාවත් ඒ අපේ එකා වෙන්න බැරිය, රනිල් එහෙම කරන්න උත්සාහ කරන්නෙත් නැතිය. මේ රට කරවපු ගොඩක් උන් උත්සාහ කලේ මිනිස්සුන්ට ඒ අපේ එකා ෆීලින්ග් එක දෙන්න යනේකය. මොකද ජන්ද දිනන්න ඒක ඉතා වැදගත්ය. ඇත්තටම බැලුවොත් ඒක රැවටීමක් ඇන්දීමක් කියා ජහමනයාට තේරෙන්නේ නැතිය. කලිසම් කෝට් ගහපු බන්ඩාරනායක ජාතික ඇඳුමට බැහැල දුන්නෙත් ඒ වගේ ආතල් එකක්ය. හැබැයි ඉතින් ජාතික ඇඳුම ඇඳගෙන දුම් පයිප්පෙ කටේ ගහගෙන ඉන්න එක මිනිස්සු එච්චර නෝට් කරේ නෑතිය. නැත්නම් බන්ඩාරනායකට දුම දාන්න වෙන්නෙ හොරෙන්ය. 


තාමත් බොහෝ උන් ජාතික ඇඳුමට රැවටෙන්නේ පරම්පරා උරුමයක් ලෙසය. හැබයි මේ 56 විප්ලවයේ අම්බරුවන් ගැන සත්‍ය කතාව ඊයේ පෙරේදා ලියලා තිබුනේ, එයින් ජාතක වූ මහාචාර්‍ය පුත්‍ර රත්නයක් වූ, නිර්මාල් රංජිත් දේවසිරිය. එයා කිව්වේ මේ රටේ සෑම ක්ෂේශ්ත්‍රයකම තිබූ ගුණාත්මක බව නැති කළේ 56 නිර්ප්‍රභූ උගතුන් ටික කියලාය. 


කොහොම උනත් "අපේ එකෙක්"  නොවුන රනිල්, මේ රටේ නායකයින් වෙච්ච, අපේ එවුන් ජන්ද පරදී කියල ගන්න බය වුන ආර්ථික ප්‍රතිසංස්කරණ තීරණ ගොඩක් අරන් තියෙනවාය. රට බංකොලොත් වුනේ ඕවා කරගන්න බැරි වූ නිසාමය.


ඒව කොයිතරම් මිනිස්සුන්ට අමාරු උනත්, කවුරුන් හෝ ගත යුතුව තිබුන තීන්දූ තීරණය. ආර්ථික විද්‍යාව ගැන හූණු බිජ්ජක දැණුමක් තියෙන ඇත්ත මිනිසුන්, මේ රට දියුණු නොවෙන්න හේතුව හොරකමම විතරක් නෙවෙයි කියල දන්නවාය. හැබැයි තමන්ගෙ දේශපාලන මත නිසා ඒව පිලිගන්න කැමති නෑතිය.


2001 චන්ද්‍රිකා යටතේ, ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රථම වතාවට ඍණ අගයක් වුන වෙලේ රනිල් අගමැති ලෙස බලයට ඇවිත්, IMF ගිහින් මේ තීරණ ගෙන, ආර්ථිකය ධන වෙලා රිකවර් වෙන්න පටන් ගන්න කොටම, ජවිපෙ එකතු වෙලා රනිල්ව එලෙව්වේය  එහෙම එළවල අර පරණ ට්‍රැක් එකේම ගියේය. 


2015 ආයෙත් බංකොලොත් වෙන්න ගිය රට නැවතත් එවන් තීරණ අරගෙන, ලංකාවේ ප්‍රාථමික අයවැය අවුරුදු හැටකට පස්සෙ ප්‍රථම වතාවට අතිරික්තයක් ඇති කලේය. කිසිඳු සංවර්ධන කටයුත්තක් සිඳු නොවනත්, ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයට අවුලක් නොවූයේ, එම ප්‍රතිපත්තිය සංවර්ධිත රටක ප්‍රතිපත්ති හා සම වූ නිසාය. එහෙත් ජයමනයා එකතුව, රනිල්ව එළවා පරණ ට්‍රැක් එකටම ඇවිත්, රට නැත්තටම නැතිකරලාම දැම්මේය 


මේ ප්‍රාථමික අයවැය කියන්නෙ ණය වාරික ගෙවන්න පෙර රජයේ ආදායම සහ වියදමය. අපේ රටේ හැමදාම ආදායමට වඩා වියදම වැඩීය.ගෙදරක උනත් ආදායම ට වඩා වියදම වැඩි නම් අර හිඟය පියව ගන්නෙ ණය අරගෙනය නැති නම් ආධාරයක් ලබා ගෙනය.ඊට පස්සෙ ඒ ණය ගෙවන්න තව ණයක් ගන්නවාය, ඒක ගෙවන්න ආයෙ ණය ගන්නවාය,


ලෝකයේ දියුණුම රටවල තත්වය උනත් ඕකය. ලෝකය දියුණු වෙන්නේත් සංවර්ධනය වෙන්නේත් ඒ නිසාය. ගෝඨා මේ රෝල ගැහිල්ල නවතා දමා දේශීය ආර්ථිකයකින් ගල් යුගයටම ගෙන ගියේය. එහෙම නැතිව සැටලයිට් වගේ පොලොන්නරු ගමයා වගේ නිකන්ම උන්නත්, මෙහෙව් කට්ටක් කන්න වෙන්නේ නැතිය. එවිට ජහමනයා සිතන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නෑ කියලාය. ඒත් අපි කකා හිටියෙ ණයට කියා තේරුනේ පුපත් බිම ඇනුනායින් පස්සේය.


දැන් IMF එකේ ප්‍රධානම කොන්දේසියක් වන්නේ, නැවත මේ රටේ ප්‍රාථමික  අයවැය අතිරික්තයක් ඇති කර ගත යුතුය කියන එකය. ඒක කරන්න නම්, ඒ ගොල්ලො කියන විදිහට වැඩ කරන්න වෙනවාමය. (අද ලෝක බලවතෙක් වන ඉන්දියාව ගොඩ ආවේ එහෙමය.) ඒ කියන්නෙ රජයේ ආදායමෙන් වියදම් අඩු කරාට පස්සෙ ණය ගෙවන්නත් අතේ කීයක් හරි ඉතුරු කරගන්නෙයි කියන එකය.


රනිල් කරමින් සිටින්නේ, ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටිකය. එතකොට මෙච්චර කල් අඩුවට තෙල් ගහගෙන, අඩුවට විදුලිය අරන්, බදු නොගෙවා ගත්, ලක්ෂ ගනන් පඩි වලින් ඉහළ වාරික ගෙවනා සැප වාහන අරන්, ඒ සහනාධාර භුක්ති විඳපු උන්ට අමාරුයි තමයිය. . (අධිකාරීවාදි සමාජවාදය ක්‍රියා කරන්නේද මෙයාකාරයෙනි)

ඒ නිසා උන් මේක දාලා ගියේය. හැබයි ගියපු රටවල කක්කුස්සි හෝදලා හොයන තුට්ටු දෙකටත් බදු ගගන බව තේරුන උන් දැන් ආයේ එනවාය.


වැඩේ ඉවර නැතිය. තව කරන්න වැඩ ගොඩාක් තියෙනවාය. අතිරික්ත රාජ්‍ය සේවකයන් අඩු කරන්න, පාඩු ලබන රාජ්‍ය ආයතන විකුණලා දාන්න, ලාබ ලබන ආයතනත් ප්‍රතිව්‍යූහගත කරන්න වගේ ඒවාය. තව දුරටත් ණය අරන් දීපු සහනාධාර ආර්ථික ක්‍රමය මේ රටේ ක්‍රියාත්මක කරන්න බැරිය. අස්වැසුමට ආධාර ලැබෙන්නේ ඒ නිසාය.


ඔය ටික කරහම  කරන එකා ඊලඟ ජන්දය කොහොමත් පරාදයිය. රනිල් නැවත බලයට ගෙන ඒම වැදගත් වෙන්නෙ ඔන්න ඔතනදීය.


 රනිල් මේ කරන්නේ  කාටවත්ම කරන්න බැරි වැඩක් නෙවෙයිය. රනිල් එහෙම සුපිරි පට්ට මොල කාරයෙකුත් නෙවෙයිය. හැබැයි මේකේ බලයට එන්න ඉන්න එකාලට තමන්ගෙ දේශපාලන අනාගතය විනාශ වෙන නිසා ගන්න බය  තීරණ, රනිල්ට ගන්න පුළුවන්ය. ඔහු ඒවා ගත්තේය. 


ඒවා කෙටි කාලීනව ජනතාවට අමාරු වුනාට දිගුකාලීනව මේ රට හරි මගට ගෙනෙනා තීරණය. රනිල් ඕකට ට්‍රයි කරපු දෙපාරෙම රනිල්ව එළවලා අපේ මිනිස්සු තාවකාලික සුවය පතා වෙන උන් ගෙනත් ඉල්ලගෙනම කෑවේය. අනික ඔහුට ඒවා කරන්න විධායක බලයක් තිබ්බේත් නැතිය. රනිල් එලවලා දිනන එකා කළේ තමන්ගෙ දේශපාලන උවමනා වෙනුවෙන්  ආයෙත් අර පරණ ට්‍රැක් එකට රට ගෙනිච්ච එකය. 


රනිල් වික්‍රමසිංහ හැමදාම බලයෙ ඉන්න ඕනෙ නැතිය. එහෙම ඉන්නත් බැරිය. හැබැයි අපි හැමෝගෙම අනාගතය තියෙන්නේ මේ පාර දිනන එකා මතය. ඒ දිනන එකා මේ අරන් තියෙන තීරණ වෙනස් නොකර අනිවාර්යයෙන් අරන් යන්න ඕනෑමය. මොකද අපි දැන් බංකොලොත් රටක්ය. ඉතා කෙටි කාළයක් තුල ගොඩ එමින් සිටින්නේ, අපි IMF වැඩසටහනට ඇතුළත් වුන නිසාය. ණය  දුන් රටවල් හා ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට එකඟ වෙන්නේ අපි IMF ගිය නිසාය. 


මීට කලින් 16 සැරයක් කරා වගේ  IMF වැඩසටහනෙන් මඟදි ඉවත් වී, නැවතත් ගොබ්බ ගෝටා කළා සේ බදු අඩු කර, සහනාධාර දී පිස්සු කෙලලා අර දේශීය ආර්ථිකය ගෙනාවොත් ආයේ නම් සංසාරේ තියා අම්පාරෙන් වත් ගොඩ ඒම සම්මා බොරුමය.


ඒ නිසා.. 2024 මැතිවරණයකින් දිනන ආණ්ඩුව කවුරු වුනත්, 

" මම සිංහයෙක් වගෙ IMF ගිහිල්ලා මගෙ කොන්දේසි වලට ණය ගන්නවා. මම ඉංග්‍රීසියෙන් කතා කරලා නායකයොන්ව කොර කරලා උදව් ගන්නවා " වගෙ අම්බරු  කතා නොකියා... 

පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙ වියදම් කප්පාදු කරලා, හොරකම් වලට දඩුවම් දීලා ඒ සල්ලි අරන්, කැනඩාවේ සහෝදරවරුන් එවන ඩොලර් මිලියනේ ගානෙ එකතු කරලා ප්‍රශ්න විසදනවා වගේ... මොරි මාඩ මිනිස්සු අන්දන ගොමු අන් කතා නොකියා...

ජනතාවට ඇත්ත කියලා ගෙදර යන එක ඊට වඩා හොඳය.

.

.


ඒ වගත් මෙසේය....

.

Mar 13, 2024

ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ.

 



ඉවසුමක් නැති වූ UNP හදිස්සි කාරයෝ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖⭕

අවුරුදු 17ක් එක දිගට විපක්ෂයේ සිට,තම නායිකාව වන සිරිමාවෝ මැතිනියවත් රැකගෙන 1994 දි තම පක්ෂයයෙන් රටේ නායකයව බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තිබූ ඉවසීම UNP මන්ත්‍රීවරුන්ට තිබුනි නම් අද UNP පාක්ෂිකයින් මේ තරම් අසරණ වන්නේ නැත. 

ඒ ඉවසීමෙන් ඔවුන් ලැබූ ජයග්‍රහණය කොතෙක්ද යත් 1994 සිට මේ දක්වා මේ රටේ ජනාධිපතිවරයා බිහිවී ඇත්තේ ශ්‍රී.ල.නි.ප හෝ ඔවුන්ගෙන් බිඳුනු පාර්ශවයෙන් පමණි. එය රනිල් වෙත ලැබුනේ දෛවයේ සරදමකිනි.

නායිකාව ගේ පුතා පක්ෂය හැර යද්දී පමණක් නොව ඉන්පසු චන්ද්‍රිකා ගේ අපමණ කෙනෙහිලිකම් ඉවසා පක්ෂය හැර නොයා සිටි මහින්ද රාජපක්ෂ චරිතයෙන් සජිත් ප්‍රේමදාස ඉගෙන ගත යුතු දේ බොහෝය.

UNP ය ඉතිහාසයේ කිසිම දිනක අවුරුදු 17 ක් එක දිගට විපක්ෂයේ සිට නැත. 1994 දී පැරදුනු එය අවුරුදු 7කින් පසු 2001 දී නැවත බලය ලබා ගත්තේය. නැවතත් 2004 දී පැරදී අවුරුදු 11කින් පසු නැවත 2015 දී බලය ලබා ගත්තේය. නමුත් විධායකය තිනුනේ ශ්‍රීලනිපයේ ලේකම් ළඟය.

ඉතින් UNP ට මෙසේ වෙන්නට හේතුව කුමක්ද ?
හේතුව නම් එකමුතු කමක් නැති කමයි. එය ආරම්බ වූයේද පියානෝගේ පදවිප්‍රාප්තිය  වෙනුවෙනි. දේශපාලනයේදී කෙටි මාර්ග නැත.පරිනත බව ලබා ගතයුත්තේ කාලයත් සමගය. 1948 පළමු කැබිනට් එකේ මුදල් ඇමති වූ JR රටේ නායකයා වෙන්නේ 1977 දීය. දේශපාලන පරිනත බව නැති නායකයෙක් රටේ නායකයා වුවහොත් රටට වෙන සැන්තෑසිය 2019 සිට 2022 තෙක් අප අත්වින්දෙමු.

UNP එකේ රනිල් නායකයා වූ දින සිට සිටියේ හදිස්සි කාරයන්‍ පමණි. තම නායකයා රැකගෙන එක්ව ගමනක් යනවා වෙනුවට ඔවුන් හැසිරුනේ මම පොර මානසිකත්වයෙනි. ඔවුන්ගේ මේ හැසිරීම නිසා අගාධයට ගියේ පක්ෂය පමණක් නොවේ. රටටද අත්වූයේ එම ඉරණමමය.

අද කාලය ඉස්සර වගේ නොව.ඕනම මන්ත්‍රී කෙනෙක්ට සල්ලි තිබේ නම් රටේ ජනප්‍රිය චරිතයක් විය හැක. ජනප්‍රිය වීම රට පාලනය සඳහා සුදුසුකමක් නොව. එසේ ජනප්‍රිය වූ පසු ඔවුන් සිතනුයේ ඔවුන්ට ඇමතිකමක් ලැබිය යුතු බවයි. 

UNP ය හැර ගිය සියලුම මන්ත්‍රීවරු පක්ෂය හැර ගියේ මෙන්න මේ ඇමති තනතුරක් නොලැබීමෙන්ය.

රටේ පත්කල හැකි ඇමති තනතුරු ගණන ව්‍යවස්ථාව මගින් ම තිහකට සීමා කරපු රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන මෙරට ජනතාව තමන්ගේ පුද්ගලික වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය හැර ගිය හදිසි කාරයන් සමග සිට ගැනීම පුදුමයට කරුණකි .

එහෙත් දැන් ඒ සියල්ලෝම පක්ෂයේ මුල් පුටුවලින් ගැල වීසිවෙමින් සිටිනාතර, ගෝටා විනාශය කරා රැගෙන ගිය වැඩ බැරි ගොඩහෑවුන් හා ගොඩ පෙරකදෝරුවෝ හා ඇපත් නැති පෝට්ටු හාල්පාරුවෝ අගසව් හා පිරිවර ලෙස පත් වී අවසානය.

දිඨ්ඨධම්මවේදනීය කර්මය ඇස් පනා පිට පලදෙමින් තිබීම ස්වභාවධර්මයේ සරදමක් ලෙසදෝයී සිතෙනා තරමට, එය මාර ලොල් සහගත ප්‍රහසනයක් වී අවසානය.

නැගී සිටිය හැක එක්සත් වී
බෙදී ගියොත් රට යයි සුන් වී.....

#NK380
.

රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හා වැලෙට් රෝල්


 

රනිල්ගේ කලිසම, ඩ්‍රෙස් කෝඩ් හා

වැලෙට් රෝල්

➖➖➖➖➖➖➖➖⭕▪️


සංචාරක ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැතත්, කාගේ හෝ මගුළකට තම වාහනයෙන් ගිය එකෙක්, "වැලේ පාර්කින්" කියා දෙයක් අසා ඇතිවාට සැකයක් නැතිය. වැලේ පාර්කින් කියන්නේ හෝටලයේ ආලින්දයේදී රියදුරකුට තම රථය බාර දීමය. එවිට ඔහු වාහනය පාර්කින් ඒරියා එකට ගෙනගොස් නැවත ඔබ පැමිණෙන විට ඔබේ වාහනය නැවත ආලින්දය වෙත රැගෙන එනු ලබන්නේය. කන පැලෙන්නට ගසා සිටී නම් බිරින්දෑට එය බාර දීම වඩා සුදුසුය.


මේ අයුරින් ඇමරිකානූ ජනාධිපතිවරයාගේ ආවතේව කටයුතු කිරීම සඳහා, "වැලෙට්" (Valet ) වරයකු අනිවාර්යයෙන් පත් කෙරෙන්නේය. ඔහු බොහෝ විට හමුදා සේවයේ නිලධාරියකු වනාතර, අනෙකුත් විශේෂිත කාර්‍යභාරයන් රාශියක් අතරේ, ජනාධිපතිවරයාගේ ඇඳුම් පැළඳුම් ගැන වගකීමද ඔහු සතු වන්නේය. මෙය විශේෂයෙන් ඩ්‍රෙස් කෝඩ් එකට පමණක් සීමා නොවන අතර ඇඳුම නිසි ලෙස ඇඳ සිටීමද ඊට ඇතුලත් වේ.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරයා නොවුනද, නෙවිල් විසින් අදටත් කරනුයේ මේ ආවතේවකරු හෙවත් වැලේට් වරයාගේ කාර්‍යභාරයය. මහින්ද මහත්තයා තල්ලු කරගෙන ආවද, ඔහුගේ ඇඳුම, කොන්ඩය  රැවුල මෙන්ම සාටකයද නිසි ලෙස තිබෙන බව ලෝකයම දැකලා තියෙනවාය.


ජෝ බයිඩන් රනිල්ට වඩා වයසින් වැඩිමල් මෙන්ම, ටයි කෝට් පිටින්ම බල්ටි ගසමින් සර්කස් පෙන්නුවද, ඔහුගේ කලසම ඇද වැටෙන්නේ නැතිය. ටයි ගැටේ නියමිත පරිදිය, එය කොලර් අස්සේ ගොස් නැතිය. රනිල්ගේ කොලරය මෙන්, කොලර් අහසට ඉගිලෙන්නට බලන්නේ නැතිය. කොන්ඩය ජෙල් ගා නිසි පිලිවලට පීරා තිබෙනවාය.


මේවා වැදගත් නොවනවා කියන්නේ, මේවා ගැන මෙලෝ අලබෝලයක් නොදන්නා දේශපාලන වහලුන් හා වහලියන් පමණි. අද දේශපාලුවන් හා පක්ෂ මේ සඳහාම වූ පෞද්ගලික ආයතනයන්ගේ සේවය ඩොලර් මිලියන ගනන් ගෙවා ලබාගන්නා බව නොදන්නා ළිං මැඩියෝය. මොකා මොන බයිලා ගැහුවත් අපි තාමත් පොතට කලින් බලන්නේ පිට කවරයමය. සජිත්ගේ කිට් එක තවමත් ඇටෙන්ඩන් කිට් එක ලෙස සරදමට ලක් වෙන්නේ එබැවිනි.


ගොබ්බ ගෝටා ඉන්දියාවට ලිනන් ෂර්ට් එකක් ඇඳගෙන යාම ඉන්දියාව සැලකුවේ ඔවුන්ට කළ අවමානයක් ලෙසටය. ඩ්‍රෙස් කෝඩ් එක රාජතාන්ත්‍රික ගමන් වලදි එතරම් වැදගත් වන්නේය.


අනුර කුමාරට මෙතරම් රැල්ලක් ඇති වීමට මෙන්ම ආකර්ෂණීය නායකයකු වීමට, ඔහුගේ භාහිර පෙනුම, රැවුල හා ඇඳුම් පැළඳුම් විමල් කැටිපෙකරණයකට ලක්වීම බොහෝ සෙයින් බලපෑ බව මාතලන්ගේ මතයය. එමෙන්ම ඔහුගේ ඇඳුම් පැළඳුම් බ්‍රෑන්ඩඩ් වීම, අප විසින් අගය කළ යුතුය. 


මේ සත්‍යයයන් වහලුන්ට අවබෝධ කර ගැනීමට නොහැක. මෑතකම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාෂයක් කරමින් සිටින මොහොතේද රනිල්ගේ කලිසම තව ටිකෙන් බිම වැටෙනවාය. එමෙන්ම කුලියාපිටියේදීද ඔහුගේ කතාව කරගෙන යනවාට වඩා ඔහුගේ අවධානය යොමුව තිබුනේ කලිසම බිම වැටීම නවතා ගැන්ම බව ඒ ගැන සැලකීමෙන් බැලූ කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන්නට ඇතිය.


නායකයින්ට බයේ මේ පිළිබඳව ඔහුගේ අවධානය මේ කෙරේ යොමු නොකරන්නන් ඔහුට කරන්නේ අවැඩක් මිස වෙන කිසිවක් නොවේමය. ඔහුගේ හිතවාදින් විසින් කළ යුතු හොඳම දෙය,

 මේ ගැන ඔහු දැණුම්වත් කර ඔහුටත් නෙවිල් කෙනෙක් සෙට් කරනා එකය.


මන්ද, නායකයාටම කලිසම ඔසවාගෙන යන්නට සිඳුවීමෙන් රට උස්සන වැඩේ පරක්කු වන නිසාය. එබැවින් කර පටි හෙවත් සස්පැන්ඩර් පැළඳීම නොකලකොත් කලසම බිම වැටී රට මෙන්ම රනිල්ද ලැජ්ජාවට පත්වන දිනය  වැඩි ඈතක නොවනා නිසාය.


.

Mar 11, 2024

පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක්

 


පිල් මාරූ, අත මාරූ, හුවමාරූ, 

ග්‍රහ මාරූ පිරි, අංජබජල් කාළයක්

➖➖➖➖➖➖➖➖➖➖➖⭕


සියල්ලෝ ලැහැස්ති වී උන්නේ ජනපතිවරණයකටය. එහෙත් ජනාධිපතිරණයක් තිබ්බොත් රැල්ල ඇත්තේ අනුර කුමාරයාටය. අනෙක් පක්ෂ සියල්ල මෙන්ම බටහිර තානාපති කාර්‍යාල සියල්ලම වාගේ, මීට පිලියමක් ලෙස, දක්ෂිනාංශික පක්ෂ සියල්ල එකතු කරමින් ගේමක් ගහන්න ගියද, ඒ වැඩේ හරිගියේ නැතිය.


සැටලයිට් නෝනා මෙන්ම පාඨලීද ගෙන ගිය මේ මෙහෙයුමට කෙලවීමට ප්‍රධානම හේතුව වූයේ සජිත් ප්‍රේමදාසය. සජිත් සමඟ සිටිනා එජාපයේ උන් මේ සරළ සත්‍යය තේරුම් ගෙන, මේ මොහොතේ, "රනිල් ජනපති සජිත් අගමැති'" යෝජනාවක් ගෙන ආවද, ගෝටාබයට දිරච්ච ලණු දී රාජපක්ෂලා විනාශ කළ සට්ටැඹියන් හා ගොඩ පෙරකදෝරුවෝ දෙන ළණු රස කර කර බුදිමින් සිටිනා වෙන්ට ජනපති පුතානෝ ඒ යෝජනා කෙලින්ම ප්‍රතික්ෂේප කළේය.


ලබා ගන්නා චන්ද ප්‍රතිශතය කුමන ප්‍රමාණයක් වුවත්, හිටපු මැකෝ කියනා විදියට වැඩි ප්‍රතිශතයක් ගන්නා එකා ජනපති වන්නේය. මෙය හොඳින් දන්නා රනිල් උන්නැහේ, ජනපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්, පාදයක් පසු පසට ගෙන, බැක් ෆුට් එකේ ආරක්ෂාකාරී පිතිකරණයක නියැලෙන්නේ ඒ නිසාවෙන්මය. 


කවුරු මොනවා කීවත්, තත්වය මෙයාකාරයෙන් පවතින්නේ නම්, රනිල් ලොක්කා ජනපතිවරණයට එන්නේ නැති බව මාතලන්ගේ මතයයි. බොහෝ විට ඔහුද අනුර කුමාරයාට සප් එක දෙනු ඇත්තේය. පොහොට්ටුවේ හා සුළු ජාතික පක්ෂවල සහාය නොමැතිව මෙන්ම, ජහමනයාගේ බොක්ක හිරි වැටෙන්නට  රැස්වීම් වල කතා කරන්න පිරිසක් හෝ නොමැතිව චන්ද දිනන්න බැරි බව ඔහු අවබෝධ කර ගත්තේ පසුගිය මහ මැතිවරණයේදීය. මේ බව කුලියාපිටියේදී කාටත් නැවත වරක් ඊයේ අවබෝධ වෙන්නට ඇතිය.


ඒ කතා කල සියල්ලෝම මහත්වරුන් මෙන්ම, කිව් සියල්ල රනිල් ලොක්කා කීවාක් මෙන්, ඇත්තම ඇත්ත උනාට, ජනතාවට ඒ ඇත්තෙන් වැඩක් ඇත්තේ නැතිය. ඩොලර් එක 600 ටම ගොස් වැටෙන්නට ගිය නරා වලෙන්, ලොවම මවිත කරමින්,  70% උද්ධමනයකින් එය නවත්වා ගෙන අද වන විට එය 7% දක්වා ගෙන ආවද, ජනතාව ඉල්ලන්නේ 250 කොත්තුය.


ආයේ 250 ට කොත්තු දෙන්න, අනුර කුමාරයාට, පුතානෝට තියා ධම්මික පෙරේරාට හෝ දිලිත් ජයවීරටත් නොහැකි බව ආර්ථිකය ගැන මෙළෝ අලබෝලයක් නොදන්නා ජහමනයාට තේරෙන්නේ නැතිය. ඒ ගානට කොත්තු ජන්බ කන්න නම් උද්ධමනය -70% වී, මහ බැංකුවේ උන්ගේ පඩියද පෙර පැවති තත්වයට පත් විය යුතු බව මේ කුර හා අං සහිත ජීවීන්‍ට අවබෝධයක් ඇත්තේ නැතිය. උන්ට ඕනෑ රනිල් එලවා දමන්නටය.


මේ අරගලය ගොඩ නැගූ මානසිකත්වයයි... අනුරටත් දීලා බලමු කියන්නේද, මේ මානසිකත්වයේ සිටිමිනි. එහෙත් අනුර කුමාරට රට බාර දී ගෝටා එලෙව්වා වගේ එලවන්න බලාගෙන ඉන්නා උන්ට නම් කියන්න තියන්නේ අනුර කුමාරයා කියන්නා සේම "ඔයාලා හරි පව්..." කියලාම පමණය...


මේ බව තේරුම් ගෙනදෝ ඇමරිකාවේ සිට පැමිණි මොළ හතානෝ, සජිත් හා එක්ව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ එබැවින්මය. බොහෝ විට රනිල්ටත් ඊට එකඟ වෙන්නට සිඳු වනවා ඇතිය.


හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමයට කීවා සේ සියල්ලෝම ඔල්මොරොන්දම් වන්නේ ඉන් අනතුරුවය. බොහෝ උන්ට අපේක්ෂකත්වය වෙනුවෙන් සෑම පක්ෂයක් තුලම මරාගන්නට සිඳුවනු ඇත්තේය. සියළුම පක්ෂ දෙදරා යනු ඇත්තේය. 


ඒ සියල්ල මේ මාසය තුල ආරම්බ වී...  ග්‍රහ මාරුවක් මෙන්ම සූර්‍යග්‍රහණයක් සිඳුවන අප්‍රේල් 8 න් පසු වඩාත් උග්‍ර අතට හැරෙනවා ඇතිය. එය ලංකාවට මෙන්ම ලෝකයටම අංජබජල් කාළයක් වුවත්, නොත්‍රඩාමුස් මෙන්ම බබා වැන්ගා කියූ සේ, ඉන්දියාවේ ආර්ථිකය ලොව සියළු ආර්ථිකයන් අභිභවා ඉදිරියටම ගමන් කරනු ඇත්තේය.


අපටද අස්වැසිල්ලකට ඇත්තේ එයම පමණමය.


ඒ වගත් මෙසේය.....


.