.

.

May 31, 2013

රනිල්ගේ අළුත් ව්‍යවස්ථාව - New Constitution from UNP

 
එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් බිහිකිරීම සඳහා මූලික පියවරක් ගෙන තිබීම, ඉමහත් සතුටට කාරණයක්ය. මාතලන්, "ගරිල්ලා මාකටින්" ලියමින් කියුවේ, ( "Label" යටතේ ඇති, "Guerrilla Marketing" ක්ලික් කිරීමෙන්, එම ලිපි වලට යොමු විය හැක.) අළුත් දෙයක් නොමැතිනම් එජාපයට බලය ලබා ගැනීම සිහිනයක්ම පමණක් වන බවයි. කෙසේ වෙතත් මාදුළුවාවේ සෝභිත හිමියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ එය සමාජයේ කතිකාවට භාජනය වීම, එජාපයේ ඇස් ඇරවීමටද සමත් විය. රටේ බලවත් ප්‍රශ්න තිබියදි, ගව ඝාතනය වැනි මෝඩ ජනප්‍රිය මතවාද වෙනුවෙන් තලේබාන් ක්‍රමයේ සියදිවිනසා ගැනීම් වල යෙදෙන කලක, රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම ගැන සෝභිත හිමියන්ට අපගේ ගෞරවය හිමිවිය යුතුමය.

May 28, 2013

"රාවය", කොටස් නිකුතුව - "Ravaya", Share Issue


මම රාවය කියවන්නේ පළමු සඟරාවේ සිටමය. එකල "රාවය' මෙන්ම, 'යුක්තිය" පත්තර ඉතා ජනප්‍රිය පත්තර වී තිබුනේය. එමෙන්ම කලක් සිනමා පත්තර හා කුණුහරුප පත්තර ලියු "රෝහණ කුමාරගේ", "සටන්" පුවත්පතද, වෙළඳ පොළේ හොඳ ඉල්ලුමක් තිබූ පුවත්පතක් විය. "චන්ද්‍රිකා' බලයට පත් කිරීම සඳහා, "සිංහ රැජිණ" කැසට් පට නිපදවූ රෝහණ කුමාර, තම නිවස අසලදි, බල්ලෙක් මෙන් මරා දැමුවේ ඒ සිංහ රැජිණගේ පාලනය යටතේමය. ඒ ඔහු සිංහ රැජිණගේ බලු වැඩ රටට කියූ නිසාය.

එකල ප්‍රේමදාස පාලායට එරෙහිව තීරූ පුවත් පත් රාශියක් වෙළඳ පොලේ විය. මේවායෙහි නම් අමතක වූවද, කැලෑ පත්තර වන් මෙවන් පත්තර සඳහා, ඉතා හොඳ වෙළඳ පලක් විය. අද මෙන්ම, සෑම නාලිකාවකම එකම පුවත විකාෂණය වූ යුගයක, සත්‍ය හෝ අසත්‍ය වේවා, මේ ගොසිප් පත්තර, ප්‍රේමදාස අප්‍රිය කරවීම සඳහා මහඟු කාර්යයක නිරත විය. මේ කැලෑ පත්තර අතර, රාවය හා යුක්තිය, ඉතා උසස් විකල්ප පුවත් පත් දෙකක් විය.

May 27, 2013

රට ගිනි තියන ජඩ මාද්දිය වේදියෝ. - Vulgar Journilism


'ජිනීවා මනව හිමිකම් සමුළුව" රැස්වන සෑම අවස්ථාවකම, අපේ රටේ බුද්ධිමත් ජනතාවගේ සාකඡ්චාවට භාජනය වන්නේ සමුළුවේ සිඳුවන්නේ කුමක්ද යන්න නොව, "චැනල් ෆෝ" නාලිකාවේ අලුත්ම චිත්‍රපටය කුමක්ද යන්නයි. "කිලින්ග් ෆීල්ඩ්" නමින් නිශ්පාදනය වන, පැය ගනන් දිවෙන චිත්‍රපටවල රූප රාමු ඔවුන් ලබා ගන්නේ කොටින්ගෙන් නොව, අපේ මාධ්‍යවේදීන්ගෙන්ම බව ප්‍රසිද්ධ කාරණයකි. සම්මානවලින් පවා පිදුම් ලද එවැනි පිරිස් මාධ්‍යවේදින් නොව පැපරාසීන්ය.

May 23, 2013

වැඩ වර්ජනය අසාර්ථක වූයේ ඇයි? - Protest against government (F)


"21 මහා වැඩ වර්ජනය" අවසානයේදී, "සංකේත් වැඩ වර්ජනයක්" දක්වා පසු බැසීය. ආන්ඩුවේ සේවකයා කවදත් වැඩ වරණ පිරිසක් යන පොදු මතයෙන් දමා ගැසීමක්ද ඒ අතර වේ. ඒ වැඩ වර්ජනයේ නියමුවන්ගේම හැඳින්වීමයි. දැන් ඔවුන් පවසනුයේ කාගේවත් කොන්ත්‍රාත්තු ඉටුකිරීමට ඔවුන් බැදී නොමැති බවයි. එසේම ඔවුන් මග පෙන්වීමක් කරනා බවද, කැමතිනම් එක්විය හැකි බවද, අකමැතිනම් එසේ කළ හැකි බවද පවසයි. ජවිපේ මේ වෙනස්වීම සිත් ගන්නා සුළුය. ඒ ඔවුන් නියම ප්‍රජාතන්ත්‍රවාදයට අවතීර්ණ වී ඇති බවයි.

May 22, 2013

නෙලනවා බුදු හිමියණි උණු, පැනි බේරෙන්නම සිරසින්...!!! - Wesak Greetings...!!!



බුදුන් දෙසූ බුද්ධාගම සිං හලයා හට පම                             ණද
සිවුරු ඇඳන් ගිනි තිබ්බම සසර ගමන කෙටි වෙන               වද
රට වෙනුවෙන් මිනි මැරීම නිවන් දකින පිනක්                 නේද
බුදු හිමියනි ඔබවත් මට මේවා පහදා දෙන                           වද

May 20, 2013

පින් කෙරුවෝ හා රණවිරුවෝ - Disabled Soldiers


පෙර සටහන -
මම මේක ලිව්වේ, මගේ "පින්තූර" බ්ලොග් එකට. ඒත් කීප දෙනෙක් දොස් කිව්වා, ඇයි මේක "මාතලන්" එකේ නොදාන්නේ කියලා. මම හිතුවේ නෑ මේක, ඒ තරම් දැනෙයි කියලා. මේ විජයග්‍රහණ රැළිය ගැන මගේ කිසිම අමනාපයක් නෑ. එහෙම නොකලොත් අපේ උන්ට යුද්ධයක් තිබුනද කියලවත් මතක නැති වෙනවා. ඒත් මේ අබාධිත සොල්දාදුවන් ප්‍රදර්ශණය කිරීමට මම නම් එක හෙලා විරුද්ධයි. ඔවුන් පෙරහරේ ගෙනියන එක නෙමෙයි කළ යුත්තේ. ඔවුන්ට අපෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කිරීම පමණයි.

May 19, 2013

විෂ දළ ගලවන රිලවා - Monkey, The Sanke Tamer


එකෝමත් එක රටක, එකෝමත් එක කාළයක, යක්ෂයෝ සහ නාගයෝ කියා දෙගොල්ලක් උන්නෝය. ඉන්දියාවේ ඉඳන් ආපු විජේට හම්බ උනේ යකෙක්ය. මොකෙක්වත් නැති එකේ, යකෙක් උනත් මොකෑ කියපු විජේ යකා සහේට ගත්තේය. ඒ උනාට විජේට බොලිවුඩ් කෑලි මතක් වෙන කොට දුක හිතෙන්න ඇතිය.

ඒ නිසා එයා බොලිවුඩ් වලින් කෑල්ලක් ගෙන්නගෙන, යකා එලවලා දැම්මෝය. විජේ ඇවිත් සිංහයෙක් එක්ක මොකක්ද හුට පටයක් කරගත්ත කෙනෙක්ගේ එකෙක්ය. විජේගේ අය කෙසේ වෙතත්, යක්කු සෙට් එකයි, නයි සෙට් එකයිනම් මේ රටේ තාමත් යහතින්ම ඉන්නවාය. අර සිංහයාගේ සෙට් එක අතීතයේ දවසකම ආයෙත් යන්න ගියා වෙන්න ඇතිය.

May 16, 2013

යමං බන්ඩෝ උගන්ඩා යන්න... - Yaman Bando Uganda Yanda


With Gaddafi

වෙසක් අත ලඟය, ලොක්කා පිට රටය,
පාරේ පිකටින්ය, යුද්දේ අමතකය,
ලයිට් බිල හරි වැඩිය,
ඒත් උද්ධමනය අඩුය. (මහ බැකුවේ අධිපති.)

ගල් කාලයි, මාළු පාන් ගෙඩියයි, එකදාස් පන්සීයයි..
(අපෝ... පන්සීයට නම් බෑ බොස්. ලයිට් බිලටත් කෙලලා.)

අපේ වෙදා අපිට හොඳා......
තවත් වැඩි කරන්න සුදා.....

එන්න.... එක්වන්න....
ලයිට් බිල වැඩිකිරීමට,
ඔබේ සහය පල කරන්න......

May 14, 2013

උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Tea


සිරිමගේ කාළේ පාන් කාපු හැටියි, ඉස්කෝලේ කාළේ, "අල පාන්" කාපු හැටියි, කලින් ඒවල ලිව්වනේ. "පාන් කතා", පොතක් ලියන්න පුළුවන් උනත්, අද ලියන පාන් කතාවෙන් මේක නවත්තලා දානවා. මොකෝ සමහර උන්ට මල පැනලා තියෙන්නේ මේ වැඩේට. ඕන එකෙක්ගේ හොඳම කාළේ තමයි ඉළංදාරි කාළේ. ඒක මොන වයසෙ ඉඳලා මොන වයසටද කියන්න මම නම් දන්නෙ නෑ. හැබයි වයසට ගියත් ඉළංදාරියෙක් වගේ ජීවත් වෙන එක තමයි මගේ එකම පැතුම නම්.

May 13, 2013

අල පාන්, පරිප්පු පාන් - Bread with Curries


ගිය සැරේ, පාන් භාගයයි නේ දුන්නේ, අද ලියන්නේ ඉතුරු භාගේ. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගිහින්, පාන් නැතුව පරිප්පු කන්න වෙයි කියන තැනින් නේ නැවත්තුවේ. මුලම දවසේ ගෙදරින් පාන් අරගෙන ගියේ. ඒ කාලේ තිබුනා පාන් ගෙනියන්නම ප්ලාස්ටික් පෙට්ටි වගයක්. පොත් ගෙනිච්චෙ නම් සූට් කෙස් එකක. ඒක හැබයි අද තියෙන බැග් පැක් ඒකට වඩා වාසියි. මොකෝ ඒකේ උඩ ඉඳගෙන ඉන්න පුළුවන්, ක්‍රිකට් ගහන කොට, විකට් එකට ගන්න පුළුවන්. වලියකදි උනත් මාර වටිනවා.

May 11, 2013

නිකං පාන්, මාළු පාන්, රෝස් පාන්... - Sri Lankan Bread


අනෙක් හැම තැනකම වගේ, බ්ලොග් ළෝකෙත් එක එක කාළේට එක එක ට්‍රෙන්ඩ් තියෙනවාය. ඉස්සර... "කතා", "ටැබූ" හෝ "මාරයා" කුමක් හෝ ලියුවොත්, අනෙක් උන්ද කාලයක් යනකන් ලියන්නේ, ඒවාට සම්බන්ද දේවල්ය. ඒකත් නැගලාම ගියේය, කතාගේ "චූ කතා", "කක්කා කතා" වගේම, මාරයාගේ "කුකින් පාඩම්ද" නැගලාම ගියේය. දැන් ට්‍රෙන්ඩ් එක "පඳුරු තැලිල්ල"ය. ඒ කියන්නේ වටේ යන එකය.

මේක මුලින්ම හඳුන්වා දුන්නේ "ඔබා මාමා"ය. "ඔබා මාමා" නිවන් ගිය පසු, මේ ටිකට එයා නැවත ඉපදිලාය. පෙනුමත් "ඔබා මාමා" වගේය. ඒ, දැන් බ්ලොග් ළොව ජනප්‍රියම බ්ලොග් කාරයා වන "හැලපයා"ය. එහි රස උතුරනවාය. ඉස්සර මගේ ප්‍රියතමයා "සඳරුවාය". ඌට වෙච්චි දෙයක් ගැන ආරංචියක් වත් නැතිය. ඌ අපිව සුන්දර ළෝකයකට ගෙන ගියේය. අද අඩුවක් නැතිව ඒ දේ කරන්න "හැලපයා" ඉන්න එක අපේ පිනක්ය.

May 9, 2013

අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory)



94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ඇන්ජින් ඩ්‍රයිවර් අන්තිමට කරේ, සිග්නල් කනුවේ වමට යන්න කියා සිග්නල් දී තිබියදී, එකසිය ගානට දකුණට හරවා, අවුරුදු 11 ක් තිස්සේ පට්ට ආතල් එකක් ගැනීමය. ඒ කාළේ රට පාළණය කළේ, නන්දිකඩාල් වලින් අවසන් ගමන් ගියපු, ප්‍රභාකරන් මැතිතුමාය (ජීවත්ව සිටියා නම් අද සිරි ලංකා නිදහස් පක්ෂයේ උප් නායක් වී, අගමැති කමට පත්වී සිටිනවා නො අනුමානය.)

May 7, 2013

මල් වඩම් අනවශ්‍යයි (18+) - No flowers required (18+)


ඉස්සර කෙනෙක් මැරුණම, රේඩියෝ එකේ දාන එක තමයි ළොකුම දේ. මේ මරණ දැන්වීම් කියවන්න විශේෂඥ නිවේදකයෝ ඒ කාළේ ගුවන් විදුලියේ හිටියා. සංනිවේදනය බොහෝම දුර්වල ඒ කාළේ, මේකට සවන් දෙන්න හැමෝම වගේ පුරුදු වෙලා උන්නා. "ඇන් ඇම්ට පුළුවන්ද 77 ජයගන්න" ටියුන් එක ගහලා, නිව්ස් කියෙව්වයින් පස්සෙ, මරණ දැන්වීමක් දෙකක් යනවමයි. මොකෝ අද වගේ ජංගම දුරකථන තියා ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් කළාතුරකින් ගෙදරක තමයි. අද දරුවෙක් ඉස්කෝලෙකට දාගන්නවා වගේ තමයි ඒ දවස්වල ගෙදරට ටැලිපෝන් එකක් ගන්න වැඩෙත්.

May 6, 2013

ගල් රෝල (18-) - Road Roller (18-)


අද වගේ නෙමෙයි, අපි පොඩි කාළේ, මේ ළෝකේ ගැන, මේ ළෝකේ දෙයක් දන්නෙ නෑ, අමුතු දෙයක් දැක්කොත් මැජික් වගේ තමයි, ගෙවල්වල තිබුන ළොකුම මැෂිම තමයි රේඩියෝ එක, ඒකෙත් බැස්ටියෙන් වැඩ කොරන ඒවයි, කරන්ට් එකෙන් වැඩ කොරන ඒවයි දෙකක් තිබුනා. අපේ ආච්ච්ට බන අහන්න තමයි, ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක ගෙනත් තිබුනේ. බන දේශනාව යන කොට උන්දෑ ඒකට වැඳගත්ත ගමන්මයි. බන පටන් ගන්න ඉස්සෙල්ලා, තේමා වාදනයකුත් යනවා. ඒ තමයි, අර බුද්ධ පූජාව පන්සලට අරගෙන යනකොට ගහන සිංගාරං පාර.

ඔය නයි නලාව වගේ ගහන, හොරණෑවේ සද්දේ මට නම් ජාතික අනන්‍යතාවයක්. ඔය සෝමේ මමා
"දෙරණ මියුසික් වීඩියෝ" එකට ඇවිත්, අධික රුධිර පීඩනේ හදාගෙන යන්නෙ නැතුව, බැද්දගේ මහත්තයත් එක්ක එකතු වෙලා හොරණෑ, සිංගාරං පාරක් එහෙම ගාලා පැල් කවියක් රැප් කොලානම්, පැෂර් ටැබලට් ගහන එක නවත්ත ගන්න තිබුනා, ඒ උනාට බැද්දගේ මහත්තයා, "දැසමන් මලක් වගේ" සිංදුව කියපු කාළේ, උන්දැව මරාගෙන කන්න ගියෙත්, මේ සෝමරත්න දිසානායකලගේ මීට කලින් පරම්පරාවම තමයි. එයාලට ඕන එයාලා මැරෙණකම්, එයාලගේ එවා විතරක් අනිත් අයත් අහන්න බලන්න විතරයි.

May 5, 2013

දුමී ආයෙත් ඉස්පිරිතාලේ...!!! - Dumi, hospitalized again...!!!



අති විශේෂ :-.
මම තව බොගක් දානව "පද්‍ය කවී ඒ වගේ එව්වා..."(<<<< මෙතනින් බලන්න) කියලා.. මට හිතුනා ඒක ආයෙත් යාවත් කාලින කොරන්න ඕන කියලා.. මීට පස්සෙ මේ වගේ ඒවා එතන තමයි දාන්නේ... කීප දෙනෙක් ඉල්ලපු නිසා අදට ඕන් මෙතනත් දානවා....

පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,
ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...
ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?
ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....

May 3, 2013

බුදුන් පුදනට මල් විකුණා අත් අඩංගුවේ - Story of Kalutara Mala

උපුටාගැන්ම ඩේලි මිරර් වෙබ් අඩවිය

ප්‍රස්තුතය - කළුතර පාළමේ, පෝ දින මල් විකුණු 9 ක් අත් අඩංගුවේ. 7 දෙනෙක්ම කාන්තාවන්.


රන් මාල කඩපු උන්,
මල් මාල දා පුදන,
සැලුට් දා කොඳු නමන,
බැනර් දා පිළිගන්න,
පොලෝසියෙ මහත්තුරු....

May 1, 2013

පු.ක. ටුවර්ස් ඇන්ඩ් ට්‍රැවල්ස් (18+) - PUKA Tours & Travels (18+)


මුලින්ම කියන්න ඕන මේකේ පිදුම හෙන්රි බ්ලොග්වෝකර්ට.. උන්නැහේ මේ කතාව දන්නෙ නෑ කියලා තිබුන නිසයි. මේ වගේ කතා නොදන්න අළුත් පරපුරටයි තමයි මේ ලියන්නේ.

77 ජේ ආර් පප්පා ආපු වෙලාවේ, පප්පා උඩ බලාගෙන ඉන්න පෝස්ටර් එකක් හැම සී ටී බී (ලංගම) බස් එකේම අලවලා තිබුනා. එ කාළේ තිබුනේ ලංගම බස් විතරමයි. ආර්ථිකේ ප්‍රයිවටයිස් කොරාපු පප්පා, ගමනාගමනෙත් ප්‍රයිවටයිස් කොරලා දැම්මා. මුලින්ම කොළඹ ආවේ හිච්චික්කිතර බට්ටෝ වෑන්, ඒවල ඇතුලේ හිටගෙන ගිය උන් කොන්ද නමාගෙන මාර ආතල් එකක් අරගෙන ගියේ. පිටිපස්සෙ, පැත්තෙ දොර, බස් වලට වඩා ළොකු නිසා 7-8 දෙනෙක් දොරේ එල්ලිලා, ආතල් එකේ හුලං වැදි වැදි ගියේ. ඒක හරියට කතරගම ඉඳලා සෙල්ලට ගියපු ලොරි භාගේ ගියා වගෙයි. ඒත් ඒ ගමන වගේ සැප පහසුකම් තිබුනේ නෑ. එහෙම ගියත් ඒ කාළේ මේ වගේ අනතුරු නම් වාර්ථා උනේ නෑ.