.

.

Dec 31, 2013

2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir,


උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.

Dec 20, 2013

අනර්කලී, ස්වර්ණමාලී හා හේමමාලී - Anarkali, Swarnamali & Hemamali


කුඩු කාරයෝ බඩු කාරයෝ රජ කරනා                     රටේ
මිනී මරුවෝ මැති ඇමතිලා වෙලා ඉන්න                 රටේ
අගමැතිඳා නැව් පුරවලා කුඩු ගේනා                          රටේ
ඇනකොන්ඩිලා ඇනකොන්ඩෝ ගිලිනා මේ             රටේ

Dec 10, 2013

පලා බබාව වත් දිනා ගනීද..? - Western Provincial Council Election


ලබන වසර මැතිවරණ වසරක් බව, සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් පැහැදිලිය. එයිනුත් විශේෂ අවධානය යොමු වන්නේ, බස්නාහිර පලාත් සභාව වෙතය. මාතලන් සිටින්නේ, පලාත් සභා අහෝසි කළ යුතුය යන මතයේ නිසා, පලාත් සභා ඡන්දය අවලංගු කර දමනවා විනා, කිසිවකුටත් ඡන්දය ප්‍රකාෂ කිරීමට යොමුවන්නේ නැත.

Dec 9, 2013

බොරැල්ලේ වාහන තද බදය - Traffic Jam in Borella


වර්ථමානයේ නිවාඩු දිනයක වූවද, බොරැල්ල හංදිය හා ඒ අවට ඇත්තේ, අති විශාල වාහන තදබදයකි, විශේෂයෙන් බේස්ලයින් පාරේ වාහන තදබදය, සමහර විට නුවර පාර දක්වාද, මීගමු පාර දක්වාද විහිදෙන අවස්ථාවන් එමට ඇත. මේ තදබදය වඩත් වැඩි වූයේ. අභිනවයෙන් ඉඳිකල "හවුස් ඔෆ් ෆැෂන්" ප්‍රදර්ශණාගාරය හේතුවෙනි. (එම ආයතනයද, වාහනයක් පහසුවෙන් ඇතුල් කිරීම සඳහා නිමවා නොමැත.)

Dec 7, 2013

ටවල් මෙතඩ් (23+) - Towel Method (13+)



ඉන්ගිරිසියෙන් ටවල් කියන්නේ තුවායටය. අපේ තාත්තලයි පැත්තේ අය කියන්නේ, "සාළුව" කියාය. අපේ සීයා ළඟද, (ඔව් ඔව්.... අර තිරික්කලේ තිබුන සීයා තමා.) නිතරම සාළුවක් තිබුනේය. උදේ 4 ට විතර නැගිටින සීයා, ඉන්දියාවේ සීක් කාරයෝ වගේ, තුවාය කරකවා, ඔළුවේ ජටාවක් වගේ බැඳ ගන්නවාය. ඊට පස්සේ, උන්දෑ යන්නේ කොරටුවට හා කුඹුරටය. ආයෙත් එන්නේ, උදේ කෑම කන්නය. සීයා ඔය ජටාව බැන්දේ, පිනි බාන නිසාය. අද කාලේ නම්, සීයලාත් පින්නෙන් ආරස්සා වෙන්නේ කැප් එකක් දාලාය.

Dec 5, 2013

මිසිස් පෙරේරා (23+) - Mrs Perera (13+)


ට්ට සින්දුවක් එක සැරයක් කනට වැටුනම, කං කාළාඳුරු වාගේ සුද්ද කරලා අයින් කරලා දාන්න බැරිය. ඒක පීචං එකක්ද, ශාස්තිරියද, හින්ගලද, හින්දිද, දෙමළද, ගුජරාටිද, මරාටිද, යුනානිද, අරාබිද, චීන්ද, ජපන්ද, ඇමරිකන්ද, සුද්දගෙද කියා කියන්නට බැරිය. මහාචාර්ය මාතලන්ගේ තියරිය අනුව නම්, සින්දුවක් එහෙම බොක්කටම වඳින්නේ, තනුව හින්දාය. මියුසික් වත්, වචන නිසාවත් නෙමේය.

ඔය එහෙම බොක්කේ වැදුන සින්දු, බොක්කට රහ මෙර ටිකක් වැටෙන කොට එලියට එන්නේ, සංගීත භාන්ඩ නැතිවය. ගායනා කරන්නේත් සුරුතියෙන් පිටය. දේන වටයට යොමු කරන්න බැරිය. අනෙ තොගේ දේන වටය, යොමු කරන්න බැරිනම්, ඕන සෙද්දක් කොර ගනින් කියා, කියන එකා කියනවාමය. හැබයි කියනවායි, ගයනවායි අතරේ නම් සෑහෙන වෙනසක් ඇත්තේය.

Dec 4, 2013

ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2)


ගාළු පාර - පළවන කොටස 

නැන්දම්මා දෙපැත්තටම වැඳලා දනි පනියේ නැග්ගාට, හාමිනා නගින්නේ, ත්‍රිපිටකේම මුමුනලාද කොහේදය. සම් හරක් උන්ට මල පැනලා හෝන් එක උඩ නගින කොට, හාමිනා උන්ට ඔරවනවාය. ඒ උනාට, උන් ඔරවන්නේ හාමිනාට නොවෙයිය. උන් ඔරවන්නේ මටය. මම ඉතින් අහිංසක මිනිහා නිසා, පොඩ්ඩක් ඉස්සරහට ගන්නවාය. නැත්නම් අරුන් අපේ අම්මාට පින් දෙන්න පටන් ගන්නවාය. ඒ අපේ සේස්ට සිස්ටාචාරේ හැටිය.

අන් අයගේ අම්මලා සිහිකොට පින් අනුමෝදම් කිරිම, අපේ සඟිස්කුරුතේ ප්‍රධාන අංගයක්ය. නැත්තන් පොලොස් කොට්ටෝරුවෝ කෑ ගහනවාය. ඒත් ඉතින් එහෙම ඉස්සරහට ගත්තාම, වාහනෙට ගොඩ උන ගමන් නෝනා ධර්ම දේශනාවක් කරණවාය. මම ඉතින් සාවදානව අසා සිටිනවාය. පොඩි එකා හා නැන්දම්මා සිනාසෙනවාය.

Dec 3, 2013

මහා බ්ලොග් සම්මාන උළෙල - Mega Blog Awards


දිනය - ක්‍රිස්තු වර්ෂ 2015 ක් වූ දුරුතු මස 15 ලත් ශනිදා
ස්ථානය - හම්බන්තොට නාමල්පොකුණ සම්මන්ත්‍රණ ශාලාව
උත්සවය - 2014 මහා බ්ලොග් සම්මාන උළෙල
උත්සවය ආරම්භ වන වේලාව - උදෑසන 10.00
දැන් වේලාව - උදෑසන 9.45

Dec 2, 2013

ගාළු පාරේ තාර දාලා.. - Galle Road Tar is putting.....

ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ මාතලන්ගේ ප්‍රියතම ගායකයන්ගෙන් මුලින්ම ඉන්නා එක්කෙනෙක්ය. ඩෙස්මන්ඩ් සිල්වාගේ ගම මාතරය. ඉන්නේ ලන්ඩන්වලය. මේ ළඟදිත් ඇවිල්ලා මාතර සෝ එකක් කෙරුවාය. පට්ට සෙනගය. ඔය ඩෙස්මන්ඩ් ද සිල්වා, මාතර යන්නේ ගාළු පාරේය. ඒ නිසාද මන්දා ඩෙස්මන්ඩ්ගේ "පොල් කටු හැන්දෙ මිට වගේ...." ගීතයේ "ගාළු පාරේ තාර දාලා බසුත් යනවා...." කියා කෑල්ලක් තියෙන්නේය. මේ ලියන්න යන්නේ පරණ ගාළු පාරේ ගාළු ගිය හැටිය.

Nov 30, 2013

කැම්පස් සින්ඩිය...??? - Campus Cindy...???


ඒ පාර මොකක්ද මේ ...?
මේක මේ බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත වැඩක්, වැඩේ පටන් ගන්න ඉස්සරත් වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, ඒක දිගටම ගෙනියන එක තමයි අපි කාගෙත් යුතුකම.

එතකොට මොකාද මේක කරන්නේ..?
මෙහෙම අහලා තිබුනේ මාරයා. ඇත්තටම ඒක ප්‍රශ්නයක් නේන්නම්. මේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ නලියට. මොකෝ මේ වගේ දේකට, බ්ලොග් වලින් විතරක් ප්‍රචාරය දීලා වැඩක් නෑ. ඊට පස්සේ කතා කලේ වෙද මහත්තයට, ඒ... වැඩිදුර උපදේශයක් එහෙම ගන්න ඕන නිසා. තවත් කීප දෙනෙකුටම කතා කලා. ඔවුන් හැමෝම වැඩේට සහයෝගය දක්වන්න එක පයින්. නලියයි මායි ඇඩ්මින්. වෙද මහත්තයා උපසේන. අනිත් අයගෙත් උදව් අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙනවා.

Nov 28, 2013

ශ්‍රීතරන්, විරු සැමරුම් හා මිනී මැරුම් - Freedom Fighters or Murderers


ඇස් බී වීරයා උනේය. ශ්‍රීතරන් ද්‍රෝහියා වී, ඉල්ලගෙන කන්නේය. ඇස් බී, විජයකලා මහේස්වරන් නෝනාගෙන්, පොඩි කෑල්ලකගෙන් අහනවා වගේ අහන්නේ. "ඔයාගේ මහත්තයා මරාපු එකා.. ඔයාට ෆ්‍රීඩම් ෆයිටර්ද...? කියලාය. ඒ ඉතින් ඇස් බීලා, කාන්තා පාර්ෂවයට බොහෝ ගරු කරනා නිසා මිසක්, වෙන හේතුවක් නොවනා බව ජනතාව දන්නවාය. කොහොමත් මහේස්වරන් නෝනා, ආරක්ෂක ඇප නූලක් බන්දවා ගන්නා එක, ඇඟට මෙන්ම අනෙක් ඒවාටත් හොඳය.

Nov 26, 2013

මුද්දර එකතු කරන්නා හා දිව (23+) - Philatelist (13+)


මුද්දර එකතු කිරීම  - 2 >>>>>

මේකේ 23+ දාලා තියෙන්නේ, වයස 23 උනත්, පොඩි උන් වගේ උන්ටය. එහෙම නැතිව, මේ වාගේ ඒවා පොඩි උන් කියෙව්වාට අවුලක් නැතිය. අපිත් පොඩි කාළේම මේ දේවල් පිළිබඳ දැණුමක් ලබා ගත්තේ, කොහෙන් හෝ සොයා ගත් දේ, හොරෙන් කියවලාය. ඒ නිසා මේවා 13+ උන් බැලුවාට අවුලක් නැතිය. ගොඩක්ම පොඩි උන්, මේ පැත්ත පලාතේ එන්න එපාය. ඒ කියන්නේ වයසෙන් බාල උන් හා මොළෙන් බාල උන්ය.

මුද්දරත් එක්කම යන අනික් දේ මොකක්ද ඇහුවොත්, ඕන එකෙක් කියන්නේ දිව කියාය. පෝස්ට් ඔෆීස් වල මුද්දර අලවන්න "පරිමන්දකයක්" තියලා තිබුනාට. ඒකෙන් ඇලෙව්වොත් නවතින්නේ, අතීසාරෙත් හැදිලාය. ඒ නිසා ඕන එකෙක් මුද්දර අලවන්නේ දිවේ ගාලාය. දැන් හැම එකාම "පරිමන්දකේ" කියන්නේ මොකක්ද කියා සොයනවාය. ඒ කියන්නේ ඩෑම්පර් එකටය.

Nov 25, 2013

මුද්දර එකතු කිරීම (දෙවන කොටස) පොඩි අයත් බය නැතුව බලන්න... - Stamp Collecting (Part II)


ගිය සැරේ, මුද්දර එකතු කිරීම ගැන ලියන්න ගිහින්, ලියවුනේ වෙන මළදානයක් නේ. අද නම් ලියන්නේ ඒ ගැනම විතරයි. මම මුද්දර එකතු කරන්න පටන් ගත්තේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට ගියාට පස්සේ. ඊට කලින් එහෙම කේස් එකක් දැනගෙන උන්නේ නෑ. ගල්කිස්සේ තෝරාගේ ඉස්කෝලෙන් ආපු හැම එකා ගාවම වගේ "ඉස්ටෑම්ප් ඇල්බම්" එකක් තිබුනා.

ඔය ඉස්කෝලෙන් එන ඔක්කෝම, නොම්මර එකේ දළ කාරයෝ. ඉස් ඉස්සෙල්ලම සුවඳ ගහන මකන කෑලී, මැග්නට් පැන්සල් පෙට්ටි. ඔක්ස්පෝඩ් කවකටු පෙට්ටි, ඩෙක් ෂූස් වගේ පිටරට ජාති ඔක්කෝම වගේ දැක්කේ උන්ගෙන් තමයි, ට්‍රිනිටි එකෙන් ආපු උන් ගාවත් තිබුනා. සිරිමාවොන්ගේ කාළේ ඕවා ඉතින් අධි සුඛෝපභෝගී භාන්ඩ.

Nov 23, 2013

මුද්දර එකතු කිරීම (23+) - Stamp Collecting (13+)

 

කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා. ඒකට තමයි දියුණු වෙනවයි කියන්නේ. ඒ වගේම තමයි විවේක වෙලාවට කරන විනෝදංශ කියන දේත්. එක එක අයගේ විනෝදංශ එක එක විදියයි. සමහර උන්ගේ විනෝදේ තමයි කන පැලෙන්න නිදා ගන්න එක. සමහර උන්ගේ විනෝදේ හිනාවෙන කොට සමහර උන්ගේ අඬන එක.

ඒ වගේම වයස අනුවයි, ලිංග බේදය අනුවත් විනෝදංශ වෙනස් වෙනවා. පොඩි උන්ගේ ආතල් එක තමයි සෙල්ලම් කරන එක. අහුවෙන ඕන දෙයක් කියන්නේ, කක්කා එක්ක උනත් සෙල්ලම් කරනවා. පිරිමි අය විනෝදෙට බොන කොට, ගෑණු අය බීලා ආතල් එකේ එන උන්ට කොක්ක අදිනවා, වින්ඩෝ ෂොපින් යනවා. තරුණ වයසට ආවම, ඔය ෂොපින් මෝල් එකකට ගිහින් කොල්ලෝ නම් කෙල්ලන්ගේ පුකවල් දිහයි, කකුල් දිහායි බල බල ඉන්නවා. කෙල්ලෝත් කරන්නේ ඒකම තමයි.

Nov 21, 2013

චොගම්, නාඩගම්, වන්නම් හා ඉල්ලන් කෑම්.. - CHOGM or CROGM


ලියන්න ඕනා අයවැය ගැනය. ඒත් ඉතින් ඒ ගැන ලියන්න දෙයක් ලොක්කා අපිට දීලා නැතිය. ආන්ඩුවේ උන් හැමදාම ලොක්කාගේ දෑත ශක්තිමත් කොරන නිසා, උන්ගේ දෑත පිරෙන්නම සුපියල් 1200.00 ක්ම දීලා තියෙනවාය.. දවසකට සුපියල්වලින්ම හතලියක්ය. පිච්චු හැදිලා.. බම්ප් වෙලා... ආයෙත් පිච්චුම හැදෙනවාය.. මම හිතන්නේ මේක දීලා තියෙන්නේ, වැඩි කරපු බස් ගාස්තුව පියවා ගන්න වෙන්න ඇතිය.

එහෙම බැලුවාම රට ගැන හිතන මහින්ද මහත්තයා, මේ රට දියුණු කරන්න විශාල කැපවිමක් කොරන රජයේ සේවකයා, දිනපතා නිසි වේලාවට රාජකාරියට පැමිණ ඉටුකරනා මහගු සේවයට කළ උපහාරයක් ලෙස, මේ පඩි වැඩී කිරීම සැලකිය යුතුය. නැතුව ඉතින් උන්ට ජීවත් වෙන්න අමාරුවක් තියෙනවානම්, තියන තියන ඡන්දෙන් පෙරමුණම දිනවන්නේ, උන්ගේ ඇති අරශෂ් අමාරුවක් නිසා නොවේය. අනික බැසිල් මහත්තයා කියන්නැහේ, ඉල්ලනෙත් නැතිව මෙහෙම දීලා තියෙන එකත් ලොකු දෙයක්ය. සමහර විට අපේ පඩි වැඩිකරපියව් කියා ඉල්ලන්නේ නැත්තේ. ඒවා කරන්න ගියොත් ඉල්ලාගෙන කන්න වෙන නිසා වෙන්න ඇතිය.

Nov 12, 2013

පොන්න අගමැතිවරු හා ගුණමකු ගාන්ධිවරු.. - India's Foreign Policy


චෝගම් එක නැගලා යනවාය. පක්ෂ පිරිස වගේම විපක්ෂ පිරිසද බොහෝය. මාතලන් නම් ඉන්නේ පක්ෂ පැත්තේය. මොකෝ පවුලේ මංගල්ලයක්, කොටහළු ගෙයක්, උපන් දින උත්සවයක් හෝ, කුමක් හෝ ප්‍රිය සම්භාෂණයක් තියෙනවා නම් මාතලන් කැමතිය. ඒක කොරන්නේ ණය වෙලාද, ඉඩම් විකුණලාද, ලැබෙන්න තියෙන ගානකින්ද කියන එක, මාතලන්ට අදාල නැත.

Nov 11, 2013

මැහුම් ගුරුවරු.. (කලිසම් කපන ටීචර්...) - Tailoring Teachers



ලියා ගල් ලෑලීවල, 
රවුම් ලස්සන අකුරු,
 "අ" යනු "ආ" යනු කියූ...
වැඳුම් මෙන් පිඳුම් ලද,
ඒ උතුම් ගුරුවරුන්,
නොමැත අද තක්සලාවේ...

Nov 7, 2013

වරෙව් යන්න මා...ත් එක්ක, කන්න බොන්න කඩේ... යන්න.... - Ride with Wimal Weerawansa


 මේ ගීතය, අපේ ඩැඩී බෑන්ඩ් එකේ, "ජීවත් වෙන්න...." ගීතයේ තාලයට ගයා ආතල් එකක් ගන්න..
 
වරෙව් යන්න මා...ත් එක්ක,
කන්න බොන්න කඩේ... යන්න....
විප්ලවේ කචල්, ධනවාදෙට යං බං, ඔළුවෙන් හිටගෙනම....

Nov 6, 2013

සජිත් බලුවීම හා කරූගේ සම්මා දිඨ්ඨිය - Welcome back Karu



කරු දේසපාලනේට ආවේ, ඒයා ආවෝත් හිරු පායනවා කියාගෙනය. එයා ආවත් නැතත්, හැමදාම උදේට හිරු පායනවාය. හිරු පෑවීම කෙසේ වෙතත්, කරූ දේශපාලනේට ආ දා පටන්, ඇදගෙන නාන්නේය. හිරු කෙසේ වෙතත් තරු නම් අම්බානක දැක්කේය. ගම්පහින් පබාටත් නෝන්ඩි විය. ඊළඟට ලොක්කා ගාවට සැට්වී පක්ශය පාවා දුන්නේය.

ඊට පස්සේ, ලොක්කාගෙන් පුකට පාරක් කාගෙන ආයෙත් ඇවිත් අලි ගාලේ වැටුනේය. ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ගිහින්, ශරීර කෘත්‍යයටවත්, කෘතාදිකාරි මන්ඩලේට එන්න බැරිවෙන්න එලවලාම දැම්මේය. සිරිකොතට ඒමත් එතනින්ම අහවර විය.

Nov 4, 2013

නිමල්කා, ගබ්සාව හා කල්ට් එක (18+) - Legalize abortion, prostitution



චෝගම් අස්සේ, අධි වේග ඕපන් කර, කැසිනෝ වලට ටැක්ස් කොන්සෙසොන් පාස් කොර ගන්න ගියත්, වැඩේ හබක් වෙලා, කස්ටිය ඉන්නවාය. ගේම ඇද්ද උන් ඔක්කෝම, කැසිනෝ වලට අත් උස්සලා අහවරය. ඒත් කියන්නේ, කැසිනෝ නම් දාන්න දෙන්නේ නැතිය කියලාය. මුන් කතා කොරන්නේ මුඛයෙන්ද, අධෝමුඛයෙන්ද කියා මට විසාල මෙව්වා එකක් ඇත්තේය. ඒ අවු අස්සේ නිමල්කා නෝනා අපේ සඟිස්කුරුතිය හා සබ්බත්තේ තුන් වේලටම් කන දේසප්පෙරේමින්ට හප හප ඉන්න ආතල් බබල් ගම් එකක් දීලාය.

Oct 30, 2013

ජුන්ඩෝ..... (23+) - Gender Fight Club (13+)


ණ හංසයෝ ගැන ලියා තිබුනාට, ජුන්ඩෝ ගැන ලිව්වාද කියා හරියටම නිච්චියක් නැත්තේය. ඒ උනාට ජුන්ඩෝ රැක ගන්නා ජොක්කු ගැන නම් ලිව්වා හොඳටෝම මතකය. ඒ පොස්ට් එක නම් නැගලාම ගියේය. ඒ උනාට, ඊටත් වඩා නැගලාම ගියේ, පුසෝ ගාඩ් ගැන ලියපු පෝස්ට් එකය. අදටත් ඔය දකුණු අත පැත්තේ ඒ පෝස්ට් එක බැබලි බැබලි තියෙනවාය.

Oct 29, 2013

විගා... පිස්සුනම් කෙලින්න එපා මචං.. - From Vasu with love....

 
ඔය පොලිටික්කෝ අතරේ එහෙ මෙහෙ ගැවසෙන නිසා රහස් ලිය කියවිලි, ලියුම් කියුම්, කොමිසන් වාර්ථා වගේ ඉතා වැදගත්, කාටවත් ලැබෙන්නේ නැති ලිය කියවිලි, සමහර විට මට හම්බ වෙනවාය. මමත් ඉතින් විකි ලීස් ලියන අසාන්ජේ වගේ ඒවා බොගේ දානවාය.

එතකොට ඔය වං හුං කැමති උන් ඒවා බලලා කොමෙන්ටුත් දානවාය. මට නම් ඉතින් අසාන්ජේ වගේ ඇම්බසි අස්සේ රිංගන්න ඕනා නැතිය. බැරිම තැනක් ආවෝත් නම් උතුරුකුරු දිවයින බලා යන බෝට්ටුවක එල්ලෙනවාය.

Oct 23, 2013

කැසීනෝ, ගණිකාවෝ හා පිස්සෝ... - Casino Phobia


මේ ගල් යුගය නෙමේය. 21 වන සියවසේ ළෝකයයි. එදා උන් මිනිස්සුන්ට, කොරන්න දෙයක් තිබුනේ නැත. සතෙක් එලාගෙන, ගිනි ගොඩක් ගහගෙන, වටේ නටාගෙන, බා බේ කිව් එක කා, ආතල් එකේ නින්දට යනවාය. ඒ කාලේ ආතල් එක ඒකය.. ඊට පස්සේ රජවරු ඇතිවෙලා, උන් ආතල් ගත්තාට. ජහමනයාට ආතල් තිබුනේ නැතිය. සමාන්නිය එකා බඩුවක් ගැහුවාම ආපායේ යනවා කියපු ආගම්, රජ්ජුරුවෝ බඩු 500 කට කෙලියාට මුකුත් කිව්වේ නැතිය. රජාට ෆුල් සප් එකම දුන්නේය. ප්‍රසස්ති ගායනා කොලේය. අර්තයෙන් ධර්මෙන් දේශනා කලේය.

Oct 21, 2013

චෝගම් සහ පුංචි පහේ ඇමතිවරු - Chogm & Baby Ministers


මේ මලදානේ ගැන කීප සැරයක් ලියා ඇතත් ආයෙත් ලිවිය යුතුමයි කියා සිතුනේය. ඉස්සර පිට රටකින් කොපි කරලා සිරසේ "පුංචි පහේ මං" කියා වැඩ සටහනක් ගියේය. නම එහෙම උනාට ආවේ පුංචි උන් නෙවේය. මහ උන්ය. ඔය අස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න හරක් සහ බූරුවෝත් ආවේය.

උන් ඇවිත් නාගෙන යන හැටි දැකලා ලොක්කා උන්ට යන එක තහනම් කලේය. එහෙම පහේ උන්ගේ ප්‍රශ්ණ වලටත් උත්තර දෙන්න බැරි හරක් සෙට් එකක් ඇමති මණ්ඩලේ තියාගෙන ලොක්කත් එකසිය ගානට නානවාය.

Sep 27, 2013

රනිල් ෆෝබියාව - Ranil Phobia


රනිල් 27 වන වතාවටත් පැරදුනේය. හැමදාම පරදින උන්, ගනන් ගන්නේ නැතිය. උන් ගැන කතා වෙන්නේ නැති තරම්ය. කතා කරන්නේ ලියන්නේ, පත්තර පිටු පුරවන්නේ, දිනපු උන් ගැනය. ළෝකේ ළොකුම ක්‍රීඩා මංගල්ලයන් වන ඔලිම්පික් හා පුට්බෝල් වරල්ඩ් කප් එකෙත්, කතා කොරන්නේ දිනපු එකා ගැන විතරමය. අඩු ගානේ, දෙවනියා ආවේ මොකාද කියලාවත් මතක නැතිය. හැමදාම පරදින බංගලාදේස ක්‍රිකට් ටීම් එක ගැන, එකෙත් වත් කතා කොරන්නේ නැතිය.


Sep 24, 2013

ලංකාවේ හෙළුවැලි පොටෝ කළාව (23+) - Nude Photography (13+)

 
ලිය ලියා උන්නේ පොටෝ ඇල්ලිල්ල ගැනය. මාතලන් පොටෝ වලට බොහොම කැමතිය, ඒ නිසා "පින්තූරූ"  නමින් බොගක්ද, "Classic Pics" නමින් තවත් බොගක්ද, පවත්වාගෙන ගියේය. කාළ කළමණාකරනයේ කේස් එකක් නිසා, ඒවා අප්ඩේට් කොරන්නට වෙලාවක් නැති එක ගැන ඇත්තටම මාර දුකය.

එහෙත් පොටෝ අල්ලන කට්ටිය කැමති නම්, මගේ "පින්තූරූ" බ්ලොග් අඩවිය, ඔබ වෙනුවෙන් කැප කළ හැකිය. පොටෝ එකට නමක් සමග එව්වොත්. පොටෝ එක ගත්තු එකාගේ නමත් එක්ක ප්‍රචාරයක් දිය හැකිය. ඒ සඳහා, අකුරු වලින්ද නිර්මාණයක් කර එවන්නේ නම්, වඩාත් අගනේය. එය කවියක්, නිසදසක් හෝ ඕන කුණු හබ්බයක් වූවාට කම් නැතිය.

Sep 22, 2013

රටම කැමති මහ ඇමති - Lessons from Dayasiri's Victory


අපි කිව්වොත් ආයේ, "පිංජුල මාරිසා" හෝ "අමනදාස සුමනයා" මෙන්, කෙප්ප කෙලින්නේ නැතිය.. කියන්න බැරි එවා කියා, ගූ නාගන්නේත් නැතිය. අපි කියන්නේ, ඕනම එකෙකුට කියන්න පුළුවන් ඒවාය. වයඹයි, මධ්‍යමයි, කිසිම ගේමක් නැතිව ලොක්කා දිනන බව, අපි කල් තියාම කිව්වේය. ඔය මොන යකා බයිලා ගැහුවත් ලොක්කා නැතිව එකෙකුටවත් දිනන්න බැරිය.

Sep 21, 2013

රෙද්ද අස්සේ රිංගීම - Vintage Photography


මුලින්ම දෙයක් කිව යුතුමයි කියා සිතෙන්නේය. මම ලියපු ඒවා බොහෝ අය පටලවාගෙන තිබෙන්නේය. මම පොත් ප්‍රදර්ශණයේ විකාර ස්වරූපය විවේචනය කලා මිස, පොත් කියවන්න එපා කියා, කිසි දිනෙක කියා නැතිය. මේ පොටෝ ඇල්ලිලත් එසේමය. අවශ්‍ය තැන මෙන්ම අනවශ්‍ය තැනත්, කැමරාවක් උස්සගෙන දැඟලීම, මම දකින්නේ විකාරයක් ලෙසය.

මගුල් ගෙවල් වල පොටෝ ඇල්ලීම, මට පෙනෙන්නේ විකාරයක් ලෙසය. නමුත් ඒය තව කීප දෙනෙකුගේ රැකියාවය. ඒ නිසා උන් ඒවා කර ගත්තාට මගේ අමනාපයක් නැතිය. නමුත්, මගුල් ගෙදරක ප්‍රධාන අමුත්තා විය යුත්තේ, මනමාලිය මිස, කැමරමන් හෝ ඩී ජේ (DJ) නොවේය. එහෙම ඒවා දැක්කාම මම ලියනවාය. ඒවාට කවුරුත් හිත් අමනාප කර ගන්න ඕනා නැතිය.

Sep 19, 2013

පොටෝ ඇල්ලිල්ල - Photography


බුක් ෂෝ එක ගැන ලියපු කවි ටිකක් ආයෙත් දැම්මම, වෙනියට මල පැනලා, අපි දෙන්නා මරාගෙන, ඒ ගැන මාරයයි, කතයි දෙන්නත් පෝස්ට් දැම්මනේ. කවුරුත් හිතා ගත්තේ, අපි මරාගනියි කියලා. අපේ ඒවා නෑ. කියන්න ඕන දේ කිව්වා එතනින් ඉවරයි. යාළුකම එහෙමම තියෙනවා. (කොහොම හරි බොහොම කලෙකින්, එක පෝස්ට් එකක් නිසා, පෝස්ට් කීපයක් ලිය උන එක ගැන නම්, මට තියෙන්නේ පුදුම සතුටක්)

වෙනියා, මම හම්බවෙලා කතා බහ කරලා තියෙන බ්ලොග් කාරයෝ කීප දෙනාගෙන් එක්කෙනෙක්. ඒ වගේම හිත හොඳ බුවෙක්. ඌට මල පැනලා තිබුනේ පොත් වල පින්තූර දාන එකට, මම ගතු කිව්වයි කියලනේ. ඒ කියන්නේ පොටෝ ඇල්ලිල්ල ගැන.

Sep 18, 2013

නොවේ මෙවන් "හරක්" ළොවේ...... O Lord My God


හරක් කිව්වේ පින්තූරේ ඉන්නා අයට නෙමේය.. මේ යක්කු දෙන ගුලි, එකසිය ගානට ගිලින උන්ටය. මුන් කරන්නේ රැකියාවක්ය. සංඝා ඇන්ලීන් විකුණන එකෙයි, මේ උන්නැහේලා ටැලිවිසොන් වල කෙලින කෙප්ප වලයි, කිසිම වෙනසක් නැතිය. මේ ඇරෙන්න ජනතාව ගොනාට අන්දන තවත් තුන් දෙනෙක් ඉන්නවාය. ඒ ෆෙන්ෂුයි ආසිරි වනිගරත්න, ඉරහඳ ප්‍රියන්ත රත්නායකය හා ගාල්තැන්නේ රත්තරන් දෙයියාය.. තව සෙට් එකක් උන්නාට උන් තවමත් එච්චර ප්‍රසිද්ධ නැතිය.

Sep 16, 2013

Book Carnival


සුපුරුදු පරිදි පොත් කාරයෝ එක්වී මෙවරත් පොත් පෙරලනවාය. වෙන රට වල පොත් පොදර්ශණ දැකලා තියෙන නිසා මේවා පේන්නේ තනිකර විකාරයන් ලෙසය. ඒත් ඉතින් මේකත් දැන් ට්‍රැන්ඩ් එකක් වෙලාය. සමහර උන් පොත් අරගෙන බුකියෙත් දානවාය. බොගෙත් දානවාය. ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කියවනවාද කියන එක ගැනය..

Sep 14, 2013

බේබී කමින් කලින් (23+) - Premature Babies (13+)



පොස්ට් එක පොඩ්ඩක් දික් උනා.. ඒකට සමාවා භාජනේකට දාලා.. වහලා තියන්න.. කියවලා ඉවර වෙලා දියකරලා බොන්න....

මේ පෝස්ට් එක කවදාවත් ලියවෙන්නේ නෑ හැලපයගේ පෝස්ට් එක නැත්නම්. හැලපයා කියන්නේ කව්ද කියලා තාමත් නොදන්න අය ඉන්නවනම් ඕන් මෙතනින් ගිහින් බලන්නකෝ, හැලපයියා කියන්නේ දැන් බ්ලොග් ලියන උන් අතරෙ ඉන්න සුපිරිම පොරක්. එයා වගේ තව කීප දෙනෙක් තමයි "රවී", "සරත් ලංකාප්‍රිය", හා "අරූ". උන් ලියන උන්ගේ ජීවන අත්දැකීම් වල රස උතුරුනවා. ඒ වගේම උන්ගේ මොකක්දෝ සමාන කමකුත් මට පේනවා..

එකක් තමයි "පඳුරු තැලිල්ල".. අනික, සමහර විට සමකාලීනයෝ නිසා වෙන්න ඇති. ඒ මදිවට දැන් "කෙන්ජියත්", "නලියගෙ" එකේ බොග දානවා. ඌ නම් පඳුරු තැලිල්ල කෙසේ වෙතත්, පොලිටික්කන්ගේ රෙදි ගලවනවා, "කළු සල්ලි.." කියලා කතන්දරයක් දාගෙන. අන්තීමෙදි, "නලියගේ" රස්සාවටත් කෙලලා තමයි කෙන්ජියා නවතින්නේ. කෙන්ජියා නම් කිව්වේ, නලියට ජොබ් එකක් බලලයි තියෙන්නේ කියලයි. :D

Sep 12, 2013

සුනිලාට වෛර කරනා අඳබාලයෝ... - In respect of Sunila Abeysekara



මේ ළෝකයේ පරිපූර්ණත්වයට පත්වූ කිසිම මනුෂ්‍යයෙක් ජීවත් වී නොමැත. අද ජීවත් වන්නේද නැත. අනාගතයේ පහල වන්නේත් නැත. මේ ළිපිය ලියන්නට සිත් වූයේ, බුකියේ, සමහර බ්ලොග් අඩවි හා වෙබ් අඩවි වල පලවු ළිපි දැකීමෙන් සිතේ හටගත් කළකිරීමයමය. මේ ළිපිය කියවීමට කලින්, "සුනිලා අබේසේකර" කොතරම් අපූරූ මිනිසෙක්දැයි දැන ගැනීම සඳහා කරුණාකර මේ ළිපිය කියවන්න.

Sep 10, 2013

කාන්තාවන් දූෂණයෙනුත් ලංකාව පෙරමුණේ - 14.5% of men in SL 'admit rape'

 
ලියන්න මක්කාදැයි කියා හිතා ගන්නට බැරිය. ගැබිනියක් මරා, දියණිය පුළුස්සා මැරූ කේස් එකක් පත්තරේ ඉස්සරහම පිටුවේ දාලාය. අද සෝමාගේ වාහිනියේ, මේවා ඇක්ට් කොරලාම පෙන්නන්න පුළුවන්ය. එයාලාට මේවා මාර ආතල්ය. ඒවා බලන උන්, ඊළඟට ඊට වඩා ගේම් එකකට සෙට් වෙනවාය. ඒ උනාට, මේක ළෝකෙන් උතුම් රටය. නොවේ මෙවන් වින්දනයක් ළොවේය. ආසීයාවේ ආස්චර්යද මොකක්ද එකය. මුලු ළොව මේ රටට යටය. මේවා බොරුත් නෙමේය. නමුත් ඉතින් හොඳ දේකට නම් නෙවේය. මොකක් හරි මගෝඩි කේස් එකකටය. නැතිනම් වර්චස් ගොඩකටය.

Sep 8, 2013

කොස් කිරන සාධු - Kissing Monk


දනින් වැටිලා දෙකට නැමිලා පුකද උඩ දා              මින්
කුණුව ඕජස් ගලනවා කිව් අඟ පසඟ පා                 මින්
වඳින විට මේ තරුණ අඟනුන් ඉඟි බිගිද පා            මින්
රහත් අරහත් මුකුත් නැති අපි සැනසෙයිද නිව       නින්

Sep 5, 2013

නවත්තන්න එපා..!!! (21+) - Dont Stop....!!! (13+)


මේ ළඟදි මගුල් ගෙදරක ගියා, හාමිනේගේ පැත්තෙන් නෑයෝ වෙන. ඒත් ඉතින් හාමිනේටත් වඩා එහේ සෙට් එක මා එක්ක ෆිට්. මේක නම් අර විකාර මගුල් ගෙයක් නෙමෙයි, බොහොම චාම් මගුල් ගෙයක්. අපි මනමාලිගෙ පාර්ශවේ. මනමාලීගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. අම්මා නැති උනේ කැන්සර් එකකින්, තාත්තා නම් සිරෝසිස් වලින්. අම්මා නැති උන දවසේ ඉඳන් බලා ගත්තෙ පුංචි අම්මා. අර මල විකාර කේක් එකවත් තිබුනේ නෑ. කිරිබත් තමයි කෑවේ. හේතුව, සල්ලි නැති කමක් නෙවෙයි, මේ කෙල්ල බොහෝම චාම් සිම්පල් කෙල්ලෙක්, මනමාලයත් ඒ වගේමයි. උගත් කමයි, නිහතමානි කමයි, චාම් බවයි හොඳට කැපිලා පෙනුනා.

Sep 3, 2013

ගූ චන්ඩි හා නවී පිල්ලේ - Navi Pillai & Fake Thugs


Cartoon by - Awantha Atigala
 
අපි පොඩි කාළේ, කැළණියෙත්, ඔය මුඩුක්කු වගේ පොඩි වතු දෙක තුනක්ම තිබුනේය. ඔය මගේ කතා වල එන "මහතුවා නොහොත් මහතුං" උන්නේද එයින් එක වත්තකය. ඔය වතු වලට වෙන් වෙච්චි චන්ඩියෙක් වෙනම ඉන්නවාය. වත්ත රන් කරන්නේ පොරය. තොරණ හංදියට උන්න චන්ඩියා පොඩ්ඩෙ අයියාය. එයාට කලින් චන්ඩියා වෙලා උන්නේ, සැන් පෝල්ස් එක ඉස්සරහ පොඩි වලව්වක උන්න අල්ගමයාය. අල්ගමගේ පුත්තු සැට් එකෙන්, බාලම් එකා ඇර අනික් ඔක්කෝම නිවන් යැව්වේත්, වෙනත් චන්ඩීන්ය. ඔය මහතුවාගේ වත්තේ ඉන්න චන්ඩියාට අපි කිව්වේ "ගූ චන්ඩියා" කියාය.

Aug 30, 2013

Sex in a Bus (Strictly for Adults)

 

පෙර කලැ,
පසු පසම අසුනේ පමණි.
නැත එහෙත් අප්පිරියාව,
තිබුණි එහි හැදියාව...
ඒ සී රූම් නැති, 
හෝල් වල බොක්ස් නොමැති,
රාග ගිනි දරාගතී,

 සුන්දරයි දැකීමත්......

Aug 28, 2013

සාහිත්‍ය මාසයට කියවන්න පොත් - Books to read



 අම්මට සිරි ලංකාවේ පොත් කාරයන්ට, නොම්මර එකේ මාසයක් තමයි ලබන මාසේ. ඒ කියන්නේ සැත්තම්බර් මාසේ. කොටින්ම කියනවනම්, සාහිත්‍ය මාසේ, "සාහිත්තේ කන්නද ඕයි...? " කියලා අහපු එකාත්, අද තියෙන ෆැස්ටිවල් එක දැක්කා නම්, මම කිව්වේ හෙන ගහන කතාවක්නේ ඕයි කියලා බොහෝම දුක් වෙයි. මොකෝ මේ බුක් ෆෙස්ටිවල් එකේ පොත් කියවනවට වඩා ඉන්නේ කන බොන උන් කියලා දැක්කම.

Aug 26, 2013

Colombo Express



උන් කති බොති නටති සූකති අඩුවට සොරකම්ද                  කරති
වතුර නැතුව රතු පස් වල ජනයා මහ මගට                           බසිති
රණ විරු එති වැට ගලවති ඔළුව පලති වෙඩිද                      තියති
පොලොස් කොට්ටෝරුවා මයිකෙට වතුරෙ ට්‍රබල් නැතයි     කියති


Aug 15, 2013

අධිකාරියට නොපෙනෙන ළමා අපචාර - Increasing incidents of child abuse in Sri Lanka


 
ජනාධිපතිතුමා, දෙමළ භාෂාව ප්‍රගුණ කළ, ආණ්ඩුවේ නිලධාරීන් පිරිසකට සහතික පත් ප්‍රදානය කරමින් අපූරූ කතාවක් කළේය. එනම්, රජයේ කාර්යාලවලට පිරිස් පැමිණෙනුයේ කඳුළු පිරි දෑසින් බවත්, ඔවුනගේ වත් පොහොසත් කම, ජාතිය, ආගම, කුල මල, ගෝත්‍රය නොසොයා, ඉක්මනින් ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙසයි. එවිට සභාවෙන් අත් පොළසන් නාදයක්ද මතු විය. ඇත්ත වශයෙන්ම නායකයා ප්‍රදර්ශනයට හෝ හොටු පෙරෙන පොඩි උන් වඩා ගත්තද, වැද්දන් සමග එකට ඉඳගත්තද, නිලධාරින් නම් වැජබෙන්නේ තමන් වෙනත් ග්‍රහලෝකයකින් රත්නද්වීපයට වැඩම කළ පිරිසක් ලෙසයි.

Aug 14, 2013

අප්පට සිරි මුන් කැපුවනෙ බෝධිය... - Bo Tree in Grandpass




දඹ දිව් තලයේ හටගත්                      බෝධිය
සඟමිත් තෙරනිය වැඩමවු                 බෝධිය
අනුරාපුරයේ පැල කල                      බෝධිය
හැම හංදියකම තිබෙනා                   බෝධිය

Aug 12, 2013

කැකිල්ලේ තීන්දූ හා මෝඩ ජනතාව - Are we Fools...?



ග්‍රෑන්ඩ්පාස්වල පොඩි වලියක් ගියේය. එදා මම උන්නේ කැලේය. හැමදාම කැලේ උන්නා නම් හොඳයි කියන උනුත් ඉන්නවාය. වැඩියෙන්ම ඉන්නේ එහෙම උන්ය. අද කතා කරන්න යන්නේ ඒ ගැනය. කෙසේ හෝ නිමල් සිරිපාලට අනුව ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය බටහිර කුමන්ත්‍රනයක්ය. එය සනාථ කිරීමටදෝ ඇමරිකන් ඇම්බැසිඩර් නෝනාත් මක්ඛදෝ දෙඩෙව්වාය. එයාලා තමිබියන්ගේ මානව අයිතිවාසිකම් රකින ආකාරය අපි එයාලාගෙම චැනල් වලින් නරඹනවාය. ඒ නිසා අවුලක් ඇත්තේම නැතිය.

Aug 11, 2013

කවුද බොල ඇලිස් (21+) - Who the Fuck is Alice (13+)



මේක මේ කළබල අස්සෙ දැම්මට සමා වෙන්න ඕනාය. ලියන්නම් ඕනා නිසා ලියනවා විනා, ආන්ඩුව මෙන් ප්‍රශණ යටපත් කරණවා කියා එහෙම හිතන්න එපාය.

මේක මම මගේ සංගීතා බ්ලොග් එකට ලියාපු සිංදුවක් ඒකෙත් පබ්ලිෂ් කරලා තිබුනේ නෑ. ඒ උනාට ලිපිය සම්පූර්ණයෙන්ම වෙනස් කලා. මාතලන් එකට ගැලපෙන විදියට. ඔහේලා දන්නවනේ, මම මේ ටිකේම ඉන්නේ බටහිර කුමන්ත්‍රණ කාරයෝ සෙට් එකක් එක්ක කියලා. අපි වගේම තමයි උනුත් වෙහෙස නිවාගන්න පොඩි ඩ්‍රින්ක් එකක්, මලක්, සිගරට් එකක් එහෙම ගහලා, තමන්ම අල්ලපු මාළුයි, පත සයිස් මස් පෙතියි පුච්චගෙන කාලා (BBQ). ඊට පස්සෙ බොක්ස් ගිටාර් එක්ක සින්දු ටිකක් කියලා තමයි නිදා ගන්න යන්නේ.

Aug 9, 2013

ටෙලි නාට්ටි කාරයෝ ඇවිත් - Teledrama Artists met President




යාපනෙන් ආපු ඉස්කෝල ළමයි ටිකක් එක්ක, ජනාධිපති තුමා අරලියගහ මන්දිරේ පිටි පස්සෙ පිට්ටනියේ, බට්ටෝ පනිමින් සිටියේය. උන්නැහේ ළඟ ඉන්න එකෙකුට කිව්වේ, "මුන් ඕයි අපේ ගමෙන් එන උන් වගේ නෙමෙයි, හරිම අහිංසකයි., අපේ උන් ආවම මළ ඇනේ.... ග්‍රවුන්ඩ් ඉල්ලයි, සුවිමින් පූල් ඉල්ලයි, මුකුත් නැත්නම් ඉන්ගිරිසි චීචර් කෙනෙක් හරි ඉල්ලනවා" කියාය.

Aug 7, 2013

දැන්වීම් තහනම්, කිරිපිටි දිගටම වෙළඳ පොළට - Hilarious decisions


සෞඛ්‍ය අමාත්‍යවරයා නාහෙන් අඬද්දි, වස විෂ පිරි කිරි, යම් තාක් දුරකට හෝ තහනම් කිරීමට,සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගත් තීරණය අප අගය කළ යුතුය. ඒ අනුව වෙළඳ පොළේ ඇති සියළුම ළදරු කිරිපිටි අළෙවිය තහනම් කොට ඇත. එපමණක් නොව සියළුම කිරි පිටි වෙළඳ දැන්වීම් ප්‍රචාරනයද නවතා දමා ඇත.

නමුත් විහිළුවට කරුණ වන්නේ, සියළුම කිරිපිටි වෙළඳ පොළෙන් ඉවත් කිරීමට තරම් කොන්දක් ඔහුට නොමැති වීමයි. ළෝකයේ සියළුම රටවල, මේය ප්‍රධානම ප්‍රවෘත්තියක් වන විට. අපේ ජනමාධ්‍යයන්ට මෙය කුඩා පුවතක් වත් වූයේ නැත. ළොව පුරා විශ්ලේෂන ගෙන එන බක පන්ඩිතයන්ටද මේවා පෙනුනේ නැත.

Aug 5, 2013

වස විස පිරි "ෆොන්ටෙරා" කිරි - Fonterra Apologizes for Milk-Powder Scare



අපේ රටේ මාධ්‍යන්ට හෙළි කල නොහැකි සත්‍ය මෙතනින් කියවන්න.

මම ලියපු පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කිරිපිටි වල DCD (Disyandiamide)  තිබෙනවා නේද කියා මගෙන අහලා තිබුනේය. බ්ලොග් එකේ කොමෙන්ට් දමන්නේ නැති හිතවතෙක්ද, ඊ තැපෑලක් මගින් මේ ගැන නොලියන්නේ මන්දැයි කියා අසා තිබුනේය. අපිත් කිරිපිටි බොන නිසා, ටිකක් මේ ගැන හොයා බැලුවාම, දැන් ළෝකයේ ප්‍රධාන පෙලේ සෑම රූපවාහිනි නාලිකාවකම ප්‍රධාන ප්‍රවෘත්ති අතරේ වැජබෙන්නේ මේ කතන්දරයය.

Aug 2, 2013

රතුපස්වලට අමා වතුර - Blood aginst Water


කොටියාට කෙල උනේ, මාවිල්ආරූ වල සෙල්ලම් දාන්න ගිහිල්ලාය. ඒ කියන්නේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වතුර ලබා ගන්න බැරි වෙන්න, මාවිල්ආරූ වෙල්ල වහපු එකය. වතුර මිනිසුන්ට ඒ තරම් වටිනවාය. ගොවිතැනෙන් වැඩි පිරිසක් ජීව්ත් වන රටක, ගොවිතැනටත් වතුර අත්‍යාවශ්‍යමය. පානයට නම් බෝතල් ජලය හෝ පානය කල හැක. ඒහෙත් නෑමට, ඇඳුම් සෝදාගැනීමට. මෙන්ම අපේ උන්ට, සුද්දා කොල කෑල්ලෙන් පිහිනවා වාගෙ නොව, කක්කා කර, පුක හෝදාගැනීමටත් වතුර බාල්දියක් විතර ඕනාය.

Jul 31, 2013

Sex & Tax



රමණය...
කුමකටද....?
සෑමදා...!!!
නොවරදවා,
කෙලිනා කල.....
ආන්ඩුව....!!!

මේ මම බොහොම කලකට කලින්, මගේ "පීන්තූර" බ්ලොග් එකේ ලියපු කවියක්ය. මේක බොහෝම ප්‍රසිද්ධ කියමනක්ය. අපේ රටේද මෙය දැන් තනිකර ඇත්තක්ය. අරින එක ඇතිවෙන්නම අරිනවාය.