.

.
Showing posts with label University. Show all posts
Showing posts with label University. Show all posts

Feb 18, 2023

බැසිලොමික්ස් ගැන දුන් චරිත සහතිකය හා FUTA හී රෙදි ගැලවීම

 


බැසිලොමික්ස් ගැන දුන්

චරිත සහතිකය හා 

FUTA හී රෙදි ගැලවීම

➖➖➖➖➖➖➖🔴


දීප්ති කුමාර ගුණරත්න හා Lakshika Rathnayake   ITN නාලිකාවේ කරන පත්තරෙන් එහා දේශපාලනයට ආදරය කරන ඕන එකෙක්   බලන්න ඕනෙයි කියලා මම හිතනවා.


අද විශේෂ ආරාධිතයා විදියට ආවේ චරිත හේරත්, එහිදි දීප්ති උත්සාහ කරනවා බැසිල් වැඩ්ඩෙක් හෝ දැක්මක් දර්ශනයක් ඇති කෙනෙක් නොවන බව චරිතගෙන් එලියට ගන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්.


චරිත මෙතනදි පැහැදිලි කරනවා උගත් හැම එකාටම විසඳගන්න බැරි වුන සොලියුෂන් එකක් නොතිබුන විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසඳුවේ බැසිල් බව. මේකට බැසිල් චරිතගෙ හා ධම්ම දිසානයකගේ අදහස් හා සහාය ගත් බවත් එතනදි කියනවා.


එතනදි තමයි අද ටැක්ස් කැපනවා කියලා පාරට බහින විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ හෙළුව එලියට එන්නේ. සමහර විට සමහරක් ආචාර්‍ය මහාචාර්‍යවරුත් මේක නොදන්නවා ඇති.


මේ වැටුප් වැඩි කිරිල්ලෙදි බේසික් එක වැඩි කරොත් අනෙක් වෘත්තීන්වල වැටුප් තලයන් එක්ක ගැටළුවක් මතු වන නිසා මොවුන්ට අති විශාල වැටුප් වැඩිවීමක් ලැබෙන්නේ පරීක්ෂණ දීමනාවක් ලෙස. එතනදි බැසිල් කියනවා පරීක්ෂණ සමීක්ෂණ වෙනවද කියලා හොයලා බලන එක මගේ වැඩක් නෙමේ, ඒක කැම්පස් වල වැඩක් කියලා.


ඒත් මුන් ඒ කිසිවක් නොකර හැම මාසෙම ලක්ෂ ගානක් පිනටම ගන්නවා..


එතන තවත් කතාවක් එලියට එනවා. එනම් කැම්පස් සඳහා වෙන් කරන මුදල වසර මුලදිම ලබාදීමට කරන යෝජනාව. මේක ඔක්කෝම කැම්පස් ප්‍රතික්ෂේප කරනවා.


ඒ කියන්නේ මුන් පිලිගන්නවා මේවයෙත් ඉන්නේ දූෂිත කම්බා හොරු කියන එක හා ඒ මුදල කළමනාකරණය කර ගැනීමට ඔවුන්‍ට නොහැකි බව.


මෙහෙව් කම්බා හොරු හා වංචනිකයෝ තමයි තමුන් උගත් බුද්ධිමත් පිරිසක්‍ය බදු ගැහුවොත් රට යනවය කියන්නේ... තොපි වගේ උන් මේ රටෙන් චුත වෙන එකම තමා මේ රටට කරන්න පුලුවන් ලොකුම සේවය.


අනික් කාරනේ නම් බැසිල්ගේ පලු අරින උක්තේ සංවිධානේ විමල් හා වාසුගේ රෙදි ගැලවීම ඒ පිලේම ඉන්න චරිත විසින් සිඳු කිරීම..😁


මේ රට ගොඩගන්න පුලුවන් එකම ආර්ථික විසඳුම බැසිලොමික්ස්ම විතරමයි යන්න මාතලන්ගේ මතයයි.


⭕ කැම්පස් යන උන් මේ වැඩ සටහන අනිවාර්‍යයෙන් බලන්න.  ඔයාලට මාර ලැජ්ජා හිතෙයි.


.

Oct 5, 2022

පාර්ලිමේන්තුවේ ත්‍රස්තවාදී නියෝජනය

 


පේරාදෙණිය විෂ විජ්ජාලයේ ගෙම්බා කැන්ටිමේ මිලේච්ඡ නවකවද සීන් එක, වින්දිත පාර්ෂවය විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය තුල පලවීමෙන් පසු, වහතු නාලිකාවල ප්‍රවෘත්ති වලද ප්‍රචාරය වූවත්, සමාජයේ ඒ පිළිබඳ කතිකාවක් ඇති නොවුනේ, මෙයත් වාර්ෂිකව නොකඩවා නොවරදවා පැවැත්වෙන බයිලාවක් වී ඇති නිසාය.

විෂ විජ්ජාලේ ආචාර්‍ය මහාචාර්‍යවරු සුපුරුදු පරිදි වැඩේ සැටල් කර පැය දෙකක් යන්නටත් මත්තෙන් ඊටත් වඩා දරුණු ප්‍රහාරයක් එල්ල වුවත්, ශුක්‍රාණූ කෑ රිලවුන් සේ කට පුප වසාගෙන උන්නේ, ආචාර්‍ය මහාචාර්‍ය වරුන්ගේ ආධිපත්‍යයද පවත්වාගෙන යනු ලබන්නේ, මේ මිලේච්ඡ ශිෂ්‍ය සංවිධාන වල සාදර අනුග්‍රහයෙන්ම නිසාය.

එහෙත් වෙනදා මෙන් නොව මෙවර උන්ටද කෙල වී ඇති නිසා, ප්‍රශ්ණය පාර්ලිමේන්තුව දක්වාම පැමිණිලා තියෙනවාය. පෙරාදෙනිය අන්තරේ මහ එකා කෙලින්ම මරණීය තර්ජන එල්ල කර ඇතත්, එයත් මාධ්‍යට සැර බාල කර පැවසීමට තරම් උන් අරුන්ට බයය. ඔය මොන බයිලා ගැහුවත්, මෙවරත් එකෙක් දෙන්නෙක් මරා දමා ඔය වැඩේ ඔතනින් යට යනවාමය.

ඒ  මන්ද යත්, විෂ විජ්ජාලවල පොරවල් වී ඇති ආචාර්‍ය මහාචාර්‍ය වරුන් සියල්ලම මේ මිලේච්ඡයින් මෙහෙයවන දේශපාලන පක්ෂ දෙකේ සමාජිකයින් වීම නිසාය. උන් සියල්ලෝම සමාජයෙ පහළ ස්ථරවලින් පැමිණි හීනමානකාරයෝ නිසාය. උන් හිතන්නේ උපාධිය තරම් ලොකු දෙයක් මේ ලෝකේ ඇත්තේ නැතයි කියලාය. ඒ නිසා ඕක උන් ඇතුලෙන්ම සෙටල් කර ගන්නවාය.

මිලේච්ඡයින් විෂ විජ්ජාල තුල නවකවදය ජයටම කරගෙන යද්දි, මුන්ගේ ආශීර්වාදය, සාදර අනුග්‍රහය මෙන්ම සහයෝගයද ඔවුන්ට ලබා දෙන්නේ සමාජයේ වෙනත් මාතෘකාවන් ගැන කතා බහක් ඇතිකරමිනි. අතීතය හොඳින් නිරීක්ෂණය කළහොත් හැමදාම සිඳු වී ඇත්තේ එයමය.

මෙවර නවක වදය යට ගසන්නේ Thamalu Malitha Piyadigama කාල් මාක්ස්ගේ දස් කැපිටාල් කියෙව්වේ කොහොමද කියලාය. 

මේ මිලේච්ඡයින්ට සම්පූර්ණ දේශපාලන රැකවරණය සපයන්නේ පෙරටුගාමී පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ බව මොන්ටිසෝරී යන එකෙක් වුවද දන්නා කාරනයක්‍ය. එහෙත් සැමදාම උන් කියන්නේ... අනේ අපි ඕවට නෑ.... ඕවා කැත වැඩ... ඕවා දැන්වත් නවත්තන්න ඕන කියලාය.. ඒ සමාජයේ අනුකම්පාව දිනා ගැන්මටය. 

එහෙත් සමාජයේ ඉන්නා සාමාන්‍ය මිනිසුන් මුන්ගේ කෙප්ප ගිලින්නේ නැති බව චන්ද ප්‍රතිඵල වලින් සැමදාම දුටුවත්, කැම්පස් අම්බරුවන් අරුන්ගේ ලණු කා, උන්ගේ කාඩරයට එක් වීමද සැමදාම සිඳුවේ. පාර දිගේ උද්ඝෝෂණ වලට පෙලපාලිවට දක්කාගෙන එන්නේ මේ අම්බරුවන් පිරිසය.

ජෙප්පෝ හා පෙරට්ටෝ මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දුන්නද, එය ප්‍රසිද්දියේ ප්‍රකාෂ කිරීමට තරම් කොන්දක් උන්ට ඇත්තේ නැතිය. දැන් මේ ත්‍රස්තවාදී මිලේච්ඡයින්ට නායකත්වය දීමට එකෙක් නොව දෙදෙනෙක්ම ඉදිරිපත්ව සිටී.

ඒ සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා වෙල් විදානේය. දෙන්නා අතර නායකත්වට වෙනම තරඟයකි.

ඊයේ අධිකරණ නියෝග අනුව තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනා මිලේච්ඡ ත්‍රස්තවාදින් තිදෙනෙක් ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නට ගොස් සජිත් නම් ගොබ්බ නායකයා හත් පොලේම ගාගත්තේය. 

පෝට්ටු බයි නියෝජිතයෝ පොරගේ රෙදි ගලවා කටේ ඔබා කට උත්තර නැති වෙන්නටම දුන්නේය.

අනිකා හෙවත් වෙල් විදානේ, දැන් අන්තරේ නායකත්වය රැගෙන ඇත. පොර මින් පෙර සිඳු වූ සෑම කඩාකප්පල්කාරී ක්‍රියාවකදීම, ඒ සෑම ස්ථානයටම පැමිණ, වාහනයක් තුල සිට ඊට නායකත්වය දුන් බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවති. ඝෝඨා එලවා දැමීමේ දින එම මෙහෙයුමටද නායකත්වය දී ඇත්තේ මොහු බවට බුද්ධි අංශ වෙත කරුණු වාර්ථා වී ඇත.

ඒවා පසෙක තිබියේවා, පෙරේදා කැළණිය විෂ විජ්ජාලේ රැලියකට එක් වෙමින් මොහු ප්‍රසිද්ධියේම ප්‍රකාෂ කළේ කැරැල්ලක් තුලින් මේ පාලනය පෙරලා දැමිය යුතු බවය. එපමණක් නොව එහි රාජකාරි කළ පොලිස් නිළධාරීන්ටද තර්ජනය කලේ ආවම බලා ගමු කියලාය.

මා දන්නා පරිදි පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලුවෙක්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන බවටත්, ව්‍යවස්ථාව සුරකින බවටත්, පොරොන්දුවක් ලබා දෙන්නේය.

එය එසේ නම්, මේ කලවැද්දා දැන් කරමින් ක්‍රියා කරමින් සිටින්නේ ඒ සියල්ලට එරෙහිව ත්‍රස්තවාදයෙන් බලය ලබා ගැනීමටය. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මෙවන් ත්‍රස්තවාදීන්ට පිස්සු කෙලීමට දෙන්න ගියහොත් වෙන්නේ රට නැවතත් අරාජිකත්වයක් කරා ගෙන යෑමය.

මෙවන් ත්‍රස්තවාදින් පාර්ලිමේන්තුවෙන් එලවා නොදැමුවහොත්, මුන් පාර්ලිමේන්තුවට නැවතත් බෝම්බ ගසනා දිනය හෝ එය 🔥 තබනා දිනය වැඩි ඈතක නොවනු ඇත.  

ඕනෑවට වඩා ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදින්නට දී බටර් නැතුවම ඇරගත් ඝෝඨා සේ, පාර්ලිමේන්තුවේ උන්ටත් ඊට එහා පරිප්පවක් කන්නට වෙන දිනයද වැඩි ඈතක නොවේ.


ඒ වගත් මෙසේය...

Oct 23, 2016

යාපනේ කැම්පස් කොල්ලො දෙන්නගෙ අම්මලට... - To the mothers of two uni students who killed in Jaffna




ඔව්වා ඔහොම තමයි අම්මේ
අන නොතකා පැන ගියාම
තියනවා පුක නැති වෙන්නම
එල්ලය ගත්තට කකුලට
වෙන්නෙ පත්තු උඩ ඔළුවට

Jul 15, 2016

වලේ තොල දැමීම...!!! (23 +) - Peradeniya Lip Kiss (13 +)



නිමිත්ත - කැම්පස් එකේ උන්ට පෙන්නපු නාට්ටියක තොලක් දානවා වගේ එකක් පෙන්නුවාම සංඝයෙක් පැනලා එක විකාරයක් කරලා හූ තියලා නාට්ටිය නවත්තලා... මේ අර පොඩි උන් ඉස්සරහා නිදහස් චතුරශ්‍රයේ අත් අල්ලගෙන තොල දාන්න ඉල්ලපු අය.. මාරයි නේ... 

// වලෙන් ඔබ්බට යන්නට.....

'සිප ගැනිමේ දර්ශණයක්' නිසා කව්ශල්‍යාගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වලේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට එරෙහිව හැසිරුණ 'පහත්ම' ආකාරය විය යුතුය! //
- Dananjaya Karunarathne - 


 
වලේ තොල දැමීම...!!!

May 9, 2016

ඩෙනිම, උප සංස්කෘතිය හා බ්ලුක් - Inferiority Complex in Unversities & Blooks




විස්ස විජ්ජාල යනු සඟිස්කෘතියකි,
නවක වදය යනු උප සඟිස්කෘතියකි,
ඒ නිසා කිසිවකුට ඒ ගැන ප්‍රශ්ණ කිරීමේ අයිතියක් නැත.

Mar 2, 2015

කොළඹ වාසිටියේ පෙම්බරී - Love at Reid Avenue



රීඩ් මාවතේ ට්‍රැෆික් එකේ දුටු, කැම්පස් බංකුවක හුදෙකලාව කල්පනාවක නිමග්නව උන් පියකරු දියණිය..

Jun 5, 2013

ඩෙංගු හා ගොන්නු - Dengue and Inefficient Officials


අපේ රටේ නීතී ක්ෂේශ්ත්‍රයට ලබලා තියෙන්නේ කරුම දසාවක්ය. "චීෆ් ජස්ටිස්' නෝනා, "චීප්" වෙලාම ගෙදර ගියේය. ඊට පස්සේ හීනෙන්වත් නඩු අහලා නැති මහත්තයෙක්, "චීප් ජස්ටිස්" වෙලා ආවේය. ඊයේ පෙරේදා, විත්තිකාරයාගේ ගෙදර, මේසන් බාස් කෙනෙක් හොයන්න ගියපු නඩුකාර හාමුදුරු කෙනෙක්, මහ උළුගෙදර ගියේය. එහේදිවත් උන්නැහේට බාසෙක් හොයාගන්න පුළුවන් උනොත්, එලියට ඇවිත් හරි ගේ හදාගන්න පුළුවන්ය. නීතී විජ්ජාලේ අවසන් වසරේ ගෑල්ලමයෙක්ගේ අත කපලා දැම්මේත් මෑතකය. හැම එකාම අත දෙන්න ගියත්, කෙල්ල තවම අතක් නැතුව ඉන්න බවත් පත්තර පිටු පුරවලාම තිබුනේය.

May 9, 2013

අධ්‍යාපනය අනුභව කරණා වෘෂභයෝ - Privatization (SB Theory)



94 ඉඳන් බලේ ඉන්න මැටි මෝල් හරක් ටික, දේශපාලන වාද බයිලාවලට ආවාම කියන්නේ හැම දේටම වැරදි අලි පාටිය හා ඒකේ ඉන්නා අලින්යැයි කියාගන්නා හරක් සෙට් එක කියාය. ඒ හරක් ගෙදර යවලා, මේ හරක් පත් කර ගත්තේ, උන් එපා උන නිසාය. එක බලවේගයක් නොව බලවේග කට්ටල පහකින් අදින කෝච්චියක් නිසා කස්ටිය ඒකට ගොඩ උනේය. සෝබෝන් උපාධියක් ගත්ත, සමාජවාදී මත දරන, රැඩිකල් ඇන්ජින් ඩ්‍රයිවර් අන්තිමට කරේ, සිග්නල් කනුවේ වමට යන්න කියා සිග්නල් දී තිබියදී, එකසිය ගානට දකුණට හරවා, අවුරුදු 11 ක් තිස්සේ පට්ට ආතල් එකක් ගැනීමය. ඒ කාළේ රට පාළණය කළේ, නන්දිකඩාල් වලින් අවසන් ගමන් ගියපු, ප්‍රභාකරන් මැතිතුමාය (ජීවත්ව සිටියා නම් අද සිරි ලංකා නිදහස් පක්ෂයේ උප් නායක් වී, අගමැති කමට පත්වී සිටිනවා නො අනුමානය.)

Sep 12, 2012

Z, O/L, A/L, M Sc, MBBS, PhD, BSc, BA, etc..SB & IRC Hon.


හෙඩින් එක දැක්කාම, කතන්දරේ හිතා ගත්ත හැකිය. එනම් ලියන්නට යන්නේ, අජ්ජාපනය ගැනය. දැන් හැම එකාම ලියන්නේ අජ්ජාපනය ගැනය. මාතලන්ද මේ මළදානේ ගැන එදා ඉඳන් ලියනවාය. ඒ අපේ ගුරුවරු අපට කියා දුන්න දේය. ඒ කියන්නෙ, කොන්ද කෙලින් තියාගෙන කතා කරන හැටි, ලියන කියන හැටිය. ඒ ගුරුවරු නිවන් දකින්න ඕනෑය. අද එහෙම උන් ඉන්නවාද කියා මම දන්නේ නැතිය. ඉන්නත් බැරිය. මොකෝ එයාලට ඕවා උගන්නන්න වෙලාවක් නැතිය. සයිඩ් බිස්නස් තියෙනවාය. හැම දේටම මිලක් තියෙන සමාජයක උන්ටත් ආඩ පාලී කියන්නට බැරිය.